Items filtered by date: June 2017

7වන වරට පැවැත්වෙන විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ගේ සම්මාන උළෙල 2017ට සමගාමීව Women in Management සහ ලෝක බැංකු සමූහයේ සාමාජික ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ එකමුතුවෙන් "ලොව වෙනස් කිරීම සඳහා කාන්තා නායකත්වය" යන මැයෙන් පසුගියදා මහනුවරදී කමිටු සාකච්ඡුාවක් සංවිධානය කෙරුණි. මෙහිදී සංස්ථාපිත අංශයේ නායකයන් ලෙස ජයග‍්‍රහණ රැුසක් අත්පත් කරගෙන ඇති මෙන්ම WIM සම්මානලාභී කාන්තාවන් පස් දෙනෙකු විසින් තම සාර්ථකත්වයේ මග විවර කරගත් අයුරු විස්තර කරන ලදී. මෙය කාන්තා වෘත්තිය සම්මාන උළෙල 2017ට සමගාමීව පැවති කුඩා සම්මාන ප‍්‍රදානයක් ලෙස පැවති අතර ඒ හරහා ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක හතක කාන්තා ව්‍යවසායිකාවන් හඳුනාගෙන ඔවුන්ට තම වෘත්තීයමය දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේත් අවස්ථා හඳුනාගමින් පැන නගින ගැටලූ ග‍්‍රහණය කරගන්නා අයුරුත් පැහැදිලි කරන ලදී.

මෙම සාකච්ඡුා වටය කීර්තිමත් කමිටුවකින් සමන්විත වූ අතර ඒ සඳහා හේමාස් ෆාමසූටික්ල්ස්/හේමාස් ලොජිස්ටික්ස් සහ මැරීන්ටයිම් හි කළමනාකාර අධ්‍යක්ෂ කස්තුරි චෙල්ලරාජා විල්සන්, කෝකා-කෝලා හි කළමනාකාර අධ්‍යක්ෂ සෝනු ග්‍රෝවර්, වර්චුසාපොලරීස් හි මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා චන්දි ධර්මරත්න, ජනශක්ති ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන පරිපාලක නිලධාරි දයාලින් අබේගුණවර්ධන සහ ඉන්ෆෝ ටෙක් හි උප සභාපති රම්‍යා වීරකෝන් සහභාගී වූහ. මේ සියලූ දෙනාම මෙරට සංස්ථාපිත අංශයේ කාන්තා නායිකාවන් ලෙස සදා නොමැකෙන ජයග‍්‍රහණ අත්පත් කරගෙන ඇත.

මෙම සුවිශේෂී සාකච්ඡුාවට ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක හතක වෙසෙන නැගී එන කාන්තා ව්‍යවසායිකාවන් 13 දෙනෙකුගේ ජයග‍්‍රහණයන් ඇගයීම සඳහා වන සම්මාන උළෙලින් සංවිධානය විය. ඒ මහනුවර, අනුරාධපුරය, මන්නාරම, වව්නියාව, හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක සඳහායි. මෙය සංවිධානය කිරීමේ අභිප‍්‍රාය වූයේ ශී‍්‍ර ලංකාවේ වෙසෙන දක්ෂ සහ හැකියාවන්ගෙන් පරිපූර්ණ එහෙත් මෙතෙක් කිසිදු ලෙස කිසිවෙකුගේ අවධානය යොමු නොවූ දේශීය සහ ජාත්‍යන්තර ලෙස සාර්ථකත්වය ලබාගත හැකි කාන්තාවන් වෙත අවධානය යොමු කිරීමයි.

Women in Management හි නිර්මාතෘ සහ සභාපතිනි සුලෝචනා සිගේරා මහත්මිය අදහස් ප‍්‍රකාශ කරමින් "ඉදිරියේදී පැවැත්වෙන විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ගේ සම්මාන උළෙල 2017 යනු Women in Management සහ IFCඑකමුතුවෙන් ශී‍්‍ර ලාංකේය කාන්තා ප‍්‍රජාව අතරින් සාර්ථකත්වයට පත් අයගේ සාර්ථකත්වයේ කතාව උත්කර්ෂයට නගන මොහොතයි. අපගේ කමිටු සාමාජිකාවන් අතරින් දෙදෙනෙක් ඔවුන්ගේ දක්ෂතාවය නිසා කීර්තිය දිනාගත් අය වන අතර ඊට අමතරව පෙර පැවති වෘත්තිය සහ කාන්තා උළෙලයන්හි දී සම්මාන හිමිකරගත් අයයිx ඒ හරහා සම්බන්ධ වන අයට ඔවුන්ගේ අදහස් සෘජුවම ලබා දෙන්නට හැකිවන අතර හොඳ පෞරුෂයන් සහිත කාන්තාවන් වීමට ඔවුන්ගේ ඇත්දැකීම් ඉවහල් වනු ඇතැයි" ප‍්‍රකාශකර සිටියාය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප‍්‍රාදේශීය සභා සාමාජිකයන්, කාන්තා ව්‍යවසායකයන්, අදාල දිස්ත‍්‍රික්කයන්හි දිස්ත‍්‍රික් ලේකම්වරු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ද සහභාගී වූහ.

Published in විවිධ

Tuesday, 6th June 2017 – COLOMBO සිය පාරිභෝගිකයින්ට සලසන බැංකු සේවා තවත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකරදීමේ අරමුණින් සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව, නව නිවහනට පසුගියදා පිවිසුනි.

මීට ඉහතදී පිටකෝට්ටේල කෝට්ටේ පාරේල අංකග 463ල දරන ස්ථානයේ පිහිටි සම්පත් බැංකු පිටකෝට්ටේ ශාබාව දැන් අංකග 128ල පාගොඩ පාරල පිටකෝට්ටේ යන නව ස්ථානයේ ඔබ වෙනුවෙන් සුපුරුදු සේවා තවත් පහසුවෙන් ඉටුකරදීමට සූදානමින් සිටියි. වඩාත් ඉඩ පහසුකම් සහ අති නවීනතම බැංකු සේවා සපිරි සිය නව නිවහනට පැමිණ බැංකුකරණයේ නව්‍ය අත්දැකීම් අත්විඳින ලෙස පිටකෝට්ටේ සම්පත් බැංකු ශාඛාව සිය ගනුදෙනුකාර භවතුන්ට ඇරයුම් කර සිටී.

Published in මූල්‍ය

කොමර්ෂල් බැංකුවේ ලීසිං පහසුකම් මත යුනයිටඞ් මෝටර්ස් සමාගමෙන් ට‍්‍රක් රථ සහ බස් රථ මිලදී ගන්නා ව්‍යාපාරික ආයතන වලට හෝ පුද්ගලයින්ට ආකර්ශණීය ප‍්‍රතිලාභ රැුසක් ලබාදීමට කටයුතු කරන බව බැංකුව පවසයි.

මෙය මෙම සමාගම් දෙක විසින් එක්ව සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහනක් වන අතර මෙහිදී කොමර්ෂල් බැංකුව විසින් මෙම ලීසිං පහසුකම ලබාදෙන්නේ අඩු පොලී අනුපාතයකටයි. මීට අමතරව, යුනයිටඞ් මෝටර්ස් සමාගම විසින් ලංකාවේ අලෙවි කරන Fuso ට‍්‍රක් රථ සහ බස් රථ සඳහා රුපියල් 100,000 ක් දක්වා වට්ටමක් සහ සේවා වාර තුනක් නොමිලේ ලබාගැනීමේ අවස්ථාවද මෙහිදී මෙම වාහන මිලදී ගන්නන් වෙත ලබාදී තිබේ.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2017 ජූලි 31 වනදා දක්වා පැවැත්වෙන අතර දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා වලින් මෙම ලීසිං පහසුකම ලබාගත හැකිය. මෙහිදී, මිලදී ගන්නා වාහන සඳහා කිලෝ මීටර් 100,000 ක හෝ වසරක වගකීම යුනයිටඞ් මෝටර්ස් වෙතින් හිමිවේ.

මෙහිදී, අවුරුදු පහක ලීසිං පහසුකම් යටතේ සෑම රුපියල් 100,000 ක් සඳහාම ගෙවිය යුතු වන්නේ රුපියල් 2337.16 ක තරම් අඩු වාරික මුදලකි. බැංකුව සඳහන් කරන්නේ අවුරුදු තුනේ සහ හතරේ කල්බදු පහසුකම් සඳහාද ප‍්‍රකාශිත ලීසිං වාරික අඩුකිරීමට බැංකුව කටයුතු කරන බවයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ඉල්ලූම් කරන ලීසිං පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද බැංකුව තව දුරටත් පවසයි.

'මේ ආකාරයේ ප‍්‍රවර්ධන වැඩසටහනක් තුළින් තම වාහන ඇණිය පුළුල් කිරීමට හෝ පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන සුළු හා මධ්‍යම පරිමාණ මෙන්ම මහා පරිමාණ ව්‍යාපාර වලට සහනයක් ලැබෙනවා. එසේම, මේ තුළින් වෙළඳපොළත් දිරිමත් වෙනවාල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. 'කොමර්ෂල් බැංකුව මීට ඉහතදීද ඉතාමත් සාර්ථකව මෙවැනි ලීසිං පහසුකම් ප‍්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් යුනයිටඞ් මෝටර්ස් සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙම නවතම ඒකාබද්ධතාවය තුළින් අපි ඉහළ ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙනවා.'

මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට යුනයිටඞ් මෝටර්ස් අලෙවි කරන සැහැල්ලූ, මධ්‍යම සහ බර ට‍්‍රක්රථ, කෘ කැබ්ස්, ටිපර් රථ සහ රෝසා බස් රථ අයත් වන අතර කොමර්ෂල් බැංකුව විසින් දැනට සිටින සහ අළුත් ගනුදෙනු කරුවන් යන සියළුම දෙනා වෙත අඩුමිල ලීසිං වාරික ලබාදීමට කටයුතු කරනු ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 668 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබෙන අතර ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

ශ‍්‍රී ලංකාවේ පැරණිතම මෝටර් රථ සමාගමක් වන යුනයිටඞ් මෝටර්ස් සමූහය (UML) බිස්නස් ටුඬේ සඟරාව විසින් මෙරට ප‍්‍රමුඛතම සමාගම් 25 අතරට ඇතුළත් කර තිබේ. එසේම, LMD සඟරාව විසින් මෙරට වඩාත්ම ගෞරවණීය සමාගම් 100 අතරටද යුනයිටඞ් මෝටර්ස් සමූහය (UML) ඇතුළත් කර ඇත. ලෝකයේ සුප‍්‍රසිද්ධ වාහන සන්නාම වන Mitsubishi, Fuso, MG, Perodua, Zotye, JMC, Brilliance, DFSK සහ TVS යතුරු පැදි මෙරට අලෙවියේ බලයලත් සමාගම ලෙස කටයුතු කරන්නේ යුනයිටඞ් මෝටර්ස් සමූහයයි .

Published in මූල්‍ය

2017 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන මාස තුනක කාලය තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගම ශක්තිමත් ආදායම් සහ ඉහළ ලාභ වර්ධනයක් ලබා ගනිමින් නව මූල්‍ය වසර ඉතාමත් සාර්ථක ලෙස ආරම්භ කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2017 පළමු කාර්තුවේ බදු වලට පෙර ලාභය 2016 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 51% ක කැපී පෙනෙන වර්ධනයක් ලබමින් රුපියල් මිලියන 822.73 ක්වී තිබේ. අදාළ කාල පරිච්ඡේදය තුළදී ආදායම් බදු 26% කින් වර්ධනය වූවද සමාගමේ බදු වලට පසු ලාභය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 57.8% කින් වර්ධනය වී රුපියල් මිලියන 673.34 වියග

සළකා බලන කාර්තුව තුළදී සමාගමේ දළ රක්ෂණ වාරික ආදායම 7.26% ක් වී රුපියල් බිලියන 3.56 ක් දක්වා වර්ධනය වූ අතර ආයෝජන ආදායම් සහ අනිකුත් ආදායම් 21.39% කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී රුපියල් බිලියන 2.31 ක් වූ බව සමාගම සඳහන් කරයිග

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයෝජන කළඹෙහි වටිනාකම 2017 මාර්තු 31 වනදා වනවිට රුපියල් බිලියන 85.98 ක්වී තිබෙන අතර එය 2016 දෙසැම්බර් 31 වනදා සිට රුපියල් බිලියන 5.23 කින් හෙවත් 6.48% කින් වර්ධනය වීමකි. පසුගිය මාස 12 ක කාලය සමග සැසඳීමේදී එය රුපියල් බිලියන 12.58 ක හෙවත් 17.14% ක වර්ධනයකි.

මේ අතර, සලකා බලන කාර්තුව අවසානයේදී සමාගමේ ජීවිත අරමුදල රුපියල් බිලියන 79.89 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය අදාළ මාස තුන තුළදී රුපියල් බිලියන 1.97 ක හෙවත් 2.53% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේග

'විශේෂයෙන්ම වෙළඳපොළේ පවතින අවිනිශ්චිත වාතාවරණය තුළ මේ වසරේ පළමු කාර්තුවේදී අපි ලබා තිබෙන ප‍්‍රගතිය විශිෂ්ටයිල' යනුවෙන් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. 'ව්‍යාපාරික මූලධර්ම සහ ආයෝජන උපාය මාර්ග පිළිබඳව අපගේ තිබෙන දැඩි අවධානය හමුවේ මෙම විශිෂ්ටත්වය ලබාගෙන ඇතැයි අප විශ්වාස කරනවා.'

සලකා බලන මාස 3 තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගම ශුද්ධ ප‍්‍රතිලාභ සහ වන්දි ලෙස රුපියල් බිලියන 1.6 ක මුදලක් ගෙවා තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 7.81 ක අඩු වීමකිි.

සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණය සලකා බලන මාස තුන තුළදී 5.4% කින් වර්ධනය වී රුපියල් බිලියන 101.738 ක්වී ඇත.

සලකා බලන කාර්තුව සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයෝජන කළඹේ මුදල් 48%ක් රජයේ සුරැුකුම් පත්වලදල 13%ක් ස්ථාවර තැන්පතුවලදල 09%ක් දේපොළවලද, 29% ක් ආයතනික ණයකරවල සහ 01% ක් අනිකුත් ආයෝජනවල ආයෝජනය කර තිබේ. මෙම සියළුම ආයෝජන 2000 අංක 43 දරන රක්ෂණ ක්ෂේත‍්‍ර පනතේ රෙගුලාසි මත සකස් කළ ජීවිත රක්ෂණ අරමුදල් වලට සම්බන්ධ ආයෝජන මාර්ගෝපදේශන මාලාවකින් අතිශයින්ම සුරක්ෂිත කර තිබෙන අතර රක්ෂණ ක්ෂේතය වෙනුවෙන් රජය පත්කර තිබෙන නියාමකයා වන රක්ෂණ මණ්ඩලයේ නිරන්තර අධීක්ෂණයට ලක්වේ.

සෙලින්කෝ ලයිෆ් සමාගම 2016 මූල්‍ය වසරේදී රුපියල් බිලියන 23.43 ක සමස්ත ආදායමක් ලබාගත් අතර ලබාගත් දළ රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 15 කි. එසේම, සමාගම 2016 වසරේදී රුපියල් බිලියන 8.78 ක ආයෝජන ආදායමක් ලබාගන්නා ලදී.

වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් පිට පිටම තුන්වන වරටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් 2016 වසරේදී තෝරාගත් අතර සමාගම මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ 1988 වසරේ ජනවාරි මාසයේදීයි. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබෙන සෙලින්කෝ ලයිෆ් සමාගම නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් මිනුම් ලකුණක් වේ.

සාමාජික රාජ්‍යයන් අතර ආර්ථික හා සාමාජික සහයෝගිතාව මුල් කරගෙන වාර්ෂික SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) හා කොළඹ හිල්ටන් හි දී එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය,ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය, යන රටවල් වල සාමාජිකයින් හා එක්ව පැවැත්වීමට නියමිතය. කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ සාර්ක් වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු සම්මේලනය සහ එම් පී ඉවෙන්ට්ස් ලංකා පෞද්ගලික සමාගම එක්ව SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව සංවිධානය කරඇත.

මෙම වැඩසටහන දියත් කිරීම සඳහා වන මාධ්‍ය හමුව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් හා SAARC වාණිජ මණ්ඩලයේ සභාපති සුරාජ් වෛද්‍යගේ ප්‍රධානත්වයෙන් අද දින කොළඹ හිල්ටන් හි දී පැවැත්විණි. 

මෙම වෙළඳ ප්‍රදර්ශනය 2017 සැප්තැම්බර් මස 7, 8 හා 9 යන දින වලදී පැවැත්වීමට නියමිත අතර රටවල් වලට වෙන් වෙන් වශයෙන් සංස්කෘතික අංග  හා සංචාරක කුටි ලබාදෙන අතර මෝටර් රථ අමතර කොටස්, අත්කම්, රෙදිපිළි හා නිමි ඇඳුම්, ගෘහ හා මුළුතැන් ගෙයි උපකරණ, විදුලි උපාංග, තෑගී භාණ්ඩ, පිඟන් හා සනීපාරක්‍ෂක උපාංග, සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතා භාණ්ඩ, ආහාර වර්ග, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන ද එළිදැක්වීමට නියමිතය.

මේ අතර 2017 ආයෝජන සංසදය සැප්තැම්බර් මස 6 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී දේශීය හා විදේශීය ආයෝජකයින් අතර දේශ සීමා හරහා අන්තර්ජාතික ආයෝජන වල නිරත වීමට අවස්ථාව ලබා දෙනු ඇත. එවැනි දේශීය හා විදේශීය ආයෝජකයින්, ව්‍යවසායකයින්, අරමුදල් කළමණාකරුවන්, ව්‍යාපාර හිමිකරුවන්, රාජ්‍ය ආයෝජන නිලධාරීන්, හා ජාත්‍යාන්තර නිලධාරීන් 250 කට අධික ප්‍රමාණයක් පිළිගැනීමට සූදානම් අතර සංචාරක කර්මාන්තය, බලශක්ති කර්මාන්තය, දේපල හා  නිෂ්පාදන අංශ වල ප්‍රධානීන් ව්‍යාපාර අවස්ථා ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කෙරෙනු ඇත.

SAARC වාණිජ මණ්ඩලයේ සභාපති සුරාජ් වෛද්‍යා පවසන ආකාරයට 1985 ස්ථාපිත කරන ලද කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සාමාජික රටවල් අතර ඇති ආර්ථික කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම හා එම කරුණු කළමනාකරණය කිරීම ප්‍රධාන කොට ගෙන පිහිටුවන ලද්දකි. තවද කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ SAARC වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු සම්මේලනය එක්ව මේ සඳහා පහසුකම් සලසන අතර, අනෙකුත් සාමාජික රාජ්‍යයන් තුළ වෙළඳ හා ආයෝජන අවස්ථා නිර්මාණය කර ඒ තුළින් ශ්‍රී ලංකා ව්‍යාපාර ශක්තිමත් කිරීමට උත්සහ දරන බවද ඔහු පැවසීය.

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ සාර්ක් වාණිජ මණ්ඩලය, SAARC කර්මාන්ත හා වාණිජ මණ්ඩලය, හා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත සම්මේලනය එක්ව මෙම අවස්ථාව සඳහා සහයෝගය දක්වනු ඇත. SAARC රාජ්‍යය තුල වෙළඳ හා ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට දරණ මෙම උත්සාහය තුලින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට නියත වශයෙන්ම මෙම අවස්තාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපලආරච්චි පැවසීය.

ශ්‍රී ලංකාව වෙළඳ හා ආයෝජන අංශයෙන් දියුණු කිරීමේ උත්සාහයේ පියවරක් ලෙස මෙම වසරේ SAARC වෙළඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුවෙහි කළමනාකාර කටයුතු එම් පී ඉවෙන්ට්ස් ලංකා පුද්ගලික සමාගම (M P Events Lanka (Private) Limited) විසින් සිදු කරනවා ඇත. පසුගිය දශක දෙක පුරාවට රට තුල ඇති බොහෝ විශාල පරිමාණ කර්මාන්ත හා එක්ව කටයුතු කර ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඇති ආයතනයකි, එම් පී ඉවෙන්ට්ස් ලංකා පුද්ගලික සමාගම (M P Events Lanka (Private) Limited).

මෙහි වෙළඳ කුටි සඳහා ඇමරිකානු ඩොලර් 855 ක් ද, ආයෝජන සංසදය සඳහා ලියාපදිංචි ගාස්තු විදේශ නියෝජිතයින් සඳහා ඇමරිකානු ඩොලර් 125ක් හා දේශීය නියෝජිතයන් සඳහා ඇමරිකානු ඩොලර් 100 යනුවෙන් මිල ගණන් සඳහන් කර ඇත. මෙම සියලුම මිල ගණන් සඳහා බදු ඇතුලත් නොවන බව ද සලකන්න. ජුනි මස 30 වනදා ට ප්‍රථම ආයෝජන සංසදය සඳහා ලියාපදිංචි වන්නන් සඳහා 15% ක වට්ටමක්  ද ලබා දීමටද සැලසුම් කර ඇත.

වැඩි විස්තර සඳහා
අමතන්න : තරිදු හෝ ගයත්‍රී 011 236 6996
පිවිසෙන්න : www.fccisl.lk

Page 2 of 4