සිරියෝ සමාගමේ හැගීම්බර සමාජ සත්කාරය ‘සෙනෙහසරැළි’ මෙවරත් ළමා හා වැඩිහිටි නිවාස 52ක කි‍්‍රයාත්මක කරයි. Featured

Published in සමාජ සත්කාර හා පරිසර
‘සෙනෙහසරැළි’ සමාජ සත්කාරයෙන් ළමා නිවාසයක දරුවන්ට තෑගි පිරි නැමූ අවස්ථාව ‘සෙනෙහසරැළි’ සමාජ සත්කාරයෙන් ළමා නිවාසයක දරුවන්ට තෑගි පිරි නැමූ අවස්ථාව

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන ඇගළුම් නිෂ්පාදන සමාගමකවන බඩල්ගම සිරියෝ සමාගම වාර්ෂිකව සිදු කරන ‘සෙනෙහසරැළි’ දැවැන්ත සමාජ සත්කාරය මෙවරත් රුපියල් මිලියන 2.5කට වැඩි වියදමකින් ළමා හා වැඩිහිටි නිවාස 52ක අවශ්‍යතා සපුරාලමින් කි‍්‍රයාත්මක කෙරුණි. සිරියෝ සමාගමේ සේවක සේවිකාවෝ 1300ක් පමණ සහභාගී වූ මෙම ‘සෙනෙහසරැළි’ සමාජ සත්කාරයෙන් විවිධ පහසුකම් ලද වැඩිහිටියන් හා ළමුන් සංඛ්‍යාව 1850 ඉක්මවීම විශේෂත්වයකි.

සිරියෝ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ෆීලික්ස් ප‍්‍රනාන්දු මහතාගේ මගපෙන්වීමෙන් අඛණ්ඩව 2වන වරටත් සිදු කළ මෙම ‘සෙනෙහසරැළි’ සමාජ සත්කාරයට මෙවර බස්නාහිර හා වයඹ පලාත් හි ළමා නිවාස 38ක් හා වැඩිහිටි නිවාස 14ක් තෝරා ගැනුණි. එම ළමා හා වැඩිහිටි නිවාසවල ඉල්ලීම පරිදි වියලි ආහාර, රසකැවිලි, ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි, ළමා ඇඳුම්, පාසල් උපකරණ, ලිපිද්‍රව්‍ය, ඖෂධ, ජල ෆිල්ටර, කියවීමේ ග‍්‍රන්ථ, සෙල්ලම් බඩු, ජායා පිටපත්කිරීමේ යන්ත‍්‍ර, යකඩ අල්මාරී, ඉහළන කුඩ, විදුලි හා පිරිසිදුකිරීමේ උපකරණ, ගෑස් කුකර්, විළවුන් හා මුදල් පිරි නැමුණි. එයට අමතරව එක් වැඩිහිටි නිවාසයක් හා ළමා නිවාසයක ඉල්ලීම මත මහනුවර දළදා මාලිගය හා මඩු පල්ලිය වන්දනාකිරීමේ චාරිකාවන් 2ක් සිරියෝ සමාගම විසින් සංවිධානය කළ අතර, බොහෝ ළමා හා වැඩිහිටි නිවාස පින්තාරුකිරීම්, වතුපිටි පිරිසිදුකිරීම හා කිළිටි ඇඳුම් සෝදාදීම වැනි කාර්යයන් සිරියෝ සේවක සේවිකාවෝ විසින් ස්වේච්ජාවෙන් සිදු කළහ. එමෙන්ම සිරියෝ සමාගම විසින් මෙම ළමා හා වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ට දිවා ආහාරය හා සවස තේපැන් පිරි නැමුණි.

එකම දිනයේ ළමා හා වැඩිහිටි නිවාස 52ක පැවැත්වුණු මෙම ‘සෙනෙහසරැළි’ දැවැන්ත සමාජ සත්කාරක වැඩසටහන මෙහෙය වූ සිරියෝ සමාගමේ නඩත්තු ඉංජිනේරු, මංජු අබේධීර මහතා පැවසුවේ, ‘පසුගිය වසරේදී සිරියෝ සමාගමේ සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම ‘සෙනෙහසරැුළි’ සමාජ සත්කාරය අතිශයින්ම සාර්ථක හා හැ`ගීම්බර වූවක්. එහෙයින් මෙය අඛණ්ඩව සිදු කළ යුත්තක් බව අප සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ෆීලික්ස් ඒ. ප‍්‍රනාන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ අදහස වූවා. කෙසේ හෝ මෙම සමාජ සත්කාරයෙන් පසුත් සිරියෝ සාමාජිකයන් කණ්ඩායමක් ලෙසින් සති අන්තයේදී තමාට බාර වූ ළමා හෝ වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන් සමග කල්ගෙවීමේ යහපුරුද්ද පවත්වාගැනීමෙන් සමාගමක් ලෙසින් අප අපේක්ෂා කළ සද්කාර්යය ඉටුවූවා. සිරියෝ සමාගම තම කාර්ය මණ්ඩලය සමග එක්ව සෑම වසරකම සිදු කරන බොහෝ හැගීම්බර සමාජ මෙහෙවරක් ලෙසින් ‘සෙනෙහසරැළි’ හඳුන්වා දිය හැකියි.’ යන්නය.

බඩල්ගම සිරියෝ සමාගම ඉතාලියේ වෙරෝනා නගරයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි ‘කැල්සිඩෝනියා’ (Calzedonia S.p.A) සමාගම් සමූහයට අනුබද්ධිත සමාගමකි. ‘කැල්සිඩෝනියා’ කාන්තා යට ඇඳුම්, මේස්, ස්ටොකින්ස්, රෙදිපිළි වර්ණ ගැන්වීම හා නාන ඇඳුම් නිෂ්පාදනයේ ලොව ප‍්‍රමුඛතම සමාගමකි. ඔමේගා ලයින් සමාගම (සඳලංකාව), ඇල්ෆා ඇපරල්ස් සමාගම (පොල්ගහවෙල), බෙන්ජි සමාගම (බිංගිරිය), හා වවුනියා ඇපරල්ස් (වවුනියාව) එම සමාගමට අනුබද්ධිත ශී‍්‍ර ලංකාවේ පිහිටි සෙසු සමාගම්වන අතර එහි සේවක සංඛ්‍යාව 13000 ඉක්මවන්නකි.