ගුණ ජය සතුට පදනම (Foundation of Goodness) විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා සහාය දැක්වීමට ශ‍්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත ඇඳුම් පැළඳුම් සමාගමක් වන Cool Planet හි Andriana සන්නාමය කටයුතු කරයි. ආරම්භක අදියරේ දී රුපියල් 500,000/- ක මුදලක් මේ සඳහා සම්පාදනය කෙරෙන අතර වසරේ ඉදිරි කාලයේ දී තවත් මූල්‍ය සම්පාදනයන් සිදු කිරීමට සමාගම ප‍්‍රතිඥා දී තිබේ.

ර්‍ණගම්වල වෙසෙන විශාල ජනතාවකගේ ජීවිතවල පුළුල් වෙනසක් සිදු කිරීමට Cool Planet හි Andriana සන්නාමයේ සහ ගුණ ජය සතුට පදනමේ මිළ කළ නොහැකි සහ පරිත්‍යාගශීලී හවුල්කාරීත්වය හේතුවක් වනවා. මෙවැනි අහිංසක ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දීම වෙනුවෙන් අප විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් අතරට මෙම වැඩසටහන ද ඉතා වටිනා සම්ප‍්‍රදානයක් සිදු කරනවා."ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ/ප‍්‍රධාන භාරකරු කුෂිල් ගුණසේකර මහතා පවසයි.

මිනිසුන් විශාල පිරිසකගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන උදාර වූ කර්තව්‍යයක් වෙනුවෙන් අපගේ Andriana සන්නාමය යටතේ කොටස්කරුවෙකු වීමට හැකි වීම සම්බන්ධයෙන් ක්‍දදක Cool Planet අප සාඩම්බරයට පත් වෙනවා. කරුණාව යනු රැල්ලක් මෙන් පැතිර යන්නක්. Cool Planet සහ ගුණ ජය සතුට අතර ඇති වන දීර්ඝ කාලීන සම්බන්ධය මගින් මිනිස් වර්ගයාට යහපත ගෙන දෙන එවැනි රැුළි බොහෝ නිර්මාණය වනවා." Cool Planet ප‍්‍රධාන විධායක නිලධාරී රිස්වි තහා මහතා කියා සිටී.

ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මුදලට නිසි වටිනාකමක් හිමි කර දෙමින් සිල්ලර වෙළෙඳ ක්ෂේත‍්‍රය තුළ Cool Planet වෙත ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳපොළ කොටසක් පවත්වා ගෙන යෑමට හැකි වී තිබේ. නිරන්තරයෙන් වෙනස් වන විලාසිතා ප‍්‍රවණතාවන් පිළිබඳ අවධානය යොමු කරමින් ඇඳුම් පැළඳුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම තේරීම වශයෙන් Cool Planet දිනෙන් දින ශක්තිමත් වෙයි. Andriana වැනි ලෝක මට්ටමේ සන්නාමයන් ඔස්සේ විලාසිතාවන් සම්බන්ධයෙන් සෑම විටම උනන්දුවක් දක්වන පාරිභෝගික භවතුන් වෙත තමන් ප‍්‍රිය කරන විලාසිතාවන් වෙනත් ස්ථානයකින් මිළ දී ගැනීමට නොහැකි ආකාරයෙන් මෙන්ම සෑම නිෂ්පාදනයකටම සුවිශේෂිතාවකින් යුතුව මිළ දී ගැනීමට හැකි ආකාරයෙන් පැමිණෙයි.

වයස අවුරුදු 18-35 අතර පරාසයේ වෙසෙන නවතම විලාසිතාවන් කෙරෙහි උනන්දුවෙන් පසු වන පාරිභෝගික භවතුන් ඉලක්ක කර ගනිමින් Andriana සන්නාමය යටතේ නවතම විලාසිතා රැල්ල වෙළෙඳපොළ වෙත ගලා විත් ඇත. සිය විලාසිතා තුළින් සමාජය වෙත කිසියම් පණිවුඩයක් ගෙන යෑමට අපේක්ෂාවෙන් පසු වන පාරිභෝගික භවතුන් තුළ ස්වභාවික වශයෙන් පවතින ආශාව විප්ලවීය වෙනසක බඳුන් කරමින් මෙම නවතම ඇඳුම් පැළඳුම් නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙයි.

සිය ඇඳුම් පැළඳුම් එකතුව නව එළියක් එක් කරමින් ගනුදෙනුකරුවන් සුන්දරත්වයේ නව මානයක් වෙත ගෙන යෑම Andriana සන්නාමය යටතේ සිදු වෙයි. විවිධ වූ වර්ණයන් සහ අලූත්ම විලාසිතා ඔස්සේ වයස සහ ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබඳ සැලකිලිමත් වීමකින් ඉදිරිපත් කෙරෙන Andriana නිෂ්පාදන බොහෝ දෙනෙකුගේ තේරීම බවට නිතැතින් පත් වී තිබේ. සෑම කෙනෙකුගේ ම සිත් ඇඳ ගන්නා ආකාරයෙන් වෙළෙඳපොළට පැමිණෙන Andriana නිෂ්පාදන සැබැවින් ම වසරේ සෑම කාලයකට ම ගැළපෙන විලාසිතාවලින් සමන්විත වේ.

ගුණ ජය සතුට පදනම යනු නව දැක්මක් තුළින් සමාජය වෙත බොහෝ දේ තිළිණ කිරීම සමත් වී සිටින නායකයෙකු වන කුෂිල් ගුණසේකර මහතා විසින් පිහිටුවන ලද ලාබ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක් වේ. ඔහුගේ පාරම්පරික ගම් ප‍්‍රදේශය වන සීනිගම ප‍්‍රදේශයෙන් 1999 වසරේ දී පමණ මෙම පරහිතකාමී වැඩපිළිවෙළ ආරම්භ කෙරිණ. ගෙවී ගිය වසර ගණනාවක කාලය තුළ දී මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, සහ රසල් ආනල්ඞ් වැනි ක‍්‍රිකට් ප‍්‍රවීණයන් මෙන්ම ඉහළ පෙළේ සාර්ථකත්වයක් අත්පත්කර ගත් ව්‍යවසායකයන් සහ දානපතියන් වන අශාන් මළලසේකර, රොහාන් ඊරියගොල්ල සහ ප‍්‍රදීප් කරුණාගරන් ඇතුලූ ගුණ ජය සතුට පදනමේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් ද සමගින් ඔහු විසින් ක‍්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළ ග‍්‍රාමීය ජනතාවගේ සුබසෙත වෙනුවෙන් කැපවූ විශිෂ්ට පුද්ගලයන්ගේ ඇගයීමට ලක් වී තිබේ.

ගුණ ජය සතුට පදනම විසින් මෑත කාලයේ දී වැඩි වශයෙන් අවධානයට යොමු කළ කරුණක් වූයේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සහ පුනරුත්ථාපනය කිරීම වන අතර ඒ සඳහා ප‍්‍රදානයන් සිදු කිරීමට කැමති තනි පුද්ගලයන්ගේ සහ ආයතනික ව්‍යුහයන්ගේ පොදු අරමුදලක් ගොඩනගා තිබේ.

ළමයින් සහ අධ්‍යාපනය, ව්‍යාපාරික නිපුණතා සහ කාන්තා ව්‍යවසායයන් හා සවිබල ගැන්වීම්, පරිසරය, නිවාස, වෛද්‍යපහසුකම්, දන්ත වෛද්‍යසහමනෝ-සමාජීයඋපකාරකසේවා, ශිෂ්‍යත්ව ලබා දීම, ක‍්‍රීඩාසංවර්ධනසහ කළමනාකරණය, තිරසාර ආදායම් උත්පාදනය, ගැමිහද ගැස්ම" ව්‍යාපෘති (උඩුමුල්ල, රත්ගම, මොනරාගල, මාතර, මඩකලපුව, අම්පාර, යාපනය) සහ ග‍්‍රාමීය සුබසාධනය සහ සංවර්ධනයආදී වූ විවිධ ව්‍යාපෘති ඉටුකිරීම සඳහා මෙම අරමුදල් භාවිත කෙරී ඇත.

පීඩාවට පත් ව සමාජ කණ්ඩායම් වෙනුවෙන් අනාගතයේ දී ගුණ ජය සතුට පදනම විසින් අනාගතයේ දී ක‍්‍රියාත්මක කිරීමට නියමිත කාරුණික වැඩසටහන් වෙනුවෙන් දායකත්වය දැක්වීමේ ක‍්‍රියාවලියේ පළමු පියවර වශයෙන් Cool Planet සහ ගුණ ජය සතුට පදනම අතර ඇති වූ මෙම සම්බන්ධතාව පෙන්වා දිය හැකිය.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ මාතර ශාඛාව විසින් ප‍්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී එක් මව, පියා හෝ භාරකරුවෙකු හිඳින පවුල්වල දරුවන්ට පාසල් පොත්බෑග් හා ලිපිද්‍රව්‍ය පරිත්‍යාගකිරීමේ උත්සවයක් පසුගියදා එම ශාඛා පරිශ‍්‍රයේදී පැවැත්විණ. පීපල්ස් ලීසිං මාතර ශාඛාව අඛණ්ඩව තෙවන වරටත් සිදු කළ මෙම සමාජ සත්කාරයට මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ම`ගපෙන්වීම යටතේ අඩු ආදායම්ලාභී පාසල් දරුවන් 100ක් තෝරා ගැනුණි.

මාතර ප‍්‍රාදේශීය ලේකම්, කාන්තා හා ළමා කාර්යාංශයේ ප‍්‍රධානී හා මාතර පීපල්ස් ලීසිං ශාඛා කළමනාකරු ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැුසක් සහභාගී වූ මෙම අඩු ආදායම් දරුවන්ට පාසල් උපකරණ පිරිනැමීමේ උත්සවයට සමගාමීව එම දරුවන් හා ඔවුන්ගේ භාරකරුවන්ට වඩාත් ඵලදායි වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි. එහිදී අයහපත් පුරුදුවලින් අත්මිදීම, මාපිය - දරුවන් අතර සබඳතාව වර්ධනය, දරුවාට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීම හා ඔවුන් යහපත් පුරවැසියන් බවට පත්කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වටිනා දේශන කිහිපයක් පැවැත්වුණි.

පීපල්ස් ලීසිං මාතර ශාඛාව විසින් සංවිධානය කළ අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමට එක් වූ මාතර කාන්තා හා ළමා කාර්යාංශයේ ප‍්‍රධානී වරුනි බෝගහවත්ත මහත්මිය පැවසුවේ, 'පීපල්ස් ලීසිං සමාගම සෑම වසරකම සිදුකරන මෙම උතුම් සමාජ සත්කාරය මාතර ජනතාවගේ උත්තමාචාරය හිමිවිය යුතුයි. මන්ද තම දරුවන්ගේ වාර්ෂික පාසල් පොත් ලැයිස්තුවේ වියදම එක් භාරකරුවෙකු පමණක් සිටින පවුල්වලට දැරිය නොහැකි තරම්. ඒ හේතුවෙන්ම එවැනි පවුල්වල ඇතැම් දරුවන් පාසල් ගමන අත්හරින අවස්ථා පවා තිබෙනවා. තම දරුවන්ගේ පොත් ලැයිස්තුවලට මුදල් සොයාගත නොහැකිවීමෙන් එක්තරා මවක සය වතාවක්ම දිවිනසාගන්නට උත්සාහකිරීමේ සිද්ධියක් පසුගිය කාලයේදී අපට අසන්නට ලැබුණා. එවැනි පසුබිමක මෙවැනි ඵලදායි සමාජ සත්කාරවල වටිනාකම කෙතරම්දැයි කාටත් සිතාගත හැකියි.' යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් සුහදශීලීව හා කඩිනමින් සපුරාගැනීමේ අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

කීල්ස් සුපර් සමාගම කරාපිටිය ශික්ෂණ රෝහලේ යෝජිත පිළිකා ප‍්‍රතිකාර ඒකකය ඉදිකිරීමේ සත්කාරය සඳහා Trail 2016 වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා පියවර ගත්තේ ය. තම ශාඛාවලින් භාණ්ඩ මිලදීගන්නා අතරතුර නෙක්සස් මොබයිල් ලකුණු ඔස්සේ මෙම උදාර අරමුණ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලබාදීමටද කීල්ස් සුපර් කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය. මේ අනුව පාරිභෝගිකයන්ගේ නොමසුරු දායකත්වය සමගින් රු. 525,000 ක මුදලක් අදාළ වැඩසටහන වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කීල්ස් සුපර් කටයුතු කළේ ය. මීට අමතරව පාරිභෝගිකයන්ට තවදුරත් මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාව ලබා දෙමින් තෝරාගත් අලෙවිසැල්වල මුදල් දැමීමේ කැට තබා තිබිණි.

Trail යනු පිළිකාවට එරෙහි සටන සඳහා ශ‍්‍රී ලංකාවේ සියලූ ජාතීන් එකම වේදිකාවකට රැුගෙන ඒමේ අරමුණ පෙරදැරිව ආරම්භ කරන ලද වැඩසටහනකි. එහි 2016 අදියර පේදුරු තුඩුවෙන් ආරම්භ වී දින 28 ක් තිස්සේ පාගමනින් පැමිණ නොවැම්බර් 2 වැනිදා දෙවුන්දර තුඩුවෙන් නිමාවට පත්විය.

වගකීම්සහගත සමාගමක් ලෙස කීල්ස් සුපර් කවදත් සමාජයේ යහපත උදෙසා විවිධ ප‍්‍රජා සත්කාරයන්ට දායක වෙයි. Trail 2016 වැඩසටහන සඳහා දායක වීම එහි තවත් ඉදිරි පියවරකි.

‘‘මේ උදාර අරමුණ වෙනුවෙන් ඉතාමත් උනන්දුවෙන් දායක වෙමින් වෙනසක් උදෙසා අත්වැල් බැඳගත් අපගේ පාරිභෝගිකයන්ට මා බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ දායකත්වය රටේ පිළිකා උවදුරට එරෙහි සටනට විශාල රුකුලක් වේවි.” කීල්ස් සුපර් හි වෙළඳ අංශයේ අංශ ප‍්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සභාපති චරිත සුබසිංහ මහතා පැවසී ය.

පිහිට අවැසි 100000 කට වඩා ශ‍්‍රි ලාංකිකයන්ට සවියක් වෙමින් රට පුරා ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ නැංවීමට, ඔවුන් දිරිමත් කිරිම සදහා මේ දක්වා රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක පමණ ආයෝජනයක් මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇත.

සිලෝන් බිස්කට්ස් සමාගමේ ප‍්‍රධානතම සන්නාමය වන '' මන්චි '' අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක ''මන්චි සමග ගමට සරණ'' වැඩසටහනේ සියවැනි ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කිරීම පසුගියදා ඇඹිලිපිටිය,සුරියවැව,වැවේගම කණිෂ්ඨ විiාලයේ දී සිදු කෙරින. එම පාසල සදහා නවීනතම ගණිතාගාරයක් ලබාදීම මන්චි වෙතින් එහිදි සිදුවුණ අතර ඩෙස්ක්, පරිඝණක,පොත්පත්, ඉගෙනිමේ උපාංග වලින් එම ගණිතාගාරය සමන්විතය. වඩාත් විශ්වාසී ඉගෙනුමකට හා ගණිතඥයන් බවට පත්වීම සදහා වන තරුණ සිසුනගේ උත්සාහයට එය නිසැකවම ශක්තියක් සපයන බව සහතිකය. එම ගණිතාගාරය සියඵ පහසුකම් අතින් පරිපුර්ණ වුවක්ය. ග‍්‍රාමිය ප‍්‍රජාව වෙත පිහිටවීමේ සහ රටපුරා දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමේ '' මන්චි '' නිරන්තරයෙන්ම දරන උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය නම් කළ හැකිය.

ආයතනික සමාජ වගකීම කෙරෙහි සංවේදී වු පුරෝගාමී සමාගමක් ලෙස මන්චි නිෂ්පාදනය කරන ලද සි.බි.එල් සමාගම තම සමුහයේ මෙහෙයුම් කටයුතුවලදි නිරතුරුවම තිරසාර ව්‍යාපාර භාවිතාවක් පෙන්වා ඇත්තේ බිම් මට්ටමේ ග‍්‍රාමීය ප‍්‍රජාවන් වෙත මුලික අවශ්‍යතා සපුරා ගැනීමට මනා සහායක් සපයමිනි.''මන්චි සමග ගමට සරණ'' ව්‍යාපෘතිය 2010 වසරේදි ආරම්භ වු අතර වසර 06ක් තුළ එය තම සියවැනි ක‍්‍රියාන්විතය සම්පුර්ණ කිරිම එහි සාර්ථකත්වය පෙන්වන කැඩපතක් බදුය. රට පුරා ග‍්‍රාමිය ප‍්‍රජාවගේ ජිවන තත්ත්වය ඉහළ නැංවීමට සහාය වෙමින් දරුවන්,තරුණ තරුණියන් වෙනුවෙන් ඒ හරහා සිදු වු සේවාව අති මහත්ය.නිරතුරුවම සිදුවන්නා වු ග‍්‍රාමිය ප‍්‍රජා සංවර්ධන වැඩසටහනක් වන ''මන්චි සමග ගමට සරණ'' යටතේ සැම වසරකදිම රට පුරා ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා ව්‍යාපෘතීන් ඇතිකරනු ලබයි.

තම විදුහලට මේ දක්වා අඩුවක්ව පැවති ගණිතාගාරයක් මෙම ව්‍යාපෘතිය හරහා හිමිවීම පිළිබදව සුරියවැව වැවේගම කණිෂ්ඨ විද්‍ර්‍යාලයේ විදුහල්පති ඩබ්.ඒ.කේ විජේනායක පවසන්නේ මෙවැන්නකී.

''අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ දක්වා විශාල අඩුපාඩුවක් ව පැවති ගණිතාගාරයක් ඉදිකරදීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් අපි මන්චි වෙත අපේ බලවත් කෘතඥතාව පළ කරනවා.ගණිතය කියන්නේ වැදගත් විෂයයක්.ගණිත ගැටඵ තනියෙන් විසදන්න තරම් විශ්වාසයක් අපේ ගොඩක් දරුවන්ට තිබුණේ නැහැ.මේ දක්වාම ඒක සැහෙන අභියෝගාත්මක කාර්්‍යයක් වුණා.නමුත් මේ ගණීතාගාරය නිසා දැන් ගණිත පාඩම් පහසුවෙන් අවබෝධ කර ගැනීමට, අපේ දරුවන්ට ධෛර්යයක් සපයනු ඇති බවට,කිසිම සැකයක් නැහැ.වඩාත් පරිපූර්ණ ඉගෙනුමක් වෙනුවෙන් එය ඔවුනට නිසැකවම සහාය වනු ඇති. ඒ එක්කම මේ ව්‍යාපෘතිය සාර්ථික කරගැනීම වෙනුවෙන් මන්චි කණ්ඩායම බිම් මට්ටමේ සිට ලබාදුන් සහයෝගය, ඒ දුෂ්කර රාජකාරිය වෙනුවෙන් ඔවුනට ස්තුතිය පළකිරිමටත් අපි මෙය අවස්ථාවක් කරගන්නවා '' විජේනායක මහතා පවසයි.

සිලොන් බිස්කට්ස් සමාගමේ සමුහ සාමාන්‍යාධිකාරී (අලෙවි) තේජා පිරිස් මහත්මිය මෙම ව්‍යාපෘතිය පිළිබදව අදහස් දක්වමින් මෙසේ පැවසීය.'' අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය වැදගත් විෂයක් නිසාම මේ ව්‍යාපෘතියේ ඇති වැදගත්කම පිළිබද මන්චි කණ්ඩායමට හොද අවබෝධයක් තිබුණා.තමන්ට කළ හැකි සැම දෙයක්ම කරමින් නියමිත කාලයේදීම ව්‍යාපෘතිය අවසන් කිරිම වෙනුවෙන් දෙමව්පියන් සිසුන් ගුරුවරුන් යන මේ සියඵදෙනා අපත් සම`ග අත්වැල් බැ`ද ගත්තා. ''මන්චි සම`ග ගමට සරණ'' ව්‍යාපෘතියේ සියවැනි වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට හැකිවිම සම්බන්ධයෙන් අපි සැබවින් ආඩම්බරයට පත්වෙනවා.''මන්චි සම`ග ගමට සරණ'' යටතේ මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිමේදි අපේ සමස්ථ කාර්ය මණ්ඩලය දරන්නාවු උත්සාහය ප‍්‍රශංසනීයයි.මේ කි‍්‍රයාන්විතයන් සමාජයට සිදුකරන්නාවු බලපෑම සම්බන්ධයෙන් ලැබෙන්නා වු ධනාත්මක ප‍්‍රතිචාර මේ පිළිබ`ද වන අපේ උනන්දුව තවත් වැඩිකරනවා.මේක සුවිශේෂි ව්‍යාපෘති ආකෘතියක්. අරමුදල් සැපයුවාට අවශ්‍ය කරන ශ‍්‍රමය සැපයිමක් මෙහිදි සිදුවන්නේ නැහැ.කෙටිකාලිනව හා දිගුකාලිනව තමන්ට බොහෝ ප‍්‍රතිලාභ හිමිවන මෙම කාර්්‍යය වටා එකට එකතුවීමට ප‍්‍රජාවේ සාමාජිකයන්ව මෙහිදි පොළඹවනවා.එම ආකෘතිය, ව්‍යාපෘතිය කෙරෙහි තමනට හිමිකමක් සහ වගකීමක් ඇති බවට හැගිම ප‍්‍රජාවේ සාමාජිකයන් තුළ තහවුරු කරනවා.මේ කටයුත්තේදි රාජ්‍ය නිළධාරින්ගෙන් ලැබුනු අමතර සහාය ගැන වගේම මේ වෙනුවෙන්
ගමේ වැඩිහිටියන්ගෙන් හිමිවුණු සහයෝගය පිළිබ`දවත් අපි බලවත් සේ සතුටට පත්වෙනවා'' තේජා පීරිස් මහත්මිය පවසයි.

''මන්චි සමග ගමට සරණ'' ව්‍යාපෘතිය ක්ෂේත‍්‍ර වෙළඳ බලකායේ සාමාජිකයන්ගේ සහ ප‍්‍රජාවේ සාමාජීකයන්ගේද සහභාගීත්වය පෙරදැරිවය. රටේ බහුවිධ ජනකොටස් සමග '' මන්චි '' අත්පත් කරගෙන ඇති ශක්තිමත් බැදිම තවත් සවිමත් කරමින් මේ කටයුත්ත සිදුවීම ප‍්‍රශංසනීය ය. පානීය ජල පහසුකම් පද්ධති ඉදිකිරිමේ සිට පාසල් ගොඩනැගිලි, විද්‍යාගාර ප‍්‍රදානය කිරිම්, පාසල් වලට විදුලිය සදහා ප‍්‍රතිපාදන සැපයිම්, කුඩා පාලම්, ප‍්‍රජා මධ්‍යස්ථාන ඉදිකිරිම් දක්වා පුඵල් පරාසයක පැතිරුණු සේවාවන් මෙම ව්‍යාපෘතිය මඟින් ප‍්‍රජාව වෙත ලඟාවී තිබේ. එමඟින් ඔවුන්ගේ ජීවිත වඩාත් අංගසම්පුර්ණ හා පි‍්‍රතිමත් බවට පත්කරවයි.

මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මේ දක්වා රුපියල් මිලියන 34ක පමන ආයෝජනයක් සිදුකර ඇත්තේ ලක්‍ෂයකට වැඩි ශ‍්‍රි ලාංකිකයන්ට ඝෘජුවම ප‍්‍රතිලාභය ලබා දෙමිනි.මේ යටතේ වු පළමු ව්‍යාපෘතියට කැගල්ල වලගමදී ''මන්චි'' මුල පිරැු අතර එහිදි ගැඹුරු ඇළ මාර්ගයකට ඉහලින් ආරක්‍ෂිත පාලමක් ඉදිකිරිමට කටයුතු කරන ලදි.

ඒ, ඊට පෙර ලී දඩුවක් දමා තිබු තාවකාලික ඒදන්ඩක් ඉවත් කරමිනි.පාසල් දරුවන්ට වැඩිහිටියන්ට එම තාවකාලික ඒදන්ඩෙන් එතෙරවීම පහසු කටයුත්තක් නොවුන පසුබිමක නව පාලම ආරක්‍ෂිත විකල්පයක් ප‍්‍රජාවේ ජනතාවට ලබාදෙන ලදී.පාසල් දරුවන්ට මෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වැඩිහිටියන්ට පහසුවෙන් තම ගමන් අවශ්‍යතා සම්පුර්ණ කරගැනිමේ හැකියාව ඒ ඔස්සේ හිමිවිය. මෙවැනි ජන ජීවිතය වඩාත් සුවපහසු තත්ත්වයට පත් කෙරුණ සාර්ථකත්වයේ කථා රැසක් මෙතෙක් අවසන් කෙරුණ මන්චි සමඟ ගමට සරණ ව්‍යාපෘතීන් හා බැඳී පවතී.

'' මන්චි සමග ගමට සරණ '' වැඩසටහනේ පෙරගමන්කරුවන් ලෙස කටයුතු කරනු ලබන සි.බි.එල් හි කි‍්‍රයාශිලී ක්ෂේත‍්‍ර විකුණුම් බලකායේ ලැදියාව, කැපවීම හා මනා ජීව ගුණය පෙරදැරිව රටපුරා සිටින බාල මහඵ සියඵ ශ‍්‍රි ලාංකිකයන්ට මන්චි වෙතින් පිරිනමන ප‍්‍රජා සත්කාර රැුගෙන යමින් සිටිති.මෙම ව්‍යාපෘතිය ඔස්සේ ආයතනික සමාජ වගකීම සම්බන්ධ ප‍්‍රමුඛයා ලෙස තම සන්නාමයට ඇති උරුමය මන්චි කණ්ඩායම් තවත් ශක්තිමත් කර තිබේ.ඒ තිරසාරත්වය, පාරිභෝගික රැකවරණය සමග මුසුවෙමිනි. '' මන්චි සමග ගමට සරණ '' හිතවත් බවේ සංකේතයක් ලෙස ද පැවතීම සහතික වනුයේ ''මන්චි'' තම සහෝදර ජනතාවගේ් යහපැවැත්ම හා සතුට වෙනුවෙන් ආයෝජන කරන බවට සියඵ ශ‍්‍රි ලාංකිකයනට මෙය සිහිපත් කරන බැවිනි. විශ්වාසදායි සමාජ ආර්ථික සහකරුවකු ලෙස මෙන්ම ''මන්චි'' පිහිට, කරුණාව හා රැුකවරනයේ මුලාශ‍්‍රයක් බවද එය, යළි යළි සිහිපත් කරනු ලබයි.

සිලෝන් බිස්කට්ස් සමාගම වෙනුවෙන් එම්.එස්.එල් සමුහය විසින් නිකුත් කරනු ලද්දකි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන සමූහය වන බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් ආරම්භ කර තිබෙන නවතම සේවක සුභසාධන වැඩසටහන යටතේ දරුවන් 5,700 කට වැඩි සංඛ්‍යාවකට නව පාසැල් වසර සඳහා අවශ්‍ය වන පොත්පත් ඇතුළු පාසැල් ද්‍රව්‍ය සහ සෑම දරුවෙකු සඳහාම පාසැල් බෑගයක් ඇතුළු පාසැල් උපකරණ කට්ටලයක් මෑතකදී ප‍්‍රදානය කරන ලදී.

'රන්දරු තිළිණ' යනුවෙන් නම්කර තිබෙන මෙම වැඩසටහන යටතේ පෙර පාසැල් යන වයසේ සිටින දරුවන්ගේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දරුවන් ප‍්‍රතිලාභ ලැබූ අතර 2016 අධ්‍යන වසරට අවශ්‍ය වන පාසැල් උපකරණ කට්ටලයක් මෙහිදී සෑම දරුවෙකු වෙතම ප‍්‍රදානය කළේය.

මෙම කාරුණික පරිත්‍යාගය ලබාගැනීමට ශ‍්‍රී ලංකාවේ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා 24 ක් තුළ සේවය කරන 4,969 ක බ‍්‍රැන්ඩික්ස් සාමාජිකයින්ගේ දරුවන් සුදුසුකම් ලැබීය. බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් තම සාමාජිකයින්ගේ 05 වන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා 'රන් දරු ශිෂ්‍යත්ව' නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරයි.

'අපගේ ව්‍යාපාරයේ ජීවනාලිය වන්නේ අපගේ සාමාජිකයින්. ඔවුන් සඳහා බ‍්‍රැන්ඩික්ස් විසින් සිදුකරන සියළුම වැඩසටහන්වල මූලික පරමාර්ථයක් වන්නේ සිය සාමාජිකයන්ගේ පවුල්වල තත්ත්වය ඉහළ නැංවීමයිල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර සහ ආයතනික සන්නිවේදන අංශයේ ප‍්‍රධානී අනූෂා අලස් මහත්මිය පැවසුවාය. 'පාසැල් යන දරුවන් වෙනුවෙන් අවශ්‍යවන පාසැල් උපකරණ මිලදී ගැනීම බොහෝ පවුල්වලට බරක් වී තිබෙනවා. අපගේ සාමාජිකයින්ට මේ සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවාx'

මෙම පාසැල් උපකරණ කට්ටලයට පාසැල් පොත්, චිත‍්‍ර පොත්, පාට පැන්සල්, පැන්සල්, පැන්සල් උල්කරණ, මකන කෑලි, ගම් බෝතල්, අඩි කෝදු ආදිය ඇතුළත් විය. වයසින් අඩු දරුවන්ගේ උපකරණ කට්ටලයට ක්ලේ, කතුරු සහ පැස්ටල් කූරු වැනි අත්කම් සඳහා අවශ්‍ය උපකරණ ද ඇතුළත් බව බ‍්‍රැන්ඩික්ස් සඳහන් කරයි.

මෙම වැඩසටහන මගින් ප‍්‍රතිලාභ ලැබූ බ‍්‍රැන්ඩික්ස් සාමාජික පවුල් මඩකළපුව, ගිරිතලේ, පොලොන්නරුව, නිවිතිගල, කොග්ගල, රඹුක්කන, කහවත්ත සහ පන්නල ඇතුළුව දිවයින පුරාම විසිරී සිටින බව සමාගම පවසයි.

මේ ආකාරයේම වැඩසටහනක් බ‍්‍රැන්ඩික්ස් ඉන්ඩියා සමාගම විසින්ද දියත් කර තිබෙන අතර මෙම සමාගම අන්ද්‍රා ප‍්‍රදේශයේ බ‍්‍රැන්ඩික්ස් ඉන්ඩියා ඇඟලූම් නගරයේ පිහිටා ඇත.

 

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් දක්ෂ දරුවන්හට ශිෂ්‍යත්ව ලබාදෙමින් මෙරට අනාගත නායකයින් වෙනුවෙන් ආයෝජනය කිරීමේ 'ප‍්‍රණාම' ශිෂ්‍යත්ව වැඩසටහනේ 16 වැන්න යටතේ ලබාදුන් ශිෂ්‍යත්ව 160 සමගින් මෙම වැඩසටහන මගින් මේ වනවිට ප‍්‍රදානය කර තිබෙන සමස්ත මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 120 සීමාව ඉක්මවා ගොස් ඇත.

මෙම ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය කරන පාසැල් දරුවන් තම දෙමව්පියන්, ගුරුවරුන් සමග කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍්‍රධාන ශාලාවට පසුගියදා රැුස්වූ අතර මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අයුරින් පවත්වන ලදී. මෙහිදී, අධ්‍යාපන අංශයේදී මෙන්ම පාසැල් බාහිර ක‍්‍රියාකාරකම් වලදී දස්කම් දැක්වූ සිසු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමුණි.

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ප‍්‍රදානය කළ මෙම ශිෂ්‍යත්ව දිනාගත් සිසුන් අතරට 2016 වසරේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත්වූ සිසු දරුවන් 28 දෙනෙකු, 2015 අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ ලකුණු ලැබූ සිසු දරුවන් 24 දෙනෙකු, 2015 අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ සිසු දරුවන් 98 දෙනෙකු සහ ක‍්‍රීඩා, සංස්කෘතික, කලා, නාට්‍ය හෝ නවෝත්පාදනය අතින් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත‍්‍රවූ සිසු දරුවන් 10 දෙනෙකු ඇතුළත් විය.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී මෙසේ අවධාරණය කළේය. ශිෂ්‍යත්වයක් කියන්නේ ජීවිතයක." ශිෂ්‍යත්වයක් ලබාදීම තුළින් ජීවිතයක් ධනාත්මකව වෙනස් කිරීමට හැකියාව ලැබෙන නිසා තමන් එසේ පවසන බව මහාචාර්යවරයා සඳහන් කළේය. ඔහු මෙහිදී පැවසුවේ රටක් ඉදිරියට යාමට මනා සෞඛ්‍යයක්, වගාවන් සරුවීමට වර්ෂාව මෙන්ම අධ්‍යාපනයේ ප‍්‍රගතිය අත්‍යවශ්‍ය බවයි. 'අපගේ ජනතාව හොඳින් අධ්‍යාපනය ලැබුවොත් අප රට දියුණු කිරීමට ගතවනු ඇත්තේ අවුරුදු පහක් වැනි කාලයක් පමණයිල' යනුවෙන් මහාචාර්ය අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී, සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා විසින් භාවාත්මක බුද්ධිය හෙවත් හැඟීම් ආශ‍්‍රිත බුද්ධිය (Emotional Intelligence) සාර්ථකත්වය සහ කාර්යසාධනය කෙරෙහි දක්වන දායකත්වය පිළිබඳව අදහස් දක්වන ලදී. ඔහු මෙහිදී Travis Bradberry සහ Jean Greaves විසින් 'Emotional Intelligence 2.0' ග‍්‍රන්ථයේ තිබෙන කරුණු අනාවරණය කරමින් සඳහන් කළේ රැුකියාවේ කාර්යසාධනය වෙනුවෙන් භාවාත්මක බුද්ධිය 58%ක පමණ දායකත්වයක් ලබාදෙන බවත් ඉහළ භාවාත්මක බුද්ධියක් තිබෙන තැනැත්තන් අනිකුත් පුද්ගලයින්ට වඩා වසරකට ඩොලර් 29,000 ක පමණ ආදායමක් උපයන බව සොයාගෙන තිබෙන බවයි.

ප‍්‍රණාම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේ අරමුණ වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වැයකළ යුතු ඉහළ වියදම් වලින් කොටසක් සඳහා දෙමව්පියන්ට සහනයක් ලබාදෙමින් ඔවුන්ගේ දරුවන් අධ්‍යාපන හා බාහිර ක‍්‍රියාකාරකම් වලදී දක්වන දස්කම් ඇගයීම යැයි ඔහු සඳහන් කළේය. 'මේ දක්වා අපි ලබාදී තිබෙන 2,200 කට වැඩි ශිෂ්‍යත්ව සඳහා ගිය මුදල අපි වියදමක් ලෙස සලකන්නේ නෑ. අපි එය සලකන්නේ මේ රට වෙනුවෙන් අප සිදුකළ ආයෝජනයක් ලෙයසිල' යනුවෙන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2005 වසරේදී ප‍්‍රණාම ශිෂ්‍යත්ව ලාභියෙකු වූ වර්තමානයේ කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය දුලාන් සමරවීර මහතා විසින් සිදුකළ කතාව මෙම උත්සවයේ කැපී පෙනුණු අංගයක් විය.

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරු දැරියන් අධ්‍යාපනික අංශයේදී දැක්වූ දස්කම් මෙන්ම බාහිර ක‍්‍රියාකාරකම් වලදී දැක්වූ දස්කම්ද සැලකිල්ලට ගනී. මෙහිදී, පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ ¥ පුතුනට හා අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් 'ප‍්‍රණාම' ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක‍්‍රීඩාවල සංස්කෘතියල කලාවල නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමි කරගත් දරුවන් 10 දෙනෙකු වෙතද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් 'ප‍්‍රණාම' ශිෂ්‍යත්ව යටතේ පිරිනැමේ.

2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන ඇගළුම් නිෂ්පාදන සමාගමකවන බඩල්ගම සිරියෝ සමාගම වාර්ෂිකව සිදු කරන ‘සෙනෙහසරැළි’ දැවැන්ත සමාජ සත්කාරය මෙවරත් රුපියල් මිලියන 2.5කට වැඩි වියදමකින් ළමා හා වැඩිහිටි නිවාස 52ක අවශ්‍යතා සපුරාලමින් කි‍්‍රයාත්මක කෙරුණි. සිරියෝ සමාගමේ සේවක සේවිකාවෝ 1300ක් පමණ සහභාගී වූ මෙම ‘සෙනෙහසරැළි’ සමාජ සත්කාරයෙන් විවිධ පහසුකම් ලද වැඩිහිටියන් හා ළමුන් සංඛ්‍යාව 1850 ඉක්මවීම විශේෂත්වයකි.

සිරියෝ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ෆීලික්ස් ප‍්‍රනාන්දු මහතාගේ මගපෙන්වීමෙන් අඛණ්ඩව 2වන වරටත් සිදු කළ මෙම ‘සෙනෙහසරැළි’ සමාජ සත්කාරයට මෙවර බස්නාහිර හා වයඹ පලාත් හි ළමා නිවාස 38ක් හා වැඩිහිටි නිවාස 14ක් තෝරා ගැනුණි. එම ළමා හා වැඩිහිටි නිවාසවල ඉල්ලීම පරිදි වියලි ආහාර, රසකැවිලි, ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි, ළමා ඇඳුම්, පාසල් උපකරණ, ලිපිද්‍රව්‍ය, ඖෂධ, ජල ෆිල්ටර, කියවීමේ ග‍්‍රන්ථ, සෙල්ලම් බඩු, ජායා පිටපත්කිරීමේ යන්ත‍්‍ර, යකඩ අල්මාරී, ඉහළන කුඩ, විදුලි හා පිරිසිදුකිරීමේ උපකරණ, ගෑස් කුකර්, විළවුන් හා මුදල් පිරි නැමුණි. එයට අමතරව එක් වැඩිහිටි නිවාසයක් හා ළමා නිවාසයක ඉල්ලීම මත මහනුවර දළදා මාලිගය හා මඩු පල්ලිය වන්දනාකිරීමේ චාරිකාවන් 2ක් සිරියෝ සමාගම විසින් සංවිධානය කළ අතර, බොහෝ ළමා හා වැඩිහිටි නිවාස පින්තාරුකිරීම්, වතුපිටි පිරිසිදුකිරීම හා කිළිටි ඇඳුම් සෝදාදීම වැනි කාර්යයන් සිරියෝ සේවක සේවිකාවෝ විසින් ස්වේච්ජාවෙන් සිදු කළහ. එමෙන්ම සිරියෝ සමාගම විසින් මෙම ළමා හා වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ට දිවා ආහාරය හා සවස තේපැන් පිරි නැමුණි.

එකම දිනයේ ළමා හා වැඩිහිටි නිවාස 52ක පැවැත්වුණු මෙම ‘සෙනෙහසරැළි’ දැවැන්ත සමාජ සත්කාරක වැඩසටහන මෙහෙය වූ සිරියෝ සමාගමේ නඩත්තු ඉංජිනේරු, මංජු අබේධීර මහතා පැවසුවේ, ‘පසුගිය වසරේදී සිරියෝ සමාගමේ සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම ‘සෙනෙහසරැුළි’ සමාජ සත්කාරය අතිශයින්ම සාර්ථක හා හැ`ගීම්බර වූවක්. එහෙයින් මෙය අඛණ්ඩව සිදු කළ යුත්තක් බව අප සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ෆීලික්ස් ඒ. ප‍්‍රනාන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ අදහස වූවා. කෙසේ හෝ මෙම සමාජ සත්කාරයෙන් පසුත් සිරියෝ සාමාජිකයන් කණ්ඩායමක් ලෙසින් සති අන්තයේදී තමාට බාර වූ ළමා හෝ වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන් සමග කල්ගෙවීමේ යහපුරුද්ද පවත්වාගැනීමෙන් සමාගමක් ලෙසින් අප අපේක්ෂා කළ සද්කාර්යය ඉටුවූවා. සිරියෝ සමාගම තම කාර්ය මණ්ඩලය සමග එක්ව සෑම වසරකම සිදු කරන බොහෝ හැගීම්බර සමාජ මෙහෙවරක් ලෙසින් ‘සෙනෙහසරැළි’ හඳුන්වා දිය හැකියි.’ යන්නය.

බඩල්ගම සිරියෝ සමාගම ඉතාලියේ වෙරෝනා නගරයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි ‘කැල්සිඩෝනියා’ (Calzedonia S.p.A) සමාගම් සමූහයට අනුබද්ධිත සමාගමකි. ‘කැල්සිඩෝනියා’ කාන්තා යට ඇඳුම්, මේස්, ස්ටොකින්ස්, රෙදිපිළි වර්ණ ගැන්වීම හා නාන ඇඳුම් නිෂ්පාදනයේ ලොව ප‍්‍රමුඛතම සමාගමකි. ඔමේගා ලයින් සමාගම (සඳලංකාව), ඇල්ෆා ඇපරල්ස් සමාගම (පොල්ගහවෙල), බෙන්ජි සමාගම (බිංගිරිය), හා වවුනියා ඇපරල්ස් (වවුනියාව) එම සමාගමට අනුබද්ධිත ශී‍්‍ර ලංකාවේ පිහිටි සෙසු සමාගම්වන අතර එහි සේවක සංඛ්‍යාව 13000 ඉක්මවන්නකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම විලාසිතාගාර දාමයක්වන ෆැෂන් බග්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්ව කොටුව දුම්රිය ස්ථානයේ සංඥා සහ දිශා පුවරු නවීකරණය කිරීමට පසුගියදා කටයුතු කළේය.

ෆැෂන් බග් ආයතනය 2013 වසරේ පටන් මෙම සත්කාරය දියත් කරන අතර ඉදිරියේදී ද එවැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙයි. සමාජ වගකීම් සිය මෙහෙයුම් කටයුතුවල ප්‍රධානත ම අංශයක් සේ සලකන ෆැෂන් බග් ආයතනය සිදු කළ මෙම සත්කාර්යය රාජ්‍ය අංශය වෙනුවෙන් පුද්ගලික අංශයට දායකත්වය ලබා දිය හැකි ආකාරය මැනවින් පිළිබිඹු කරයි.

"සමාජය වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙම සංඥා සහ දිශා පුවරු මගින් දිනකට සේවය ලබා ගන්නා දහස් ගණන් ජනතාව පිළිබඳ සැලකීමේදී මෙම ව්යාපෘතිය සඳහා අප වැය කළ සම්පත්, කාලය සහ අරමුදල් අගනා ආයෝජනයක් බව සඳහන් කළ හැකියි" ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සාමාන්යාධිකාරී ආචාර්ය එස්.එච්.එම්. ෆරාස් මහතා අදහස් පළ කළේය.

ෆැෂන් බග් ආයතනය මෙම ව්‍යපෘතිය වෙනුවෙන් සෑම වසරක ම මිලියන ගණනක් වැය කරමින් මාස දෙකක කාලයක් තුළ මෙම අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ කරන අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්යය අනුමැතිය ලබා දී ඇත.

සම්මානනීය ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන සිසු දිරිමග වැඩසටහන තුළින් පාසල් 20 ක සිසු දරුවන් 7000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමි වී ඇති අතර, දිවයිනේ නන් දෙස පිහිටි පාසල් 120 ක සිසු දරුවන් 100,000 ක ඉලක්කයට ළඟා වීම සමාගමේ අරමුණයි. තවද වර්තමානයේ පාසල් දරුවන් තුළ පැන නැගී ඇති විවිධ ගැටළු සඳහා වූ විකල්පයක් ලෙස රට තුළ සියලු ම පාසල් වෙත සහෘද මාර්ගෝපදේශනය ගෙන යාම ඉලක්කයයි.

ෆැෂන් බග් හවුල්කරුවන් 4ක් සමග හවුල්කාර ව්‍යපාරයක් ලෙස 1994 වසරේදී මෙරට වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කළේය. ආරම්භයේදී 15 දෙනෙකුගෙන් සමන්විත වූ ෆැෂන් බග් කාර්යමණ්ඩල බලඇණිය මේවන විට 1250 කට අධික සංඛ්යාෙවක් දක්වා වර්ධනය වී ඇති අතර දිවයින පුරා විසිරී ඇති 16කට අධික ශාඛා ජාලය තුළ ඔවුහු සේවය කරති. "වෙනස්වන ජීවන රටාවට" ෆැෂන් බග් දැක්ම අනුව යමින් එය මේවන විට මෙරට ක්‍රියාත්මක අංක එකේ ඇඟලුම් අලෙවි ජාලයක් ලෙස වැජඹෙයි.

නැගී එන ක‍්‍රීඩිකාව වෙනුවෙන් ගොල්ෆ් ශිෂ්‍යත්වයක් පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ නැගී එන තරුණ ක‍්‍රීඩිකාවකට සිය ක‍්‍රීඩා අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන අනුග‍්‍රාහකත්වය මෙරට ප‍්‍රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් විසින් ලබාදී තිබේ.

මේ අනුව, ශ‍්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන දාහතරවන වියේ පසුවන මෙරට ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අනාගත බලාපොරොත්තුවක් වන ටානියා බාලසූරිය ක‍්‍රීඩිකාවට අනුග‍්‍රාහකත්වය ලබාදීමට සොෆ්ට්ලොජික් ඉදිරිපත් වී තිබේ. මෙරට ගොල්ෆ් ක‍්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ තිබෙන කැපවීම පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ බිහිවූ ප‍්‍රථම වෘත්තීමය ගොල්ෆ් ක‍්‍රීඩකයා ලෙසින් සැලකෙන මිතුන් පෙරේරා ක‍්‍රීඩකයා වෙතද 2016 වසරේදී සමූහය විසින් අනුග‍්‍රාහකත්වය ලබාදෙන ලදී. ටානියා බාලසූරිය ක‍්‍රීඩිකාව වෙත සොෆ්ට්ලොජික් සමූහය විසින් වසරක ගොල්ෆ් ශිෂ්‍යත්වයක් ප‍්‍රදානය කර තිබෙන අතර එය 2017 ජනවාරි මාසයෙන් ආරම්භ වේ. මෙම ශිෂ්‍යත්වය මෙරට ගොල්ෆ් ක‍්‍රීඩාවේ ජාතික ආයතනය වන ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සහ ඇයගේ පුහුණුකරු ජෙහාන් ද සේරම් මහතා හරහා පරිපාලනය වනු ඇත.

මෙම අනුග‍්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘සොෆ්ට්ලොජික් ලෙස අපි විශ්වාස කරන්නේ වෘත්තීය ක්ෂේත‍්‍රයේදී මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළද දක්ෂතා ගවේෂණය කිරීම ඉතාමත් වැදගත් බවයි. සමූහයක් ලෙස ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ ඉතාමත් වටිනා දක්ෂ පුද්ගලයින්ගේ අනාගත සාර්ථකත්වය සඳහා අපි විසින් සහයෝගය ලබාදෙනවා. නිසි මාර්ගෝපදේශනය යටතේ ටානියා විසින් අනාගතයේදී රටට ප‍්‍රතිඵල ලබාදෙනු ඇතැයි මා දැඩි ලෙස විශ්වාස කරනවා.’’

‘‘අනාගතයේ ශ‍්‍රී ලංකාවේ ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට කීර්තියක් අත්කර දෙමින් එහි ජාත්‍යන්තර තත්ත්වය ඉහළ දැමීමට දායක වෙමින් ශුරියක් වීමේ දක්ෂතාවය ටානියාට තිබේයැයි අපි සිතනවා. මේ නිසා, ඇයට සහයෝගය ලබාදීමට අපි තීරණය කළා. මෙහිදී, ඇයගේ තාක්ෂණික කුසලතාවය වර්ධනය කිරීමට පමණක් නෙවෙයි, ශාරීරික පුහුණුව, පෝෂණය සහ මානසික ඒකාග‍්‍රතාවය වර්ධනය කිරීමටත් අපි සහයෝගය ලබාදෙනවාල’’ පතිරගේ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම අනුග‍්‍රාහකත්වය යටතේ ටානියා බාලසූරිය ක‍්‍රීඩිකාවට තෝරාගත් විදේශීය තරඟාවලී සඳහාද සහභාගීවීමේ අවස්ථාව උදාවන බවයි. මේ තුළින් ආසියාවේ අනිකුත් කණිෂ්ඨ ක‍්‍රීඩකයින්ගේ තත්ත්වය පිළිබඳව තක්සේරුවක් සහ ඉතා විශිෂ්ට අත්දැකීමක් ඇයට ලබාගැනීමට හැකිවනු ඇත.

වයස අවුරුදු 10 දී ගොල්ෆ් ක‍්‍රීඩාවට පිවිසී තිබෙන ටානියා මෙම සුළු කාලය තුළදී කැපී පෙනෙන ජයග‍්‍රහණ රැුසක් වාර්තා කිරීමට සමත්ව සිටී. මේවා අතර 2015 Ladies Sri Lanka Stroke Play Championship" කළාපීය සහ ශ‍්‍රී ලංකා Junior Open Division championship තිබෙන අතර 2015 රිදී අංශයේ (අවුරුදු 12- 14ට වැඩි) ජාතික කණිෂ්ඨ වර්ගීකරණයට අනුව පළමු ස්ථානයට පත්වීමට ඇය සමත්ව ඇත. 2016 වසරේ Sri Lanka Amateur Championship හි, අවසන් පූර්ව තරඟයේදී ස්ථානයක් දිනා ගැනීමටද ඇය සමත් විය.

මේ දක්වා ටානියා වෙත මෙරට පැරණිතම ගොල්ෆ් සමාජය වන කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය (Royal Colombo Golf Club) මෙන්ම ක‍්‍රිඩා අමාත්‍යංශය විසින් මෙරට ගොල්ෆ් ක‍්‍රීඩාවේ පාලන ආයතනය ලෙසින් පිළිගෙන තිබෙන ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය වෙතින් සහයෝගය හිමිව ඇත. මේ අතර, මෙරට ගොල්ෆ් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ සිටින එකම PGA සුදුසුකම් ලත් වෘත්තීය පුහුණුකරුවා වන ජෙහාන් ද සේරම් මහතා විසින් ඇයට අවශ්‍ය මුලික කුසලතාවයන් සහ දැනුම ලබාදෙන අතර ඒ තුළින් ඉදිරි අදියර දක්වා ගමන් කිරීමට ටානියා වෙත ආත්ම විශ්වාසය හිමිවේ. ‘‘අපගේ ගොල්ෆ් ක‍්‍රීඩාවේ අනාගත බලාපොරොත්තුවක් වන ටානියා වෙත මූල්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදීම සඳහා සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් වැනි මෙරට ප‍්‍රමුඛතම සමාගම් සමූහයක් ඉදිරිපත්වීම පිළිබඳව ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය ලෙස අපි ඉතාමත් සතුටු වෙනවා. අපි විසින් පාසැල්වල ගොල්ෆ් ක‍්‍රීඩාව දියුණු කිරීමේ තවත් වැඩසටහන් ආරම්භ කරනවිට මෙම ආදර්ශය අනිකුත් සමාගම් විසින්ද ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවාල’’ යනුවෙන් ඇයගේ අනුග‍්‍රාහක චෙක්පත භාරගනිමින් ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති, ප‍්‍රියත් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මෙරට ප‍්‍රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සිල්ලර, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, වාහන, සංචාරක සහ මූල්‍ය සේවා යන මෙරට වඩාත් වර්ධනය වෙමින් තිබෙන අංශවල වෙළඳපොළ ප‍්‍රමුඛයෙකු වීමට සමත්ව ඇත. ලෝකයේ ප‍්‍රධාන සන්නාම රැුසක මෙරට බලයලත් බෙදාහැරින්නා වීමට සමූහය සමත්ව තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ සිදුකරන ව්‍යාපාරික කටයුතු තුළ 9000 කට වැඩි පිරිසකට රැුකියා ලබාදී ඇත.

ශාකසාර සනීපාරක්‍ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය ශී‍්‍ර ලංකාවේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් වන කෑරගල රජමහ විහාරය තෙවනවරටත් පසුගිය දුරුතු පුන් පොහෝ දින ආලෝකමත් කෙරුණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිනියගේ සංකල්පයක් මත ඇරඹුණු එම සමාගමේ ප‍්‍රමුඛතම ආයතනික සමාජ සත්කාරක වැඩසටහන වන ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ යටතේ මෙම ආලෝක පූජාව පවත්වනු ලැබීය.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පිහිටි කෑරගල රජමහ විහාරය දඹදෙණි යුගයේදී විජයබාහු රජු විසින් තනවන ලද්දකි. වනවාසී භික්ෂූන් වහන්සේ උදෙසා කෑරගල රජමහ විහාරයට අනුයුක්ත ‘පද්මාවතී පිරිවෙන’ 15වන සියවසේදී සයවන පරාක‍්‍රමබාහු රජු විසින් පිහිටිවනු ලැබීය.

කෑරගල රජමහ විහාරයේ පැවැති ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය සම්බන්ධයෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිනිය පැවසුවේ, ආලෝක පූජා සත්කාරය තුළින් ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික හා සම්ප‍්‍රදායික උරුමයන් හා සාරධර්ම රැුකගැනීම දේශීය සමාගමක් වන ස්වදේශී සමාගමේ යුතුකමක් වන බවය. තම සමාගම විසින් මෙලෙස මෙම පූජනීය ස්ථාන ආලෝකමත් කරන්නේ මෙම ස්ථාන වැඳපුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ට තම කාර්යයන් වඩාත් පහසුවෙන් කරගැනීමට හා දේශීය උරුමයන් රැුකගැනීමේ වැදගත්කම මතු පරපුරට වටහාදීම උදෙසාවන බවත් එතුමිය පැවසුවාය.

2013 වසරේදී දඹදෙණිය ආලෝක පූජා සත්කාරයට සමගාමීව කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිනිය විසින් දඹදෙණිය ශ‍්‍රී දළදා මන්දිරය හා එහි බිතු සිතුවම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ඉපැරණි ස්වරූපයෙන්ම ප‍්‍රතිසංස්කරණය කර නැවත විවෘත කරනු ලැබීය.

1927දී කැලණිය රජමහා විහාරය සංවර්ධනය කර පිළිසකර කළ හෙලේනා විජයවර්ධන ළමාතැනී, කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිනියගේ මිත්තණිය වන්නීය.

සීමාසහිත ස්වදේශී සමාගම, කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, සබරගමු මහා සමන් දේවාලය, දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලය, රිදීගම රිදී විහාරය හා දඹදෙණිය රජමහ විහාරය වාර්ෂිකව ආලෝක පූජා සත්කාරයෙන් ආලෝකමත් කෙරේ.

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ ප‍්‍රමුඛයාවන වන කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය 1941දී ඇරඹූවකි. ස්වදේශී ප‍්‍රමුඛතම සන්නාම පෙළ අතරට කොහොඹ ශාකසාර, කොහොඹ බේබි, රාණී සඳුන්, රාණී රෝස්, සේෆ්ප්ලස්, අප්සරා, පර්ල්වයිට්, ලක්බාර්, ලේඩි, බ්ලැක් ඊගල් (පර්ෆියුම් හා ආෆ්ටර් ෂේව්), ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ හා දේශීය වෙළඳපොලේ එකම ළමා නිෂ්පාදන පෙළ ලිට්ල් පි‍්‍රන්සස් අයත් වේ. ස්වදේශී සමාගම ස්වභාවික කොහොඹ හා ලෙමන්ග‍්‍රාස් ශාකසාරයෙන් නිපැයුණු සිරුරෙහි දහදිය දුගඳ ඉවත් කර ගතට නැවුම් සිත්බඳනා සුවඳක් සම`ගින් ප‍්‍රබෝධමත් ජවයක් ලබාදෙන ස්වදේශී කොහොඹ ඩියෝ ෆ්රෙෂ් සබන් හා දෙළුම් හා රෝස සාරයෙන් නිපදවන රාණි රෝස් සබන් මෑතකදී වෙළෙඳපොලට හඳුන්වා දුණි.

දේශීය සමාගමක් වන ස්වදේශි සමාගමේ ප‍්‍රමුඛතම සන්නාම අතරට ශාකසාර සබන් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයාවන ජාත්‍යන්තරව කීර්තිමත් කොහොඹ ශාකසාර සබන් හා සඳුන් සබන් අතර ප‍්‍රමුඛයාවන ශී‍්‍ර ලාංකේය යුවතියවන් අතර වඩාත් ජනපි‍්‍රය රාණී සඳුන් සබන් අයත් වේ.

2017 ජනවාරි 23 සදුදා, කොළඹදී : වසර 45ක් පුරා මෙරට පාරිභෝගිකයන්ගේ විශ්වාසයට පාත‍්‍රවූ කැන්රිච් ෆිනෑන්ස් පසුගියදා සිය වව්නියා ශාඛාවේ ප‍්‍රධානත්වයෙන් එම ප‍්‍රදේශයේ රථවාහන පොලිසිය වෙත මුර කුටි පරිත්‍යාග කරනු ලැබිණි.

වවුනියා රථවාහන පොලිසියට දැඩි අඩුපාඩුවක් ලෙස පැවති මෙම මුර කුටි කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ශිරාන් වීරසිංහ සහ ඉහළ කළමනාකාරිත්වයේ උපදෙස් හා ම`ග පෙන්වීම යටතේ කැන්රිච් ෆිනෑන්ස් සමාජ සත්කාරක ව්‍යාපෘතිය විසින් ප‍්‍රදානය කරන ලදී.

මාස 12 ක් තුළ ප‍්‍රදේශ 12 ක කර්මාන්තශාලා අවට ප‍්‍රජාව වෙනුවෙන් සමාජ සත්කාර ව්‍යාපෘති

බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා ආශ‍්‍රිතව ජීවත්වන ප‍්‍රජාවන්ගේ ජල සහ සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම සඳහා සකස් කර තිබෙන ‘ආදර්ශ ගම්මාන’ (model village) වැඩසටහන 2016 වසරේදී වඩාත් වේගවත් කරමින් බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් මෙරට නගර සහ ගම්මාන කිහිපයක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කර තිබේ.

මෙරට ප‍්‍රමුඛතම අපනයන සමාගම මෙන්ම අපනයන අංශයේ විශාලතම රැුකියා සම්පාදකයා වන බ‍්‍රැන්ඩික්ස් විසින් මෙම වැඩසටහන යටතේ 2016 වසරේදී පාසැල්, රෝහල්, ආගමික ස්ථාන, පොලිස් ස්ථාන සහ ප‍්‍රජා මධ්‍යස්ථානවල විවිධ වැඩසටහන් දියත්කර ඒවා නිමාවට පත්කරන ලදී. මෙහිදී, කැපී පෙනෙන්නේ සමූහයේ ප‍්‍රජා සම්බන්ධතා න්‍යාය පත‍්‍රයේ ඉතාමත් වැදගත්ම වැඩසටහනක් වන මේ සඳහා බ‍්‍රැන්ඩික්ස් විසින් දැක්වූ කැපවීම සහ වෙන්කළ සම්පත් ප‍්‍රමාණය වර්ධනය කර තිබීමයි.

බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත් කර්මාන්තශාලා තිබෙන ප‍්‍රදේශවල සිිටින ප‍්‍රජාව බලගැන්වීම සඳහා ‘ආදර්ශ ගම්මාන’ නැමති සංකල්පය ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය ‘වැවයි දාගැබයි ගමයි පන්සලයිි’ යන මෙරට පැවති ඉපැරණි සංකල්පය ආදර්ශයට ගෙන තිබේ. බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත් කර්මාන්තශාලා පිහිටි ස්ථානවල සිට කිලෝ මීටර් 05 ක් ඇතුළත ප‍්‍රදේශයේ සිටින ප‍්‍රජාව මුහුණ දෙන ජලය සම්බන්ධ ගැටලූ හඳුනාගනිමින් ඒවා නිරාකරණය කිරීම සඳහා සමූහය විසින් වැඩසටහන් ආරම්භ කළ අතර දෙවන අදියර යටතේ එය කිලෝ මීටර් 10 ක් ඇතුළත දක්වා පුළුල් කරනු ඇත.

2016 වසරේදී ඒකල, කටුනායක, සීදුව, මඩකලපුව, කහවත්ත, කොග්ගල, රඹුක්කන, අවිස්සාවේල්ල, වැලිසර, රත්මලාන සහ නිට්ටඹුව යන ප‍්‍රදේශවල පිහිටි බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා වලට කිලෝ මීටර් 05 ක් ඇතුළත ජීවත්වන ප‍්‍රජාව වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලදී. මීට අමතරව, නිවිතිගල බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව අවට කිලෝ මීටර් 05 ත් 10 ත් අතර ජීවත්වන ප‍්‍රජාව වෙනුවෙන්ද බ‍්‍රැන්ඩික්ස් මේ වසරේදී මෙම වැසටහන යටතේ සහයෝගය ලබාදී තිබේ.

මේ යටතේ, පොදු ආයතන 23 ක් සඳහා ජල සැපයුම් පහසුකම් ලබාදීම හෝ පවතින ජල සැපයුම් පද්ධති නවීකරණය කරදීම, තවත් ආයතන 35 ක් සඳහා ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම, ආයතන 10 ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ඉදිකරදීම හෝ පිළිසකර කරදීම සිදුකළ බව සමූහය සඳහන් කරයි. මෙමගින් පාසැල් 46 ක්, පන්සල්, පල්ලි සහ කෝවිල් 15 ක්, රෝහල් 04 ක්, පොලිස් ස්ථාන 02 ක් සහ ප‍්‍රජා මධ්‍යස්ථාන 01 ක් ප‍්‍රතිලාභ ලැබූ බව සමූහය පවසයි.

‘‘2016 වසරේදී අපගේ ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා කර්මාන්තශාලා 12 ක් සම්බන්ධවීම මගින් ඒ අවට ජීවත්වන දහස් ගණනකට සෙත සැලසීමට අපට හැකිවී තිබෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් සහ ආයතනික සන්නිවේදන අංශයේ ප‍්‍රධානී අනූෂා අලස් මහත්මිය පැවසුවාය. ‘‘ප‍්‍රමාණවත් ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම බොහෝ මහජන ආයතන වලට ප‍්‍රශ්නයක් වී තිබෙන අතර මෙය සමහර නාගරික සහ උප නාගරික ප‍්‍රදේශවල පවා දැකගත හැකියි. මේ නිසා, ප‍්‍රමාද නොවී අවශ්‍යතා සහිත ප‍්‍රජාවන් වෙනුවෙන් මෙම වැඩසහන පුළුල් කිරීමට අපි කටයුතු කළා.’’

බ‍්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වැඩසටහන මගින් ඉලක්ක කරන්නේ ප‍්‍රජාව ඒකාබද්ධ කරමින් පොදු ආයතන සහ ප‍්‍රජා ස්ථාන සඳහා සහයෝගය ලබාදීමයි. මෙම ව්‍යාපෘතීන් හි, අයිතිය ප‍්‍රජාව වෙත පවරා දෙමින් ප‍්‍රතිලාභ ලබාදීමට මෙහිදී කටයුතු කරනු ඇත. මෙම වැඩසටහන් මගින් කර්මාන්තශාලා අවට ජීවත්වන ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් ඔවුන්ගේ ජීවිතය උසස් කිරීමේ දායකයෙකු ලෙස කටයුතු කිරීමටත් සමූහයට අවස්ථාව හිමිවී ඇත. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් අදාළ ප‍්‍රජාව වෙනුවෙන් වැඩිම රැුකියා ප‍්‍රමාණයක් සම්පාදනය කර තිබෙන බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා ඔවුන්ගේ ජීවිතයේ වැදගත් කොටසක් බවට පත්වී තිබේ.

ප‍්‍රජාව සවිබල ගැන්වීමේ නව ආකෘතියකින් සමන්විත මෙම වැඩසටහනේ පළමු ව්‍යාපෘතිය 2015 වසරේදී පොලොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ බ‍්‍රැන්ඩික්ස් විසින් ක‍්‍රියාත්මක කළ අතර දෙවන වැඩසටහන එම වසරේදීම නිවිතල ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක කරන ලදී.

මොණරාගල දිස්ති‍්‍රක්කයේ පිහිටි කුඩා පරිමාණ වාරි වැවක්වන පොඩි වැව අවට පරිසර පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා බුත්තල තිඹිරිගස්ආර ප‍්‍රදේශයේ ජනතාව පසුගියදා ඒ අවට පැළ සිටුවීමට ඉදිරිපත් වූහ. මොණරාගල දිස්ති‍්‍රක් ලේකම් ඞී.එස්. පත්මකුලසූරිය මහත්මිය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අත්වැල් බැඳ ගත් ජනතාව පොඩි වැව අවට පැළ 600 කට අධික ප‍්‍රමාණයක් මෙලෙස රෝපණය කළහ. කුඹුරු, වෙනත් වගා කටයුතු සහ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින් පොඩි වැව තිඹිරිගස්ආර ප‍්‍රදේශයේ ගොවි පවුල් 43 කට සෙත සලසයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ යුරෝපා සංගමයේ සහයෝගයෙන් යුතුව කි‍්‍රයාත්මක වූ මෙම ව්‍යාපෘතිය යටතේ කුඹුක්, සියඹලා, මී සහ කරඳ වැනි පැළ වැවේ ඉහළ කොටසේ ද (ගස් ගොම්මන) තල්, පුවක් පැළ වැවේ පහල කොටස ඔස්සේ ද රෝපණය කෙරිණි.

”ගම්වාසීන් දායක වුණා පැළ තවාන් කරලා පැළ ලබා දෙන්න. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් අවශ්‍ය පැළ ලබා දුන්නා. අපි පැළ 600ක් වැව් ඉස්මත්තේ කිලෝමීටර 1ක වැනි ප‍්‍රමාණයක සිටෙව්වා. අපේ ගම් වාසීන් පොරොන්දු වෙලා තියෙනවා පැළ 10-15 ක් බැගින් නඩත්තු කරන්න සහ අවශ්‍ය වතුර ලබා දෙන්න” තිඹිරිගස්ආර ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්. ගුණදාස මහතා සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාව තුළ වැව් ආශි‍්‍රත පාරිසරික පද්ධති ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කට්ටකඩුව ලෙස හැඳින්වෙන වැවේ යටාවත රක්ෂිත තීරය පිහිටා ඇත්තේ වැව් බැම්මටත්, වෙල් යායටත් මැදිවය. මෙම රක්ෂිත තීරයේ ඇති ශාක සුළං බාධකයක් ලෙස කි‍්‍රයා කරන අතර ජලය කාන්දු වීම අවම කර ලවණ සහ යකඩ අඩංගු ජලය කුඹුරු යායට ඇතුළු වීම වළකී. වැවේ ඉස්වැටිය, පස සෝදාපාළුව නිසා වැවට රොන්මඩ එකතුවන ස්ථානවල පස් වැටියක් ඉදි කොට වැවට රොන් මඩ ගලා ඒම නවතාලයි. වැවේ ගොඩවල රොන් මඩ වැවට ඇතුළු වීම පාලනය කරන අතර වන සතුන්ට ජල මූලාශ‍්‍රයක් ලෙස ද කටයුතු කරයි. කෙසේ වෙතත් සියවස් ගණනක් පුරා පැවති මෙවැනි වැව් අංග ක‍්‍රමයෙන් වියැකී යමින් පවතී. වැවේ ඉස්මත්තේ සහ කට්ටකඩුවේ අනිසි ලෙස වගා කටයුතු කිරීම සහ එහි ඇති ගස් කැපීම ඊට බලපා ඇති ප‍්‍රධාන සාධකයකි. වැවක පාරිසරික පද්ධතියේ ඇති වටිනාකම පිළිබඳ ජනතාව තුළ පවතින නොදැනුවත් භාවය මෙම ගැටළුවේ පදනමයි.

”වැව් නියඟ සහ ගං වතුර ආදී ස්වභාවික ව්‍යසන අවම කරන බැවින් වාරි වැව්වල පාරිසරික පද්ධති ගොඩනැගීම ඉතා වැදගත් වනවා. උදාහරණයක් ලෙස, අධික වැසි සහිත කාලවලදී වැව් එම අපතේ යන ජලය රැුස් කර තබා ගැනීම නිසා ගං වතුර තත්ත්වයන් පාලනයවන අතර එම ජලය වියළි කාලයේදී භාවිතයට ගත හැකියි. වාරි වැව් ජෛව විවිධත්වය ද වර්ධනය කරනවා. මෙම ව්‍යාපෘතිය යටතේ අප වැව් පාරිසරික පද්ධතියේ ඇති වැදගත්කම පිළිබඳ තිඹිරිගස්ආර ගම්වාසීන් දැනුම්වත් කිරීමට කටයුතු කළා. පැළ සිටුවීමට ප‍්‍රථම ගම්වාසීන් වැවේ ඉස්වැටිය සහ ගොඩවල සකස් කළා” එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මොණරාගල දිස්ති‍්‍රක් තාක්ෂණ නිලධාරි රංජිත් පුෂ්පානන්ද මහතා ප‍්‍රකාශ කළේය.

යුරෝ මිලියන 60 ක මුල්‍යමය සහයෝගයෙන් යුතු, යුරෝපා සංගමය සහය දෙන දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පොඩි වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කි‍්‍රයාත්මක කරනු ලබයි. වැවේ වාරි ඇළ සහ වාන වැඩිදියුණු කිරීම, වෑ කණ්ඩිය පුළුල් කිරීම සහ වැවේ ප‍්‍රවේශ මාර්ගය වැඩිදියුණු කිරීම මේවන විට සිදු වෙමින් පවතී. ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු තිඹිරිගස්ආර ගොවි ජනතාව වැවේ එදිනෙදා නඩත්තු කටයුතු සිදු කරමින් වැවේ පාරිසරික පද්ධතිය සංරක්ෂණය කිරීමට කටයුතු කරනු ඇත.

”ඇත්තටම මේ වගේ වැඩසටහනක් කිරීම ගොඩක් වැදගත් වනවා. අපේ ගමේ වතුර ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ගස් කැපීම සිද්ධ වෙනවා හැම තැනම. එම නිසා ගස් සිටුවීම වැනි වැඩසටහනක් කිරීම ලොකු දෙයක් අපේ ඉදිරි පරම්පරාවට. අපි මේක කළේ අනික් වැව්වලට ආදර්ශයක් වශයෙන්” ආර්.එම්. ගුණදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සෙලින්කෝ ලයිෆ් සමාගමේ සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කාරුණික දායකත්වය තුළින් කිලිනොච්චියේ පිහිටි රජයේ කුඩා පාසැලක සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් පුස්තකාලයක් පිහිටුවීම සඳහා ගොඩනැගිල්ලක් ඉදිකර දී තිබේ.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ 57 වන සේනාංකය විසින් මෙම ගොඩනැගිල්ල පළමු වසරේ සිට 11 වන වසර දක්වා සිසුන් 372 දෙනෙකු අධ්‍යාපනය ලබන කිලිනොච්චියේ කනගම්බිකයිකුලම් විදුහලේ ඉදිකර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මෙරට ග‍්‍රාමීය පාසැලක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අරමුදල් ලබාදෙන 66 වන අවස්ථාව මෙය වන අතර මේ වසරේදී සමාගම විසින් ප‍්‍රදානය කළ දෙවන ගොඩනැගිල්ලද වන්නේ මෙයයි. සමාගම විසින් 2004 වසරේ සිට ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ තවත් පන්ති කාමර ගොඩනැගිලි තුනක් ඉදිකෙරෙමින් පවතින අතර ඒවා 2017 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබේ.

සෙලින්කෝ ලයිෆ් විසින් අරමුදල් ලබාදුන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කිලිනොච්චිය මූලස්ථානය කරගත් 57 වන සේනාංකය විසින් ශ‍්‍රමය ලබාදුන් අතර ඉදිකිරීම්වල සුපරීක්ෂක කටයුතුද සිදුකළේය.

මෙම ගොඩනැගිල්ල විදුහලට භාරදීමේ උත්සව අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ ප‍්‍රාදේශීය අණ දෙන නිළධාරී බි‍්‍රගේඩියර් අනුර සුදසිංහ මහතා සහ 57 වන සේනාංකයේ නිළධාරීන් මෙන්ම කළාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. මුුරුගුවේල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ලූණුගම්වෙහෙර, තිස්ස ප‍්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් ඇරඹුණු සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාසැල් යටිතල පහසුකම් ගොඩනැගීමේ ව්‍යාපෘතිය තුළින් යාපනය, මන්නාරම, වව්නියාව, ත‍්‍රිකුණාමලය, මඩකළපුව, සිත්තන්ඩි, මොල්ලිපතාන අයිත්‍යෙමලෙයි, ඇඹිලිපිටිය, නිවිතිගල, බෙලිගල, අවිස්සාවේල්ල, දෙනියාය, කඹුරුපිටිය, බණ්ඩාරවෙල, හපුතලේ, රඹුක්කන, මහනුවර, පිළිමතලාව, මඩුල්කැලේ, රිකිල්ලගස්කඩ, රජවැල්ල, මාතලේ, ගල්ගමුව, පදවිය, බොරළුවැව, අනුරාධපුරය, මොණරාගල, ආනමඩුව සහ මතුගම යන ප‍්‍රදේශවල පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර තිබේ.

සෙලින්කෝ ලයිෆ් සිය ආයතනික සමාජ වගකීම අර්ථ දක්වා තිබෙන්නේ අවශ්‍යතාවය සහිත ජනතාව වෙනුවෙන් අර්ථාන්විත සෞඛ්‍ය හා අධ්‍යාපනික සමාජ සත්කාරක වැඩසටහන් තුළින් මැදිහත් වන අතරම දුර බැහැර ප‍්‍රදේශවල වුවද තිරසාර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කැපවීමටයි. මෙහිදී, ඉහළම ගුණත්වයේ මූල්‍ය ආරක්ෂාවක් හා රැුකවරණයක් ලබාදීමටද සමාගම සූදානම්ව සිටී.

අවශ්‍යතාවය සහිත පාසැල්වල යටිතල පහසුකම් ගොඩනැගීමට අමතරව, සෙලින්කෝ ලයිෆ් සිය ‘වෛද්‍ය හමුව’ නැමති නොමිලේ පවත්වනු ලබන වෛද්‍ය කඳවුරු මාලාව මගින් සෑම වසරකම රට පුරා සිටින බොහෝ පිරිසකට සෙත සලසයි. මීට අමතරව, රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම්ද සමාගම විසින් ප‍්‍රදානය කරයි.

1988 වසරේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම 2004 වසරේ සිට මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්ව තිබේ. සෙලින්කෝ ලයිෆ් විසින් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් මෙරට මිලියනයක ආසන්න ජනතාවගේ ජීවිත ආවරණය කර තිබෙන අතර නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සමාගම මිනුම් ලකුණක් වේ.
කැළණි ගංගා ද්‍රෝණිය කළමනාකරණය සහ සංරක්ෂණය වෙනුවෙන් මහා පරිමාණයේ වැඩසටහනක් හඳුන්වාදීමට මග සලසන ස්වභාව ධර්මය සුරැුකීමේ ජාත්‍යන්තර සංගමය IUCN විසින් දියත් කර තිබෙන කැළණි ගංඟා ද්‍රෝණියේ ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලබාදීමට මෙරට ප‍්‍රමුඛතම අපනයනකරුවා වන බ‍්‍රැන්ඩික්ස් සමූහය ඉදිරිපත් වී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා යන වියදම බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් ලබාදෙන අතර සීතාවක සහ බියගම ආයෝජන ප‍්‍රවර්ධන කළාප වලින් කැළණි ගඟට මුදා හරින ජාලය පිළිබඳව සොයා බැලීමට අන්තර්ජාල යාන්ත‍්‍රණයක් සකස් කිරීම සඳහා සමූහය IUCN සංවිධානය සමග එක්ව කටයුතු කරනු ඇත. රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පුද්ගලික අංශයේ ආයතන ඒකාබද්ධ වී කැළණි ගංගා ද්‍රෝණියේ ජීවත්වන ප‍්‍රජාව සමග සිදුකරන ‘කැළණි ගංගා බහු පාර්ශවීය ඒකාබද්ධතාවය’ KRMP යන වැඩසටහන වෙනුවෙන් දක්වන කැපවීමේ කොටසක් ලෙස බ‍්‍රැන්ඩික්ස් සමූහය මෙම වැඩසටහන සඳහා දායකත්වය දක්වයි.

මෙම වැඩසටහනේ පළමු වසරේදී කැළණි ගංඟා ද්‍රෝණියේ කුඩා දිය බෙත්ම 71ක ජලයේ ගුණාත්මක තත්ත්වය තක්සේරු කරමින් ජලය ¥ෂණය වීමට හේතුවන මූලාශ‍්‍ර හඳුනා ගැනීමට කටයුතු කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය සහ IUCN සංවිධානය කොළඹ අත්සන් තැබූ ආධාර ගිවිසුමෙහි මෙම ව්‍යාපෘතිය විස්තර කර තිබෙන්නේ කැළණි ගංඟා ද්‍රෝණියේ කෘෂි කාර්මික, කාර්මික, ග‍්‍රාමීය සහ නාගරික ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ¥ෂණය වලක්වමින් කළමනාකරණය සහ සංරක්ෂණය සඳහා අවශ්‍ය පදනම දැමීමේ වැඩසටහනක් ලෙසයි

මෙම ව්‍යාපෘතිය මගින් කැළණි ගංඟා ද්‍රෝණියේ ජලයේ ගුණාත්මක තත්ත්වය නිරීක්ෂණය කිරීම ශක්තිමත් කිරීම, පාරිසරික කළමනාකරණය සහ සංරක්ෂණය සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය දැනුමින් යුතු දෑ සංවර්ධනය කිරීම, යහ ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා කුඩා දිය බෙත්ම මට්ටමේ ප‍්‍රධාන පාර්ශවකාර කණ්ඩායම් හඳුනා ගැනීම, සහ ‘කැළණි ගංගා බහු පාර්ශවීය ඒකාබද්ධතාවය’ සඳහා කොටස්කාර ආයතනවල සහභාගීත්වය වඩාත් ප‍්‍රවර්ධනය කිරීම යන අරමුණු ඉටුකර ගැනීමට ඉලක්ක කර තිබේ.

IUCN සංවිධානය විසින් තම වගකීමේ කොටසක් ලෙස ජලය සුරක්ෂිත කරගැනීමට සහ කුඩා දිය බෙත්ම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය යහ ක‍්‍රමවේදයන් පුහුණු වීමට අවශ්‍ය උපකරණද ප‍්‍රජාව වෙත ලබාදෙයි. මීට අමතරව, තෝරාගත් කුඩා දිය බෙත්ම සංරක්ෂණ සහ කළමනාකරණ නියමු වැඩසටහන් පිළිබඳ වාර්තාවක්ද මෙම සංගමය විසින් ප‍්‍රජාවට ලබාදීම සිදුකරයි.

‘‘ප‍්‍රජාව වෙනුවෙන් සිදුකරන වගකීමේ ප‍්‍රධාන තේමාව ලෙස ජලය තෝරාගෙන තිබෙන ව්‍යාපාරික සමූහයක් ලෙස දිය බෙත්ම කළමනාකරණය සහ සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව අපි ඉහළින්ම අගය කරනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ පාරිසරික ඉංජිනේරු අංශයේ ප‍්‍රධානී ඉරේෂ සෝමරත්න මහතා සඳහන් කළේය. ‘‘ IUCN සංවිධානයට මෙම ව්‍යාපෘතිය සඳහා අපි ලබාදුන් සහයෝගය අපගේ සමාජ සත්කාර වැඩසටහන් සමග කදිමට ගැලපෙනවා. ඒ වගේම, මෙය අපට ඉතාමත් වැදගත් අධ්‍යන අවස්ථාවක්.’’

‘‘මෙම ව්‍යාපෘතිය මගින් කැළණි ගංගා බහු පාර්ශවීය ඒකාබද්ධතාවය කාලීනව ක‍්‍රියාත්මක කිරීම වේගවත් කර තිබෙනවා. මෙම වැඩසටහන තුළින් ජලයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීම මෙන්ම කර්මාන්ත සමග බැඳුණු ජීවිතවල තිරසාරභාවය සහතික කිරීම, බලාපොරොත්තු වන අරමුණු ලෙස සඳහන් කළ හැකියි. මෙමගින් ජාතික පවිත‍්‍ර ගංඟා වැඩසටහන සඳහා ඉහළ ආකෘතියක් සපයනවාල’’ යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් IUCN සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය ආනන්ද මල්ලවතන්ත‍්‍රී මහතා පැවසීය.

කැළණි ගංගා බහු පාර්ශවීය ඒකාබද්ධතාවය මගින් යෝජනා කර තිබෙන ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට සහ විශ්ලේෂණය කිරීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරමින් ක‍්‍රියාත්මක කිරීම සඳහා දේශීය විශ්ව විද්‍යාල කිහිපයක් සම්බන්ධ කර ගැනීමටද අදහස් කර තිබේ.
මෙරට ප්‍රමුඛතම පෞද්ගලික තෙල් සමාගමක් වන Lanka IOC පීඑල්සී සිය මීළඟ සමාජ සත්කාර ව්‍යාපෘතිය දියත් කරමින් පසුගිය ඔක්තෝබර් මාසයේ ඇරඹි TRAIL පාගමන මූල්‍යාධාර පිරිනමයි. Lanka IOC හි කළමණාකාර අධ්‍යක්ෂ ෂ්‍යාම් බෝරා මහතා විසින් මෙම මුල්‍යාධාර සඳහා වන චෙක්පත මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර වෙත පසුගියදා පිරිනමනු ලැබීය.

TRAIL පාගමන වැනි ප්‍රජා සහභාගීත්ව ආධාර වැඩසටහනකට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ ප්‍රසාදය පළකරමින් අදහස් දැක්වූ Lanka IOC හි කළමණාකාර අධ්‍යක්ෂ ෂ්‍යාම් බෝරා මහතා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රජාව සමාජමය කාර්යන් සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම අගය කරන බවයි. සෑබෑ වටිනාකමකින් යුතු වැඩසටහනකට තමන් සහභාගී වී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නාදන් සිවගනනාදන් සහ සරින්ද උනම්බුව විසින් ආරම්භ කරන ලද TRAIL පාගමන මෙරට ක්‍රියාත්මක විශාලතම ප්‍රජා සහභාගීත්ව අධාර වැඩසටහනයි.මෙවර එහි ඉලක්කය වී ඇත්තේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් හෙවත් රුපියල් මිලියන 735ක මුදලක් උපයා ගැනීමයි. එම අරමුණ ඉටුකරගැනීම සඳහා ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් පා ගමනේ නිරත වෙති. වසර 2011 දී දකුණේ දෙවුන්දර තුඩුවෙන් ඇරඹි TRAIL පාගමන දින 28 ක් තුළ කිලෝමීටර් 670 ක දුරක් ආවරණය කරමින් ක්‍රියාත්මක වූ අතර මෙවර යාපනය පේදුරුතුඩුවෙන් ඇරඹෙන TRAIL පාගමන දකුණේ දෙවුන්දර තුඩුවෙන් අවසන් වීමට නියමිතව තිබේ.

Lanka IOC පීඑල්සී Fortune 500 ට අයත් සමාගමක් වන IOCL හි අනුබද්ධිත සමාගමකි. රාජ්‍ය හිමිකාරීත්වයක් සහිත ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව මෙරට ඉන්ධන සැපයුමෙහි නිරත එකම පුද්ගලික තෙල් සමාගම Lanka IOC සමාගමයි. දිවයින පුරා 199 කින් සමන්විත ඉන්ධන පිරවුම්හල් ජාලයක් පවත්වාගෙන යන Lanka IOC පිරිමැසුම්දායක ලිහිසි තෙල් අලෙවි ජාලයක් ද පවත්වාගෙන යයි. මෙරට විශාලතම තෙල් ගබඩා සංකීරණය වන ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් පර්යන්තයේ හිමිකාරීත්වය Lanka IOC සතුවන අතර වසරකට කිලෝ ලීටර් 18000 ක ධාරිතාවකින් ලිහිසිතෙල් නිපදවීමේ හැකියාවද එම තෙල් පර්යන්තය සතුවෙයි.

ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සහිත වෙයි. Servo යන වෙළඳ නාමය යටතේ ISO 9001:2015 SLSI තත්ව සහතිකය සහිතව එම ලිහිසි තෙල් වෙළඳ පළට නිකුත් කරයි. මීට අමතරව Lanka IOC පීඑල්සී විසින් ලිහිසිතෙල් පර්යේෂණ විද්‍යාගාරයක් ද ත්‍රිකුණාමලයේ පවත්වාගෙන යයි.
ශාකසාර සනීපාරක්‍ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමවන කඳානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය ශී‍්‍ර ලංකාවේ ඉතා වැදගත් පූජනිය ස්ථානයක්වන සබරගමුවේ මහා සමන් දේවාලය 15වන වරටත් පසුගියදා ආලෝකමත් කෙරුණි. රත්නපුරයේ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් මෙම ආලෝක පූජාව සිදු කෙරුණේ ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ යටතේය.

මෙම රත්නපුර මහා සමන් දේවාලයේ පැවැති ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිනිය පැවසුවේ, වාර්ෂික ආලෝක පූජා සත්කාරය තුළින් ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික හා සම්ප‍්‍රදායික උරුමයන් හා සාරධර්ම රැුකගැනීම සියයට සියයක්ම දේශීය සමාගමක්වන ස්වදේශී සමාගමේ යුතුකමක් වන බවය. තම සමාගම විසින් මෙළෙස මෙම පූජනීය ස්ථාන ආලෝකමත් කරන්නේ මෙම ස්ථාන වැඳපුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ට තම කාර්යයන් වඩාත් පහසුවෙන් කරගැනීමට හා දේශීය උරුමයන් රැකගැනීමේ වැදගත්කමමතු පරපුරට වටහාදීම උදෙසාවන බවත් එතුමිය පැවසුවාය.

සීමාසහිත ස්වදේශී සමාගම, කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, දෙවුන්දර විෂ්ණු දේවාලය, රිදීගම රිදී විහාරය, දඹදෙණිය රජමහ විහාරය හා කෑරගල රජමහ විහාරය වාර්ෂිකව ආලෝක පූජා සත්කාරයෙන් ආලෝකමත් කෙරේ.

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ ප‍්‍රමුඛයාවන වන කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය 1941දී ඇරඹූවකි. ස්වදේශී ප‍්‍රමුඛතම සන්නාම පෙළ අතරට කොහොඹ හර්බල්, කොහොඹ බේබි, රාණී සඳුන්, රාණී රෝස්, සේෆ්ප්ලස්, අප්සරා, පර්ල්වයිට්, ලක්බාර්, ලේඩි, බ්ලැක් ඊගල් (පර්ෆියුම් හා ආෆ්ටර් ෂේව්), ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ හා දේශීය වෙළඳපොලේ එකම ළමා නිෂ්පාදන පෙළ ලිට්ල් පි‍්‍රන්සස් අයත් වේ. .

ස්වදේශී සමාගම මෑතකදී ස්වභාවික කොහොඹ හා ලෙමන්ග‍්‍රාස් ශාකසාරයෙන් නිපැයුණු සිරුරෙහි දහදිය දුගඳ ඉවත් කර ගතට නැවුම් සිත්බඳනා සුවඳක් සම`ගින් ප‍්‍රබෝධමත් ජවයක් ලබාදෙන ස්වදේශී කොහොඹ ඩියෝ ෆ්රෙෂ් සබන් වෙළෙඳපොලට හඳුන්වා දුණි..

දේශීය සමාගමක් වන ස්වදේශි සමාගමේ ප‍්‍රමුඛතම සන්නාම අතරට ශාකසාර සබන් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා කොහොඹ ශාකසාර සබන් හා සඳුන් සබන් අතර ප‍්‍රමුඛයා රාණී සඳුන් සබන් අයත් වේ.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන ඇගළුම් නිෂ්පාදන සමාගමකවන සඳලංකාවේ ඔමේගා ලයින් සමාගම, රුපියල් මිලියන 3කට වැඩි වියදමින් එකම දිනයක බස්නාහිර හා වයඹ පලාත්වල පිහිටි ළමා හා වැඩහිටි නිවාස 34ක අවශ්‍යතා සපුරාලීමේ ‘සහනෝදයට දවසක්’ නම් දැවැන්ත සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා කි‍්‍රයාත්මක කෙරුණි.

ඔමේගා ලයින් සමාගමේ අධ්‍යක්ෂ, ෆීලික්ස් ඒ. ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක වූ මෙම දැවැන්ත සමාජ සත්කාරයට තෝරා ගැනුණේ එම සමාගම පිහිටි සඳලංකාවේ සිට කිලෝමීටර් 50ක වපසරිය තුළ පිහිටි ළමා හා වැඩිහිටි නිවාස වෙති. තමා පදිංචි ප‍්‍රදේශවල පිහිටි ළමා හා වැඩිහිටි නිවාස පිළිබඳ තොරතුරු සම්පාදනය ඔමේගා ලයින් සේවක සේවිකාවන් විසින් සිදු කළ අතර සමාගමේ නියෝජිත පිරිසක් ඒ සෑම ආයතනයකටම ගොස් අවශ්‍යතා සොයා බැලීමෙන් පසු ළමා නිවාස 24ක් හා වැඩිහිටි නිවාස 10ක් මෙම ‘සහණෝදයට දවසක්’ සමාජ සත්කාරයට තෝරා ගැනුණි.

ඔමේගා ලයින් සමාගම විසින් සියලූ බරපැණ දැරූ ‘සහණෝදයට දවසක්’ සමාජ සත්කාරයෙහි ශ‍්‍රම දායකත්වය එම සමාගමේ සේවක සේවිකාවෝ ලබාදුන්හ. තෝරාගත් ළමා හා වැඩිහිටි නිවාසවල ඉල්ලීම පරිදි වියලි ආහාර, ඇඳුම් පැළඳුම්, නිල ඇඳුම්, රෙදිපිළි, ඇඳ ඇතිරිලි, පාසල් උපකරණ, ලිපිද්‍රව්‍ය, ඖෂධ, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර, ආහාර පිසීමේ උපකරණ, විදුලි බල්බ, මදුරු නෙට්, මෙට්ට, පාවහන්, අත්පිස්නා, කියවීම් ග‍්‍රන්ථ, යකඩ හා ලී අල්මාරී, විදුලි හා පිරිසිදුකිරීමේ උපකරණ, ගෑස් කුකර් හා මුදල් පිරි නැමුණි. එයට අමතරව ඇතැම් ළමා හා වැඩිහිටි නිවාසවල ඉල්ලීම මත පින්තාරුකිරීම්, පිළිසකරකිරීම්, වතුපිටි පිරිසිදුකිරීම හා කිළිටි ඇඳුම් සෝදාදීම වැනි කාර්යයන් ඔමේගා ලයින් සේවක සේවිකාවෝ විසින් ස්වේච්ජාවෙන් සිදු කළහ.

ඔමේගා ලයින් සේවක සේවිකාවෝ 2,500ක් පමණ පිරිසක් කණ්ඩායම් 34කට බෙදී මෙම ළමා හා වැඩිහිටි නිවාසවල නේවාසිකයන් සම`ග මුළු දවස පුරාම කාලය ගෙවීමට අමතරව තමා විසින් පෞද්ගලිකව රැුස් කළ මුදලින් විවිධ තෑගි පිරි නැමීමද අතිරේකව සිදු කළහ. එමෙන්ම ඔමේගා ලයින් සමාගම විසින් මෙම ළමා හා වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ට දිවා ආහාරය හා සවස තේපැන් පිරි නැමුණි.

එකම දිනයේ ළමා හා වැඩිහිටි නිවාස 34ක පැවැත්වුණු මෙම දැවැන්ත සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව ඔමේගා ලයින් සමාගමේ අධ්‍යක්ෂ, ෆීලික්ස් ඒ. ප‍්‍රනාන්දු මහතා පැවසුවේ, ‘සහණෝදයට දවසක්’ නමින් ඔමේගා ලයින් සිදු කළ මෙම දැවැන්ත සමාජ සත්කාරය සමාගමේ සැමට බොහෝ සංවේදී දවසක්. ඔමේගා ලයින් සමාගම පළමුවරට සිදු කළ මෙම සමාජ සත්කාරය සඳහා ළමා හා වැඩිහිටි නිවාස හා ඒවායේ අවශ්‍යතා හඳුනාගැනීම සිදුවූයේ සමාගම් සාමාජිකයන් අතින්. එහෙයින් ඇතැම් ස්ථාන ඔවුන් පදිංචි ප‍්‍රදේශවල පිහිටි ඒවා. එම ළමා හා වැඩිහිටි නිවාසවලට ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සොයාබැලීමේදී බොහොමයක් පැවසුවේ ආහාර ලැබීමේ අඩුපාඩුවක් නොමැති බව හා එම ආහාර සපයන බොහොමයක් එය ලබාදුන් විගසම තමා හුදකලා කර යන බවයි. එම නිසා තමා සම`ග කතාබහ කරමින්, ගී සිංදු කියමින් විනෝදය සැපයීම සියල්ලට වඩා වැදගත් බව ඔවුන් බොහොමයකගේ අදහස වුණා. විවිධ අවශ්‍යතා සැපයීමට අමතරව එම වටිනා අදහස මුල් කරගෙන මුළු දවසම ඔවුන්ගේ හුදකලාව මැකෙන සේ අප සැවොම කටයුතු කළේ ආපසු එනවිට තමාගෙන් ඈත්වී නොයන්නැයි හැඩූ සංවේදී පරිසරයක් එහි ඇතිවන තරමිනුයි.’ යන්නය.

සඳලංකාවේ ඔමේගා ලයින් සමාගම විසින් සිදු කළ ‘සහණෝදයට දවසක්’ සාමාජ සත්කාරක වැඩසටහනට මූලිකත්වය දුන් එම සමාගමේ මානව සම්පත් කළමනාකරු, සම්පත් වීරකෝන් මහතා පැවසුවේ, ‘සමාගම විසින් පවත්වන විනෝදාස්වාදය සැපයෙන වැඩසටහන්වලදී විවිධ පෞද්ගලික හේතූන් මත කාර්ය මණ්ඩලයේ සැමට සහභාගීවීමේ අසීරුතා මතුවෙනවා. එහෙත් ළමා හා වැඩිහිටි නිවාස සඳහා ආධාරකිරීමේ මෙම ‘සහණෝදයට දවසක්’ වැඩසටහනට සැම කෙනෙකුම පාහේ සහභාගී වූයේ තම පෞද්ගලික කාර්යයන් පවා අමතක කරමින්. මෙම සමාජ සත්කාරය ඔමේගා ලයින් කාර්ය මණ්ඩලයේ හදවතට කෙතරම් සමීප වූවාද පැවසූවොත් එම වැඩසටහනෙන් පසුවත් ඔමේගා ලයින් සාමාජිකයන් කණ්ඩායමක් ලෙසින් සති අන්තයේදී තමාට බාර වූ ළමා හෝ වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන් සම`ග කල්ගෙවීමේ යහපුරුද්ද පවත්වාගෙන තිබෙනවා. එයින් සමාගමක් ලෙසින් අප අපේක්ෂා කළ සද්කාර්යය ඉටුවූවා යැයි හැෙගනවා. එහෙයින් මෙම වටිනා සමාජ සත්කාරය ඉදිරියේදීත් සිදු කිරීමට ඔමේගා ලයින් සමාගම අදහස් කරනවා.’ යන්නය.

සේවක සේවිකාවන් 3,200ක කාර්ය මණ්ඩලයක් හිමි සඳලංකාවේ ඔමේගා ලයින් සමාගම, ඉතාලියේ වෙරෝනා නගරයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි ‘කැල්සිඩෝනියා’ Calzedonia S.p.A සමාගම් සමූහයට අනුබද්ධිතව ශී‍්‍ර ලංකාව තුළ ආරම්භ කළ පළමු ඇගළුම් සමාගම වේ. ‘කැල්සිඩෝනියා’ කාන්තා යට ඇඳුම්, මේස්, ස්ටොකින්ස්, රෙදිපිළි වර්ණ ගැන්වීම හා නාන ඇඳුම් නිෂ්පාදනයේ ලොව ප‍්‍රමුඛතම සමාගමකි. එම සමාගමට අනුබද්ධිත ඔමේගා ලයින් සමාගම (සදලංකාව) සිරියෝ (බඩල්ගම), බෙන්ජි සමාගම (බිංගිරිය), ඇල්ෆා ඇපරල්ස් සමාගම (පොල්ගහවෙල) හා වවුනියා ඇපරල්ස් සමාගම (වවුනියාව) ශී‍්‍ර ලංකාවේ පිහිටි අතර එහි සේවක සංඛ්‍යාව 13,000 ඉක්මවන්නකි.
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිදුකරන ‘වෛද්‍ය හමුව’ ප‍්‍රජා වැඩසටහන මගින් මේ වසර තුළ 2,200 කට ආසන්න පිරිසකට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ පහසුකම් සම්පාදනය කර ඇති අතර වසර 13 ක් තුළ 135,000 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහනින් ප‍්‍රතිලාභ ලබා තිබේ.

මෙම වැඩසටහන සඳහා සමාගමේ පුළුල් ආයතනික සමාජ වගකීම් සම්භාරය යටතේ මුදල් වෙන්කරන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන සිදුකරයි. මොවුන් දිවයින පුරා ගමන් කරමින් ප‍්‍රජාව වෙනුවෙන් නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීම සහ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ලබාදීම සිදුකරයි.

2016 වසරේ මුල් මාස 10 තුළදී සෙලින්කෝ ලයිෆ් ‘වෛද්‍ය හමුව’ කණ්ඩායම විසින් කොටහේන (175 දෙනෙකු සඳහා), දිවුලපිටිය (245 දෙනෙකු), දංකොටුව (198 දෙනෙකු), පඬුස්නුවර (225 දෙනෙකු), වේයන්ගොඩ (240 දෙනෙකු), මීරිගම (218 දෙනෙකු), අරලගන්විල (245 දෙනෙකු), බිබිලේ (213 දෙනෙකු), ආනමඩුව (195 දෙනෙකු* සහ නිකවැරටිය (215 දෙනෙකු) යන ප‍්‍රදේශවල නොමිලේ වෛද්‍ය කඳවුරු පැවැත්වූ බව සමාගම සඳහන් කරයි.

මෙම වෛද්‍ය කඳවුරු අදාළ ප‍්‍රදේශවල සෙලින්කෝ ලයිෆ් ශාඛාවල සහයෝගයෙන් පැවැත්වූ අතර ඒවා සෙලින්කෝ ලයිෆ් ශාඛා පරිශ‍්‍රයන් හි හෝ පාසැල්වල සහ අනිකුත් පොදු ස්ථානවල පවත්වන ලදී.

මෙම වෛද්‍ය කඳවුරු සඳහා සහභාගී වූවන් වෛද්‍යවරයෙකු විසින් නොමිලේ පරීක්ෂාකළ අතර random blood sugar, ECG සහ blood pressure වැනි වෛද්‍ය පරීක්ෂණ කටයුතු මෙහිදී සිදුකළේය. මීට අමතරව, නොමිලේ දෘෂ්ටි පරීක්ෂාවක්ද සිදුකරන ලදී.

මෙම අවස්ථාවන්ට සහභාගී වන පිරිස පිළිකා සහ දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමටද සමාගම කටයුතු කළ අතර ඒ වෙනුවෙන් වීඩියෝ පට සහ අනිකුත් සන්නිවේදන ක‍්‍රම සමාගම විසින් භාවිතා කළේය.

‘‘ජීවිතය, ආදරය සහ රැුකවරණය යන අපගේ පොරොන්දුව ඉටුකර ගැනීම සඳහා අප කටයුතු කරන ආකාරය පෙන්වීමට වෛද්‍ය හමුව වැඩසටහන කදිම උදාහරණයක්ල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘‘මෙරට ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම ලෙස අපගේ ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය ගැටලූ පිළිබඳව අපි හොඳින්ම දන්නවා. අභියෝගය වන්නේ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ප‍්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලබාදීමයි. පසුගිය වසර 13 ක කාලය තුළ මෙම වැඩසටහන මගින් බොහෝ ජීවීත බේරා ගැනීමට හැකිවී තිබෙනවා.’’

සෙලින්කෝ ලයිෆ් සිය ආයතනික සමාජ වගකීම අර්ථ දක්වා තිබෙන්නේ අවශ්‍යතාවය සහිත ජනතාව වෙනුවෙන් අර්ථාන්විත සෞඛ්‍ය හා අධ්‍යාපනික සමාජ සත්කාරක වැඩසටහන් තුළින් මැදිහත් වන අතරම දුර බැහැර ප‍්‍රදේශවල වුවද තිරසාර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කැපවීමටයි. මෙහිදී, ඉහළම ගුණත්වයේ මූල්‍ය ආරක්ෂාවක් හා රැුකවරණයක් ලබාදීමටද සමාගම සූදානම්ව සිටී.

සමාගම විසින් මේ වනවිට ආයතනික සමාජ වගකීම් න්‍යාය පත‍්‍රය යටතේ පාසැල් 65 ක පන්ති කාමර ගොඩනැගිලි ගොඩනගා තිබෙන අතර රෝහල් රැුසක් වෙත අත්‍යවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.

පිට පිටම තුන්වන වරටත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් 2016 වසරේ මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෝරාගත් අතර සමාගම සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් සඳහා ෆෝර්ඩ් මෝටර් සමාගම වෙනුවෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම සහ වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් අත්වැල් බැඳ ගනියි.

රුපියල් මිලියන 3ක ප්‍රතිපාදන මේ යටතේ වර්ල්ඩ් විෂන් ලංකා වෙත සැපයෙන අතර එම මුදලින් මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ පවුල් 220 කට බීමට සුදුසු ජලය සැපයීමට නියමිතය. මෙම පවුල්වල සාමාජිකයින් අතර වැඩිහිටියන් 786 ක් සහ ළමයින් 394 ක් වෙති. ජල ප්‍රශ්නය මෙම ගම්මානයේ පවතින ප්‍රමුඛතම ගැටළුව වන අතර ජලය සපයා ගැනීම සඳහා මෙම ගම්මානයේ ඇත්තේ ළිං පහක් සහ නළ ලිං දෙකක් පමණි.

මෙම තත්වය වටහා ගනිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක කෙරන මෙම ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය මඟින් වියළි කාලවලදී පවා හිඟයකින් තොරව ජලය සැපයීමට හැකියාව ඇත. මේ නිසා තවදුරටත් මෙම ගම්වාසීන්ට ජලය සොයා දුරබැහැර ප්‍රදේශ වෙත ගමන් කිරීමට සිදු නොවේ. මෙම ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය යටතේ ගම්මානයේ පාසැලට ද ජල හා සනීපාරක්ෂක පහසුකම් සැපයෙන අතර පාසැල් සිසුන් සඳහා අත් සේදුම් ඒකකයක් ද සහිතව මෙම සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීම සිදුවේ.

මෙම ව්‍යාපෘතියට දායක වීම පිළිබඳව අදහස් දක්වන ෆෝර්ඩ් මෝටර් සමාගමේ ආසියා පැසිෆික් වර්ධනය වන වෙළඳ පළෙහි කළමණාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් වෙස්ටර්මන් මහතා සඳහන් කළේ වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය විසින් ෆෝර්ඩ් හි සංරක්ෂණ හා පරිසර ප්‍රදානයන් වෙත කළ ඉදිරිපත්කිරීමකට අනුව මෙම මුදල් වෙන් කිරීමට තීරණය කළ බවයි. දේශීය ප්‍රජාවගේ ජල පහසුකම් නැංවීම සහ සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීමට මෙමඟින් අපේක්ෂා කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ජල ව්‍යාපෘතිය ප්‍රජා සහභාගීත්ව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක අතර ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසුව එහි අයිතිය ප්‍රජා මූල සංවිධාන වෙත පැවරේ. ඉන් ඉදිරියට සාර්ථකව ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේ වගකීම එම ප්‍රජා මූලසංවිධාන විසින් දරනු ලබයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ සමාජ සේවා සඳහා ධනාත්මක ආකාරයෙන් දායක වීමට ෆෝර්ඩ් සමාගම දැඩි කැමැත්තක් දක්වන බවයි.එම සමාගමේ ශ්‍රී ලාංකේය බලයලත් නියොජිතයින් වශයෙන් ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම මෙවැනි කර්තව්‍යයකට දායක වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බව සඳහන් කළේය. වාහරේ ප්‍රදේශයේ ජනතාව වෙත මෙම ව්‍යාපෘතිය මඟින් පුළුල් සේවාවක් සැපයීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් මෙම ව්‍යාපෘතිය මඟින් එම ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හෙතෙම පැවසීය.

ෆෝර්ඩ් සමාගම වසින් මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම පිළිබඳව අතිශයින් සතුටට පත්වන බව වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් හි වැඩබලන ජාතික අධ්‍යක්ෂ ජොනතන් ජොන්සන් මහතා කියයි. පානීය ජලය හිඟ වීමෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටින මඩකලපුව කට්ටුමුරිව්කුලම් ගම්මානයේ ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වීම පිළිබඳව ෆෝර්ඩ් සමාගම වෙත සිය ස්තුතිය පුදකරන බව ද හෙතෙම කීය. වර්ල්ඩ් විෂන් ලංකා සමාගම මේ ආකාරයට ෆෝර්ඩ් වැනි විවිධ සමාගම් රැසක් සමග එක්වෙමින් ප්‍රජා සේවා රැසක් සඳහා කටයතු කරන බවත්, එම සුහදතාව සමඟින් සැබෑ වෙනසක් ප්‍රජාව තුළ සිදුකළ හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ෆෝර්ඩ් සමාගමේ පරිසර ආරක්ෂණ වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට මෙම ප්‍රදානය සිදු කර තිබේ. මේ ආකාරයේ ප්‍රජා ව්‍යාපෘති රැසක් සඳහා ෆෝර්ඩ් පසුගිය වසර කිහිපය තුළ දායක වී තිබේ. මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල යුධමය තත්වයන් හේතුවෙන් හානියට පත් ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා මෑතකදී Japan Emergency NGO (JEN) වෙත ෆෝර්ඩ් ආධාර ලබාදුන් අතර, 2014 දී පක්ෂි විද්‍යාව පිළිබඳ හැදෑරීම් සඳහා ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා කණ්ඩායම ට (FOGSL) ඇමරිකානු ඩොලර් 20,000 ක ප්‍රධානයක් ෆෝඩ් විසින් සිදුකර තිබේ. එමෙන්ම වසර 2013 දී ශ්‍රී ලංකා තුරුලතා සංගමය සහ වන සරණ තුරුලතා ස්වේච්ඡා සංගමය වෙත ඩොලර් 15,000 ක මුදලක් ද ෆෝඩ් විසින් පිරිනමා තිබේ. එමෙන්ම 2012 දී නකල්ස් රක්ෂිත වනාන්තරයේ ගින්නෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහා ද ෆෝර්ඩ් විසින් ආධාර සපයා දී තිබේ.

ළමුන් ඉලක්ක කරගත් මානුෂිය ආධාර සපයන සංවිධානයක් වන වර්ල්ඩ් විෂන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹන්නේ 1977 දීය. එතැන් පටන් දිවයින පුරා සංවර්ධන සහ සහන ආධාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. එම වැඩසටහන් මඟින් දිවයින පුරා ගම්මාන 2500 කට ආසන්න ප්‍රමාණයකට සහ දිස්ත්‍රික්ක 20 ක පරිපාලන කොට්ඨාස 900 කට අධික සංඛ්‍යාවක ළමුන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ලක්ෂ 3 කට ආසන්න පිරිසට සහන සලසයි.

ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යයන චාරිකාවක්

ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන සමාගමක් වන Huawei, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හා එක්ව "Seeds for future" සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි. මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (01) දියත් කළේය. ශ්‍රී ලාංකිකයින්නේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා මෙන්ම ඩිජිටල් තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම අරමුණු කර ගනිමින් මෙම සමාජ සත්කාර වැඩසටහන ක්‍රියාත්මක කරයි. එහි ආරම්භය වශයෙන් මෙරට විශ්වවිද්‍යාලවලින් තෝරාගත් සිසුන් 10 දෙනෙකුට 2016 නොවැම්බර් 5 වනදා සිට නොවැම්බර් 19 වනදා දක්වා චීනයේ අධ්‍යන චාරිකාවක නිරතවීමට Huawei විසින් පූර්ණ අනුග්‍රහය දක්වයි.

දිවයින පුරා පිහිටි සරසවි 8 කින් මෙම සිසුන් 10 දෙනා තෝරා ගෙන ඇති අතර එම සිසුන් තෝරාගැනීම විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ මෙන්ම Huawei හි මැදිහත්වීමෙන් සිදුකර තිබේ. මෙම අධ්‍යයන චාරිකාව අතරතුරදී එම සිසුන්ට චීනයේ සාම්ප්‍රදායික සංස්කෘතිය, චීන අක්ෂර කලාව, චිත්‍ර සහ බෙයිජිං භාෂාව බෙයිජිං හි පිහිටි සංස්කෘතික විශ්ව විද්‍යාලයේදී හැදැරීමට අවස්ථාව හිමිවෙයි. මීට අමතරව අති නවීන තාක්ෂණය පිළිබඳව හැදෑරීම සදහා මෙම සිසුන් Huawei මූලස්ථානය වෙත යොමුකෙරේ. එහිදී LTE තාක්ෂණය, cloud computing,ආදී තාක්ෂණය පිළිබඳව චීනයේ ෂෙංෂෑන් හි පිහිටි ඉහළම තාක්ෂණයෙන් පිරිපුන් විද්‍යාගාර තුළදී අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි. නවීනතම තොරතුරු තාක්ෂණික වැඩිදුයුණු කිරීම් පිළිබඳව Huawei විද්‍යාගාර තුළදී Huawei හි පළපුරුදු තාක්ෂණික ශිල්පීන් වෙතින් දැනුම සහ අත්දැකීම් ලබාගැනීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වයකි. නවීනතම තොරතුරු තාක්ෂණය පිළිබඳව සජීවි නිදර්ශක රැසක් සමඟ ප්‍රායෝගික පුහුණවක් ලැබීමට මෙම චාරිකාව සඳහා සහභාගි වන්නන්ට අවස්ථාව හිමිවෙයි.

Huawei ශ්‍රී ලංකා‍ ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ වන දිගු කාලීන සබඳතාවයක් ප්‍රතිඵලයක් ලෙස මෙවැනි දේශීය දක්ෂතා වර්ධනය කරලීම සඳහා දායක විය හැකිවූ බවයි. "Seeds for future" වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට, දේශීය ප්‍රජාවට,සරසවි සිසුන්ට, සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පුළුල් මෙහෙවරක් සිදුකළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නැංවීම සඳහා Huawei හි මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් කෘතඥතාව පළකරන බවයි. මේ යටතේ චීන සංචාරය සඳහා තෝරාගෙන ඇති සිසුන්ට තොරතුරු තාක්ෂණ විෂයයට අදාලව තමන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට ඉතා හොඳ අවස්ථාවක් හිමිවී ඇති බවත්, තාක්ෂණය සහ කුසලතාවය අතින් ඉතා උසස් දැනුමක් සහ අවබෝධයක් මෙහිදී ලබාගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් කීය. ශ්‍රී ලංකාවට අවශ්‍ය නව නිර්මාණ වල අවශ්‍යතාව සම්පුර්ණ කර ගැනීමට මෙවැනි වැඩසටහන් රුකුලක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ සිසුන් තුළ වන ආත්ම ශක්තිය මෙහිදී වර්ධනය වීම නිසා බහු සංස්කෘතික පසුබිමක් තුළ ප්‍රමුඛ රැකියා අවස්ථා හිමි කර ගැනීමට පවා සිසුන්ට හැකියාව ලැබෙන බවයි.

තොරතුරු තාක්ෂණය අනිකුත් සියලු ව්‍යාපාර පාලනය කිරීම සඳහා යොදාගනියි. තොරතුරු තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන Huawei ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය වර්ධනය කිරීම සඳහා මෙන්ම මෙරට ආර්ථික, සමාජයීය, හා පාරිසරික යන අංශ වල දීර්ඝ කාලීන තිරසාරත්වය ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරයි.

Huawei ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයුම්කරුවෙක් වන අතර ගුවන් ජාල,ව්‍යවසාය,පාරිභෝගික සහ ක්ලවුඩ් කොම්පියුටර් සේවා ඉලක්ක කරගනිමින් කටයුතු කරයි. ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක Huawei සිය මෙහෙයුම් සිදුකරයි. ඒ අනුව සලකා බැලූ විට ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් සඳහා Huawei සිය සේවා සපයයි. වසර 2005 දී Huawei ශ්‍රී ලංකාවේ සිය සේවා ආරම්භ කළ අතර මේ වනවිට මෙරට ජනගහනයෙන් 70% ක් පමණ යා කරමින් Huawei සේවා සපයයි. විශේෂයෙන්ම Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකික පාරිභෝගිකයා අතර අතිශයින් ජනප්‍රිය වී තිබේ.

පරිහරණය කරන ලද හෝ අතිරික්ත ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පරිසර හිතකාමී අයුරින් බැහැර කිරීම පිළිබඳව විශේෂ අවධානයක් අප යොමුකළ යුත්තේ, එසේ නොවීමෙන් අපගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයටත් සිදුවිය හැකි සුවිශාල හානිය නිසාවෙනි. මේ පසුබිම තුළ රජයේ දැක්ම මෙන්ම තම ව්‍යාපාර වටිනාකම් ද මුසු කරගනිමින් තිරසාර ව්‍යාපාර ආකෘති ඔස්සේ නිරතුරුවම තම මෙහෙයුම් හා පාරිභෝගිකයන් හරහා පරිසර හිතකාමී අයුරින් මේ තත්ත්වය පාලනය කිරීමට සිංගර් ශී‍්‍ර ලංකා සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව යමින් සමස්ත දිවයිනම ආවරණය කරමින් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය (e-waste) බැහැර කිරීම ගැන දැනුවත් කිරීමේ හා එවැනි අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් සිංගර් ශී‍්‍ර ලංකා සමාගම දැන් ආරම්භ කර තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටා සිංගර් ප්ලස්, සිසිල්, සිංගර් මෙගා සහ සිංගර් සේවා මධ්‍යස්ථානවලදී මේ වසර පුරාවටම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය භාරදීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා කර දී තිබේ.

”අපි මෙතැනදී අරමුණු කරන්නේ ව්‍යාපාර වගකීම් සමඟ සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කරන්න පෙරමුණ ගැනීමයි. අපට අවශ්‍ය, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීම හා සමානවම ඒවා බැහැර කර ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමත් වගකීමෙන් කළයුතු කටයුත්තක් ලෙස සමාජයට හඳුන්වා දීමටයි. සමස්ත දිවයිනම ආවරණය කෙරෙන මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එක්රැුස් කිරීමේ වැඩසටහන තුළින් පරිසරය සම්බන්ධව අප සතු වගකීම ගැනත් සිහිපත් කිරීමක් සිදුවෙනවා” යැයි සිංගර් ශී‍්‍ර ලංකා සමාගමේ අධ්‍යක්ෂ- මානව සම්පත්, නේමින්ද කරුණාරත්න මහතා පැවසීය.

පසුගිය කාලය පුරාවටම ජනතාවගේ සෞඛ්‍යයටත්, පරිසරයටත් අහිතකර විය හැකිව තිබූ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ක‍්‍රමවත් ලෙස බැහැර කිරීමට සමාගම පියවර ගෙන තිබේ. බලපත‍්‍රලාභී ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බැහැර කරන සමාගම් හරහා මෙම කි‍්‍රයාවලිය සිදුකිරීම වෙනුවෙන් එම කාලය තුළ විශාල මුදලක් වෙන්කිරීමට ද සිංගර් ශී‍්‍ර ලංකා සමාගම කටයුතු සලසා ඇත. සෑම වසරකදීම මෙසේ එකතු කරනු ලබන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය ඉහළ නංවා තිබේ.

මේ අතර තම පැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ හුවමාරු කරගැනීමේ පාරිභෝගිකයන් සතු අවශ්‍යතාව ගැන සැළිකිලිමත් වෙමින් එවැනි උපකරණ සඳහා හුවමාරු වට්ටම් ලබාදීම ද සිංගර් ශී‍්‍ර ලංකා සමාගම සිදුකරයි.

”එක්රැුස් කරන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම වෙනුවෙන් සිංගර් ශී‍්‍ර ලංකා සමාගම මධ්‍යම පරිසර අධිකාරියත් බලපත‍්‍රලාභී අපද්‍රව්‍ය කළමනාකරණ ආයතනත් සමග සහයෝගීතාවකට එළැඹී සිටිනවා. විශේෂයෙන්ම පාරිභෝගිකයන් හා සියලූ පුරවැසියන් සමග එක්වෙලා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රකරණයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුම්වත් කරන්න මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම පාරිභෝගිකයන්ට මෙම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බැහැර කිරීමට පහසු ස්ථාන සපයා දීමත් ඒ තුළින් පරිසරයේ පිරිසිදුකමට දායකවීමට ලැබීමත් හරහා වගකීම් සහගත ව්‍යාපාරික පුරවැසියෙකු ලෙස යහපත් ආදර්ශයක් අප විසින් සැපයෙනවා” යැයි සිංගර් ශී‍්‍ර ලංකාහි අධ්‍යක්ෂ- වෙළෙඳ හා වානිජ, මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේය.

2010 වසරේ පටන් ජාතික මට්ටමින් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සහාය වීමට සිංගර් ශී‍්‍ර ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරියත් සමග සහයෝගීතා ගිවිසුමකට එළඹ තිබේ. එහි මඟපෙන්වීම අනුව යමින් ප‍්‍රතිචකී‍්‍රකරණයට යොමුකරන මෙම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එක්රැුස් කිරීම, ප‍්‍රවාහනය හා ගබඩාකිරීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ BASEL සම්මුතියට අනුව ය.

”මේ ලෝකය ආරක්ෂා කරගැනීමටත් වටිනා ස්වභාවික සම්පත් රැුකගැනීමටත් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයක් තිබීම අතිශය වැදගත්. දවසින් දවස අලූත් ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළෙඳපොළට එන මෙවන් කාලයක භාවිත කරන ලද හා යල්පැන ගිය ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ආරක්ෂිත ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද කියන දේ ලොකු අභියෝගයක්” යැයි මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතා කීය.

”අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුකූලව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බැහැර කිරීමටත් ඒ සඳහා පහසු මධ්‍යස්ථාන පිහිටුවීමටත් සිංගර් ශී‍්‍ර ලංකා සමාගම ගෙන ඇති මේ පියවර පිළිබඳ ඔවුන්ට විශේෂ ප‍්‍රශංසාවක් හිමිවිය යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

සිංගර් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු 0115 400 400 යන ක්ෂණික දුරකතන මාර්ගයෙන් ලබා ගත හැක.

ප‍්‍රධාන විෂයන් සමත් වන ප‍්‍රතිශතය වර්ධනය කිරීම සඳහා තම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර යොදවයි

අධ්‍යාපනය කටයුතු ප‍්‍රවර්ධනය කිරීමට බැංකුවේ තිබෙන කැපවීම තවදුරටත් විදහා දක්වමින් මෙරට පාසැල්වල ද්විතියික අධ්‍යාපන අංශයේදී ප‍්‍රධාන විෂයන්ගෙන් සමත්වන සිසුන්ගේ ප‍්‍රතිශතය ඉහළ දැමීමේ අරමුණෙන් නවතම වැඩසටහනක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබේ.

බැංකුව විසින් මේ වනවිට දිවයින පුරා පාසැල් වෙත පරිත්‍යාග කර තිබෙන පරිගණක විද්‍යාගාර 170 සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන දියත් කර තිබෙන අතර මෙමගින් අරමුණු කර තිබෙන්නේ පාසැල් දරුවන් සහ ගුරුවරුන් තොරතුරු තාක්ෂණය භාවිතා කරන 'Smart Schools' සංකල්පය ඇතිකරමින් දරුවන්ගේ සාමාන්‍ය පෙළ ඉංග‍්‍රීසි, ගණිතය සහ විද්‍යාව දැනුම සහ උසස් පෙළ ජීව විද්‍යාව සහ ගණිතය දැනුම වර්ධනය කිරීමයි.

මේ සඳහා කොමර්ෂල් බැංකුව Guru.lk අධ්‍යාපනික වෙබ් අඩවිය හිමි Headstart (Pvt) Ltd සමාගම සමග එකතුවී විද්වත් මණ්ඩලයක් සමග විෂයානුබද්ධ නව දැනුම ඉදිරිපත් කර තිබෙන අතර මෙම පාසැල්වල දරුවන්ට තොරතුරු තාක්ෂණ විද්‍යාගාරවල පරිගණක හෝ වෙනත් පරිගණක තුලින් මෙම දැනුම් සම්භාරයට පිවිසිය හැක.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පාසැල් කාලයෙන් පසුව ගුරුවරුන්ට සහ සිසුන්ට අධ්‍යාපන කටයුතු වල යෙදීමට නව අවස්ථාවක් නිර්මාණය කිරීම වන අතර මෙහිදී මෙම පාඨමාලා සහ ගුරු උපදේශනයන් ඩවුන්ලෝඞ් කරගනිමින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේදී ඉහළ ප‍්‍රගතියක් ලබාගත හැකි ආකාරයේ ක‍්‍රියාකාරකම්වල යෙදීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ.

මෙම කළමනාකරණ පද්ධතිය මගින් ලබාදෙන පාඩම් සාම්ප‍්‍රදායික පන්ති කාමර අධ්‍යාපනයෙන් ඔබ්බට යමින් වැඩිපුර චිත‍්‍ර, ප‍්‍රස්ථාර, අන්තර් සම්බන්ධිත නිබන්ධන ඇතුළත් වන ලෙස සකස් කර තිබේ. මෙමගින් අරමුණු කර තිබෙන්නේ ඉතාමත් සංකීර්ණ විෂයන් සරලව සිසුන්ට ඉගැන්වීමයි.

‘‘අපගේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර සංකල්පයේ මූලික අරමුණ වුණේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිසුදරුවන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම ඉහළ දැමීමයිල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා සඳහන් කළේය. ‘‘දැන් වැදගත් විෂයන්ගේ අඩු සමත් ප‍්‍රතිශතය යන ගැටලූව විසඳාගැනීම සඳහා මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර භාවිතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි මෙම ගැටලූව විසඳීම සඳහා කටයුතු කරන්නේ කෙසේද යන්නට අපගේ Smart Schools’ වැඩසටහන එක් උදාහරණයක්. ’’

මෙම වැඩසටහන මගින් පසුකාලීනව සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අවස්ථාවක්ද තිබෙන බව බැංකුව විශ්වාස කරන බවද ඔහු පැවසුවේය.

මෙම වැඩසටහන මගින් සිසුන්ට සහ ගුරුවරුන්ට මෙම පරිගණක වෙත තිබෙන විෂය කරුණු වලට ඇතුළුවීම සඳහා වෙන වෙනම භාවිතා කිරීමේ නාමයක් සහ මුරපදයක් (password) ලබාදී තිබේ. විවිධ විෂයන්ගේ දැනුම මට්ටම අනුව මෙම විෂය කරුණු වෙත ගමන් කිරීම සඳහා මෙම සිසුන්ට ඇතුළුවීමේ මට්ටම් ලබාදී තිබෙන අතර මෙහිදී තමන් සතු නව්‍ය දැනුම මෙම විෂය කරුණු වලට එකතු කිරීමටත් නොදන්නා දේ මෙයට සම්බන්ධවන ගුරුවරුන්ගෙන් අන්තර්ජාලය තුළින්ම දැන ගැනීමේ අවස්ථාවත් මෙහිදී හිමිවේ.

මෙම 'Smart Schools' වැඩසටහන පිළිබඳව බස්නාහිර පළාතේ පාසැල් 100 ක විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා බස්නාහිර පළාත් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතාගේ ප‍්‍රධනත්වයෙන් කොමර්ෂල් බැංකුවේදී සිදුකරන ලදී.

කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කරන අතර තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය, අන්තර්ජාල අධ්‍යාපනය සහ ඉංග‍්‍රීසි සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කිරීම, උපාධි අපේක්ෂකයින්ට ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය කිරීම, රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ඓතිහාසික, සංස්කෘතිකමය හෝ ආගමික වැදගත්කමක් තිබෙන ස්ථාන සංරක්ෂණය සහ ප‍්‍රතිසංස්කරණය කිරීමට සහයෝගය දැක්වීම, ආබාධිත රණවිරුවන්ගේ පුනරුත්ථාපන අවශ්‍යතාවයන් සඳහා සහයෝගය දැක්වීම මෙම වැඩසටහන් අතර ප‍්‍රමුඛ වේ.

බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් අධ්‍යාපනික අංශය යටතේ මේ වනවිට සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් අතර උපාධි අපේක්ෂකයින් 50 දෙනෙකු සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් පරිගණක ලබාදීම, පාසැල් සඳහා අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර ලබාදීම, ග‍්‍රාමීය සිසු දරුවන් වෙනුවෙන් ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාදීම, බැංකුවේ අන්තර් ජාල අධ්‍යාපන වැඩසටහන යටතේ සිස්කෝ නෙට්වර්කින්ග් ඇකඩමිය සමග ඒකාබද්ධවී 'IT Essentials' නැමති පාඨමාලාව ගුරුවරුන්ට සහ සිසුන්ට නොමිලේ ලබාදීම කැපී පෙනේ. අන්තර් ජාල අධ්‍යාපනය සිදුකිරීමට පහසුකම් සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ‘සිප්නැණ’ නමින් නව අධ්‍යාපනික වෙබ් අඩවියක් එළිදැක්වූ අතර අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සූදානම් වන සිසුන්ගේ ගණිතය කුසලතාවය වැඩිදියුණු කිරීම සඳහා අන්තර් ජාලය ඔස්සේ පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍ර සඳහා පිළිතුරු ලබාදීමේ නව ව්‍යාපෘතියක්ද පසුගියදා දියත් කරන ලදී.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 640 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොළඹ තිරිඹිරිගස්යාය මාර්ගයේ නැවතත් ‘තිඹිරිගස්’ රෝපණය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාව සමග එක්ව ඔටාරා පදනම විසින් ආරම්භ කර තිබේ.

මෙම ප‍්‍රදේශයට තිඹිරිගස්යාය යන නම ලැබී තිබෙන්නේ එකළ මෙහි ‘තිඹිරිගස්’ තිබූ නිසා යැයි විශ්වාස කරන අතර ඔටාරා පදනමේ සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගියදා ‘තිඹිරි පැල’ (Diospyros malabarica) තුනක් සිටුවමින් මෙම නව වැඩසටහන දියත් කරන ලදී.

‘‘නාරාහේන්පිට සිට හැව්ලොක් ටවුම දෙසට වන මාර්ගය දිගේ එකළ තිඹිරිගස් තිබූ නිසා මෙම මාර්ගයට තිඹිරිගස්යාය යන නම ලැබී ඇතැයි විශ්වාස කරනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඔටාරා පදනම සඳහන් කරයි. ‘‘කෙසේවෙතත්, අද මෙම මාර්ගය දෙපස එක තිඹිරි ගසක්වත් දකින්නට ලැබෙන්නේ නෑ. මේ නිසා, කොළඹ මහ නගර සභාව සමග එක්වී ඔටාරා පදනම මෙම ප‍්‍රදේශයේ තිබූ ඉපැරණි සිරිය නැවතත් ලබාදීම වෙනුවෙන් හැකි තරම් තිඹිරි පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.’’

කොළඹ පරිසර හිතකාමී නගරයක් ලෙස පවත්වාගෙන යාමට කොළඹ මහ නගර සභාව සිදුකරන වැඩසටහන් වෙනුවෙන් ඔටාරා පදනම සහයෝගය ලබාදෙන අතර මහ නගර සභාවේ සේවකයින් සඳහා පසුගියදා ඔටාරා පදනම විසින් නිළ ඇඳුම් ලබාදෙන ලදී. මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගී වූ නගර සභා සේවකයින් මෙම නිළ ඇඳුම් හැඳ සිටිනු දක්නට ලැබුණි.

කොළඹ නගරයේ තිබෙන ගස් ප‍්‍රමාණය වර්ධනය කිරීම සඳහා කොළඹ අනිකුත් ප‍්‍රදේශ ආවරණය වන පරිදි ඇහැළ, මෝදිල්ල, කරඳ, කොහොඹ, ටකෝමරියා සහ කහ-මාර වැනි ශ‍්‍රී ලංකාවට ආවේණික ගස් 184 ක් වගා කිරීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාව සමග ඒකාබද්ධ වී ඔටාරා පදනම මේ වනවිට දියත් කර තිබේ.