එමිරේට්ස් ගුවන් සමාගම සිය යුරෝපීය ගමනාන්ත ජාලය තව දුරටත් පුළුල් කරමින් ක්‍රොඒශියාවේ සැග්‍රෙබ් නගරයට දෛනික ගුවන් සේවාවක් ජූනි මස 1 දා සිට ක‍්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇත. බොයිං 777-300 ගුවන් යානයක් යොදා ක‍්‍රියාත්මක කරන මෙම සේවාව එම නගරයට ක‍්‍රියාත්මක වන ප‍්‍රථම පුළුල් බඳක් (wide-body) සහිත ගුවන් යානය මෙය වනු ඇත.

‘‘එමිරේට්ස් ගුවන් සමාගම ක්‍රොඒශියාවෙහි වාණිජමය සම්බන්ධතාවයක් 2003 වසර සිට පවත්වාගෙන තිබෙනවා. මෙවැනි මනස්කාන්ත ගමනාන්තයන් අපගේ ජාලයට එක් කිරීම පිළිබඳව අප සතුටට පත් වෙනවාල’’ යැයි එමිරේට්ස් ගුවන් සමාගමේ විධායක උප සභාපති සහ ප‍්‍රධාන වාණිජ නිළධාරී තියරි ඇන්ටිනෝරි මහතා පැවසීය. ‘‘මෙමඟින් ඩුබායි සිට ක්‍රොඒශියාව අතර වෙළඳ සහ සංචාරක සම්බන්ධතා වර්ධනයට දායක වීමටත්ල මැදපෙරදිග සහ ආසියා - ශාන්තිකර කළාපයෙහි එමිරේට්ස් සම්බන්ධ කරන ගමනාන්ත 45 සිට එම රටට සංචාරකයින් ගෙන ඒමටත් අපට හැකි වනවා’’

දකුණු කොරියාවල ජපානයල තායිවානයල සිංගප්පූරුව සහ ඕස්ටේ‍්‍රලියාව වැනි රට වල ජාතිකයින් අතර ක්‍රොඒශියාව ජනප‍්‍රිය ව්‍යාපාරික මෙන්ම සංචාරක ගමනාන්තයකි. ඩුබායි සිට එම රටට ක‍්‍රියාත්මක කරන ගුවන් සේවාව නිසා මෙම රට වල සිට ක්‍රොඒශියාවට ගමන් කිරීම ඉතා පහසු වනු ඇත.

ව්‍යාපාරික ප‍්‍රජාවට මෙම ගුවන් සේවාව ක‍්‍රියාත්මක වීම සමඟ ගිනිකොන යුරෝපීය ප‍්‍රදේශයට ප‍්‍රවේශ වීම තවත් පහසු වනු ඇත. එමිරේට්ස් බොයිං 777 ගුවන් යානය මඟින් දිනකට ගුවන් භාණ්ඩ ටොන් 16ක් ප‍්‍රවාහනය කිරීමටද අවකාශය ලැබෙනු ඇත.

ඩුබායි සිට සැග්‍රෙබ් නගරයට ක‍්‍රියාත්මක කිරීමට නියමිත EK129 ගුවන් සේවාව දිනපතා පැය 08.15 ට පිටත් වෙමින් පැය 12.20 ට සැග්‍රෙබ් නගරයට පැමිණෙනු ඇත. ආපසු පැමිණෙන EK130 ගුවන් සේවය දිනපතා සැග්‍රෙබ් නගරයෙන් පැය 15.35 ට පිටත් වෙමින් පැය 23.05ට ඩුබායි වෙත පැමිණෙුනු ඇත.

පන්ති තුනකින් සමන්විත බොයිං 777-300 යානයෙහි පළමු පන්තියේ ආසන 12ක්දල ව්‍යාපාරික පන්තියේ අසුන් 42ක්දල ඉකනොමි පන්තියේ ආසන 310ක්ද ඇත. එම යානයෙහි මගීන්ට නාලිකා 2500කින් සමන්විත එමිරේට්ස් සම්මානලා 'ice’ විනෝදාස්වාදක පද්ධතිය අත්විදීමට අවස්ථාවද උදා වනු ඇත.

2016 ඔක්තෝබර් මස 05 වැනිදා : ජාතික ගුවන් සේවය වන ශ්‍රි ලංකන් ගුවන් සමාගම එහි මෙහෙයුම් ප්‍රතිව්යුහගත කිරීමේ සැලසුම් ක්‍රියාදාමය ලෙස පාඩු සැලකිය යුතු මට්ටමින් අවම කිරීම උදෙසා එහි ගුවන් යානා සහ ගුවන් ගමන් මාර්ග කාර්යක්ෂම ලෙස යොදාගැනීම සඳහා කටයුතු යොදා ඇත. මෙම නව උපායමාර්ගික සැලසුම් අනුව පිරිවැය පාලනය කිරීම ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වී ඇත්තේ ගුවන් සමාගමේ වගවීම සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ පදනම මතයි. වත්මන් රජයේ සහාය ඇතිව නව ශ්‍රි ලංකන් කළමනාකාරිත්වය මගින් පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවැති යුගය නිමා කිරීම සඳහා උපාය මාර්ගික ක්‍රියා මාර්ග සහ සරල ප්‍රවේශ ඔස්සේ ගුවන් සමාගම කලාපීය ප්‍රමුඛ ගුවන් සේවයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

ගුවන් සමාගම 2016 මාර්තු මස 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය තුළ දී පසුගිය වසර හා සැසඳීමේ දී , සැලකිය යුතු වැඩි දියුණු වූ කාර්යසාධනයක් වාර්තා කර ඇත. කෙතරම් අභියෝග වලට මුහුණ දීමට සිදුවූවත් මෙම මූල්‍ය වසරේ මුල් මාස පහ තුළදී පසුගිය මූල්‍ය වර්ෂයේ මෙන් කාර්ය සාධනයේ ප්‍රවණතාවයක් පෙන්වා ඇත. පසුගිය මූල්‍ය වසර අවසානයේදී ඇ350 ගුවන් යානයක ගුවන් යානා බදු අවලංගු කිරීමට අදාළ 'එක වරක්' (‘one-off’) ගෙවීමකින් තොරව, ගුවන් සමාගම් සමූහයේ පාඩුව රුපියල් බිලියන 9.03 ක් වූ අතර , එය 2014/15 මූල්‍ය වසර හා සැසඳීමේ දී 2015/16 මූල්‍ය වසරේ 45% ක අලාභ අඩුවීමක් පෙන්නුම් කරයි. මේ අනුව ‘'එක වරක්' ගෙවීමෙන් පසු ගුවන් සමාගමේ ශුද්ධ අලාභය පසුගිය මූල්‍ය වසරේ ශුද්ධ අලාභය වන රුපියල් බිලියන 16.33 හා සැසඳීමේ දී මේ වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 11.59 ක් ලෙස වාර්තා වේ. මෙම මුල්‍ය වසරේ පළමු මාස පහ තුළ කාර්ය සාධනය 37% වර්ධනයක් පෙන්නුම් කරයි. පසුගිය මූල්යම වසරේ සමුහ අලාභය වන රුපියල් බිලියන 3.71 හා සැසඳීමේ දී මේ වසරේ සමූහ අලාභය රුපියල් බිලියන 2.53 න් අඩුවීම කාර්ය සාධනයේ වර්ධනයක් වාර්තා කරයි. මෙම කාල සීමාව සඳහා වන පොලී පිරිවැය පමණක් රුපියල් බිලියන 2.53 විය.

ඉන්ධන මිල පහත වැටීම පසුගිය මූල්යම වසරේ කාර්ය සාධනය වැඩි දියුණු කීරීම කෙරෙහි බලපෑ අතර වත්මන් මූල්‍ය වසරේ පළමු මාස පහ තුළ මෙම ප්‍රතිලාභය අප වෙතින් වියැකී යන්නේ ගුවන් සමාගමේ ආදායම් අඩුවීම නිසාය. අනෙකුත් ගුවන් සමාගම් මගින් කොළඹ වෙත ගුවන් ගමන් ධාරිතාව වැඩිකිරීම සහ ගුවන් ගමන් ගාස්තු ඇතැම් වෙළෙඳපොලවල් හි විශේෂයෙන් පහත වැටීම මීට බලපෑ ඇත. ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීම මගින් ගුවන් සමාගමේ කාර්ය සාධනය කෙරෙහි සෘණාත්මකව බලපෑ ඇත. මෙමගින් මූල්ය් වසරේ පළමු මාස 5 තුළ රුපියල් බිලියන 1.03 ක අලාභයක් සිදුවීම ද මීට හේතුවී ඇත.

ගුවන් සමාගම් සමූහයේ අලාභය වැඩිවීම කෙරෙහි බලපෑ ඇති තවත් සැලකිය යුතු සාධකයක් වන්නේ එහි විශාල මූල්‍ය පිරිවැයක් පැවතීමයි. 2016 වසරේ අගෝස්තු මස 31 වන විට බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ගෙවිය යුතු වගකීම් ඇතුළුව සමස්ත පොලී මුදල ඇමරිකානු ඩොලර් මිලියන 478.5 ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 69.7) වේ. වත්මන් මුල්‍ය වර්ෂය සඳහා වන පොලී පිරිවැය රුපියල් බිලියන 6.2 ක් ලෙස තක්සේරු කර තිබේ. ගුවන් සමාගමේ ප්රතතිව්යුිහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා රජය විසින් මෙම ණය ප්‍රමාණය කපා දමා ශේෂ පත්‍රය ප්‍රතිව්යුුහගත කිරීමට අපේක්ෂා කරන අතර එමගින් ආයතනයේ මුල්‍ය තත්ත්වය තිරසාර ලෙස වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

ගුවන් සමාගම ප්‍රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල පහසු කාර්යයක් නොවේ. මෙසේ වෙනස්කම් කිරීමෙන් පසු එය තිරසාර ආයතනයක් බවට පත්කිරිම ඊටත් වඩා අභියෝගාත්මක කාර්යයකි. එහෙයින් මෙම ව්‍යපාරයේ ඇති සංකීර්ණත්වය මත මෙම ප්‍රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල වගකීමෙන් යුතුව කොටස්හිමියන්ගේ උපදෙස් ඇතිව සිදුකරනු ලබයි.

මෙම පියවර සාර්ථකව ගැනීම සදහා ගුවන් සමාගම අදාළ රජයේ බලධාරීන් සමග සහයෝගීව 2013 වසරේ අත්සන් තබන ලද A350 ගුවන් යානා මිළදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කර ඇත. විවිධ සාධක කෙරෙහි අවධානය යොමුකිරීමෙන් පසු එනම් පවතින සහ අනාගත වෙළෙඳපොල තත්ත්ව මෙන්ම තරඟකාරීත්වය ,ගුවන් සමාගමේ පවතින උග්‍ර මූල්‍ය තත්ත්වය සහ A350 ගුවන් යානා සඳහා ගෙවිය යුතු අධික කල්බදු කුලී මුදල් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ගුවන් යානා පිරිමැසුම්දායී ලෙස භාවිත කිරීමට නොහැකි බව පැහැදැළි වී ඇත. මෙම ගිවිසුම් අත්හිටුවීම වෙනුවෙන් එක්වරක් ගෙවීම් සිදුකළ යුතු බවට එකඟ වී ඇති අතර මෙම ගුවන් යානා යොදා ගැනීම සහ මෙහෙයුම් කිරීම ඉදිරි තිරසාර ලාභදායිත්වයට හොඳ නිමිත්තක් නොවන බව ද හඳුනාගන්නා ලදී.

අනාගත ගුවන් යානා උපාය මාර්ග සැලසුම් යටතේ දිගු දුර ගුවන් ගමන් සහ මධ්යෙම දුර ගුවන් ගමන් සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා සහ පටු බඳ සහිත ගුවන් යානා අවම හිමිකම් පිරිවැය යටතේ යොදාගැනීමට නියමිතයි.

ගුවන් ගමන් ජාලය ප්‍රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ගුවන් මාර්ග සඳහා පෙර නොදුටුවිරූ තාර්කික තීරණ ගැනීමට සිදුවේ. ඒ අනුව නොවැම්බර් මාසයේ මුල් සතිය වන විට, යුරෝපා මහද්වීපය වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවනු ලැබේ. නමුත් යුරෝපයේ පිවිසුම් මාර්ගය ලෙස ලන්ඩන් වෙත ගුවන් ගමන් නොකඩවා සිදුකරමින් අනෙකුත් යුරෝපීය ගමනාන්ත සඳහා සංකේත හුවමාරු ගුවන් ගමන් තුළින් ගුවන් මගීන්ට සුවපහසු සේවාවක් ලබාදෙනු ඇත. මෙම තීරණය ගුවන් ගමන් ජාලය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරිමෙන් පසු ගන්නා ලද තීරණයකි. බොහෝ ගුවන් සමාගම් සඳහා ප්‍රතිව්යුහගත කිරීමේ මුලෝපාය පොදු සාමාන්‍ය කරුණක් වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙමගින් අවබෝධ කරගත්තේ තිරසාර වීමට මෙම ප්‍රතිව්යුහගත කිරිම පමණක් ප්රවමාණවත් නොවන බවයි. ලාභ ඉපයිය හැකි වෙළෙඳපොල වෙත ගුවන් මෙහෙයුම් සිදුකිරීම තුළින් ද පවත්නා ගමනාන්ත වෙත ගුවන් ගමන් ධාරිතාව වැඩිදියුණු කිරිම තුළින් ද මෙම ප්ර තිලාභ අත්පත් කර ගැනීමට හැකි බව ගුවන් සමාගම හඳුනාගෙන ඇත.

ඉහත තීරණය මත ගැන් ගුවන්තොටුපොළ, මාලදිවයිනේ ශ්‍රී ලංකන් වෙතින් සිදුකරන පළමු වැනි නව ගමනාන්තය වනු ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ගුවන්තොටුපොළ වෙත මෙහෙයුම් සිදුකරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වේ. ගුවන් සමාගම විසින් ඉන්දියාව සහ දකුණු අග්නිදිග ආසියාවේ ගමනාන්ත ඇගැයීමට ලක් කර ඇති අතර ලබන මූල්‍ය වසරේ සිට නව පටු බඳ සහිත ගුවන් යානා ලබාගනිමින් එම සේවා සැපයීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග මිහින් ලංකා ගුවන් මාර්ග ඒකාබද්ධ වීම තුළින් ආදායම් වැඩි දියුණු කිරීම සඳහා වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම කළමනාකරණයක් හදුන්වාදෙනු ඇත.මෙම ඒකාබද්ධ වීම සමග පුළුල් බඳ සහිත ගුවන් යානා මගින් සීෂෙල්ස් සහ ඩකා දක්වා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ව්යාමප්ත කරනු ලැබේ.

පිරිවැය පිළිබඳ පැහැදිළි ලෙස අවධානය යොමු කිරීමකින් තොරව ආරක්ෂාව සහ නිරුපද්රංතාව පිළිබඳ අවධානයෙන් තොරව කිසිදු ගුවන් සමාගමකට ප්රාතිව්යුීහගත කිරිම තුළීන් තිරසාර පැවැත්මක් ලබාගැනීමට නොහැක. නොයෙකුත් අභියෝග තිබුණ ද, ගුවන් සමාගම විසින් පාලනය කළ හැකි අයිතම වෙත අවධානය යොමු කර එහි පිරිවැය පාලනය කිරීමට කටයුතු යොදා ඇත. මෙය සිදුකර ඇත්තේ ගුවන් සමාගමේ සෑම අංශයකම වියදම්දැඩි ලෙස අධීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් පිරිවැය අවම කරගැනීමේ සාධනීය යෝජනා ඉදිරිපත් කර ඇති අතර මෙම ක්රිායාමාර්ග තුළින් එක්ව වැඩකිරීමෙන් පිරිවැය අවම කරගැනීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් වෙළෙඳ පාර්ශව සමග කටයුතු කිරිමට හැකිවනු ඇත.

ගුවන් යානා කල් බදු වියදම් යනු ඉන්ධන සඳහා ගුවන් සේවයට දැරීමට සිදුවන පිරිවැයට දෙවෙනි විශාලතම පිරිවැයයි. A330-300 ගුවන් යානා කල්බදු පදනම මත පාකිස්තානු ජාත්යවන්තර ගුවන් සමාගම (PIA)වෙත ලබාදීම මේ සඳහා ගනු ලැබූ උපක්ර මශීලී ක්රිදයාමාර්ගයකි. ඒ අනුව ගුවන් සමාගම පාකිස්තානු ජාත්යඵ්න්තර ගුවන් සමාගම සමග දිගු කාලීන කල්බදු ගිවිසුමක් සඳහා A330-300 ගුවන් යානා 3ක් ලබාදීම වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටියි. මෙම ගුවන් යානා සඳහා ගෙවිය යුතු අධික කුළී මුදල මෙමගින් ලැබෙන ආදායම් මගින් පියවනු ලබයි.

ප්රීතිව්යුැහගත කිරීමේ වැඩපිළිවෙල මෙන්ම ගුවන් සමාගමේ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් ශ්රී ලංකන් ගුවන් සමාගමේ ප්ර ධාන විධායක නිලධාරි කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්රඅකාශ කර සිටියේ “ නව කළමනාකාරීත්වය ආදායම් උත්පාදනය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන අතර එමගින් මෙහෙයුම් සහ ආයතනයේ ලාභ ඉපයීම් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. ආයතනයක් වශයෙන් අපගේ සම්පත් උපරිම ලෙස උපයෝගි කරගනිමින් අප වත්කම් වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ලබයි. ගුවන් සමාගම කලාපයේ ප්රිමුඛ ගුවන් සේවාවක් බවට පත්කිරීමේ උපාය මාර්ගික තීරණය යටතේ අප ගුවන් යානාවන් කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් A350 ගුවන් යානා වෙනුවට පටුබද සහිත ගුවන් යානා දිගු දුර ගමනාන්ත සඳහා යොදාගැනීමට අපේක්ෂා කරමු. වසර ගණනාවක් පුරාවට පාඩු ලබන මෙහෙයුම් වෙනුවට කාර්යක්ෂම ගුවන් මෙහෙයවීම් මත ස්ථාවර ඉදිරි ගමනක් යාමට නිවැරදි දැක්මක් ගුවන් සමාගම සතුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. මේ සියල්ලටම වඩා විනිවිදභාවයෙන් කටයුතු කරන සංස්කෘතියක් සහ වගවීම ගුවන් සමාගම තුළ පැවැතීම පිළිබඳ ගුවන් සමාගම ආඩම්බර වන බවත් එමගින් ගුවන් සමාගම ආරම්භ කර මුල් දශක තුළ භුක්ති විදි පිළිගැනීම නැවත ලබාගැනීමට අපට හැකිවනු ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල කලාපයේ සිසුන් සඳහා සාර්ථක වෘත්තීයක් ගොඩනගා ගැනීමට සහාය දෙන ප්‍රමුඛ කේන්ද්රස්ථානයක් බවට ආසියානු කලාපයේ පත්ව ඇත. ඒ අනුව අභ්යන්තර ගුවන් මැදිරි කාර්ය මණ්ඩල පුහුණුව, ඉංජිනේරු පුහුණුව ,ගුවන් සේවා කාර්ය මණ්ඩල සහ ගුවන් තොටුපළ වෘත්තිමය සේවාවන් හි විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල සඳහා යුරෝපීය ගුවන් සේවා නිරුපද්රතා ඒජන්සියේ ( EASA) සහතිකය ලැබී තිබීම විශේෂත්වයකි . මෙය දකුණු ආසියාවේ යුරෝපා ගුවන් සේවා නිරුපද්රවතා ඒජන්සියේ ( EASA) සහතිකය ලත් එකම ආයතනයකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු යුරෝපීය ගුවන් සේවා නිරුපද්රවතා ඒජන්සියේ (EASA) සහතික ලත් MRO පහසුකම නිසා ගුවන් සේවා රැසකට තුන්වන පාර්ශවීය ගිවිසුම් සේවා සැපයීමේ කේන්ද්ර ස්ථානයක් වී ඇත. මෙමගින් අනාගතයේ ගුවන් සමාගමට ආදායම් උත්පාදනය කිරීමේ මාර්ග රැසක් විවෘත වනු ඇත.

ගුවන් සමාගමේ ප්‍රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා වැඩි අවධානයක් යොමු කරන විට කළමනාකාරීත්වය විසින් ක්ෂේත්‍රය තුළ පවත්වා ගත යුතු සේවා සහ ප්රයමිතීන් පිළිබඳව දැඩිලෙස සොයාබලා කටයුතු කරනු ලබයි. ගුවන් සමාගම මානව සම්පත් සහ සේවා ප්රසමිතීන් පවත්වා ගැනීම සඳහා පුහුණුව තුළින් අඛණ්ඩව ආයෝජනය කිරීමට කටයුතු කර ඇත්තේ එහි නිෂ්පාදන ප්රවමුඛ මට්ටමින් පවත්වා ගැනීමට අපේක්ෂා කරන නිසාය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, පුද්ගල සහ රාජ්ය අංශ සහයෝගීතාව (ppp) යටතේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රීකලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ කළ අනාගත හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීම සහ ඔවුන්ගේ යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීම මේ වන විටත් රජය කටයුතු කර ඇති බවයි. එසේම මේ සහයෝගීතාවයේ ප්‍රධාන නියමුවා වශයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ පිළිබඳව කටයුතු කරන බවද හෙතෙම පැවසීය. එසේම අපගේ ප්‍රධාන අරමුණ වන්නේ තිරසාර රාමුවක් යටතේ ගුවන් සේවය නැවත ප්රවතිව්යුනහගත කරමින් කොටස් හිමියන් ඒ සඳහා සම්බන්ධ කර ගැනීම බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපාරික මගීන්ට වැඩි වටිනාකමක් ලැබෙන පරිදි නවාංග එකතු කරමින් ‘එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස්’ නැමති එමිරේට්ස් ගුවන් සමාගමේ ආයතනික ලෝයල්ටි වැඩසටහන සමාගම විසින් නවීකරණය කර තිබේ. නව වැඩසටහන වඩාත් සරල සහ තරඟකාරී කර තිබෙන අතර අවසාන මොහොතේ ප‍්‍රවේශපත් වෙන්කර ගන්නා අවස්ථාවන් වල වුවද ආසන සඳහා ලකුණු හිලව් කර ගැනීම හෝ එකතු කර ගැනීම පහසුවෙන් සිදුකර ගැනීමේ අවස්ථාව ලබාදී ඇත.

අළුතින් වැඩි දියුණුකර තිබෙන වැඩසටහනේ ප‍්‍රධානතම අංගය වන්නේ බිස්නස් රිවෝඞ්ස් ලකුණු භාවිතා කරමින් වෙන් කර නැති ඕනෑම ආසනයක් ඉතාමත් පහසුවෙන් වෙන්කර ගැනීමට අවස්ථාව ලැබීමයි. සිය ආයතනික ලෝයල්ටි වැඩසටහන යටතේ මේ ආකාරයෙන් පහසුකම් සැලසූ කළාපයේ පළමු සහ එකම ගුවන් සමාගම එමිරේට්ස් වන අතර ඒ තුළින් ව්‍යාපාරික ගුවන් ගමන් සඳහා පිරිවැය සඵලතාවය වර්ධනය කිරීමට සමාගම කටයුතු කර තිබේ.

එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයේ ව්‍යාපාරික මගීන් සහ තීරකයින් 800 කට වැඩි පිරිසක් යොදාගනිමින් ව්‍යාපාරික සංචාර පිළිබඳ ඔවුන්ගේ දැක්ම සහ හැසිරීම සම්බන්ධයෙන් එමිරේට්ස් විසින් මෑතකදී ස්වාධීන සමීක්ෂණයක් සිදුකරන ලදී. මෙම සමීක්ෂණයේ ප‍්‍රතිඵල මගින් නැවත වතාවක් පිරිවැය සඵලතාවයෙන් යුක්ත වඩාත් නම්‍යශීලි ආයතනික ගුවන් ගමන්වල අවශ්‍යතාවය අවධාරණය කෙරුණු අතර එම අවශ්‍යතාවයන් ‘එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස්’ වැඩසටහනේ නවාංගයන්ට ඇතුළත් කර තිබේ. මෙහිදී ගුවන් සමාගමක් තෝරා ගැනීමේදී ප‍්‍රධාන සාධක තුන පිළිබඳව කරන ලද විමසීම් වලින් තහවුරු වූයේ 30%ක් ගුවන් ගාස්තුවදල 26%ක් ගුවන් ගමන් කාලසටහනදල 23%ක් ගෙවන මුදලට ලැබෙන වටිනාකම පිළිබඳවද සැලකිලිමත් වන බවයි.

එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස් වැඩසටහන මගින් ව්‍යාපාරික මගීන්ගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ සිතැඟි පරිදි ඉටුකරන අතර ඕනෑම ප‍්‍රමාණයේ ආයතන, පුණ්‍යායතන සහ සංගම් ඉලක්ක කරගනිමින් අගය එකතුකළ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කරනු ලබයි. මීට අමතරව, එකතු කර ගන්නා බිස්නස් රිවෝඞ්ස් ලකුණු ඕනෑම ආසනයක් වෙන්කර ගැනීමේදී හිලව් කිරීමට මෙහිදී අවස්ථාව ලබාදී තිබෙන අතර බිස්නස් රිවෝඞ්ස් ලකුණු එකතු කර ගැනීමට සහ හිලව් කිරීමට ඉහළ නම්‍යතාවයක් මෙහිදී හිමිවේ.

මෙම සමීක්ෂණයට අනුව ව්‍යාපාරික මගීන් වැඩි ප‍්‍රමාණයක් සෘජුවම ගුවන් සමාගම් සමග සම්බන්ධ වෙමින් ව්‍යාපාරික සංචාර සඳහා ටිකට් පත් අන්තර් ජාලය ඔස්සේ වෙන්කර ගනී. කුඩා ආයතන වුවත් අන්තර්ජාලය ඔස්සේ සෘජුවම ගුවන් ටිකට් පත් වෙන්කරවා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර ඔවුන්ගේ ආයතනික ගමන් ටිකට් පත් වෙන්කරවා ගැනීම් වලින් 50% කට වැඩි ප‍්‍රමාණයක් මේ ආකාරයෙන් වෙන්කරවා ගනී. ටිකට් පත් වෙන්කරවා ගැනීමේ තුන්වන පාර්ශවයේ නියෝජිතයින් මත රැුඳීම අඩුකරමින් එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස් විසින් ව්‍යාපාරික මගීන්ට ඉතාමත් පහසුවෙන් භාවිතාකළ හැකි ආකාරයෙන් සිය අන්තර්ජාල ටිකට් පත් වෙන්කිරීමේ පහසුකම ශක්තිමත් කර තිබේ. මේ අනුව, සේවකයින් සඳහා සේවා වෙන්කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන අංගයන් මෙන්ම වැඩසටහන තුලින් මේ දක්වා ලබා තිබෙන ඉතිරි කිරිම් නිරික්ෂණය කිරීම සඳහා අවශ්‍ය වන අංගයන් මෙයට ඇතුළත් කර ඇත.

මීට අමතරව, ආයතනයේ ප‍්‍රමාණය ගැන නොසලකා හරිමින් ලියාපදිංචි වීම ඉතාමත් සරල කර තිබේ. මෙහිදී, ‘Guest Traveller’ නැමති නවාංගයක් එකතු කර තිබෙන අතර මේ තුළින් ආයතනයේ නොවන උපදේශකයෙකු හෝ සේවාදායකයෙකු ආයතනය වෙනුවෙන් සිදුකරන සංචාර වලදී බිස්නස් රිවෝඞ්ස් ලකුණු එකතු කර ගැනීමේ අවස්ථාව පිරිනමා ඇත.

නිෂ්පාදන කර්මාන්ත, තෙල් සහ ගෑස්, වෙළඳාම සහ තොරතුරු තාක්ෂණය යන ප‍්‍රධාන අංශ වෙත මෙම වැඩසටහන මගින් අඛණ්ඩව වටිනාකම් සහ සේවා ලබාදෙන අතරම සරල ක‍්‍රමවේදය සහ අසීමාන්තික සේවක ලියාපදිංචිය ඉදිකිරීම් කර්මාන්තය වැනි විශාල ශ‍්‍රමබලකායක් සහිත අනිකුත් කර්මාන්ත සඳහාත් පුළුල් කර තිබේ.

එමිරේට්ස් විසින් ඩුබායි සිට මහද්වීප හයට අයත් ගමනාන්ත 150 කට වැඩි ප‍්‍රමාණයක් වෙත සෘජු ගුවන් ගමන් ක‍්‍රියාත්මක කරයි. සියළුම ගුවන් ගමන් පන්තීන් වලදී සමාගම විසින් පාරිභෝගිකයා ගෙවන මිලට ඉහළ වටිනාකමක් පිරිනමන අතර පළමු පන්තියේ මගීන් වෙත සුඛෝපභෝගී පුද්ගලික ගමන් කුටි පහසුකම, ව්‍යාපාරික පන්තියේ මගීන් වෙත නම්‍යශීලි ඇඳන් පහසුකම සහ A380 ගුවන් යානය තුළ තිබෙන සුවිශේෂී නිදහස් අවකාශ පහසුකම පිරිනමයි. මීට අමතරව, ඉකොනොමි පන්තියේ මගීන් වෙත ආසන වලට සවිකළ අඟල් 13.3 ක පුළුල් තිර වලින් යුතු විනෝදාස්වාද නාලිකා 2,500 කට වැඩි ගණනකින් සමන්විත විනෝදාස්වාද අත්දැකීම ලබාදෙන අතර භාෂා 60 කට වැඩි ගණනක් කතා කරන ඉහළ සේවාවක් ලබාදෙන සේවක මඩුල්ලක් මෙම ගුවන් යානා තුළ සේවයේ යෙදී සිටී.

වැඩි තොරතුරු දැන ගැනීම සඳහා emirates.com/businessrewards වෙත පිවිසෙන්න

එමිරේට්ස් ගුවන් සේවාව මඟින් වැඩිදියුණු කරන ලද එමිරේට්ස් ‘බිස්නස් රිවෝඞ්ස්’ නැමති ආයතනික ලෝයල්ටි වැඩසටහන තවත් වටිනා අංග රැුසක් සමඟින් ව්‍යාපාරික මගීන් හට ලබා දීමට කටයුතු යොදා ඇත.

පැවති ගෝලීය අභියෝග හමුවේ වුවද එමිරේට්ස් සමූහය 2015-16 මූල්‍ය වසරේදී වාර්තාගත ලාභයක් වාර්තා කරමින් පිට පිටම 28 වන වසරටත් ඉතාමත් ශක්තිමත් මූල්‍ය ප‍්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට සමත්ව තිබේ.

2015-16 මූල්‍ය වසරේදී එමිරේට්ස් සහ dnata යන සමාගම් දෙකම නව ධාරිතාවයක් සහ ලාභ සංධිස්ථානයන් වෙත ගමන් කිරීමට සමත්වූ අතර සමූහය විසින් අඛණ්ඩවම සිය ගෝලීය පුළුල් කිරීමේ කටයුතු සිදුකරන ලදී. මෙම කාලය තුළදී සමූහය විසින් සිය ව්‍යාපාරික කටයුතු උපාය මාර්ගික ආයෝජනයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට කටයුතු කළේය.

ප‍්‍රකාශයට පත්කර තිබෙන 2015-16 වාර්ෂික වාර්තාවට අනුව එමිරේට්ස් සමූහය විසින් 2016 මාර්තු මාසයෙන් අවසන් වන මූල්‍ය වසරේදී ඩිරාම් බිලියන 8.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක) ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසර සමග සැසඳීමේදී 50% ක වර්ධනයකි. එම කාලය සඳහා සමූහයේ ආදායම ඩිරාම් බිලියන 93 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 25.3ක්) වී තිබෙන්නේ පෙර වසරට වඩා 03% ක අඩුවීමක් පෙන්නුම් කරමිනි. මේ අතර, සමූහයේ මූල්‍ය ශේෂය ඉතාමත් ශක්තිමත් තත්ත්වයකට පත්වෙමින් ඩිරාම් බිලියන 23.5 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක්) දක්වා වර්ධනය වී ඇත.

මෙම ගිණුම් වාර්තා පිළිබඳව එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා අදහස් දැක්වූයේ මෙසේයි. ‘‘2015-16 මුදල් වසරේදී එමිරේට්ස් සහ dnata විසින් වාර්තාගත ලාභයක්, ශක්තිමත් ව්‍යාපාරික ප‍්‍රතිඵල සහ අඛණ්ඩ වර්ධනයක් පෙන්වීමට සමත්ව තිබෙනවා. හිතකර නොවන විනිමය අනුපාත තත්ත්වයක්ල අවිනිශ්චිත ගෝලීය ආර්ථික පරිසරයක් මෙන්ම ලෝකයේ බොහෝ කළාපවල දේශපාලන අස්ථාවරත්වය හමුවේ වුවද අපි විසින් ලබා තිබෙන ප‍්‍රගතිය මගින් අපගේ ව්‍යාපාරික ආකෘතියේ සහ උපාය මාර්ගවල සාර්ථකත්වය පිළිඹිබු වෙනවා.’’

‘‘2015-16 මුදල් වසරේදී සමූහය විසින් නව ගුවන් යානා සහ උපකරණ, සමාගම් අත්පත් කරගැනීම, නවීන පහසුකම්, නවීන තාක්ෂණය සහ කාර්ය මණ්ඩල වැඩසටහන් සඳහා ඩිරාම් බිලියන 17.3 කට (ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ක්) වැඩි ප‍්‍රමාණයක් වැයකර තිබෙනවා. මෙය අපගේ පදනම ශක්තිමත් කිරීමටත් තරඟකාරීත්වය වැඩිකිරීමටත් අපගේ දිගුකාලීන අරමුණු ජයගැනීම වෙනුවෙන් අපගේ ප‍්‍රගතිය වේගවත් කිරීමටත් හේතු වෙනවා.’’

සලකා බලන වසරේදී අනුබද්ධ සමාගම් 80 කට වැඩි ගණනකින් සමන්විත වන සමූහයේ සේවකයින් සංඛ්‍යාව 95,000 ක් ඉක්මවමින් 13% කින් ඉහළ ගොස් තිබෙන අතර ඔවුන් ජාතීන් 160 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරයි.

එමිරේට්ස් ගුවන් සමාගමේ කාර්ය සාධනය

සලකා බලන මුදල් වසරේ එමිරේට්ස් ගුවන් සමාගම වෙත නව ගුවන්යානා 29 ක් ලැබී තිබෙන අතර වසරකදී වැඩිම ගුවන් යානා ප‍්‍රමාණයක් ලැබී තිබෙන්නේ මෙම වසරේදී වීම කැපී පෙනේ. මේවා අතර A380 ගුවන් යානා 16 ක්, බොයින්ග් 777-300ER යානා 12 ක්, බොයින්ග් 777ත්‍ යානා 01 ක් තිබෙන අතර මේ සමග එමිරේට්ස් ගුවන් සමාගමේ සමස්ත යානා ඇණිය මාර්තු මාසය අවසන් වනවිට 251 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සියළුම වෙළඳ පොළවල වර්ධන වෙමින් තිබෙන තරගකාරී පීඩනය ඉතාමත් සාර්ථක ලෙස කළමනාකරණය කර ගැනීමට එමිරේට්ස් ගුවන් සමාගම සමත් වෙමින් අදාළ මුදල් වසරේදී ඩිරාම් බිලියන 7.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක) ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. මෙය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 56% ක වර්ධනයකි. මෙවර වාර්තා කර තිබෙන 8.4%ක ශක්තිමත් ලාභ පරාසය 2010-11 පසුව වාර්තා කර තිබෙන ශක්තිමත්ම ලාභ පරාසය වීම කැපී පෙනේ.

මෙම මුදල් වසරේදී එමිරේට්ස් ගුවන් සේවය විසින් ප‍්‍රවාහනය කළ මගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස මිලියන 51.9 ක් (8% ක වර්ධනයකි) දක්වා වර්ධනය වී තිබෙන අතර මේ වසරේදී මිලියන 50 ක සංධිස්ථානාත්මක මගී සීමාව පසු කිරීම කැපී පෙනුනි.

එමිරේට්ස් ගුවන් සමාගම විසින් මෙම මුදල් වසර වාර්තාගත ලෙස ඉතාමත් ශක්තිමත්ව අවසන් කිරීමට සමත්වූ අතර මෙහෙයුම් ක‍්‍රියාකාරකම්වල මූල්‍ය ප‍්‍රවාහය ඩිරාම් බිලියන 14.1 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක්) විය.

එමිරේට්ස් ක‍්‍රියාත්මක කළාප හයෙන් ආදායම් ලබා තිබෙන ආකාරය සැලකීමේදී එය ඉතාමත් සමබර ස්වරූපයක් ගෙන තිබේ. මෙහිදී, කිසිම කළාපයක් සමස්ත ආදායමට 30% කට වැඩි දායකත්වයක් දක්වා නොමැත. මේ අනුව, යුරෝපය වැඩිපුරම ආදායම් දායකත්වයක් දක්වා තිබෙන කළාපය වන අතර ඩිරාම් බිලියන 24.0 ක ආදායමක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක්) මෙම කළාපයෙන් ලැබී තිබෙන්නේ 2014-15 මුදල් වසරට සාපේක්ෂව 5% ක අඩුවීමක් පෙන්නුම් කරමිනි. නැගෙනහිර ආසියාව සහ ඕස්ටේ‍්‍රලියාව 9% ක අඩුවීමක් පෙන්නුම් කරමින් ඩිරාම් බිලියන 22.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.1 ක) ආදායම් දායකත්වයක් සපයා තිබේ. 09%ක වර්ධනයක් ඇමරිකානු කළාපය විසින් දක්වා තිබෙන අතර එයින් උපයාගෙන තිබෙන ආදායම ඩිරාම් බිලියන 12 කි. (ඇමරිකානු ඩොලර් බිලියන 3.3 කි.) මේ අතර, අප‍්‍රිකා සහ ගල්ෆ් මෙන්ම මැදපෙරදිග කළාපයේ ආදායම් පිළිවෙලින් ඩිරාම් බිලියන 9.1 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක්) සහ ඩිරාම් බිලියන 8.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක්) දක්වා එක් කළාපයක 3% ක් බැගින් පහළ ගොස් තිබේ. මේ අතර, බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කළාපයේ ආදායම් ඩිරාම් බිලියන 7.6 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.1 ක්) දක්වා 04% කින් පහළ ගොස් ඇත.

2015-16 මුදල් වසරේදී එමිරේට්ස් ස්කයි කාර්ගෝ අංශය විසින් ගුවන් සමාගමේ සමස්ත ප‍්‍රවාහන ආදායම් වලින් 14% ක් උපයාදීමට සමත්වීම කැපී පෙනේ. එමිරේට්ස් කාර්ගෝ අංශය සලකා බලන මුදල් වසරේදී ඩිරාම් බිලියන 11.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.0 ක) ආදායමක් වාර්තා කිරීමට සමත් වූ අතර එය පසුගිය වසරට වඩා 09% ක අඩුවීමකි. එමිරේට්ස් ස්කයි කාර්ගෝ විසින් හැසිරවූ භාණ්ඩ ටොන් ප‍්‍රමාණය 6% කින් ටොන් මිලියන 2.5 ක් දක්වා සලකා බලන මුදල් වසරේදී වර්ධනය වී තිබේ.

 

එමිරේට්ස් සමාගමේ සිව්වන ගමනාන්තය ලෙස කොළඹ සමාගමේ ඉතිහාසයට එක්කරමින් 1986 අපේ‍්‍රල් 01 වනදා EK 800 දරණ බොයින්ග් 727-200 ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කර කොළඹට පියාසර කරන ලදී. ගෙවී ගිය වසර 30 ක කාලය තුළදී එමිරේට්ස් ශ‍්‍රී ලංකාවට සැතපුම් මිලියන 56 ක් සංචාරය කර තිබෙන අතර ටොන් දහස් ගණනක ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් ශ‍්‍රී ලංකාව අඛණ්ඩවම ලෝකය සමග යා කරමින් සිටී. මේ වනවිට, එමිරේට්ස් විසින් කොළඹ සිට ඩුබායි, මාලේ සහ සිංගප්පූරුව දක්වා සතියකට ගුවන් ගමන් 34 ක් ක‍්‍රියාත්මක කරයි.

අද කොළඹට සතියකට ආසන්න වශයෙන් මගී ආසන 12,000 ක් සහ ටොන් 780 ක ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ පහසුකම් ඉදිරිපත් කරන එමිරේට්ස් සංචාරකයින්ට, අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට මහඟු සම්පතක් වී තිබේ. 2016 අගෝස්තු 01 වනදා සිට කොළඹ සිට ඩුබායි දක්වා දෛනිකව පියාසර කරන ගුවන් වාර ප‍්‍රමාණය පහක් දක්වා වැඩිකරමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වන සිය ධාරිතාවය තවදුරටත් පුළුල් කිරීමට කැපවී සිටින බව ගුවන් සමාගම දැනටමත් නිවේදනය කර ඇත.

‘‘වසර ගණනාවක් පුරා අප වෙත ලබාදුන් දිගුකාලීන සහයෝගය වෙනුවෙන් ලංකාවේ සියළුම පාරිභෝගිකයින්ට සහ කර්මාන්ත පාර්ශවකරුවන්ට අපි ස්තූතිවන්ත වෙනවා. සංචාරක කර්මාන්තය සහ වෙළඳ කර්මාන්ත වර්ධනය වන ශ‍්‍රී ලංකාව මහද්වීප හයක ගමනාන්ත 150 ක් වෙත සම්බන්ධ කිරීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. අපි ඉදිරියටත් මෙරට පාරිභෝගකයින්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමටත් ඔවුන්ගේ මුදල් වලට උපරිම වටිනාකමක් ලබාදීමටත් කැපවී සිටිනවාල’’ යනුවෙන් එමිරේට්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - වාණිජ මෙහෙයුම් කටයුතු බටහිර ආසියානු සහ ඉන්දියානු සාගර කළාපය අහ්මඞ් කූරි මහතා සඳහන් කළේය.

පසුගිය දශක දෙකහ මාරක කාලය තුළදී මෙම ගමනාන්තයට ආසන්න වශයෙන් මිලියන 04 ක මගීන් රැගෙන එමින් එමිරේට්ස් වසරින් වසර ශ‍්‍රී ලංකා ගමනාන්තය ශක්තිමත්ව වර්ධනය කිරීමට කටයුතු කරන ලදී. මෙම කළාපයේ වැදගත් ගුවන් භාණ්ඩ ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ අපනයන සඳහා එමිරේට්ස් ස්කයිකාර්ගෝ ප‍්‍රියතම සේවාවක් බවට පත්වී ඇත.

‘‘බටහිර ආසියාව සෑම විටම එමිරේට්ස් ස්කයි කාර්ගෝහි, වර්ධනය සඳහා දායකවන වැදගත් කළාපයක්. කොළඹ සිට අපේ මධ්‍යස්ථානය වන ඩුබායි හරහා යුරෝපයට සහ ඇමරිකාවට රුගෙන යන ගුවන් භාණ්ඩ ප‍්‍රමාණය වර්ධනය වෙමින් පසුගිය වසර 30 ක කාලය පුරාම මෙම ගමනාන්තයේ ඉහළ කාර්ය සාධනයක් අපි දැක තිබෙනවා,’’ යනුවෙන් එමිරේට්ස් සමාගමේ උපසභාපති - වාණිජ ගුවන් භාණ්ඩ බටහිර සහ ගිනිකොන දිග ආසියානු කළාපය ජසීම් සයිෆ් මහතා සඳහන් කළේය.

ඇඟලූම්, පළතුරුල එළවළු, බුලත්, කැපූ මල් සහ මාළු ශ‍්‍රී ලංකාවෙන් එමිරේට්ස් ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන ගුවන් භාණ්ඩ සමහරෙකි.

ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘එමිරේට්ස් මෙන් වෙනත් කිසිදු ජාත්‍යන්තර ගුවන් සමාගමක් ශ‍්‍රී ලාංකිකයින්ගේ ගමන් බලාපොරොත්තු සහ රටේ ආර්ථිකය සමග මේ ආකාරයට සමීපව සම්බන්ධ වී නැතැයි කිව හැකියි.’’

හිත මිතුරු ගාස්තු - 30% ක වට්ටමක්

ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් වසර 30 ක් සපුරන අවස්ථාවේදී එමිරේට්ස් විසින් කොළඹින් එක්ව ගමන් ආරම්භ කරන දෙදෙනෙකු හෝ එයට වැඩි දෙනෙකු සඳහා සුප‍්‍රසිද්ධ ගමනාන්ත 30 ක් සඳහා ඉකොනොමි සහ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත්වල ගාස්තු වෙනුවෙන් 30% ක වට්ටමක් ලබාදෙන බව නිවේදනය කර තිබේ. මෙම විශේෂ ගාස්තු 2016 අපේ‍්‍රල් 14 වන බ‍්‍රහස්පතින්දා දක්වා ලබාදෙන අතර 2016 නොවැම්බර් 30 වනදා දක්වා මෙම ටිකට් පත් වලංගුවේ. මේ යටතේ, ඇමරිකාව, යුරෝපය, අප‍්‍රිකාව, ඕස්ටේ‍්‍රලියාව සහ මැදපෙරදිග ආවරණය කරමින් නිව්යොර්ක්, සැන් ෆ‍්‍රැන්සිස්කෝ, ඕර්ලන්ඩෝ, ලන්ඩන්, පැරිස්, ෆ‍්‍රැන්ක්ෆ‍්‍රට්, මිලාන්, මෙල්බර්න්, සිඞ්නි, සිංගප්පූරුව, මාලේ සහ ඩුබායි ඇතුළු ගමනාන්ත 30 ක් අයත් වේ. අඅඅගැපසර්එැිගජදපරැුකන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 4704070 දුරකතන අංකයට ඇමතීමෙන් හෝ තම සංචාරක ගමන් නියෝජිතයා ඇමතීමෙන් හෝ පාරිභෝගිකයින්ට මෙම විශේෂ වට්ටම ලබාගත හැකිය.

පසුගිය දශක තුනක කාලය පුරා එමිරේට්ස් විසින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීම වඩාත් කැපී පෙනෙන්නකි. 1997 වසරේදී බොයින්ග් 777 සේවාව කොළඹට ආරම්භ කිරීම, ජාතික ගුවන් සේවය සමග 1998 සිට 2008 දක්වා වසර 10 ක කළමනාකරණ ගිවිසුමක් ඇතිකර ගැනීම, 2012 වසරේදී පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගිමන් හලක් ආරම්භ කිරීම, 2014 වසරේදී මහනුවර ශාඛා කාර්යාලයක් ආරම්භ කිරීම මෙම දශක තුනක කාලය තුළදී එමිරේට්ස් ශ‍්‍රී ලංකාව තුළ සිදුකළ කටයුතු වේ.

එමිරේට්ස් ගුවන් යානා තුළ ගමන් කරන මගීන්ට බහු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් පිරිනමන ඉහළ සත්කාරය භුක්ති විඳිය හැකි අතර මෙම කාර්ය මණ්ඩලයෙන් 150 දෙනෙකුට වැඩි පිරිසක් ශ‍්‍රී ලාංකිකයින් වේ. මීට අමතරව, ප‍්‍රණීත ආහාර පාන වලින් සප්පායම් වෙමින් එමිරේට්ස් හි සම්මානනීය සජැ විනෝදාස්වාද පද්ධතියේ පහස විඳීමේ අවස්ථාවද මෙහිදී මගීන්ට හිමිවේ. මෙම විනෝදාස්වාද පද්ධතිය තුළ සිනමා, රූපවාහිනී වැඩසටහන්, ක‍්‍රීඩා, හඬ කැවූ පොත් සහ සංගීතයෙන් පිරුණු නාලිකා 2,500 කට වැඩි ගණනක් තිබෙන අතර ීනහඑර්ං විසින් පිට පිටම වසර 11 ක් ලෝකයේ හොඳම ගුවන් යානා විනෝදාස්වාද පද්ධතිය ලෙස බුහුමනට ලක්කර තිබෙන්නේද සජැ විනෝදාස්වාද පද්ධතියයි.

 

n April 1st 1986, an Emirates Boeing 727-200 Flight EK 800 departed Dubai International Airport touching down in...

Posted by Lanka Business News on Wednesday, April 6, 2016

කොළඹ සහ ඩුබායි අතර අමතර දෛනික ගුවන් ගමන් වාරයක් නිවේදනය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව පිළිබඳව සමාගමේ තිඛෙන කැපවීම සහ උනන්දුව යළිත් ප්‍රදර්ශනය කර ඇත.

මෙම නව දෛනික ගමන් වාරය 2016 අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන අතර ඒ සමඟ ඩුබායි සහ කොළඹ අතර දිනපතා එමිරේට්ස් ගුවන් ගමන් වාර 05 ක් සිදුවන අතර බදාදා දිනයේ පමණක් ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක වනු ඇත. මේ සමගම ගමනාන්ත දෙක අතර සතියකට සිදුවන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 34 දක්වා ඉහළ යනු ඇත.

2015 දෙසැම්බර් මස 23 වැනිදා


බැංකොක් හි ස්වර්ණභූමි ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි කොළඹ සිට බැංකොක් බලා පිටත් වීමට නියමිත වූ UL883 දරණ ගුවන් යානාවේ ගුවන් ගමන අත්හිටුවීමට කටයුතු කරන ලදී. එමගින් ගුවන් මගීන්ට සිදුවන අපහසුතාවය අවම කිරීම සදහා ගුවන් සමාගම විසින් විශේෂ ගුවන් යානාවක් කොළඹ සිට බැංකොක් වෙත ක්‍රියාත්මක කර ඇත.


ස්වර්ණභූමි ගුවන් තොටුපළේ භූමි මෙහෙයුම් සිදුකරන්නන් විසින් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ (දෙසැම්බර් මස 22 වැනිදා) ගමන් මලු ඇදගෙන යාමේ ට්‍රේලරයක් එහි නවතා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330-300 ගුවන් යානාවේ ගැටීමෙන් එහි එන්ජිමක පිටත ආවරණයට (engine cowling) හානි සිදුවිය. මේ නිසා ගුවන් සමාගමට එම යානය හදිසි අලුත්වැඩියාවකට භාජනය කිරීමට සිදුවිය.


මේ අනුව ගුවන් සමාගම විසින් කොළඹ සිට අනෙකුත් ගුවන් සේවා හරහා සංචාරය කිරීමට අපේක්ෂිත ගුවන් මගීන් 32 ක් සඳහා කඩිනමින් පහසුකම් සළසා දීමට කටයුතු කරන ලදී. අනෙකුත් ගුවන් මගීන් 251 සඳහා බැංකොක් හි හෝටල් නවාතැන් පහසුකම් සළසා දී ඇත. මේ අනුව 283ක් වූ සියලුම මගීන් සඳහා ආහාර පාන සැපයීමට ද ගුවන් සමාගම කටයුතු කර ඇත.


පැය කිහිපයකින් පසුව ගුවන් සමාගම විසින් කොළඹ සිට බැංකොක් වෙත විශේෂ ගුවන් යානාවක් අනෙකුත් මගීන් කොළඹට රැගෙන ඒම සඳහා පිටත් කර ඇත. මෙම UL1423 දරණ ගුවන් යානාව කොළඹ වෙත බඳාදා (දෙසැම්බර් 23 වැනිදා) ජාතික වේලාවෙන් පැය 17:15 (ප.ව 5:15) ට පැමිණීමට නියමිතය.
 

ජනතාව, ස්ථාන සහ අපේක්ෂා ඒකාබද්ධ කිරීමේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන එමිරේට්ස්් ගුවන් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ සිට ඇමරිකාව, යුරෝපය සහ ඕස්ටේ‍්‍රලියාව වෙත උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගමන් කරන සිසුන්ට දක්වන සහයෝගයක් ලෙස ඔවුන්ට ලබන නොවැම්බර් දක්වා අමතර භාණ්ඩ ප‍්‍රමාණයක් රුගෙන යාමේ අවස්ථාව ලබාදී තිබේ.

www.emirates.com/lk වෙබ් අඩවිය ඔස්සේ ගුවන් ටිකට් පත් වෙන්කර ගන්නා සිසුන්ට එමිරේට්ස් විසින් ලබාදෙන මෙම අමතර භාණ්ඩ රැගෙන යාමේ දීමනාව හිමිවන අතර ගුවන් සමාගම පවසන්නේ යුරෝපයට හෝ ඕස්ටේ‍්‍රලියාවට ඉකොනොමි පන්තියේ ගමන් ගන්නා විට හිමිවන කිලෝ 30 ක භාණ්ඩ රැගෙන යාමේ අවස්ථාවට අමතරව කිලෝ 10 ක් දක්වා රැගෙන යාමේ අවස්ථාව හිමිවන බවත්ල ඇමරිකාවට ගමන් ගන්නා සිසුන්ට කිලෝ 23 ක් දක්වා තවත් එක් ගමන් මළුවක් රැගෙන යා හැකි බවයි.

එමිරේට්ස් විසින් සේවා සපයන ඇමරිකාව, යුරෝපය සහ ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි ගමනාන්ත 50 කට වැඩි සංඛ්‍යාවක් දක්වා ගමන් කරන සිසුන්ට මේ සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන්ට ශිෂ්‍යභාවය ඔප්පු කිරීමේ ලේඛන තිබිය යුතු අතර වයස අවුරුදු 17 ත් 26 ත් අතර විය යුතුය. මීට අමතරව, මේ සඳහා සුදුසුකම් ලැබීමට 2015 ඔක්තෝම්බර් 31 වනදාට පෙර ඔවුන් සිය ටිකට් පත වෙන්කර ගත යුතුය. මෙහිදී, ටිකට් පත් සඳහා අනිවාර්යෙන්ම ගෙවීම් කළ යුත්තේ කොළඹ සහ මහනුවර පිහිටි එමිරේට්ස් කාර්යාල වලට බව සමාගම සඳහන් කරයි.

‘‘උසස් අධ්‍යාපනය වෙනුවෙන් කොළඹින් ගමන් කරන සිසුන්ගේ ප‍්‍රියතම ගුවන් සමාගමක් බවට එමිරේට්ස් පත්ව තිබෙනවා. අපගේ ගෝලීය ජාලයට ගමනාන්ත 144 ක් ඇතුළත් වී තිබීමත් කොළඹ සිට සතියකට ගුවන් ගමන් වාර 34 ක් ක‍්‍රියාත්මක කිරීමත් මෙයට හේතුවී තිබෙනවා. සිසුන්ට හිතවත් අපගේ සේවා සහ ගුවන් යානය තුළදී අප ලබාදෙන සුපිරි අත්දැකීමත් අපගේ සමාගමට ඇලූම් කිරීමට තවත් හේතුවක්,’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සම්මානනීය ගුවන් සමාගමේ ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප‍්‍රාදේශීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා පැවසීය. ‘‘අප විසින් ලබාදෙන භාණ්ඩ රැුගෙන යාමේ මෙම අමතර දීමනාව මගින් පෙන්වන්නේ මුල් වරට අධ්‍යාපනය සඳහා විදේශ ගතවන සිසුන්ගේ හෝ නැවතත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශ ගතවන සිසුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව අප තුළ ඇති අවබෝධයයි.’’

ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවන සිසුන්ගේ ගමන් මළුවල බර මෙම සීමාවන්ට වඩා වැඩිනම් අන්තර් ජාලය මගින් අමතර භාණ්ඩ දීමනාවක් සඳහා අයදුම් කිරීම මගින් සියළුම එම්රේට්ස් මගීන්ට ලැබෙන 10% ක වට්ටම ඔවුන්ටත් ලබාගත හැකි බවයි.

මෙම දීමනා කොළඹින් ගමන් ගන්නා එමිරේට්ස් ගුවන් යානාවල ඉකොනොමි පන්තියේ ගමන් ගන්නා සිසුන්ට හිමිවේ.

 

එමිරේට්ස් විසින් මේ වනවිට කොළඹ සිට සතියකට ගුවන් ගමන් වාර 34 ක් ක‍්‍රියාත්මක කරන අතර කොළඹ සිට බටහිර දෙසට මාලදිවයින සහ ඩුබායි දක්වා ගුවන් ගමන් වාර 27 ක් මෙන්ම නැගෙනහිර දෙසට සිංගප්පූරුව වෙත දිනකට එක් ගුවන් ගමන් වාරයක් බැගින් සතියකට ගුවන් ගමන් වාර 07 ක් සිදුකරයි. එම්රේට්ස් මේ වනවිට ඇමරිකාවේ නගර 09 ක් වෙත ගුවන් ගමන් ක‍්‍රියාත්මක කරන අතර 2015 සැප්තැම්බර් 01 වනදා සිට ඇමරිකාවේ 10 වන ගමනාන්තය ලෙස ඕර්ලැන්ඩෝ, ෆ්ලෝරීඩා වෙත පියාසර කිරීමට නියමිතය. සමාගම යුරෝපයේ ගමනාන්ත 37 ක් දක්වාත් ඕස්ටේ‍්‍රලියාවේ ගමනාන්ත 05 ක් දක්වාත් පියාසර කරයි.

 

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සහ කොන්දේසි පිළිබඳව දැන ගැනීම සඳහා කරුණාකර 4704070 දුරකතනය අංකයට අමතන්න. නැතිනම් www.emirates.com/lk වෙබ් අඩවියට පිවිසෙන්න.