ටොයොටා ‘වීගො’ සඳහා ප‍්‍රදර්ශනාගාරයක් Featured

Published in රථවාහන

2017 පෙබරවාරි 02, කොළඹ: ටොයොටා රථවාහන සඳහා මෙරට එකම නිල නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගම සිය නවතම හඳුන්වා දීම වන ටොයොටා ‘වීගො’ රථය සඳහා වෙනම ප‍්‍රදර්ශනාගාරයක් වත්තල ප‍්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. 1000cc කාණ්ඩයේ රථයක් වන වීගො රථය පහසු මිලට ලබාගත හැකි, මනා සුවපහසුව සහිත රථයක් වන අතර එම රථය ටොයොටා ලංකා සමාගම විසින් මෑතකදී මෙරට වෙළඳපොළට හදුන්වා දෙන ලදි.

වත්තල පිහිටි ‘ටොයොටා ප්ලාසා’ පරිශ‍්‍රයේ මෙම විගො ප‍්‍රදර්ශනාගාරය පිහිටා ඇති අතර වීගො රථයට ආවේණික ලක්ෂණ ලෙස සැලකෙන විනෝදමත් බව නිරූපණය වන පරිදි මෙම ප‍්‍රදර්ශනාගාරය සැලසුම් කර තිබේ. මුලින්ම වාහනයක් මිලදීගන්නා තරුණ විධායක නිලධාරීන් හා පවුල් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම රථය වර්තමාන ජීවන රටාවන්ට කදිමට ගැළපෙන රථයක් ලෙස හැඳින්විය හැක.

‘‘ටොයොටා ‘වීගො’ රථය ටොයොටා ලංකා වාහන එකතුවට එක්වූ ඉතාමත් වැදගත් රථ මාදිලියක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම රථය බිහිවී තිබෙන්නේ ආරම්භක මට්ටමේ රථයක් සඳහා වෙළඳපොළේ ඇති විශාල ඉල්ලූම සපුරාලීමේ අරමුණින් විශිෂ්ට ප‍්‍රමිතියෙන් යුත් රථයක් නිපදවීමට ටොයොටා සමාගම දැරූ විශාල උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙම විශිෂ්ට රථයට ගැළපෙන විශිෂ්ට පාරිභෝගික සේවාව ලබාදීමට ටොයොටා ලංකා සමාගම සූදානමින් සිටිනවා.” ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා පැවසී ය.

‘‘දිගු කාලයක් යනතුරු ටොයොටා ලංකා සමාගම 1000ජජ හෝ ඊට අඩු කාණ්ඩයේ රථයක් හදූන්වාදී තිබුණේ නැහැ. වීගො රථය හඳුන්වා දීමත් සමග එම අඩුපාඩුව සපිරෙනවා. දැන් පාරිභෝගිකයන්ට ආරම්භක මට්ටමේ සිට අධි-සුඛෝපභෝගී මට්ටම දක්වා තමන් කැමති කාණ්ඩයක ටොයොටා රථ ටොයොටා ලංකා සමාගම ෙවතින් මිලදීගැනීමට පුළුවන්. ඉදිරියේදී වීගො රථය බෙහෙවින් ජනප‍්‍රිය වේවි කියා අප විශ්වාස කරනවා. ඒත් සමග 1000ජජ කාණ්ඩයේ අපගේ ව්‍යාපාරික මෙහෙයුම් තවතවත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වනවා.” ටොයොටා ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසී ය.

අලූත්ම ටොයොටා වීගො රථයට වසර 3/කිලෝමීටර 100,000 ක වගකීමක් සමග නොමිලේ ලියාපදිංචිය සහ නොමිලේ සේවා වාර 3 ක් ලබාදීමට ටොයොටා ලංකා සමාගම කටයුතු යොදා ඇත.

අංක 337, මීගමුව පාර, වත්තල යන ස්ථානයේ පිහිටි ‘ටොයොටා ප්ලාසා’ හි වීගො ප‍්‍රදර්ශනාගාරයේදී මෙන්ම රත්මලාන, මීගමුව සහ කුරුණෑගල යන ස්ථානවල පිහිටි ටොයොටා ලංකා ප‍්‍රදර්ශනාගාරවලදී ටොයොටා වීගො රථය පරීක්ෂා කළ හැක. වැඩිදුර විස්තර සඳහා 0112 939000 අංකයෙන් ටොයොටා ලංකා සමාගම අමතන්න.