පරිසර හිතකාමී කොහුවල සුපර්සෙන්ටර් ශාඛාව විවෘත කරමින්, ආපිකෝ හරිත සුපිරි වෙළඳසැල් සංකල්පය පෙරට ගනී Featured

Published in අලෙවිකරණ
(ඉහළ) - කොහුවල ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව (පහළ) - කොහුවල ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව මෙරට සිටින කැනේඩියානු මහ කොමසාරිස් ශෙලී විිටිං මෙනෙවිය විසින් උත්සවාකාරයෙන් විවෘත කරයි. (ඉහළ) - කොහුවල ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව (පහළ) - කොහුවල ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව මෙරට සිටින කැනේඩියානු මහ කොමසාරිස් ශෙලී විිටිං මෙනෙවිය විසින් උත්සවාකාරයෙන් විවෘත කරයි.

පාරිභෝගික ජනතාව වෙනුවෙන් ඉතාමත් ආකර්ශනීය සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් තිළිණ කරමින් ආපිකෝ විසින් සිය නවතම පරිසර හිතකාමී මහා පරිමාණ සුපිරි වෙළඳසැල කොහුවල විවෘත කර තිබේ.

අංක 89, එස්.දඑස්. ජයසිංහ මාවත, කොහුවල යන ලිපිනයේ විවෘත කර තිබෙන මෙම ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව ආපිකෝ විසින් විවෘත කර තිබෙන 20 වන සුපර් සෙන්ටර් වෙළඳසැලයි. මෙම සුපිරි වෙළඳසැලේ පාරිභෝගිකයින් සඳහා වර්ග අඩි 25,000 ක පමණ ඉඩකඩක් තිබෙන අතර එම ඉඩකඩ තුළ ආපිකෝ සුපිරි වෙළඳසැල් වලට අනන්‍ය වන පරිදි ඉතාමත් ආකර්ශනීය ලෙස භාණ්ඩ ප‍්‍රදර්ශනය කර තිබීම කැපී පෙනේ.

මෙම සුපිරි වෙළඳසැලේ පරිසර හිතකාමීත්වය පිළිබඳව අදහස් දක්වමින් ආපිකෝ සඳහන් කරන්නේ මෙය ශ‍්‍රී ලංකාවේ තිබෙන වඩාත්ම පරිසර හිතකාමී අන්දමින් නිර්මාණය කර තිබෙන සුපිරි වෙළඳසැලක් බවයි.

මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ශෙලී විිටිං මෙනෙවිය විසින් මෙම ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව විවෘත කරන ලදී. මෙහි තිබෙන භාණ්ඩ අතරට වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), නැවුම් ආහාර, ගේ දොර උපකරණ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහභාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 40ල000 කට වඩා අයත් වේ.

එක්වරකට වාහන 50 කට වැඩි ප‍්‍රමාණයක් ගාල් කිරීමේ පහසුකම් සහිත මෙම සුපිරි වෙළඳසැල තුළ ඔසු සැලක්, බේකරියක් සහ බිල්පත් ගෙවීමේ පහසුකම්ද තිබෙන අතර කොහුවල ප‍්‍රදේශයේ සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගික ජනතාවට ඉතාමත් සුවපහසු වෙළඳපොළක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

මෙම නව සුපර්සෙන්ටර් ශාඛාව මගින් විදහා දක්වන්නේ මෙරට පරිසර හිතකාමී සුපිරි වෙළඳසැල් අංශයේ ප‍්‍රමුඛයා වීමට ආපිකෝ තුළ තිබෙන උත්සාහයයි. මෙම සුපිරි වෙළඳසැලේ සවිකර තිබෙන සූර්ය පැනල මගින් 107 kWp පිරිසිදු බලශක්තියක් උත්පාදනය කරන අතර වාර්ෂිකව ගිගාවොට් පැය 02 (2GWh) ක විදුලිය බලයක් නිපදවීමට මෙය සමත්වේ. මෙහි සවිකර තිබෙන ඉන්වටර් මාදිලියේ CFC (CFC Free) රහිත වායු සමීකරණ පද්ධති සහ ශීතකරණ පද්ධති විදුලි බලය ඉතිරි කරන අතර ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීමටද ඒවායින් සහයෝගයක් ලැබේ. මෙම සුපිරි වෙළඳසැලේ තිබෙන ජල පවිත‍්‍රාගාරය මගින් භාවිතා කරන ලද ජලය පිරිසිදු කර නැවත ප‍්‍රයෝජනය සඳහා භාවිතා කරයි.

මීට අමතරව, ඉතාමත් කාර්යක්ෂම LED විදුලි බුබුළු මෙන්ම විදුලිය භාවිතය අවම කරන උපකරණ සහ ක‍්‍රියාවලි රැසක් මෙම සුපිරි වෙළඳසැල තුල භාවිතා කර ඇත.

මේ වනවිට ආපිකෝ සුපර්සෙන්ටර්ස් සහ සුපර්ස්ටෝර්ස් 20 ක්, ප‍්‍රදර්ශනාගාර 16 ක් සහ ආපිකෝ ඬේලි මිනි සුපිරි වෙළඳ සැල් 23 ක් දිවයින පුරා පිහිටුවා තිබේ. සමාගමේ ප‍්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ සුපර්සෙන්ටර්ස් තුළින් වාහන නතර කිරීමේ ඉතා විශාල ඉඩකඩක්, බිල්පත් ගෙවීමේ සහ බැංකු පහසුකම් ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩල ගේ දොර හා ඉලෙක්ට්‍රොනික උපකරණ, මුළුතැන් ගේ උපකරණ, ගෘහ භාණ්ඩ සහිත දැවැන්ත නිෂ්පාදන මාලාවක් එකම වහළක් යටින් ලබාදෙන්නේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පහසු සාප්පු සවාරි අත්දැකීම ලබාදෙන පොරොන්දුව ද සමගිනි.

මෙරට සිල්ලර වෙළඳාමේ ප‍්‍රමුඛයා වන ආපිකෝ විසින් නිර්මාණය කර තිබෙන අති නවීන ‘ඊ-සුපර්සෙන්ටර්’ නැමති අන්තර්ජාල සාප්පු සවාරි වෙබ් අඩවිය ඔස්සේ ආපිකෝ සුපිරි වෙළඳසැල් සයිබර් අවකාශයට මේ වනවිට පිවිස ඇති අතර මෙම වෙබ් අඩවියට ලෝකයේ ඕනෑම රටක සිට පැය 24 පුරාම පිවිසිය හැකිය.