ගෙස්ටෙට්නර් Pick 2 Win තරගයේ අවසන් මහා ත්‍යාග දිනූ ජයග‍්‍රාහකයෝ නම් කෙරෙති Featured

Published in අලෙවිකරණ
ගෙස්ටෙට්නර් Pick 2 Win  තරගයේ අවසන් මහා ත්‍යාග දිනූ වේයන්ගොඩ මාරපල විද්‍යාලයේ එස්. ඒ. එස්. පුෂ්පකුමාර තමන්ට හිමි ත්‍යාගය (සියලූ වියදම් පියවූ විදේශ සංචාරයක්) ගෙස්ට්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ චන්දිම පෙරේරා මහතා අතින් ලබාගත් අවස්ථාව ගෙස්ටෙට්නර් Pick 2 Win තරගයේ අවසන් මහා ත්‍යාග දිනූ වේයන්ගොඩ මාරපල විද්‍යාලයේ එස්. ඒ. එස්. පුෂ්පකුමාර තමන්ට හිමි ත්‍යාගය (සියලූ වියදම් පියවූ විදේශ සංචාරයක්) ගෙස්ට්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ චන්දිම පෙරේරා මහතා අතින් ලබාගත් අවස්ථාව

ගෙස්ටෙට්නර් සමාගම විසින් පවත්වන ලද 'Pick 2 Win' තරගයේ අවසන් මහා ත්‍යාග දිනූ ජයග‍්‍රාහකයන් නම් කිරීමට එම සමාගම විසින් පසුගියදා කටයුතු කරන ලදි. දිවයින පුරා පිහිටි ගෙස්ටෙට්නර් අලෙවිසල්වලින් භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයන් මෙම තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර තරගය තුළදී ත්‍යාග 100 කට අධික සංඛ්‍යාවක් පිරිනමන ලදි. සියලූ වියදම් පියවූ විදේශ සංචාර, 'Full Board' ක‍්‍රමයට සුඛෝපභෝගී හෝටලයක නිවාඩුවක් ගතකිරීමේ අවස්ථාව, ත්‍යාග ලෙස ජංගම දුරකථන, ගෙස්ටේට්නර් භාණ්ඩ නඩත්තු කිරීමේ ගිවිසුම්, නොමිලේ මුද්‍රණ ද්‍රව්‍ය (ටෝනර්, ඉන්ක්, කාට්රිජ් හා මාස්ටර් රෝල්* ඇතුළු තවත් ත්‍යාග රැුසක්ද මෙම ත්‍යාග අතරට ඇතුළත් විය.

කාර්යාලීය ලිපිලේඛන අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් සපයන ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී (Gestetner of Ceylon PLC) සමාගම පවසන්නේ වසර 70 කට අධික කාලයක් තිස්සේ තමන් හා සමීපව අත්වැල් බැඳගෙන හිඳිමින් සමාගමේ RICOH නිෂ්පාදන හා සේවා භාවිතා කරන පාරිභෝගිකයන් ඇගයීමට ලක්කිරීමේ ක‍්‍රමයක් ලෙස මෙම තරගය සංවිධානය කිරීමට තමන් කටයුතු කළ බවයි. 1964 දී කොටස් වෙළඳපොළ සමග එක්වූ සමාගමක් ලෙස ලැයිස්තුගත වූ දිනයේ සිට, ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගම් තුන අතරින් එකක් ලෙස ගෙස්ටෙට්නර් මෙරට පාරිභෝගික කාණ්ඩ රැුසකට නිෂ්පාදන හා සේවාවන් සපයා තිබේ. එදා පටන්ම මෙරට විශාලතම සමාගම් හා ආයතන රාශියක් ලිපිලේඛන කළමනාකරණ විසඳුම් සම්බන්ධයෙන් ගෙස්ටෙට්නර් කෙරෙහි විශ්වාසය තබා ඇති අතර එම නිසා පසුගිය වසර කිහිපය තුළ වසරින් වසරට අඛණ්ඩ වර්ධනයක් අත්පත් කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි.

මෙම තරගය සඳහා විශාල පාරිභෝගිකයන් පිරිසක් සුදුසුකම් ලබා සිටි අතර සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ප‍්‍රාදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව අවසන් මහා දිනුම් ඇදීම සිදුකරන ලදි. දිනුම් ඇදීමෙන් පසුව සමාගමේ නිලධාරීන් ජයග‍්‍රාහකයන්ට සිය හෘදයාංගම සුභපැතුම් පිරිනැමූ අතර, විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් සිය ස්තූතියද පළකළේ ය. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සමාගම කුඩා පරිමාණයේ ව්‍යාපාර මෙන්ම මහා පරිමාණ සමාගම් හා ආයතන දක්වාම ලිපිලේඛන සේවා විසඳුම් සම්පාදනය කිරීම් අතින් තම තරගකරුවන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටීමට සමත් වී ඇති බවයි.

නියම RICOH නිෂ්පාදන මිලදීගැනීමට තම පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීම සඳහා 'Hologram' ස්ටිකරයක් හඳුන්වා දීමටද ගෙස්ටෙට්නර් සමාගම පසුගිය වසරේදී කටයුතු කළේ ය. මෙම ස්ටිකරයේ සූරන කොටස සූරා එහි ඇති කේතය, ලබා දී ඇති දුරකථන අංකයට ීඵී කිරීමෙන් එය ගෙස්ටෙට්නර් නිෂ්පාදනයක්ද යන්න තහවුරු කරගත හැකි වේ. මෙය නිෂ්පාදනයක අව්‍යාජ බව හඳුනාගැනීමට ඇති කාර්යක්ෂම ක‍්‍රමයක් බව පෙන්වා දෙන ගෙස්ටෙට්නර් සමාගම, අව්‍යාජ නිෂ්පාදන පමණක් භාවිතා කිරීමෙන් තම උපකරණ හා උපාංග උපරිම ක‍්‍රියාකාරීත්වයෙන් පවත්වාගත හැකි බව අවධාරණය කරයි. කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටා ඇති ගෙස්ටෙට්නර් අලෙවි කවුන්ටරය සතියේ දින පහ තුළ සහ සති අන්තයේ දින භාගයක් විවෘතව පවතින අතර පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් දිවයින පුරා පිහිටි ගෙස්ටෙට්නර් අලෙවි නියෝජිතයන් අමතා වැඩිදුර තොරතුරු හා සේවාවන් ලබාගත හැකි වේ.

ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම මේ වනවිට වේගයෙන් පුළුල් වෙමින් පවතින අතර වැඩි වැඩියෙන් නිෂ්පාදන හා සේවාවන් මෙරටට හඳුන්වා දීමට එම සමාගම කටයුතු කරමින් සිටී. සිය ප‍්‍රධානතම සන්නාමයට අයත් RICOH නිෂ්පාදනවලට අමතර ප‍්‍රධාන සමාගම යටතේ නිෂ්පාදන හා සේවා සම්පාදනය සඳහා නෂුආ ලංකා (පුද්.) සමාගම (ගෙස්ටෙට්නර් ඕෆ්සෙට්) සහ ගෙස්ටෙට්නර් ප‍්‍රින්ටින් සර්විසස් (පුද්.) සමාගම (ගෙස්ටෙට්නර් සේවා බැහැරදීම් අංශය) යන සමාගම් මේ වනවිට ස්ථාපිත කර ඇත.