යුනිමෝ එන්ටර්ප්‍රයිසස් විසින් නවතම PeroduaSedan රථය “Bezza” එළිදක්වයි Featured

Published in රථවාහන

Perodua රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස්හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් සුඛෝපභෝගී Perodua Sedan රථයක් අද හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා මැලේසියානු මහා කොමසාරිස් Wan Zaidi Wan Abdullah, Peroduaහි සභාපති හා ප්‍රධාන අධ්‍යක්‍ෂ මහාචාර්‍ය Datuk Aminar Rashid Salleh සහ Peroduaහි විධායක අධ්‍යක්‍ෂ Takamasa Kurinami යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලේක්සයිඩ් හි කිංස් කෝට් පරිශ්‍රයේදී හඳුන්වාදීම සිදුවුණි.

ශ්‍රී ලංකාවේ Perodua නියෝජනය කිරීමෙහි ලා යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් ආයතනය දශක දෙකක පමණ අතීතයකට උරුමකම් කියයි. එම කාල වකවානුව පුරාවට කෙලිසා, විවා සහ ඇක්සියා යන ඉතා සාර්ථක රථවාහන හඳුන්වා දී ඇති අතර, ලාංකීය වාහන ලෝලීන්ගේ විශ්වාසය දිනාගැනීමටද යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් කටයුතු කර ඇත. මෙය Perodua හි පළමු සෙඩාන් රථය වන අතර මෙතෙක් ධාවනය කර ඇති සියලුම සෙඩාන් රථ වලට වඩා වෙනස් රථයක් බව පැවසිය යුතු බව යුනයිටඩ් මෝටර්ස්හි සමූහ ප්‍රධාන විධායක නිළධාරී / විධායක අධ්‍යක්‍ෂ චානක යටවර මහතා අප හා කල අදහස් දැක්වීමක දී පැවසීය. 

පළමු Bezza රථවාහන යතුර Peroduaහි මහාචාර්‍ය Datuk Aminar Rashid Salleh , Takamasa Kurinami සහ චානක යටවර යන මහත්වරුන් අතින් මහේෂ් මල්ලවාරච්චි ඇසෝසියේට් වෙත ඉතා සාඩම්බරයෙන් පිළිගන්වන ලදී. 

මැලේසියානු සම්භවයක් ඇති “Bezza” නොහොත් “වෙනස්” යන අරුත ඇති මෙම රථය ලොව පුරා වාහන වෙළඳපොලට සැබෑ වෙනසක් වේ. මෙම 1000 cc Bezza රථය 2016 දී වසරේ හොඳම මැලේසියානු මෝටර් රථය,Asean NCAP Grand Prix Award in 2016 සහ හොඳම පවුලේ වාහනය ලෙස Carsifu Editor’s Choice යන සම්මාන ඇතුළු තවත් සම්මාන රාශීයක් දිනා ඇත.

අධිවේගී ස්වයංක්‍රීය පාලන ඉලෙක්ට්‍රොනික් ගියර් පද්ධතිය, ඉන්ධන කාර්යක්‍ෂමතාව සඳහා ඇති වායුගතික හැඩය සහ ඉඩ පහසුව සහිත නිමාව යන මෙම සියලු ගුණාත්මක ලක්ෂණ සමඟ එළිදැක්වෙන Bezza රථය විප්ලවවාදී හඳුන්වා දීමකි. එසේම ලාංකීය මුදලින් රුපියල් මිලියන 3.69 ක් වැනි සිත්ගන්නා මුදලකට මෙය අලෙවි වීමට නියමිතය.

නූතන වාහන හිමියන්ගේ වෙනස් වෙමින් පවතින අවශ්‍යතා අනුව 508Lක ගමන් මලු මැදිරියක්, ද්විත්ව එයාර් බෑග්, ඇතුළු බොහෝ ආරක්‍ෂක විශේෂාංග මෙන්ම අඟල් 14 ඇලෝයි රෝද හා තොරතුරු / මතක දර්ශකයක් ද මෙහි ඇතුලත් වන අතර ආරක්‍ෂාව ශ්‍රේණි ගත කිරීමේදී රේටිං අගය තරු හතරක් ලබා ගෙන ඇත.

වටිනාකම, සේවා සහ විශ්වසනීයත්වය මත නිෂ්පාදනය කරන ලද මෙම වාහනය වසර දෙකක හො කිලෝමීටර් 50,000 ක වගකීමක් සමග රතු, සුදු, රිදී සහ කළු යන වර්ණ වලින්  ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරෙනු ඇත. එසේම මෙම Bezza රථය කොළඹ, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, මාතර, නුගේගොඩ, බදුල්ල, යාපනය, රත්නපුර ඇතුළු දිවයින පුරා ප්‍රදර්ශනාගාර රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතය. වැඩි විස්තර සඳහා අමතන්න 0773 647143 අමතන්න.