Items filtered by date: March 2017

ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් විසින් ලංකාවේ ප‍්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට විවෘත කොට ඇත. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිතිස්මාර්ට් නගර' යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට මොබිටෙල්හි නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත. ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි Internet of Things සංකල්පය මූලික කොටගෙන කි‍්‍රයාත්මක වන මෙම ව්‍යාපෘතිය කොළඹ නගරය ස්මාර්ට් නගරයක් කිරීමේ අරමුණින් මොබිටෙල් විසින් තබන පළමු පියවරකි.

මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් අස-සෙ සම්බන්ධතාවයකින් සමන්විතය. බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත‍්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුඑ පාන වර්ග ලබාගත හැකි වේ. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකය ටිඅ්එැර' යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප‍්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත‍්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක‍්‍රමයක් හඳුන්වා දී තිබේග බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක‍්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්තී‍්‍ර-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතරල ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප‍්‍රදර්ශනය කරයි. ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්ල දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත‍්‍ර වැනි තොරතුරුද ලබා ගත හැක.

බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් කි‍්‍රයාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වයල ජලවාෂ්ප ප‍්‍රමාණයල කාබන් ඩයොක්සයිඞ් මට්ටමල කාබන් මොනොක්සයිඞ් මට්ටමල ශබ්දය වැනි සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන් පෙන්නුම් කෙරේග ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත.

ලෝක තාක්ෂණික ප‍්‍රවණතා වලට අනුගත වී එම අත්දැකීම සිය පාරිභොගිකයින්ට සැපයීමට උත්සහ ගන්නා තාක්ෂණයේ පෙරටුගාමියා මොබිටෙල් සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්වල මෙම ස්මාර්ට් බස් නැවතුම්පලෙහි ඊළඟ පියවර වශයෙන් කොළඹ සහ තවත් ප‍්‍රධාන නගර වල මෙවැනි බස් නැවතුම් වැඩි ප‍්‍රමාණයක් ජාතියට තම සේවා අවශ්‍යතාවයන් සඳහා හඳුන්වා දීමට අදහස් කරයි. ලංකාවේ ස්මාර්ට් නගර ඇති කිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියෙහි පළමු පියවර වශයෙන් මොබිටෙල් විසින් මෙම උත්සාහය ගෙන ඇත.

Published in විවිධ

මල නොබැඳෙන ලෝහමය මතුපිටක් සඳහා පාරම්පරික විශ්වාසය දිනා ගත් Britex සන්නාමය

බිටුමන් නිෂ්පාදන සහ පුළුල් පරාසයක විහිදුනු තීන්ත සහ ආලේපන සන්නාම සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන Industrial Asphalts (Ceylon) PLC (IAC) සමාගමල මලකඩවලට ඔරොත්තු දෙන ලෝහමය මතුපිට සඳහා වඩාත් යෝග්ය, ආලේපන සඳහා වසර 50කට අධික කාලයක් පුරා විශ්වාසය දිනා ගත් Britex සන්නාම යළි පාරිභෝගික ජනතාව අතරට ගෙන ඒමට කටයුතු කරයි.

ප්රාවථමික ආලේපයල යටි ආලේපය සහ මතුපිට ආලේපය යන ප්රසතිලාභ තුනම එකම ආලේපයක් මගින් ලබා දෙන එකම සන්නාමය Britex වේ. තවද, Britex ආලේපය Britex ටපන්ටයින් භාවිතා කරමින් තනුක කළ හැකි අතර එමගින් 33% දක්වා අමතර ආවරණයක් ලබා දෙයිග

Britex සන්නාමය සිය ආරක්ෂණ ආලේපන වසර 50 කට අධික කාලයක් පුරා වෙළඳපලට නිකුත් කර ඇති අතරල පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ජාත්යපන්තර ප්රඳමිතියෙන් යුතු නිෂ්පාදන ලබා දීමට නිබඳව කැප වී සිටීග
,වෙළඳපලට නිකුත් කරන නිෂ්පාදනවල ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා අප අඛණ්ඩව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආයෝජනය කරනවා. එම උත්සාහය නිසාම අප මෙරට ලෝහ ආලේපන විශේෂඥයා බවට පත් වීමට සමත්ව සිටිනවා, යැයි IAC සමාගමේ ජ්යෙේෂ්ඨ කළමනාකාරීත්වය සඳහන් කළේය.

විවිධ වර්ණවලින් යුත්ල ප්රපමිතියෙන් උසස් මල නොබැඳෙන සහ වෙනත් ආලේපන මෙන්ම උසස් මට්ටමේ ට.පන්ටයින් සහ තිනර් ඇතුළු නිෂ්පාදන පෙළක් Britex විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. ලෝහමය පෘෂ්ඨ පිළිබඳ විශේෂඥයන් සහ නිවෙස්වල තීන්ත භාවිතා කරන්නන්ගේ අත්දැකීම් කැටිකොට ගනිමින් Britex නිෂ්පාදන වෙළඳපලට පිවිසේ.

බහුජාතික සමාගම් විසින් ක්ෂේත්රිය තුළ පවත්වාගෙන ගිය ඒකාධිකාරයට අභියෝගයක් වෙමින් ශ්රීා ලාංකේය කණ්ඩායමක් විසින් 1964 වසරේදී ස්ථාපනය කරන ලද IAC සමාගමල බිටුමෙන් ආශ්රිාත නිෂ්පාදන සහ ආරක්ෂිගත කෝටිං ක්ෂේත්ර යේ මෙරට ප්රමමුඛත ම සමාගමක් බවට පත්ව සිටී. IAC සමාගම වර්තමානයවන විට 80/100ල 60රැු70 යන සෘජු බිටුමෙන් ශ්රේීණි සහ 85/25ල 95/15 සහ 115/15 යන ඔක්සිකාරක බිටුමෙන් ශ්රේුණිවලට අයත් නිෂ්පාදන වෙළඳපලට නිකුත් කරයි. CRS 1 CRS 2 CSS1 CSS2 යන මාර්ග ඉමල්ෂන් ශ්රේනණි සහ අඩු මිල MC 30 MC 70 ශ්රේ2ණි ද IAC Sealkote සන්නාමය යටතේ වෙළඳපලට නිකුත් කෙරෙන අතරල IAC සමාගම දේශගුණයට සහ ජලයට ඔරොත්තු දෙන NOLEAK මාදිලිවල හිමිකාරිත්වය දරමින් ඒවා අලෙවිකරණයෙහි නිරත වෙයි.

එම සමාගම සතු සන්නාම කාර්මිකල ගෘහාශ්රි ත සහ වාණිජ යෙදවුම් රැසක් සඳහා භාවිතා කෙරේ. Sealkote, Britex, NOLEAK, Exchemie, Autosyl, Bitkote, Felt Fix, Barkseal ඇතුළු සන්නාම රැසක් ඒ අතර වෙයි. උසස් ප්රිමිතිය සඳහා නම් දරා ඇති මෙම සන්නාම නිවෙස් සඳහා අත්යකවශ්ය නිෂ්පාදන බවට පත්ව ඇත.

Industrial Asphalts (Ceylon) PLC (කොළඹ කොටස් වෙළඳපල කේතය ASPH) කොළඹ කොටස් වෙළඳපලේ ලියාපදිංචි පුද්ගලික සමාගමකි. 011 5 289 845, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සහ www.iac.lk තුළින් IAC සමාගම සමග සම්බන්ධ විය හැකිය.

මෝටර් කාර් රථ, වෑන්, SUV සහ සැහැල්ලූ ට‍්‍රක්රථ සඳහා තවත් ටයර් හඳුන්වාදෙමින් ඉදිරිපත් කරන රේඩියල් ටයර් ප‍්‍රමාණයන් 40 ක් දක්වා ඉහළ නංවයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් විසින් දේශීය වෙළඳපොළට නව රේඩියල් ටයර් ප‍්‍රමාණ හතක් හඳුන්වාදී තිබෙන අතර එමඟින් මූල්‍ය වසර ශක්තිමත්ව හා අනාගත බලාපොරොත්තු දල්වමින් අවසන් කිරීමට සමත්ව තිබේ.

කුඩා මෝටර් රථ, වෑන්, ස්පෝර්ට්ස් යුටිලිටි වෙහිකල්ස් (SUVs) සහ සැහැල්ලූ ට‍්‍රක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම නව නිෂ්පාදන සමඟ සියැට් රේඩියල් ටයර් මාලාව 40 ක් දක්වා පුළුල් වන අතර මෙම ටයර් පසුගියදා හඳුන්වා දුන්නේ වෙළඳ නියෝජිතයින්ද සහභාගී වූ විචිත‍්‍රවත් උත්සවයකදීය.

මේ වනවිට, ශ‍්‍රී ලංකාවේ රේඩියල් ටයර් වෙළඳපොළේ සහ අනිකුත් ටයර් කාණ්ඩ හතරක වෙළඳපොළ ප‍්‍රමුඛයා වන සියැට් මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක්ම සපයන අතර ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් වලින් තුනෙන් එකක් රටවල් 15 ක් වෙත අපනයනය කරයි.

මෙම නව ටයර් ප‍්‍රමාණ හත එළිදැක්වීම සඳහා පැවති උත්සවයේදී අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා පැවසුවේ මෙරට ටයර් වෙළඳපොළ තුළ නව ප‍්‍රවණතාවයන් ඇතිකිරීමට සමාගම සෑමවිටම කටයුතු කරන අතරම තම අලෙවි නියෝජිතයින් පිළිබඳව ඉහළ සැලකිල්ලක් දක්වන බවයි. 'අපගේ වටිනා වෙළඳ නියෝජිතයින් සමග එක්ව අපගේ කාර්යසාධනය නංවමින් සියළු අවස්ථාවන් ජයග‍්‍රහණය කිරීමට උපකාරවන සැලසුම් සහ අදහස් ඉදිරිපත් කරමින් ඔවුන්ගේද අදහස් ලබාගැනීමට අප නිරන්තරයෙන්ම කටයුතූ කරනවා.' යැයිද ඔහු පැවසුවේයග

මෙහිදී, අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විජේ ගාම්බීරේ මහතා පැවසුවේ සියැට් සිය අනාගත අභිවෘද්ධිය පිළිබඳව ඉහළ දැක්මකින් කටයුතු කරන බවයි. 'අපගේ නිෂ්පාදන පුළුල් කිරීමට සහ ඒවායේ ගුණාත්මක භාවය වැඩි කිරීමට අවශ්‍ය තාක්ෂණය වෙනුවෙන් අපි අඛණ්ඩවම ආයෝජනය කරනවා. ඒ වගේම අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සන්නාමයේ විශ්වසනීයත්වය ගොඩනැගීමටද අපි කටයුතු කරනවාල' යනුවෙන් ඔහු පැවසීය. 'සියැට්, අද ශ‍්‍රී ලංකාවේ විශාලතම ටයර් සන්නාමයයි. අපගේ වර්ධනය සමගින් තමන්ද ඉහළට නගිමින් අපගේ වෙළඳ නියෝජිතයින් සියැට් සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.'

සියැට් විසින් හඳුන්වා දුන් නව රේඩියල් ටයර් ප‍්‍රමාණ හතට මයික්‍රෝ ටෙ‍්‍රන්ඞ්, සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, මරුටි සෙන්, නිසාන් මාර්ච්, සුසුකි ඇල්ටෝ මෝටර් රථ සඳහා හඳුන්වා දුන් CEAT 'Milaze' LN 165/65 R13 සහ 165/65 R 14
කාණ්ඩය, ටොයොටා හයිඒස් (KDH), නිසාන් කැරවෑන් රථ සඳහා CEAT 'Czar' 205/75 R14 සහ 205/75 R15 ටයර් කාණ්ඩය, Mitsubishi Sportero, Nissan Patrol Y 60 සහ Y 61, Toyota Hilux Vigo, Isuzu Bighorn, Toyota Land Cruiser BJ 76 සහBJ 46 මෙන්ම Nissan Double Cab (4WD) D21 සහ D22 වෙනුවෙන් හඳුන්වා දුන් 265/75 R 16 සහ 31/10.5 R15 ටයර් කාණ්ඩය, සහ Elf 250, Mitsubishi Rosa, Toyota Coaster, Mahindra Cab සහ JMC, ABL and FAW සැහැල්ලූ ට‍්‍රක් රථ සඳහා හඳුන්වාදුන් 7.00 R 16 Radial Plus ටයර් කාණ්ඩය අයත් වේ.

මෙම එළිදැක්වීමත් සමග සියැට් විසින් මෙරට වෙළඳ පොළට ඉදිරිපත් කරන රේඩියල් ටයර් මාලාව මෝටර් කාර් රථ සඳහා ටයර් 22 කින්, වෑන් රථ සඳහා ටයර් 10 කින්, SUVසඳහා ටයර් 07 කින් සහ සැහැල්ලූ ට‍්‍රක් රථ සඳහා ටයර් 01 කින් සමන්විත වේ.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ වෙළඳ නියෝජිතයින් වෙත සමාගම විසින් ඉදිිරියේදී දියත් කිරීමට සැලසුම් කර තිබෙන නව වෙළඳ දැන්විම ප‍්‍රදර්ශනය කිරීමද සිදුකරන ලදී. මෙම නව දැන්විම සන්නිවේදන මගින් ඉදිරිපත් කරන්නේ විවිධ ටයර් කාණ්ඩ යටතේ වෙළඳ පෙළ නායකත්වය දරණ එකම ටයර් සන්නාමය සියැට්වන බවයි.

සියැට් කැළණි සමාගම රේඩියල්, වාණිජල යතුරු පැදි, ත‍්‍රී රෝද රථ සහ කෘෂි කාර්මික වාහන යන අංශ වෙනුවෙන් ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක කොටසක්ද, ට‍්‍රක් රථ/සැහැල්ලූ ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 54% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 17% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

Published in රථවාහන

ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව අතර සුප‍්‍රසිද්ධ ඇමරිකානු මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා පත්කර ගෙන තිබෙන අතර මෙය මේ වසර තුළදී බැංකුව දිනාගත් තුන්වන ජාත්‍යන්තර සම්මානය ලෙසින් කැපී පෙනේ.

ලොව පුරා ජනාදරයට පත් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියා-පැසිෆික් කළාපයේ 2017 වසරේ හොඳම බැංකු 30 ක ලයිස්තුව එළිදක්වා තිබෙන අතර කළාපයේ දැවැන්ත බැංකු වන Commonwealth Bank (ඕස්ටේ‍්‍රලියාව), ICBC (චීනය), The Bank East Asia (හොංකොං), State Bank of India, Bank Rakyat (ඉන්දුනීසියාව), Mizuho (ජපානය), DBS (සිංගප්පූරුව) සහ Shinhan Bank (දකුණු කොරියාව) යන බැංකු සමග මෙම ලයිස්තුවේ කරට කර සිටීමට කොමර්ෂල් බැංකුවට හැකිවී ඇත.

ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් සම්මාන ලබන්නේ 18 වන වතාවට වන අතර මෙය ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් හොඳම බැංකු තෝරාගැනීමට පවත්වන ලද 24 වන වැඩසටහන වේ.

වාර්ෂිකව හොඳම බැංකු තෝරා ගනු ලබන්නේ ලොව පුරා සිටින කර්මාන්තයේ විශ්ලේෂකයින්, ආයතින විධායකවරුන් සහ බැංකු උපදේශකයින්ගේ මැදිහත්වීම මත සඟරාවේ කර්තෘවරුන් විසිනි. මීට අමතරව, මෙහි ප‍්‍රතිඵල වඩාත් නිවැරදිව සහ විශ්වසනීයව ලබාගැනීම සඳහා මෙම සඟරාව කියවන ආයතනින පාඨකයින් සම්බන්ධ කරගනිමින් සමීක්ෂණයක්ද පැවැත්වීමටද ග්ලෝබල් ෆයිනෑන්ස් කටයුතු කර තිබේ.

මෙහිදී, ජයග‍්‍රාහකයින් තෝරා ගන්නා ක‍්‍රමවේදයට වත්කම්වල වර්ධනය, ලාභදායීතාවය, භූගෝලීය ව්‍යාප්තිය, උපාය මාර්ගික සම්බන්ධතා, නව ව්‍යාපාර සංවර්ධනය සහ නවෝත්පාදනය ඇතුළත් වේ. මෙහිදී, විෂයානු බද්ධ නිර්ණායකයන් යටතේ කොටස් විශ්ලේෂකයින්ගේ, ණය ශ්‍රේණි විශ්ලේෂකයින්ගේ, බැංකු උපදේශකවරුන්ගේ සහ කර්මාන්තයට සම්බන්ධ අනිකුත් අයගේ මත විමසා බැලෙයි.

'මෙය මේ වසර සඳහා ඉතාමත් උසස් ආරම්භයක්ල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. 'ග්ලෝබල් ෆයිනෑන්ස් සඳහන් කරන්නේ අපහසුතා තිබෙන වෙළඳපොළවලදී පවා මෙම ජයග‍්‍රාහී බැංකු තම ගනුදෙනුකරුවන්ට ඉතාමත් ඉහළ සේවාවක් ලබාදී තිබෙන බවයි. එසේම, මෙම බැංකු අනාගත සාර්ථකත්වයට පදනම දමමින් මෙවර ඉහළ මූල්‍ය ප‍්‍රතිඵල පෙන්වා තිබෙන බවද අවධාරණය කර තිබෙනවා. අපගේ දැක්ම වන්නේද මෙයයි.'

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ ප‍්‍රකාශක සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජෝසෆ් ඞී. ගියරාපුටෝ මහතා මෙසේ සඳහන් කළේය. 'ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ලෝකයේ හොඳම බැංකු තෝරාගැනීමට පවත්වන වාර්ෂික සම්මාන ප‍්‍රදානයේදී අවධානය යොමු කරන්නේ ගනුදෙනුකරුවන්ගේ අනන්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා මූල්‍ය ආයතන විසින් සේවා ලබාදීමේදී දක්වන විශිෂ්ටත්වයයි. මෙම බැංකු ලෝකයේ විශාලතම හෝ පැරණිතම බැංකු නොවන්නට පුළුවන්. නමුත්, මේවායේ තිබෙන ශක්තිය සහ නම්‍යශීලීභාවය නිසා මෙම බැංකු ඉදිරියට පැමිණ තිබෙනවා.'

හොඳම බැංකු තෝරා ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ මැයි කළාපයේ පළකරන අතර අප‍්‍රිකාව, ආසියා-පැසිෆික් කළාපය, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය ඇතුළු රටවල් 150 ක් අතුරින් තෝරාගත් 2017 වසරේ ලෝකයේ හොඳම බැංකු පිළිබඳවද මෙහිදී වාර්තා කරනු ඇත. මීට අමතරව, මැයි කළාපය තුළින් ඇමරිකාවේ හොඳම කළාපීය බැංකු තෝරාගැනීම සහ කළාපීය වශයෙන් ලෝකයේ හොඳම බැංකු පිළිබඳ තොරතුරුද ඇතුළත්වේ.

ග්ලෝබල් ෆයිනෑන්ස් හොඳම බැංකු සම්මාන ප‍්‍රදානය කරනු ලබන්නේ 2017 ඔක්තෝම්බර් මාසයේදී ලෝක බැංකුවේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැුස්වීම් වොෂින්ටනයේ පැවැත්වෙන සමයේ වොෂින්ටනයේ පිහිටි 'නැෂනල් ප්‍රෙස් ක්ලබ්' හිදීයි.

කොමර්ෂල් බැංකුව මෙම සම්මානයට අමතරව මේ වසරේදී තවත් ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනාගැනීමට සමත්වී තිබේ. ඉන්දියාවේ මුම්බායි නුවර පැවති ගෝලීය තිරසාර සහ ආයතනික සමාජ වගකීම් විශිෂ්ටත්ව සහ නායකත්ව සම්මාන ප‍්‍රදානෝත්වයේදී 'තිරසාර උපායමාර්ග සංවර්ධනය' (Developing Sustainable Strategies) කිරීම යටතේ බැංකුව සම්මානයට පාත‍්‍රවූ අතර එංගලන්තයේ ග්ලෝබල් ෆයිනෑන්ස් ඇන්ඞ් රිවියූ සඟරාව විසින් 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙසද කොමර්ෂල් බැංකුව පසුගියදා තෝරාගන්නා ලදී.

1987 දී ස්ථාපිත කරන ලද ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව 50,000 ක පිටපත් අලෙවියකට හා රටවල් 192 ක පාඨක ප‍්‍රජාවකට හිමිකම් කියයිx සඟරාවේ පාඨකයින් අතර බහුජාතික හා කීර්තිමත් මූල්‍ය සමාගම්වල ආයෝජන හා උපායික තීරණ ගන්නා සභාපතිවරුන්ල ප‍්‍රධාන විධායක නිළධාරීන්ල ප‍්‍රධාන මූල්‍ය නිළධාරීන් හා භාණ්ඩාගාර නිළධාරීන් බහුතරයක් සිටීx ගෝලීය වශයෙන් වෘත්තීය කළමණාකාරීත්වය යටතේ පවත්වාගෙන යන වත්කම් වලින් සියයට 80 ක ප‍්‍රතිශතයක් සඳහා වගකීම් දරන ආයෝජකයින් 8000 ක් ඉලක්ක කරගනිමින්ද ග්ලෝබල් ෆයිනෑන්ස් සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරනු ලබයිx

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 658 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

කැන්රිච් ෆිනෑන්ස් සමාගම, ප‍්‍රධාන වශයෙන්ම හිමිකර දෙනු ලබන සේවාව වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය (Micro finance) ලීසිං සහ කල් බදු සේවාවන්ය. වර්ෂ 2015 කාල වකවානුව තුළ සමාගම විසින් තවත් එක් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින්, සේවා විවිධාංගීකරණයක් සිදු කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස සමාගම දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයට අවතීර්ණ විය.

දේපළ වෙළෙඳාම නම්...
දේපළ වෙළෙඳාම පදනම් වී ඇත්තේ මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක් වන නිවාස යන අවශ්‍යතාව මතය. එබැවින් ඒ සඳහා ඇති ඉල්ලූම කිසිදු දිනකදී අඩු නොවන බව ප‍්‍රකට මතයකි. නමුත් අපට හිමිව ඇත්තේ සීමිත ඉඩ ප‍්‍රමාණයකි. ඉඩම් සහ දේපළ සඳහා වන පාරිභෝගික ඉල්ලූම ඉහළ ගියද ඒ හා සමානව ඉඩම් ප‍්‍රමාණයද ඉහළ නොයන නිසා අපට හිමිව ඇති ඉඩම් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

විශ්වාසය මත රැුඳි ව්‍යාපාරයක්
දේපළ වෙළෙඳාම රැුදී පවතින්නේ විශ්වාසය මතයි. විශ්වාසවන්තභාවය රැුක ගැනීමේදී මූලික වශයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ඉඩමක් නිරවුල්භාවය පිළිබඳවයි. මෙහිදී කැන්රිච් ෆිනෑන්ස් සමාගම තෝරාගනු ලබන්නේ නිරවුල් ඔප්පු සහිත ඉඩම්ය. අදාළ ඉඩමේ වසර 30ක ඉතිහාසය සොයා බලා ඉන් අනතුරුව මිලදී ගෙන වෙලෙඳපොළට ඉදිරිපත් කරනු ලැබේ.

ඉඩම සංවර්ධනය කළ යුතුයි...
අලෙවිය සඳහා ඉඩමක් ඉදිරිපත් කිරීමට ප‍්‍රථමයෙන් එම ඉඩම මිලදී ගැනීමට ගැනුම්කරුවන් පෙළඹෙන ආකාරයට උචිත පරිදි, ආකර්ෂණීය අයුරින් ඉඩම සංවර්ධනය කළ යුතුය. නළ ජලය, තෙකලා විදුලිය, කානු පද්ධති සහ නිසි ලෙස සැකසූ මාර්ග පද්ධතියක් සහිතව ඉඩම සංවර්ධනයකර වෙලෙඳපොළට ඉදිරිපත් කරනු ලබයි. නිවෙසක් ඉදිකිරීමට ඇවැසි මූලික අවශ්‍යතා සියල්ලම පාහේ සමාගම විසින් සපුරා දෙයි.

පහසු ගෙවීමේ ක‍්‍රම
කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ අරමුණ වන්නේ, පාරිභෝගිකයාට දැරිය හැකි සාධාරණ මිලකට හොඳ ඉඩමක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමයි. එසේම සමාගම විසින් පාරිභෝගික ගැනුම්කරුවන්ගේ පහසුව වෙනුවෙන්ම සැකසූ පහසු ගෙවීම් ක‍්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එහිදී මූලික මුදල ගෙවීමෙන් පසු ඉතිරි මුදල වසර 7ක් තුළ ගෙවා නිම කිරීමේ පහසුකම ගැනුම්කරුට හිමිකර දී තිබේ. එසේම අවම ලියකියවිලි භාවිතයකින් සිදු කරනු ලබන විධිමත් මෙන්ම විනිවිදභාවයෙන් පිරිපුන් ගනුදෙනු නිසා පාරිභෝගිකයා කිසිවිට අවදානමකට මුහුණ නොදෙයි. අවශ්‍ය නම් බැංකු ණයක් ලබා ගැනීම සඳහා වන සියලූම ලිපි ලේඛනද සකස් කර දීම සමාගම විසින් සපයන විශේෂ සේවාවකි.

මධ්‍යම පන්තිය වෙනුවෙන්...
විවිධ සමාජ මට්ටම් සඳහා මෙම සේවාව ක‍්‍රියාත්මක වුව ද සමාගම විශේෂයෙන්ම ඉලක්ක කරනු ලබන්නේ මධ්‍යම පාන්තිකයින්ය. මේ වනවිට සමාගම වෙනුවෙන් වැඩිම අලෙවියක් සිදු කරනු ලබන්නේ වයඹ පළාතේය. සමාගම විසින් වයඹ පළාතේ සිදු කරන ලද දේපළ අලෙවි ව්‍යාපෘතීන්ගෙන් 90%ක්ම එක් දින අලෙවියන්යග එනම්, වෙළෙඳපොළට ඉදිරිපත් කළ දිනයේදීම අලෙවි වී අවසන් වෙයි. ගම්පහ දිස්ත‍්‍රික්කයේද කැන්රිච් දේපල වෙළෙඳ ව්‍යාපෘතීන් සඳහා ඉහළම ප‍්‍රතිඵල සහ ප‍්‍රතිචාර හිමිව ඇත. අලූතින් ආරම්භ කරන ලද සේවාවකට මෙවන් වූ ඉහළ ප‍්‍රතිචාර හිමිවීම සමාගම ලැබූ ජයග‍්‍රහණයකි. මෙයින් හැ`ගීයන්නේ සමාගම විසින් ඉඩම් සඳහා නියම කරනු ලබන්නේ සාධාරණ මිලක් බවයි. එසේ එක් දිනක් තුළ බිම්කොටස් අලෙවි වී අවසන් වීම, සමාගම විසින් සාධාරණ මිලකට හොඳ බිම් කොටසක් වෙළෙඳපොළට ඉදිරිපත් කරන බවට සහතිකයකි.

කැන්රිච් ෆිනෑන්ස් සමාගම විසින් සිදු කරනු ලබන දේපළ වෙළෙඳාම් කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බැලීම සඳහා අපි, කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ දේපළ වෙළඳාම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර රත්නසිරි ඉලේපෙරුම මහතා හමුවීමු. වසර 28ක පරිපූර්ණ වෘත්තීය අත්දැකීම් රාශියකින් හෙබි රත්නසිරි මහතා මෙම දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රය සහ එහි කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ එළැඹීම පිළිබඳව බෙදාහදාගත් තොරතුරු මෙසේ වෙයි.

"මම කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ දේපළ වෙළඳාම් අංශ ප‍්‍රධානී ලෙස සමාගම සමග සම්බන්ධ වුණේ 2015 වසරේදී. සමාගම විසින් සිදු කරන ලද සේවා විවිධාංගීකරණයක් ප‍්‍රතිඵලයක් ලෙසින් බිහිවූ මෙම අංශය සමාගමේ මූල්‍යමය ශක්තිය සහ විශේෂයෙන්ම ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන්ම නිම වූවක්. මේවන විට අපි සාර්ථක ව්‍යාපෘති ගණනාවක් නිමකර අවසන්. මේ හැම ව්‍යාපෘතියකින්ම අප ලැබූ අත්දැකීම් මිල කළ නොහැකියි. මේ හැමදෙයක්ම සමගින් අපගේ ආයෝජන නිසි ලෙස කළමනාකරණය කරමින් ඉදිරියේදී විශාල ආයෝජනයක් සිදු කිරීමට අපි බලපොරොත්තු වනවා. ඒ සඳහා අපි විශේෂ වූ දිස්ත‍්‍රික්ක කිහිපයක්ම තෝරාගෙන තිබෙනවා. එම

දිස්ත‍්‍රික්කවල පිහිටුවා ඇති අපගේ ශාඛාවන් මේ වෙනුවෙන් අප සූදානම් කරනවා. එහිදී දේපළ මිලදී ගැනීම්, සංවර්ධනය කිරීම් සහ අලෙවි කටයුතු සියල්ල නිසි ලෙස සිදු කිරීමට අවශ්‍ය වන සේවක මණ්ඩලය මෙන්ම තාක්‍ෂණික කාර්ය මණ්ඩලය ද බඳවාගෙන අවසන්.

ඉඩමක් කොටස් කර විකිණීමේදී ඒ හා අදාළ පළාත් පාලන ආයතනවල නීතිරීතිවලට අනුකූලව සංවර්ධන කටයුතු කර අවශ්‍ය අනුමැතියන් ද ලබාගෙන අලෙවිය සඳහා වෙළෙඳපොළට ඉදිරිපත් කරනවා." යනුවෙන් ඔහු අප සමග පැවසීය.

කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ දේපළ වෙළෙඳාම් අංශය පිළිබඳ අදහස් බෙදාහදා ගැනීමට මීළ`ගට අප හමුවුණේ කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ දේපළ වෙළෙඳාම් අංශය භාර සාමාන්‍යාධිකාරී සදීප රත්නායක මහතාය. ඔහු ආයතනික වගකීම, ආයතනයේ සුවිශේෂීබව සහ අනාගත බලාපොරොත්තු ආදී වූ ඉතාම වැදගත් තොරතුරු රැුසක් අප සමග සාකච්ඡුා කළේ ඉමහත් උද්‍යෝගයකිනි. ඔහුගේ එම අදහස් මෙසේ පෙළගස්වන්නෙමු.

"රටේ වගකිව යුතු මූල්‍ය සමාගමක් ලෙස නිරවුල් ඔප්පු සහිත රටේ සියලූම පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගත් වෙළෙඳපොළ මිල ගණන්වලට ආසන්න නමුත් පාරිභෝගිකයාට දරා ගත හැකි මිලක් ඇති, ප‍්‍රවේශ මාර්ග, ජලය, විදුලිය, කාණු පද්ධති ආදී සියලූ පහසුකම් සහිතව මනාව සංවර්ධනය කළ ජීවත්වීමට සුදුසුම අයුරින් නිම කළ බිම් කොටසක් පාරිභෝගිකයාට තිළිණ කිරීම කියන සම්පූර්ණ ක‍්‍රියාවලිය අප ආයතනයේ වගකීම ලෙස මා දකිනවා. මේ ඔස්සේ යමින් ගම්-නගර වලින් පටන්ගෙන රටම සංවර්ධනය දෙසට ගමන් කිරීම අරඹනවා. එනම් මෙවන් වූ ව්‍යාපෘති මගින් අලූත් අසල්වාසී ජීවන පරිසරයන් නිර්මාණය කරනු ලබනවා. අලූත් නෑ හිත මිතුරන් ඇතිවනවා. ඒ ඔස්සේ අලූත් ගම්-නගර බිහිවීම සිදුවනවා. හැම කෙනෙකුටම අලූත් ලිපිනයක් හිමිවනවා. මේ ඔස්සේ ක‍්‍රමයෙන් නාගරීකරණය කරා අප සහ සමස්ත සමාජය එළැඹෙනවා. මෙය ඕනෑම සමාජයක ප‍්‍රගමනයට වැදගත් වන කරුණක්.

අපේ රටේ මෙපමණ දේපළ වෙළෙඳ සමාගම් තිබියදීත් යම් ගනුදෙනුකරුවෙක් අප ආයතනයට පැමිණිය යුත්තේ ඇයි යන්න මම පැහැදිලි කිරීම වැදගත් යැයි මා සිතනවා. ඒ වෙනුවෙන් වූ ප‍්‍රධානම කාරණය තමයි අපි වෙනස් දේ කරන එකම දේ දිහා වෙනස් විදිහට බලන ධනාත්මකව හැම කටයුත්තක්ම සිදු කරනු ලබන ආයතනයක් වීම. ඒ වගේම අපි, පවතින ධාරාව ඔස්සේම යනවා වෙනුවට නවෝත්පාදන අදහස් බිහිකරමින් අලූත් සංකල්ප සමාජගත කරමින් අලූත් සංස්කෘතියක් බිහිකරන්නට වෙර දරන සමාගමක්. අනෙක් කාරණාව තමයි අපගේ විශ්වසනීයත්වය. අනෙකුත් බොහෝ ආයතන තනි පුද්ගලයතු මත පදනම් වූ ආයතන. දැනට දේපළ වෙළෙඳාමේ නිරතව හිඳින ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන්නේ අපගේ සමාගමයි. මූල්‍ය ආයතනයක් ලෙස අප දිනාගත් පාරිභෝගික විශ්වාසය එලෙසින්ම අපි රකිනවා. පාරිභෝගිකයාට නිරවුල් බිම් කොටසක් හිමිකර දීමට අප නිතරම වෙහෙසෙනවා. මූල්‍ය සමාගමක් විදිහටත් කටයුතු කරන නිසා ඒ කටයුත්ත සාර්ථකව ඉටු කරන්න අපිට හැකියාව ලැබී තිබෙනවා.

සාර්ථකත්වය හඹායන අපගේ ඉදිරි සැලසුම තමයි කැන්රිච් දේපළ අලෙවි අංශය හැකි තරම් ව්‍යාප්ත කර ආයතනයට හොඳ ලාභදායී අංශයක් ලෙස ශක්තිමත් කිරීමයි. ඒ වගේම ගනුදෙනුකරුවන්ට නිරවුල් ඔප්පුවක් සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩමක් ලබාදී රටේ ජනතාව තුළ පවතින, හොඳ ඉඩමක අවශ්‍යතාව සපුරාදීමයි. එසේම නව අසල්වැසි පරිසර සාදමින් ආයතනයේ කීර්ති නාමයද රැුකගනිමින් දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛස්ථානයට පැමිණීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි."

පළපුරුදු කාර්ය මණ්ඩලය සහ කාර්යක්‍ෂම ශාඛා ජාලය
ආයතනයේ කාර්ය මණ්ඩලය ලෙස බඳවා ගත් පිරිස දෙස බලන විට ඔවුන් සියලූම දෙනා මනා පළපුරුද්දකින් හෙබි අය වෙති. අලූතින් බඳවා ගන්නා පිරිස ප‍්‍රවීණ පුහුණුකරුවන්ගේ මාර්ගෝපදේශනය යටතේ පුහුණු වැඩමු`ඵ පවත්වා නිසි ලෙස පුහුණු කිරීම සිදු කෙරේ. එසේම ශාඛාවන්හි කළමනාකාරීත්වය පුහුණු කොට ඇත්තේ අදාළ ප‍්‍රදේශයේ ඉඩම් තෝ්රා ගැනීමට හැකිවන ලෙසයි. එසේම, කාර්ය මණ්ඩලයේ සියලූම සාමාජිකයින් කාර්යක්‍ෂම මෙන්ම වඩාත් සුහදශීලී සේවාවක් කැපවීමෙන් යුතුව ලබාදීමට සූදානමින් සිටියි. සමාගමේ ශාඛා ජාලය ඔස්සේ ඕනෑම ප‍්‍රදේශයක සිට, කැමති ඕනෑම ප‍්‍රදේශයකින් ඉඩමක් හිමිකර ගැනීමට පාරිභෝගික ප‍්‍රජාවට අවස්ථාව හිමිවේ. එපමණක් නොව ඉඩමක් වෙන්කරවා ගැනීම, වාරික ගෙවීම ආදී සෑම දෙයක්ම ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකියි.

දේපළ අලෙවි අංශයේ ප‍්‍රමුඛතමයෙක් ලෙස ඉදිරියට පැමිණෙන කැන්රිච් දේපළ වෙළෙඳාම් අංශය සමස්ත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව වෙනුවෙන් නිසි ලෙස කළමනාකරණය කරන ලද භූමිභාගයන් තිළිණ කරන්නේ පාරිභෝගික විශ්වාසය සහ ඔවුන්ගේ තෘප්තිමත්භාවය මුල්තැන්හි තබාගෙනයි.

Page 1 of 14