ෆැෂන් බග් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග තවත් ප්රරජා සත්කාරක වැඩසටහනක් දියත් කරයි Featured

Published in සමාජ සත්කාර හා පරිසර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම විලාසිතාගාර දාමයක්වන ෆැෂන් බග්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්ව කොටුව දුම්රිය ස්ථානයේ සංඥා සහ දිශා පුවරු නවීකරණය කිරීමට පසුගියදා කටයුතු කළේය.

ෆැෂන් බග් ආයතනය 2013 වසරේ පටන් මෙම සත්කාරය දියත් කරන අතර ඉදිරියේදී ද එවැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙයි. සමාජ වගකීම් සිය මෙහෙයුම් කටයුතුවල ප්‍රධානත ම අංශයක් සේ සලකන ෆැෂන් බග් ආයතනය සිදු කළ මෙම සත්කාර්යය රාජ්‍ය අංශය වෙනුවෙන් පුද්ගලික අංශයට දායකත්වය ලබා දිය හැකි ආකාරය මැනවින් පිළිබිඹු කරයි.

"සමාජය වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙම සංඥා සහ දිශා පුවරු මගින් දිනකට සේවය ලබා ගන්නා දහස් ගණන් ජනතාව පිළිබඳ සැලකීමේදී මෙම ව්යාපෘතිය සඳහා අප වැය කළ සම්පත්, කාලය සහ අරමුදල් අගනා ආයෝජනයක් බව සඳහන් කළ හැකියි" ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සාමාන්යාධිකාරී ආචාර්ය එස්.එච්.එම්. ෆරාස් මහතා අදහස් පළ කළේය.

ෆැෂන් බග් ආයතනය මෙම ව්‍යපෘතිය වෙනුවෙන් සෑම වසරක ම මිලියන ගණනක් වැය කරමින් මාස දෙකක කාලයක් තුළ මෙම අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ කරන අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්යය අනුමැතිය ලබා දී ඇත.

සම්මානනීය ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන සිසු දිරිමග වැඩසටහන තුළින් පාසල් 20 ක සිසු දරුවන් 7000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමි වී ඇති අතර, දිවයිනේ නන් දෙස පිහිටි පාසල් 120 ක සිසු දරුවන් 100,000 ක ඉලක්කයට ළඟා වීම සමාගමේ අරමුණයි. තවද වර්තමානයේ පාසල් දරුවන් තුළ පැන නැගී ඇති විවිධ ගැටළු සඳහා වූ විකල්පයක් ලෙස රට තුළ සියලු ම පාසල් වෙත සහෘද මාර්ගෝපදේශනය ගෙන යාම ඉලක්කයයි.

ෆැෂන් බග් හවුල්කරුවන් 4ක් සමග හවුල්කාර ව්‍යපාරයක් ලෙස 1994 වසරේදී මෙරට වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කළේය. ආරම්භයේදී 15 දෙනෙකුගෙන් සමන්විත වූ ෆැෂන් බග් කාර්යමණ්ඩල බලඇණිය මේවන විට 1250 කට අධික සංඛ්යාෙවක් දක්වා වර්ධනය වී ඇති අතර දිවයින පුරා විසිරී ඇති 16කට අධික ශාඛා ජාලය තුළ ඔවුහු සේවය කරති. "වෙනස්වන ජීවන රටාවට" ෆැෂන් බග් දැක්ම අනුව යමින් එය මේවන විට මෙරට ක්‍රියාත්මක අංක එකේ ඇඟලුම් අලෙවි ජාලයක් ලෙස වැජඹෙයි.