Items filtered by date: January 2017

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ තම දෙවන ශතකයේ ශාඛා ඇරඹුම මෙම වර්ෂය ඇරඹුමත් සමග සිදුවිණ. ඒ අනුව එම සමාගමේ 101 හා 102 ශාඛා ලෙස වලස්මුල්ල හා කින්නියා ශාඛා වාවෘත කෙරුණු අතර 103වන ශාඛාව පසුගියදා වරකාපොල නගරයේදී (අංක 177, නුවර පාර, වරකාපොල) උත්සවශී‍්‍රයෙන් විවෘත කෙරුණි.

පීපල්ස් ලීසිං සමාගමේ සියවන ශාඛාව පසුගිය දෙසැම්බරයේදී හංවැල්ල නගරයේදී විවෘත කෙරුණු අතැර එයින් පසු වලස්මුල්ල, කින්නියා, ගලෙන්බිඳුණුවැව හා හි`ගුරක්ගොඩ යන නගරවල පීපල්ස් ලීසිං ශාඛා හා සේවා මධ්‍යස්ථාන විවෘත කෙරුණි. මෙම අවස්ථාවන්ට පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී, ඞී.පී. කුමාරගේ මහතා හා අනුප‍්‍රාප්තික ප‍්‍රධාන විධායක නිලධාරී, සබී‍්‍ර ඊබ‍්‍රහිම් මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීක්වය, විශේෂ ආරාධිතයන් හා ගනුදෙනුකරුවෝ සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ ශාඛා ජාලයේ දෙවන ශතකය පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලයනල් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ, ‘අපගේ ගනුදෙනුකරුවන් අතර මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දිනෙන් දින වේගයෙන් ඉහළ යන විශ්වාසයක් පීපල්ස් ලීසිං සමාගමට තිබෙනවා. අප සමාගම ලක්වැසියන් වෙනුවෙන් සපයන්නේ අසමසම මූල්‍ය සේවාවක්. එහෙයින් එම සුවිශේෂී සේවාව මෙරට සෑම ප‍්‍රදේශයකම ජීවත්වන පුරවැසියෙකුටම ලබාදීම අප සමාගමේ අරමුණක්. වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත පරිශ‍්‍රයන් මෙන්ම ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළගා විය හැකි දුරින් ශාඛා පිහිටුවීම සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං සමාගමේ වගකීමක්. නිරන්තරයෙන්ම ආසන්න නගර නියෝජනය වන ලෙසින් වැඩි පහසුකම් සහිත නව ශාඛා පිහිටුවන්නේ අපට හිමි එම පාරිභෝගික විශ්වාසයට කෘතඥතාව පළකිරීමක් ලෙසින්.’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring)" , ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාවසැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

Published in Finance

නැගී එන ක‍්‍රීඩිකාව වෙනුවෙන් ගොල්ෆ් ශිෂ්‍යත්වයක් පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ නැගී එන තරුණ ක‍්‍රීඩිකාවකට සිය ක‍්‍රීඩා අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන අනුග‍්‍රාහකත්වය මෙරට ප‍්‍රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් විසින් ලබාදී තිබේ.

මේ අනුව, ශ‍්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන දාහතරවන වියේ පසුවන මෙරට ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අනාගත බලාපොරොත්තුවක් වන ටානියා බාලසූරිය ක‍්‍රීඩිකාවට අනුග‍්‍රාහකත්වය ලබාදීමට සොෆ්ට්ලොජික් ඉදිරිපත් වී තිබේ. මෙරට ගොල්ෆ් ක‍්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ තිබෙන කැපවීම පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ බිහිවූ ප‍්‍රථම වෘත්තීමය ගොල්ෆ් ක‍්‍රීඩකයා ලෙසින් සැලකෙන මිතුන් පෙරේරා ක‍්‍රීඩකයා වෙතද 2016 වසරේදී සමූහය විසින් අනුග‍්‍රාහකත්වය ලබාදෙන ලදී. ටානියා බාලසූරිය ක‍්‍රීඩිකාව වෙත සොෆ්ට්ලොජික් සමූහය විසින් වසරක ගොල්ෆ් ශිෂ්‍යත්වයක් ප‍්‍රදානය කර තිබෙන අතර එය 2017 ජනවාරි මාසයෙන් ආරම්භ වේ. මෙම ශිෂ්‍යත්වය මෙරට ගොල්ෆ් ක‍්‍රීඩාවේ ජාතික ආයතනය වන ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සහ ඇයගේ පුහුණුකරු ජෙහාන් ද සේරම් මහතා හරහා පරිපාලනය වනු ඇත.

මෙම අනුග‍්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘සොෆ්ට්ලොජික් ලෙස අපි විශ්වාස කරන්නේ වෘත්තීය ක්ෂේත‍්‍රයේදී මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළද දක්ෂතා ගවේෂණය කිරීම ඉතාමත් වැදගත් බවයි. සමූහයක් ලෙස ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ ඉතාමත් වටිනා දක්ෂ පුද්ගලයින්ගේ අනාගත සාර්ථකත්වය සඳහා අපි විසින් සහයෝගය ලබාදෙනවා. නිසි මාර්ගෝපදේශනය යටතේ ටානියා විසින් අනාගතයේදී රටට ප‍්‍රතිඵල ලබාදෙනු ඇතැයි මා දැඩි ලෙස විශ්වාස කරනවා.’’

‘‘අනාගතයේ ශ‍්‍රී ලංකාවේ ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට කීර්තියක් අත්කර දෙමින් එහි ජාත්‍යන්තර තත්ත්වය ඉහළ දැමීමට දායක වෙමින් ශුරියක් වීමේ දක්ෂතාවය ටානියාට තිබේයැයි අපි සිතනවා. මේ නිසා, ඇයට සහයෝගය ලබාදීමට අපි තීරණය කළා. මෙහිදී, ඇයගේ තාක්ෂණික කුසලතාවය වර්ධනය කිරීමට පමණක් නෙවෙයි, ශාරීරික පුහුණුව, පෝෂණය සහ මානසික ඒකාග‍්‍රතාවය වර්ධනය කිරීමටත් අපි සහයෝගය ලබාදෙනවාල’’ පතිරගේ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම අනුග‍්‍රාහකත්වය යටතේ ටානියා බාලසූරිය ක‍්‍රීඩිකාවට තෝරාගත් විදේශීය තරඟාවලී සඳහාද සහභාගීවීමේ අවස්ථාව උදාවන බවයි. මේ තුළින් ආසියාවේ අනිකුත් කණිෂ්ඨ ක‍්‍රීඩකයින්ගේ තත්ත්වය පිළිබඳව තක්සේරුවක් සහ ඉතා විශිෂ්ට අත්දැකීමක් ඇයට ලබාගැනීමට හැකිවනු ඇත.

වයස අවුරුදු 10 දී ගොල්ෆ් ක‍්‍රීඩාවට පිවිසී තිබෙන ටානියා මෙම සුළු කාලය තුළදී කැපී පෙනෙන ජයග‍්‍රහණ රැුසක් වාර්තා කිරීමට සමත්ව සිටී. මේවා අතර 2015 Ladies Sri Lanka Stroke Play Championship" කළාපීය සහ ශ‍්‍රී ලංකා Junior Open Division championship තිබෙන අතර 2015 රිදී අංශයේ (අවුරුදු 12- 14ට වැඩි) ජාතික කණිෂ්ඨ වර්ගීකරණයට අනුව පළමු ස්ථානයට පත්වීමට ඇය සමත්ව ඇත. 2016 වසරේ Sri Lanka Amateur Championship හි, අවසන් පූර්ව තරඟයේදී ස්ථානයක් දිනා ගැනීමටද ඇය සමත් විය.

මේ දක්වා ටානියා වෙත මෙරට පැරණිතම ගොල්ෆ් සමාජය වන කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය (Royal Colombo Golf Club) මෙන්ම ක‍්‍රිඩා අමාත්‍යංශය විසින් මෙරට ගොල්ෆ් ක‍්‍රීඩාවේ පාලන ආයතනය ලෙසින් පිළිගෙන තිබෙන ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය වෙතින් සහයෝගය හිමිව ඇත. මේ අතර, මෙරට ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ සිටින එකම PGA සුදුසුකම් ලත් වෘත්තීය පුහුණුකරුවා වන ජෙහාන් ද සේරම් මහතා විසින් ඇයට අවශ්‍ය මුලික කුසලතාවයන් සහ දැනුම ලබාදෙන අතර ඒ තුළින් ඉදිරි අදියර දක්වා ගමන් කිරීමට ටානියා වෙත ආත්ම විශ්වාසය හිමිවේ. ‘‘අපගේ ගොල්ෆ් ක‍්‍රීඩාවේ අනාගත බලාපොරොත්තුවක් වන ටානියා වෙත මූල්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදීම සඳහා සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් වැනි මෙරට ප‍්‍රමුඛතම සමාගම් සමූහයක් ඉදිරිපත්වීම පිළිබඳව ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය ලෙස අපි ඉතාමත් සතුටු වෙනවා. අපි විසින් පාසැල්වල ගොල්ෆ් ක‍්‍රීඩාව දියුණු කිරීමේ තවත් වැඩසටහන් ආරම්භ කරනවිට මෙම ආදර්ශය අනිකුත් සමාගම් විසින්ද ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවාල’’ යනුවෙන් ඇයගේ අනුග‍්‍රාහක චෙක්පත භාරගනිමින් ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති, ප‍්‍රියත් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මෙරට ප‍්‍රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සිල්ලර, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, වාහන, සංචාරක සහ මූල්‍ය සේවා යන මෙරට වඩාත් වර්ධනය වෙමින් තිබෙන අංශවල වෙළඳපොළ ප‍්‍රමුඛයෙකු වීමට සමත්ව ඇත. ලෝකයේ ප‍්‍රධාන සන්නාම රැුසක මෙරට බලයලත් බෙදාහැරින්නා වීමට සමූහය සමත්ව තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ සිදුකරන ව්‍යාපාරික කටයුතු තුළ 9000 කට වැඩි පිරිසකට රැුකියා ලබාදී ඇත.

දේශීය කුසලතා ජාත්‍යන්තර තලයට රැුගෙන යාමේ උත්සාහයක්

2017 ජනවාරි 17, කොළඹ: ජපානයේ ටොයෝටා සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් මෙන්ම ටොයෝටා සහ හීනෝ (HINO) සන්නාම සඳහා මෙරට නිල නියෝජිතයන් ලෙස කටයුතු කරන ටොයෝටා ලංකා සමාගම පසුගියදා ප‍්‍රථම වරට ’හීනෝ ජාතික නිපුණතා තරගාවලිය පැවැත්වීමට කටයුතු කළේ ය. මෙරට HINO සේවා ස්ථානවල සේවය කරන කාර්මිකයන්ගේ කුසලතාවන් වැඩිදියුණු කරමින් එම ස්ථානවලින් පාරිභෝගිකයන් වෙත හිමිවන සේවාවේ ප‍්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

සම්පූර්ණ දිනයක් පුරා පැවැත්වුණු මෙම වැඩසටහන යටතේ අදාළ කාර්යයන් සිදුකරනු ලබන ආකාරය, ඒවා සිදුකිරීමට ගතවන කාලය, සේවා කළමනාකරණ කුසලතාවන් සහ අලූත්වැඩියා ප‍්‍රමිතීන් පවත්වාගන්නා ආකාරය යනාදිය අධීක්ෂණය කරන ලදි. ටොයෝටා ලංකා සමාගමේ ආරාධනය පරිදි මෙම තරගය වෙනුවෙන්ම මෙරටට පැමිණි, ජපානයේ Hino Motors Limited නියෝජනය කරන විශේෂඥයෝ පිරිසක් මෙම තරගය අධීක්ෂණය කළහ. HINO කාර්මිකයන්ගේ හැකියාවන් පුළුල් කරන අතරම පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීම මෙම වැඩසටහනේ ප‍්‍රධානතම ඉලක්කය වී තිබිණි.

‘‘රටේ ඇතිවන සංවර්ධනයට සමගාමීව මගී හා භාණ්ඩ ප‍්‍රවාහන සේවාවන් පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල ව්‍යුහ දියුණු කිරීම ඉතාමත් වැදගත්. මේ මගින් කාර්මික සහ බර වාහන සඳහා ඇති ඉල්ලූම ඉහළ යනවා වගේම ඒවා නඩත්තුව සඳහා කාර්මික සේවා සහ මනා පුහුණුව ලත් කාර්මිකයන් සඳහා ඇති ඉල්ලූමත් ඉහළ යනවා. එම නිසා මේ අවස්ථාවේදී ටොයෝටා සමාගමේ පිටුබලය සහිත HINO සේවාවක් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වීම බෙහෙවින් වැදගත් කියා අප සිතනවා.” ටොයෝටා ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී (සේවා) මතීෂ සමරනායක මහතා පැවසී ය.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ටොයෝටා ලංකා සමාගමේ සහකාර කළමනාකරු සහ සේවා ප‍්‍රධානී නුවන් ද සිල්වා මහතා පැවසුවේ 2009 දී ශ‍්‍රී ලංකාට හඳුන්වා දුන් HINO සන්නාමය ඉතාමත් කෙටි කාලයක් තුළ විශාල ජනප‍්‍රියත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ බවයි. ”මේ ජනප‍්‍රියත්වය ඔස්සේ පරිපූර්ණ ප‍්‍රවාහන විසඳුම් මෙන්ම පරිපූර්ණ අලෙවියෙන් පසු සේවාවක්ද ලබාදීමට ටොයෝටා ලංකා සමාගම කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී විකුණුම්, සේවා හා අමතර කොටස් සහිත විශේෂ මධ්‍යස්ථානයක් විවෘත කිරීමටත් අප සැලසුම් කර තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම සැලසුම්වලට ගැළපෙන පරිදි අපගේ කාර්ය මණ්ඩලයේ කුසලතාවන් වැඩිදියුණු කිරීමට හීනෝ ජාතික කුසලතා තරගාවලිය බෙහෙවින් උපකාරී වේවි. ඉදිරියේදීත් ශ‍්‍රී ලංකාවට විශිෂ්ටතම සේවාවන් හඳුන්වාදීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදුකිරීමට ටොයෝටා ලංකා සමාගම සූදානමින් සිටිනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

හීනෝ ජාතික කුසලතා තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට දිනිඳු බුද්ධික පීරිස් මහතා සමත් වූ අතර දෙවැනි ස්ථානය අමිල නුවන් කරුණානායක මහතා වෙත හිමි විය. මෙහිදී තරගකරුවන්ට සිය දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට මනා වේදිකාවක් සපයා දීමට අමතරව ජයග‍්‍රාහකයන්ට හීනෝ මෝටර් සමාගම වෙතින් ජාත්‍යන්තර පිළිගැනීම සහිත සහතිකයක්ද පිරිනමන ලදි. එමෙන්ම මෙම ජයග‍්‍රාහකයන්ට ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර HINO සම්මාන උළෙලට සහභාගී වීමට අවස්ථාව උදාකර දී තිබීම තවත් විශේෂත්වයකි.

ටොයෝටා ලංකා සමාගම කටයුතු කරනුයේ පාරිභෝගිකයන් මෙන්ම කාර්ය මණ්ඩලය සමග ජීවිත කාලීන බැඳීමක් ඇතිකරගැනීමේ අරමුණින් යුතුව ය. ඉදිරියේදීත් මානව සම්පත් සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙමින්, අඛණ්ඩව විශිෂ්ට මට්ටමින් HINO අලෙවිය සහ සේවාවන් පවත්වාගෙන යමින්, ටොයෝටා සම්ප‍්‍රදාය සුරකින අතරම වෙළඳපොළේ දැඩි තරගකාරීත්වය මැද HINO නාමය දියුණුවෙන් දියුණුව වෙත රැුගෙන යාම සමාගමේ අපේක්ෂාව වේ.

HINO සේවා කණ්ඩායම වෙතින් හිමිවන සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර 011 2 939 000 අංකය අමතන්න. නැතිනම් අංක 337, මීගමුව පාර, වත්තල යන ස්ථානයේ පිහිටි ටොයෝටා ප්ලාසා හි පිහිටා ඇති HINO මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න.

Published in රථවාහන

පාරිභෝගික ජනතාව වෙනුවෙන් ඉතාමත් ආකර්ශනීය සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් තිළිණ කරමින් ආපිකෝ විසින් සිය නවතම පරිසර හිතකාමී මහා පරිමාණ සුපිරි වෙළඳසැල කොහුවල විවෘත කර තිබේ.

අංක 89, එස්.දඑස්. ජයසිංහ මාවත, කොහුවල යන ලිපිනයේ විවෘත කර තිබෙන මෙම ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව ආපිකෝ විසින් විවෘත කර තිබෙන 20 වන සුපර් සෙන්ටර් වෙළඳසැලයි. මෙම සුපිරි වෙළඳසැලේ පාරිභෝගිකයින් සඳහා වර්ග අඩි 25,000 ක පමණ ඉඩකඩක් තිබෙන අතර එම ඉඩකඩ තුළ ආපිකෝ සුපිරි වෙළඳසැල් වලට අනන්‍ය වන පරිදි ඉතාමත් ආකර්ශනීය ලෙස භාණ්ඩ ප‍්‍රදර්ශනය කර තිබීම කැපී පෙනේ.

මෙම සුපිරි වෙළඳසැලේ පරිසර හිතකාමීත්වය පිළිබඳව අදහස් දක්වමින් ආපිකෝ සඳහන් කරන්නේ මෙය ශ‍්‍රී ලංකාවේ තිබෙන වඩාත්ම පරිසර හිතකාමී අන්දමින් නිර්මාණය කර තිබෙන සුපිරි වෙළඳසැලක් බවයි.

මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ශෙලී විිටිං මෙනෙවිය විසින් මෙම ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව විවෘත කරන ලදී. මෙහි තිබෙන භාණ්ඩ අතරට වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), නැවුම් ආහාර, ගේ දොර උපකරණ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහභාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 40ල000 කට වඩා අයත් වේ.

එක්වරකට වාහන 50 කට වැඩි ප‍්‍රමාණයක් ගාල් කිරීමේ පහසුකම් සහිත මෙම සුපිරි වෙළඳසැල තුළ ඔසු සැලක්, බේකරියක් සහ බිල්පත් ගෙවීමේ පහසුකම්ද තිබෙන අතර කොහුවල ප‍්‍රදේශයේ සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගික ජනතාවට ඉතාමත් සුවපහසු වෙළඳපොළක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

මෙම නව සුපර්සෙන්ටර් ශාඛාව මගින් විදහා දක්වන්නේ මෙරට පරිසර හිතකාමී සුපිරි වෙළඳසැල් අංශයේ ප‍්‍රමුඛයා වීමට ආපිකෝ තුළ තිබෙන උත්සාහයයි. මෙම සුපිරි වෙළඳසැලේ සවිකර තිබෙන සූර්ය පැනල මගින් 107 kWp පිරිසිදු බලශක්තියක් උත්පාදනය කරන අතර වාර්ෂිකව ගිගාවොට් පැය 02 (2GWh) ක විදුලිය බලයක් නිපදවීමට මෙය සමත්වේ. මෙහි සවිකර තිබෙන ඉන්වටර් මාදිලියේ CFC (CFC Free) රහිත වායු සමීකරණ පද්ධති සහ ශීතකරණ පද්ධති විදුලි බලය ඉතිරි කරන අතර ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීමටද ඒවායින් සහයෝගයක් ලැබේ. මෙම සුපිරි වෙළඳසැලේ තිබෙන ජල පවිත‍්‍රාගාරය මගින් භාවිතා කරන ලද ජලය පිරිසිදු කර නැවත ප‍්‍රයෝජනය සඳහා භාවිතා කරයි.

මීට අමතරව, ඉතාමත් කාර්යක්ෂම LED විදුලි බුබුළු මෙන්ම විදුලිය භාවිතය අවම කරන උපකරණ සහ ක‍්‍රියාවලි රැසක් මෙම සුපිරි වෙළඳසැල තුල භාවිතා කර ඇත.

මේ වනවිට ආපිකෝ සුපර්සෙන්ටර්ස් සහ සුපර්ස්ටෝර්ස් 20 ක්, ප‍්‍රදර්ශනාගාර 16 ක් සහ ආපිකෝ ඬේලි මිනි සුපිරි වෙළඳ සැල් 23 ක් දිවයින පුරා පිහිටුවා තිබේ. සමාගමේ ප‍්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ සුපර්සෙන්ටර්ස් තුළින් වාහන නතර කිරීමේ ඉතා විශාල ඉඩකඩක්, බිල්පත් ගෙවීමේ සහ බැංකු පහසුකම් ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩල ගේ දොර හා ඉලෙක්ට්‍රොනික උපකරණ, මුළුතැන් ගේ උපකරණ, ගෘහ භාණ්ඩ සහිත දැවැන්ත නිෂ්පාදන මාලාවක් එකම වහළක් යටින් ලබාදෙන්නේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පහසු සාප්පු සවාරි අත්දැකීම ලබාදෙන පොරොන්දුව ද සමගිනි.

මෙරට සිල්ලර වෙළඳාමේ ප‍්‍රමුඛයා වන ආපිකෝ විසින් නිර්මාණය කර තිබෙන අති නවීන ‘ඊ-සුපර්සෙන්ටර්’ නැමති අන්තර්ජාල සාප්පු සවාරි වෙබ් අඩවිය ඔස්සේ ආපිකෝ සුපිරි වෙළඳසැල් සයිබර් අවකාශයට මේ වනවිට පිවිස ඇති අතර මෙම වෙබ් අඩවියට ලෝකයේ ඕනෑම රටක සිට පැය 24 පුරාම පිවිසිය හැකිය.

මෙරට ප‍්‍රමුඛත ම ඉංජිනේරු විසඳුම් සම්පාදකයාවන යුනයිටඞ් ට‍්‍රැක්ටර් ඇන්ඞ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, බල උත්පාදන ඉංජිනේරු විසඳුම් ක්ෂේත‍්‍රයේ නිරත සමාගම් අතුරින් බල උත්පාදන යන්ත‍්‍රවල විකුණුම් සහ අලෙවිකරණය සඳහාවන නව ISO 9001:2015 ප‍්‍රමිති සහතිකයෙන් පිදුම් ලද ප‍්‍රථම සමාගම බවට පත් විය.

මීට අමතරව, ඉදිකිරීම් සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ අනුමැතිය ලබා දෙන මෙරට ප‍්‍රධානත ම ආයතනයවන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් විද්‍යුත් සවි කිරීම් සඳහා EM1 අනුමැතිය ද UTE සමාගමට පිරිනැමීය. එක්සත් රාජධානියේ SGS ආයතනය විසින් පිරිනමනු ලබන මෑතකදී යාවත්කාලීන කරන ලද ISO 9001:2015 තත්ත්ව සහතිකය පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂා ඉටු කරන අතර නිෂ්පාදන සහ සේවාවල අනුකුලතාව ලබා දෙන සමාගම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි.

මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව සහතිකයක් හරහා, සමාගම පිළිබඳ විශ්වාසයෙන් යුතුව සිය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකිවන අතර ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමිති මට්ටමක් පවත්වා ගැනීමට ද සමාගම්වලට ද හැකියාව ලැබේ. මෙම සුවිශේෂී ප‍්‍රමිතීන් ද්විත්වය මගින් ඹඔෑ සමාගම ප‍්‍රමිතිය සහ පාරිභෝගික සේවාව වෙනුවෙන් දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු කෙරේ.

”ගුණාත්මකබව යනු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා අප ගොඩනගා ඇති ආයතනික අගනාකම් සහ අප දක්වන කැපවීම නිරූපණය කරන එක් සාධකයකි. විශේෂඥ සහ කුසලතා පූර්ණ කණ්ඩායමක් හරහා පාරිභෝගිකයන් හට අඛණ්ඩව උසස් ප‍්‍රමිතියෙන් යුතු භාණ්ඩ සහ සේවා ලබා දීමට අප ගන්නා උත්සාහය ISO ප‍්‍රමිති සහතිකය සහ CIDA අනුමැතිය මගින් තවදුරටත් පිළිබිඹු වුණා.” UTE සමාගමේ ESS සහ පාරිසරික ඉංජිනේරු අංශ ප‍්‍රධානී යසා බණ්ඩාර මහතා සඳහන් කළේය.

වර්තමානයේ මෙරට සමාගම් කිහිපයක් බල උත්පාදන යන්ත‍්‍ර (ජෙනරේටර්) විකිණීමේ සහ ආනයනය කිරීමේ නිරත වේ. එසේ වුවත්, පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව අමතර සේවාවන් රැසක් පිරිනැමීමේ හැකියාව UTE සමාගම සතු වේ. විදුලිබලය සම්බන්ධ පරිපූර්ණ ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, ගැළපීම සහ ස්ථාපනය කිරීම සඳහා UTE විශේෂඥ කණ්ඩායම සතු හැකියාව, එම සමාගම ක්ෂේත‍්‍රයේ අනෙකුත් සමාගම් අතර කැපී පෙනීමට හේතු වී ඇත. විශේෂයෙන් ම, UTE සමාගම පාරිභෝගික අවශ්‍යතාව අනුව පාලන පැනල (Control Panels) සකස් කිරීමේ හැකියාවෙන් යුතුවන බැවින් අධික පිරිවැයක් දරමින් විදෙස් රටවලින් අමතර උපාංග මෙරටට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයාට අවශ්‍ය නොවේ.

තවද, බල උත්පාදන යන්ත‍්‍ර සමකාල කිරීම (Synchronizing), පාලන පද්ධති, පොම්ප පාලන පැනල, ඉන්ධන ටැංකි සම්පාදනය, පොම්කරන පද්ධති, විමෝචන මට්ටම් අවම කිරීම, උසස් ප‍්‍රමිතීන් පවත්වා ගැනීම සහ ශබ්ද පාලන මට්ටම්වලට අනුකූල වීම ඇතුළු පුළුල් පරාසයක විහිදුනු සේවා රැසක් UTE සමාගම පාරිභෝගිකයන් හට පිරිනමයි.

UTE සමාගම දායකත්වය ලබා දුන් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ව්‍යාපෘති රැුසක් ප‍්‍රසාදයට ලක්ව තිබේ. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා පාලන පැනල සවි කිරීම සහ නවීන තාක්ෂණයෙන් යුතු Tier3 මට්ටමේ දත්ත මධ්‍යස්ථාන දෙකක් සඳහා බල උත්පාදන යන්ත‍්‍ර සහ වෙනත් විසඳුම් ලබා දීම එලෙස කැපී පෙනෙන ව්‍යාපෘති අතර වෙයි.

Page 1 of 8