Zhara හෝටල් පද්ධතිය, ලෝක ප්‍රකට තාක්ෂණික ප්‍රමුඛයෙකු වන RateGain සමග අත්වැල් බැඳගනී Featured

Published in සමූහ සමාගම්
JKCS හි සම්මානලාභී හෝටල් මෘදුකාංගයක් වන Zhara HS සංචාරක තාක්ෂණික විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Zhara HS ආයතනය සමග මූලෝපායික ගිවිසුමකට ඇතුලත් විය. මෙම ද්වීපාර්ශවීය එකතුවෙන් හෝටල් හි සේවාවන් පහසු හා කාර්යක්ෂම වන ලෙස පාරිභෝගිකයා හෝටල් වෙන් කිරීමේ සිට හෝටලයට ඇතුළු වීමේදී හා හෝටලයෙන් පිටවීම දක්වා සියලූ කාර්යන් කාර්යක්ෂමව කරවිය හැකි මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇත.

JKCS කණ්ඩායම හා Zhara HS තම නව හවුල් සබඳතාවය පිලිබඳ නිවේදනය කිරීම සඳහා මාධ්‍ය හමුවක් පසුගිය නොවැම්බර් 15 වන දින කොළඹ Ozo හෝටලයේ දී පවත්වන ලදී. Zhara HS භාවිතා කරන ශ‍්‍රී ලාංකික හෝටල් පාරිභෝගිකයින් රැුසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය. මෙහිදී RateGain ආයතනය නියෝජනය කරමින් එහි පාරිභෝගික සාර්ථකත්ව නිලධාරී කුන්වර්දීප් සිංග් මහතා හා එහි අලෙවි කළමනාකරු (ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, චීනය හා තායිවානය) අන්කුර් යාදව් මහතා සහභාගී වූ අතර ’JKCS කණ්ඩායම නියෝජනය කරමින් ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණික සමුහයේ ප්‍රධාන මූලමි නිලධාරී චංග ගුණවර්ධන, JKCS හි නිෂ්පාදන අංශ ප්‍රධානී උත්පලා කුමාර, අලෙවි ප්‍රධානී (JKCS හි සත්කාරක විසඳුම්) සෙනොස් වහීඞ් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් RateGain හි ප්‍රධාන මූලමි නිලධාරී ටන්මයා දාස් මහතා අදහස් දක්වමින් පඹ්කාශ කර සිටියේ ”අප මෙම හවුල්කාරිත්වය නිවේදනය කරන්නේ ඉතාමත් සතුටින්. RateGain හා JKCS මෙලෙස අත්වැල් බැඳගන්නේ නිවැරදි මූල්‍යෝපායික හවුල් සබඳතාවයක් තුළින් සත්කාරක ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමටයි. අප දෙගොල්ලොම එකතු වී සම්පුර්ණ හෝටල් කළමනාකරණ පද්ධතිය පුළුල් පරාසයකට ගෙන එම මෙහි අරමුණයි.

දාස් මහතා පැවසූ අදහස් සනාථ කරමින් JKCS හි නිෂ්පාදන අංශ ප්‍රධානී උත්පලා කුමාර මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් ” මෙය ’Zhara HS තැබූ විශාල ඉදිරි පියවරක් වන අතර මෙම හවුල්කාරීත්වයේ පඹ්තිපලයක් ලෙස අප හට අපගේ ගණුදෙනුකරුවන්ට සියල්ලෙන් පරිපුර්ණ විසඳුම් ලබා දීමට හැකි වීම ගැන අප ඉතා සතුටට පත්වෙනවා. පිරිවැය අවම කිරීම සඳහා අවධානය යොමු කරන අතරම හෝටල් හිමියන්ගේ මුලික පරමාර්ථය වන පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම සඳහා ක්‍රමවේදයන් සකසා ගැනීමට මෙම කාලය යොදා ගත හැකි බව අප තරයේ විශ්වාස කරනවා. මෙම මෙහෙයුම් ක්‍රියාවලිය හා ආදායම් ප්‍රතිශක්තීකරණය සඳහා ඔවුන් නිසි තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කල යුතු වෙනවා. අපගේ මෙම හවුල්කාරිත්වයේ අරමුණ එයයි.”

Zhara HS හොටෙල් මෘදුකාංග පද්ධතියේ ඇති විශේෂඥ දැනුම හා RatGain හි හෝටල් ආදායම් කළමනාකාරිත්ව විශේෂඥ දැනුම සමග එක්ව දැන් නේවාසික සේවා සපයන්නන් ගේ පිරිවැය අවම කරමින්, ආදායම් වැඩි කරමින්, කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියාවලියක් කරා රැුගෙන යයි. වමිාපාර සමීක්ෂණ වාර්තා හා දත්ත අනුව මෙම ක්‍රියාවලිය සත්කාරක කළමනාකරණයේ හා ආදායම් උත්පාදනයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් කලාපය තුල පුළුල් සංචාරක වර්ධනයක් සඳහා ඉතා විශිෂ්ඨ උපකරණයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ දේශීය සත්කාරක වෙළඳ නාමයන් බොහෝමයක් මේ වන විට JKCS හා RatGain එක්ව දියත් කල නව ක්‍රියාවලිය ලබා ගැනීම සඳහා පෙළ ගැසී සිටියි.