ටොයොටා ලංකා ප‍්‍රථම වරට 1000cc 'Wigo' රථය මෙරටට හඳුන්වා දෙයි Featured

Published in රථවාහන

2017 ජනවාරි 27, සිකුරාදා, කොළඹ: ශ‍්‍රී ලංකාව තුළ ටොයොටා රථවාහන සඳහා එකම බලයලත් නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගම ප‍්‍රථම වරට අලූත්ම 1000cc 'Wigo' රථය මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ‘සිලෝන් මෝටර් ෂෝ’ ප‍්‍රදර්ශනයේදී මෙම රථය හඳුන්වා දීම සිදුවිය.

ටොයොටා ලංකා සමාගම මෙසේ 1000cc කාණ්ඩයේ රථයක් මෙරටට හඳුන්වා දෙන ප‍්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ වනවිට පාවිච්චි නොකළ, උසස්ම තත්වයෙන් නිෂ්පාදිත, සුවපහසු, එහෙත් පහසු මිලට ලබාගත හැකි මෙම කාණ්ඩයේ රථ සඳහා මෙරට වෙළඳපොළ තුළ විශාල ඉල්ලූමක් පවතී. 'Wigo' රථය නිර්මාණය කර ඇත්තේ මෙබඳු රථයක් අපේක්ෂා කරන පවුල් සහ තරුණ විධායක නිලධාරීන් වැනි අය ඉලක්ක කරගනිමිනි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා පැවසුවේ ප‍්‍රථම වරට මෝටර් රථයක් මිලදීගන්නා කෙනෙකුට මෙම රථය ඉතාමත් සුදුසු බවයි. ‘‘මෙය ලෝකයේ විශිෂ්ටතම සන්නාමයකින් පහසු මිලට ලබාදෙන රථයක් වගේම සුවපහසුව හා ආරක්ෂාව වැනි ගුණාංග සියල්ල එකට කැටිවූ රථයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. මෙම රථය මිලදීගන්නා අයට ජාත්‍යන්තර ටොයොටා ප‍්‍රමිතීන්ට අනුව අති විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවකුත් හිමිවන බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එම නිසා මෙම රථය දැකබලාගෙන එහි විශිෂ්ටත්වය අත්දකින මෙන් මා අලූත් මෝටර් රථයක් මිලදීගන්නට බලාපොරොත්තු වන සියලූම දෙනාට ආරාධනා කරනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

'Wigo' රථය වෙළඳපොළට පැමිණෙන්නේ අලංකාර නිමාව, පසුපස ස්පොයිලරය, පසුපස ඉහළින් සවිකළ නැවතුම් පහන් සහ ක්‍රෝම් සැරසිලි වැනි අලංකරණ විශේෂාංග රැුසක්ද සමගිනි. මෙය ළඟදී රිය පැදවීම අරාම්භ කළ කෙනෙකුට මෙන්ම පළපුරුදු රියදුරෙකුටද ගමනේ තෘප්තිය උපරිමයෙන් විඳගත හැකි රථයක් බව ටොයෝටා සමාගම පවසයි. මෙහි පසුපස ගමන් කරන මගීන්ට ඉතාමත් පහසුවෙන් ගමන් කළ හැකි අතර බඩු රැුගෙන යාම සඳහාද මනා ඉඩකඩක් පවතී. USB සහ Aux සහිත Radio/CD/MP3, Power Windows හා Door-locks, SRS airbags සහ Anti-lock Breaking System වැනි තවත් විශේෂාංග රැසක්ද ඊට ඇතුළත් කර ඇත. ඉතා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත ටොයොටා 'Wigo' රථය 1L in-line 3 cylinder DOHC එන්ජිමකින් පණගැන්වෙන අතර වේග 4 ස්වයංක්රීැය ගියර පද්ධතියකින් සමන්විත වේ.

ටොයොටා ලංකා සමාගම පිරිනමන වසර 3/කිලෝමීටර් 100,000 වගකීම සහිත ටොයොටා 'Wigo' රථය මිලදීගන්නා පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ටොයෝටා අලෙවියෙන් පසු සේවය ලබාදීමටද සමාගම සූදානමින් සිටී. වැඩි විස්තර සඳහා 0112 939000 අංකයෙන් ටොයොටා ලංකා සමාගම අමතන්න. නැතිනම් වත්තල, රත්මලාන, මීගමුව සහ කුරුණෑගල පිහිටා ඇති ටොයොටා ලංකා ප‍්‍රදර්ශනාගාර වෙත පැමිණෙන්න.