SLS තත්ත්ව සම්මානය ලද ස්ථර තුනකින් යුතු තේ ඇසුරුමක් හඳුන්වා දෙමින් St. Regis වනාන්තර ආරක්ෂා කිරීමට සහයෝගය ලබාදෙයි Featured

Published in අලෙවිකරණ
වමේ - ස්ථර තුනකින් යුතු නව ඇසුරුම පිළිබඳව කාබන් කන්සල්ටිං සමාගම විසින් සිදුකළ තක්සේරුව ගැන සිදුකළ ඉදිරිපත් කිරීම (වමේ සිට) කාබන් කන්සල්ටිං සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, සනිත් ද එස්. විජේරත්න මහතා, සෙන්ට් රෙජීස් පැකේජින්ග් සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ ප‍්‍රධානී, වසන්ත වණිගසූරිය මහතා, එම සමාගමේ නිෂ්පාදන කළමනාකරු, චානක අතුකෝරල මහතා සහ නිෂ්පාදන කළමනාකරු, ඩිලාන් ශ‍්‍රී චන්ද්‍රසේකර මහතා (දකුණේ)- ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ටී.ජී. ගාමිණී ධර්මවර්ධන මහතා (දකුණේ) ස්ථර තුනකින් යුතු කඩදාසි ඇසුරුම වෙනුවෙන් හිමි ප‍්‍රමිති සහතිකය වසන්ත වණිගසූරිය මහතා වෙත භාරදෙයි. වමේ - ස්ථර තුනකින් යුතු නව ඇසුරුම පිළිබඳව කාබන් කන්සල්ටිං සමාගම විසින් සිදුකළ තක්සේරුව ගැන සිදුකළ ඉදිරිපත් කිරීම (වමේ සිට) කාබන් කන්සල්ටිං සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, සනිත් ද එස්. විජේරත්න මහතා, සෙන්ට් රෙජීස් පැකේජින්ග් සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ ප‍්‍රධානී, වසන්ත වණිගසූරිය මහතා, එම සමාගමේ නිෂ්පාදන කළමනාකරු, චානක අතුකෝරල මහතා සහ නිෂ්පාදන කළමනාකරු, ඩිලාන් ශ‍්‍රී චන්ද්‍රසේකර මහතා (දකුණේ)- ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ටී.ජී. ගාමිණී ධර්මවර්ධන මහතා (දකුණේ) ස්ථර තුනකින් යුතු කඩදාසි ඇසුරුම වෙනුවෙන් හිමි ප‍්‍රමිති සහතිකය වසන්ත වණිගසූරිය මහතා වෙත භාරදෙයි.

තේ තොග වශයෙන් ඇසුරුම් කිරීමට නිෂ්පාදනය කරන රිජිඩි ටී සැක්ස් සහ මල්ටිවෝල් පේපර් සැක්ස් සඳහා SLS තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ශ‍්‍රී ලංකාවේ පළමු සමාගම වන සෙන්ට් රෙජීස් පැකේජින්ග් (St. Regis Packaging) සමාගම විසින් මෙරට තේ කර්මාන්තය පරිසරය ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයට සහයෝගය ලබාදෙමින් පරිසරයට සිදුවන අයහපත් බලපෑම කැපී පෙනෙන ලෙස අඩුකරන නව ඇසුරුමක් දියත් කර තිබේ.

නවෝත්පාදනයක් ලෙස මෙම නව ඇසුරුම සෙන්ට් රෙජීස් පැකේජින්ග් සමාගම විසින් හඳුන්වා දෙන්නේ මෙරට තේ කර්මාන්තයට වසර 150 ක් පිරීමට සමගාමීවය.

ආයතනික තිරසාර විසඳුම් සම්පාදනයේ ප‍්‍රමුඛයෙකු වන කාබන් කන්සල්ටින්ග් කම්පනි (CCC) විසින් සිදුකළ තක්සේරුවකින් අනාවරණය කර තිබෙන්නේ සෙන්ට් රෙජීස් පැකේජින්ග් සමාගම විසින් හඳුන්වා දී තිබෙන ස්ථර තුනකින් (three-ply) යුතු මෙම කඩදාසි ඇසුරුම සඳහා කඩදාසි අඩුවෙන් භාවිතා කරන නිසා කඩදාසි නිෂ්පාදනය සඳහා කැපිය යුතු ගස් ප‍්‍රමාණය අඩුවී එමගින් පරිසරය ආරක්ෂා කිරීමට සහයෝගයක් ලැබෙන බවයි.

ඇස්තමේන්තු කර තිබෙන ආකාරයට ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසරකට අවශ්‍ය මිලියන තුනක පමණ මල්ටිවෝල් පේපර් සැක්ස් නිෂ්පාදනය කිරීම සඳහා මෙටි‍්‍රක් ටොන් 2,000 ක පමණ කඩදාසි ලංකාවට ආනයනය කරයි. මෙම නවෝත්පාදනය හේතුවෙන් තිබූ ගුණාත්මක තත්ත්වයෙන්ම යුතුව එම ප‍්‍රමාණයම නිපදනවන විට 15% ක් අඩුවෙන් කඩදාසි භාවිතා වන බව සමාගම සඳහන් කරයි.

මෙම නව පදනම අනුව නිෂ්පාදනය හේතුවෙන් වසරකට ටොන් 4.2 කට ආසන්න කාබන් ඩයොක්සයිඞ් වායූන් ප‍්‍රමාණයක් පරිසරයට මුදා හැරීම වැලකී යනු ඇත.

‘පරිසරය ආරක්ෂා කර ගැනීමට උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ සුපිරිසිදු තේ මිලදීගන්නා වෙළඳපොළවල් වෙත මෙරට තේ අපනයනය කිරීමට මෙමගින් විශාල සහයෝගයක් ලැබෙනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙන්ට් රෙජීස් පැකේජින්ග් විකුණුම් සහ අලෙවිකරණ ප‍්‍රධානී, වසන්ත වණිගසූරිය මහතා පැවසීය. ‘අපගේ නිෂ්පාදනය වඩාත් පරිසර හිතකාමී බව අපි දැනගෙන සිටියා. මෙහි වැදගත්කම වන්නේ ඒ බව ගෝලීයව කීර්තියට පත් ස්වාධීන ආයතනයක් විසින් සහතික කිරීමයි. අපි ලබාගත් අනිකුත් සහතික කිරීම් මෙන්ම මෙම සහතිකය මගින්ද අපගේ ගැනුම්කරුවන් වෙත හොඳ සුරක්ෂිතභාවයක් ලැබෙනවා.’

‘ඉදිරියටම ගමන් කරමින් අපගේ නිෂ්පාදන මගින් වෙළඳ පොළේ කැපී පෙනෙන වෙනසක් කිරීමට අපි කැපවන අතරම අපගේ සමස්ත නිෂ්පාදන කළඹ තිරසාරත්වයට පත්කිරීම සඳහා අපගේ කණ්ඩායම අඛණ්ඩවම කැපවී සිටිනවා. අපගේ මෙම නවෝත්පාදනය පිළිබඳව ධනාත්මක ප‍්‍රතිචාරයක් දක්වමින් මේ සඳහා සහයෝගය ලබාදුන් කාබන් කන්සල්ටින්ග් කම්පනි කණ්ඩායමටත් අපි ස්තූතිය පුදකරනවා.’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

සෙන්ට් රෙජීස් පැකේජින්ග් (St. Regis Packaging) සමාගම විසින් හඳුන්වා දුන් මෙම ඇසුරුම සඳහා SLS තත්ත්ව සහතිය ප‍්‍රදානය කළ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ගාමිණී ධර්මවර්ධන මහතා විසින් සමාගම නිෂ්පාදන සංවර්ධනය කිරීමට කර තිබෙන කැපවීම මෙහිදී අගය කරන ලදී. එසේම, මෙරට තේ කර්මාන්තයේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් තම නිෂ්පාදන දියුණු කිරීමට සමාගම විසින් දක්වන අඛණ්ඩ දායකත්වය පිළිබඳව ප‍්‍රශංසා කිරීමටද ධර්මවර්ධන මහතා කටයුතු කළේය. ‘මෙරට ඇසුරුම් කර්මාන්තයේ මිණුම් ලකුණක් වෙමින් සෙන්ට් රෙජීස් සමාගම විසින් ගෙන තිබෙන නායකත්වය පිළිබඳව මා අගය කරනවාල’ යනුවෙන් ධර්මවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රිජිඞ් ටී සැක්ස් (Rigid T Sack) හඳුන්වාදීමට අමතරව, සෙන්ට් රෙජීස් පැකේජින්ග් සමාගම විසින් මෙරටට බොහෝ දේ පළමුවෙන්ම හඳුන්වා දී තිබේ. ලෝකයේ දැනට තිබෙන ආහාර ඇසුරුම්කරණයේ ඉහළම සහතිකය වන FSSC22000 සහ ISO22000:2005 සහතිකය ලබාගත් තේ සඳහා තොග ඇසුරුම් නිෂ්පාදනය කරන ලෝකයේ පළමු සමාගම වන්නේ මෙම සමාගමයි.