JKCS හි සම්මානලාභී හෝටල් මෘදුකාංගයක් වන Zhara HS සංචාරක තාක්ෂණික විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Zhara HS ආයතනය සමග මූලෝපායික ගිවිසුමකට ඇතුලත් විය. මෙම ද්වීපාර්ශවීය එකතුවෙන් හෝටල් හි සේවාවන් පහසු හා කාර්යක්ෂම වන ලෙස පාරිභෝගිකයා හෝටල් වෙන් කිරීමේ සිට හෝටලයට ඇතුළු වීමේදී හා හෝටලයෙන් පිටවීම දක්වා සියලූ කාර්යන් කාර්යක්ෂමව කරවිය හැකි මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇත.

JKCS කණ්ඩායම හා Zhara HS තම නව හවුල් සබඳතාවය පිලිබඳ නිවේදනය කිරීම සඳහා මාධ්‍ය හමුවක් පසුගිය නොවැම්බර් 15 වන දින කොළඹ Ozo හෝටලයේ දී පවත්වන ලදී. Zhara HS භාවිතා කරන ශ‍්‍රී ලාංකික හෝටල් පාරිභෝගිකයින් රැුසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය. මෙහිදී RateGain ආයතනය නියෝජනය කරමින් එහි පාරිභෝගික සාර්ථකත්ව නිලධාරී කුන්වර්දීප් සිංග් මහතා හා එහි අලෙවි කළමනාකරු (ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, චීනය හා තායිවානය) අන්කුර් යාදව් මහතා සහභාගී වූ අතර ’JKCS කණ්ඩායම නියෝජනය කරමින් ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණික සමුහයේ ප්‍රධාන මූලමි නිලධාරී චංග ගුණවර්ධන, JKCS හි නිෂ්පාදන අංශ ප්‍රධානී උත්පලා කුමාර, අලෙවි ප්‍රධානී (JKCS හි සත්කාරක විසඳුම්) සෙනොස් වහීඞ් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් RateGain හි ප්‍රධාන මූලමි නිලධාරී ටන්මයා දාස් මහතා අදහස් දක්වමින් පඹ්කාශ කර සිටියේ ”අප මෙම හවුල්කාරිත්වය නිවේදනය කරන්නේ ඉතාමත් සතුටින්. RateGain හා JKCS මෙලෙස අත්වැල් බැඳගන්නේ නිවැරදි මූල්‍යෝපායික හවුල් සබඳතාවයක් තුළින් සත්කාරක ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමටයි. අප දෙගොල්ලොම එකතු වී සම්පුර්ණ හෝටල් කළමනාකරණ පද්ධතිය පුළුල් පරාසයකට ගෙන එම මෙහි අරමුණයි.

දාස් මහතා පැවසූ අදහස් සනාථ කරමින් JKCS හි නිෂ්පාදන අංශ ප්‍රධානී උත්පලා කුමාර මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් ” මෙය ’Zhara HS තැබූ විශාල ඉදිරි පියවරක් වන අතර මෙම හවුල්කාරීත්වයේ පඹ්තිපලයක් ලෙස අප හට අපගේ ගණුදෙනුකරුවන්ට සියල්ලෙන් පරිපුර්ණ විසඳුම් ලබා දීමට හැකි වීම ගැන අප ඉතා සතුටට පත්වෙනවා. පිරිවැය අවම කිරීම සඳහා අවධානය යොමු කරන අතරම හෝටල් හිමියන්ගේ මුලික පරමාර්ථය වන පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම සඳහා ක්‍රමවේදයන් සකසා ගැනීමට මෙම කාලය යොදා ගත හැකි බව අප තරයේ විශ්වාස කරනවා. මෙම මෙහෙයුම් ක්‍රියාවලිය හා ආදායම් ප්‍රතිශක්තීකරණය සඳහා ඔවුන් නිසි තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කල යුතු වෙනවා. අපගේ මෙම හවුල්කාරිත්වයේ අරමුණ එයයි.”

Zhara HS හොටෙල් මෘදුකාංග පද්ධතියේ ඇති විශේෂඥ දැනුම හා RatGain හි හෝටල් ආදායම් කළමනාකාරිත්ව විශේෂඥ දැනුම සමග එක්ව දැන් නේවාසික සේවා සපයන්නන් ගේ පිරිවැය අවම කරමින්, ආදායම් වැඩි කරමින්, කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියාවලියක් කරා රැුගෙන යයි. වමිාපාර සමීක්ෂණ වාර්තා හා දත්ත අනුව මෙම ක්‍රියාවලිය සත්කාරක කළමනාකරණයේ හා ආදායම් උත්පාදනයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් කලාපය තුල පුළුල් සංචාරක වර්ධනයක් සඳහා ඉතා විශිෂ්ඨ උපකරණයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ දේශීය සත්කාරක වෙළඳ නාමයන් බොහෝමයක් මේ වන විට JKCS හා RatGain එක්ව දියත් කල නව ක්‍රියාවලිය ලබා ගැනීම සඳහා පෙළ ගැසී සිටියි.

2016 මැයි 27, කොළඹ:මෙරට නානකාමර උපාංග, සනීපාරක්ෂක උපාංග හා මුළුතැන්ගෙයි ජල කරාම හා උපාංග ආදිය සම්බන්ධයෙන් විශේෂඥ සමාගමක් වන House International සමාගමේ කළමනාකාරීත්වය තමන් යටතට පවරා ගැනීමට ඇනලිටිකල් ඉන්ස්ටෘමන්ට්ස් (පුද්) සමාගම [Analytical Instruments (Pvt) Ltd - AIPL] පසුගියදා සමත් විය. AIPL යනු වසර 27 ක පමණ කාලයක් තිස්සේ මෙරට සෞඛ්‍ය, විශ්ලේෂණ සහ කෘෂිකර්ම යනාදී ක්ෂේත‍්‍ර සඳහා උසස් තත්ත්වයේ පූර්ණ තාක්ෂණික විසඳුම්, උපකරණ හා සේවා ආදිය පිරිනමන සමාගමකි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් AIPL සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රේණුකා ජයසුන්දර මහත්මිය මෙසේ පැවසුවා ය. ”ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, විශ්ලේෂණ සහ කෘෂිකර්ම ක්ෂේත‍්‍ර සඳහා තාක්ෂණය සපයන විශ්වාසනීයම සැපයුම්කරු ලෙස නමක් දිනා ගන්න AIPL සමාගම සමත් වී තිබෙනවා. රටේ ආර්ථිකයට විශාල වශයෙන් දායක වන බොහෝදෙනෙකු අප සපයන තාක්ෂණය භාවිතා කරන බව කියන්නේඉතාමත් සතුටින්. ඒ වගේම Charter House International සමාගම වැනි ප‍්‍රසිද්ධ සමාගමක හිමිකාරීත්වය පවරා ගැනීමට හැකිවීම ගැන අප ආඩම්බර වෙනවා. මේ ඔස්සේ අපේ නිර්මාණශීලීත්වය සහ‘පාරිභෝගිකයන්ගේ සාර්ථකත්වය උදෙසා තාක්ෂණය භාවිතා කිරීම’යන දර්ශනය තවත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

1989 දී ස්ථාපිත කෙරුණු AIPL සමාගම ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍ර රැසකට නවීන තාක්ෂණයන් හා විසඳුම් හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකර තිබේ. මේ වන විට එම සමාගම ලොව පිළිගත් සන්නාම වලට අයත් වෛද්‍ය රසායනාගාර නිෂ්පාදන, විශ්ලේෂණ උපකරණ හා උපාංග, සත්ත්ව පාලන නිෂ්පාදන, සාමාන්‍ය රසායනාගාර නිෂ්පාදන හා රසායන ද්‍රව්‍ය ආදිය ආනයනය කර බෙදාහැරීම සිදුකරන අතර, දිවයිනපුරා විසිරුණු නියෝජිත ජාලයක් මගින් මෙම බෙදාහැරීම් කටයුතු සිදුකෙරේ. එමෙන්ම අතිවිශිෂ්ට පාරිභෝගික හා තාක්ෂණික සේවාවක් සැපයීම සම්බන්ධයෙන් AIPL සමාගම ප‍්‍රසිද්ධියක්උසුලයි. තම අවශ්‍යතාවන්ට අනුව උසස් තත්ත්වයේ නිෂ්පාදන තෝරාගැනීම සඳහා පාරිභෝගිකයන්ට සහය වීමට මනා ලෙස පුහුණුව ලැබූ තාක්ෂණික විශේෂඥයෝ පිරිසක් සූදානමින් සිටිති. එමෙන්ම අලෙවියෙන් පසු සේවාව සඳහා ද අත්දැකීම් බහුල ඉංජිනේරුවන් හා තාක්ෂණ විශේෂඥයන් කණ්ඩායම් සේවයේ යොදවා තිබේ.

මීට වසර 25කට පමණ පෙර වෙළඳ සමාගමක් ලෙස ආරම්භ වූ Charter House International සමාගම කෙටි කාලයක් තුළ මෙරට නාන කාමර උපාංග, සනීපාරක්ෂක උපාංග මුළුතැන්ගේ ජල කරාම හා උපකරණ වැනි ක්ෂේත‍්‍ර වල නමක් දිනූ සමාගමක් බවට පත්විය. එම සමාගම ලොව සුප‍්‍රකට සන්නාම වන Grohe AG, lnda,Laufeniy Mediclinics සන්නාම වලට අයත් නිෂ්පාදන මෙන් Tokheim ඉන්ධන පොම්ප, Assa Abloy සත්කාර සේවා නිෂ්පාදන, Liquid Controls ද්‍රව මිනුම් උපකරණ වැනි නිෂ්පාදන ද මෙරටට ගෙන්වා බෙදාහරී. කොළඹ නගරයේ සහ දිවයින පුරා ක‍්‍රියාත්මක වූ ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් සඳහා Charter House International ගෙන්වා බෙදා හරින නිෂ්පාදන භාවිතා වී ඇත. උදාහරණයක් ලෙස Cinnamon Bay, Avani Benthota, Centara Ceysands, Eden Resort, Vivanta by Taj, Ramada Colombo, Taj Samudra Colombo, Gateway Hotel, Cinnamon Wild, Uga Bay, Jungle Beach, Emperor Apaprtments ව්‍යාපෘතියන් සඳහා උසස් තත්ත්වයේ Grohe හා අනෙකුත් නිෂ්පාදන රැසක් යොදාගන්නා ලදි. ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදන අලෙවි කිරීම සහ ගෘහ නිර්මාණ ශිල්පීන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ ඉදිකිරීම් ව්‍යාපාරිකයන් වැනි සේවාදායකයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා සමාගමේ ඉහළ පෙළේ ව්‍යාපෘති කණ්ඩායමක් නිරන්තරයෙන් කටයුතු කරයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සහ Charter House International සමාගමේ ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන පෙළ පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා අංක 161, නාවල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ පිහිටි එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලය හෝ 113හැව්ලොක් පාරල කොළඹ 5 ප‍්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන්න. නැතිනම් පැය 24 පුරා 0770 495555 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය නියමුවාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම, 2016 ජාතික සුරක්ෂිතතා සම්මාන උළෙලේ තාක්ෂණික විශේෂඥ සහකරු ලෙස ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍යම ආයතනය (NIOSH) සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹියේය.

කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ගරු ජෝන් සෙනෙවිරත්න මහතා සහ හොල්සිම් (ලංකා) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පිලිප් රිචාර්ඩ් මහතා අතර මිට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු වූ අතර කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව, NIOSH ආයතනය සහ හොල්සිම් (ලංකා) ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් මහත්ම මහත්මීහු රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

මෙරට වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය සම්බන්ධව වඩාත් කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම සඳහා NIOSH ආයතනයට සහ හොල්සිම් (ලංකා) සමාගම වඩාත් සුදුසු වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ඉංජිනේරු ශිල්පීන් ඇගයුමට ලක් කිරීමේ අරමුණ පෙරදැරිව NIOSH ආයතනය මෙම සම්මාන උළෙල සංවිධානය කරන අතර සම්මාන සඳහා නිර්දේශ කිරීමේදී හොල්සිම් (ලංකා) සමාගම සිය විශේෂඥ දැනුම ඒ සඳහා ලබා දෙයි.

"ආර්ථිකය වේගයෙන් වර්ධනයවන තත්ත්වයක් තුළ සුරක්ෂිතතාව, යහ පැවැත්ම සහ පරිසරය සංරක්ෂණය යන සාධක පිළිබඳ අවධානය අඩුවනු දැකිය හැකියි. එබැවින්, අඛණ්ඩව දෙවන වරටත් ජාතික සුරක්ෂිතතා සම්මාන උළෙලේ තාක්ෂණික සහකරු ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙවර හොල්සිම් (ලංකා) සමාගම සිය අනුග්‍රාහකත්වය මෙන්ම, ජාත්‍යන්තර විශේෂඥ දැනුම ලබා දීමට සහ සෞඛව්‍යය හා සුරක්ෂිතතා දැනුම් කේන්ද්‍රයට සම්බන්ධ වීමේ අවස්ථාව හිමිකර දීමට ද කටයුතු කළා." හොල්සිම් (ලංකා) සමාගමේ සෞඛ්‍යය සහ සුරක්ෂිතතා අංශයේ ප්‍රධානී ගයාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

විවිධ ශිල්පීය ක්‍රමවේදයන්ට අනුව NIOSH ආයතනය සහ හොල්සිම් (ලංකා) සමාගම එක්ව ජාතික සුරක්ෂිතතා සම්මාන උළෙලේ අයදුම්පත්‍රය සකස් කළ අතර, අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් ද සකස් කරන ලදි.

ලොව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව නිමැවුම්, සංචාරක සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ, ඉදිකිරීම්, ඇඟලුම්, ආහාර පාන, ප්‍රවාහන සහ වෙනත් ලෙස ඛාණ්ඩ හතක් යටතේ සම්මාන ඛාණ්ඩ කෙරිණි.

සෑම අයදුම්පත්‍රයක් ම තදබල ඇගයුම් ක්‍රමවේදයකට අනුව ඇගයුමට ලක් කෙරේ. මූලික අදියරේදී NIOSH සහ හොල්සිම් (ලංකා) විශේෂඥයන් විසින් අයදුම්පත් පරීක්ෂාවට ලක් කෙරෙන අතර, ඉන් අනතුරුව NIOSH ආයතනය, දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරු, හොල්සිම් (ලංකා) සමාගමේ සුරක්ෂිතතා සහ සෞඛ්‍යය අංශය සහ එම ක්ෂේත්‍රයේ මෙරට වෘත්තිකයන් නියෝජනය කරන සාමාජිකයන් විසින් වැඩ බිම් පරීක්ෂාවට ලක් කරනු ලබයි. අවසාන වශයෙන් වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍යය විශේෂඥවරුන්ගේ විනිසුරු මඬුල්ලක් විසින් සම්මුඛ පරීක්ෂණ කැඳවා සමාලෝචනය කරනු ලැබේ.

ජයග්‍රාහකයන් දේශීය සහ බහුජාතික වශයෙන් අංශ දෙකක් යටතේ ඛාණ්ඩගත කර අදාළ ලියකියවිලි සමග අවසන් කමිටුවට නම් බාර දෙනු ලැබේ. කම්කරු අමාත්‍යංශ ලේකම්තුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන මෙම කමිටුවල කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශයේත්, කම්කරු දෙපාර්තමේන්තුවේත්, NIOSH ආයතනයේත් හොල්සිම් (ලංකා) සමාගමේත් සාමාජිකයන්ගෙන් සමන්විත වේ.

 

 

මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනකරු මෙන්ම වෙළඳපල ප්රමමුඛයා ද වන ලිට්රෝ ගෑස් සමාගමල ශ්රීර ලාංකේය අලෙවිකරුවන්ගේ ප්ර මුඛතම සංවිධානයවන ශ්රීත ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) ආයතනික අනුග්රාකහක ලෙස පසුගියදා සම්බන්ධ වියග ඊට අදාළ ගිවිසුම ලිට්රෝ ගෑස් සමාගමේත්ල ස්ලිම් ආයතනයේත් ජ්යොෂ්ඨ නිලධාරීන් අතර හුවමාරු විණිග

ලිට්රෝ ගෑස් සහ ස්ලිම් අතර ඇතිකර ගත් මෙම සබඳතාව හේතුවෙන් සන්නාම විශිෂ්ටතා සම්මානල එෆී සම්මාන, ජනතා සම්මාන, NASCO, මාකටිං රොක්ස් සහ ගමට මාකටිං ආදී ජාතික මට්ටමේ උළෙල රැසකදී අත්වැල් බැඳ ගනිමින් අලෙවිකරණ ක්ෂේත්රක්‍යේ නව මානයන් සොයා යාමට හැකිවනු ඇති බව ලිට්රෝ සමාගමේ විශ්වාසයයිග

'ශ්රීො ලංකා අලෙවිකරණ ආයතනය සමග ඇතිකර ගත් මෙම නව සබඳතාව හරහා, මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු බවට පත් වීමට ලැබීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. රට පුරා අපගේ විකුණුම් සහ අලෙවිකරණ වැඩසටහන් තවදුරටත් ප්රටවර්ධනය කිරීමටත්ල අපගේ සන්නාමයන් එකිනෙක සම්බන්ධ කිරීමටත්ල මෙරට තුළ සවිමත් සමාජ ගොඩනැගීමටත් අප බලාපොරොත්තු වනවා.' ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ අධ්යරක්ෂ චමින්ද එදිරිවික්ර ම මහතා සඳහන් කළේය.

ශිෂ්යේයන්ගේ සහ මෙරට දිනෙන් දින වෙනස්වන ශාස්ත්රීිය අවශ්යංතාවන්ට අනුකුලවන ලෙස අධ්යා්පනික සුදුසුකම් ලබා දීම සඳහා ආරම්භයේ පටන්ම කටයුතු කළ ස්ලිම් ආයතනයල මෙරට අලෙවිකරණ ක්ෂේත්රලය නගා සිටුවීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. ස්ලිම් ආයතනය විවිධ අංශ ඔස්සේ වසරක් පාසා බිහි කරන සුදුසුකම් ලත් අලෙවිකරුවන්ගේ සංඛ්යාසව 4000 ක් පමණ වේ.

1970 වසරේදී ආරම්භ කෙරුණු ස්ලිම් ආයතනයල අලෙවිකරණය පිළිබඳ මෙරට ජාතික ආයතනය ලෙස 1980 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් තහවුරු කෙරිණි. ලාභය අරමුණු කර නොගත් සංවිධානයක් ලෙස ක්රිපයාත්මකවන ස්ලිම් ආයතනයල අලෙවිකරණ පාඨමාලාල ජාතික මට්ටමේ උළෙල සහ ව්යා්පෘති සංවිධානය කරමින් මෙරට අලෙවිකරණ ක්ෂේත්රියේ උන්නතිය වෙනුවෙන් අසමසම කාර්යභාරයක් ඉටු කරයි. කළමනාකරණ කවුන්සිලයක් සහ සභාපතිවරයෙකු මූලිකත්වය දරන විධායක කමිටුවක් මගින් පාලනයවන ස්ලිම් ආයතනය සඳහා විවිධ ක්ෂේත්රයවල වෘත්තීයවේදීන් රැසක් සිය ගෞරවනීය සේවය ලබා දෙති.

මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන MA’s Tropical Food Processing හා Aavishkaar Frontier අරමුදල පසුගියදා සමකොටස් ආයෝජන එකගතාවකට එළඹුණි. ඒ අනුව Aavishkaar Frontier අරමුදල MA’s Tropical Food Processing සමාගමේ රුපියල් මිලියන 300 ක ආයෝජනයක් සිදුකිරීමට එකගතාව පළකර ඇත.

Aavishkaar Frontier අරමුදල මෙරට සමාගමක් සමග ආයෝජනය කළ පළමු අවස්ථාව මෙය වන අතර දෙපාර්ශ්වය අතර ඇතිවූ මෙම එකගතාව පසුගියදා සිය 30 වන සංවත්සරය සැමරූ MA’s Tropical Food Processing සමාගමේ උන්නතිය වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ද වෙයි.

Aavishkaar Frontier අරමුදල ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන අතර මෙමගින් ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සිදුකරන අතර ග්‍රා‍මීය ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාව සමග සමීපව කටයුතු කරයි. Aavishkaar Frontier අරමුදල ඔවුන්ගේ ව්‍යාපාර වල සිදුකරන ආයෝජනයන් මගින් එවැනි ව්‍යවසායකයින්ගේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය දිරිබලය ලබාදෙයි. Aavishkaar Frontier අරමුදල ස්ථාපිත කළ ආරම්භක අවධියේදී ඉන්දියාව තුළ ප්‍රාථමික මට්ටමින් සිදුකරන ව්‍යාපාර හා ව්‍යවසායකයින් සමග සමීපව කටයුතු කළ අතර අද වනවිට එය දකුණු හා අග්නිදිග ආසියානු කලාපය දක්වා පුළුල් මට්ටමින් ව්‍යාප්ත වී ඇත.

Aavishkaar Frontier අරමුදල, 2002 වසරේදී ස්ථාපිත වූවක් වන අතර මෙමගින් මේ වනවිට ආයෝජන 50 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇත. මේ වනවිට Aavishkaar Frontier අරමුදල මගින් ඇමරිකන් ඩොලර් මිලියන 200 කට අධික ප්‍රමාණයක අරමුදල් ප්‍රමාණයක් කළමනාකරණය කරනු ලබයි.

Aavishkaar Frontier අරමුදල, MA’s Tropical Food Processing සමාගමේ සිදුකළ මෙම ආයෝජනය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව හා පාකිස්ථානය ආශ්‍රිත දෙවන ආයෝජනය මෙය වන බැවිනි.

Aavishkaar Frontier අරමුදල, MA’s Tropical Food Processing සමාගම සමග සිදුකළ මෙම ආයෝජනය මගින් උතුරේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්වය නංවාලමින් නව රැකියා අවස්ථා බිහිකිරීමට සැලසුම් කර ඇත.

''MA’s Tropical Food Processing සමාගමේ ඉදිරි දියුණුවට සවිබලයක් වන කරුණු කිහිපයක් හඳුනාගත හැකියි. සමාගමේ සේවයේ නිරත කුසලතා පූර්ණ කළමනාකරණ කණ්ඩායමල දිගුකාලයක් පුරා වෙළඳපලේ පවතින පාරිභෝගික විශ්වාසය දිනාගත් MA’s සන්නාමයන්, දිගුකාලීන ශක්තිමත් ජාත්‍යන්තර සබඳතාවන්, තිරසාරත්වය හා ෆෙයාර් ට්‍රේඞ් පිළිගැනීම් වලට අනුව කටයුතු කිරීම ආදිය මෙහිදී සුවිශේෂයි. මේ හේතුව නිසාම Aavishkaar Frontier අරමුදල මෙරට සිදුකළ පළමු ආයෝජනයේදී නිවැරදි පාර්ශ්වකරුවෙකු තෝරාගැනීම පිළිබඳ අතිශය සතුටට පත්විය හැකියි'' Aavishkaar Frontier අරමුදලේ නියෝජිතයකු වන සන්චයන් චකරිය බෝර්ති මහතා පැවසුවේය.

''MA’s Tropical Food Processing සමාගම ස්ථාපිත කළ කාලයේ පටන් අප මාපියන් විසින් රැකගත් වටිනාකම් හා ව්‍යාපාර ආචාරධර්ම ද Aavishkaar Frontier අරමුදල මගින් පිළිගන්නා වටිනාකම් අතරට අයත් වී තිබීම සතුටට හේතුවන කරුණකි. එමෙන්ම, අප සමාගමේ දියුණුව වෙනුවෙන් දෙවන පරම්පරාව ලෙස අපට ද සුවිශේෂී දායකත්වය ලබාදීමට හැකිවීම හා Aavishkaar Frontier අරමුදල සමග සමීපව කටයුතු කිරීමට ලැබීම අපට මහත් ගෞරවයක් ද හිමිකරදෙයි.

'රසබර මොහොතක්' යන තේමාව ඔස්සේ 'සෑම මුළුතැන්ගෙයකම නැතිවම බැරි MA’s නිෂ්පාදන' යන දැක්ම තුළින් ලොවපුරා සිටින පවුල් රසවත් කිරීමේ උත්සහය අප අඛණ්ඩව දියත් කරනවා.'' MA’s Tropical Food Processing සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී මලික් ද අල්විස් මහතා පැවසුවේය.

ගොඩනැගිලි අමුද්ර ව්යඨ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් ලංකා සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාරත්වය ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව CSR Lanka සහ මාගා ඉංජිනියරින් සමග එක්ව සිය ප්‍රථම සම්මන්ත්‍රණය පසුගිය 9වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් සතු දැනුම, අත්දැකීම් සහ වෘත්තීය කුසලතා තිරසාර සංවර්ධන එළඹුමක් වෙනුවෙන් එක් වේදිකාවක් මත ගෙන ඒම සඳහා මාගා ඉංජිනියරින් සහ හොල්සිම් ලංකා සමාගම් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙම වසර තුළ සැලසුම් කර ඇති සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න මෙයයි.
රාජ්‍යම සහ පුද්ගලික අංශවල ඉහල පෙළේ මතධාරීන් සහ පාර්ශ්වකරුන් රැසක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ අතර, "තිරසාර නගර-ශ්‍රී ලාංකේය නාගරික පරිණාමනය සඳහාවන දැක්ම" යන තේමාව ඔස්සේ හරිත ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද පිළිබඳ දැනුම බෙදාහදා ගැනීමට මෙහිදී හැකි විය.

ලෝක බැංකුවේ ජ්‍යේෂ්ඨ නාගරික ආර්ථික විශේෂඥ ෂියු ජෙරී මහතා සම්මන්ත්‍රණයේ හැඳින්වීම සහ ඉලක්ක ඉදිරිපත් කළ අතර නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නයන මාවිල්මඩ මහත ශ්‍රී ලංකාවේ තිරසාර නාගරික සංවර්ධනය යන මැයෙන් දේශනයක් ඉදිරිපත් කළේය.

"තිරසාරත්වය ආසියානු කලාපය තුළ වඩාත් කතාබහට ලක්වන සාධකයක් බවට පත්ව තිබෙනවා. පසුගිය දශකය පුරාම තිරසාරත්වය පිළිබඳ ගෝලීය වශයෙන් යම් එකඟතාවකට පැමිණීමට හැකි වී ඇතත්, ඒ පිළිබඳ තවමත් විවිධ මතවාද පවතිනවා. කෙසේ වෙතත්, අද පවතින වඩාත් වැදගත් ගැටලුව නම්, අප නිවැරදි ලෙස ව්‍යාපෘති ආරම්භ කරනවාද යන්නයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමීන් මුල් අදියරේ පටන්ම අත්වැල් බැඳ ගනිමින්, තිරසාරත්වය සඳහා විවිධ නිර්ණායක ඇතිකර ගැනීම අතිශයින් වැදගත් වනවා." ආචාර්ය උමා මහේස්වරන් මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ නයනා මාවිල්මඩ මහත්මිය, මාර්ග අවහිරතා පාලනය, ඝන අපද්‍රව්‍ය සහ නගරාංග පැතිරීම ආදී මෙරට සියලුම නගර සංවර්ධනයේදී මතුවන අභියෝග පිළිබඳ දැනුම්වත් කළාය. "තිරසාර නගර සංකල්පය රජයේ මෙගාපොලිස් ව්‍යාපෘති සැලැස්මට ද ඇතුළත් කර තිබෙනවා. ගාල්ල, මහනුවර, යාපනය සහ ත්‍රිකුණාමලය වැනි වෙනත් නගර ව්‍යාපෘති සඳහා ද මෙම දැක්ම අන්තර්ගත කර තිබෙනවා." නයන මාවිල්මඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සිංගප්පූරුවේ SurbanaJurong Consultants සමාගමේ දකුණු ආසියා සහ මැදපෙරදිග කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය උමා මහේෂ්වරන් මහත්මිය තිරසාර නගර සැලසුම්කරණය සහ ක්ෂේත්‍ර අධ්‍යනය පිළිබඳවත්, බස්නාහිර පළාතේ මෙගාපොලිස් සැලසුම්කරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජයසේකර මහතා මෙගාපොලිස් ව්‍යාපෘති ආකෘති පිළිබඳවත් ප්‍රධාන දෙසුම් පැවැත්වූහ.

මෙම සම්මන්ත්‍රණයෙන් අනතුරුව වර්තමාන සහ අනාගත අභියෝග, සමාජමය වගකීම, මුල්‍ය හා රෙකුලාසි සහ වාස්තුවිද්‍යාව හා තාක්ෂණික ක්‍රමවේද ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාරත්වය සම්බන්ධ විවිධ පැතිකඩ සාකච්ඡාවට ලක් කරමින් තවත් වැඩසටහන් තුනක් මේ වසරේදී පැවැත්වීමට නියමිතය.

මෙරට ප‍්‍රමුඛතම පාවහන් නිපැයුම්කරු සහ අලෙවිකරු වන බාටා සියළු දෙනාටම අගනා පාවහන් සැපයීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සුවිශේෂි පියවරක් තබයි. ඒ මෙරට ප‍්‍රධානතම අන්තර්ජාල අලෙවිසැල් වන MyDeal.lk සහ MyStore.lk සමග එක්වීමෙනි. මෙම ක‍්‍රමෝපාය සබඳතාව අනුව අන්තර්ජාලය ඔස්සේ බාටා නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

වර්ෂ 1894 චෙකොස්ලෝවැකියාවේ ඇරඹි බාටා මේ වනවිට ලොව පුළුල් ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වු අලෙවි ජාලයක් සහිත ප‍්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයා වෙයි. බාටා මහද්වීප 5ක් පුරා රටවල් 70 ක ට සිය නිෂ්පාදන අලෙවි කරයි.50000 කට අධික සේවක පිරිසක් සහ නිෂ්පාදන ඒකක 27 කින්ද සමන්විත බාටා ලොව පුරා අලෙවි සැල් 5000ක් පමණ පවත්වාගෙන යයි. එම අලෙවිසැල් මගින් දිනකට මිලියනයක පමණ පාරිභෝගික පිරිසට සේවය සපයයි. මෙරට ග‍්‍රාමීය සහ නාගරික ප‍්‍රදේශ ආවරණය කරමින් බාටා අලෙවිසැල් 68ක් පිහිටුවා තිබේ.

MyDeal.lk මෙරට ප‍්‍රමුඛතම අන්තර්ජාල අලෙවිසැල වන අතර වසර 4කට අධික කාලයක් පාරිභෝගිකයින්ට වට්ටම් පිරිනමමින් සිය සේවා පවත්වාගෙන යයි. දිනකට 12000 කට අධික පිරිසක් MyDeal.lk වෙබ් අඩවියට පිවිසෙන අතර එහි ෆෙස්බුක් පිටුවේ පේජ් ලයික්ස් ප‍්‍රමාණය 195000 කි. MyStore.lk හා ඒකාබද්ධව විවිධ භාණ්ඩ රැසක් ඉදිරිපත් කරමින් ආවේණික වු ප‍්‍රවර්ධන ක‍්‍රියාවලියක් ඔස්සේ අන්තර්ජාල පාරිභෝගික ජාලය ශක්තිමත් කරයි.

MyDeal.lk සහ MyStore.lk සමග Bata එකගතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු අදහස් දැක්වු බාටා සිලෝන් පාවහන් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අමිතාව් නන්ඬේ සඳහන් කළේ ප‍්‍රකට ගෘහස්ථ වෙළඳ නාමයක් වන බාටා ශ‍්‍රී ලාංකික ජනතාව අතර පිළිගත් ප‍්‍රමුඛ පාවහන් වෙළඳ නාමයක් බවයි. එම පිළිගැනීම සහ විශ්වාසය නිසාම මේ වනවිට බාටා නිෂ්පාදන සඳහා වන ඉල්ලූම ඉහළ ගොස් ඇති බව ද හෙතෙම පැවසීය. එවන් පසුබිමක නව අලෙවි නාලිකාවක් අන්තර්ජාලය හරහා විවරවීමෙන් තව දුරටත් පාරිභෝගිකයින් වෙත බාටා නිෂ්පාදන සමීප කරවිය හැකි බව ද අමිතාඞ් නන්ඬේ මහතා පැවසීය. MyDeal.lk සහ MyStore.lk සමග ඇතිකරගත් නව එකගතාවට අනුව පෙරට වඩා පහසුවෙන් පාරිභෝගිකයින්ට සිය නිෂ්පාදන වෙත සමීප වීමට අවස්ථාව සැලසෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

MyDeal.lk හි කළමණාකාර අධ්‍යක්ෂ දමිත ගිනිගද්දරගේ මහතා අදහස් දක්වමින් පැවසුවේ කීර්තිමත් වෙළඳ නාමයක් වන බාටා සමග ඒකාබද්ධ වීමට ලැබීම මහත් ගෞරවයක් ලෙස සලකන බවයි. අන්තර්ජාල අලෙවිය සම්බන්ධයෙන් බාටා දැක්වු උනන්දුව මෙහිදී අගය කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය. MyDeal.lk සහ MyStore.lk සමග එක්වීමෙන් බාටා පාරිභෝගිකයින්ට සුවිශේෂි වරප‍්‍රසාද රැසක් හිමිවන බවත් ගෙවීමේ ක‍්‍රම 12ක් සහිත නිසා මිලදී ගැනීම ඉතා පහසු බවද ඒ මහතා කීය.මේ අනුව අවශ්‍ය බාටා නිෂ්පාදන නිවසේ හෝ කාර්යාලයේ සිට ඇණවුම් කර තමන් සිටින ස්ථානයට ගෙන්වා ගැනීමට ඇති පහසුව ද මෙරට පාරිභෝගිකයින්ට සහනයක් වනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

විශේෂ වරප‍්‍රසාද රැසක් සමගින් බාටා පාසැල් පාවහන්, කාන්තා පාවහන්, සහ පිරිමි පාවහන් MyDeal.lk සහ MyStore.lk මිලදී ගැනීමට අවස්ථාව හිමිවෙයි.

මෙරට ප‍්‍රධාන පෙළේ විද්‍යුත් වාණිජ්‍ය වෙබ් අඩවි ලෙස සැලකෙන MyDeal.lk සහ MyStore.lk සමග අත්වැල් බැඳගනීමට EPSI Technology සමාගම පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට ලොව සුප‍්‍රකට Asus සහ ViewSonic වැනි සන්නාම යටතේ එන ටැබ්ලට්, නෝට්බුක්, ඩෙස්ක්ටොප් පරිගණක, ප්‍රොජෙක්ටර්, මොනිටර්, මදර්බෝඞ්, ග‍්‍රැෆික් කාඞ් සහ නෙට්වර්කින් නිෂ්පාදන වැනි නිෂ්පාදන රාශියක් එම වෙබ් අඩවි හරහා අලෙවි කෙරෙනු ඇත.

”MyDeal.lk සහ MyStore.lk සමග අත්වැල් බැඳගැනීම නිසා අපට වඩාත් පුළුල් පාරිභෝගික පිරිසක් වෙතට සමීප වන්නට හැකිවේවි කියා අප විශ්වාස කරනවා. මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදීගැනීම බෙහෙවින් ජනප‍්‍රිය වෙමින් තිබෙන බව දකින්නට පුළුවන්. දැනටමත් MyDeal.lk සහ MyStore.lk හි අලෙවි වන උසස් තලයේ භාණ්ඩ අතරට අපගේ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන එකතුවත් ඇතුළත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මේ හවුල්කාරීත්වය නිසා රට පුරාම විසිරී සිටින, තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන වඩාත් පහසුවෙන් මිලදීගැනීමට හැකිවේවි.” EPSI Technology සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් කනගසූරියම් මහතා පැවසී ය.

”EPSI Technology වැනි, විශාල පිළිගැනීමක් සහිත සමාගමක් සමග අත්වැල් බැඳගනීමට හැකිවීම අපට ඉමහත් සතුටක්. ඔවුන්ගේ මෙන්ම අපේත් අරමුණ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම භාණ්ඩ හා සේවාවන් තිළිණ කිරීමයි. අපත් සමග හවුල්කාරීත්වයකට එළඹීම නිසා ඔවුන්ට වෙළඳපොළ වඩාත් පුළුල් ලෙස ආවරණය කිරීමට හැකිවේවි. එය ඔවුන්ගේ පාරිභෝගිකයන්ටත් විශාල පහසුවක් වනු ඇති බවට සැකයක් නැහැ.” MyDeal.lk හි ප‍්‍රධාන විධායක නිලධාරී කුමාර් මෙල්වානි මහතා පැවසී ය.

EPSI Technology (පුද්.) සමාගම යනු පරිගණක හා තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයීම අතින් පෙරමුණේ පසුවන සමාගමකි. මේ වනවිට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ දශක දෙකකට වැඩි කාලයක් අත්දැකීම් ලබා ඇති එම සමාගම Asus සහ ViewSonic වැනි ලෝ ප‍්‍රකට සමාගම් සමග හවුල්කාරීත්වයන්ටද එළඹී ඇත. උසස්ම තාක්ෂණයෙන් හා ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයන්ට සමීප කරවන එම සමාගම විශිෂ්ට මට්ටමේ අලෙවි සේවාවක් සහ අලෙවියෙන් පසු සහය සේවාවක්ද පවත්වාගෙන යයි. සිය ව්‍යාපාරයේ සෑම අංශයක් සඳහා ජාත්‍යන්තර තලයේ ක‍්‍රමවේදයන් භාවිතයට ගෙන තිබීම සමාගමේ විශේෂත්වයකි.

2011 වසරේදී ආරම්භ කරන ලද MyDeal.lk මේ වනවිට ශ‍්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය ය. වර්තමානයේ ඊට දිනකට පිවිසෙන සංඛ්‍යාව 12,000 ඉක්මවන අතර එහි ෆෙස්බුක් පිටුවට එක්වී සිටින රසිකයන් පිරිස 193,000 ඉක්මවයි. වෙළඳුන්, හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් ඇතුළු සියල්ලන්ටම ප‍්‍රතිලාභ සැලසෙන ක‍්‍රමවේද ක‍්‍රියාත්මක වීම නිසා තරගකරුවන් අභිබවා මෙරට විද්‍යුත් වාණිජකරණ ලොවේ පෙරටම පැමිණීමට MyDeal.lk සමත් වී ඇත. MyStore.lk ද බෙහෙවින් ජනප‍්‍රිය විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් වන අතර ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ ඇතුළුව උසස් ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වර්ග 8,000 ක් පමණ එහි අලෙවිය සඳහා පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ සියලූම වාර්ෂික මහා ක‍්‍රිකට් තරග අතර ප‍්‍රචලිතම සහ 137 වන වරටත් පැවැත්වෙන ‘‘රාජකීය-තෝමස් නිල් මහා සටන’’ සඳහා මෙවරත් නිල අනුග‍්‍රාහකත්වය ලබා දීමට එලිෆන්ට් හවුස් සහ කීල්ස් ආහාර නිෂ්පාදන ඉදිරිපත් වී ඇත.

දිගු කාලීන ‘නිල ආහාර-පාන අනුග‍්‍රාහකත්වය’ තවදුරටත් පවත්වා ගනිමින්, කොළඹ ජනප‍්‍රිය පාසල් දෙකක අතර පැවැත්වෙන මෙම ඉපැරණි ක‍්‍රිකට් තරගය ඓතිහාසික සිංහල ක‍්‍රීඩා සමාජ (SSC) පිටියේදී පැවැත්වෙන අතර පේ‍්‍රක්ෂකයින් කුල්මත් කිරීම සඳහා විවිධ මාදිලියේ කෑම බීම එලිෆන්ට් හවුස් සහ කීල්ස් වෙතින් පිරිනමනු ඇත. එමෙන්ම ක‍්‍රීඩා ලෝලීන්ගේ ප‍්‍රියතම එලිෆන්ට් හවුස් සිසිල් බීම සහ අයිස් ක‍්‍රීම් වර්ග මෙන්ම කීල්ස් ආහාර නිෂ්පාදන වෙතින් ඉතා රසවත් නොයෙක් වර්ගවල සහ විවිධ තෝරා ගැනීම් සහිත සැකසූ මාංශමය ආහාර ද ඇතුලත් වේ. මෙලෙසින් මේ මහා ක‍්‍රිකට් තරගය තම තරුණ කාලය නැවත අත්පත් කර ගැනීමට අදහස් කරන ආදී ශිෂ්‍යයින් ද ඇතුළුව සියලූම වයස්වල විනෝදකාමී දරුවන්ට සැබවින්ම අගය කළ හැකි බව සහතික කරයි.

මෙම දිගු කාලීන අනුග‍්‍රාහකත්වය ගැන අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ උප සභාපති සහ සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් පාන වර්ග අංශයේ ප‍්‍රධානී දමින්ද ගම්ලත් මහතා ‘‘එලිෆන්ට් හවුස්, කීල්ස් ආහාර නිෂ්පාදන සහ රාජකීය-ශාන්ත තෝමස් අතර සම්බන්ධය හුදෙක් අනුග‍්‍රාහකත්වයෙන් ඔබ්බට යන්නක්. වසරින් වසර දශක දෙකකට අධික කාලයක් විශාල විනෝදයක් සහ නැඹුරුවක් ඇති කිරීමට අප උපකාරී වී තිබෙනවා. ඒ සියල්ල උණුසුම් වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයක ජීවගුණය සජීව පවත්වා ගැනීමට දරන උත්සාහයක්’’ යනුවෙන් සඳහන් කළේය.

නවතම සිංගර් X Series Note Book පරිගණක සඳහා නියම Windows 10 මෙහෙයුම් පද්ධතියක්

සිංගර් ශ්‍රී ලංකා ලොව ප්‍රමුඛ පරිගණක මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති නිපදවන්නා වන මයික්‍රොසොෆ්ට් හි "නිර්දේශිත නාමයක් " බවට පත්වෙයි.  මෙම " නිර්දේශිත " තත්වය පිරිනැමීම පසුගියදා සිදුකෙරිණ.  එම අවස්ථාවට ආසියා පැසිෆික් කලාපයේ මයික්‍රොසොෆ්ට් උප සභාපති අයිවන් පැප්ල ශ්‍රී ලංකා සහ මාලදිවයින සඳහා වන මයික්‍රොසොෆ්ට් ප්‍රධානි බ්‍රයන් කෙලීල අග්නිදිග දිග ආසියානු කලාපයේ ධෑඵ අධ්‍යක්ෂ පුබුදු බස්නායකල සිංගර් ශ්‍රී ලංකා සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්ල වෙළඳ හා අලෙවි අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන , ඉලෙක්ට්‍රොනික් සහ ඩිජිටල් මීඩියා අලෙවි කළමණාකරු වජිර තෙන්නකෝන් සහ සිංගර් පරිගණක සන්නාම කළමණාකරු දයාලන් එම්මානුවෙල් යන මහත්වරු සහභාගි වුහ.

දේශිය පරිගණක වෙළඳ පොලේ ප්‍රමුඛයා වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම වෙත ජාත්‍යන්තර කීර්තියට පත් පරිගණක මෙහෙයුම් පද්ධති නිපදවන්නා වන මයික්‍රොසොෆ්ට් වෙතින් මෙම "නිර්දේශිත නාමයෙ” පිරිනැමීම සුවිශේෂි අවස්ථාවකි.  මෙමඟින් මයික්‍රොසොෆ්ට් සහ ඉන්ටෙල් යන ලොව ප්‍රමුඛ මෙහෙයුම් පද්ධති සමඟ සම්බන්ධ වීමට සිංගර් පරිගණක සඳහා අවස්ථාව සැලසෙයි. මේ හරහා සිංගර් පරිගණක සඳහා ජාත්‍යන්තර වටිනාකමක් එක්වෙයි.  මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයත් සමඟ වෙළඳ පලට එන සිංගර් පරිගණක පිළිබඳ පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු වෙමින් සිංගර් සතු පාරිභෝගික ජාලය වඩ වඩාත් පුළුල් කර ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවෙයි.

මෙම නිර්දේශිත නාමයත් සමඟ සිංගර් පරිගණක මයික්‍රොසොෆ්ට් හා බැඳුනු ලොව ප්‍රමුඛ පරිගණක වෙළඳ නාම අතරට එක්වනු ඇත.  ලොව පුරා ප්‍රමුඛ පරිගණක සමාගම් රැසක් මේ වනවිට මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාම බවට පත්ව සිටියි.  මෙම නව ගිවිසුම අනුව ජාත්‍යන්තර ප්‍රමුඛ පෙලේ නිර්දේශිත පරිගණක වෙළඳ නාමයක් ලෙස සිංගර් පරිගණක ද හැඳින්වෙනු ඇත.  එය දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සිංගර් (ශ්‍රී ලංකා) සමාගම ලැබු ජයග්‍රහණයකි.

මයික්‍රොසොෆ්ට් හි ආසියානු පැසිෆික් කලාපයේ උප සභාපති අයිවන් පැප් මහතා සඳහන් කලේ "ලොව පුරා ව්‍යාප්ත වු මයික්‍රොසොෆ්ට් නිර්දේශිත නාම ජාලය අතරට සිංගර් වැනි පාරිභෝගික විශ්වාසය දිනු සමාගමක් එක්වීම පිළිබඳ සමාගම සතුටට පත්වන බවයි.  මේ අනුව මයික්‍රොසොෆ්ට් විසින් නිපදවන එකිනෙකට වෙනස් වු නිපැයුම් මෙරට පාරිභෝගිකයා වෙත තිළිණ කිරීමේදී සිංගර් කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

මෙහිදී අදහස් දැක්වු සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ වෙළඳ හා අලෙවි කළමණාකාර මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ උසස් තත්වයේ නිෂ්පාදන පාරිභෝකයා වෙත තිළිණ කරන සමාගමක් ලෙස විශ්වාසය දිනූ සිංගර් තත්වයෙන් උසස් මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණ මෙමඟින් සාක්ෂාත් කරගත් බවයි. නිරන්තරයෙන් පාරිභෝගිකයින් වෙත වඩාත් හොඳ දේ තිළිණ කිරීමට කැපවු සිංගර් ලෝ ප්‍රමුඛතම මයික්‍රොසොෆ්ට් එක්වීමෙන් නවීන තාක්ෂණය කඩිනමින් පාරිභෝගිකයින් වෙත ලබා දීම පහසු කරවනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

සිංගර් X Series Notebooks අති නවීන ntel 6th Generation ප්‍රොසෙසරයක් සහිතව වෙළඳ පොලට නිකුත් වෙයි.  මෙම පරිගණක වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත වන අතර අන්තර්ජාලයට පිවිසීම සහ අනිකුත් කටයතු එමඟින් වඩා පහසු කරවයි.  සිංගර් X Series ඩෙස්ක්ටොප් පරිගණක සහ ලැප්ටොප් මෙන්ම ඩෙල් වෙළඳ නාමය යටතේ වන පරිගණක ද සිංගර් වගකීමේ සහතිකය යටතේ පාරිභෝගිකයින්ට මිලදී ගත හැක.

2016 පෙබරවාරි 12, කොළඹදී : CIC Holdings PLC සමාගම සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මේ වන විට ශ‍්‍රී ලංකාවේ පවතින උග‍්‍ර ගැටලූවක් වන පළතුරු මැස්සන් මර්දනය කිරීම සඳහා දේශීය වශයෙන් ප‍්‍රථම වරට ස්වභාවික පෙරමොන් උගුලක් හඳුන්වාදී තිබේ. මෙය ශ‍්‍රී ලාංකික කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක් බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මැතිතුමා සඳහන් කළේය. මෙම පලතුරු මැස්සා මර්දනය කිරීම සඳහා මෙරට කිසිදු කෘතිම කෘමිනාශකයක් නොමැති බැවින් මෙය රාජ්‍ය පෞද්ගලික අංශ සහයෝගිත්වය ලැබූ විශිෂ්ට සාර්ථකත්වයක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම කර්තව්‍යයේදී මදුරුතලා ශාඛ විශේෂ වල සාරය ලබාගෙන, එය පිරිපහදු කර පැරා-පෙරමෝන සකස් කිරීම සඳහා ශ‍්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව සහ කාර්මික තාක්ෂණික ආයතනය සමගින් CIC සමාගම අත්වැල් බැඳගන්නා ලද අතර එමගින් පිරිමි මැස්සන් ආකර්ෂණය කර, උගුලට හසු කරගෙන මර්දනය කරනු ලැබේ. වෙළඳපොළට නිකුත් කිරීමට සුදුසු මෙම පෙරමොන් නිෂ්පාදනය කරනු ලබන්නේ ශාඛසාර ඇසුරින් ලබාගත් තෙල්, ස්වභාවික ඛණිජ ද්‍රව්‍ය සහ ස්වභාවික බහු අවයවික (පොලිමර්) සමග සංයෝග කිරීමෙනි

මේ සඳහා යොදාගනු ලබන මදුරුතලා විශේෂ මහඉලූප්පල්ලම සහ මාකඳුර කෘෂිකර්ම දෙපාර්තමේන්තු පර්යේෂණ වගා බිම් වල වගා කරනු ලබන අතර ශාඛ සාර ලබාගැනීම, පිරිපහදු කිරීම සහ සැකසීම කාර්මික තාක්ෂණික ආයතනයේ පර්යේෂණාගාර වලදී සිදු කෙරේ. මහඉලූප්පල්ලම, මාකඳුර, පුත්තලම, කනන්විල සහ බලංගොඩ ආදී ප‍්‍රදේශවල ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආයතනවල සිදු කරන ලද ක්ෂේත්‍ර අත්හදා බැලීම් අනුව මෙම නිෂ්පාදනය, ආනයනික කෘතිම පෙරමෝන හා සමානවම ඵලදායී බවට ඇගයීමට ලක් වී තිබේ.

ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කළ පළතුරු වල පළතුරු මැස්සන් සහ එළවළු වල ඉල් මැස්සන් සිටි බැවින් යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාවෙන් එළවළු හා පළතුරු ආනයනය අත්හිටුවනු ලැබීමෙන් පසු 2014 වසරේ පටන් මෙම පළතුරු මැස්සාගෙන් සිදු වන හානිය ජාතික වශයෙන් උද්ගත වූ ගැටලූවක් බවට පත් විය. කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථික රටාවක් ඇති බැවින් මෙම මැස්සන්ගෙන් එළවළු හා පළතුරු වලට සිදු වූ හානිය දැරිය නොහැකි තරම් විය. සමීක්ෂණ වාර්තා අනුව අඹ සහ පේර නිෂ්පාදනයෙන් ලබන ලාභයෙන් 40%ක පමණ පාඩුවක් මෙම කෘමින් නිසා සිදුව තිබේ. එසේම වට්ටක්කා වැනි එළවළු නිෂ්පාදනයට සිදුවූ හානිය 30% ඉක්මවයි. වගාකරුවන්ට සහ සමස්තයක් ලෙස රටට මෙම පළිබෝධකයින්ගෙන් සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුව තක්සේරු කළ යුතුය.

වෙනත් පළිබෝධකයින් පාලනය කිරීම සඳහා භාවිත කරන විවිධ සම්ප‍්‍රදායික ක‍්‍රම මෙම මැස්සන් මර්දනය සඳහා ප‍්‍රායෝගිකව සාර්ථක නොවන බැවින් ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙම පළිබෝධ මර්දන වැඩපිළිවෙල දිවයින පුරා දියත් කර තිබේ.

පළතුරු මැස්සාගෙන් දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් එල්ල වන තර්ජනය කල් වේලා ඇතිව හඳුනාගත් CIC හෝල්ඩින්ස් සමාගම 2012 වසරේදී ඒ වෙනුවෙන් පළමු පියවර තබමින් ලොව පුරා ක‍්‍රියාත්මක කෙරෙන විවිධ ක‍්‍රමෝපායන්ට අනුපූරක වශයෙන් පළතුරු මැස්සන් මර්දනය සඳහා පරිසර හිතකාමී තාෂණයක් සෙවීම ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පළ කරමින් CIC හෝල්ඩින්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී සමන්ත රණතුංග මහතා මෙසේ පැවසීය. "පළතුරු මැස්සාගෙන් මෙරට ආර්ථිකයට සිදු වන හානිය හඳුනාගත් CIC සමාගම අනෙක් පර්යේෂණ ආයතන සමග අත්වැල් බැඳගෙන මේ විනාශකාරී ගැටලූවට විසඳුමක් වශයෙන් මෙම නිෂ්පාදනය සොයාගනු ලැබුවා. පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන මෙමගින් දේශීය වැවිලිකරුවන්ට ඉහළ ආදායමක් ලැබීමට හැකියාව ලැබෙනවා. විෂ රසායන ද්‍රව්‍ය භාවිතයක් හෝ අස්වැන්නට රසායනික අවශේෂයන් එක් වීමක් නොවන බැවින් 100%ක් දේශීය අමුද්‍රව්‍ය භාවිත කරන නිෂ්පාදකයින්ට මෙම ව්‍යාපෘතිය මගින් දීර්ඝ කාලීන වශයෙන් ප‍්‍රතිලාභ අත්වන බව නිෂ්පාදනයේ ඵලදායිත්වය ඇගයීම සඳහා කරන ලද මූලික පර්යේෂණ වලදී හඳුනාගනු ලැබුවා. මෙහි ඉතාම වැදගත් කාරණය වන්නේ මෙමගින් වෙනත් සතුන්ට සහ භෝග වගාවට හිතකර කෘමින්ට හානියක් සිදු නොවීම සහ මෙම නිෂ්පාදන භාවිතයෙන් පරිසර පද්ධතියට හානියක් හෝ කිසිදු බලපෑමක් සිදු නොවීමයි."

ඉහත කරුණු සහ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු සලකා බලා CIC සමාගම ‘බස්කා’ ලෙස නම් කර ඇති මෙම නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කරන අතර එය දිවයින පුරා ප‍්‍රමුඛ පෙළේ කෘෂි නිෂ්පාදන අළෙවි ප‍්‍රදර්ශනාගාර වලින් ලබාගත හැක.

 

CIC Holdings PLC (CIC), a leading blue chip company in Sri Lanka, recently joined hands with the National Research...

Posted by Lanka Business News on Thursday, February 11, 2016

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන වෝටර්ෆ‍්‍රන්ට් ප්‍රොපටීස් (පුද්ගලික) සමාගම මහත් අභිමානයෙන් යුතුව ශ‍්‍රී ලංකාව නව වෙනසකට කැඳවා යන Cinnamon Life ව්‍යාපෘතිය සඳහා මුල පුරන ලදී. වාස්තු විද්‍යාවේ අපූර්වතම සලකුණක් බවට පත්වන මෙම ව්‍යෘපෘතිය සියලූ පහසුකම්වලින් සපිරි වර්ග අඩි මිලියන 4.5 ක මධ්‍යස්ථානයක් ලෙස ඉදිවනු ඇත. මෙම ගොඩනැගිල්ල කාමර 800 කින් සමන්විත සුඛෝපභෝගී Cinnamon Life හෝටලයක්, විනෝදාස්වාදය උපරිමයෙන් රස විඳිය හැකි කලාත්මක ඉසව්, නේවාසික එ්කක, නවීනතම තාක්‍ෂණයෙන් යුත් කාර්යාලීය ඉඩ පහසුකම්, ප‍්‍රණීත ආහාර පාන සපයන විවිධාකාර අවන්හල්්, උත්සව ශාලා, සම්මන්ත‍්‍රණ ශාලා, සිනමාහල් ඇතුළු තවත් අංග රැසකින් සමන්විත වේ. මෙම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය මෙතෙක් ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් සිදු කළ විශාලතම ආයෝජනයි. ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක් වන මෙය ශ‍්‍රී ලංකාව නූතන ආසියාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත.

‘ජීවන අගනගරයක්’ (Lifestyle Capital) ලෙස ක‍්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘතිය ජීවිතය, රැකියාව, විනෝදාස්වාදය ආදී සියල්ල එකට මුසු කරන අපූර්ව ස්ථානයකි. ලොව සුප‍්‍රකට ලන්ඩනයේ ‘ArcelorMittal Orbit’, බීජිං නගරයේ CCTV ඇතුළු ගොඩනැගිලි රැසක සැලසුම්කරණය සඳහා දායක වූ ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනූ වාස්තු විද්‍යාඥයකු, කලාකරුවකු මෙන්ම ඉංජිනේරුවකුද වන සිසිල් බැල්මන්ඞ් විසින් මෙම ආකර්ෂණීය සංකල්පය සැබෑවක් බවට පත් කරනු ලබයි. හුන්ඩායි ඉංජිනියරින් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන් (Hyundai Engineering and Construction) විසින් මෙහෙයවනු ලබන කොන්ත‍්‍රාත්කරුවන් විසින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

යනු දේශීයත්වය හා ජාත්‍යන්තර සංකල්ප එකිනෙක මුසුකරන ව්‍යාපෘතියක් බවට මත්කිරීම බැල්මන්ඞ් මහතාගේ ඉලක්කය වේ. මෙය ශ‍්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර අවධානය හිමිකර දෙන ව්‍යාපෘතියක් බවට පත්කිරීමට ඔහු අපේක්ෂා කරයි.

”ගෘහ නිර්මාණ ශීල්පීය හා සැලසුම් අතින් බලන කල මෙම ඉදිකිරීම ආකාර කීපයක සංයුතියක් ලෙස හැඳින්විය හැකියි. එය මෙතෙක් ශ‍්‍රී ලංකාවේ දුටු ආකාරයේ ව්‍යාපෘතියක් නොවේ. අංග රැුසක් මනාව එකට මුසුවී තිබීම, අද්විතීය සැලසුම සහ නවීන සංකල්ප ආදිය තුළින් මෙය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත්වෙනවා. එහි හැඩය හා ව්‍යාපෘතියේ ස්වභාවය අනුව එය කොළඹ නගරයේ සුවිශේෂී සලකුණක් වනු නොඅනුමානයි” ඔහු අවධාරණය කළේය.

මෙම දැකුම්කලූ ඉදිකිරීම් ව්‍යාපෘතිය කොළඹ නගරයට මෙතෙක් නුදුටු චමත්කාරයක් එක් කිරීමට සමත් වන අතර නවතම අන්තර්ජාතික ගෘහ නිර්මාණ ශිල්පීය නිපුණත්වයන් ඉන් මනාව පිළිබිඹු වනු ඇත. රැුළි ස්වභාවයේ පිටත පෙනුමකින් යුතුව ඉදිකරනු ලබන මෙම ගොඩනැගිල්ලේ ඉහළ සිට අවට බලන අයෙකුට අවට පරිසරය ඉතාමත් සුන්දර ආකාරයට දර්ශනය වේ. 

Cinnamon Life සඳහා වන ජෝන් කීල්ස් හි දර්ශනය පිළිබඳව පැහැදිලි කළ සමාගමේ උප සභාපති අජිට් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ”කලාපයේ මේ ආකාරයේ ප‍්‍රථම ව්‍යාපෘතිය වන ක්‍සබබ්පදබ ඛසෙැ මෙරට සෞභාග්‍යයේ සංකේතයක් වන අතර එය රටේ සංවර්ධනය සඳහාද දායකත්වයක් ලබා දෙනු ඇති. ශී‍්‍ර ලාංකිකයන්ට වගේම විදෙස් සංවාරකයින්ටත් ජීවිතයේ විවධ කටයුතු සඳහා සියලූ පහසුකම් සපිරි තැනක් තිබීම වැදගත්. Cinnamon Life ඒ සඳහා ඔවුන්ට තෝතැන්නක් වනු ඇති. සියලූ අවශ්‍යතා එකට එක් කිරීමේ නිකේතන සංකල්පය අනුව ඉදිවන මෙය නවීනත්වය අගයන සංචාරකයින්, ඉහළ පෙළේ වෙළෙඳ නාමයන්, ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණෙන්නන් මෙන්ම දේශීය සංචාරකයන්ගේද සිත් ඇද බැඳ ගැනීමට සමත් වනු ඇති.”

මෙම ව්‍යාපෘතිය මගින් මෙරට ආර්ථිකයට හා ජනතාවට අසීමිත ප‍්‍රතිලාභයන්ද ජනනය කරනු ඇත. ඉතා වැදගත් වන්නේ Cinnamon Life දිදුලන අනාගතයක් කරා ඉදිරියට යාම පිළිබඳ ලක්‍ෂණ පහළ කරන බැවින් ශ‍්‍රී ලාංකිකයන් තුළ අභිමානයේ හැඟීමක්ද ඉන් ජනිත වීමය.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දේපළ අංශය විසින් ක්‍රෙස්කැට් සිටි හි මොනාර්ක් සහ එම්පරර්, OneThree 20, තම නවතම ව්‍යාපෘතිය වන ග්‍රෙගරි පාරේ 7th Sense යන ව්‍යාපෘති ඉතා සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කොට තිබේ.

මේ පිළිබඳව අදහස් දැක් වූ JKH Property Group හි සභාපති සුරේෂ් රාජේන්ද්‍ර මහතා මෙසේ පැවැසීය. ”සමාගම සතු දිගුකාලීන කීර්තිය අපව වෙළෙඳපොළ තුළ ඉදිරියෙන්ම තැබීමට සමත්ව ඇති අතර The Residence වෙන්කරවා ගැනීම සඳහා පාරිභෝගියන් දැක්වූ උනන්දුව අප ප‍්‍රමෝදයට පත් කළා. එ් අනුව මා සඳහන් කරන්න කැමැතියි මුල් කුළුණේ 40% ක් මේ වන විට වෙන් කරවාගෙන ඇති බව. ජෝන් කීල්ස් එම්පරර් සහ මොනාර්ක් ව්‍යාපෘතිවලදී සාර්ථකව කි‍්‍රයාත්මක කළ බදුදීමේ ක‍්‍රමය මෙහිදීත් භාවිතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.  මේ ආකාරයේම ක‍්‍රමයක් සීමිත කාලයක් සඳහා සීමිත නිවාස සංඛ්‍යාවක් වෙනුවෙන් Cinnamon Life සඳහාද ක‍්‍රියාත්මක කරනු ලබනවා. මෙහි ඇති තවත් ආකර්ෂණීය අංගයක් වන්නේ අති නවීන තාක්ෂණයෙන් යුත් මහල් 24කින් සමන්විත කාර්යාල ඉඩ පහසුකම්. මින් අඩක් සංවර්ධකයින් විසින් මෙහෙයවනු ලබන අතර ඉතිරිය මුළුමනින්ම අලෙවි කරනු ලබනවා. මෙම ව්‍යාපෘතියේ උපරිම වාසි අත්පත් කර දීම සඳහා අප නොසැලී කටයුතු කරනවා.” 

ශක්තිමත් භාවය හා නොසැලෙන අරමුණ ඔස්සේ ශ‍්‍රී ලංකාවේ අභිමානවත් ඉදිරි ගමන ලොවට හඬගා කීමටත්, ශ‍්‍රී ලංකාව යනු අසීමිත අවස්ථාවලින් පිරිපුන් ස්ථානයක් බව පෙන්වා දීමටත් Cinnamon Life ව්‍යාපෘතියට හැකියාව ලැබෙනු ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින්, රජවැල්ල හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි බහුතර කොටස් ප්‍රමාණයක අයිතිය තහවුරු කර ගෙන තිබේ. රජවැල්ල හෝල්ඩිංග්ස් හි 16.9% ක කොටස් අයිතියක් ජෝනෟ කීල්ස් හෝල්ඩිංග්ස් සතුව පැවති අතර පසුගියදා සිය අනුබද්ධ සමාගමක් හා එක්ව එම කොටස් ප්‍රමාණය 51% දක්වා ඉහළ නංවා ගැනීමට සමාගම කටයුතු කර තිබේ.

මහනුවර දිගන පිහිටි ගෝල්ෆ් ක්‍රීඩාංගණය භාරව ඇත්තේ රජවැල්ල හෝල්ඩිංග්ස් සමාගම වෙතය.

මේ සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් දරණ ලද සම්පූර්ණ ආයෝජනය රුපියල් මිලියන 1,044 කි. 

එහිදී කොටස් මිල දී ගැනීම වෙනුවෙන් දැනට සිටින කොටස් හිමියන් වෙත රුපියල් මිලියන 883 ක් මුදලින් ද, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් දිගු කාලීන බදු පදනම මත ලබා ගෙන තිබූ දේපළක් නිදහස් කිරීමේ පදනම මත රුපියල් මිලියන 161 ක් ද රජවැල්ල හෝල්ඩිංග්ස් වෙත ගෙවා කිබේ.

අංක 46/56, නවම් මාවත, කොළඹ 02 යන ස්ථානයේ ඉදිවූ නව ගොඩනැගිල්ලෙහි ලංකෙම් සිලෝන් පුද්ගලික සමාගම පසුගියදා සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. වර්ග අඩි 30,000 ක වපසරියකින් සමන්විත මෙම නව කාර්යාල සංකීර්ණය ප‍්‍රථම වතාවට සමාගමට සිය ව්‍යාපාර කිහිපයක් එකම වහලක් යටට රුගෙන ඒමට අවස්ථාව උදා කර දී තිබේ.

ව්‍යාපාර මෙහෙයුම් කොළඹ වාණිජ අග නගරයට රැුගෙන ඒම ඔස්සේ ශී‍්‍ර ලංකාවේ විශාලතම හා සීඝ‍්‍රයෙන් වර්ධනය වන කාර්මික ව්‍යාපාරයක් ලෙස සිය ප‍්‍රතිරූපය තව දුරටත් ශක්තිමත් කරගැනීමට සමාගමට හැකියාව ලැබෙනු ඇත.

සමාගමේ ප‍්‍රධාන ව්‍යාපාරික ඒකක වන කෘෂි රසායන ඒකකය, රොබියලැක් තීන්ත ඒකකය, කාර්මික රසායන ඒකකය, තාර ඒකකය, පාරිභෝගික භාණ්ඩ ඒකකය මෙන්ම තොරතුරු තාක්ෂණය, මානව සම්පත්, වාණිජ, මූල්‍ය විගණන පරීක්ෂා හා අනුමැති ආදී උපකාරක සේවා ඇතුලු දැන් එහි නව ගොඩනැගිලි සංකීර්ණයේ ස්ථාපිත කර තිබේx ඊට අයත් වන තවත් පාලිත සමාගම් දෙකක්ද එහි ස්ථාපනය කිරීමට නියමිතය.

”ලංකෙම් සිලෝන් සමාගම විවිධාංගීකරණය වූ මහා පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සීඝ‍්‍රයෙන් වර්ධනය වන ව්‍යාපාර ආයතනයක්.  ලංකෙම් ව්‍යාපාර සමූහය දශක පහකට අධික කාලයක් මුලුල්ලේ ශී‍්‍ර ලංකාව සඳහා වටිනාකම් ගොඩනැගීමෙහි සහ ධනය නිර්මාණය කිරීමෙහි නිරතව සිටිනවා. අපගේ ව්‍යාපාර මෙහෙයුම් සිදු කෙරෙන ප‍්‍රධාන කර්මාන්ත නවයක් හා සම්බන්ධවූ පරිපාලිත සමාගම් විසි පහක් සිසාරා අප සමාගමේ ආයෝජනය විහිද යනවා.” ලංකෙම් සිලෝන් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, අනුෂ්මන් රාජරත්නම් මහතා පැවසීය.

රෝයල් ඩච් ෂෙල් සමාගම (Royal Dutch Shell) විසින් 1964 දී කෘෂි රසායන ව්‍යාපාරයක් ලෙස ලංකෙම් සිලෝන් පුද්ගලික සමාගම ස්ථාපිත කරන ලදී. පසුගිය වසර 50 තුල ලංකෙම් ඊට අනුබද්ධිත ව්‍යාපාර ක්ෂේත‍්‍ර රැුසකට ප‍්‍රවිෂ්ට වී තිබේ. ලංකෙම් සමාගමේ කෘෂි රසායන නිෂ්පාදිත, තීන්ත හා තාර ආශි‍්‍රත නිෂ්පාදන එම කර්මාන්ත ක්ෂේත‍්‍ර හා සම්බන්ධ නව නිෂ්පාදන ප‍්‍රවර්ධනය කි‍්‍රයාවලියේ ඉදිරියෙන් සිටී.

ශී‍්‍ර ලංකාවේ මදුරු දඟර, රෙදි සෝදන යන්ත‍්‍ර සඳහා භාවිත සේදුම් කුඩු සහ රෙදි සෝදන දියර නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකෙම් පාරිභෝගික භාණ්ඩ පුරෝගාමී වී තිබේ. වර්තමානය වන විට ලංකෙම් රට පුරා සෑම ගෘහයකම පාහේ කියවෙන නමක් බවට පත්ව ඇත.

සී. ඩබ්ලිව්. මැකී සමාගම අත්පත් කරගැනීම ඔස්සේ  වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ ක්ෂේත‍්‍රයේ ඊට හිමි ස්ථානය ශක්තිමත් කරගැනීමට 2010 වසරේදී ලංකෙම් සමාගමට හැකියාව ලැබිණ. රබර් පිරිසැකසුම පිළිබඳ විශේෂඥතාව මෙන්ම වතු වගා ක්ෂේත‍්‍රය මගින් නිෂ්පාදනය කෙරෙන පළමු ශ්‍රේණියේ රබර් ආශිි‍්‍රත නිෂ්පාදන සඳහා වෙළඳපොලවල් සොයාගැනීමටද එම අත්පත් කරගැනීම ඔස්සේ සමාගමට අවස්ථාව උදාවිය. නම්‍යශීලී ඇසුරුම් කර්මාන්තයේ ප‍්‍රමුඛයන් වන ජේ.එෆ්. පැකේජින් (J. F. Packaging) තේ ගැණුම්කරුවන් වන යුනියන් කොමෝඩිටීස් (Union Commodities) සහ සිලෝන් ටේප්ස් (Ceylon Tapes) ලංකෙම් සමාගම විසින් අත්පත් කරගන්නා ලද තවත් සමාගම් කිහිපයකි.