සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම, නැෂනල් PVC බෙදාහැරීම් නියෝජිත ජාලය පුළුල් කරමින් කල්මුණේට නව නියෝජිතයෙකු පත් කෙරේ. Featured

Published in අලෙවිකරණ
කල්මුණේ නගරයට නව බලයලත් බෙදාහැරීම් නියෝජිතවරයෙකු පත්කිරීමෙන් පසු නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය, රවුෆ් හකීම් මහතා සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග කල්මුණේ නගරයට නව බලයලත් බෙදාහැරීම් නියෝජිතවරයෙකු පත්කිරීමෙන් පසු නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය, රවුෆ් හකීම් මහතා සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ජලනල හා උපාංග වෙළඳනාමයකවන 'නැෂනල් PVC නිපදවන සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් PLC සමාගමේ නවතම බලයලත් බෙදාහැරීමේ නියෝජිත ආයතනය ලෙස කල්මුණේ යුනයිටඞ් ටේ‍්‍රඩර්ස් (අංක 121, අම්පාර පාර, සමන්තුරේ) නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය, රවුෆ් හකීම් මහතාගේ අතින් පසුගියදා විවෘත කෙරුණි.

දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලූමට ඉක්මන් විසඳුම් සැපයීමේ අරමුණෙන් සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම දියත් කළ බෙදාහැරීම් නියෝජිත ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ මෙම නව බෙදාහැරීමේ නියෝජිත ආයතනය කල්මුණේ නගරයේ විවෘත කෙරුණි. එමගින් කල්මුණේ හා ඒ අවට ප‍්‍රදේශයේ පිහිටි හාඞ්වෙයාර් ආයතන, ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන් හා නිවාස ඉදිකරන්නන්ට ප‍්‍රමිතියෙන් උසස් නැෂනල් PVC ජලනල හා උපාංග නොපමාව සැපයීමට සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමට හැකිවනු ඇත.

නැෂනල් PVC නිෂ්පාදන බලයලත් බෙදාහැරීමේ නියෝජිතවරයෙකු කල්මුණේ නගරයට පත්කිරීමේ උත්සවයට සහභාගී වූ සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සාමාන්‍යාධීකාරී, මයුර රූපතුංග මහතා පැවසුවේ, 'වර්තමානයේ බහුලව ඉදිකිරීම් සිදු කෙරෙන නැගෙනහිර පලාතේ පාරිභෝගිකයන් හා ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන්ට අවශ්‍යවන තත්ත්වයෙන් උසස් නැෂනල් ඡුඪක්‍ ජලනළ හා උපාංග නොපමාව සැපයීම අප සමාගමේ වගකීමක්. විශේෂයෙන්ම නැෂනල් PVC ජලනළ හා උපාංග කෙරෙහි පමණක්ම විශ්වාසය තබන පාරිභෝගිකයන්ට ඉක්මණින් හා අවම ප‍්‍රවාහන පිරිවැයකින් තම අවශ්‍යතා ලබාගැනීමට මෙම නව බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් හැකිවනු ඇත. එමෙන්ම කල්මුණේ ප‍්‍රදේශයේ කා අතරත් විශ්වාසය දිනූ ව්‍යාපාරිකයෙකු අපේ බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා ලෙසින් පත් කළා සේම ඉදිරියේදීත් තවත් බෙදාහැරීම් නියෝජිතයන් රැසක්ම පත්කිරීමට නියමිතයි.' යන්නය.

ශී‍්‍ර ලංකාවේ PVC ජලනල නිෂ්පාදන සමාගම් අතර පළමුවරට PVC ජලනල සඳහා SLS 147 හා PVC උපාංග සඳහා SLS 659 ප‍්‍රමිති සහතික හිමි කරගත් සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම, එයට අමතරව සොල්වන්ට් සිමෙන්ට්, වැහිපීලී, ඉලෙක්ටි‍්‍රකල් කන්ඩියුට්, PE ජලනල, PE වතුර ටැංකි, පැල්ලම් නොබැඳෙන වානේ ටැංකි, සෙප්ටික් ටැංකි, උද්‍යාන ජලනළ, නැෂනල් කොම්පැක්ට් බෝල් වෑල්ව් හා කි‍්‍රප්ටන් විදුලි ස්විච හා උපාංග නිපදවනු ලැබේ. සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටීස් සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට 30 වසරකට වැඩි කාලයක් දායකත්වය සැපයූ සමාගමකි