ටොයෝටා ලංකා සමාගම අවම නඩත්තුවකින් උපරිම ක‍්‍රියාකාරීත්වයක් ලබාදෙන ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ හඳුන්වා දෙයි Featured

Published in රථවාහන
ටොයෝටා ලංකා කණ්ඩායම Toyota Genuine Battery  දියත් කිරීමේ අවස්ථාවේදී ටොයෝටා ලංකා කණ්ඩායම Toyota Genuine Battery දියත් කිරීමේ අවස්ථාවේදී

ටොයෝටා සමාගමේ නිෂ්පාදනයක් වන උසස්ම තත්ත්වයේ ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ (Toyota Genuine Battery) මෙරටට හඳුන්වා දීමට ටොයෝටා ලංකා සමාගම ජනවාරි 28 වනදා ‘සිලෝන් මෝටර් ෂෝ’ ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේදී කටයුතු කළේ ය. ටොයෝටා මාදිලි සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම බැටරි අවම නඩත්තුවකින් උපරිම ක‍්‍රියාකාරීත්වයක් ලබාදෙන ලෙස සකස් කර ඇත.

භාවිතා කරන රථයේ ක‍්‍රියාකාරීත්වයට හොඳින් ගැළපෙන පරිදි නිෂ්පාදනය කර තිබීම නිසා ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ මෙසේ උපරිම ක‍්‍රියාකාරීත්වයක් ලබා දීමට සමත් වෙයි. මේ වනවිට වෙළඳපොළේ පවතින බොහෝ බැටරි පොදුවේ රථවාහන වර්ග රාශියකට ගැළපෙන ලෙස නිෂ්පාදනය කර ඇති අතර ඒවා නිෂ්පාදනයේදී රථවාහන මාදිලිවලට ආවේණික විශේෂ ගුණාංග කෙරෙහි අවධානය යොමු නොවේ. එම නිසා නිසා කල් යාමේදී ඒවායේ ශක්ති ධාරිතාව හා ක‍්‍රියාකාරීත්වය අඩු වී යයි.

එහෙත් ටොයෝටා නියම බැටරි නිෂ්පාදනයේදී උසස්ම තත්ත්වයේ කැල්සියම් මිශ‍්‍රලෝහ ජාලක යොදාගැනෙන අතර ටොයෝටා රථවාහන මාදිලිය අනුව මෙම බැටරි වර්ග කර ඇත. මේ ඔස්සේ අදාළ වාහනයේ ක‍්‍රියාකාරීත්වයට හොඳින්ම ගැළපෙන බල සැපයුමක් ලැබෙන නිසා ඉන් උපරිම ක‍්‍රියාකාරීත්වයක් ලැබේ. දැඩි වාත්තුවෙන් නිපදවූ ධන ජාලකය, ශක්තිමත් ලෝහ අංග සහ ද්විත්ව ගිල්වුම් ආරක්ෂාව ආදිය නිසා මෙම බැටරිවල මලබැඳීමද අවම ය. එමෙන්ම එය දියර අඩුවීම අවම කරන සහ ගැස්සීම ඇති අවස්ථාවලදී සිදුවන හානි අවම කරන ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ මේ සියල්ල සමගින් වාහනයට විශිෂ්ට බල සැපයුමක් ලබා දෙයි.

‘ටොයෝටා ජෙනුයින් බැටරි’ මිලදීගන්නා පාරිභෝගිකයන්ට එසේ මිලදීගන්නා දිනයේ සිට වසර 2 ක් දක්වා වගකීමක් හිමිවන අතර ටොයෝටා සමාගම හෝ එහි නියෝජිතයන් වෙතින් නොමිලේ නඩත්තු සේවා සහ නොමිලේ මාසික පරීක්ෂාවන්ද හිමි වේ. නිෂ්පාදන දෝෂ ඉතාමත් විරල නමුත් කිසියම් නිෂ්පාදන දෝෂයක් කලාතුරකින් හෝ ඇතිවන්නේ නම් ඒ සඳහා වගකීම් කාලය ඇතුළත වෙනත් බැටරියක් ලබාදෙනු ඇත. දිවයින පුරා පිහිටි ටොයෝටා ලංකා ශාඛා සහ සමාගමේ බලයලත් නියෝජිතයන් වෙතින් ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ මිලදීගත හැකි වේ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ටොයෝටා ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී අමතර කොටස්, ලිහිසි තෙල් සහ මෝටර් රථ සත්කාර* ප‍්‍රියන්ත පෙරේරා මහතා පැවසුවේ මින් ඉදිරියට බැටරි නඩත්තුව ගැන කරදර වීම අවශ්‍ය නොවන බවයි. ”සාමාන්‍ය බැටරි නිතර නඩත්තු කළ යුතුයි. ඒ වගේම ඒවා විශේෂ රථවාහන මාදිලියක් වෙනුවෙන් නිෂ්පාදනය කර නැති නිසා ඒවායින් නිසි ක‍්‍රියාකාරීත්වයක් ලැබෙන්නෙත් නැහැ. ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ යෙදීම මගින් ටොයෝටා රථවාහන හිමියන්ට මෙම ගැටලූවලට මනා විසඳුමක් ලැබේවි.”

මෙම අවස්ථාවට ටොයෝටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා, අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල, සාමාන්‍යාධිකාරී (අමතර කොටස්, ලිහිසි තෙල් සහ මෝටර් රථ සත්කාර) ප‍්‍රියන්ත පෙරේරා සහ ‘ටොයෝටා ජෙනුයින් බැටරි’ කණ්ඩායම් නායක ඇන්ටන් රොෂේන් යන මහත්වරු සහභාගී වූහ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීම සම්බන්ධයෙන් ටොයෝටා ලංකා සමාගම ප‍්‍රසිද්ධියක් උසුලන අතර Toyota Tsusho Corporation මගින් 2015 වසරේදී එම සමාගම මෙම කලාපයේ විශිෂ්ටතම විකුණුම් සම්පාදක (Best Sales Provider) ලෙසද ඇගයීමට ලක්කරන ලදි. ජපානයේ Toyota Tsusho Corporation හි අනුබද්ධ සමාගමක් ලෙස 1995 වසරේදී ආරම්භ කරන ලද ටොයෝටා ලංකා සමාගම ටොයෝටා රථවාහන, හීනෝ රථවාහන සහ නියම අමතර කොටස් මෙන්ම ටොයෝටා අලෙවියෙන් පසු සේවා, ටොයෝටා ජෙනුයින් මෝටර් ඔයිල්, ටොයෝටා ජෙනුයින් බැටරි, ටොයෝටා කාර්මික උපකරණ මෙන්ම ලෝ ප‍්‍රකට පිරෙලි ටයර් සඳහාද මෙරට බලයලත් නියෝජිත ලෙස කටයුතු කරයි. එමෙන්ම ටොයෝටා ලංකා සමාගම නිරතුරුව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප‍්‍රජා සත්කාර වැඩසටහන් සංවිධානය කිරීමටද පියවර ගනී.