හොල්සිම් (ලංකා) සමාගම අඛණ්ඩව දෙවන වරටත් ජාතික සුරක්ෂිතතා සම්මාන උළෙලේ තාක්ෂණික විශේෂඥ සහකරු ලෙස අත්වැල් බැඳ ගනී Featured

Published in සමූහ සමාගම්

ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය නියමුවාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම, 2016 ජාතික සුරක්ෂිතතා සම්මාන උළෙලේ තාක්ෂණික විශේෂඥ සහකරු ලෙස ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍යම ආයතනය (NIOSH) සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹියේය.

කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ගරු ජෝන් සෙනෙවිරත්න මහතා සහ හොල්සිම් (ලංකා) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පිලිප් රිචාර්ඩ් මහතා අතර මිට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු වූ අතර කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව, NIOSH ආයතනය සහ හොල්සිම් (ලංකා) ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් මහත්ම මහත්මීහු රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

මෙරට වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය සම්බන්ධව වඩාත් කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම සඳහා NIOSH ආයතනයට සහ හොල්සිම් (ලංකා) සමාගම වඩාත් සුදුසු වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ඉංජිනේරු ශිල්පීන් ඇගයුමට ලක් කිරීමේ අරමුණ පෙරදැරිව NIOSH ආයතනය මෙම සම්මාන උළෙල සංවිධානය කරන අතර සම්මාන සඳහා නිර්දේශ කිරීමේදී හොල්සිම් (ලංකා) සමාගම සිය විශේෂඥ දැනුම ඒ සඳහා ලබා දෙයි.

"ආර්ථිකය වේගයෙන් වර්ධනයවන තත්ත්වයක් තුළ සුරක්ෂිතතාව, යහ පැවැත්ම සහ පරිසරය සංරක්ෂණය යන සාධක පිළිබඳ අවධානය අඩුවනු දැකිය හැකියි. එබැවින්, අඛණ්ඩව දෙවන වරටත් ජාතික සුරක්ෂිතතා සම්මාන උළෙලේ තාක්ෂණික සහකරු ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙවර හොල්සිම් (ලංකා) සමාගම සිය අනුග්‍රාහකත්වය මෙන්ම, ජාත්‍යන්තර විශේෂඥ දැනුම ලබා දීමට සහ සෞඛව්‍යය හා සුරක්ෂිතතා දැනුම් කේන්ද්‍රයට සම්බන්ධ වීමේ අවස්ථාව හිමිකර දීමට ද කටයුතු කළා." හොල්සිම් (ලංකා) සමාගමේ සෞඛ්‍යය සහ සුරක්ෂිතතා අංශයේ ප්‍රධානී ගයාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

විවිධ ශිල්පීය ක්‍රමවේදයන්ට අනුව NIOSH ආයතනය සහ හොල්සිම් (ලංකා) සමාගම එක්ව ජාතික සුරක්ෂිතතා සම්මාන උළෙලේ අයදුම්පත්‍රය සකස් කළ අතර, අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් ද සකස් කරන ලදි.

ලොව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව නිමැවුම්, සංචාරක සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ, ඉදිකිරීම්, ඇඟලුම්, ආහාර පාන, ප්‍රවාහන සහ වෙනත් ලෙස ඛාණ්ඩ හතක් යටතේ සම්මාන ඛාණ්ඩ කෙරිණි.

සෑම අයදුම්පත්‍රයක් ම තදබල ඇගයුම් ක්‍රමවේදයකට අනුව ඇගයුමට ලක් කෙරේ. මූලික අදියරේදී NIOSH සහ හොල්සිම් (ලංකා) විශේෂඥයන් විසින් අයදුම්පත් පරීක්ෂාවට ලක් කෙරෙන අතර, ඉන් අනතුරුව NIOSH ආයතනය, දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරු, හොල්සිම් (ලංකා) සමාගමේ සුරක්ෂිතතා සහ සෞඛ්‍යය අංශය සහ එම ක්ෂේත්‍රයේ මෙරට වෘත්තිකයන් නියෝජනය කරන සාමාජිකයන් විසින් වැඩ බිම් පරීක්ෂාවට ලක් කරනු ලබයි. අවසාන වශයෙන් වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍යය විශේෂඥවරුන්ගේ විනිසුරු මඬුල්ලක් විසින් සම්මුඛ පරීක්ෂණ කැඳවා සමාලෝචනය කරනු ලැබේ.

ජයග්‍රාහකයන් දේශීය සහ බහුජාතික වශයෙන් අංශ දෙකක් යටතේ ඛාණ්ඩගත කර අදාළ ලියකියවිලි සමග අවසන් කමිටුවට නම් බාර දෙනු ලැබේ. කම්කරු අමාත්‍යංශ ලේකම්තුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන මෙම කමිටුවල කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශයේත්, කම්කරු දෙපාර්තමේන්තුවේත්, NIOSH ආයතනයේත් හොල්සිම් (ලංකා) සමාගමේත් සාමාජිකයන්ගෙන් සමන්විත වේ.