CHARTER HOUSE කළමනාකාරීත්වය AIPLයටතට Featured

Published in සමූහ සමාගම්

2016 මැයි 27, කොළඹ:මෙරට නානකාමර උපාංග, සනීපාරක්ෂක උපාංග හා මුළුතැන්ගෙයි ජල කරාම හා උපාංග ආදිය සම්බන්ධයෙන් විශේෂඥ සමාගමක් වන House International සමාගමේ කළමනාකාරීත්වය තමන් යටතට පවරා ගැනීමට ඇනලිටිකල් ඉන්ස්ටෘමන්ට්ස් (පුද්) සමාගම [Analytical Instruments (Pvt) Ltd - AIPL] පසුගියදා සමත් විය. AIPL යනු වසර 27 ක පමණ කාලයක් තිස්සේ මෙරට සෞඛ්‍ය, විශ්ලේෂණ සහ කෘෂිකර්ම යනාදී ක්ෂේත‍්‍ර සඳහා උසස් තත්ත්වයේ පූර්ණ තාක්ෂණික විසඳුම්, උපකරණ හා සේවා ආදිය පිරිනමන සමාගමකි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් AIPL සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රේණුකා ජයසුන්දර මහත්මිය මෙසේ පැවසුවා ය. ”ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, විශ්ලේෂණ සහ කෘෂිකර්ම ක්ෂේත‍්‍ර සඳහා තාක්ෂණය සපයන විශ්වාසනීයම සැපයුම්කරු ලෙස නමක් දිනා ගන්න AIPL සමාගම සමත් වී තිබෙනවා. රටේ ආර්ථිකයට විශාල වශයෙන් දායක වන බොහෝදෙනෙකු අප සපයන තාක්ෂණය භාවිතා කරන බව කියන්නේඉතාමත් සතුටින්. ඒ වගේම Charter House International සමාගම වැනි ප‍්‍රසිද්ධ සමාගමක හිමිකාරීත්වය පවරා ගැනීමට හැකිවීම ගැන අප ආඩම්බර වෙනවා. මේ ඔස්සේ අපේ නිර්මාණශීලීත්වය සහ‘පාරිභෝගිකයන්ගේ සාර්ථකත්වය උදෙසා තාක්ෂණය භාවිතා කිරීම’යන දර්ශනය තවත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

1989 දී ස්ථාපිත කෙරුණු AIPL සමාගම ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍ර රැසකට නවීන තාක්ෂණයන් හා විසඳුම් හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකර තිබේ. මේ වන විට එම සමාගම ලොව පිළිගත් සන්නාම වලට අයත් වෛද්‍ය රසායනාගාර නිෂ්පාදන, විශ්ලේෂණ උපකරණ හා උපාංග, සත්ත්ව පාලන නිෂ්පාදන, සාමාන්‍ය රසායනාගාර නිෂ්පාදන හා රසායන ද්‍රව්‍ය ආදිය ආනයනය කර බෙදාහැරීම සිදුකරන අතර, දිවයිනපුරා විසිරුණු නියෝජිත ජාලයක් මගින් මෙම බෙදාහැරීම් කටයුතු සිදුකෙරේ. එමෙන්ම අතිවිශිෂ්ට පාරිභෝගික හා තාක්ෂණික සේවාවක් සැපයීම සම්බන්ධයෙන් AIPL සමාගම ප‍්‍රසිද්ධියක්උසුලයි. තම අවශ්‍යතාවන්ට අනුව උසස් තත්ත්වයේ නිෂ්පාදන තෝරාගැනීම සඳහා පාරිභෝගිකයන්ට සහය වීමට මනා ලෙස පුහුණුව ලැබූ තාක්ෂණික විශේෂඥයෝ පිරිසක් සූදානමින් සිටිති. එමෙන්ම අලෙවියෙන් පසු සේවාව සඳහා ද අත්දැකීම් බහුල ඉංජිනේරුවන් හා තාක්ෂණ විශේෂඥයන් කණ්ඩායම් සේවයේ යොදවා තිබේ.

මීට වසර 25කට පමණ පෙර වෙළඳ සමාගමක් ලෙස ආරම්භ වූ Charter House International සමාගම කෙටි කාලයක් තුළ මෙරට නාන කාමර උපාංග, සනීපාරක්ෂක උපාංග මුළුතැන්ගේ ජල කරාම හා උපකරණ වැනි ක්ෂේත‍්‍ර වල නමක් දිනූ සමාගමක් බවට පත්විය. එම සමාගම ලොව සුප‍්‍රකට සන්නාම වන Grohe AG, lnda,Laufeniy Mediclinics සන්නාම වලට අයත් නිෂ්පාදන මෙන් Tokheim ඉන්ධන පොම්ප, Assa Abloy සත්කාර සේවා නිෂ්පාදන, Liquid Controls ද්‍රව මිනුම් උපකරණ වැනි නිෂ්පාදන ද මෙරටට ගෙන්වා බෙදාහරී. කොළඹ නගරයේ සහ දිවයින පුරා ක‍්‍රියාත්මක වූ ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් සඳහා Charter House International ගෙන්වා බෙදා හරින නිෂ්පාදන භාවිතා වී ඇත. උදාහරණයක් ලෙස Cinnamon Bay, Avani Benthota, Centara Ceysands, Eden Resort, Vivanta by Taj, Ramada Colombo, Taj Samudra Colombo, Gateway Hotel, Cinnamon Wild, Uga Bay, Jungle Beach, Emperor Apaprtments ව්‍යාපෘතියන් සඳහා උසස් තත්ත්වයේ Grohe හා අනෙකුත් නිෂ්පාදන රැසක් යොදාගන්නා ලදි. ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදන අලෙවි කිරීම සහ ගෘහ නිර්මාණ ශිල්පීන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ ඉදිකිරීම් ව්‍යාපාරිකයන් වැනි සේවාදායකයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා සමාගමේ ඉහළ පෙළේ ව්‍යාපෘති කණ්ඩායමක් නිරන්තරයෙන් කටයුතු කරයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සහ Charter House International සමාගමේ ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන පෙළ පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා අංක 161, නාවල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ පිහිටි එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලය හෝ 113හැව්ලොක් පාරල කොළඹ 5 ප‍්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන්න. නැතිනම් පැය 24 පුරා 0770 495555 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.