පැල්වත්ත බටර් සමග සෞඛ්‍ය සම්පන්න අලූත් අවුරුද්දක්

Published in අලෙවිකරණ

2017 මාර්තු 17, කොළඹ: අපේ‍්‍රල් මාසය ආසන්න වන විටම මෙරට බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයයි. මෙම කාලය නොයෙකුත් සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර, කෙළි සෙල්ලම් මෙන්ම කැවිලි පෙවිලි වලින් පිරී ඉතිරෙන කාලයකි.

මෙම රසකැවිලි නිවසේ සෑදුවද, වෙළඳපොලෙන් මිලදී ගත්තද ඒවා කොලෙස්ටරෝල් අධික ආහාර වන බැවින් ඒවායින් සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකි බව රහසක් නොවේ. කෙසේ වුවද මෙම කැවිලි පෙවිලි වලට අනිවාර්යයෙන් යෙදිය යුතු අමුද්‍රව්‍ය වලින් සෞඛ්‍යයට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඒ වෙනුවට විකල්ප භාවිතා කිරීමේ අවස්ථාව දැන් උදා වී ඇත.

මෙසේ විකල්ප භාවිතා කළ හැකි එක් අවස්ථාවක් වන්නේ මාජරින් වෙනුවට පහසුවෙන් ලබාගත හැකි බටර් භාවිතා කිරීමයි. බටර් යනු මාජරින් වලට වඩා සෞඛ්‍යයට හිතකර ආහාර වර්ගයක්ද යන්න විවාදාපන්න මාතෘකාවක් වන අතර, වසර ගණනාවක් තිස්සේ පර්යේෂකයන් මේ ගැන පර්යේෂණ සිදුකර ඇත. ්‍Harvard Health Publications මගින් ප‍්‍රකාශයට පත්කර ඇති පර්යේෂණයකට අනුව 'බටර් වෙනුවට මාජරින් භාවිතය මගින් හෘදයාබාධ හෝ හෘද රෝග ඇතිවීමේ ඉඩකඩ අඩුවන බවක් නිශ්චිතව පැවසීමට හැකි සාක්ෂි ලැබී නොමැත.' එමෙන්ම මාජරින්වල අඩංගු ට‍්‍රාන්ස් මේද අම්ල (Trans fats) සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර බව ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

තණකොළ ආහාරයට ගෙන වැඩෙන එළදෙනුන්ගෙන් දොවාගත් කිරි වලින් සාදනු ලබන බටර් වැඩි පෝෂණ ගුණයකින් යුක්ත බව නවතම පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. දැනට රටේ බටර් නිපදවන සමාගම් කොතෙක් තිබුණද වඩාත් සුදුසු වන්නේ කිරි පිටි වෙනුවට නැවුම් කිරි යොදාගෙන, අතිරේක ද්‍රව්‍ය එක් නොකර බටර් නිෂ්පාදනය කරනු ලබන සමාගමක නිෂ්පාදන මිලදී ගැනීමයි.

දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත කිරි සමාගම කිරි පිටි, යෝගට් සහ බටර් ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. නිෂ්පාදන වලදී ස්වාභාවිකත්වයට මුල්තැන දීම සම්බන්ධයෙන් එම සමාගම විශාල ප‍්‍රසිද්ධියක් උසුලයි.

හේතු රැුසක් නිසා පැල්වත්ත බටර් ස්වාභාවික නිෂ්පාදනයක් ලෙස සලකනු ලැබේ. ඒවා නිපදවනු ලබන්නේ නැවුම් කිරි වල මේදය යොදාගෙන, කල්තබාගැනීමේ ද්‍රව්‍ය එක්කිරීමකින් තොරව ය. නැවුම් කිරිවල 4% ත් 5% ත් අතර ප‍්‍රමාණයක් මේදය අඩංගු වන අතර බටර් නිෂ්පාදනයේදී මෙම ප‍්‍රතිශතය ඉහළ යයි. පැල්වත්ත බටර් නිෂ්පාදනය කිරීමේදී මෙසේ මේද ප‍්‍රතිශතය ඉහළ යාම පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් භාවිතා කරනු ලබන අතර මෙය පැල්වත්ත බටර් වඩාත් ස්වභාවික නිෂ්පාදනයක් ලෙස සලකනු ලැබීමට තවත් හේතුවකි.

ලූණු දැමූ සහ ලූණු නොදැමූ බටර් වර්ග නිෂ්පාදනය කරන පැල්වත්ත සමාගම ඒවා සාමාන්‍ය ප‍්‍රමාණයේ ඇසුරුම් ලෙස මෙන්ම විශාල ප‍්‍රමාණයේ ඇසුරුම් ලෙසද අලෙවි කරයි. පැල්වත්ත බටර් යනු දැනට වෙළඳපොළේ පවතින, සහනදායී මිලකට ලබාගත හැකි, උසස් තත්ත්වයෙන් යුතු, දේශීය බටර් වර්ගය ලෙස හැඳින්විය හැක.

අවුරුදු සමයේ වඩාත් සෞඛ්‍ය සම්පන්න අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කළ හැකි පැල්වත්ත බටර් පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 0112 452094 අංකය අමතන්න.