චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගම අටවන ශාඛාව නුගේගොඩදී විවෘත කරයි. Featured

Published in අලෙවිකරණ

 ශී‍්‍ර ලංකාවේ චීන අවන්හල් ව්‍යාපාරයේ පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමවන 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම' (Chinese Dragon Cafe (Pvt) Ltd) තම ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ තවත් නවතම අවන්හලක් පසුගියදා විවෘත කෙරුණි. ඒ එම සමාගමේ අටවන ශාඛාව පසුගියදා නුගේගොඩදී (242, හතේ කණුව, හයිලෙවල් පාර, නුගේගොඩ* එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමෙනි. සම්ප‍්‍රදායික හා නවීන චීන ආහාර වට්ටෝරු සමගින් වැඩි ඉඩකඩ සහිතව නුගේගොඩ විවෘත කෙරුණු මෙම නව 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ' චීන අවන්හල ආහාරගැනීමේ කලාවේ වෙනස් මුහුණුවර විවිධ ආහාර සමගින් රසවිඳීමේ අවස්ථාව සපයන්නකි.

චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගමේ දැක්ම වන්නේ තම අවන්හල් කි‍්‍රයාත්මකවන සෑම ස්ථානයකම පි‍්‍රයතම ආහාර අත්දැකීම බවට පත්වීමය. චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් දාමයේ ගමන ඇරඹුණේ 1942දී බම්බලපිටියේ අවන්හලක් අරඹමිනි. 75 වසරක් පුරා එම බම්බලපිටියේ චයිනීස් ඩ‍්‍රැගන් අවන්හල ආහාර රසවිදින්නන්ගේ අගනුවර පි‍්‍රයතම චීන අවන්හලකි. චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් දාමයේ දෙවැන්න 2007දී ගල්කිස්සේදී ඇරඹුණු අතර පසුව 2015දී රත්මලාන ගාලූ පාරේදී නැවත විවෘත කෙරුණි. එතැන් සිට චයිනීස් ඩ‍්‍රැගන් අවන්හල් දාමයේ තෙවැන්න 2010 වසරේදී රාජගිරියේදීද, සිව්වැන්න කොළඹ කොටුව පැරණි ඕලන්ද රෝහල් සංකීර්ණය ආසන්නයේදී විවෘත කෙරුණි. එයින් පසු හැඳල තම ප‍්‍රධාන කාර්යාලය පිහිටු වූ චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගම තම පස්වනි අවන්හල 2014දී වත්තලදීද, සයවන අවන්හල 2016දී පැලවත්තේදී හා සත්වැන්න මෑතකදී නාවලදීද විවෘත කෙරුණි.

පාරිභෝගික අදහස්වලට සැමවිටම සවන්දෙන චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගමේ අවන්හල්වල සේවාව හා ආහාර සම්බන්ධයෙන් යෝජනා හා විවේචන තම සමාජ වෙබ් අඩවිය, විද්‍යුත් තැපෑල හා දුරකතන ඇමතුම් මගින් පාරිභෝගිකයන්ට සැපයීමේ අවස්ථාව සපයා තිබේ. එමෙන්ම පාරිභෝගික සම්බන්ධතාවට පි‍්‍රය එම සමාගමේ ආහාර තම ජංගම දුරකතනය භාවිතා කරමින් හෝ www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාල ගෙවීමකින් හෝ රැගෙන ආ පසු මුදල් ගෙවීමේ පදනමින් ආහාර ඇණවුම්කිරීමට හැක. චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ facebook පිටුව රසිකයන් 155,000කට වැඩි සංඛ්‍යාවක් කදිම සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් භාවිතාකරන්නක් වන අතර නුදුරු අනාගතයේදී Google Virtual Tour ප‍්‍රයෝජනයට ගනිමින් 'මතක හිටින කෑමක්' (Meal to Remember) රස විඳීමට චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් හි පහසුකම් දැකබලාගැනීමට ආහාර රස විඳින්නන්ට හැකියාව ලැබේ.

නුගේගොඩ නවතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල විවෘතකිරීමේ අවස්ථාවට එක් වූ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නයිෂාද් උදේශී මහතා පැවසුවේ, 'අප සමාගම මීළග අවන්හල නුගේගොඩ නගරයේ ඇරඹීමට හේතුවූයේ මෙම වසර මුලදී නාවල ඇරඹූ අවන්හල බොහෝ සාර්ථකත්වයට පත්වීමෙන්. විශේෂයෙන්ම නාවල හා පැලවත්තේ අවන්හල් සතිඅන්තයේ පාරිභෝගිකයන්ගෙන් පිරීයෑමෙන් සිදුවන ප‍්‍රමාදය අවමකිරීමේ උත්සාහයක් ලෙසිනුයි. එම අවන්හල්වල සිදුවන පමාවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් facebook ඇතුළු සමාජ මාධ්‍ය තුළින් අදහස් දැක්වීමෙන් අප නුගේගොඩට පැමිණීම ඉක්මන් වූවා. එහෙයින් නුගේගොඩ චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හලෙන් හයිලෙවල් පාරේ පිහිටි කාර්යාල, අවට උගනින ශිෂ්‍යයන් හා නුගේගොඩ, කිරුළපන, විජේරාම, මහරගම හා පැපිලියාන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට රස ආහාර වේලක අත්දැකීම පහසුවෙන් ලබාගත හැකිවෙනවා. එමෙන්ම ඉතා උසස් ආහාර වේලක් පාරිභෝගිකයන්ට සපයන අපේ කාර්ය මණ්ඩලයට මෙහිදී මා විශේෂයෙන්ම ස්තුතිවන්තවන අතර, දැනටමත් 300ක සේවක පිරිසක් අප සමග එක්ව සිටිනවා. නව අවන්හලක් විවෘත කෙරෙන සෑම වරෙකම තවත් 30 දෙනෙකුවත් අප සමාගමට එක්වනවා. එහෙයින් 'මතක හිටින කෑමක්' සඳහා චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල මතක තබාගන්නැයි මා අවසන් වශයෙන් පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා.' යන්නය.

'මතක හිටින කෑමක්' නම් තේමා පාඨයෙන් පාරිභෝගිකයන්ට 'රසය' මතකයේ රැුඳෙන ආහාර සැපයීමෙහි කීර්තියක් උසුළන 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම' සැමවිටම උත්සාහ කරන්නේ කාටත් දැරිය හැකි මිලකට පිසූ සැනින් නැවුම් ආහාර පාරිභෝගිකයන් අතට තිළිණ කිරීමටය. එම අවන්හල්වල රුපියල් 50 සිට ඉහළට සියලූ පාරිභෝගික අවශ්‍යතාවට අනුව ආහාර සැපයේ. එමෙන්ම නිර්මාංශික ආහාර, සීනි එක් නොකළ නැවුම් පළතුරු යුෂ, මිල්ක් ෂේක් හා අයිස්කී‍්‍රම් වර්ග පසුගිය වසරේ සිට තම ආහාර නාමාවලියට 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ' සමාගම විසින් එක් කර ඇත. පැයක් ඇතුළතදී අලූතෙන් පිසූ නැවුම් ආහාර අවන්හල අවට ඇණවුම්කරුවන්ට බෙදාහරින 'චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ' සමාගම පාරිභෝගිකයන් සංතෘප්තවන ආකාරයෙන් ආහාරවල ගුණාත්මකබව වර්ධනයකිරීම, ප‍්‍රමාණය හා වේගවත්බව සම්බන්ධයෙන් නිරන්තර පුහුණු වැඩසටහන් තම සේවකයන් වෙනුවෙන් පවත්වනු ලබයි.

එයට අමතරව පාරිභෝගික පහසුව සඳහා චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ හි සුවිශේෂී නිෂ්පාදනයක් වන 'චිලී පේස්ට්' එම සමාගමේ අවන්හල්වලින් හා දිවයින පුරා පිහිටි කීල්ස් සුපර් හා ආර්පිකෝ සුපිරිවෙළෙඳසල්වලින් දැන් මිලදීගත හැක. එමෙන්ම නිර්මාංශික චිලී පේස්ට්ද එම සමාගම විසින් නිෂ්පාදනය කෙරේ.