2017 SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව හරහා ආර්ථික හා සාමාජික සහයෝගීතාව සඳහා නව මංමාවත් දිගහැරේ Featured

Published in ආර්ථික හා වානිජ

සාමාජික රාජ්‍යයන් අතර ආර්ථික හා සාමාජික සහයෝගිතාව මුල් කරගෙන වාර්ෂික SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) හා කොළඹ හිල්ටන් හි දී එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය,ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය, යන රටවල් වල සාමාජිකයින් හා එක්ව පැවැත්වීමට නියමිතය. කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ සාර්ක් වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු සම්මේලනය සහ එම් පී ඉවෙන්ට්ස් ලංකා පෞද්ගලික සමාගම එක්ව SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව සංවිධානය කරඇත.

මෙම වැඩසටහන දියත් කිරීම සඳහා වන මාධ්‍ය හමුව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් හා SAARC වාණිජ මණ්ඩලයේ සභාපති සුරාජ් වෛද්‍යගේ ප්‍රධානත්වයෙන් අද දින කොළඹ හිල්ටන් හි දී පැවැත්විණි. 

මෙම වෙළඳ ප්‍රදර්ශනය 2017 සැප්තැම්බර් මස 7, 8 හා 9 යන දින වලදී පැවැත්වීමට නියමිත අතර රටවල් වලට වෙන් වෙන් වශයෙන් සංස්කෘතික අංග  හා සංචාරක කුටි ලබාදෙන අතර මෝටර් රථ අමතර කොටස්, අත්කම්, රෙදිපිළි හා නිමි ඇඳුම්, ගෘහ හා මුළුතැන් ගෙයි උපකරණ, විදුලි උපාංග, තෑගී භාණ්ඩ, පිඟන් හා සනීපාරක්‍ෂක උපාංග, සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතා භාණ්ඩ, ආහාර වර්ග, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන ද එළිදැක්වීමට නියමිතය.

මේ අතර 2017 ආයෝජන සංසදය සැප්තැම්බර් මස 6 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී දේශීය හා විදේශීය ආයෝජකයින් අතර දේශ සීමා හරහා අන්තර්ජාතික ආයෝජන වල නිරත වීමට අවස්ථාව ලබා දෙනු ඇත. එවැනි දේශීය හා විදේශීය ආයෝජකයින්, ව්‍යවසායකයින්, අරමුදල් කළමණාකරුවන්, ව්‍යාපාර හිමිකරුවන්, රාජ්‍ය ආයෝජන නිලධාරීන්, හා ජාත්‍යාන්තර නිලධාරීන් 250 කට අධික ප්‍රමාණයක් පිළිගැනීමට සූදානම් අතර සංචාරක කර්මාන්තය, බලශක්ති කර්මාන්තය, දේපල හා  නිෂ්පාදන අංශ වල ප්‍රධානීන් ව්‍යාපාර අවස්ථා ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කෙරෙනු ඇත.

SAARC වාණිජ මණ්ඩලයේ සභාපති සුරාජ් වෛද්‍යා පවසන ආකාරයට 1985 ස්ථාපිත කරන ලද කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සාමාජික රටවල් අතර ඇති ආර්ථික කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම හා එම කරුණු කළමනාකරණය කිරීම ප්‍රධාන කොට ගෙන පිහිටුවන ලද්දකි. තවද කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ SAARC වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු සම්මේලනය එක්ව මේ සඳහා පහසුකම් සලසන අතර, අනෙකුත් සාමාජික රාජ්‍යයන් තුළ වෙළඳ හා ආයෝජන අවස්ථා නිර්මාණය කර ඒ තුළින් ශ්‍රී ලංකා ව්‍යාපාර ශක්තිමත් කිරීමට උත්සහ දරන බවද ඔහු පැවසීය.

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ සාර්ක් වාණිජ මණ්ඩලය, SAARC කර්මාන්ත හා වාණිජ මණ්ඩලය, හා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත සම්මේලනය එක්ව මෙම අවස්ථාව සඳහා සහයෝගය දක්වනු ඇත. SAARC රාජ්‍යය තුල වෙළඳ හා ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට දරණ මෙම උත්සාහය තුලින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට නියත වශයෙන්ම මෙම අවස්තාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපලආරච්චි පැවසීය.

ශ්‍රී ලංකාව වෙළඳ හා ආයෝජන අංශයෙන් දියුණු කිරීමේ උත්සාහයේ පියවරක් ලෙස මෙම වසරේ SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුවෙහි කළමනාකාර කටයුතු එම් පී ඉවෙන්ට්ස් ලංකා පුද්ගලික සමාගම (M P Events Lanka (Private) Limited) විසින් සිදු කරනවා ඇත. පසුගිය දශක දෙක පුරාවට රට තුල ඇති බොහෝ විශාල පරිමාණ කර්මාන්ත හා එක්ව කටයුතු කර ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඇති ආයතනයකි, එම් පී ඉවෙන්ට්ස් ලංකා පුද්ගලික සමාගම (M P Events Lanka (Private) Limited).

මෙහි වෙළඳ කුටි සඳහා ඇමරිකානු ඩොලර් 855 ක් ද, ආයෝජන සංසදය සඳහා ලියාපදිංචි ගාස්තු විදේශ නියෝජිතයින් සඳහා ඇමරිකානු ඩොලර් 125ක් හා දේශීය නියෝජිතයන් සඳහා ඇමරිකානු ඩොලර් 100 යනුවෙන් මිල ගණන් සඳහන් කර ඇත. මෙම සියලුම මිල ගණන් සඳහා බදු ඇතුලත් නොවන බව ද සලකන්න. ජුනි මස 30 වනදා ට ප්‍රථම ආයෝජන සංසදය සඳහා ලියාපදිංචි වන්නන් සඳහා 15% ක වට්ටමක්  ද ලබා දීමටද සැලසුම් කර ඇත.

වැඩි විස්තර සඳහා
අමතන්න : තරිදු හෝ ගයත්‍රී 011 236 6996
පිවිසෙන්න : www.fccisl.lk