වාණිජ වන වගාව දිගුකාලීන ආයෝජනයක් ලෙස පෙරමුණ ගනී Featured

Published in ආර්ථික හා වානිජ

පරිසර හිතකාමී තිරසර ආයෝජන ක්ෂේත‍්‍රයේ මෙරට ප‍්‍රමුඛයාවන සදාහරිත වැවිලි සමාගම, අගාවුඞ් සඳහා ලෝක වෙළඳපලේ පවතින ඉල්ලූම සැලකිල්ලට ගනිමින් අපේ‍්‍රල් මස 1 වනදා සිට මෙරට අගාවුඞ් ආයෝජකයන් සඳහා ලබා දෙන අපේක්ෂිත ප‍්‍රතිලාභය තවත් වැඩි කිරීමට කටයුතු කළේය.

මහෝගනී, සඳුන් සහ තේක්ක ආදී විවිධ ශාක වාණිජ වන වගාව සඳහා හඳුන්වා දුන් සදාහරිත වැවිලි සමාගම, 2014 වසරේ පටන් ඇක්විලාරියා (අගාවුඞ්) ද මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන්නේය. තිරසර වන බිම් අක්කර 2000කට අධික සංඛ්‍යාවක් සහ පාරිභෝගිකයන් 26,000 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන එම සමාගම දිවයින පුරා ශාඛා 32ක් පිහිටුවා ඇත.

අගාවුඞ් ලොව ඇති වඩාත් මිල අධික ම දැවයක් ලෙස ප‍්‍රචලිතය. ඇක්විලාරියා ශාකයෙන් ලබා ගන්නා සුගන්ධ ද්‍රව්‍ය අගාවුඞ්, අලෝස්වුඞ්, ඊගල්වුඞ්, ගහරු, අගලෝචා හෝ ඖද් (අරාබි බසින්) ආදී විවිධ නම්වලින් ලොව පුරා හැඳින්වේ. සුගන්ධ තෙල්, දැව කැටිති, පවුඩර් මෙන් ම සුවඳ විලවුන්, කැටයම්, සුවඳකාරක සහ ඖෂධ ආදී නිමි නිෂ්පාදන ලෙස ද අගාවුඞ් අපනයනය කෙරේ. මැදපෙරදිග, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ආදී රාජ්‍යන්හි අගාවුඞ් සඳහා පවතින ඉල්ලූම ශීඝ‍්‍රයෙන් වර්ධනයවන බැවින් ඒ සඳහා පවතින අගය ද ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. අගාවුඞ් සුගන්ධ තෙල් ඇමරිකන් ඩොලර් 30,000 සිට 50,000 දක්වා අධික මිලකට අලෙවිවන අතර කැටිති බවට පත් කළ අගාවුඞ් ඩොලර් 10,000 ක් වැනි මිලකට අලෙවි කෙරේ.

මේ වසරේ අගෝස්තු මසදී සිය 15වන සංවත්සරය සමරමින් අගාවුඞ් ආශ‍්‍රිත තවත් නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙරට වාණිජ වන වගා ක්ෂේත‍්‍රයේ අපනයන වෙළඳපල තවදුරටත් පුළුල් කිරීම සදාහරිත සමාගමේ අපේක්ෂාවයි.