Items filtered by date: April 2017

ප‍්‍රමුඛ පෙළේ රැහැන් රහිත තොරතුරු තාක්ෂණ උපාංග නිෂ්පාදකයෙක් වන 'රැපූ', සිය එකම නිල බෙදාහැරීම් නියෝජිතායතනය වන 'එටර්නල් ඒෂියා ලංකා (පුද්) සමාගම හරහා ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ වෙළඳ සමුළුවක් මඟින් සිය නිපැයුම් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

සිංගප්පූරුව පාදක කරගත් බහුජාතික සමාගමක් වන 'එටර්නල් ඒෂියා', තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ බෙදාහැරීම් කටයුතු පිළිබඳ අවධානය යොමු කරන අතර, පසුගිය වසර 3ක කාලය මුළුල්ලේ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වල යෙදී සිටියි.
කොළඹ ගලදාරි හෝටල් පරිශ‍්‍රයේදී 2017 අපේ‍්‍රල් මස 20 වන දින පැවැත්වීමට නියමිත මෙම අවස්ථාවට, 100කට අධික ප‍්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ වෙළඳ සමාගම්, ජංගම දුරකථන වෙළඳුන් සහ තොරතුරු තාක්ෂණ අංශයට සම්බන්ධ වෙනත් පාර්ශ්වකරුවන් සහභාගී වනු ඇත.

"රැපූ හා එක්ව අප සමාගම මඟින් බෙදාහැරීමට කටයුතු යොදා ඇති පවර් බෑන්ක්, හෙඞ්ෆෝන්, යතුරු පුවරු, මවුස සහ වෙනත් උපකරණ රාශියක්, 'රැපූ රෙවලූෂන්' ලෙසින් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරෙනු ඇති" යි 'එටර්නල් ඒෂියා' සාමාන්‍යාධිකාරී රෙහාබ් අෆ්ෆාන් මහතා පැවසීය.

"වෙළඳපලේ පවතින අනෙකුත් සන්නාම හා සැසඳීමේදී, රැපූ වෙතින් සාමාන්‍ය වෙළඳපල සම්මතයන්ට වඩා ඉහළ අලෙවියෙන් පසු සේවා සහ වගකීම් සහිතව විශේෂ පහසුකම් සහිත භාණ්ඩ දැරිය හැකි මිලක් යටතේ ලබාගත හැකිය " යි වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා පැවසීය. කරුණු පැහැදිලි කරමින් අෆ්ෆාන් මහතා පැවසූයේ, සියලූම නිපැයුම් වලට අනන්‍ය වූ ප‍්‍රතිලාභ සමඟින් පැමිණෙන රැපූ නිපැයුම්, ශ‍්‍රී ලංකාව තුළ භාණ්ඩයට භාණ්ඩයක් ලබාදෙන දෙවසරක වගකීමක් සහිත එකම සන්නාමය බවයි.

වර්තමාන ලෝකයේ කාර්මික සම්මතයන් පිලිබඳ මනා අවබෝධයකින් යුත් රැපූ පර්යේෂණ අංශය, ශ‍්‍රී ලාංකික වෙළඳපල අවශ්‍යතා වලට මැනවින් සරිලන පරිශීලක අත්දැකීමක් ලබාදීමෙහිලා සමත් බවද, ඒ මහතා පැවසීය. චීන වෙළඳපලේ ප‍්‍රධාන සන්නාමයක් වන රැුපූ සමාගම, 2011 මැයි මස සිට සිට ශෙන්සෙන් කොටස් වෙළඳපලේ ලැයිස්තුගත (කොටස් කේතය : 002577) සමාගමකි.

2002 වසරේ පිහිටවන් ලැබූ රැපූ, ඉහළ තත්ත්වයේ රැුහැන් රහිත පරිගණක උපාංග සැපයීමට කැපවී සිටින අතර, ගෝලීය වෙළඳපල තුළ වර්ධනයක් අත්කරගන්නා අතරම, චීන සහ ජාත්‍යන්තර මාධ්‍ය වෙතින් ඇගයීමට ලක්වීමට සහ 100කට අධික සම්මාන දිනාගැනීමටද සමත්ව ඇත.

2017 මාර්තු 17, කොළඹ: අපේ‍්‍රල් මාසය ආසන්න වන විටම මෙරට බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයයි. මෙම කාලය නොයෙකුත් සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර, කෙළි සෙල්ලම් මෙන්ම කැවිලි පෙවිලි වලින් පිරී ඉතිරෙන කාලයකි.

මෙම රසකැවිලි නිවසේ සෑදුවද, වෙළඳපොලෙන් මිලදී ගත්තද ඒවා කොලෙස්ටරෝල් අධික ආහාර වන බැවින් ඒවායින් සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකි බව රහසක් නොවේ. කෙසේ වුවද මෙම කැවිලි පෙවිලි වලට අනිවාර්යයෙන් යෙදිය යුතු අමුද්‍රව්‍ය වලින් සෞඛ්‍යයට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඒ වෙනුවට විකල්ප භාවිතා කිරීමේ අවස්ථාව දැන් උදා වී ඇත.

මෙසේ විකල්ප භාවිතා කළ හැකි එක් අවස්ථාවක් වන්නේ මාජරින් වෙනුවට පහසුවෙන් ලබාගත හැකි බටර් භාවිතා කිරීමයි. බටර් යනු මාජරින් වලට වඩා සෞඛ්‍යයට හිතකර ආහාර වර්ගයක්ද යන්න විවාදාපන්න මාතෘකාවක් වන අතර, වසර ගණනාවක් තිස්සේ පර්යේෂකයන් මේ ගැන පර්යේෂණ සිදුකර ඇත. ්‍Harvard Health Publications මගින් ප‍්‍රකාශයට පත්කර ඇති පර්යේෂණයකට අනුව 'බටර් වෙනුවට මාජරින් භාවිතය මගින් හෘදයාබාධ හෝ හෘද රෝග ඇතිවීමේ ඉඩකඩ අඩුවන බවක් නිශ්චිතව පැවසීමට හැකි සාක්ෂි ලැබී නොමැත.' එමෙන්ම මාජරින්වල අඩංගු ට‍්‍රාන්ස් මේද අම්ල (Trans fats) සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර බව ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

තණකොළ ආහාරයට ගෙන වැඩෙන එළදෙනුන්ගෙන් දොවාගත් කිරි වලින් සාදනු ලබන බටර් වැඩි පෝෂණ ගුණයකින් යුක්ත බව නවතම පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. දැනට රටේ බටර් නිපදවන සමාගම් කොතෙක් තිබුණද වඩාත් සුදුසු වන්නේ කිරි පිටි වෙනුවට නැවුම් කිරි යොදාගෙන, අතිරේක ද්‍රව්‍ය එක් නොකර බටර් නිෂ්පාදනය කරනු ලබන සමාගමක නිෂ්පාදන මිලදී ගැනීමයි.

දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත කිරි සමාගම කිරි පිටි, යෝගට් සහ බටර් ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. නිෂ්පාදන වලදී ස්වාභාවිකත්වයට මුල්තැන දීම සම්බන්ධයෙන් එම සමාගම විශාල ප‍්‍රසිද්ධියක් උසුලයි.

හේතු රැුසක් නිසා පැල්වත්ත බටර් ස්වාභාවික නිෂ්පාදනයක් ලෙස සලකනු ලැබේ. ඒවා නිපදවනු ලබන්නේ නැවුම් කිරි වල මේදය යොදාගෙන, කල්තබාගැනීමේ ද්‍රව්‍ය එක්කිරීමකින් තොරව ය. නැවුම් කිරිවල 4% ත් 5% ත් අතර ප‍්‍රමාණයක් මේදය අඩංගු වන අතර බටර් නිෂ්පාදනයේදී මෙම ප‍්‍රතිශතය ඉහළ යයි. පැල්වත්ත බටර් නිෂ්පාදනය කිරීමේදී මෙසේ මේද ප‍්‍රතිශතය ඉහළ යාම පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් භාවිතා කරනු ලබන අතර මෙය පැල්වත්ත බටර් වඩාත් ස්වභාවික නිෂ්පාදනයක් ලෙස සලකනු ලැබීමට තවත් හේතුවකි.

ලූණු දැමූ සහ ලූණු නොදැමූ බටර් වර්ග නිෂ්පාදනය කරන පැල්වත්ත සමාගම ඒවා සාමාන්‍ය ප‍්‍රමාණයේ ඇසුරුම් ලෙස මෙන්ම විශාල ප‍්‍රමාණයේ ඇසුරුම් ලෙසද අලෙවි කරයි. පැල්වත්ත බටර් යනු දැනට වෙළඳපොළේ පවතින, සහනදායී මිලකට ලබාගත හැකි, උසස් තත්ත්වයෙන් යුතු, දේශීය බටර් වර්ගය ලෙස හැඳින්විය හැක.

අවුරුදු සමයේ වඩාත් සෞඛ්‍ය සම්පන්න අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කළ හැකි පැල්වත්ත බටර් පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 0112 452094 අංකය අමතන්න.

කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධ 'පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය' විසින් මෑතකදී මෙරට වාණිජ මට්ටමින් වගාකරනු ලබන අඹවල සැපයුම් හා වටිනාකම් දාම ක‍්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදි. මීට සමගාමීව එම ආයතනය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර එහිදී නිසි ප‍්‍රමිතීන්ට අනුව සකස් කරන ලද අඹ ඉදවීමේ කුටීර, ඉදවීමේ කාලසීමාවන් සහ සුරක්ෂිත ලෙස අඹ ඉදවීම සඳහා යොදාගත හැකි ඉදවුම්කාරක ද්‍රව්‍ය ආදිය හඳුන්වා දීම සිදුකෙරිණි.

කුරුණෑගල ඔමාරගොල්ල ප‍්‍රදේශයේ පැවති මෙම උත්සවයේදී අඹ අස්වැන්නෙහි ප‍්‍රමිතිය පවත්වාගැනීම සඳහා ඉදවුම් කුටීර, ප්ලාස්ටික් ඇසුරුම් සහ සන්නාමය සඳහන් කාඞ්බෝඞ් පෙට්ටි ආදිය ගොවීන් අතර බෙදාදෙන ලදී. මෙම ක‍්‍රමවේද භාවිතා කරමින් ඉදවනු ලබන අඹ වඩාත් ඉහළ ප‍්‍රමිතියකින් හා රසයකින් යුක්ත වන බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

මෙම ක‍්‍රියාවලිය සඳහා සිය දායකත්වය ලබාදුන් කීල්ස් සුපර් සමාගම මේ වනවිට ඔමාරගොල්ල ප‍්‍රදේශයේ ගොවීන්ගෙන් මිලදීගත් උසස්ම තත්ත්වයේ අඹ කිලෝග‍්‍රෑම් 4,000 කට අධික ප‍්‍රමාණයක් සිය පාරිභෝගිකයන් වෙත ලබා දී තිබේ. තමන් අඹ මිලදීගන්නා සෙසු ප‍්‍රදේශවලද මෙම නව තාක්ෂණය ප‍්‍රචලිත කිරීම සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය සමග එක්වී කටයුතු කරමින් දිවයින පුරා පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ප‍්‍රමිතියෙන් යුත් අඹ ලබාදීමට සමාගම අපේක්ෂා කරයි.

නැවුම් බවේ පොරොන්දුව අකුරටම සුරකිමින් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම නිෂ්පාදන තිළිණ කිරීම සඳහා දරනු ලබන වෑයමෙහි තවත් පියවරක් ලෙස කීල්ස් සුපර් මෙම හවුල්කාරීත්වයට එළඹී සිටී. මෙවැනි හවුල්කාරීත්වයන් ඔස්සේ දිගින් දිගටම ඉහළම ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන සාධාරණ මිලට පාරිභෝගිකයන්ට ලබාදීම කීල්ස් සුපර් හි අපේක්ෂාව වේ.

Published in විවිධ

2017 මාර්තු 30, කොළඹ: ශ‍්‍රී ලංකාවේ තෙවැනි පැරණිතම මූල්‍ය සමාගම වන එලයන්ස් ෆිනෑන්ස් සමාගම පසුගියදා පැවති 'සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගීතා තරගයේ' සේවා කාණ්ඩයේ මහා පරිමාණ අංශයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම තරගය සංවිධානය කරන ලද්දේ ශ‍්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව විසිනි.

සමාජ කතිකාව සහ වැඩපොළ සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීම තුළින් රැුකියා ස්ථානයේ සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ජාතික මට්ටමින් පවත්වන ලදි. සේවා, නිෂ්පාදන, වතු සහ ඇඟලූම් යන කාණ්ඩ යටතේ තරගය පැවැත්විණි.
''එලයන්ස් ෆිනෑන්ස් සමාගම තම කාර්ය මණ්ඩලය තමන් සතු වටිනාම සම්පත ලෙස සලකන බවටත්, ඔවුන්ගේ වෘත්තීය දියුණුව සාක්ෂාත් කර දීම සඳහා නිරන්තරයෙන් පියවර ගන්නා බවටත්, නිර්මාණශීලී හා තිරසාර මානව සම්පත් කළමනාකරණ ක‍්‍රමවේද සමාගම තුළ ක‍්‍රියාත්මක කර ඇති බවටත් මෙය ඉතා හොඳ සාක්ෂියක්. සෑම අදියරකදීම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට හැකි උපරිම යහපත ඉටුවන පරිදි සමාගමේ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු සැලසුම් කර තිබෙනවා. මෙම ගුණාංග මෙන්ම ජනතාව, පරිසරය සහ ප‍්‍රතිලාභ යන තුන් පාර්ශ්වයේ යහපත අරමුණු කරගත් අපගේ මූලික දර්ශනය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමටත් මෙම සම්මානය උපකාරී වේවි." එලයන්ස් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා පැවසී ය.

එලයන්ස් ෆිනෑන්ස් සමාගම මේ වනවිට ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, රන් ණය, ක්ෂුද්‍ර මූල්‍ය සේවා සහ පුද්ගලික ණය ඇතුළු මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. ඉහත සේවාවන්ට අමතරව, මූල්‍ය සහයෝගය අවශ්‍ය වන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සකස් කළ ණය සේවාවන් ලබාදීමටද සමාගම පියවර ගනී. ඉහළ තලයේ ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් සම්පාදනය කිරීම සඳහා සමාගමේ දැඩි අවධානයක් යොමුවී ඇති අතර කෙටි කාලයක් තුළ මෙම අංශයෙන් අතිවිශිෂ්ට ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමාගම සමත් වී ඇත. ඉහත සඳහන් කළ සේවාවන්ට අමතරව එලයන්ස් ෆිනෑන්ස් සමාගම කුඩා හා මධ්‍යම පරිමාණ ණය, ක්ෂුද්‍ර ලීසිං, ක්ෂුද්‍ර නිවාස ණය, ක්ෂුද්‍ර පුද්ගලික ණය, ක්ෂුද්‍ර උකස් ණය, කෘෂි ණය සහ ආයතනක ණය යනාදී සේවාවන් පිරිනමයි.

එලයන්ස් ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර එහි සේවා මධ්‍යස්ථාන 81 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත. මේ වනවිට ණය පාරිභෝගිකයන් 129,000 කට පමණ සේවා සලසා ඇති එහි මූල්‍ය වත්කම් ප‍්‍රමාණය රු. බිලියන 16 ඉක්මවයි. නිත්‍ය සේවක සේවිකාවන් ලෙස එහි 1,100 දෙනෙකු පමණ සේවය කරන අතර වක‍්‍ර රැුකියා අවස්ථා හරහා තවත් විශාල පිරිසකට ජීවනෝපාය මාර්ග උදාකර දීමට සමාගම කටයුතු කර තිබේ.

වැඩි විස්තර සඳහා කරුණාකර 0112 673 673 අමතන්න. නැතිනම් www.alliancefinance.lk වෙත පිවිසෙන්න.

ප‍්‍රමුඛතම ඉන්දියානු සන්නාමයක් සමග අත්වැල් බැඳගනිමින් පරිසර හිතකාමී අඩු පිරිවැය නව්‍ය තාක්ෂණයෙන් පිරිපුන් කාමර සිසිලන විසඳුමක් හඳුන්වාදෙයි

ශ‍්‍රී ලාංකිකයින්ට අධික උණුසුමකින් පීඩා විඳීමට සිදුව තිබෙන සමයක සාම්ප‍්‍රදායික වායු සමීකරණ යන්ත‍්‍රයන් වෙනුවෙන් වැයකළ යුතු ඉහළ ආයෝජනයෙන් සහ මෙහෙයුම් පිරිවැයෙන් තොරව සිසිලස ලබාගැනීම සඳහා කදිම ක‍්‍රමයක් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් විසින් ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාවේ අංක එකේ එයාර් කූලර් සන්නාමක් වන VEGO මෙරට අලෙවි කිරීමේ සහ බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා ලෙස මෙරට සිල්ලර අංශයේ ප‍්‍රමුඛතම සමාගමක් වන සොෆ්ට්ලොජික් රිටේල් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම පත්කර ඇත. මෙම ඒකාබද්ධතාවයත් සමග සොෆ්ට්ලොජික් රිටේල් ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් VEGO ඉදිරිපත් කරන පරිසර හිතකාමී සහ කාර්යක්ෂමතාවයෙන් අනූන එයාර් කූලර් මාදිලි දෙකක් මෙරට වෙළඳ පොළට හඳුන්වාදී තිබේ.

මෙම එයාර් කූලර්වල මිල රුපියල් 15,000 ක සිට ආරම්භ වන අතර 'VEGO Typhoon' සහ 'VEGO Frost i' යනුවෙන් මෙම එයාර් කූලර් මාදිලි දෙක හඳුන්වනු ලබයි. මේවා මගින් අඩු පිරිවැයක් මගින් කාමර සිසිල් කිරීම සහ ආර්ද්‍රතාවය අඩු කිරීම සිදුකරන අතර සොෆ්ට්ලොජික් රිටේල් ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් මෙම මෙවලම් තෝරාගත් සොෆ්ට්ලොජික් සහ සොෆ්ට්ලොජික් මැක්ස් ප‍්‍රදර්ශනාගාරවල අලෙවි කරයි.

'සොෆ්ට්ලොජික් සමූහය මෙරට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි වෙළඳපොළේ ශක්තිමත් සමාගමක් වන අතර සමාගම විසින් ගෝලීය වශයෙන් සුප‍්‍රසිද්ධ සන්නාම මෙරට වෙළඳපොළේ අලෙවි කරනවාල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් රිටේල් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමේ නිෂ්පාදන සමූහ කළමනාකරු, ෂෙහාන් සහීර් මහතා සඳහන් කළේය. 'අපගේ අලෙවි කළඹට VEGO සන්නාමය එකතු කිරීමට ලැබීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. ඉතාමත් නව්‍ය නිෂ්පාදන මාලාවක් වන මෙය දේශීය වෙළඳපොළට කදිමට ගැලපෙනවා.'

කිලෝ 3.9 ක බරකින් යුක්ත වොට් 95 ක විදුලි බලයක් පමණක් වැයවන VEGO Typhoon නැමති එහා මෙහා ගෙන යා හැකි එයාර් කූලරය පැමිණෙන්නේ වතුර ලීටර් 20 ක පිරවිය හැකි ටැංකියක් සමගයි. මෙම කූලරයේ වේගය මට්ටම් තුනකට අඩු වැඩිකළ හැකි අතර සිසිලස පිටතට විහිදුවන කවුළු වලින් මෙය සමන්විතය. මෙමගින් පැයකට ඝණ මීටර් 550 ක වායු දහරාවක් මුදාහරින අතර සිසිල් වායුව අඩි 20 ක් දුරට විහිදුවාලිය හැකිවේ. මෙමගින් වර්ග අඩි 200 ක් පහසුවෙන්ම සිසිල් කළ හැකිය. මෙහි තිබෙන 'bed level air throw' නැමති අංගය මගින් ඉලක්කගතව ස්ථාන සිසිල් කිරීමට හැකිය.

එසේම, සොෆ්ට්ලොජික් රිටේල් සමාගම විසින් මෙරටට හඳුන්වා දී තිබෙන අති නවීන VEGO Frost i කූලරය ලීටර් 42 ක ජල ටැංකියකින්, ටොප් ලෝඩින්ග් අයිස් කම්පාර්ට්මන්ට් එකකින්, ඉතාමත් සිත්ගන්නා සුළු LED ඩිස්ප්ලේ එකකින් සහ රිමෝට් කන්ට්‍රෝල් එකකින් සමන්විත වේ. මෙමගින් පැයකට ඝණ මීටර් 1,950 ක වායු දහරාවක් මුදාහරින අතර සිසිල් වායුව අඩි 40 ක් දුරට විහිදුවාලිය හැකිවේ. මෙමගින් වර්ග අඩි 300 ක් පහසුවෙන්ම සිසිල් කළ හැකිය. Typhoon කූලරයේ මෙන් මෙහිද ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන ලූවර් සහ 'bed level air throw' පහසුකම තිබේ. මේ සඳහා වැයවන්නේ වොට් 175 ක විදුලි බලයකි.

VEGO සන්නාමය අයත් වන්නේ ඉන්දියාවේ මුම්බායි නුවර පදනම් කරගත් VEGO Home Science Pvt Ltd. සමාගමටයි. මෙය වසර 40 කට ආසන්න කාලයක් පුරා අපනයන, ආනයන, අමු ද්‍රව්‍ය සකස් කිරීම, ප්ලාස්ටික් මෝල්ඩිං, ඇඟලූම් කර්මාන්තයට ඔරිජිනල් ඉක්විප්මන්ට් මැනුෆැක්චරිං (OEM)" දේපොළ වෙළඳාම යන අංශ කෙරෙහි ප‍්‍රමුඛත්වය දරන සමාගම් සමූහයකට අනුබද්ධ සමාගමකි. මෙම සමූහයේ එයාර් කූලර් ව්‍යාපාරික කටයුතු ආරම්භවූයේ සමූහය ගෘහ සහ මුළුතැන්ගේ සඳහා ඉලෙක්ට්‍රොනික මෙවලම් ක්‍ෂේත‍්‍රයට පිවිසීමට අනතුරුවයි.

මෙරට ප‍්‍රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සිල්ලර, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, වාහන, සංචාරක සහ මූල්‍ය සේවා යන මෙරට වඩාත් වර්ධනය වෙමින් තිබෙන අංශවල වෙළඳපොළ ප‍්‍රමුඛයෙකු වීමට සමත්ව ඇත. ලෝකයේ ප‍්‍රධාන සන්නාම රැුසක මෙරට බලයලත් බෙදාහැරින්නා වීමට සමූහය සමත්ව තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ සිදුකරන ව්‍යාපාරික කටයුතු තුළ 9000 කට වැඩි පිරිසකට රැුකියා ලබාදී ඇත.

Page 1 of 4