2016 ලෝක අපනයන සංවර්ධන සමුළුවේ (WEDF) නිල ඇඟලූම් සහකරු ලෙස බ‍්‍රැන්ඩික්ස් තෝරාගනී Featured

Published in ආර්ථික හා වානිජ
බ‍්‍රැන්ඩික්ස් හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී හසිත පේ‍්‍රමරත්න මහතා (වමේ සිට දෙවනියට අනුහ‍්‍රාහක චෙක්පත රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට ප‍්‍රදානය කළ අවස්ථාව. අපනයන සංවර්ධන මණ්ඩලයෙහි සභාපතිනි සහ ප‍්‍රධාන විධායක නිලධාරිනී ඉන්දිරා මල්වත්ත (දකුණු කෙළවර සහ බ‍්‍රැන්ඩික්ස් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයතනික සන්නිවේදන අනුක් ද සිල්වා මහතාද මේ සඳහා සහභාගී විය. බ‍්‍රැන්ඩික්ස් හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී හසිත පේ‍්‍රමරත්න මහතා (වමේ සිට දෙවනියට අනුහ‍්‍රාහක චෙක්පත රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට ප‍්‍රදානය කළ අවස්ථාව. අපනයන සංවර්ධන මණ්ඩලයෙහි සභාපතිනි සහ ප‍්‍රධාන විධායක නිලධාරිනී ඉන්දිරා මල්වත්ත (දකුණු කෙළවර සහ බ‍්‍රැන්ඩික්ස් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයතනික සන්නිවේදන අනුක් ද සිල්වා මහතාද මේ සඳහා සහභාගී විය.

 ඔක්තෝම්බර් මාසයේදී ලංකාවේ පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුව (WEDF) සඳහා එකම ඇඟලූම් සහකරුවා (Exclusive Apparel Partner) සහ ප්ලැටිනම් අනුග‍්‍රාහකයා ලෙස ඉදිරිපත් වෙමින් මෙම ගෞරවණීය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහය සිය සහයෝගය ලබාදී තිබේ.

2016 වසර වෙනුවෙන් පවත්වන මෙම සමුළුව ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සමග ඒකාබද්ධව සංවිධානය කරන අතර අපනයන සංවර්ධන මණ්ඩලය සමග අත්වැල් බැඳගෙන සිටින ආයතනික අංශයේ ප‍්‍රධාන පාර්ශවකරුවන් අතර ඇඟලූම් අපනයනයේ මෙරට විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්ස් ඉදිරියෙන්ම සිටී. 2016 ඔක්තෝම්බර් 12 වනදා සහ 13 වනදා කොළඹදී පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුව (WEDF) සඳහා ජාත්‍යන්තර සහ දේශීය නියෝජිතයින් 400 ත් 600 ත් අතර සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි සමුළු 16 ක් මීට පෙර පවත්වා තිබෙන අතර මෙවර සමුළුවේ තේමාව වන්නේ ‘Trade for Success: Connect, Compete, Change.’යන්නයි.

"ඇඟලූම් පමණක් නොව ශ්‍රී ලංකාවේ අනිකුත් බොහෝ අපනයනවල පුළුල්බව සහ පරිණතබව ඉතාමත් සක‍්‍රීය අයුරින් ජාත්‍යන්තර ප‍්‍රජාවට ප‍්‍රදර්ශනය කිරීමට මෙම සමුළුව කදිම අවස්ථාවක් බව අපි විශ්වාස කරනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී අෂ්රොෆ් ඕමාර් මහතා සඳහන් කළේය. ‘‘උද්යෝගීමත්බවේ ශක්තියෙන් ඉදිරියට යන සමාගම් සමූහයක් ලෙස බ‍්‍රැන්ඩික්ස් මේ වසරේ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයට සහයෝගය ලබාදෙනවා.’’

ඉතාමත් සුවිශේෂී ගෝලීය සමුළුවක් මෙන්ම ව්‍යාපාරිකයින්ට මුණ ගැසීම සඳහා කදිම තෝතැන්නක් වන මෙමගින් අරමුණු කර තිබෙන්නේ වෙළඳාම ප‍්‍රමුඛ කරගත් සංවර්ධනයක් ඇති කිරීමටයි. මේ අනුව, තිරසාර වෙළඳාම තුළින් ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ව්‍යාපාර සඳහා ධනාත්මක වෙනසක් කිරීමට ලෝක අපනයන සංවර්ධන සමුළුව WEDF මගින් ඉලක්ක කර ඇත.

2016 වසරේ මෙරට වඩාත් වටිනාම අපනයන සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් බ‍්‍රැන්ඩික්ස් තෝරා ගන්නා ලදී. බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට පූර්ණ විසඳුම් සංකල්පය හඳුන්වාදීමේදී පුරෝගාමී සමාගම ලෙස ගෞරවයට පාත‍්‍රවී තිබෙන අතර ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රමුඛතම ඇඟලූම් සන්නාම සඳහා සැපයුම්කරුවෙකි. පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභියෙකු වන අතර පාරිසරික යහපුරුදු වෙනුවෙන් කැපවී සිටී. ශ‍්‍රී ලංකාව, අන්ද්‍රා ප‍්‍රදේශයේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඉන්ඩියා ඇඟලූම් නගරයේ සහ බංග්ලාදේශය තුළ තිබෙන බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා තුළ 48,000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරනු ලබයි.