2016 කොෆී බීන් ඇන්ඞ් ටී ලීෆ් බරිස්ටා තරගාවලිය මෙවර ශ‍්‍රී ලංකාවේදී ලොව රටවල් 21 ක තරගකරුවෝ කොළඹදී තරග වදිති

ලොව පුරා දක්ෂතම කෝපි සාදන්නන් හෙවත් බරිස්ටාවරුන් (Baristas) සිය දක්ෂතා කරළියට ගෙන එමින් එකිනෙකා හා තර`ගවදින ‘කොෆී බීන් ඇන්ඞ් ටී ලීෆ් ලෝක බරිස්ටා තරගාවලියේ’ (Coffee Bean & Tea Leaf World Barista Competition) 2016අදියර මෙවර ජූලි මස 18 දින සිට 20 දින දක්වා කොළඹදී පැවැත්විණි.

මෙම තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී පැවැත්වුණේ ප‍්‍රථම වරට වන අතර, ඒ සඳහා ලොව රටවල් 21 කින් තරගකරුවෝ 100 ක් පමණ සහභාගී වූහ. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කොරියාව, සිංගප්පූරුව, චීනය, මැලේසියාව, නැගෙනහිර මැලේසියාව, බෲනායි, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, කාම්බෝජය, ඉන්දියාව, බංගලාදේශය, කටාර්, ජෝර්දානය, කුවේට්, බහරේන් සහ ජෝර්ජියාව යන රටවලින් මෙසේ මෙම තරගාවලියට තරගකරුවෝ සහභාගී වී සිටියහ.

මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ලොව කෝපි සම්බන්ධ ප‍්‍රධානතම සංවිධානය සහ කෝපි වෙළඳාම සම්බන්ධ ප‍්‍රධානතම ආයතනයද වන ‘Specialty Coffee Association of America’ (SCAA) හි නීතිරීතිවලට අනුකූලව ය. තරගයේදී එස්ප්‍රෙසෝ පදනම් කරගත් කෝපි වර්ග තුනක් (එස්ප්‍රෙසෝ එකක්, කැපචීනෝ එකක් සහ එක් තමන්ටම ආවේණික වූ කෝපි පානයක්* විනාඩි 15 ක කාලයක් ඇතුළත පිළියෙල කොට ඉන් කෝප්පය බැගින් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන්ට පිළිගැන්වීමට තරගකරුවන් කටයුතු කළ යුතු ය. විනිශ්චය මණ්ඩලය ප‍්‍රවීණයන් සිවු දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඒ අනුව එක් තරගකරුවෙකු කෝපි කෝප්ප 12 ක් පිළියෙල කළ යුතු විය.

මෙම සෑම පානයක්ම ඒවායේ සුවඳ, රසය, තත්ත්වය සහ පිළියෙල කිරීම හා පිළිගැන්වීම යන සාධක මත ඇගයීමට ලක්කෙරිණි. එමෙන්ම තමන්ටම ආවේණික වූ පානයක් පිළියෙල කිරීමට හැකිවීම යනු තරගකරුවන්ට තම නිර්මාණශීලීත්වය ප‍්‍රදර්ශනය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි. මෙම සුවිශේෂී පානය ඉසව්ව නිසා මීට ඉහත තරගාවලිවලදී නැවුම් පානයන් රැුසක් ලොවට බිහිවී තිබේ.

‘Calamander’ සමූහයේ සභාපති සහ මෙරටිඔයැ ‘The Coffee Bean & Tea Leaf®’ නියෝජිත ජාලයේ හිමිකරු වන රෝමන් ස්කොට් මහතා පැවසුවේ මෙවැනි සුවිශේෂී තරගාවලියක් ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකිවීම තමන් ලද ගෞරවයක් බවයි. මෙය එක් අතකින් කොෆී බීන් වෙළඳ නාමය මෙරට තුළ ජනප‍්‍රිය වීමට හේතුවක් වන අතරම, අනික් අතින් සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ලබා ඇති කීර්තිය තවත් වැඩිකරන වැඩසටහනක්ද වූ බව ඒ මහතා අවධාරණය කළේ ය.

”මේ වැඩසටහනට අපට OZO හෝටලය, ගාලූ මුවදොර හෝටලය සහ හිල්ටන් හෝටලය ඇතුළු සමාගම් කිහිපයක්ම අනුග‍්‍රාහකත්වය ලබාදුන්නා. ඔවුන් සමග එක්වී අපට මේ තරගකරුවන්ට සිය කුසලතා උපරිමයෙන් විදහා දැක්වීමට ලැබුණු ඉතාමත් සුවිශේෂී තරගාවලියක් පැවැත්වීමට මෙන්ම ශ‍්‍රී ලංකාවේ සත්කාරකත්වය ලොවට පෙන්වා දීමටත් හැකිවුණා කියා මා සිතනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ජූලි 19 වැනිදා තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට සංචාරක අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතා සහ කොෆී බීන් සහ ටී ලීෆ් ඒෂියා පැසිෆික් හි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එරික් ෆෝ මහතාද සහභාගී විය.

මේ වනවිට මෙම තරගාවලියට Global Tea Master-class යනුවෙන් විශේෂ ඉසව්වක්ද එක්කර තිබීම, ශ‍්‍රී ලංකාව තේ සම්බන්ධයෙන් උසුලන ජාත්‍යන්තර කීර්තිය තවදුරටත් වැඩි කිරීමට හේතුවක් වනු ඇත. තරගාවලියේ තරගකරුවන්ට තේ වත්තක සංචාරය කිරීමේ අවස්ථාව සලසා දීමටද සංවිධායකවරුන් කටයුතු කර තිබිණි. ලොව පුරා රටවල් 30 ක The Coffee Bean & Tea Leaf® වෙළඳ නාමය යටතේ පිළිගන්වනු ලබන තේ උපත ලබන්නේ ශ‍්‍රී ලංකාවේ බොගවන්තලාව ප‍්‍රදේශයේ බව එහිදී අනාවරණය කරන ලදි. මෙය ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සාර්ථකත්වය හඟවන සාධකයක් වන අතර එය එම කර්මාන්තයට තවදුරටත් ප‍්‍රචාරයක් ලැබීමටද හේතුවක් විය.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට පැමිණි ‘ද කොෆී බීන්’ හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඬේවිඞ් ඩි කැන්ඩියා මහතාගේ ප‍්‍රධානත්වයෙන් Tea Master-class ඉසව්ව පැවැත්විණි. 2014 වසරේදී ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ‘ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ තේ තානාපති’ ලෙස පත්කරන ලද කැන්ඩියා මහතා කොෆී බීන් වෙළඳ නාමයේ ජාත්‍යන්තර ‘Master Tea Blender and Buyer’ ලෙස කටයුතු කරන අතර, තේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් විශේෂඥයෙකුද වේ.

ඉන්ටනැෂනල් බ‍්‍රෑන්ඞ්ස් සිලෝන් පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝමන් ස්කොට් මහතා, Gruppo La Cimbali හි මොහමඞ් ලම්සාරා මහතා, කොෆී බීන් ඇන්ඞ් ටී ලීෆ් හි නියෝජිතායතන ව්‍යාපාර කළමනාකරු හෆෙසුල් රහ්මාන් අබ්දුල්ලා මහතා සහ එහි නියෝජතායතන පුහුණු කළමනාකාරිනී සාරා ලියොන් මහත්මිය යන අය මෙම තරගය සඳහා විනිශ්චයකරුවන් ලෙස සහභාගී වූහ.

OZO Hotels විසින් තරගය පැවැත්වෙන කාලය තුළ නවාතැන් සැපයීම සිදුකරන ලද අතර ගාලූ මුවදොර හෝටලය විසින් සිය ඓතිහාසික ටෙරසයෙහි උත්කර්ෂවත් රාත‍්‍රී ආහාර සාදයක් සඳහා සත්කාරක දායකත්වය සපයන ලදි. එමෙන්ම හිල්ටන් හෝටලයේ සුප‍්‍රකටික්‍මරරහ ඛැ්ෙ’ ආපන ශාලාව තුළදී ලොව නන් දෙසින් පැමිණි අමුත්තන්ට දේශීය ආහාරපානවල රස විඳීමේ අවස්ථාව උදා විය.

තරගයට භාවිතා කරන ලද එස්ප්‍රෙසෝ යන්ත‍්‍ර සඳහා වේවර්ලි පුද්. සමාගමේ (Waverley Pvt. Ltd) දායකත්වය හිමි විය. වර්තමානයේ දියුණුතම කෝපි නිෂ්පාදන යන්ත‍්‍රයක් ලෙස සැලකෙන M100 මාදිලියේ යන්ත‍්‍රයද ඇතුළුව La Cimbali යන්ත‍්‍ර සඳහා මෙරට බලයලත් නියෝජිතයන් ලෙස කටයුතු කරනුයේ එම සමාගමයි.

ඇන්කර් වෙළඳ නාමය සමගින් මෙම තරගය සඳහා නිල කිරි සැපයුම්කරු ලෙස කටයුතු කිරීමට ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ලංකා සමාගම ඉදිරිපත් විය. ඇන්කර් නැවුම් කිරි කොෆී බීන් නිෂ්පාදන සඳහා ප‍්‍රමුඛතම තේරීම වේ.

විදුලියෙන් ධාවනය වන රියදුරු රහිතව ගමන් ගන්නා බස් රථ පොදු ප්‍රවාහාන සේවයට එක් කෙරීමට ස්විට්සර්ලන්තය සැරසෙමින් සිටී.මෙම බස් රථයේ මගීන් නව (9) දෙනෙකුට ගමන් කල හැකිවන ආකාරයෙන් නිමවා ඇත. මෙම රියදුරු රහිත බස් රථ ධාවනය ස්විට්සර්ලන්තයේ canton of Valais හිදී ආරම්භ වීමට නියමිතයි. මෙම නිපැවුම ස්විට්සර්ලන්තයේ "PostBus" සමාගම සහ "Swiss Federal Institute of Technology (EPFL)" තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපාධිදාරීන් පිරිසක් එක්ව කල පර්යේෂණයක ප්‍රතිඵලයකි. 2016 ආරම්භයේදී බස් රථ 2 ක් පොදු ප්‍රවහන පද්ධතියට එක් කිරීමට නියමිත අතර,  බස් රථ අත්හදා බැලීම පුරා වසර 2ක් දක්වා සිදු කිරීමට නියමිතයී. මෙම විදුලි බස් රථ "Sion's Old Town" අවට සංචාරක පුරවරයන් හිදී බහුලව භාවිතාවට යෙදවීමට නියමිතයි. 

 

මෙම වය්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති ගණිතමය සූත්‍ර සහ සමීකරණ ස්විට්සර්ලන්තයේ  "BestMile" සහ "EPFL" යන සමාගම් එක්ව පුරා වසර 2ක් තිස්සේ කල පරීක්ෂණයක මල්පල ගැන්වීමකි. මෙම සූත්‍ර සහ සමීකරණ ඇතුලත්ව නිමවා ඇති මෘදුකාංග මගින් මෙම රියදුරු රහිත බස් රථ ධාවනය කරන අතර මෙම තාක්ෂණය මගින් බස් රථ සමූහයක් පාලනය කීරීමේ හැකියාව ඇත. මෙය ගුවන් තොටුපලක ප්‍රධාන සංඥා කුළුණ මගින් ගුවන්යානා පාලනය කරන ආකාරයට බොහෝ සමානකම් දක්වන බව "BestMile" සමාගම පවසයි.  තවද මෙම මෘදුකාංගය ඔස්සේ මාර්ග සංඥා හදුනා ගැනීම, මාර්ග බාධක හඳුනා ගැනීම සහ ක්‍රමවත් ධාවනයට අවශ්‍ය සියලු කාර්යයන් සිදුකෙරෙනු ලැබේ.