Items filtered by date: May 2017

නවීන නාගරික ජීවන රටාව අත්විඳීමේ අවස්ථාව උදාකරමින් ඕකිඩ්-දෙවන අදියරේ ආදර්ශ මහල් නිවාස ජනතාව වෙනුවෙන් දැන් විවෘතය. මෙරට ප්රදමුඛත ම නිවාස ව්යාශපෘති සංවර්ධන සමාගමක්වන නිවාසී ඩිවලොපර්ස් සමාගම විසින් මෙම මහල් නිවාස සංකීර්ණය ඉදි කරනු ලැබේ. නිවාස 160කින් සහ මහල් 12කින් යුතු මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසරේ අප්රේඩල් මාසයේදී ආරම්භ කරන ලද අතර 2018 මාර්තු මාසයේදී එහි කටයුතු අවසන් වීමට නියමිතය

එහි දෙවන අදියර නිවාසී ඩිවලොපර්ස් සමාගම සහ එහි මව් සමාගමවන ඉන්ටර්නැෂනල් කන්ස්ට්ර ක්ෂන් කොන්සෝටියම් (ICC) සමාගම එක්ව අරඹන ලද අතර මේවන විට ද එහි නිවාස අතරින් 56‍්‍රක ප්රටමාණයක් අලෙවි වී තිබීම විශේෂත්වයකිග වෛද්යද නෙවිල් ප්රානාන්දු ශික්ෂණ රෝහල Millenium IT, Horizon Campus, SAITM, CINEC, SLIIT ඇතුළු රෝහල් සහ වෙනත් වැදගත් ආයතන රැසක් මෙම මහල් නිවාස සංකීර්ණය අවට පිහිටා තිබීම හේතුවෙන් වෛද්ය වරුන් සහ සෞඛ්ය ක්ෂේත්රටයට සම්බන්ධ විවිධ වෘත්තිකයන් අතර එය වඩාත් ජනප්රි්ය වී ඇත

මාලඹේ නගරයට පළමු වරට තිරසර නිවාස සංකීර්ණ අත්දැකීමක් හිමිකර දුන් මෙම ව්යාේපෘතියේ ම පළමු අදියරේ ව්යාණපෘතිය නිවාස 94කින් සහ මහල් 11කින් සමන්විත වෙයි

මෙවැනි නිවාසවලට හිමිකම් කීමත්ල ඒ සඳහා ආයෝජනය කිරීමත් පාරිභෝගිකයා හට වඩාත් පහසු කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවන නිවාසී ඩිවලොපර්ස් සමාගමල ආකර්ෂණීය සහ නම්ය ශීලි ගෙවීම් පහසුකම් පිරිනමන මෙරට ප්රමමුඛ පෙළේ බැංකු සහ මුල්යණ ආයතන සමග අත්වැල් බැඳගෙන සිටී

අසමසම වටපිටාවක් යනුල නාගරික පරිසරයක මහල් නිවාසයක් මිලදී ගන්නා ඕනෑම අයෙකුගේ අවධානයට ලක්වන ප්ර ධාන සාධකයකි. සෑම නිවාස හිමියෙකුට ම අවට පරිසරය ඉතා මනරම් ලෙස දර්ශනයවන අයුරින් මෙම නිවාස සංකීර්ණය ඉදිකර ඇතග පිරිසිදු වාතාශ්ර යෙන් පිරිල ඝෝෂාකාරී බවින් මිදුණුල නිස්කලංක වටපිටාවකින් යුතු නගරයක් ලෙස මාලඹේ නගරය දැන් වැඩි දෙනෙකුගේ අවධානය හිමිකර ගනිමින් සිටී. පසුගිය මාස කිහිපය තුළ වාණිජ සහ නේවාසික යටිතල පහසුකම් ව්යා පෘති රැසක් මාලඹේ නගරය තුළ ආරම්භ කෙරුණු අතරල ගාල්ලල මාතරල කටුනායක ගුවන් තොටුපලල මහනුවර සහ කුරුනෑගල යන නගර වෙත පහසුවෙන් ළඟා විය හැකි පිටත වටරවුම් මාර්ගයට ද මාලඹේ නගරයේ සිට පහසුවෙන් ප්රෙවේශ විය හැකිය

ගෑස්, දුරකථන සහ කේබල් රූපවාහිනී සබඳතාල පැන්ට්රි කබඩ්ල දුම් සහ උෂ්ණත්ව අනාවරකල  LED ලාම්පුල වායු සමීකරණ යන්ත්රන සවි කිරීමට අවශ්යප විදුලි සම්බන්ධක සහ නොමිලේ හිමිවන රථ ගාල ඇතුළු අංග රැසකින් මෙම මහල් නිවාස සමන්විතයග යම් නිවාස නගරය හාත්පස පෙනෙන පුළුල් දර්ශනයකින් යුතු වෙයි. නිවාස සංකීර්ණය ව්යාසයාම මධ්යනස්ථානයකින්ල පිහිනුම් තටාකයකින්ල පැය 24 පුරා ක්රිනයාත්මක ආරක්ෂක සේවාවකින්ල හදිසි අවස්ථාවකදී භාවිතා කළ හැකි බල උත්පාදක යන්ත්ර්යකින්, CCTV සහ ගිනි ආරක්ෂක පද්ධතිල පහසුවෙන් ප්රැවේශ විය හැකි එලිවේටර් දෙකක් අප ජාල සහ මළ පිරිපහදු පහසුකමල අලංකාරවත් ලෙස සකසන ලද ගෙමිදුල්ල පරිසර හිතකාමී ගොඩනැගිලි සංකල්පල කිගමී 2.4ක දිගින් යුතු ඇවිදීමේ මංතිරුව ආදී විවිධ පහසුකම් රැසක් නිවාස හිමියන් හට පිරිනමන අතරල හරිත පැහැයෙන් දිදුලන කුඹුරු යායකින් ද වට වී ඇති බැවින් නගරයේ කලබලකාරී බවින් මිඳී කොළඹ නගරයට ආසන්නව ජීවත් වීමට අපේක්ෂා කරන පිරිසට මෙය කදිම තේරීමක් බවට පත් වෙයි

මාලඹේ නිවාසී ඩිවලොපර්ස් සමාගම විසින් ක්රිතයාත්මක කරනු ලබන ඕකිඩ් ව්යා්පෘතියල අක්කර 22ක භුමි ප්රවදේශයක් පුරා විහිදුනු නිවාස සහ මහල් නිවාසවල මිශ්රයණයකි. දේපළ ක්ෂේත්රියේ මෙරට ප්ර්මුඛත ම වෙබ් අඩවියක්වන Lamudi වෙබ් අඩවිය මෙම නිවාස සංකීර්ණය ,මාලඹේ නූතන ගම්මානය, ලෙස හඳුන්වා දී තිබිණග නිවාසී සහ ICC්‍ සමාගම් එක්ව මෙරට මහා පරිමාණ ඉදිකිරීම් සහ නිවාස සංවර්ධන ක්ෂේත්රනයේ සංධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට සමත් වූ ව්යාමපෘති රැසක් ක්රි්යාත්මක කර ඇත. වසර 35කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ICC්‍ සමාගමල ප්රාමිතිය උපරිම වශයෙන් රැක ගනිමින් නියමිත කාලයට ව්යාමපෘති නිම කරන ඉදිකිරීම් සමාගමක් ලෙස ජනතා විශ්වාසය හිමිකර ගත් සමාගමකි

 

ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ප‍්‍රකට ගෝලීය ප‍්‍රචාරණ හා අලෙවිකරණ සමාගමකවන ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ ශාඛාවක් (AdCove International Advertising and Marketing Pvt Ltd) පසුගියදා ශී‍්‍ර ලංකාවේ විවෘත කරනු ලැබීය. බත්තරමුල්ලේ, රොබර්ට් ගුණවර්ධන මාවතේ අංක 178 දරණ ස්ථානයේ විවෘත කළ එම ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ ශාඛාවෙන් මෙරට ඕනෑම ව්‍යාපාරික හා සංවිධානවලට නව ආරක ප‍්‍රචාරණ හා අලෙවිකරණ විසඳුම් ලබාගත හැක.

ප‍්‍රචාරණ හා අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ පළපුරුදු කණ්ඩායමක් විසින් පස්වසරකට පමණ පෙර ඉන්දියාවේ මුම්බායි නගරයේ මෙම ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගම ඇරඹුවේ වෙනස් ආරක වෙළෙඳ දැන්වීම්, එළිමහන් හා ඩිජිටල් මාධ්‍ය ප‍්‍රචාරණය ගෝලීය වශයෙන් සැපයීමේ අරමුණෙනි. විශේෂයෙන්ම විවිධ ප‍්‍රචාරණ උපක‍්‍රම කාලානුරූපව කි‍්‍රයාත්මක කරමින් ගෝලීය සේවාදායකයන්ගේ ව්‍යාපාරික අභිප‍්‍රායයන් ශක්තිමත් කරන ආකාරයෙන්ම ඔවුන්ට ඉහළම ආකාරයෙන් ආයෝජනයට සරිළන ප‍්‍රතිලාභ ලබාදෙන ප‍්‍රචාරණ සමාගමක් ලෙසින් ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගම ලොව පුරා ප‍්‍රකටය.

ගෝලීය මූලෝපායන් දේශීය මුහුණුවරක් යටතේ ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙන් සමීක්ෂණ පැවැත්වීමේ සිට වෙළෙඳනාම හා ව්‍යාපාර සඳහා කදිම අනන්‍යතාවක් ගොඩනැගීම ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ විශේෂත්වයක් සේ සැළකේ.

'අප සමාගමේ කාර්ය වන්නේ තම ව්‍යාපාර වර්ධනය කරගැනීම හා අලෙවි අභිප‍්‍රායයන් ඉෂ්ඨ කරගැනීමට අපේ සේවාදායකයන්ට නව්‍ය හා ඵලදායි ප‍්‍රචාරණ හා අලෙවිකරණ විසඳුම් සැපයීමයි. ඒ සඳහා අප සමාගම සැමවිටම තෝරාගන්නේ නිශ්චිත ප‍්‍රතිපල ලබාදිය හැකි ප‍්‍රචාරණ හා අලෙවිකරණ වැඩසටහන්. එමෙන්ම සේවාදායකයන් සම`ග ඉතා සුහදශීලී සබඳතාවක් පවත්වන අප ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා හඳුණාගන්නේ ඉතා ගැඹුරු ස්වරූපයෙනුයි. එයින් පසු නැවුම් ආරක ප‍්‍රචාරණ සැළසුම් දියත් කරන්නේ ප‍්‍රචාරණ ආයෝජනයෙන් කදිම ප‍්‍රතිලාභ සඅපයෙන ලෙසින්.' ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ ශාඛාවක් ශී‍්‍ර ලංකාවේ ඇරඹීමේ උත්සවයේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගම (www.adcoveinternational.lk) , ශී‍්‍ර ලංකාව තුළ තම සේවාදායකයන්ට සැපයෙන සේවා අතර, සැළසුම් හා මූලෝපාය සැකසීම, නිෂ්පාදන සන්නාමකරණය, ඩිජිටල් ප‍්‍රචාරණය, UX හා UI වෙබ් අඩවි නිර්මාණය, සමාජ මාධ්‍ය, මෘදුකාංග, මුද්‍රිත, රූපවාහිනී හා ගුවන්විදුලි වෙළෙඳ දැන්වීම් නිර්මාණය, ති‍්‍රමාණ/පරිගණක රූරටා නිර්මාණය, සුවිශේෂී ඉන්දීය මෝස්තර නිරූපන ශිල්පී බැංකුව, ඇසුරුම් විසඳුම් සැපයීම, එළිමහන් ප‍්‍රචාරණය, දැන්වීම් ප‍්‍රචාරණය සැලසුම් කිරීම, ඩිජිටල් මාධ්‍ය ප‍්‍රචාරණය, විවිධ කි‍්‍රයාකාරකම් හා උත්සව සංවිධානය, හා නිර්මාණාත්මක ජායාරූපකරණය ආදිය වෙති.

 ශී‍්‍ර ලංකාවේ චීන අවන්හල් ව්‍යාපාරයේ පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමවන 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම' (Chinese Dragon Cafe (Pvt) Ltd) තම ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ තවත් නවතම අවන්හලක් පසුගියදා විවෘත කෙරුණි. ඒ එම සමාගමේ අටවන ශාඛාව පසුගියදා නුගේගොඩදී (242, හතේ කණුව, හයිලෙවල් පාර, නුගේගොඩ* එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමෙනි. සම්ප‍්‍රදායික හා නවීන චීන ආහාර වට්ටෝරු සමගින් වැඩි ඉඩකඩ සහිතව නුගේගොඩ විවෘත කෙරුණු මෙම නව 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ' චීන අවන්හල ආහාරගැනීමේ කලාවේ වෙනස් මුහුණුවර විවිධ ආහාර සමගින් රසවිඳීමේ අවස්ථාව සපයන්නකි.

චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගමේ දැක්ම වන්නේ තම අවන්හල් කි‍්‍රයාත්මකවන සෑම ස්ථානයකම පි‍්‍රයතම ආහාර අත්දැකීම බවට පත්වීමය. චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් දාමයේ ගමන ඇරඹුණේ 1942දී බම්බලපිටියේ අවන්හලක් අරඹමිනි. 75 වසරක් පුරා එම බම්බලපිටියේ චයිනීස් ඩ‍්‍රැගන් අවන්හල ආහාර රසවිදින්නන්ගේ අගනුවර පි‍්‍රයතම චීන අවන්හලකි. චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් දාමයේ දෙවැන්න 2007දී ගල්කිස්සේදී ඇරඹුණු අතර පසුව 2015දී රත්මලාන ගාලූ පාරේදී නැවත විවෘත කෙරුණි. එතැන් සිට චයිනීස් ඩ‍්‍රැගන් අවන්හල් දාමයේ තෙවැන්න 2010 වසරේදී රාජගිරියේදීද, සිව්වැන්න කොළඹ කොටුව පැරණි ඕලන්ද රෝහල් සංකීර්ණය ආසන්නයේදී විවෘත කෙරුණි. එයින් පසු හැඳල තම ප‍්‍රධාන කාර්යාලය පිහිටු වූ චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගම තම පස්වනි අවන්හල 2014දී වත්තලදීද, සයවන අවන්හල 2016දී පැලවත්තේදී හා සත්වැන්න මෑතකදී නාවලදීද විවෘත කෙරුණි.

පාරිභෝගික අදහස්වලට සැමවිටම සවන්දෙන චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගමේ අවන්හල්වල සේවාව හා ආහාර සම්බන්ධයෙන් යෝජනා හා විවේචන තම සමාජ වෙබ් අඩවිය, විද්‍යුත් තැපෑල හා දුරකතන ඇමතුම් මගින් පාරිභෝගිකයන්ට සැපයීමේ අවස්ථාව සපයා තිබේ. එමෙන්ම පාරිභෝගික සම්බන්ධතාවට පි‍්‍රය එම සමාගමේ ආහාර තම ජංගම දුරකතනය භාවිතා කරමින් හෝ www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාල ගෙවීමකින් හෝ රැගෙන ආ පසු මුදල් ගෙවීමේ පදනමින් ආහාර ඇණවුම්කිරීමට හැක. චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ facebook පිටුව රසිකයන් 155,000කට වැඩි සංඛ්‍යාවක් කදිම සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් භාවිතාකරන්නක් වන අතර නුදුරු අනාගතයේදී Google Virtual Tour ප‍්‍රයෝජනයට ගනිමින් 'මතක හිටින කෑමක්' (Meal to Remember) රස විඳීමට චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් හි පහසුකම් දැකබලාගැනීමට ආහාර රස විඳින්නන්ට හැකියාව ලැබේ.

නුගේගොඩ නවතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල විවෘතකිරීමේ අවස්ථාවට එක් වූ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නයිෂාද් උදේශී මහතා පැවසුවේ, 'අප සමාගම මීළග අවන්හල නුගේගොඩ නගරයේ ඇරඹීමට හේතුවූයේ මෙම වසර මුලදී නාවල ඇරඹූ අවන්හල බොහෝ සාර්ථකත්වයට පත්වීමෙන්. විශේෂයෙන්ම නාවල හා පැලවත්තේ අවන්හල් සතිඅන්තයේ පාරිභෝගිකයන්ගෙන් පිරීයෑමෙන් සිදුවන ප‍්‍රමාදය අවමකිරීමේ උත්සාහයක් ලෙසිනුයි. එම අවන්හල්වල සිදුවන පමාවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් facebook ඇතුළු සමාජ මාධ්‍ය තුළින් අදහස් දැක්වීමෙන් අප නුගේගොඩට පැමිණීම ඉක්මන් වූවා. එහෙයින් නුගේගොඩ චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හලෙන් හයිලෙවල් පාරේ පිහිටි කාර්යාල, අවට උගනින ශිෂ්‍යයන් හා නුගේගොඩ, කිරුළපන, විජේරාම, මහරගම හා පැපිලියාන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට රස ආහාර වේලක අත්දැකීම පහසුවෙන් ලබාගත හැකිවෙනවා. එමෙන්ම ඉතා උසස් ආහාර වේලක් පාරිභෝගිකයන්ට සපයන අපේ කාර්ය මණ්ඩලයට මෙහිදී මා විශේෂයෙන්ම ස්තුතිවන්තවන අතර, දැනටමත් 300ක සේවක පිරිසක් අප සමග එක්ව සිටිනවා. නව අවන්හලක් විවෘත කෙරෙන සෑම වරෙකම තවත් 30 දෙනෙකුවත් අප සමාගමට එක්වනවා. එහෙයින් 'මතක හිටින කෑමක්' සඳහා චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල මතක තබාගන්නැයි මා අවසන් වශයෙන් පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා.' යන්නය.

'මතක හිටින කෑමක්' නම් තේමා පාඨයෙන් පාරිභෝගිකයන්ට 'රසය' මතකයේ රැුඳෙන ආහාර සැපයීමෙහි කීර්තියක් උසුළන 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම' සැමවිටම උත්සාහ කරන්නේ කාටත් දැරිය හැකි මිලකට පිසූ සැනින් නැවුම් ආහාර පාරිභෝගිකයන් අතට තිළිණ කිරීමටය. එම අවන්හල්වල රුපියල් 50 සිට ඉහළට සියලූ පාරිභෝගික අවශ්‍යතාවට අනුව ආහාර සැපයේ. එමෙන්ම නිර්මාංශික ආහාර, සීනි එක් නොකළ නැවුම් පළතුරු යුෂ, මිල්ක් ෂේක් හා අයිස්කී‍්‍රම් වර්ග පසුගිය වසරේ සිට තම ආහාර නාමාවලියට 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ' සමාගම විසින් එක් කර ඇත. පැයක් ඇතුළතදී අලූතෙන් පිසූ නැවුම් ආහාර අවන්හල අවට ඇණවුම්කරුවන්ට බෙදාහරින 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ' සමාගම පාරිභෝගිකයන් සංතෘප්තවන ආකාරයෙන් ආහාරවල ගුණාත්මකබව වර්ධනයකිරීම, ප‍්‍රමාණය හා වේගවත්බව සම්බන්ධයෙන් නිරන්තර පුහුණු වැඩසටහන් තම සේවකයන් වෙනුවෙන් පවත්වනු ලබයි.

එයට අමතරව පාරිභෝගික පහසුව සඳහා චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ හි සුවිශේෂී නිෂ්පාදනයක් වන 'චිලී පේස්ට්' එම සමාගමේ අවන්හල්වලින් හා දිවයින පුරා පිහිටි කීල්ස් සුපර් හා ආර්පිකෝ සුපිරිවෙළෙඳසල්වලින් දැන් මිලදීගත හැක. එමෙන්ම නිර්මාංශික චිලී පේස්ට්ද එම සමාගම විසින් නිෂ්පාදනය කෙරේ.

මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නව පිටුවක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමුවරට දේශීයව නිෂ්පාදිත බටහිර ඖෂධ අපනයනයකිරීමට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගම්වන ගැමා ෆාර්මසූටිකල්ස් හා ඉන්ටර්ෆාර්ම් සමාගම පසුගියදා සමත් විය. ඔවුන්ගේ පළමු විදේශීය ගැණුම්කරුවා වූයේ මාලදිවයිනේ විශාලතම ඔසුසල් දාමය හිමි 'පොයින්ට් ටේ‍්‍රඩින්ග් සමාගම' (Point Trading Company) ය. මෙම අවස්ථාවට ගැමා/ඉන්ටර්ෆාර්ම් සමාගම්වල සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, කළණ හේවාමල්ලිකා හා 'පොයින්ට් ටේ‍්‍රඩින්ග් සමාගමේ' ප‍්‍රධාන විධායක නිලධාරී, හම්සා කාසිම් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

ශී‍්‍ර ලාංකේය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ පළමු විදේශීය වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ඉන්ටර්ෆාර්ම් සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, කළණ හේවාමල්ලිකා මහතා අදහස් දක්වමින් පැවසුවේ, 'මෙම අවස්ථාව මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට මෙන්ම අපේ සමාගමටත් සුවිශේෂී සංධිස්ථානයක්. මෙරට රජයේ රෝහල්වල ඖෂධ අවශ්‍යතාව සපුරාලන සමාගමක ලෙසින් අප දිනෙන් දිනම අපේ ඖෂධවල ගුණාත්මකබව ඉහළ දැමුවා. ගැමා හා ඉන්ටර්ෆාර්ම් සමාගම්වලට මෙසේ විදේශීය ඖෂධ වෙළෙඳපොලට එක්වීමට හැකිවූයේ අපේ නිෂ්පාදනවල උසස් ප‍්‍රමිතිය හේතුවෙනුයි. අනෙක් පැත්තෙන් මෙම උත්සාහය අපේ රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් හිමිවන්නක් වීමද විශේෂත්වයක්.

1992 මැයි සත්වන දින මගේ දිවංගත පියාවන ගාමිණි හේවාමල්ලිකා මහතා ඇරඹූ ඉන්ටර්ෆාර්ම් හා ගැමා ෆාර්මසූටිකල්ස් සමාගම මේ වන විට ජාත්‍යන්තර ප‍්‍රමිතියේ ඖෂධ නිෂ්පාදන සමාගමක් දක්වා පැමිණියේ දුරගමනක්. එය ඇරඹුණේ ඇමෙරිකාවේ බහුජාතික ඖෂධ සමාගමකවන වෝනර් ලැම්බර්ට් ඇන්ඞ් පාර්කේ ඬේවිස් සමාගමේ බලයලත් සමාගම වූ වෝනර් ලැම්බර්ට් ලංකා සමාගම මිලදීගැනීමෙන් හා ඖෂධ එම වෙළඳනාම යටතේ නිපදවීමෙනුයි. ඖෂධ අපනයනයට එක්වූ පළමු ශී‍්‍ර ලාංකේය සමාගම බවට පත්වීමට සමගාමීව ඉන්ටර්ෆාර්ම් සමාගම තවත් දැවැන්ත සමාජ සත්කාරයකටත් දායකවීමට ලැබීමත් සතුටක්. ඒ හෘද අක‍්‍රමිකතා සම`ග උපදින දරුවන්ට ප‍්‍රතිකාරකිරීමේ නවීන පහසුකම් සහිත තට්ටු 10කින් සමන්විත රෝහලක් ඉදිකිරීමට දියත් කළ 'Little Heart' වැඩසටහන එක්වීමයි. එම ව්‍යාපෘතියට මූල්‍යමය දායකත්වය සපයන ශී‍්‍ර ලංකාවේ එකම ඖෂධ සමාගම වන්නේ අප ඉන්ටර්ෆාර්ම් සමාගමයි. අප සමාගම අලෙවි කරන සෑම ඖෂධයකම ලාභයෙන් කොටසක් වසර 5ක් තරම් දි`ගු කාලයක් එම ව්‍යාපෘතියට බැරකිරීමට නියමිතයි. එහෙයින් අප සමාගමේ ඖෂධ මිලදීගන්නා පාරිභෝගිකයනුත් නොදැනුවත්ව හෝ මෙම උතුම් සද්කාර්යයට එක්වීම විශේෂත්වයක්. මෙරට අනාගත පරපුරේ නිරෝගීබව වෙනුවෙන් එළෙසින් කැපවීමට ලැබීම අප සමාගම ලත් අමිල ජයග‍්‍රහණයක්.' යන්නය.

1992දී සේවකයන් 42කින් ඇරඹූ ගැමා ෆාර්මසූටිකල්ස් සමාගම මෙම ප‍්‍රබල වර්ධනය හිමි කරගැනීමට ජගත් සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ශී‍්‍ර ලංකා ඖෂධ අධිකාරියේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ඖෂධ කර්මාන්තයේ නව ප‍්‍රවණතාවලට අනුගතවෙමින් ස්වයංකී‍්‍රය දියර ඖෂධ හා කරල් පිරවීමේ යන්ත‍්‍ර, ගිළින පෙති හා ඖෂධ ආවරණ යන්ත‍්‍ර වැනි අතිනූතන යන්ත‍්‍රසූත‍්‍ර භාවිතාවෙන් උසස් ඖෂධ ප‍්‍රමිතිය පවත්වාගැනීම හා නිෂ්පාදන කි‍්‍රයාවලිය වැඩිදියුණුකිරීම සිදු කෙරුණි. එයට අමතරව සමාජ සත්කාරක කාර්යයක් ලෙසින් කර්මාන්තශාලවෙන් බැහැරවන ජලය ප‍්‍රතිචකී‍්‍රකරණ යන්ත‍්‍රසූත‍්‍ර භාවිතයෙන් පවිත‍්‍රකිරීමෙන් පරිසරය සුරැුකීමේ සහතික දිනාගැනීමට සමත් විය. එමෙන්ම පසුගිය දෙවසරේදී මෙරට රෝහල් සඳහා අවශ්‍ය ඹෟෂධ සැපයුම්කරුවන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ 'විශිෂ්ටතම සැපයුම්කරු' සම්මානය හිමි කරගැනීමට සමත් වූයේ ඉන්ටර්ෆාර්ම් සමාගමය.

Published in සුවසේවා

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ජලනල හා උපාංග වෙළඳනාමයකවන 'නැෂනල් PVC නිපදවන සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් PLC සමාගමේ නවතම බලයලත් බෙදාහැරීමේ නියෝජිත ආයතනය ලෙස කල්මුණේ යුනයිටඞ් ටේ‍්‍රඩර්ස් (අංක 121, අම්පාර පාර, සමන්තුරේ) නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය, රවුෆ් හකීම් මහතාගේ අතින් පසුගියදා විවෘත කෙරුණි.

දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලූමට ඉක්මන් විසඳුම් සැපයීමේ අරමුණෙන් සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම දියත් කළ බෙදාහැරීම් නියෝජිත ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ මෙම නව බෙදාහැරීමේ නියෝජිත ආයතනය කල්මුණේ නගරයේ විවෘත කෙරුණි. එමගින් කල්මුණේ හා ඒ අවට ප‍්‍රදේශයේ පිහිටි හාඞ්වෙයාර් ආයතන, ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන් හා නිවාස ඉදිකරන්නන්ට ප‍්‍රමිතියෙන් උසස් නැෂනල් PLC ජලනල හා උපාංග නොපමාව සැපයීමට සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමට හැකිවනු ඇත.

නැෂනල් PVC නිෂ්පාදන බලයලත් බෙදාහැරීමේ නියෝජිතවරයෙකු කල්මුණේ නගරයට පත්කිරීමේ උත්සවයට සහභාගී වූ සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සාමාන්‍යාධීකාරී, මයුර රූපතුංග මහතා පැවසුවේ, 'වර්තමානයේ බහුලව ඉදිකිරීම් සිදු කෙරෙන නැගෙනහිර පලාතේ පාරිභෝගිකයන් හා ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන්ට අවශ්‍යවන තත්ත්වයෙන් උසස් නැෂනල් PVC ජලනළ හා උපාංග නොපමාව සැපයීම අප සමාගමේ වගකීමක්. විශේෂයෙන්ම නැෂනල් PVC ජලනළ හා උපාංග කෙරෙහි පමණක්ම විශ්වාසය තබන පාරිභෝගිකයන්ට ඉක්මණින් හා අවම ප‍්‍රවාහන පිරිවැයකින් තම අවශ්‍යතා ලබාගැනීමට මෙම නව බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් හැකිවනු ඇත. එමෙන්ම කල්මුණේ ප‍්‍රදේශයේ කා අතරත් විශ්වාසය දිනූ ව්‍යාපාරිකයෙකු අපේ බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා ලෙසින් පත් කළා සේම ඉදිරියේදීත් තවත් බෙදාහැරීම් නියෝජිතයන් රැසක්ම පත්කිරීමට නියමිතයි.' යන්නය.

ශී‍්‍ර ලංකාවේ PVC ජලනල නිෂ්පාදන සමාගම් අතර පළමුවරට PVC ජලනල සඳහා SLS 147 හා PVC උපාංග සඳහා SLS 659 ප‍්‍රමිති සහතික හිමි කරගත් සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම, එයට අමතරව සොල්වන්ට් සිමෙන්ට්, වැහිපීලී, ඉලෙක්ටි‍්‍රකල් කන්ඩියුට්, PE ජලනල, PE වතුර ටැංකි, පැල්ලම් නොබැඳෙන වානේ ටැංකි, සෙප්ටික් ටැංකි, උද්‍යාන ජලනළ, නැෂනල් කොම්පැක්ට් බෝල් වෑල්ව් හා කි‍්‍රප්ටන් විදුලි ස්විච හා උපාංග නිපදවනු ලැබේ. සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටීස් සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට 30 වසරකට වැඩි කාලයක් දායකත්වය සැපයූ සමාගමකි

Published in විවිධ
Page 1 of 7