මෝටර් කාර් රථ, වෑන්, SUV සහ සැහැල්ලූ ට‍්‍රක්රථ සඳහා තවත් ටයර් හඳුන්වාදෙමින් ඉදිරිපත් කරන රේඩියල් ටයර් ප‍්‍රමාණයන් 40 ක් දක්වා ඉහළ නංවයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් විසින් දේශීය වෙළඳපොළට නව රේඩියල් ටයර් ප‍්‍රමාණ හතක් හඳුන්වාදී තිබෙන අතර එමඟින් මූල්‍ය වසර ශක්තිමත්ව හා අනාගත බලාපොරොත්තු දල්වමින් අවසන් කිරීමට සමත්ව තිබේ.

කුඩා මෝටර් රථ, වෑන්, ස්පෝර්ට්ස් යුටිලිටි වෙහිකල්ස් (SUVs) සහ සැහැල්ලූ ට‍්‍රක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම නව නිෂ්පාදන සමඟ සියැට් රේඩියල් ටයර් මාලාව 40 ක් දක්වා පුළුල් වන අතර මෙම ටයර් පසුගියදා හඳුන්වා දුන්නේ වෙළඳ නියෝජිතයින්ද සහභාගී වූ විචිත‍්‍රවත් උත්සවයකදීය.

මේ වනවිට, ශ‍්‍රී ලංකාවේ රේඩියල් ටයර් වෙළඳපොළේ සහ අනිකුත් ටයර් කාණ්ඩ හතරක වෙළඳපොළ ප‍්‍රමුඛයා වන සියැට් මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක්ම සපයන අතර ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් වලින් තුනෙන් එකක් රටවල් 15 ක් වෙත අපනයනය කරයි.

මෙම නව ටයර් ප‍්‍රමාණ හත එළිදැක්වීම සඳහා පැවති උත්සවයේදී අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා පැවසුවේ මෙරට ටයර් වෙළඳපොළ තුළ නව ප‍්‍රවණතාවයන් ඇතිකිරීමට සමාගම සෑමවිටම කටයුතු කරන අතරම තම අලෙවි නියෝජිතයින් පිළිබඳව ඉහළ සැලකිල්ලක් දක්වන බවයි. 'අපගේ වටිනා වෙළඳ නියෝජිතයින් සමග එක්ව අපගේ කාර්යසාධනය නංවමින් සියළු අවස්ථාවන් ජයග‍්‍රහණය කිරීමට උපකාරවන සැලසුම් සහ අදහස් ඉදිරිපත් කරමින් ඔවුන්ගේද අදහස් ලබාගැනීමට අප නිරන්තරයෙන්ම කටයුතූ කරනවා.' යැයිද ඔහු පැවසුවේයග

මෙහිදී, අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විජේ ගාම්බීරේ මහතා පැවසුවේ සියැට් සිය අනාගත අභිවෘද්ධිය පිළිබඳව ඉහළ දැක්මකින් කටයුතු කරන බවයි. 'අපගේ නිෂ්පාදන පුළුල් කිරීමට සහ ඒවායේ ගුණාත්මක භාවය වැඩි කිරීමට අවශ්‍ය තාක්ෂණය වෙනුවෙන් අපි අඛණ්ඩවම ආයෝජනය කරනවා. ඒ වගේම අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සන්නාමයේ විශ්වසනීයත්වය ගොඩනැගීමටද අපි කටයුතු කරනවාල' යනුවෙන් ඔහු පැවසීය. 'සියැට්, අද ශ‍්‍රී ලංකාවේ විශාලතම ටයර් සන්නාමයයි. අපගේ වර්ධනය සමගින් තමන්ද ඉහළට නගිමින් අපගේ වෙළඳ නියෝජිතයින් සියැට් සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.'

සියැට් විසින් හඳුන්වා දුන් නව රේඩියල් ටයර් ප‍්‍රමාණ හතට මයික්‍රෝ ටෙ‍්‍රන්ඞ්, සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, මරුටි සෙන්, නිසාන් මාර්ච්, සුසුකි ඇල්ටෝ මෝටර් රථ සඳහා හඳුන්වා දුන් CEAT 'Milaze' LN 165/65 R13 සහ 165/65 R 14
කාණ්ඩය, ටොයොටා හයිඒස් (KDH), නිසාන් කැරවෑන් රථ සඳහා CEAT 'Czar' 205/75 R14 සහ 205/75 R15 ටයර් කාණ්ඩය, Mitsubishi Sportero, Nissan Patrol Y 60 සහ Y 61, Toyota Hilux Vigo, Isuzu Bighorn, Toyota Land Cruiser BJ 76 සහBJ 46 මෙන්ම Nissan Double Cab (4WD) D21 සහ D22 වෙනුවෙන් හඳුන්වා දුන් 265/75 R 16 සහ 31/10.5 R15 ටයර් කාණ්ඩය, සහ Elf 250, Mitsubishi Rosa, Toyota Coaster, Mahindra Cab සහ JMC, ABL and FAW සැහැල්ලූ ට‍්‍රක් රථ සඳහා හඳුන්වාදුන් 7.00 R 16 Radial Plus ටයර් කාණ්ඩය අයත් වේ.

මෙම එළිදැක්වීමත් සමග සියැට් විසින් මෙරට වෙළඳ පොළට ඉදිරිපත් කරන රේඩියල් ටයර් මාලාව මෝටර් කාර් රථ සඳහා ටයර් 22 කින්, වෑන් රථ සඳහා ටයර් 10 කින්, SUVසඳහා ටයර් 07 කින් සහ සැහැල්ලූ ට‍්‍රක් රථ සඳහා ටයර් 01 කින් සමන්විත වේ.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ වෙළඳ නියෝජිතයින් වෙත සමාගම විසින් ඉදිිරියේදී දියත් කිරීමට සැලසුම් කර තිබෙන නව වෙළඳ දැන්විම ප‍්‍රදර්ශනය කිරීමද සිදුකරන ලදී. මෙම නව දැන්විම සන්නිවේදන මගින් ඉදිරිපත් කරන්නේ විවිධ ටයර් කාණ්ඩ යටතේ වෙළඳ පෙළ නායකත්වය දරණ එකම ටයර් සන්නාමය සියැට්වන බවයි.

සියැට් කැළණි සමාගම රේඩියල්, වාණිජල යතුරු පැදි, ත‍්‍රී රෝද රථ සහ කෘෂි කාර්මික වාහන යන අංශ වෙනුවෙන් ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක කොටසක්ද, ට‍්‍රක් රථ/සැහැල්ලූ ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 54% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 17% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

ජයග්‍රාහී ධාවකයාට සහ පැදිකරුවාට බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් සහ යතුරු පැදියක්

2017 වසරේ මෝටර් රථ ධාවන තරඟ සමයේ ආරම්භය සටහන් කරමින්  වසර පුරා පැවැත්වෙන  මෝටර් රථ ධාවන තරඟ 6 කින් සමන්විත "Sri Lanka Super Series 2017" මේ වසරේදී ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකා මෝටර් රථ ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR)ආසියානු මෝටර් ධාවක සමාජය (AMRC)එක්ව සංවිධානය කරන මෙම ඉසව්ව සඳහා අනුග්‍රහාක දායකත්වය සපයන්නේ අභය සහ සමාගම විසිනි. USHA පිස්ටන්ස්  සහ SPR පිස්ටන් රිංග්ස් මෙරට බෙදාහරිනු ලබන්නේ අභය සහ සමාගම විසිනි.

Sri Lanka Super Series 2017 තරඟ 6කින් සමන්විත වෙයි. මේ අතරින්  කටුකුරුන්ද ධාවන තරඟාවලිය 2017මාර්තු 18 සහ 19 දිනවලදී පැවැත්වීමට නියමිතව තිබේ. අප්‍රේල් 21 සහ 22  ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්  තරඟාවලියද, මැයි 7 සහ 8 යන දිනවල  කලම්බු සුපර්ක්‍රොස් තරඟාවලිය ද, ජුලි 1 සහ 2 යන දිනවල කැවුලරි සුපර් ක්‍රොස් තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ. තවද කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරඟාවලිය පැවැත්වෙන්නේ ජුලි 15 සහ 16 වන දින වල දීය.සැප්තැම්බර් 9 සහ 10  යන දිනවල පන්නල ධාවන පථයේ පැවැත්වෙන තරඟාවලියෙන් මෙම ධාවන තරඟ නිමාවට පත්වන අතර ජයග්‍රාහකයින්ට සම්මාන ප්‍රදානය කිරීම දෙසැම්බර් 2 වනදා සිදුකෙරේ.

මෙම තරඟාවලි 6 තුළදී මෙරට හොඳම ධාවකයින් සහ පැදිකරුවකන් තරඟ වැදීමට නියමිත අතර ඔවුන් අතරින් දක්ෂතම ධාවකයා සහ පැදිකරු වසර අවසානයේදී තෝරා ගනු ලැබේ.  දක්ෂතම ධාවකයාට KIA Motors Lanka Limited හා විෂන් කෙයාර් ඒකාබද්ධව  බ්‍රෑන්ඩ් නිව් KIA Picanto රථයක් පිරිනැමෙයි. එමෙන්ම ජයග්‍රාහී පැදිකරුට ස්ටැෆර්ඩ් මෝටර්ස් වෙතින් බ්‍රෑන්ඩ් නිව් Honda Hornet  යතුරු පැදියක් පිරිනැමීමට ද සැලසුම් කර තිබේ.

මෙම සියලු ත්‍යාග සහ සම්මාන දෙසැම්බර් 2 වනදා අත්තිඩිය  ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්ම්න්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදී සිදුකිරීමට නියමිතය.

Sri Lanka Super Series 2017 සඳහා ආයතන රැසක්  සහයෝගය දක්වන අතර ප්‍රතිසාධන සහකරු ලෙස Jeepඉදිරිපත්ව ඇති අතර තරඟාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට  වයස අවුරුදු 16 න් පහළ, 13න් පහළ,10න් පහළ  යතුරු පැදි තරඟ සඳහා ඉදිරිපත් වන සියලු  පැදිකරුවන්ට ලිපි ද්‍රව්‍ය ත්‍යාග වශයෙන් ලබාදීමට ProMate කැමැත්ත පළ කර තිබේ.

Sri Lanka Super Series 2017 නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රීලංකා මෝටර් රථ ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමයේ (SLARDAR) සභාපති නිෂාන් වාසලතන්ත්‍රී සඳහන් කළේ  මෙරට මෝටර් රථ ධාවන තරඟ සහ යතුරු පැදි තරඟ ක්ෂේත්‍රයේ වර්ධනයට පුළුල් අවස්ථාවක් විවර කර දෙමින්  මෙවර ද අති සාර්ථක අන්දමින් Sri Lanka Super Series පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. මෙරට පැවත්වෙන ප්‍රමුඛතම තරඟාවලිය වන Sri Lanka Super Series වෙතින් වටිනා ත්‍යාග පිරිනැමිම මඟින් මෙරට මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් දිරිගැන්වීමට අපේක්ෂා කරන බව ද  සඳහන් කළේය.සෑම තරඟාවලියක් සඳහාම අති විශාල  නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කළ වාසලතන්ත්‍රී මහතා පෙන්වා දුන්නේ ජයග්‍රාහකයින් සඳහාද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි. ක්‍රීඩකයින් දක්ෂතා දක්වන තාක්කල් ක්‍රීඩාවක පැවැත්ම රඳා පවතින බව පෙන්වා දුන් ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කළේ  SLARDAR හාAMRC ඒකාබද්ධව කටයුතු කිරීම මඟින් මෙම වසර තුළ මෝටර් රථ ධාවන ක්‍රීඩාව සහ යතුරු පැදි ධාවන ක්‍රීඩාව ඉහලට ඔසවා තැබීමට අපේක්ෂා කරන බව  ද සඳහන් කළේය.

කොළඹ නගරයේ රථවාහන තදබදය මෙන්ම වාහන නැවැත්වීමේ ගැටලූවද දිනෙන් දින බරපතළ වෙමින් පවතී. මීට විසඳුමක් වශයෙන් කාර්යක්ෂම වාහන නැවැත්වීම් කළමනාකරණ ක‍්‍රමවේදයක් හඳුන්වා දීමේ වැදගත්කම කලක පටන් සාකච්ඡුාවට බඳුන් වෙමින් තිබිණි. මීට පිළියමක් ලෙස මෙරට රථවාහන නැවැත්වීමේ සහ රථවාහන තදබදය කළමනාකරණය කිරීමේ විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමියා වන Tenaga Car Parks සමාගම විසින් Tenaga ParkSmart නමින් නිර්මාණශීලී ජංගම දුරකථන යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. කොළඹ මහනගර සභාව සමග අත්වැල් බැඳගෙන නිර්මාණය කරන ලද මෙම යෙදුම පසුගිය පෙබරවාරි 16 වනදා නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු සේවා) එල්. ආර්. එල්. වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ කොළඹ මහනගර සභාවේ සහ ශ‍්‍රී ලංකා පොලීසියේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් යුතුව එළිදක්වන ලදි.

අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා, රථවාහන තදබද විසඳුම් නිර්මාණකරණ සහ මාර්ග සුරක්ෂිතතා) නිහාල් වික‍්‍රමරත්න මහතාගේ සහ කොළඹ මහනගර සභා කණ්ඩායමේ මූලකත්වයෙන් ක‍්‍රියාත්මක වන ParkSmart මෙරට රථවාහන නැවැත්වීම විධිමත් කිරීම සඳහා සකස් කරන ලද ප‍්‍රථම ජංගම යෙදුම ලෙස සැලකේ. මේ මගින් කොළඹ මහනගර සභා බලප‍්‍රදේශයේ පිහිටා ඇති Tenaga නැවතුම් ස්ථානවල වාහන නවත්වන රියදුරන්ට රථවාහන නැවතුම් මීටර වෙත ගොස් ගාස්තු ගෙවීම වෙනුවට සිය ජංගම දුරකථන මගින් අදාළ ගාස්තුව ගෙවිය හැකි වීම විශේෂත්වයකි. මේ වනවිට ගාලූ පාර (දෙහිවල සිට ගලධාරී මංසන්ධිය දක්වා, උප මාවත්ද ඇතුළුව) සහ ආර්. ඒ. ද මැල් මාවත (ධර්මාරාම පාරේ සිට ලිබර්ටි ප්ලාසා මංසන්ධිය දක්වා, උප මාවත්ද ඇතුළුව) යන මාවත්වල Smart Park යන්ත‍්‍ර සවිකර ඇත.

මෙම යෙදුම දියත් කිරීමේ අවස්ථාවේදී ආදහස් දැක්වූ Tenaga Car Parks (පුද්.) සමාගමේ ඩිලාන් පෙරේරා මහතා Smart Park මීටර් ක‍්‍රමය මත පදනම් වී ඇති ඔැබ්ට් Tenaga Park Smart යෙදුම පිළිබඳව රැස්ව සිටි පිරිසට කරුණු පැහැදිලි කළේ ය. ඩයලොග් ආසිආටා සමාගම සහ CALE Sweden සමග අත්වැල් බැඳගෙන නිර්මාණය කර ඇති මෙම සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක වන යන්ත‍්‍ර මෙම වසරේ ආරම්භයේ සිට කොළඹ නගරයේ විවිධ ස්ථානවල ස්ථාපිත කරන ලදි. මෙම යන්ත‍්‍ර මගින් පැය ගණන අනුව ගාස්තුව තීරණය කරනු ලබන අතර වාහන වර්ගය අනුව ගාස්තුව වෙනස් වේ. මේ වනවිට යතුරුපැදි සඳහා පැයකට රු. 10 ක්ද, ත‍්‍රිරෝද රථ සඳහා රු. 20 ක්ද, කාර් සහ වෑන් රථ සඳහා රු. 30 ක්ද, ලොරි රථ සඳහා රු. 50 ක්ද අයකෙරේ. වර්තමානය වනවිට විවිධ ස්ථානවල Smart Park මීටර් 100ක් සවිකර ඇත.

දැනට මෙම ජංගම දුරකථන යෙදුම ඇතුළත් කළ හැක්කේ ඇන්ඩ්‍රොයිඞ් උපාංග සඳහා පමණි. Negete (පුද්.) සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම ජංගම දුරකථන යෙදුම රියදුරන්ට විශාල පහසුවක් වනු නොඅනුමාන ය. මේ වනවිට තම ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතයෙන් මෙන්ම ඩයලොග් eZ cash සහ Add2Bill (ළඟදීම) වැනි ක‍්‍රම භාවිතයෙන් රියදුරන්ට මේ සඳහා ගාස්තු ගෙවිය හැකි වේ. නැවතුම් කාලය ඉක්මවා යාමට ආසන්නයේදී ඒ බව සිහිපත් කිරීමේ ක‍්‍රමයක්, වාහන නැවැත්වූ ස්ථානය සොයාගැනීමේ ක‍්‍රමයක් සහ වාහන නැවැත්වීමේ ඉතිහාසය මතකයේ තබාගන්නා ක‍්‍රමයක් වැනි විශේෂාංග රැසක්ද මීට ඇතුළත් වී ඇත.

මෙම උත්සවයේදී Negete සමාගමේ නියෝජිතයෝ අදාළ යෙදුම භාවිතා කරන ආකාරය රැුස්ව සිටි පිරිසට පැහැදිලි කළහ. යෙදුම බාගත කරගත් පසුව අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය ලියාපදිංචි කළ යුතු අතර දුරකථනය අදාළ යෙදුම සමග සම්බන්ධ වන්නේ මෙම ක‍්‍රමය භාවිතයෙනි. ඉන් අනතුරුව රථයේ වර්ගය අනුව ගාස්තු අයවීම සඳහා රියදුරු තම රථය මෙම යෙදුමේ ලියාපදිංචි කළයුතු ය. ඉන් පසු, යෙදුම ක‍්‍රියාත්මක කර ඇති විට මහාමාර්ගයේදී එය රියදුරුට ළඟින්ම ඇති Tenaga වාහන නැවැත්වීමේ මීටරය ඇති තැන පෙන්නුම් කරයි. වාහනය නැවැත්වූ පසුව එසේ නවත්වා තිබිය යුතු පැය ගණන ඇතුළත් කර ඒ සඳහා තමන් කැමති ක‍්‍රමයට ගාස්තු ගෙවා යා හැක. අදාළ කාලය අවසන් වීමට ආසන්න වූ විට මෙම යෙදුම රියදුරුට ඒ බව සිහිපත් කරන අතර කාලය දීර්ඝ කිරීම අවශ්‍ය නම් ඒ සඳහා ගාස්තු ගෙවිය හැකි ක‍්‍රමද ඉදිරිපත් කරයි. සියලූම ලදුපත් ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයට නිකුත් කෙරෙන නිසා මෙම යෙදුම පරිසර හිතකාමීද වේ.

Tenaga ParkSmart ඉදිරියේදී අනෙකුත් මෙහෙයුම් පද්ධති සඳහාද හඳුන්වා දීමට නියමිත අතර එය තවදුරටත් පුළුල් කිරීම සඳහා කැනඩාවේ Gtechna සමග අත්වැල් බැඳගැනීමටද නියමිත ය. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා, මෙවැනි ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය ආයතනයක් සමග අත්වැල් බැඳගත් ප‍්‍රථම පෞද්ගලික සමාගම වීම තමන්ට විශාල ගෞරවයක් බව කියා සිටි අතර වැඩසටහන සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් කොළඹ මහනගර සභාවට සිය හදපිරි ස්තූතියද පළකළේ ය.

2017 ජනවාරි 27, සිකුරාදා, කොළඹ: ශ‍්‍රී ලංකාව තුළ ටොයොටා රථවාහන සඳහා එකම බලයලත් නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගම ප‍්‍රථම වරට අලූත්ම 1000cc 'Wigo' රථය මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ‘සිලෝන් මෝටර් ෂෝ’ ප‍්‍රදර්ශනයේදී මෙම රථය හඳුන්වා දීම සිදුවිය.

ටොයොටා ලංකා සමාගම මෙසේ 1000cc කාණ්ඩයේ රථයක් මෙරටට හඳුන්වා දෙන ප‍්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ වනවිට පාවිච්චි නොකළ, උසස්ම තත්වයෙන් නිෂ්පාදිත, සුවපහසු, එහෙත් පහසු මිලට ලබාගත හැකි මෙම කාණ්ඩයේ රථ සඳහා මෙරට වෙළඳපොළ තුළ විශාල ඉල්ලූමක් පවතී. 'Wigo' රථය නිර්මාණය කර ඇත්තේ මෙබඳු රථයක් අපේක්ෂා කරන පවුල් සහ තරුණ විධායක නිලධාරීන් වැනි අය ඉලක්ක කරගනිමිනි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා පැවසුවේ ප‍්‍රථම වරට මෝටර් රථයක් මිලදීගන්නා කෙනෙකුට මෙම රථය ඉතාමත් සුදුසු බවයි. ‘‘මෙය ලෝකයේ විශිෂ්ටතම සන්නාමයකින් පහසු මිලට ලබාදෙන රථයක් වගේම සුවපහසුව හා ආරක්ෂාව වැනි ගුණාංග සියල්ල එකට කැටිවූ රථයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. මෙම රථය මිලදීගන්නා අයට ජාත්‍යන්තර ටොයොටා ප‍්‍රමිතීන්ට අනුව අති විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවකුත් හිමිවන බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එම නිසා මෙම රථය දැකබලාගෙන එහි විශිෂ්ටත්වය අත්දකින මෙන් මා අලූත් මෝටර් රථයක් මිලදීගන්නට බලාපොරොත්තු වන සියලූම දෙනාට ආරාධනා කරනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

'Wigo' රථය වෙළඳපොළට පැමිණෙන්නේ අලංකාර නිමාව, පසුපස ස්පොයිලරය, පසුපස ඉහළින් සවිකළ නැවතුම් පහන් සහ ක්‍රෝම් සැරසිලි වැනි අලංකරණ විශේෂාංග රැුසක්ද සමගිනි. මෙය ළඟදී රිය පැදවීම අරාම්භ කළ කෙනෙකුට මෙන්ම පළපුරුදු රියදුරෙකුටද ගමනේ තෘප්තිය උපරිමයෙන් විඳගත හැකි රථයක් බව ටොයෝටා සමාගම පවසයි. මෙහි පසුපස ගමන් කරන මගීන්ට ඉතාමත් පහසුවෙන් ගමන් කළ හැකි අතර බඩු රැුගෙන යාම සඳහාද මනා ඉඩකඩක් පවතී. USB සහ Aux සහිත Radio/CD/MP3, Power Windows හා Door-locks, SRS airbags සහ Anti-lock Breaking System වැනි තවත් විශේෂාංග රැසක්ද ඊට ඇතුළත් කර ඇත. ඉතා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත ටොයොටා 'Wigo' රථය 1L in-line 3 cylinder DOHC එන්ජිමකින් පණගැන්වෙන අතර වේග 4 ස්වයංක්රීැය ගියර පද්ධතියකින් සමන්විත වේ.

ටොයොටා ලංකා සමාගම පිරිනමන වසර 3/කිලෝමීටර් 100,000 වගකීම සහිත ටොයොටා 'Wigo' රථය මිලදීගන්නා පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ටොයෝටා අලෙවියෙන් පසු සේවය ලබාදීමටද සමාගම සූදානමින් සිටී. වැඩි විස්තර සඳහා 0112 939000 අංකයෙන් ටොයොටා ලංකා සමාගම අමතන්න. නැතිනම් වත්තල, රත්මලාන, මීගමුව සහ කුරුණෑගල පිහිටා ඇති ටොයොටා ලංකා ප‍්‍රදර්ශනාගාර වෙත පැමිණෙන්න.

‘සිලෝන් මෝටර් ෂෝ 2017’ ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පෙර නොවූවිරූ තරම් විශාල පිරිසක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට ඇදී ආ බව එහි සංවිධායකවරු පවසති. මෙම ප‍්‍රදර්ශනයේදී අති-නවීනතම තාක්ෂණයෙන් යුතුව අලූතින්ම වෙළඳපොළට පැමිණෙන වාහන මෙන්ම 20 වන සියවසේ මුල් භාගයේ සිට මෑතක් දක්වා නිෂ්පාදනය වූ පෞරාණික රථවාහන රාශියක්ද දැකබලාගැනීමේ අවස්ථාව නරඹන්නන් හට උදා විය.

ප‍්‍රදර්ශනය නැරඹීමට 23,000 කට අධික පිරිසක් පැමිණි අතර එය පෙර වර්ෂවලදී වාර්තා වූ සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න ය. ලංකා මෝටර් රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය නියෝජනය කරන සමාගම් විසින් ගෙන්වා අලෙවිකරනු ලබන විවිධ සන්නාම වර්ග 60 කට පමණ අයත් රථවාහන මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණි. ලොව ජනප‍්‍රියම සන්නාම යටතේ නිෂ්පාදනය වූ කාර්, ජීප්, බස්, ට‍්‍රක් සහ මෝටර් සයිකල් වැනි රථවාහන වර්ග රැුසක් රිසි සේ දැකබලා ගැනීමට මෙහිදී නරඹන්නන් හට අවස්ථාව ලබාදෙන ලදි.

එමෙන්ම ලංකා පැරණි මෝටර් රථ සංගමය (Classic Car Club of Ceylon) මගින් ඉතාමත් දුර්ලභ මෝටර් රථ මෙන්ම විවිධාකාරයේ පෞරාණික වටිනාකම් සහිත මෝටර් රථ 130 කට අධික සංඛ්‍යාවක් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබිණි. අබලන් තත්ත්වයේ පවතින වටිනා පැරණි වාහන මුළුමනින්ම අලූත්වැඩියා කිරීම ගැන නරඹන්නන්ට පැහැදිලි අවබෝධයක් ලබාදීම සඳහා 'Restoration Corner' ලෙස කොටසක් වෙන්කිරීමටද පියවර ගෙන තිබීම විශේෂත්වයක් විය.

”නරඹන්නන් බොහෝ පිරිසක් මෙවර ප‍්‍රදර්ශනය ගැන විශාල පැහැදීමකින් කතා කළා. ඔවුන් පැවසුවේ මෙවර ප‍්‍රදර්ශනය සැබවින්ම ජාත්‍යන්තර ප‍්‍රමිතියේ එකක් වූ බවයි. අනාගතයේදී මෙම ප‍්‍රදර්ශනය තවතවත් දියුණු කිරීම සඳහා මෙය අපට ආදර්ශයක් වේවි.” ලංකා මෝටර් රථ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති රීසා රවුෆ් මහතා පැවසී ය.

අලූත්ම Sports Car, SUV සහ Hatchback වර්ගයේ රථවාහන මාදිලි තුනක්ද මෙම ප‍්‍රදර්ශනයේදී නිල වශයෙන් ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දෙන ලදි.

ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය සහ ලංකා පැරණි මෝටර් රථ සංගමය එක්වී සංවිධානය කරන ලද ‘සිලෝන් මෝටර් ෂෝ 2017’ ප‍්‍රදර්ශනයට ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදෙන ලද්දේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් විසිනි. මේ ආකාරයට ක්ෂේත‍්‍රයෙන් ලැබෙන විශාල සහයෝගයක් සමග විශාල ජනතා සහභාගීත්වයක් සමගින් පැවැත්වෙන මෙරට මෙම වර්ගයේ එකම ප‍්‍රදර්ශනය මෙයයි.

‘‘මෙවර ප‍්‍රදර්ශනය අතිශයින්ම සාර්ථකයි. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් අපට විශාල සහයෝගයක් ලැබුණා. මේ සාර්ථකත්වය වෙනුවෙන් අපගේ සාමාජිකයන්, සංවිධායකයන්, අනුග‍්‍රාහකයන් සහ නරඹන්නන් ඇතුළු සියලූ දෙනාටම ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. එළඹෙන වසරේ ප‍්‍රදර්ශනය මීටත් වඩා සාර්ථක ලෙස පැවැත්වීම අපගේ ඉලක්කයයි.” ලංකා පැරණි මෝටර් රථ සංගමයේ සභාපතිනිය වන රමණි පොන්නම්බලම් මහත්මිය පැවසුවා ය.

2017 පෙබරවාරි 02, කොළඹ: ටොයොටා රථවාහන සඳහා මෙරට එකම නිල නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගම සිය නවතම හඳුන්වා දීම වන ටොයොටා ‘වීගො’ රථය සඳහා වෙනම ප‍්‍රදර්ශනාගාරයක් වත්තල ප‍්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. 1000cc කාණ්ඩයේ රථයක් වන වීගො රථය පහසු මිලට ලබාගත හැකි, මනා සුවපහසුව සහිත රථයක් වන අතර එම රථය ටොයොටා ලංකා සමාගම විසින් මෑතකදී මෙරට වෙළඳපොළට හදුන්වා දෙන ලදි.

වත්තල පිහිටි ‘ටොයොටා ප්ලාසා’ පරිශ‍්‍රයේ මෙම විගො ප‍්‍රදර්ශනාගාරය පිහිටා ඇති අතර වීගො රථයට ආවේණික ලක්ෂණ ලෙස සැලකෙන විනෝදමත් බව නිරූපණය වන පරිදි මෙම ප‍්‍රදර්ශනාගාරය සැලසුම් කර තිබේ. මුලින්ම වාහනයක් මිලදීගන්නා තරුණ විධායක නිලධාරීන් හා පවුල් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම රථය වර්තමාන ජීවන රටාවන්ට කදිමට ගැළපෙන රථයක් ලෙස හැඳින්විය හැක.

‘‘ටොයොටා ‘වීගො’ රථය ටොයොටා ලංකා වාහන එකතුවට එක්වූ ඉතාමත් වැදගත් රථ මාදිලියක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම රථය බිහිවී තිබෙන්නේ ආරම්භක මට්ටමේ රථයක් සඳහා වෙළඳපොළේ ඇති විශාල ඉල්ලූම සපුරාලීමේ අරමුණින් විශිෂ්ට ප‍්‍රමිතියෙන් යුත් රථයක් නිපදවීමට ටොයොටා සමාගම දැරූ විශාල උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙම විශිෂ්ට රථයට ගැළපෙන විශිෂ්ට පාරිභෝගික සේවාව ලබාදීමට ටොයොටා ලංකා සමාගම සූදානමින් සිටිනවා.” ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා පැවසී ය.

‘‘දිගු කාලයක් යනතුරු ටොයොටා ලංකා සමාගම 1000ජජ හෝ ඊට අඩු කාණ්ඩයේ රථයක් හදූන්වාදී තිබුණේ නැහැ. වීගො රථය හඳුන්වා දීමත් සමග එම අඩුපාඩුව සපිරෙනවා. දැන් පාරිභෝගිකයන්ට ආරම්භක මට්ටමේ සිට අධි-සුඛෝපභෝගී මට්ටම දක්වා තමන් කැමති කාණ්ඩයක ටොයොටා රථ ටොයොටා ලංකා සමාගම ෙවතින් මිලදීගැනීමට පුළුවන්. ඉදිරියේදී වීගො රථය බෙහෙවින් ජනප‍්‍රිය වේවි කියා අප විශ්වාස කරනවා. ඒත් සමග 1000ජජ කාණ්ඩයේ අපගේ ව්‍යාපාරික මෙහෙයුම් තවතවත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වනවා.” ටොයොටා ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසී ය.

අලූත්ම ටොයොටා වීගො රථයට වසර 3/කිලෝමීටර 100,000 ක වගකීමක් සමග නොමිලේ ලියාපදිංචිය සහ නොමිලේ සේවා වාර 3 ක් ලබාදීමට ටොයොටා ලංකා සමාගම කටයුතු යොදා ඇත.

අංක 337, මීගමුව පාර, වත්තල යන ස්ථානයේ පිහිටි ‘ටොයොටා ප්ලාසා’ හි වීගො ප‍්‍රදර්ශනාගාරයේදී මෙන්ම රත්මලාන, මීගමුව සහ කුරුණෑගල යන ස්ථානවල පිහිටි ටොයොටා ලංකා ප‍්‍රදර්ශනාගාරවලදී ටොයොටා වීගො රථය පරීක්ෂා කළ හැක. වැඩිදුර විස්තර සඳහා 0112 939000 අංකයෙන් ටොයොටා ලංකා සමාගම අමතන්න.

ටොයෝටා සමාගමේ නිෂ්පාදනයක් වන උසස්ම තත්ත්වයේ ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ (Toyota Genuine Battery) මෙරටට හඳුන්වා දීමට ටොයෝටා ලංකා සමාගම ජනවාරි 28 වනදා ‘සිලෝන් මෝටර් ෂෝ’ ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේදී කටයුතු කළේ ය. ටොයෝටා මාදිලි සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම බැටරි අවම නඩත්තුවකින් උපරිම ක‍්‍රියාකාරීත්වයක් ලබාදෙන ලෙස සකස් කර ඇත.

භාවිතා කරන රථයේ ක‍්‍රියාකාරීත්වයට හොඳින් ගැළපෙන පරිදි නිෂ්පාදනය කර තිබීම නිසා ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ මෙසේ උපරිම ක‍්‍රියාකාරීත්වයක් ලබා දීමට සමත් වෙයි. මේ වනවිට වෙළඳපොළේ පවතින බොහෝ බැටරි පොදුවේ රථවාහන වර්ග රාශියකට ගැළපෙන ලෙස නිෂ්පාදනය කර ඇති අතර ඒවා නිෂ්පාදනයේදී රථවාහන මාදිලිවලට ආවේණික විශේෂ ගුණාංග කෙරෙහි අවධානය යොමු නොවේ. එම නිසා නිසා කල් යාමේදී ඒවායේ ශක්ති ධාරිතාව හා ක‍්‍රියාකාරීත්වය අඩු වී යයි.

එහෙත් ටොයෝටා නියම බැටරි නිෂ්පාදනයේදී උසස්ම තත්ත්වයේ කැල්සියම් මිශ‍්‍රලෝහ ජාලක යොදාගැනෙන අතර ටොයෝටා රථවාහන මාදිලිය අනුව මෙම බැටරි වර්ග කර ඇත. මේ ඔස්සේ අදාළ වාහනයේ ක‍්‍රියාකාරීත්වයට හොඳින්ම ගැළපෙන බල සැපයුමක් ලැබෙන නිසා ඉන් උපරිම ක‍්‍රියාකාරීත්වයක් ලැබේ. දැඩි වාත්තුවෙන් නිපදවූ ධන ජාලකය, ශක්තිමත් ලෝහ අංග සහ ද්විත්ව ගිල්වුම් ආරක්ෂාව ආදිය නිසා මෙම බැටරිවල මලබැඳීමද අවම ය. එමෙන්ම එය දියර අඩුවීම අවම කරන සහ ගැස්සීම ඇති අවස්ථාවලදී සිදුවන හානි අවම කරන ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ මේ සියල්ල සමගින් වාහනයට විශිෂ්ට බල සැපයුමක් ලබා දෙයි.

‘ටොයෝටා ජෙනුයින් බැටරි’ මිලදීගන්නා පාරිභෝගිකයන්ට එසේ මිලදීගන්නා දිනයේ සිට වසර 2 ක් දක්වා වගකීමක් හිමිවන අතර ටොයෝටා සමාගම හෝ එහි නියෝජිතයන් වෙතින් නොමිලේ නඩත්තු සේවා සහ නොමිලේ මාසික පරීක්ෂාවන්ද හිමි වේ. නිෂ්පාදන දෝෂ ඉතාමත් විරල නමුත් කිසියම් නිෂ්පාදන දෝෂයක් කලාතුරකින් හෝ ඇතිවන්නේ නම් ඒ සඳහා වගකීම් කාලය ඇතුළත වෙනත් බැටරියක් ලබාදෙනු ඇත. දිවයින පුරා පිහිටි ටොයෝටා ලංකා ශාඛා සහ සමාගමේ බලයලත් නියෝජිතයන් වෙතින් ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ මිලදීගත හැකි වේ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ටොයෝටා ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී අමතර කොටස්, ලිහිසි තෙල් සහ මෝටර් රථ සත්කාර* ප‍්‍රියන්ත පෙරේරා මහතා පැවසුවේ මින් ඉදිරියට බැටරි නඩත්තුව ගැන කරදර වීම අවශ්‍ය නොවන බවයි. ”සාමාන්‍ය බැටරි නිතර නඩත්තු කළ යුතුයි. ඒ වගේම ඒවා විශේෂ රථවාහන මාදිලියක් වෙනුවෙන් නිෂ්පාදනය කර නැති නිසා ඒවායින් නිසි ක‍්‍රියාකාරීත්වයක් ලැබෙන්නෙත් නැහැ. ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ යෙදීම මගින් ටොයෝටා රථවාහන හිමියන්ට මෙම ගැටලූවලට මනා විසඳුමක් ලැබේවි.”

මෙම අවස්ථාවට ටොයෝටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා, අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල, සාමාන්‍යාධිකාරී (අමතර කොටස්, ලිහිසි තෙල් සහ මෝටර් රථ සත්කාර) ප‍්‍රියන්ත පෙරේරා සහ ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ කණ්ඩායම් නායක ඇන්ටන් රොෂේන් යන මහත්වරු සහභාගී වූහ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීම සම්බන්ධයෙන් ටොයෝටා ලංකා සමාගම ප‍්‍රසිද්ධියක් උසුලන අතර Toyota Tsusho Corporation මගින් 2015 වසරේදී එම සමාගම මෙම කලාපයේ විශිෂ්ටතම විකුණුම් සම්පාදක (Best Sales Provider) ලෙසද ඇගයීමට ලක්කරන ලදි. ජපානයේ Toyota Tsusho Corporation හි අනුබද්ධ සමාගමක් ලෙස 1995 වසරේදී ආරම්භ කරන ලද ටොයෝටා ලංකා සමාගම ටොයෝටා රථවාහන, හීනෝ රථවාහන සහ නියම අමතර කොටස් මෙන්ම ටොයෝටා අලෙවියෙන් පසු සේවා, ටොයෝටා ජෙනුයින් මෝටර් ඔයිල්, ටොයෝටා ජෙනුයින් බැටරි, ටොයෝටා කාර්මික උපකරණ මෙන්ම ලෝ ප‍්‍රකට පිරෙලි ටයර් සඳහාද මෙරට බලයලත් නියෝජිත ලෙස කටයුතු කරයි. එමෙන්ම ටොයෝටා ලංකා සමාගම නිරතුරුව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප‍්‍රජා සත්කාර වැඩසටහන් සංවිධානය කිරීමටද පියවර ගනී.

දේශීය කුසලතා ජාත්‍යන්තර තලයට රැුගෙන යාමේ උත්සාහයක්

2017 ජනවාරි 17, කොළඹ: ජපානයේ ටොයෝටා සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් මෙන්ම ටොයෝටා සහ හීනෝ (HINO) සන්නාම සඳහා මෙරට නිල නියෝජිතයන් ලෙස කටයුතු කරන ටොයෝටා ලංකා සමාගම පසුගියදා ප‍්‍රථම වරට ’හීනෝ ජාතික නිපුණතා තරගාවලිය පැවැත්වීමට කටයුතු කළේ ය. මෙරට HINO සේවා ස්ථානවල සේවය කරන කාර්මිකයන්ගේ කුසලතාවන් වැඩිදියුණු කරමින් එම ස්ථානවලින් පාරිභෝගිකයන් වෙත හිමිවන සේවාවේ ප‍්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

සම්පූර්ණ දිනයක් පුරා පැවැත්වුණු මෙම වැඩසටහන යටතේ අදාළ කාර්යයන් සිදුකරනු ලබන ආකාරය, ඒවා සිදුකිරීමට ගතවන කාලය, සේවා කළමනාකරණ කුසලතාවන් සහ අලූත්වැඩියා ප‍්‍රමිතීන් පවත්වාගන්නා ආකාරය යනාදිය අධීක්ෂණය කරන ලදි. ටොයෝටා ලංකා සමාගමේ ආරාධනය පරිදි මෙම තරගය වෙනුවෙන්ම මෙරටට පැමිණි, ජපානයේ Hino Motors Limited නියෝජනය කරන විශේෂඥයෝ පිරිසක් මෙම තරගය අධීක්ෂණය කළහ. HINO කාර්මිකයන්ගේ හැකියාවන් පුළුල් කරන අතරම පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීම මෙම වැඩසටහනේ ප‍්‍රධානතම ඉලක්කය වී තිබිණි.

‘‘රටේ ඇතිවන සංවර්ධනයට සමගාමීව මගී හා භාණ්ඩ ප‍්‍රවාහන සේවාවන් පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල ව්‍යුහ දියුණු කිරීම ඉතාමත් වැදගත්. මේ මගින් කාර්මික සහ බර වාහන සඳහා ඇති ඉල්ලූම ඉහළ යනවා වගේම ඒවා නඩත්තුව සඳහා කාර්මික සේවා සහ මනා පුහුණුව ලත් කාර්මිකයන් සඳහා ඇති ඉල්ලූමත් ඉහළ යනවා. එම නිසා මේ අවස්ථාවේදී ටොයෝටා සමාගමේ පිටුබලය සහිත HINO සේවාවක් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වීම බෙහෙවින් වැදගත් කියා අප සිතනවා.” ටොයෝටා ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී (සේවා) මතීෂ සමරනායක මහතා පැවසී ය.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ටොයෝටා ලංකා සමාගමේ සහකාර කළමනාකරු සහ සේවා ප‍්‍රධානී නුවන් ද සිල්වා මහතා පැවසුවේ 2009 දී ශ‍්‍රී ලංකාට හඳුන්වා දුන් HINO සන්නාමය ඉතාමත් කෙටි කාලයක් තුළ විශාල ජනප‍්‍රියත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ බවයි. ”මේ ජනප‍්‍රියත්වය ඔස්සේ පරිපූර්ණ ප‍්‍රවාහන විසඳුම් මෙන්ම පරිපූර්ණ අලෙවියෙන් පසු සේවාවක්ද ලබාදීමට ටොයෝටා ලංකා සමාගම කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී විකුණුම්, සේවා හා අමතර කොටස් සහිත විශේෂ මධ්‍යස්ථානයක් විවෘත කිරීමටත් අප සැලසුම් කර තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම සැලසුම්වලට ගැළපෙන පරිදි අපගේ කාර්ය මණ්ඩලයේ කුසලතාවන් වැඩිදියුණු කිරීමට හීනෝ ජාතික කුසලතා තරගාවලිය බෙහෙවින් උපකාරී වේවි. ඉදිරියේදීත් ශ‍්‍රී ලංකාවට විශිෂ්ටතම සේවාවන් හඳුන්වාදීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදුකිරීමට ටොයෝටා ලංකා සමාගම සූදානමින් සිටිනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

හීනෝ ජාතික කුසලතා තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට දිනිඳු බුද්ධික පීරිස් මහතා සමත් වූ අතර දෙවැනි ස්ථානය අමිල නුවන් කරුණානායක මහතා වෙත හිමි විය. මෙහිදී තරගකරුවන්ට සිය දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට මනා වේදිකාවක් සපයා දීමට අමතරව ජයග‍්‍රාහකයන්ට හීනෝ මෝටර් සමාගම වෙතින් ජාත්‍යන්තර පිළිගැනීම සහිත සහතිකයක්ද පිරිනමන ලදි. එමෙන්ම මෙම ජයග‍්‍රාහකයන්ට ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර HINO සම්මාන උළෙලට සහභාගී වීමට අවස්ථාව උදාකර දී තිබීම තවත් විශේෂත්වයකි.

ටොයෝටා ලංකා සමාගම කටයුතු කරනුයේ පාරිභෝගිකයන් මෙන්ම කාර්ය මණ්ඩලය සමග ජීවිත කාලීන බැඳීමක් ඇතිකරගැනීමේ අරමුණින් යුතුව ය. ඉදිරියේදීත් මානව සම්පත් සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙමින්, අඛණ්ඩව විශිෂ්ට මට්ටමින් HINO අලෙවිය සහ සේවාවන් පවත්වාගෙන යමින්, ටොයෝටා සම්ප‍්‍රදාය සුරකින අතරම වෙළඳපොළේ දැඩි තරගකාරීත්වය මැද HINO නාමය දියුණුවෙන් දියුණුව වෙත රැුගෙන යාම සමාගමේ අපේක්ෂාව වේ.

HINO සේවා කණ්ඩායම වෙතින් හිමිවන සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර 011 2 939 000 අංකය අමතන්න. නැතිනම් අංක 337, මීගමුව පාර, වත්තල යන ස්ථානයේ පිහිටි ටොයෝටා ප්ලාසා හි පිහිටා ඇති HINO මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න.

රථවාහන ලොවේ අතීත අනාගත විශ්මයන් දැකගන්න

ශ‍්‍රී ලාංකිකයන්ට රථවාහන ලොවේ අතීත අනාගත විශ්මයන් දැකගැනීමට අගනා අවස්ථාවක් ලබාදෙන ‘සිලෝන් මෝටර් ෂෝ‘ ප‍්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට මේ වනවිට සියලූ කටයුතු යොදා ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය රටේ විශාලතම රථවාහන ප‍්‍රදර්ශනය ලෙස සැලකේ.

‘සිලෝන් මෝටර් ෂෝ’ 2017 එළඹෙන ජනවාරි මස 27 වන දින පස්වරු 5 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ වනු ඇත. එය ජනවාරි 29 වන දින දක්වා පැවැත්වෙන අතර 28 සහ 29 දෙදින තුළ, එනම් සති අන්තයේ පෙරවරු 9.30 සිට රාත‍්‍රී 11 දක්වා ප‍්‍රදර්ශනය විවෘතව තැබේ. ලොව ප‍්‍රමුඛ පෙළේ රථවාහන සන්නාම යටතේ අලූතින්ම වෙළඳපොළට පැමිණෙන, නවීනතම තාක්ෂණයන්ගෙන් පන්නරය ලැබූ කාර්, SUV රථ, මෝටර් සයිකල්, වෑන් සහ අනෙකුත් වාණිජ රථවාහන වර්ග මෙන්ම අතීතයේ ප්‍රෞඪ නිර්මාණ ලෙස සදාකාලික වටිනාකමක් හිමිකරගෙන ඇති ඉපැරණි රථවාහන පෙළක්ද මෙහිදී ප‍්‍රදර්ශනය කෙරෙනු ඇත.

ශ‍්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය සහ ලංකා පැරණි මෝටර් රථ සමාජය එක්වී, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් හි දායකත්වය ඇතිව මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කරයි. රථවාහන ක්ෂේත‍්‍රයේ විවිධ අංශ රාශියක් සම්බන්ධ කරගෙන පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා සෑම වර්ෂයකදීම විශාල පිරිසක් ඇදී එන අතර එය මෙරට පැවැත්වෙන මෙම ආකාරයේ එකම ප‍්‍රදර්ශනය ලෙසද සැලකේ. මෙවර ප‍්‍රදර්ශනය නැරඹීමට පෙර වසරවලටත් වඩා විශාල පිරිසක් පැමිණෙනු ඇති බව සංවිධායකවරු පවසති.

මෙම ප‍්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති රීසා රවුෆ් මහතා පැවසුවේ තම සංගමය වසර කිහිපයක් තිස්සේ සිලෝන් මෝටර් ෂෝ ප‍්‍රදර්ශනය සංවිධානය ඇති බවයි. ‘‘ප‍්‍රදර්ශනය වසරෙන් වසර වඩවඩාත් දියුණු වනු දැකීම විශාල සතුටක්. මේ වනවිට මෙය රටේ රථවාහන ක්ෂේත‍්‍රයේ වඩාත්ම පිළිගැනීම දිනූ ඉසව්වක් මෙන්ම රථවාහන ගැන උනන්දු වන්නන් අතර ඉතාමත්ම ජනප‍්‍රිය ප‍්‍රදර්ශනයක් බවට පත්වී තිබෙනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ‍්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය 1919 වසරේ සිටම ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සංවිධානයක් ලෙස පවතින අතර ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර රථවාහන සන්නාම නියෝජනය කරන සමාගම්වලින් එම සංවිධානය සමන්විත වේ.

නව රථවාහන සම්බන්ධයෙන් මෙන්ම පෞරාණික රථවාහන සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ නොමඳ උනන්දුවකි. එම නිසාම මේ ප‍්‍රදර්ශනය මේ වනවිට ලංකා පැරණි මෝටර් රථ සමාජයේ වාර්ෂික වැඩසටහන් අතර ඉතාමත් වැදගත් වැඩසටහනක් බවට පත්වී ඇත.

”පසුගිය කාලය පුරා වැඩසටහන් රාශියක් පැවැත්වීමට අපගේ සංගමය කටයුතු කළා. ඒ වගේම මෑතකදී අපගේ සංගමය රිදී ජුබිලියත් සැමරුවා. මේ වසරේදී සිලෝන් මෝටර් ෂෝ ප‍්‍රදර්ශනයට එංගලන්තය, ඇමරිකාව, ජර්මනිය, ඉතාලිය, ප‍්‍රංශය සහ ජපානය යනාදී රටවල නිෂ්පාදිත සුවිශේෂී පෞරාණික මෝටර් රථ 120 ක් පමණ ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ සියල්ල සමගින් 2017 සිලෝන් මෝටර් ෂෝ ප‍්‍රදර්ශනය අති සාර්ථක ප‍්‍රදර්ශනයක් වනු ඇතැයි කියා මට විශ්වාසයි. ඒ වගේම මෙම ප‍්‍රදර්ශනය වෙත පැමිණෙන මෙන් අපගේ සියලූම සාමාජික සාමාජිකාවන්ට මා ආරාධනය කර සිටිනවා.” ලංකා පැරණි මෝටර් රථ සමාජයේ සභාපතිනිය වන රමණි පොන්නම්බලම් මහත්මිය පැවසුවා ය.

‘සිලෝන් මෝටර් ෂෝ 2017’ ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සන්නාමයට අමතරව නිල විද්‍යුත් මාධ්‍ය අනුග‍්‍රාහකයන් ලෙස සිරස මාධ්‍ය ජාලයත්, නිල මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකයන් ලෙස විජය පුවත්පත් සමාගමත්, නිල බාහිර ඩිජිටල් සංඥා පුවරු සහකරු ලෙස Emerging Media ආයතනයත් කටයුතු කරයි.

Ford සහ එහි දේශීය බෙදාහැරීම් නියෝජිත Future Automobiles සමාගම, පාරිභෝගික ජනතාවට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනමමින් උත්සව සමය සඳහා ම ”බිග් ඞීල්” ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය.

”මෙවර මෙරට තුළ අපගේ ”බිග් ඞීල්” ප්ර්වර්ධන වැඩසටහන හඳුන්වා දීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන හරහා තවත් පාරිභෝගිකයන් රැසක් අපගේ Ford පවුලට එක්කර ගැනීමට හැකි වනවා. මෙහිදී, තෝරා ගත් Ford වාහන සඳහා අගනා දීමනා රැසක් පිරිනැමීමට අප කටයුතු කරනවා” Ford මෝටර් රථ සමාගමේ මැලේසියා සහ දකුණු කොරියාහි ආසියා පැසිෆික් කාලාපීය නැගී එන වෙළඳපල අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ බාගුස් සුසැන්ටෝ මහතා සඳහන් කළේය.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන කි‍්‍රයාත්මකවන කාලය තුළ ”˜Ranger" Fiesta සහ Kuga” මාදිලි මිලදී ගන්නා වාසනාවන්ත පාරිභෝගිකයන් සියලූ දෙනාටම දෙදෙනෙකු සඳහා සෙන්ටරා සීසෑන්ඞ්ස් හෝටලයේ සති අන්තයක් ගත කිරීමේ අවස්ථාව හිමි වේ.

මෙම කාලය තුළ Everest මාදිලිය මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ද, දෙදෙනෙකු සඳහා ආපසු ඒමට ටිකට්පත් සහ නවාතැන් පහසුකම් සමගින් රාතී‍්‍ර දෙකක බැංකොක් සවාරියක් හිමිකර ගැනීමේ අවස්ථාව උදා වේ.

”Built Ford Tough” තේමාව යටතේ වෙළඳපලට පිවිසෙන Ranger ට‍්‍රක් රථ ඉතා දැඩි පාරිසරික, උෂ්ණත්ව සහ මාර්ග තත්ත්වයන්ට ඔබින පරිදි නිෂ්පාදනය කර ඇත.

එදිනෙදා අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුකූලව නිමැවෙන Ranger මාදිලිය දැකුම්කළු නිමාවෙන්, නවීන අභ්‍යන්තර අංගවලින් මෙන් ම ජලයේ බැස යාමේ හැකියාවෙන්, ඇදගෙන යාමේ හැකියාවෙන් සහ බර දැරීමේ හැකියාවෙන් වෙළඳපලේ ඇති අනෙකුත් ට‍්‍රක් රථ අතර කැපී පෙනෙයි.

තවද, අසමසම ඕෆ් රෝඞ් සහ ඔන් රෝඞ් ශක්‍යතාවෙන්, උසස් තාක්ෂණයෙන් සහ සුවපහසු අභ්‍යන්තර සැලසුමෙන් යුතු Everest මාදිලියේ විශේෂ දීමනා ද ශී‍්‍ර ලාංකේය පාරිභෝගික ජනතාවට අත්විඳීමේ හැකියාව හිමි වේ.

SUV මාදිලියේ වඩාත් ජව සම්පන්න මාදිලියවන Everest, සුරක්ෂිතතාව උපරිම අයුරින් රැක ගැනීම සඳහා එයාර් බෑග් හතක් ඇතුළුව විශේෂ අංග රැසකින් සමන්විතවන අතර, ASEAN නව මෝටර් රථ ඇගයුම් වැඩසටහනේ (NCAP) උපරිම තරු පහක සුරක්ෂිතතා ශ්‍රේණියක් හිමිකර ගෙන සිටී.

”බිග් ඞීල්” ප‍්‍රවර්ධන වැඩසටහන හරහා මෙරට පාරිභෝගිකයන් හට ඇදහිය නොහැකි මිල ගණන් යටතේ නව Ford රථයකට හිමිකම් කීමේ අවස්ථාව උදා වී තිබෙනවා” යැයි Future Automobiles සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

”බිග් ඞීල්” ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 076 540 8217 අමතන්න.
මෙරට බරවාහන වෙළඳපොළේ දිගු කලක පටන් පැවති අඩුවක් සපුරාලමින් Isuzu NMR ඩම්ප් ට‍්‍රක් මෙරටට හඳුන්වා දීමට සතොස මෝටර්ස් සමාගම මෑතකදී කටයුතු කළේ ය. ඉහළම ක‍්‍රියාකාරීත්වය, වටිනාකම සහ කල්පැවැත්ම යනාදී ගුණාංග සපිරි මෙම රථය රටේ ව්‍යාපාරවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. පසුගිය නොවැම්බර් 22 වැනිදා කොළඹ 02 වොක්ෂෝල් වීදියේ අංක 25 දරන ස්ථානයේ පිහිටි සතොස මෝටර්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී මෙම රථය නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මෙම අවස්ථාවට Isuzu Japan සහ Itochu Trading සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිත කණ්ඩායම් සහ සතොස මෝටර්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයෝ සහභාගී වූහ. මෙම නව රථය හඳුන්වා දීම, පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන එම අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් තිළිණ කිරීම සඳහා සතොස මෝටර්ස් සමගම ගන්නා උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වන අතර මේ වනවිට ෂිම‘ම වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා ලෙස මෙරට සැහැල්ලූ වාණිජ රථවාහන කාණ්ඩයේ ප‍්‍රමුඛයා බවට පත්වීමටද එම සමාගම සමත් වී සිටී.

”අප ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන ෂිම‘ම රථවාහන අතරට Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථයද එක්කර ගැනීමට ලැබීම අපට විශාල සතුටක්. රටේ සැහැල්ලූ වාණිජ රථවාහන කාණ්ඩයේ ප‍්‍රමුඛයා ලෙස සතොස මෝටර්ස් සමාගම දශකයකට අධික කාලයක් තිස්සේ මෙරට ව්‍යාපාර සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. මේ ව්‍යාපාරවලට තම කටයුතු පහසු කරගැනීම සඳහා උසස් තත්ත්වයේ ඩම්ප් ට‍්‍රක් රථ වර්ගයක් අවශ්‍ය වී තිබෙන බව අපට පෙනුණා. Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථය හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රවල අවශ්‍යතා සඳහා මෙම රථය බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේවි. රථය දියත් කිරීමටත් පෙර අපට ලැබුණු ප‍්‍රතිචාරවලින් පෙනී ගියේ අප පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීමට සමත් වූ බවයි. මේ රථය සඳහා පාරිභෝගිකයන්ට වසර 3 ක හෝ කිලෝමීටර 100,000 ක සුවිශේෂී වගකීමක් හිමිවනවා. ජපානයේ නිෂ්පාදිත මේ රථ ඉතාමත් උසස් ප‍්‍රමිතියෙන් යුත්, දිගු කල් පවතින සහ යළි විකිණීමේදී ඉහළ වටිනාකමක් හිමිවන රථ ලෙස ප‍්‍රසිද්ධයි. මේ සියල්ල නිසා මේ රථය ව්‍යාපාරවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” සතොස මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දේශමාන්‍ය තිලක් ඩයස් ගුණසේකර මහතා පැවසී ය.

Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථයේ විශේෂතම ලක්ෂණ වන්නේ වැඩි බරක් පැටවිය හැකි වීම සහ වැඩි බලයක් තිබීමයි. එබැවින් එය ව්‍යාපාරවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් ය. මෙම රථයේ ටොන් 2.7 ක බරක් රැුගෙන යා හැකි අතර 4HGI 4570 ජජ එන්ජිම 12hpයච බලයකින් යුක්ත වේ. වසර 3 හෝ කිලෝමීටර් 100,000 යන සීමාවන් දෙකෙන් මුලින් එළඹෙන සීමාව දක්වා දීර්ඝ වගකීමක් හිමිවීම පාරිභෝගිකයන්ට හිමිවන තවත් කැපීපෙනෙන වාසියකි. එමෙන්ම දුර ගමන්වලට සුදුසු වන පරිදි ලීටර් 75 ක ධාරිතාවෙන් යුත් ඞීසල් ටැංකියක්ද මෙම රථවල ඇතුළත් වේ.

ලොව විශිෂ්ටතම රථවාහන බඳ නිපැයුම් සමාගමක් වන ජපානයේ Shin Maywa Industries විසින් මෙම ට‍්‍රක් රථයේ බඳ නිපදවා තිබීම එහි විශිෂ්ටත්වය තවත් වැඩිකිරීමට හේතුවක් වී තිබේ. ආකර්ෂණීය මිලකින් යුක්ත Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථය ජපන් තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා නඩත්තු වියදම්ද අවම වනු ඇත.

එමෙන්ම Isuzu NMR ඩම්ප් ට‍්‍රක් රථයක් මිලදීගැනීමේ තවත් වාසියක් වන්නේ සතොස මෝටර්ස් සමාගම පිරිනමන ජාත්‍යන්තර තලයේ අලෙවියෙන් පසු සේවාව සහ එහි අතිනවීන අලූත්වැඩියා මධ්‍යස්ථානයේ සේවාවන් හිමිවීමයි. රු. මිලියන 30 ක ආයෝජනයක් සමගින් සිය ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ නඩත්තු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සමාගම පියවර ගත් අතර ඉදිරියේදී රු. මිලියන 400 ක ආයෝජනයක් සමගින් පෑලියගොඩ ප‍්‍රදේශයේ අතිනවීන නඩත්තු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මේ වනවිට කටයුතු සැලසුම් කර තිබේ.

සතොස මෝටර්ස් සමාගම පිළිබඳව
ශ‍්‍රී ලංකාවේ වාණිජ ට‍්‍රක් රථ කාණ්ඩයේ ප‍්‍රමුඛයා වන සතොස මෝටර්ස් සමාගම මෙරට රථවාහන කාණ්ඩයේ ප‍්‍රමුඛතම සමාගමක්ද වේ. 1962 වසරේ ආරම්භ වී විවිධ හිමිකාරීත්වයන් යටතේ පැවතුණු එම සමාගම 2012 වසරේදී Access Engineering Company Ltd විසින් පවරාගන්නා ලදි. ඉන් අනතුරුව මෙරට ලෑන්ඞ් රෝවර් රථ සඳහා නියෝජිතයන් වන SML Frontier Automotive පුද්. සමාගමේ 50% ක කොටස් හිමිකාරීත්වය ලබාගැනීමටද සතොස මෝටර්ස් සමාගම සමත් විය.
2016 නොවැම්බර් 07, කොළඹ: ටොයොටා රථවාහන සඳහා මෙරට එකම බලයලත් නියෝජිතයන් වන ටොයොටා ලංකා සමාගම, රථවාහන බඳ අලූත්වැඩියාවන් සහ පින්තාරු සේවා සඳහා නව මධ්‍යස්ථානයක් මහරගම ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් හා සමාගමේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මීට ඉහතදී ටොයොටා පාරිභෝගිකයන්ට තම අලූත්වැඩියා අවශ්‍යතාවන් සඳහා කාලයක් බලා සිටීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කනගාටුවෙන් සිටි බව ටොයොටා ලංකා (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා පැවසී ය. මෙම නව මධ්‍යස්ථානය විවෘත වීමත් සමග පාරිභෝගිකයන්ට පෙරටත් වඩා විශිෂ්ට මට්ටමේ සේවාවක් වඩාත් ඉක්මනින් සැපයීමට හැකිවනු ඇති බව ඔහු අවධාරණය කළේය.

සමාගමේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසුවේ විශාල ආයෝජනයක් සමගින් මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ පාරිභෝගිකයන්ට ඉක්මන් සේවාවක් සැපයීම උදෙසා බවයි. මෙමගින් පාරිභෝගිකයන්ට ටොයොටා ලංකා සමාගමේ විශ්වාසය සමගින් ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාගැනීමට හැකිවන බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය, පරිසර හිතකාමීත්වය සම්බන්ධයෙන් ටොයොටා සමාගම පවත්වාගෙන යන දැඩි ප‍්‍රමිතීන් අනුගමනය කරමින් ස්ථාපිත කර තිබේ. ටොයොටා සමාගමේ ජාත්‍යන්තර සේවා ප‍්‍රමිතීන්ට අනුව සේවා සපයන මෙය, ටොයොටා රථවාහන ඒවායේ මුල් තත්ත්වයට පැමිණෙන පරිදි අලූත්වැඩියා කිරීමේ හැකියාව සහිත එකම අලූත්වැඩියා මධ්‍යස්ථානයයි. ටොයොටා රථවාහන අලූත්වැඩියාවේදී භාවිතා කිරීම සඳහා උසස්ම තත්ත්වයේ වෙල්ඩින් යන්ත‍්‍ර, අධෝරක්ත කිරණ හීටර් සහ විශේෂ Water Borne පින්තාරුකරණ පද්ධති විශේෂයෙන් ආනයනය කර ඇත. මෙම මධ්‍යස්ථානය මගින් කොළඹ දිස්ත‍්‍රික්කයේ නැගෙනහිර සහ දකුණු ප‍්‍රදේශවල ටොයොටා පාරිභෝගිකයන්ගේ අලූත්වැඩියා අවශ්‍යතා ඉක්මනින් සපුරාලීමට සමාගමට අවස්ථාව ලැබෙනු ඇත. පින්තාරු සේවාවන් මෙන්ම කුඩා පරිමාණයේ සිට මධ්‍යම පරිමාණය දක්වා බඳ අලූත්වැඩියා සේවාවන්ද මෙම මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි වේ.

කුඩා සේවා ස්ථානයකින් ආරම්භ වූ ටොයොටා ලංකා මහරගම ශාඛාව මේ වනවිට පියවරෙන් පියවර දියුණු වී පූර්ණ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් බවට විකාශනය වී ඇත. රථවාහන සඳහා සේවා සපයන කාලය අතරතුර පාරිභෝගිකයන්ට රැුඳී සිටීම සඳහා නවීන පහසුකම් සහිත රැඳී සිටීමේ ස්ථානයක්ද එහි ස්ථාපිත කර තිබේ. ටොයොටා සමාගමේ පුහුණුව ලත් ඉංජිනේරුවන් හා කාර්මිකයන් විසින් නියම තත්ත්වයේ නිෂ්පාදන ප‍්‍රමිතීන්ට අනුකූල තීන්ත හා ආලේපන පමණක් භාවිතා කරමින් මෙහිදී අලූත්වැඩියාවන් සිදුකරනු ලබයි.

ටොයොටා ලංකා මහරගම ශාඛාව අංක 396, කොළඹ දකුණ පාර, නාවින්න, මහරගම ලිපිනය දරන ස්ථානයේ පිහිටා ඇත. වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර 0112804834-5 සහ 0777 939052 අංක අමතන්න. නැතිනම් ටොයොටා ලංකා මහරගම ශාඛාව වෙත පා නගන්න.
ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය වටහා ගනිමින් ඩීමෝ විසින් දිවයින පුරා පිහිටි ටාටා මොටර්ස් හි අලෙවි සේවා ජාලය නව සංකල්පයක් යටතේ පුළුල් කරයි. 3S (Sales, Service, Spare Parts) යනුවෙන් හඳුන්වා ඇති මෙම නව සංකල්පය යටතේ අලෙවිය, සේවා, සහ අමතරකොටස් යන අංශ සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. එම සංකල්පයට අනුව වැඩිදියුණු කළ නව ටාටා මගී මෝටර් රථ අලෙවි ප්‍රදර්ශනාගාර 3ක් පසුගියදා විවෘත කෙරිණ.

මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන ලෙස සැලකෙන මීගමුව,කොළඹ සහ කළුතර යන ප්‍රදේශවල මෙම වැඩි දියුණු කරන ලද නව ප්‍රදර්ශනාගාර පසුගිය ඔක්තෝබර් 13 සහ 14 යන දිනවල විවෘත කෙරිණ. මෙම ප්‍රදර්ශනාගාර වලදී පාරිභෝගිකයින්ට වඩාත් සමීප හා පහසු උසස් මට්ටමේ සේවාවක් සපයනු ලබයි. මීගමුව ප්‍රදර්ශනාගාරය අංක 258 හලාවත පාර, පෙරියමුල්ල යන ප්‍රදේශයේ පිහිටා ඇති අතර කළුතර ප්‍රදර්ශනාගාරය අංක 768 ගාලු පාර කටුකුරුන්ද යන ලිපිනයේ පිහිටා තිබේ.

මෙම ප්‍රදර්ශනාගාර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා කියා සිටියේ මගී මෝටර් රථ අලෙවියේ ඉහළ මට්ටමකට පැමිණීමට සිය සමාගමට හැකිවී ඇති බවයි.ඒ අනුව සිය පාරිභෝගිකයින්ට පුළුල් සහ නවීන පහසුකම් සහිත ප්‍රදර්ශණාගාර ජාලයක් තුළද වඩා උසස් සේවාවක් සැපයීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූ බව හෙතෙම කියා සිටියේය.

මීගමුව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ටාටා මෝටර්ස් හි මගී වාහන,ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානි ජොනී ඌමෙන් මහතා සඳහන් කළේ ටාටා මෝටර්ස් ශ්‍රී ලංකාව තුළදී අත්කරගනිමින් සිටින ප්‍රගතිය සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. මෙරට මඟී ප්‍රවාහන වෙළඳ පළේ ඉදිරි සංවර්ධන සැලසුම් වල ප්‍රමුඛතම සමාරම්භයක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බවත්, ඒ මහතා සඳහන් කළේය.

මෙම නවීනතම ප්‍රදර්ශනාගාර වර්ග අඩි 1500 ක පමණ පුළුල් ඉඩකින් යුක්ත වන අතර එකවර වාහන 5ක් හෝ 6ක් පමණ ප්‍රදර්ශණය කිරීමේ පහසුකම්ද සහිත වෙයි. මෙහිදී පාරිභොගිකයින්ට නිසි පරිදි තමාට අවශ්‍ය වාහනය රිසි ලෙස පරීක්ෂා කළ හැකි වෙයි. තවද මීට අමතරව දිගු කාලීන පාරිභෝගික සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා සහ නිෂ්පාදන මෙන්ම පාරිභෝගික සේවා සම්බන්ධයෙන් පුහුණු කරන ලද ඩීමෝ කාර්ය මණ්ඩලය විසින් උසස් මට්ටමේ පාරිභෝගික සේවාවක් ද මෙහිදී සපයනු ලබයි.

වසර 2 ක හෝ කිලොමීටර් 50000 ක වගකීමේ සහතිකයක් සමඟ ටාටා මගී ප්‍රවාහන මෝටර් රථ ඩීමෝ විසින් ශ්‍රී ලංකාවේදී අලෙවි කෙරෙන අතර ඊට අමතරව නොමිලේ සේවා වාර 3ක්, පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ සහායක සේවාව, දිවයින පුරා විහිදුන අලෙවි, සේවා සහ අමතරකොටස් සැපයීමේ මධ්‍යස්ථාන ජාලයකින් ද සමන්විත නිසා පාරිභෝගිකයාට වඩා සමීප සේවාවක් ඉටු කෙරෙනු ඇත.

වර්ෂ 1961 දී ටාටා මෝටර්ස් සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම ( ඩීමෝ )සමඟ එක්ව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කල අතර මේ වනවිට ‍වෙළඳ සහ මඟී වාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයට පත්ව සිටියි. සිය පාරිභෝගිකයින් වෙත උපරිම වටිනාකමක් ලබා දෙන ටාටා මෝටර්ස් හි නිෂ්පාදන පෙළක් වසර 2004 සිට ශ්‍රී ලාංකේය මගී වාහන වෙළඳ පළේ ජනප්‍රියත්වයට පත්ව තිබේ. Indica, Indigo, Vista, Manza, Safari, Zest, Bolt සහ Nano යනාදී වශයෙන් වන මෙම මගී වාහන සඳහා ශ්‍රීලාංකේය වෙළඳ පළ තුළ වේගයෙන් වර්ධනය වන ඉල්ලුමක් පවතී.

2016 ඔක්තෝබර් 28, කොළඹ: ටොයොටා රථවාහන සම්බන්ධයෙන් මෙරට බලයලත් එකම නියෝජිතයන් වන ටොයොටා ලංකා සමාගම දේශයේ සැබෑ විරුවන් ඇගයීම සඳහා අඛණ්ඩව 5 වෙනි වරටත් ‘රණවිරු රියල් ස්ටාර්’ වැඩසටහනට අනුග‍්‍රහය දැක්වීමට කටයුතු කළේය. ආරම්භයේ සිටම මෙම වැඩසටහනට සහයෝගය දැක්වූ ටොයොටා ලංකා සමාගම විසින් වැඩසටහනේ සෑම අදියරකදීම එහි දෙවැනි ස්ථානය දිනාගන්නා ජයග‍්‍රාහකයා හෝ ජයග‍්‍රාහිකාවට සිය නවතම රථවාහන අතරින් එකක් පිරිනමන ලදි.

”පසුගිය අවුරුදු 4 පුරා සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනංවා ගනිමින් විශාල පේ‍්‍රක්ෂක පිරිසක් ආකර්ෂණය කරගැනීමට රණවිරු රියල් ස්ටාර් වැඩසටහන සමත් වුණා. මේ වැඩසටහන හුදෙක් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දක්ෂතා එළිදක්වන වැඩසටහනක් පමණක් නොවෙයි. එය රණවිරුවන්ගේ මානුෂික සහ සෞන්දර්යාත්මක ජීවන පැතිකඩක් අනාවරණය කරන වැඩසටහනක්. ඒ අතින් එය අද දවසේ පවතින අනෙකුත් වාණිජකරණය වූ රියැලිටි වැඩසටහන් වලට වඩා බෙහෙවින් සුවිශේෂයි. ආරම්භයේ සිටම මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ලැබීම අපට ගෞරවයක්. ගරුත්වය සහ අවංක බව යනු හමුදා සෙබළුන්ගේ ආචාරධර්ම වල ඉහළින්ම පවතින ගුණාංග දෙකක් බව අප කවුරුත් දන්නවා. ආයතනයක් ලෙස අපත් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සැලසීමේදී මේ ගුණාංග දෙක අනුගමනය කරනවා.” ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා පැවසී ය.

මෙම වසරේ රණවිරු රියල් ස්ටාර් තරගයේ දෙවැනි ස්ථානය දිනාගන්නා ලද්දේ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලූතිනන් අමිල සිරිවර්ධන විසිනි. ඒ අනුව ඔහු රුපියල් මිලියන 6 කට අධික වටිනාකමකින් යුත් අලූත්ම Toyota Avanza රථයක වාසනාවන්ත හිමිකරුවා බවට පත්විය. කිංස්බරි හෝටලයේදී පවත්වන ලද විශේෂ උත්සවයකදී ලූතිනන් සිරිවර්ධන වෙත මෙම රථය නිල වශයෙන් පිළිගන්වන ලදි. ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය විසින් රටේ ආරක්ෂාව උදෙසා කරන ලද සහ කරමින් සිටින කැපකිරීම් වලට පිදෙන ගෞරවයක් ලෙස ටොයොටා ලංකා සමාගම දිගින් දිගටම රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට අනුග‍්‍රාහක දායකත්වය ලබාදීමට පියවර ගෙන තිබේ.

නවීන තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසක් සමඟ උසස් නිමාවකින් සහ විශේෂාංග රැසකින් මෙම රථය සමන්විත වෙයි.

ප්‍රධාන විශේෂතා
- "Gen X Nano Automatik" හි Sports මාදිලියේ වේගය වැඩි කිරීමේ පහසුකම් (ඇක්සලේටර්) වැඩි දියුණු කර ඇති අතර, අධික රථවාහන තදබදයක් පවතින අවස්ථාවලදී සෙමින් ගමන් කිරීමේ උපක්‍රමයකින් සහ පහසුවෙන් ගාල් කිරීමේ සමන්විත වෙයි.

- Electric Power Assisted Steering – ePAS සුක්කානම සැහැල්ලු ලෙස රිය හැසිරවීමට උපකාරී වන අතර, නාගරික ධාවනයේදී එය විශාල පහසුවක් වනු ඇත. එමෙන්ම තදබදය සහිත රථගාලක නතර කිරීමද මෙම විශේෂතාව නිසා පහසු වනු ඇත.

-මෙම රථය නවීන නිමාවකින් ද යුක්ත වෙයි. ඉදිරිපස ඇති Infinity motif grille,ආරක්ෂිත ආවරණයක් සහිත ප්‍රධාන ලාම්පු, ටාටා සන්නාමය සහිත සුක්කානම, පසුපස ස්පොයිලරය ආදී විශේෂාංග මඟින් මෙහි බාහිර පෙනුම තවදුරටත් ආකර්ශණීය ලෙස සකසා තිබේ.

- දිගු දුර ධාවනය සඳහා ලීටර් 24 ඉන්ධන ටැංකියකින්ද Gen X Nano Automatik රථය සමන්විත වෙයි.

-ලීටර් 110 ක බඩු පැටවීමේ පුළුල් ඉඩක් සහිතව එන මෙම රථය ඇතුළත නිමාව අතින් උරහිස් තබාගැනිමේ පරාසය 4% කින් වර්ධනය කර ඇති අතර පාද තබාගැනීමේ පරාසය 6% කින් වැඩි කර තිබේ.

-BluetoothTM, CD, Radio, USB & AUX සමඟ ඩිජිටල් තොරතුරු දර්ශකයකින් මෙම රථය සමන්විත වෙයි.

-අනතුරකදී ආරක්ෂාව සපයන ආරක්ෂාකාරී උපාංග රැසකින් මෙම රථය සමන්විත වන අතර crumple zone, intrusion beams, anti-roll bar වැනි ආරක්ෂාකාරී පහසුකම් වලින් මෙම රථය සමන්විත වෙයි.

- පාරිභෝගික අවශ්‍යතාවට ගැලපෙන පරිදි මාදිලි 5කින් මෙම රථය හඳුන්වා දී තිබේ. XE, XM, යන මාදිලි මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වන අතර XT, XMA සහ XTA යන මාදිලි Automatik ගියර් පද්ධතියකින් සමන්විත වෙයි.

පාරිභෝගික අවශ්‍යතා මැනවින් තේරුම් ගනිමින් පහසුකම් රැසක් සහිත නව GenX Nano මාදිලියේ රථයක් හඳුන්වා දෙයි. නවීන විලාසිතාවට අනුව,නිර්මාණය වූ ආකාර්ණීය පෙනුමක් සහිත මෙම රථය විශේෂාංග රැසකින් සමන්විත වෙයි. එමෙන්ම නව තාක්ෂණික වැඩිදියුණ කිරීම් රැසකින්ද මෙම රථය සමන්විත වන අතර එමගින් එහි වටිනාකම තවදුරත් වැඩි කර තිබේ.පරිපූර්ණ නාගරික මෝටර් රථයක් සඳහා වන සියලු විශේෂාංග සමඟින් මෙම නව "GenX Nano Automatik" රථය දිවයින පුරා පිහිටි ඩීමෝ ශාඛා 30 කට අධික සංඛ්‍යාවකදී අලෙවි කෙරේ. රුපියල් 1,975,000 ක මුදලකට GenX Nano Automatik XTA රථය හඳුන්වා දී තිබේ.

GenX Nano හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ ටාටා මෝටර්ස් හි මඟී වාහන අංශයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රධානි ජොනී ඌමේන් මහතා සඳහන් කළේ පිරිමැසුම්දායක ඉංජිනේරු තාක්ෂණයේ නව සොයාගැනීමක් ලෙස Nano රථය හඳුන්වාදීම මඟින් ඉන්දියාව මෝටර් රථවාහන ලෝක සිතියමට එක්වූ බවයි. සිය මඟී වාහන අතර සුවිශේෂි තැනක් හිමිකරගන්නා Nano රථය මේ වනවිට නාගරික මෝටර් රථයක තිබිය යුතු පවර් ස්ටීයරිං, බ්ලූටූත් ආදී පහසුකම් සමඟ හඳුන්වා දීමට හැකිවී ඇති බවද පෙන්වා දුන්නේය. පෙර මාදිලිවල Nano රථ දහස් ගණනක් ශ්‍රි ලංකා වෙළඳ පලේ අලෙවි වී ඇති අතර GenX Nano මඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත වඩා පිරිමැසුම්දායක, නවීන විලාසිතාවෙන් යුත්, හැඩකාර ප්‍රායෝගික මෝටර් රථයක අත්දැකීම තිළිණ කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම හඳුන්වා දීමේ අවස්ථාවට එක්වූ සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ (ඩීමෝ) සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා පෙන්වා දුන්නේ TATA GenX NANO Automatik රථය මෙරට මඟී ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනසකට ලක් කරන සුපිරි පහසුකම් සහිත කුඩා මෝටර් රථයක් ලෙස පුළුල් වෙළඳ අවකාශයක් නිතරඟයෙන් නිර්මාණය කර ඇති බවයි. මෙම මෝටර් රථය හඳුන්වා දීමත් සමඟ උපරිම අලෙවියක් සඳහා කටයුතු කරන බවත්, වෙළඳ සහ අලෙවියෙන් පසු සේවාව සඳහා වන ඩීමෝ විශේෂඥයින් සහ ටාටා මෝටර්ස් හි තාක්ෂණික සංවර්ධන කටයුතු සමඟ සුපිරි පාරිභෝගික සේවාවක් ලබාදීමට හැකිවන බවද හෙතෙම සඳහන් කළේය.

DESIGNEXT: ටාටා මෝටර්ස් විසින් හඳුන්වාදෙන GenX NANO රථය සුවිශේෂි නිමාවකින් යුක්ත වෙයි. මනාව නිමවා ඇති ඉදිරිපස සහ පසුපස බම්පර් සහ ඉදිරිපස motif grille මඟින් මෙම මෝටර් රථයට ආකර්ශණිය පෙනුමක් ලබාදී ඇත. ලීටර් 110 ක භාණ්ඩ පැටවීමේ ඉඩකඩ සහ පහසුවෙන් විවර කළ හැකි පසුපස දොරකින් ද යුක්ත වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. Sangria Red, Pearlescent White, Platinum Silver, Dazzle Blue සහ Damson Purple ආදී වර්ණ පහකින් මෙම මෝටර් රථය වෙළඳපලට පැමිණ තිබේ.

DESIGNEXT: නව මාදිලිය වෙන් වෙන් වූ පහසුකම් වලින් සමන්විත රථ 3කින් යුක්ත වෙයි. ගියර් 4ක් සහිත මැනුවල් රථ (XE, XM, XT),ගියර් 5කින් සමන්විත AMT ගියර් පද්ධතියක් සහිත රථ (XMA, XTA) මීට අයත් වෙයි. 624ccඑන්ජිමකින් බලගැන්වෙන GenX NANO රථය multi-point fuel injected, water cooled, naturally aspirated, 2 cylinder gasoline එන්ජිමක් සමඟ වෑල් දෙකේ සිලින්ඩරයකින් ද යුක්ත වෙයි. එන්ජිම මඟින් 38PS power @ 5500 RPM සහ 51 Nm torque @ 4000 RPM බලයක් උපදවයි. Electric Power Assisted Steering – ePAS සුක්කානමක් සහිත GenX NANO රථය සැහැල්ලු ලෙස රිය හැසිරවීමට සහ තදබදය සහිත ගාල් කිරීමක් සඳහා මෙන්ම නාගරික ධාවනය සඳහා පහසුවක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ.

GenX NANO හි නව මාදිලිය නවීන ආරක්ෂාකාරී පහසුකම් වලින්ද සමන්විත වන අතර crumple zone, intrusion beams, anti-roll bar වැනි ආරක්ෂාකාරී පහසුකම් රැසකින් යුක්ත වෙයි. රථයේ ඉදිරිපස කොටසක් කුෂන් කිරීම මඟින් ආරක්ෂාකාරී කලාපයක් නිර්මාණය කර ඇති අතර අනතුරකදී වැඩි ආරක්ෂාවක් තහවුරු වන පරිදි රථයේ ඉදිරිපස සහ බඳ නිර්මාණය කර තිබේ. ශක්තිමත් දෙපස දොරවල් සහ ශක්තිමත් සැකිල්ල නිසා අනතුරුවලදී උපරිම ආරක්ෂාවක් හිමිවෙයි. ඉදිරිපස රෝද යා කරමින් යොදා ඇති anti-roll bar එක මඟින් අධි වේගී ධාවනයේදී ආරක්ෂා කාරී ලෙස හැසිරවීම පහසු කරවන අතර පොළව මට්ටමේ සිට මිලිමීටර් 180 ක උසකින් යුක්ත වීම නිසා රළු මාර්ගවල ධාවනය පහසු කරවයි. ලීටර් 24 ඉන්ධන ටැංකියකින් සමන්විත GenX NANO රථය ලීටරයට කිලෝමීටර් 24 ක දුරක් ධාවනය කළ හැකිවෙයි.

CONNECTNEXT: තාරුණ්‍යය ඉලක්ක කර ගනිමින් GenX NANO රථය ස්පීකර් 4කින් යුත් AmphiStream™ සංගීත පද්ධතියකින් සමන්විත වෙයි. මෙම AmphiStream™ සංගීත පද්ධතිය Bluetooth™, CD,Radio,USB සහ AUX ආදී වර්තමානයේ අතිශය ජනප්‍රිය විශේෂාංග වලින් යුක්ත වෙයි. ඩිජිටල් තොරතුරු දර්ශකයකින් මෙම මෝටර් රථය සමන්විත වන අතර එම තොරතුරු දර්ශකය මඟින් ඉන්ධන පරිභෝජනය, දුර, ගියර් මාරුවීම ආදී තොරතුරු ප්‍රදර්ශනය කරයි.

සියලු පහසුකම් සමගින් එන GenX NANO රථය අඩු මුදලකින් මිලදී ගත හැකි හොඳම නාගරික මෝටර් රථයයි.මෙහි නව මාදිලිය සඳහා සමාගම විසින් වසර දෙකක වගකීමේ සහතිකයක් හෝ කිලෝමීටර් 50,000 ක වගකීමේ සහතිකයක් ලබාදෙයි.

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම තම වෙළඳ නියෝජිතයින්ට සම්මාන ප‍්‍රදානය කිරීම නව මානයකට ගෙන යමින් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය දුන් ප‍්‍රමුඛතම වෙළඳ නියෝජිතයින් 125 දෙනෙකු රෝමයට රැගෙන ගොස් එහිදී බුහුමන් පුද කළේය.

මේ අනුව, සමාගම විසින් සියළුම වියදම් දරමින් මෙම වෙළඳ නියෝජිත පිරිස දින පහක සංචාරයක් සඳහා ඉතාලියට රැගෙන ගිය අතර මීට වසර 92 කට පෙර සියැට් සන්නාමය ආරම්භ වූයේද ඉතාලියෙන්ම වීම මෙහිදී කැපී පෙනේ. ඉතාමත් උත්කර්ශවත් අයුරින් පැවති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය Mercure West Roma හෝටලයේදී පැවති අතර ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ සියළුම පළාත් නියෝජනය කරමින් ටයර් වෙළඳ නියෝජිතයින් සහභාගී විය. ඔවුන් විසින් 2015-16 මුදල් වසරේදී සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ වර්ධනය වෙනුවෙන් ලබාදුන් දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කෙරුණි.

පසුගිය මුදල් වසරේදී අලෙවිය අනුව තෝරාගත් ප‍්‍රමුඛතම වෙළඳ නියෝජිතයින් 10 දෙනාට තම කලත‍්‍රයා සමග මෙම සංචාරයට සහභාගීවීමේ අවස්ථාව උදාවූ අතර මෙම සංචාරයට එක්වූවන්ට වැනිසියේ රාත‍්‍රී දෙකක් ගත කිරීමේ අවස්ථාවද හිමිවිය.

‘‘ශ‍්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය බවට පත්වීමට අපගේ අලෙවි නියෝජිතයින් අපට ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටුකර තිබෙනවා. මේ නිසා, ඔවුන්ට ඉතාමත් ඉහළ අයුරින් ප‍්‍රතිලාභ ලබාදිය යුතුයැයි අපි විශ්වාස කරනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට්-කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, විජේ ගාම්භීරේ මහතා සඳහන් කළේය. ‘‘සියැට් යනු ගෝලීය සන්නාමයක් නිසාවෙන් අපගේ වෙළඳ නියෝජිතයින් සමාගම සහ සන්නාමය සමග ඒකාබද්ධවීමේදී ජාත්‍යන්තර අත්දැකීමක් ලබාදීම සුදුසුයැයි අපට දැනුනා.’’

මෙම සම්මාන රාත‍්‍රියේදී සමස්තයක් ලෙස සම්මාන 85 ක් පිරිනැමුණු අතර මෙයට විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 45 ක්, රේඩියල් ටයර් අංශයේදී ඉහළ කාර්ය සාධනයක් පෙන්වූවන් සඳහා සම්මාන 25 ක්, ට‍්‍රක් රථ, සැහැල්ලූ ට‍්‍රක් රථ සහ ත‍්‍රි රෝද රථ අංශ නියෝජනය කරමින් එක් අංශයකට සම්මාන 05 ක් බැගින් සම්මාන 15 ක් මෙයට අයත් විය.

මෙම සංචාරයේදී මෙම වෙළඳ නියෝජිතයින්ට Roman and Imperial Forums, Circus Maximus, the National Monument to Vittorio Emmanuelle II, the Vatican Museum, Sistine Chapel, St Peter’s Basilica සහ the Colloseum යන ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව හිමිවිය.

මීට අමතරව, මෙම වෙළඳ නියෝජිතයින්ට Maranello හි, පිහිටි Ferrari Museum සහ Padua Church නැරඹීමට අවස්ථාව හිමිවූ අතර වැනිසියේදී ගොන්ඩෝලා සවාරියේ යෙදීමටද හැකිවිය.

සම්මානයට අමතරව ස්වර්ණාභරණ මිලදී ගැනීම සඳහා ත්‍යාග වවුචර ඇතුළු ප‍්‍රතිලාභ ලැබූ 2015-16 මුදල් වසරේ සියැට් සමාගමේ ප‍්‍රමුඛතම වෙළඳ නියෝජිතයින් අතරට U&H වීල් සර්විස්, සුමිත් මාර්කටිං කම්පනි, එම්.ජේ.ආර්. පීරිස් ඇන්ඞ් සන්ස්, ද ටයර් ටීම්, ස්මාර්ට් වීල්ස්, පැරමවුන්ට් ටයර් ටේ‍්‍රඩර්ස්, සුමිඩැග් ටයර් කම්පනි, ශාන්ති ටයර් මාර්ට් සහ ආබ්ඞීන් ටයර් සර්විස් අයත් වේ.

මීට පෙර පැවති සියැට් සමාගමේ වාර්ෂික වෙළඳ නියෝජිත සම්මාන ප‍්‍රදානෝත්සවයන් පිළිවෙලින් සිංගප්පූරුවේ සහ මැලේසියාවේදී පැවැත්වුණි.

සියැට් විසින් මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ සපයන අතර නිෂ්පාදනය කරන ටයර් වලින් තුනෙන් එකක් පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවලට අපනයනය කරයි. සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම රේඩියල්, වාණිජ යතුරු පැදි, ත‍්‍රී රෝද රථ සහ කෘෂි කාර්මික යන්ත‍්‍ර අංශ වෙනුවෙන් ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක කොටසක්ද, ට‍්‍රක් රථ/සැහැල්ලූ ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 54% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 17% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් නොබෝදා තවත් ආකර්ෂණීය වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් ‘බයික් එකට බයික් එකක් ’ නමින් දියත් කළේය. මෙම වසරේ ඔක්තෝබර් 12 වැනි දා සිට දෙසැම්බර් 03 වැනි දා දක්වා කාලය තුළ, ප්ලැටිනා, ඩිස්කවර් හෝ පල්සර් යන වර්ග අතරෙන් කවර හෝ වර්ගයක මෝටර් සයිකලයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුට, එසේ මිලදී ගැනීම මගින් දිනුම් ඇදීමේ තරගයකට ඇතුළත් විය හැකි අතර, එමගින්, තමන් මිල දී ගත් වර්ගයෙන්ම තවත් මෝටර් සයිකලයක් නොමිලේම දිනා ගන්නට වරම් හිමි වේ.

මෙම තෑගි දීමනාව සඳහා සතිපතා ප්ලැටිනා 100KS බජාජ් ඩිස්්කවර් 125 Drum හා බජාජ් පල්සර් 135 ඛී යන මෝටර් සයිකල් ඇතුළත් වන අතර, තරගය පැවැත්වෙන කාලය පුරාවට, මෝටර් සයිකල් 24 ක් ඔබට දිනා ගත හැක. සෑම සතියකම ජයග‍්‍රාහකයන් තිදෙනෙක් තෝරා ගැනෙන අතර තරග කොන්දේසි හා විස්්තර, www.dpmco.com යන වෙබ් අඩවියෙන් සහ ඬේවිඞ් පීරිස් මෝටර් සමාගමේ සියලූම ප‍්‍රාදේශීය කාර්යාල හා ඞීලර්වරුන් වෙතින් ලබා ගත හැකියි.

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ්හි ප‍්‍රධාන අලෙවිකරණ නිලධාරි ශානක ජයවීර මහතා, මෙම දිනුම් ඇ`දීම පිළිබඳ මෙසේ ප‍්‍රකාශ කර සිටියේය. ‘‘අපි මෙම වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඉමහත් උනන්දුවකින්. ඇත්ත වශයෙන්ම අප විශ්වාස කරන්නේ මෙවන් සුවිසල් ප‍්‍රමාණයේ මෝටර් සයිකල් වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් මෙයට පෙර ශ‍්‍රී ලංකාවේ දියත් කර නොමැති බවයි. වෙළඳපොළේ අංක එකේ මෝටර් සයිකල් ගෙන්වා බෙදාහරින සමාගම ලෙස අපට වුවමනා කළේ අපගේ පාරිභෝගික භවතුන්ට අති විශිෂ්ට මෝටර් සයිකලයක් හිමිකර ගැනීමට සහ එහි ඇති අපූරු අත්දැකීම විඳගැනීමට අවස්ථාව සලසා දීමයි. අද කාලයේ මෝටර් සයිකලයක් යනු හුදෙක් පහසුව දනවන පිරිමැසුම්දායක ප‍්‍රවාහන ක‍්‍රමවේදයක් පමණක් නොවේ. එය අද, පාරිභෝගිකයාගේ සමාජ තත්ත්වය විදහා දක්වන්නක් ද වෙනවා. අද පාරිභෝගියන් තම පෞද්ගලික අවශ්‍යතාවන්ට අනුව තමන් පැද යන මෝටර් සයිකලය සතුව විවිධ විශේෂාංග, අලංකාර නිමාව වැනි ගුණාංග අපේක්ෂා කරනවා’’

ඬේවිඞ් පීිරිස් මෝටර් සමාගම, පාරිභෝගිකයන් වෙත, බජාජ් මෝටර් සයිකල් මාලාවක් පිරිනමයි. කෘසර් මෝටර් සයිකල්වල සිට සටී‍්‍රට් මෝටර් සයිකල් දක්වා මෙන්ම විනෝදාත්මක අත්දැකීම් සඳහා හා එදිනෙදා පිරිමැසුම්දායක ගමන් බිමන් සඳහා භාවිතා කෙරෙන මෝටර් සයිකල් ද මෙලෙස වෙළෙඳපොළේ අලෙවියට තිබේ. බජාජ් ශ‍්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ප‍්‍රමුඛතම මෝටර් සයිකල් වෙළෙඳ නාමය වන අතර එය සතු බලය, එහි අනර්ඝ ක‍්‍රියාකාරීත්වය, අඩු නඩත්තු පිරිවැය, ඉන්ධන පිරිමැස්ම හා හැඩකාර නිමාවන් සහ සෑම ධාවකයෙකුගේ කැමැත්තට ගැළපෙන ස්වභාවය ද මෙම විශිිෂ්ටත්වයට හේතුවයි.

පල්සර් පවර් මෝටර් සයිකලය සතු බලය, වේගවත් බව හා එය ධාවකයාට අත් කර දෙන ප‍්‍රමෝදය නිසාම, ස්පෝට්ස් / ප‍්‍රීමියම් ක්ෂේත‍්‍රයේ අසමසම ස්ථානයක් උසුලයි.

ඩිිස්කවර් මෝටර් සයිකලය එය සතු නාමයෙන් දැක්වෙන අරුතටම හොඳින් ගැලපෙන සේ, ඔබගේ ගමන් මෙ`ගහි නිම් වළලූ පු`ථල් කර ගැන්මට හා ඔබේ විනෝදාස්වාදය හා සංචාර තුළින් ඔබට අපමණ නිදහස් සතුටක් හිමි කර කිරීමට සමත් සුපිරි ගණයේ මෝටර් සයිකල් පෙළකි.

ප්ලැටිනා මෝටර් සයිකලය එදිනෙදා ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පරිහරණයේ දී, ප‍්‍රයෝගික බව අතින් මෙන්ම පිරිමැසුම් දායකබව, වැඩිදියුණු කළ සුව පහසුව මෙන්ම ආරක්ෂාව අතින් ද එම කාණ්ඩයේ මෝටර් බයිසිකල් අතර විශිෂ්ටත්වයක් උසුලයි.

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් විසින් ස්ථාපිත රට පුරා පිහිටි ප‍්‍රාදේශීය කාර්යාල 40 ක්, 1500 කට අධික අලෙවි, අමතර කොටස් සහ සේවා ඞීලර්වරුන්ගේ ජාලය සම`ගින් මෙරට බජාජ් මෝටර් සයිකල් හිමියන් වෙත අසමසම සේවාවක් ලබාදීම උදෙසා කැපවී කටයුතු කරයි.

ශ‍්‍රී ලංකාවේ රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගම (Associated Motorways Ltd.- AMW) සහ ඇක්සෝනොබෙල් හි ප‍්‍රමුඛතම රථවාහන තීන්ත සන්නාමය වන Sikkens එක්වී ස්මාට් බොඩි රෙපයාර් (Smart Body Repair) නමින් විශේෂ සේවාවක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පාරිභෝගිකයන්ගේ කාර්ය බහුල ජීවන රටාවන්ට ගැළපෙන පරිදි ඉක්මන් සහ සුහදශීලී සේවාවක් ලබාදීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ.

පෑලියගොඩ ප‍්‍රදේශයේ පිහිටි AMW සමාගමේ අතිනවීන පහසුකම් සහිත කර්මාන්තශාලාවේ සිට මෙම සේවාවේ මෙහෙයුම් කටයුතු ක‍්‍රියාත්මක වේ. පර්ල් වර්ණ ඇතුළුව සියලූම වර්ණයේ වාහන පින්තාරු පැය 4 ක් හෝ ඊට අඩු කාලයක් තුළ උසස්ම ප‍්‍රමිතියෙන් යුතුව ඉටුකරලීම මෙම සේවාවේ ඉලක්කය වී ඇත. AMW සමාගම සතු නවීන යන්ත‍්‍රසූත‍්‍ර භාවිතා කරමින්, මනාව පුහුණුව ලත් පින්තාරු කාර්මිකයන් විසින් ලබාදෙනු ලබන මෙම සේවාව මගින් තරගකාරී මිලගණන් යටතේ සියලූම ආකාරයේ වාහන පින්තාරු සේවාවන් පිරිනැමේ.

නවීන Sikkens නිෂ්පාදනවල ඇති විශේෂ ගුණාංග නිසා ස්මාට් බොඩි රෙපයාර් ඔස්සේ අධිවේගී සේවාවක් සහනදායී මිලකට ලබාදීමට AMW සමාගමට හැකියාව ලැබී ඇත. මෙසේ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා Sikkens Autosurfacer Rapid ෆිලර් වර්ගය සහ Sikkens Auto Clear Rapid නිෂ්පාදනය භාවිතා කෙරේ. Sikkens Autosurfacer Rapid යනු විනාඩි 20 ත් 30 ත් අතර කාලයකදී වියළෙන සහ උසස් ප‍්‍රමිතියක් ලබාදෙන ෆිලර් වර්ගයක් වන අතර Sikkens Auto Clear Rapid යනු පැයක කාලයක් තුළ යෙදීමෙන් දිගුකල් පවතින, උසස්ම මට්ටමේ නිමාවක් ලබාදෙන පෙරළිකාරී නිෂ්පාදනයකි.

AMW සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවියෙන් පසු සේවා) සදාත් නිසාර් මහතා පැවසුවේ මේ ආකාරයට ඇක්සෝනොබෙල් සමාගම සමග අත්වැල් බැඳගෙන පාරිභෝගිකයන්ට වේගවත් සේවාවක් ලබාදීමට හැකිවීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බවයි. ”මේ නිසා අපට ප‍්‍රථම වතාවට අඩු කාලසීමාවකින් වඩාත් උසස් සේවාවක් අපගේ පාරිභෝගිකයන් වෙත ලබාදීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. ඉදිරියේදී මෙය ක්ෂේත‍්‍රයේ කවුරුත් ආදර්ශයට ගනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. ඒ වගේම මෙම සේවාව දිගින් දිගටම දියුණු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ස්මාට් බොඩි රෙපයාර් සේවාව දැන් පාරිභෝගිකයන් සඳහා විවෘතයි. AMW වෙතින් කලින් වේලාවක් වෙන්කරවාගෙන මෙම සේවාව ලබාගැනීමට පැමිණෙන මෙන් අපි පාරිභෝගිකයන්ට ආරාධනා කරනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

AMW සමාගම ලබාදෙන මෙම සේවාව හා සම්බන්ධ වීමට ලැබීමට අපට විශාල සතුටක්. වාහන බඳ අලූත්වැඩියා මධ්‍යස්ථානයක් සාර්ථක වන්නේ, පාරිභෝගිකයන් සිය රථවාහන ඉතාමත් ඉක්මනින් ආපසු ලබාගැනීමට කැමති බව අවබෝධ කරගෙන ඒ අනුව සේවාවන් ලබාදුන් විටයි. මේ ආකාරයේ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය නිෂ්පාදන, පුහුණුව හා සහයෝගය ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.” ඇක්සෝනොබෙල් ශ‍්‍රී ලංකා සමාගමේ ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඩිල්ශාන් තරංග මහතා පැවසී ය.

ඇක්සෝනොබෙල් යනු ප‍්‍රමුඛ පෙළේ තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් වන අතර විශේෂ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය අතින්ද පෙරමුණේ පසුවන සමාගමකි. දීර්ඝ කාලයක් තිස්සේ ලද අත්දැකීම් සමගින් අපි වර්තමාන ලෝකයේ පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැළපෙන නිර්මාණශීලී නිෂ්පාදන හා තිරසාර තාක්ෂණයන් තිළිණ කරන්නෙමු. අපගේ ප‍්‍රධාන කාර්යාලය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ පිහිටා ඇති අතර ලොව රටවල් 80 ක විසිරී සිටින අපගේ කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් 45,000 කගෙන් පමණ සමන්විත වේ. අපගේ සුප‍්‍රකට සන්නාම අතරට Dulux, Sikkens, International, Interpon සහ Eka වැනි සන්නාම ඇතුළත් වී ඇත. තිරාසරත්වය අතින් නිරතුරුව මුල් පෙළේ සමාගමක් ලෙස ඇගයීමට ලක්වන අපි ජනතාව වෙනුවෙන් වඩාත් යහපත් ජීවිත සහ වටාපිටාවන් තිළිණ කර දීමට කැපවී කටයුතු කරන්නෙමු.

ඇසෝසියේටඞ් මෝටර්වේස් (පුද්.) සමාගම
ඇසෝසියේටඞ් මෝටර්වේස් (පුද්.) සමාගම යනු මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ වසර 65 කට අධික අත්දැකීම් ඇති සමාගමකි. එම සමාගම මගින් මේ වනවිට රථවාහන (මගී කාර්, ට‍්‍රක් සහ බස් රථ, ත‍්‍රිරෝද රථ, මෝටර් සයිකල්, සාගර යාත‍්‍රා සහ ජෙනරේටර්), ටයර්, ලිහිසි තෙල් වර්ග සහ මූල්‍ය සේවා ඇතුළු නිෂ්පාදන හා සේවාවන් රැුසක් මෙරට පාරිභෝගිකයන් වෙත ලබාදෙයි. හොඳින් පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් සහ රටපුරා විසිරුණු නියෝජිත ජාලයක් සමගින් ජනතාවට විශිෂ්ටතම මට්ටමේ සේවාවක් ලබාදීමට එම සමාගම ඇපකැප වී සිටී.

Ford සමාගම සොෆ්ට්ලොජික් හෝල්ඩිංස් සමාගමේ අනු සමාගමක්වන Future Automobiles සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් සිය නවතම ”ට‍්‍රක් මාසය” ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පාරිභෝගිකයන් හට ඔක්තෝබර් මාසය පුරාම විශේෂ දීමනා රැුසක් හිමිකර දීමට Ford සමාගම කටයුතු කරයි..

මෙම සුවිශේෂී වරප‍්‍රසාදය හිමිකර ගනිමින් Ford සමාගමේ නවතම Ranger මාදිලිය තමන් සතු කර ගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාවක් ලැබේ.

”Built Ford Tough සම්ප‍්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඔක්තෝබර් මාසය පුරාම සුවිශේෂී ප‍්‍රතිලාභ රැුසක් සමගින් Ranger ට‍්‍රක් රථයකට හිමිකම් කීමේ අවස්ථාව අප පාරිභෝගික ජනතාව වෙත හිමිකර දී තිබෙනවා.” Fordමෝටර් සමාගමේ නැගී එන වෙළඳපල අංශයේ ආසියා පැසිෆික් කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ ඬේවිඞ් වෙස්ටර්මන් මහතා සඳහන් කළේය.

කල් පැවැත්ම, සුරක්ෂිත බව සහ ශක්‍යතාව යන ගුණාංගයන් සඳහා අසමසම කීර්ති නාමයකට හිමිකම් කියන Ford සමාගම ගෝලීය ඉංජිනේරු සම්පත් මැනවින් උපයෝගී කර ගනිමින් මෙම නවතම ට‍්‍රක් රථ මාදිලිය වෙළඳපලට හඳුන්වා දී ඇත. F-150 සිට Ranger මාදිලිය දක්වා සෑම මාදිලියක් ම මෙම කලාපයේ ජනතාවගේ නොමඳ විශ්වාසය හිමිකර ගැනීමට සමත් වී ඇත.

අසමසම හැකියාවෙන්, සුරක්ෂිතතාවයෙන්, නිමාවෙන් සහ උසස් තාක්ෂණයෙන් යුතු Ranger මාදිලිය එදිනෙදා අභියෝගයන් සඳහා සාර්ථකව මුහුණ දිය හැකි ලෙස නිමවා තිබීම විශේෂත්වයකි.

පොළව මට්ටමේ සිට මි.මී. 230 (Ground Clearance) දක්වා උසකින් නිමවා ඇති Ranger මාදිලිය ප‍්‍රබල පාරිසරික සහ උෂ්ණත්ව වෙනස්වීම් සඳහා නොබියව මුහුණ දෙයි.

ආකර්ෂණීය අභ්‍යන්තර නිමාවකින් මෙන්ම ජල මතුපිටක ගමන් කිරීම, බර ඇදගෙන යාම හා බර දැරීමේ හැකියාවෙන් ද Ranger මාදිලිය සමන්විතය.

වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ක‍්‍රමවේද හරහා Ranger රථයේ මගීන් හට පෙරටත් වඩා වැඩි ආරක්ෂාවක් හිමි කර දීමට Ford සමාගම කටයුතු කර ඇත.

පෙරළීමේ අවදානමක් සහිත පෘෂ්ඨවලින් ආරක්ෂා වීම සඳහා පැති ආරක්ෂක තීරුවක්, ඇන්ටි-ලොක් තිරිංග පද්ධතිය ABS සහ විද්‍යුත් තිරිංග බල බෙදාහැරීමේ ක‍්‍රමවේදය EBD සහිත Ranger මාදිලිය සඳහා NCAP සුරක්ෂිතතා ශේණිගත කිරීම්හි ඉහළම ශේණිගත කිරීම හිමි වී ඇත.

”මීට පෙර මෙවැනි මාදිලියකින් අත් විඳීමට නොහැකි වූ උපරිම හැකියාවෙන්, සුරක්ෂිතතාවෙන් සහ කාර්යක්ෂමතාවෙන් යුතු Ranger මාදිලිය උසස් මට්ටමේ සුවපහසුවත්, ආකර්ෂණීය නිමාවෙන් ද සමන්විත වේ. ලොව නවීනතම තාක්ෂණයෙන් අනූනව ප‍්‍රබල ජවයෙන් යුතුව නිමවා ඇති බැවින් Ranger රථය තුළින් තමන්ට නැවුම් ධාවන අත්දැකීමක් හිමිකර දී ඇති බව පාරිභෝගිකයන් ද අපට දන්වා තිබෙන බව” වෙස්ටර්මන් මහතා සඳහන් කළේය.

”ඔක්තෝබර් මාසය පුරා පාරිභෝගිකයන් හට මෙම නවතම අත්දැකීම හිමිකර දීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වන බව” Future Automobiles සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) සිය නවතම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය අනුරාධපුරයේදී විවෘත කරයි. අති නවීනතම Bosch උපකරණ වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටා තිබේ. දශක 7 කට අධික කාලයක් ඩීමෝ සහ Bosch අතර වන සහයෝගීතාව සමඟ ඩීසල් පද්ධති අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වීමට ඩීමෝ සමාගම සමත්ව ඇත. එපමණක් නොව එම කාල සීමාව තුළ ගණනය කළ නොහැකි ප්‍රමාණක් ඩීසල් පොම්ප අලුත්වැඩියාව ද ඩීමෝ විසින් සිදුකර තිබේ. එම අත්දැකීම් සහ පළපුරුද්ද අනුව මෙම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය මඟින් ඩීසල් පද්ධති අළුත්වැඩියා කිරීම සිදු කෙරේ.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ඩීමෝ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ රැසක මෙම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථාන විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.එම මධ්‍යස්ථාන මඟින් සියලුම ඩීසල් වාහන හිමියන්ට සහ ගරාජ්කරුවන්ට Bosch වෙතින් ජාත්‍යන්තර මට්ටමේ විසඳුම් ලබාගත හැකිවන බවද හෙතෙම සඳහන් කලේය.

ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය මඟින් සියලුම වර්ගයේ ඩීසල් ඉන්ධන පොම්ප (රොටරි සහ ඉන්ලයින් පොම්ප) සේවා පහසුකම්, නවීකරණය, ඉන්ජෙක්ටර් අළුත්වැඩියාව සහ සේවා පහසුකම්, ඩීසල් රේල් පොම්ප සහ ඉන්ජෙක්ටර් ක්‍රමාංකනය කිරීම සහ අළුත් වැඩියා කිරීම, ආදී කටයුතු සිදුකෙරේ. ඩීසල් පද්ධති අළුත්වැඩියාව සඳහා මෙරට භාවිත කෙරන ඉහළම තත්වයේ අති නවීනතම උපකරණ ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය සතු වන අතර ඩීසල් තාක්ෂණය සහ අමතර කොටස් සම්බන්ධයෙන් අලෙවියෙන් පසු සේවා සපයන Bosch හි එකම බලයලත් සේවා මධ්‍යස්ථානය වන්නේ ද මෙම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානයයි.

ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය මඟින් මඟී වාහන, වෙළද වාහන, බෝට්ටු එන්ජින්, සහ වාහන නොවන එන්ජින් ආදියෙහි ඩීසල් ඉන්ජන්ෂන් පොම්ප අළුත් වැඩියාව සිදුකරයි. එමෙන්ම නවීනතම ඩීසල් පරීක්ෂණ උපකරණ මෙහිදී භාවිත කිරීම විශේෂත්වයකි. මෙම මධ්‍යස්ථානයේ සේවය සඳහා යොදවා ඇති දක්ෂ පළපුරුදු කාර්මිකයින් විසින් වඩා විනිවිද භාවයකින් යුක්තව සියලුම සේවා පහසුකම් සපයනු ලබයි. ඩීමෝ ආයතනය සිය පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා ඩීසල් මධ්‍යස්ථාන විකේන්ද්‍රණය කිරීමේ වැඩපිළිවෙල හි ආරම්භය සටහන් කරමින් අනුරාධපුරයේ මෙම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය විවෘත කර ඇත.

ශ‍්‍රී ලංකාවේ අලෙවි කරන මෝටර් රථ වෙනුවෙන් පළමු වතාවට වසර පහක නිෂ්පාදන වගකීමක් ලබාදෙමින් Kia මෝටර්ස් ලංකා සමාගම මෙරට වාහන අලෙවි අංශයේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.

මෙය 2016 ඔක්තෝම්බර් 01 වනදා සිට මිලදී ගන්නා Kia Picanto මෝටර් රථ වලට හිමිවන බවත් මෙම වගකීම යටතේ කිලෝ මීටර් 150,000 ක් හෝ වසර පහක කාල සීමාවක් යන විකල්ප දෙක අතුරින් මුලින් පැමිණෙන විකල්පය මත පදනම්ව වගකීම ලබාදෙන බව සමාගම පවසයි.

‘‘නිර්මාණශීලිත්වය සහ කාර්යසාධනය මත පදනම් වූ සන්නාමයක් ලෙස Kia නිරන්තරයෙන්ම සිය වාහනවල අගය එකතු කිරීමේ ක‍්‍රියාවලිය යටතේ නිෂ්පාදන තත්ත්වය වැඩිදියුණු කරමින් සිටිනවා’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Kia මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන් තම්බයියා මහතා සඳහන් කළේය. ‘‘අපගේ Kia Picanto මෝටර් රථ වලට ලබාදෙන මෙම වගකීම මගින් පෙන්නුම් කරන්නේ දේශීය මෝටර් රථ අලෙවි කර්මාන්තය අභියෝගයකට මුහුණදී සිටින අවස්ථාවේදී පවා අපගේ තිබෙන කැපවීමයි. ඒ වගේම, අපගේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වයේ දියුණුව සහ ඒ පිළිබඳව සමාගමේ තිබෙන විශ්වාසය මෙම වගකීම ලබාදීම මගින් විදහා දැක්වෙනවා. සමහර රට වල Kia විසින් වසර හතක නිෂ්පාදන වගකීමක් ලබාදෙන අවස්ථාවන්ද තිබෙනවා.’’

නව Kia Picanto මෝටර් රථ වලට වසර පහක නිෂ්පාදන වගකීමක් ලබාදීමට අමතරව මෙම මෝටර් රථය සඳහා ස්වාධීන තාක්ෂණික පරීක්ෂා කිරීමේ ආයතනයක් වන TÜV Nord මගින් පරිසර සහතිකය ලබා තිබෙන අතර ISO 14040 Life Cycle Assessment (LCA) සහතිකයද හිමිකර ගෙන තිබේ. Kia විසින් නිෂ්පාදනය කරන නව Rio සහ Optima මෝටර් රථද මේ ආකාරයෙන්ම සහතික කර ඇත.

අළුතින් සැලසුම් කර නිෂ්පාදනය කර තිබෙන නව පරම්පරාවේ Picanto මෝටර් රථය මේ වසරේ මාර්තු මාසයේදී ලංකාවට හඳුන්වා දුන් අතර එය විප්ලවීය මෝටර් රථ සැලසුම්කරණයේ සහ ඉහළ කාර්යසාධනයේ නවතම දිගුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙම මෝටර් රථය 998cc ගැසොලින් ඉන්ලයින් සිලින්ඩර තුනකින් යුතු එන්ජිමකින් සමන්විත වන අතර දොර පහේ මෝටර් රථය විකල්ප පැකේජ පහකින් මිලදීගත හැකිය. අතින් ක‍්‍රියාකරන ගියර් පහකින් යුතු මාදිලියේ සිට ගියර් හතරකින් යුතු ස්වයංක‍්‍රීය මාදිලිය දක්වා වූ මාදිලි වලින්ද මෙම මෝටර් රථය මිලදී ගැනීමේ හැකියාව ඇත.

මෙම මෝටර් රථ මාදිලියට ආවේණික ගති ලක්ෂණ වලට විධිමත්ල පරිණතභාවය එක්කරමින් මෙහි ආරක්ෂාකාරී බව වැඩිදියුණු කර තිබීම කැපී පෙනේ. ද්විත්ව වායු බැලූන සහ ඇන්ටි ලොක් තිරිංග පද්ධතිය (ABS), පරිසර හිතකාමී තාක්ෂණය සහ පුද්ගලිකත්වයට වඩාත් ලංවූ පහසුකම් මාලාව මේවා අතරින් ප‍්‍රමුඛ වේ. මීට අමතරව, iPod AUX සහ USB සම්බන්ධතාවය, යාන්ත‍්‍රිකව ක‍්‍රියාකරන පවර් ස්ටියරිං පහසුකම සහ ටිල්ට් ස්ටියරිං පද්ධතිය, ගුවන්විදුලිය සහ ක්‍ෘ ප්ලේයරයක් සහිත ඕඩියෝ පද්ධතිය, සිකියුරිටි ඉන්ඩිකේටරය යන පහසුකම්ද මෙම මෝටර් රථයේ අගය වඩාත් ඉහළ නංවයි.

තාරුණ්‍යයෙන් පිරුණු සිතුම් පැතුම් ඇති පාරිභෝගිකයින් වෙනුවෙන් ගුණත්වයෙන් ඉහළ වාහන නිෂ්පාදනය කරන kia මෝටර්ස් කෝපරේෂන් (www.kia.com) සමාගම 1944 දී ආරම්භ කළේ රථ වාහන නිෂ්පාදනයේ කොරියාවේ පැරණිතම සමාගම ලෙසිනුයි. kia සමාගම වසරකදී ලෝකය පුරා වාහන මිලියන 03 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරන සමාගමකි. සමාගම සතුව රටවල් 05 ක වාහන නිෂ්පාදන හා එකලස් කිරීමේ කම්හල් 10 ක් තිබෙන අතර බෙදාහැරීමේ සහ වෙළඳ ජාලය රටවල් 150 ක ව්‍යාප්තව පවතී. ණස් මෝටර් රථ සමාගමේ සන්නාම පාඨය 'The Power to Surprise’ යන්නෙන් පිළිඹිබු වන්නේ බලාපොරොත්්තු ඉක්මවන උද්වේගකර අත්දැකීම් ලබාදීම තුළින් ලෝකයා පුදුම කරවීමට සමාගමේ තිබෙන ගෝලීය කැපවීමයි.

ෆෝඩ් මෝටර් සමාගම සහ එහි දේශිය බෙදාහරින්නා වන ෆියුචර් ඔටෝමොබයිල්ස් හා එක්ව වැඩි පහසුකම් සහිත නවතම ෆෝඩ් Ranger රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම රථය හෙට සිට ෆෝඩ් අලෙවි මධ්‍යස්ථාන වලදී මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

නවතම Ranger රථය ආරක්ෂාව සහ උසස් තාක්ෂණය අතින් පැවති Ranger රථ අභිබවා යමින් පික් අප් ට්‍රක් රථ අතර අසම සම හැකියාවලින් යුත් රථයක් බවට පත්ව ඇත.

මෙම නව Ranger රථය පිළිබඳව අදහස් දක්වන ෆෝඩ් මෝටර් සමාගමේ ආසියානු පැසිෆික් කලාපයේ කළමණාකාර අධ්‍යක්ෂ ඩේවිබ් වෙස්ටර්මන් සඳහන් කළේ "ෆෝඩ් නිපැයුමක රළු භාවිතාවට සුදුසු බව" පසක් කරමින් මෙම නව රථය නිපදවා ඇති බවයි. මෙම නවතම ෆෝඩ් Ranger රථය මෙරට ඇති අනිකුත් පික් අප් රථවලට වඩා වැඩි කාර්යක්ෂම බවින් සහ පහසුකම් වලින් යුක්ත වන බවත් ආරක්ෂාව සහ ස්මාර්ට් තාක්ෂණයෙන් අනූන මෙම රථය එවැනි පහසුකම් සහිත මෙරට එකම පික් අප් රථය වන බවත් පෙන්වා දුන්නේය.

නවීන තාක්ෂණය,මාදිලිය සහ නව ඇතුළත නිමාව මෙන්ම ජලය සහිත ප්‍රදේශ වල ධාවනය කිරීම සහ බර රැගෙන යාම අතින් ගත් කළ එම පන්තියේ හොඳම රථය බවට පත් වන්නේ මෙම නවතම Ranger රථයයි.

ෆෝඩ් හි නවතම තාක්ෂණය යටතේ වැඩිදියුණු කළ මෙම රථය ලීටර් 3.2 Duratorq සිලින්ඩර් පහ සහ ලීටර් 2.2 Duratorq සිලින්ඩර් හතර තාක්ෂණය යටතේ නිපදවා ඇති අතර TDCi ඩීසල් එන්ජිමකින් යුක්ත වෙයි. මෙම තාක්ෂණය නිසා සාමන්‍ය රථයකට වඩා 12% කින් ඉන්ධන අරපිරිමැස්මකින් මෙම Ranger රථය ධාවනය කළ හැකිය.

මෙම නව Ranger රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ ෆියුචර් ඔටෝමොබයිල්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ රළු මංමාවත් වල ධාවනය කිරීමට සුදුසු රථයක අවශ්‍යතාව සහ එම ගමනේදී මගී සුවපහසුව ආරක්ෂා කරගැනීම යන ශ්‍රී ලාංකික රියදුරන් අපේක්ෂා කරන කරුණු දෙකම මෙම නව Ranger රථය මඟින් සපුරාලන බවයි. මේ හේතුවෙන් මෙම නව Ranger රථය ශ්‍රීලාංකිකයින්ගේ බලාපොරොත්තු ඉටු කරන රථයක් බවද හෙතෙම සඳහන් කළේය.

මිලිමීටර් 800 ක් ගැඹුරු ජල මට්ටමක් මතින් අපහසුවකින් තොරව ධාවනය කළ හැකි මෙම නව ෆෝඩ් Ranger රථය ශ්‍රී ලංකාවට වඩා සුදුසු පික්අප් රථයක් වෙයි. මෙම නව Ranger රථය නිමකර ඇත්තේ වඩා දුෂ්කර මං මාවත් වල පහසුවෙන් හැසිරවීමේ හැකියාව සහිතව ය.

ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියක් සහිත මෙම Ranger රථයේ 4x4 මාදිලිය 4x2 සිට 4x4 දක්වා මාරු කිරීම මධ්‍යම කොන්සෝලය හා සම්බන්ධ වූ ලිවරයක් මඟින් පහසුවෙන් සිදුකළ හැකිය. කඳුකර මාර්ගයන් හි තිරිංග භාවිත කිරීම සඳහා වන විශේෂ පහසුකම් මෙන්ම 4x4 ගියර් පද්ධතිය අඩු වේග ධාවනයන් සඳහා ද යොදාගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයක් වන අතර අසීරු අවස්ථාවලදී රථය පාලනය පහසු කරවන ඉලෙක්ට්‍රොනික අගුළු පද්ධතියකින් ද මෙම රථය සමන්විත වෙයි. තවද මෙම රථය මඟින් කිලෝ ග්‍රෑම් 3500 ක බරක් ඇදගෙන යා හැකි අතර පැටවිය හැකි බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1200 කි.

නව ෆෝඩ් Ranger රථ වර්ණ 9කින් මිලට ගත හැකි අතර Metropolitan gray, Black Mica, Aluminum Metallic, Cool White, Sparkling Gold, Blue Reflex Mc, Aurora Blue Metallic, True Red ආදී වර්ණ සහ Wildtrak මාදිලිය Pride Orange Metallic ආදී වර්ණ වලින් මෙම නවතම Ranger රථය වෙළඳ පළට පැමිණ තිබේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.fordsrilanka.com/ නැතිනම් අමතන්න +94 76 540 8217.

සීමාසහිත ඩග්ලස් සහ පුත්‍ර පුද්ගලික සමාගම, Continental ටයර් ශ්‍රී ලංකාවේ DSL හා එක්ව Continental ටයර් අලෙවි නියෝජිත සමුළුව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටයේදී පසුගිය සිකුරාදා පවත්වනු ලැබීය. සැහැල්ලු මඟී මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා වන Continental ටයර් අලෙවියේදී 2015 වසර තුළ විශිෂ්ඨ අලෙවි දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයින් 20 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීම ද එම උත්සවයේදී සිදු කෙරිණ. මෙරට ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු ගෞරවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණ. මෙම සමුළුව සඳහා සීමාසහිත ඩග්ලස් සහ පුත්‍ර පුද්ගලික සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ සරෝජ් පෙරේරා මහතා මෙන්ම Continental සමාගම සහ DSL හි කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. මෙම සමුළුව සඳහා දිවයින පුරා Continental ටයර් අලෙවි නියෝජිතයින් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම අවස්ථාව DSL සහ Continental ටයර් සඳහා සුවිශේෂි අවස්ථාවක් වූ අතර මෙහිදී Continental ටයර් හි නවතම නිෂ්පාදන වන Generation 6 ටයර් හඳුන්වා දීම ද සිදුකෙරිණ. UltraContact UC6 සහ ComfortContact CC6 ලෙස නම් කර ඇති මෙම ටයර් වර්ග දෙක ආසියානු පැසිෆික් කලාපයේ මහාමාර්ග වෙනුවෙන්ම නිපදවා තිබේ. තෙතමනය සහිත අවස්ථාවකදී වුවද ඉතා ඉක්මනින් තිරිංග ක්‍රියාත්මක කළ හැකි මෙම ටයර් ආරක්ෂාව සහ සුවපහසුව මැනවින් ආරක්ෂා වන පරිදි නිපදවා තිබේ. Continental ටයර් සමාගම Generation 6 ටයර් හඳුන්වා දෙමින් ආසියානු පැසිෆික් කලාපයේ පාරිභෝගිකයින් වෙත නවීන තාක්ෂණයෙන් යුතුව රිය පැදවීමේ අත්දැකීම යළි අර්ථකථනය කර තිබේ.

Continental ටයර් හි ප්‍රාදේශීය අලෙවි අධ්‍යක්ෂ (BU Replacement APAC PLT) කී සෙන්ග් චූන්ග් මහතා මෙම අවස්ථාව අමතමින් සඳහන් කළේ Continental ටයර් පර්යේෂණ සහ සංවර්ධනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවයි. නවතම GEN 6 නිෂ්පාදන 6ක් වෙළඳ පලට හඳුන්වා දීම සඳහා මෙලෙස මුදල් ආයෝජනය කර ඇති බව හෙතෙම කීය. Ultra Contact UC6 සහ Comfort Contact CC6 ආදී නිෂ්පාදන හඳුන්වා දෙන්නේ ආසියානු සහ පැසිෆික් කලාපයේ රිය ධාවනයේ ස්වභාවය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් පසුව බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව Continental ට්‍රක් රථ ටයර් සඳහා ද විශේෂ අවස්ථාවක් වූ අතර මෙහිදී නවතම ට්‍රක්රථ ටයර් වර්ග 3ක් හඳුන්වා දුන්නේය. මෙම ටයර් CHS3, HSX2 සහ HDX2 ලෙස නම් කර ඇති අතර ඒවා රිම් ප්‍රමාණ 20 හා 22.5 යන ප්‍රමාණ වලින් ලබාගත හැක. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලෙවි සහ BR APAC TRUCK TYRES වෙළඳ විධායක පිලිප් බැරබිනෝ මහතා පෙන්වා දුන්නේ ඉන්දියාවේ භාවිත කිරීමේදී උසස් ප්‍රථිපල පෙන්නුම් කර ඇති මෙම ටයර් ශ්‍රී ලංකාවේද මාර්ගවලට ඔරොත්තු දෙන ආකාරයට දිගුකල් පැවැත්මකින් යුක්ත වන බවයි.

Continental ට්‍රක් රථ ටයර් විසින් ContiConnect නමින් තවත් අභිමානවත් සේවාවක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. මේ යටතේ ටයර් වල පීඩනය, සහ උෂ්ණත්වය ආදී සියලු සාධක නිරීක්ෂණය කර විශ්ලේෂණාත්මක වාර්තා ලබා දෙන අතර ContiPressureCheck නම් වන සෙන්සර් පද්ධතිය මඟින් මෙම පරීක්ෂා කිරීම් සිදුකර වාහනයේ ඉදිරිපස සවිවන කුඩා ඩිජිටල් තිරයක් මඟින් Conti360° සේවාවේ සහය සමඟ ContiConnect විසින් අවශ්‍ය නිවැරදි මිනුම් ආදිය පිළිබඳ තොරතුරු සපයනු ලැබේ. ටයර් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව වඩාත් නිවැරදි දත්ත ඇතුළත් වාර්තාවක් ඔන්ලයින් ක්‍රමයට ලබාදීම ද මෙම සේවාවේ ඇති විශේෂත්වයකි. මෙම නව සේවාව 2017 දෙවන කාර්තුවේදී දියත් කිරීමට නියමිතව තිබේ. ඇමරිකාව ,යුරෝපය සහ ආසියානු පැසිෆික් වෙළඳ පලට ContiConnect හඳුන්වා දීමට අපේක්ෂිතය.

Continental ටයර් මෙරට එකම බෙදාහරින්නා වන DSL ආයතනයට ද සුවිශේෂි අවස්ථාවක් වූ අතර DSL හි දිවයින පුරා විසිරී සිටින බෙදාහරින්නන් අතරින් අලෙවි දක්ෂතා දැක්වූ නියෝජිතයින් ඇගයීම ද මෙහිදී සිදුවිය. මීට අමතරව මෙදින හඳුන්වා දුන් නව නිෂ්පාදන සමඟ ට්‍රක් රථ ටයර් සහ බස් රථ ටයර් අලෙවියේ අලෙවි ඉලක්ක ජය ගැනීමට මෙය ඉවහල් වෙයි. එමඟින් මෙරට අංක එකේ ටයර් ආනයනකරු වන DSL ආයතනයේ වෙළඳ පල කොටස තවත් ශක්තිමත් වනු ඇත.

මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින් පවත්වාගෙන යන ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැල (DATS) වැලිවේරිය කිරිඳිවැල පාරේ පිහිටි නව පරිශ්‍රයක් වෙත ගෙනයයි. වැඩි පහසුකම් සහිත මෙම නව පරිශ්‍රය විවෘත කිරීම සහ ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැලේ (DATS) අධ්‍යාපනය අවසන් කළ නවතම සිසු කණ්ඩායම වෙත උපාධි පිරිනැමීම ද පසුගියදා සිදුකෙරිණ. මෙලෙස උපාධි ලැබූ සිසු කණ්ඩායමට සිසුවියන් 6 දෙනෙක් සහ යාපනය ප්‍රදේශයේ සිසුන් 10 දෙනෙක් ඇතුළත් වෙති.

මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව හැදෑරීමට මෙරට තරුණ පරපුරට අවස්ථාව විවර කර දෙමින් වර්ෂ 1990 දී ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැල (DATS) ඇරඹිණ. නවීන පහුණු පහසුකම් සහිත මෙම පාසැලේ පුහුණු පාඨමාලාවන් Mercedes-Benz නිපදවන ප්‍රධාන සමාගම වන ජර්මනියේ Daimler AG සමග එක්ව පවත්වනු ලැබීය. පසුව වසර 2010 දී වෘත්තීය අධ්‍යාපනය සඳහා වැඩි දායකත්වයක් ලබාදෙමින් ඩීමෝ සමාගම විසින් යාපනය ප්‍රදේශයේ තවත් පුහුණු පාසැලක් පිහිටුවනු ලැබීය. ගතවූ වසර 26 තුළදී Daimler AG සමාගම තාක්ෂණික විශේෂඥ පහසුකම්, මඟපෙන්වීම් සහ උපකරණ, ආදියෙන් ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැල (DATS) වෙත සහයෝගය දක්වා තිබේ. ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැලේ (DATS) කොළඹ හා යාපනය යන ශාඛා මඟින් මේ වන විට සිසුන් 420කට අධික පිරිසක් අධ්‍යාපනය ලබා විසිර ගොස් තිබේ.

ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැල (DATS) සියලු සිසුන් සඳහා සුවිශේෂී වූ අධ්‍යයන පහසුකම් වලින් සමන්විත,අති නවීන පුහුණු පහසුකම් සහ උපකරණ රැසකින් යුක්ත වෙයි. සියලු පහසුකම් වලින් යුත් දේශන ශාලා 3ක්, අති නවීන ඉලෙක්ට්‍රොනික විද්‍යාගාරයක්, වාහන අළුත්වැඩියා කිරීම සඳහා විශාල වැඩපොලක්, යකඩ සහ වානේ ආශ්‍රිත පුහුණු කටයුතු සඳහා වැඩපොළකින්ද සමන්විත වෙයි. තවද Mercedes-Benz මෝටර් රථ අළුත්වැඩියා කිරීම සඳහා උපකරණ, උසස් තත්වයේ උපකරණ කට්ටල, Mercedes මාදිලි සඳහා ඉලෙක්ට්‍රොනික දෝෂ පිරික්සුම් පහසුකම් වලින් සහ ටාටා වැනි අනිකුත් මාදිලි සඳහා ද ඉලෙක්ට්‍රොනික දෝෂ පිරික්සුම් පහසුකම් වලින් මෙම පුහුණු පාසැල සමන්විත වෙයි.

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සඳහා වන පාඨමාලා ඇතුළු පාඨමාලා රැසක් ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැල (DATS) මඟින් මෙහෙයවන අතර රථවාහන කාර්මික ශිල්පය, සහ උසස් තාක්ෂණික පුහුණුව (Advance Technical Training - ATT) ඉලක්ක කර ගෙන මෙම පුහුණු පාඨමාලා මෙහෙයවනු ලබයි. රථවාහන කාර්මික ශිල්පය සාර්ථකව හදාරා අවසන් කිරීමෙන් පසුව සම්පූර්ණ වශයෙන් මෝටර් රථයක් කොටස් වලට වෙන්කර නියමානුකූලව එකලස් කිරීමට සිසුන්ට හැකියාව ලැබේ. කාර්මික මිනුම්, විදුලි සහ විදුලි පැරාමීටර්, PDI නිසි පරිදි නඩත්තු කිරීම, මෝටර් රථවල රැහැන් රූ සටහන් වටහා ගැනීම ආදී කරුණු පිළිබඳව මනා අවබෝධයක් මෙන්ම දෝෂ නිශ්චය කිරීමේ උපකරණ භාවිතය සහ මෝටර් රථයක් අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් මනා පුහුණුවක් ද සිසුන් වෙත ලැබෙයි.

සිසුන් වෙත දැනුම ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැල (DATS)මගින් අනුගමනය කරනු ලබයි. විශේෂයෙන් පුහුණුව ලැබූ රථවාහන කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ අඛණ්ඩ මඟ පෙන්වීම යටතේ තනිව සිය හැදෑරීම් වල නිරත වීමට සිසුන්ට මෙහිදී අවස්ථාව සැලසෙයි. එක් කාණ්ඩයක් සඳහා සිසුන් 20 දෙනෙකු පමණක් බඳවා ගන්නා අතර ඔවුන් පස් දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායම් ලෙස වර්ගීකරණය කර මෙම පාසැලේදී අධ්‍යයන කටයතු සඳහා යොදවනු ලබයි. මෙම ක්‍රමවේදය මඟින් සිසුන් සහ පුහුණුකරුවන් අතර සබඳතා වර්ධනය වන අතර පුහුණුකරුවන්ට එක් එක් සිසුන් වෙත අවධානය යොමු කිරීම ද පහසු වෙයි. කාර්මික තාක්ෂණය පිළිබඳ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා වන සියලු පහසුකම් වලින් ඩීමෝ ඔටෝ මොබයිල් පුහුණු පාසැල (DATS)සමන්විත වෙයි. පරිගණක තාක්ෂණය යොදාගනිමින් සිසුන් පුහුණු කිරීමේ උපකරණ සහ පරිගණකගත කරන ලද තොරතුරු පද්ධතියකින් සමන්විත වැඩපොල කදී මෙම සිසුන්ට පුහුණුව ලබාදීම ද මෙම පාසැලේ ඇති විශේෂත්වයකි. තවද සියලුම ප්‍රායෝගික පුහුණු අවස්ථා නවීන පහසුකම් වලින් සමන්විත විදුලි සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාගාර තුළදී සිදුකෙරෙන අතර එහිදී ද පුහුණුකරුවන් විසින් අඛණ්ඩව සිසුන් නිරීක්ෂණය කරනු ලබයි. සිසු සිසුවියන්ගේ දක්ෂතා සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා මෙහිදී වැඩි අවස්ථාවක් විවර වන අතර අනාගත මෝටර් රථවාහන තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා මෝටර් රථ තාක්ෂණ විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් සහිත අභ්‍යාසලාභියෙකු මෙහිදී නිර්මාණය කෙරේ.