ශ්රී ලංකාවේ උසස් අධ්යා්පනයට පුරෝගාමීන් වූ ඉන්ෆොමැටික්ස් තොරතුරු තාක්ෂණ ආයතනය (IIT) පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අපේක්ෂකයින් බඳවා ගැනීමේ කටයුතු තවත් පුළුල් කරමින් මැයි මස සඳහා බඳවාගැනීම් ආරම්භ කර ඇත. එක්සත් රාජධානියේ විශ්වවිද්යාකල රැසක පශ්චාත් උපාධි මේ හා අනුයුක්තව හඳුන්වා දී ඇත.

වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්යා්ලයේ උසස් තාක්ෂණික ඉංජිනේරු පාඨමාලාව (MSc Advanced Software Engineering from the University of Westminster) රොබට් ගෝර්ඩන් (Robert Gordon) විශ්ව විද්යාලයෙන් දත්ත අධ්යඑයනය සඳහා දියත් කරන ලද Msc දත්ත විශ්ලේෂණ පාඨමාලාව (MSc Big Data Analytics) හා Msc ව්යාපාරික විශ්ලේෂණ පාඨමාලාව (MSc Business Analytics) ඉන්ෆොමැටික් තොරතුරු තාක්ෂණ ආයතනයෙන් දැන් හැදෑරිය හැක. 2013 ටයිම්ස් ගුඩ් යුනිවසිටි ගයිඩ්හි (Times Good Univeristy Guide) එක්සත් රාජධානියේ හොඳම මාර්ගෝපදේශන විශ්වවිද්යා්ලය ලෙස රොබට් ගෝර්ඩන් (Robert Gordon) විශ්වවිද්යාරලය තේරී පත් වී ඇත.

IIT හි සියලුම Msc පාඨමාලා අවුරුදු 2ක් වන අතර කැන්ටබරි ක්රගයිස්ට් චර්ච් (Canterbury Christ Church) විශ්වවිද්යාසලයෙහි MBA පාඨමාලාව මාස 16කින් නිම කළ හැක. සිසුන් හට වෘත්තීය නිපුනතා හා දැනුම ලබා දීමට IIT විසින් ඉදිරිපත් කරනු ලබන පශ්චාත් උපාධි පාඨමාලාහි ප්රා්යෝගික හා සිද්ධාන්ත පැති සඳහා අවධානය යොමු කර ඇත. තවද ආරාධිත කථිකාචාර්යවරුන් ද සම්බන්ධ කරගනිමින් විවිධ වැඩමුළු ද පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් වෙනුවෙන් IIT ආයතනය විසින් පවත්වනු ලබයි.

IIT විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නන්ගර මහතා පෙන්වා දෙන අන්දමට රැකියා සඳහා ඇති තරඟකාරීත්වය නිසා තරුණ තරුණයින් ඔවුන්ගේ වෘත්තීය සාර්ථකත්වය කරා යාමට නම් නිවැරදි පශ්චාත් උපාධි පාඨමාලාවක් තෝරාගැනීම වැදගත් වේ. IIT වෙතින් ඉදිරිපත් කරන පශ්චාත් උපාධි පාඨමාලා තුලින් සිසුන්ට තම වෘත්තීය මාර්ගෝපදේශන මනාව ලැබෙනවා මෙන්ම ඔවුන්ට අවශ්යන දැනුම ද එලෙසම ලැබෙනවා ඇත.

ජාත්යාටන්තර උපාධි සැපයීමේ පුරෝගාමියා ලෙස IIT කටයුතු කරන අතර අවුරුදු ගණනාවක සිටම උපාධිධාරීන් බිහිකර ඔවුන්ව වෘත්තීය මට්ටමින් ශක්තිමත් කිරීමෙහි ලා කැප වී සිටින බවත් IIT උපාධිධාරීන් රජයේ මෙන්ම පෞද්ගලික අංශ වල ඉතා ඉහල තනතුරැ හොබවන බව ද ආචාර්ය කන්නන්ගර මහතා පැවසීය.

1990 වසරසිටලෝකය පුරා පැතිර සිටින 3,000 කට අධික උපාධිධාරීන් බිහිකළ ආයතනයක් ලෙසෂෂඔ ආයතනය නම්දරයිගෂෂඔ යනු සම්මානලාභී ආයතනයකිග දේශීය වශයෙන් මෙන්ම ජාත්යකන්තර නව නිපැයුම් තරඟ සඳහා ඉදිරිපත් වී බොහෝ සම්මාන දිනා ගැනීමට සමත් වී ඇත. මයික්රොනසොෆ්ට් ඉමැජින් කප්ල නැෂනල් බෙස්ට් කොලිටි සොෆ්ට්වෙයා Awards (NBQSA) ගූගල් සමර් ඔෆ් කෝඩ් (Google Summer of Code) බ්රිටටිෂ් කවුන්සිල් HSBC යූත් එන්ටර්ප්රලයිස් Awards සහ e-ස්වාභිමානි සම්මාන ඒ අතර වේ.

 

ඉන්දියාවේ MBD සමුහය විසින් ශ‍්‍රී ලංකාවේ පාසල් දෙකකට e-learning පන්තිකාමර දෙකක් පරිත්‍යාග කරයි.

ඉන්දියාවේ විශාලතම අධ්‍යාපනපොත් ප‍්‍රකාශන ආයතනය වන MBD ආයතනය් ශ‍්‍රී ලංකාවේ පාසල් 2 කට ඒකාබද්ධ ඩිජිටල් ඉගෙනුම් විසඳුම් පරිතමිාග කරන ලදී. එම පාසැල් ද්විත්වය වනුයේ කුලියාපිටිය නාක්කවත්ත මාධ්ය මහා විද්‍යාලය හා හිඟුල මාවනැල්ල පිහිටි ගනේතැන මහා විද්‍යාලයයි. මෙය ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ඇති සිසු දරුවන්ව e-learning ක්‍රම සඳහා උනන්දු කරවීමේ ක්‍රියාවලියේ එක පියවරකි.

රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් පළමු e-learning පන්තිකාමර ද්විත්වය MBD සමුහයේ කළමනාකාර අධමික්ෂිකා මොනිකා මල්හෝතඹ්ා කන්ඩාරි මහත්මිය විසින් ශ් ලංකාවේ අධ්‍යාපන අමාතමි ගරු අකිල විරාජ් මහතා හට නිළ වශයෙන් භාර දීම පසුගිය මාර්තු 06 වනදා අධ්‍යාපන අමාතමිංශයේ දී සිදු කෙරිණි.

ඉන්දියාවේ විශාලතම අධ්‍යාපන පාසල් පොත් ප‍්‍රකාශන ආයතන අතර MBD සමූහය යනු ෂීධ 9001:2008 සහතිකය ලත් දශක 6 කට වැඩි කාලයක අත්දැකීම් ඇති අධ්‍යාපන ආයතනයකි. e-learning කාණ්ඩය යටතේ පන්තිකාමර මත පදනම් වූ පුහුණු මොඩියුල, MBD විසින් විවිධ වූ ඉගෙනුම් කළමනාකරණ කඹ්මවේදයන්, අන්තර් කිඹ්යාකාරී ඉලෙක්ට්‍රොනික අන්තර්ගත, ගුරු සහයෝගිතා කට්ටල හා අනෙකුත් පහසුකම් සමග පුහුණු ගුරුවරුන් හට නව ඉගැනුම් කඹ්මවේදයන් හා තමාගේම නිර්මාණශීලී ඉලෙක්ට්‍රොනික අන්තර්ගතයන් සමග විවිධාංගීකරණය වූ කළමනාකරණ පද්ධතියක් ඉදිරිපත් කරයි.

මෙම කිඹ්යා පිළිවෙල මගින් සිසුන්ගේ පෙළපොත් දැනුම මෙන්ම පඹ්ායෝගික කුසලතා පරීකෂා කරමින් ඔවුන්ගේ ඉගෙනුම් මට්ටම් වැඩි දියුණු කිරීම සිදු කරයි. එමෙන්ම විනෝදයෙන් හා වෙහෙසවීමකින් තොරව ඉගැනුම් කිඹ්යාවලිය සිදු කිරීම සඳහා විවිධ වූ නවීන ඉගැන්වීම් කඹ්මවේදයන්ද සංස්ථාපිත කර ඇත.

මෙහි අරමුණ වනුයේ ඉගෙනුම් සම්පත් පඹ්මිතිගත කරමින් ගුරුවරුන් හට ඔවුන්ගේම නිර්මාණශීලී ඉලෙක්ට්‍රොනික අන්තර්ගතයන් හා ඇගයීම් කඹ්මවේදයන් සමග වඩා හොඳ ඉගෙනුම් කඹ්මවේදයක් ගොඩනැගීමයි." යැයි MBD හි කළමණාකාර අධමික්ෂිකා මොනිකා මල්හෝතඹ්ා මහත්මිය අදහස් දක්වමින් පඹ්කාශ කර සිටියාය.

MBD විසින් කිඹ්යාත්මක කරන e-learning නොහොත් ජංගම දුරකථන මගින් වූ ඉගෙනුම් විසඳුම්, සම්පඹ්ධායික කඹ්මයෙන් ඔබ්බට ගිය ඉගෙනුම් කඹ්මයකි. උදාහරණයක් ලෙස, නොමිලේ ලබාගත හැකි Nytra ඇප්ලිකේෂනයේ ඇති ඇනිමේෂන් හා හඬ පට උපයෝගී කරගනිමින් පොත් තුළ පින්තූර හා රුපසටහන් සජීවී ලෙස ඉදිරිපත් කිරීමට සමත් වීම ගත හැක. මෙම ඇප්ලිකේෂණය ඩිජිටල් අන්තර්ගතයන්, වීඩියෝ හා ඇනිමේෂන් සමග Android, iOS හා Windows මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ ජංගම උපාංග වලින් කිඹ්යා කරවිය හැක.

MBD විසින් නිර්මාණය කර ගොඩනැගු, නොමිලේම බාගත කළ හැකි ABCD Kids හා Joy of Rhymes යන අධමිාපනික ඇප්ලිකේෂන යන් Google Play Store, iTunes Store, Windows Store මගින් ලබා ගත හැක. MBD පසුගියදා බාලාංශයේ සිට 12 ශෙඹ්්ණිය දක්වා ( K-12 ) දරුවන් හට Virtual Reality යන පරිගණක ජනන අනුරුපකය දියත් කල අතර එය ඉන්දියාවේ ඉගෙනුම් හා ඉගැන්වීම් පඹ්ජාව විසින් මහත් අගය කිරීමකට ලක්විය.

මේ සමගම MBD විසින් පඹ්කාශයට පත්කර ඇති සියළුම පොත් පඹ්කාශනයන් ඉලෙක්ටෙඹ්ානික පොත් ලෙස අන්තර්ජාලයේ MBD e-Bookstore (www.octopuslearn.com) මගින් නාමික ගාස්තුවක් ගෙවීමෙන් ලබා ගත හැක.

MBD සමූහයේ පොත් පඹ්කාශන හා වමිාපෘති 30 කට වඩා වැඩි සංඛමිාවක් හට ශ් ලංකා අධ්‍යාපනඅමාතමිංශයේ අනුමැතිය හිමිව ඇති අතර ඒ අතරට 11 හා 12 ශේඹ්ණි සඳහා මොඩර්න් ABC පොත්, 6,7,8, ශේඹ්ණි සඳහා භෞතික විදමිා හා රසායන විදමිා පොත්, 1 සිට 8 ශෙඹ්්ණි දක්වා සිසුන් හට Learnwell පරිගණක පොත්, 6 සිට 8 ශේඹ්ණි සඳහා Learnwell පොත් හා වෙබ් අඩෙවි නිර්මාණකරණය යන පොත් ද ඇතුළත් වේ.

පසුගිය වසරේ MBD සමූහය විසින් කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් රුපියල් මිලියනයක් වටිනා විදමිා පොත් රැසක් පරිතමිාග කල අතර MBD හි කතුවරුන් 4 දෙනෙකු කොළඹ පැවති විදමිා සමුළුව සඳහා අනුගඹ්ාහකත්වය දක්වන ලදී. එමෙන්ම නැවතවරක් මෙම වසරේදී MBD සමූහය විසින් අභමිාස පොත් 100000 ක් බෙදා හැරීමට නියමිතව ඇත.

MBD පොත් පඹ්කාශනයන් ශ් ලංකාවේ පඹ්ධාන බෙදාහැරීම් නියෝජිතයන් විසින් සියළුම පොත්හල් හා පුස්තකාලයන් හට බෙදා හරිනු ඇත. මේ වන විට MBD සමූහය බාලාංශයේ සිට 12 ශේඹ්ණි දක්වා වූ පොත් පඹ්කාශනයන් සිංහල භාෂාවෙන් සකස් කිරීම ආරම්භ කර ඇත.

MBD සමූහය යනු තම නාමය සමග ලොව පුරා වසරකට මිලියන 50 කට අධික පොත් හා මිලියන 30කට අධික සටහන් පොත් පඹ්කාශයට පත් කරන පඹ්මුඛ පෙලේ අධ්‍යාපන පාසල් පොත් ප‍්‍රකාශන ආයතනයකි. අද වන විට ඔවුන් ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් (e-learning ) ජංගම දුරකථන මගින් ඉගෙනුම් (e-learning ), නිපුණතා සංවර්ධන, පරිසර හිතකාමී සටහන් පොත්, හැකියා සංවර්ධනය, කඩදාසි නිෂ්පාදනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය, සත්කාරක සේවා, දේපළ වෙළඳාම්, වෙළඳ සංකීර්ණ සංවර්ධනය හා කළමනාකරණය යන විවිධාංගිකරණය වූ වමිාපාර අංශ රැසකට හිමිකම් කියයි. MBD සමූහය ඔවුන්ගේ දැක්ම වන සාක්ෂරතාවයකින් යුතු සෑම පුද්ගලයෙකු සතුවම MBD නිෂ්පාදිතයක් යුතුයි යන්න සාක්ෂාත් කර ගැනීම සඳහා දිගින් දිගටම කටයුතු කරයි. MBD සමූහය ඔවුන්ගේ අධමිාපනික සේවාවන් රැසක් සමග ශ් ලංකා වෙළඳපොළට පඹ්වේශ වී තිබේ.

මෙරට පාසැල් දරුවන්ට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම ප‍්‍රවර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයට සහයෝගය ලබාදීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පළමු නිළ ඊ- පෙළපොත සකස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් E-learning තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවූ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම ආයතනය වන Guru.lk තෝරාගෙන තිබේ.

මෙම වගකීම තරඟකාරී ටෙන්ඩර්පත් කැඳවීමෙන් පසුව Guru.lk වෙත ලබාදී තිබෙන අතර මෙහිදී අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යා විෂය නිර්දේශය අදාළ රූප, වීඩියෝ සහ Interactive ක‍්‍රියාකාරකම් ඇතුළත්ව පරිගණක, ටැබ්ලට් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකතනය භාවිතා කරමින් ආකර්ශනීය ලෙස ඉගෙනගත හැකි අයුරින් මෙම ඊ- පෙළපොත සකස් කරනු ඇත.

මෙමගින් බලාපොරොත්තු වන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළදී සිසුන්ට සිය ගුරුවරුන්ගේ සහයෝගය මෙන්ම ස්වයං අධ්‍යනය මගින් වැඩි විෂය කරුණු ප‍්‍රමාණයක් ඉගෙනීමට අවස්ථාව සලසා දීමයි. මීට අමතරව, පාසැල්වල තිබෙන පරිගණක විද්‍යාගාර ප‍්‍රශස්ත මට්ටමින් භාවිතා කිරීමට මග පෑදීමද මෙහි අරමුණකි. තවද, සිසුන්ට ස්ව අධ්‍යනය කිරීමට දිරිමත් කිරීමද මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වේ. සංවර්ධනය වේගවත් කිරීම සඳහා සිය පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබලගැන්වීමේ රජයේ දැක්ම අනුව පාසල් පද්ධතිය තුලින් මෙම ක‍්‍රියාවලියට අනුබල දීමටද මින් බලාපොරොත්තු වේ.

ඊ-පෙළපොත් හඳුන්වාදීම මගින් සිසුන්ගේ අධ්‍යාපනික අත්දැකීම්වල ගුණාත්මකභාවය වර්ධනය වන අතරම ගුරුවරුන්ගේ දැනුමද යාවත්කාලීන වේ. ඊ-පෙළපොතට පහසුවෙන් සිසුන්ට පිවිසිය හැකි වන අතර අළුත් දැනුම නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් ලෝකය සමග සමගාමීවීමේ අවස්ථාව මෙමගින් හිමිවේ.

www.guru.lk වෙබ් අඩවියේ හිමිකරු හෙඞ්ස්ටාර්ට් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී හසිත දෑල මහතා මෙම පළමු ඊ-පෙළපොත සකස් කිරීමට ලැබීම පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයල 'ජාතික වැදගත්කමක් තිබෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අපව තෝරාගැනීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. හෙඞ්ස්ටාර්ට් සහ Guru.lk සෑමවිටම උත්සාහ ගන්නේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට සහ සිසුන් ඇතුළු සියළු ජනතාවට වැඩි අධ්‍යාපනික ප‍්‍රවේශයක් ලබාදීමටයි. 2009 වසරේ අප සමාගම ආරම්භ කළදා පටන් අප සතුවූ ප‍්‍රධාන අරමුණ වූයේ දැනුම පහසුවෙන් සැමදෙනාටම ලබාදීමට තාක්ෂණය උපයෝගී කරගැනීමයි. එය ඉටුකර ගැනීම සඳහා නිළ ඊ-පෙළපොත සපයන්නා ලෙස අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් අවස්ථාව ප‍්‍රයෝජනවත් වෙනවා.'

ජාත්‍යන්තර ලෝකයට ගැලපෙන ලෙස අපගේ අධ්‍යාපනය සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය වැඩිවශයෙන් හඳුන්වාදීමේ රජයේ උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා ඊ-පෙළපොත ඉතාමත් වැදගත්වේ. මෙය මෙරට අධ්‍යාපන ප‍්‍රකාශන ක්ෂේත‍්‍රයේ සුවිසේශි සංධිස්ථානයක් වන අතර ඒ තුළින් සිසුන්ට අධ්‍යාපනය ලබාදීමේ ක‍්‍රමවේදයට තවත් රුකුලක් වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අධ්‍යාපන වෙබ් අඩවිය වන Guru.lk විසින් අන්තර්ජාල අධ්‍යාපන පාඩම් මාලා 1000 කට වැඩි ප‍්‍රමාණයක් ලබාදෙන අතර ඒවා පාසැල් විෂය මාලාවේ සිට වෘත්තීය අධ්‍යාපනය සහ විනෝදාස්වාදය දක්වාත්, තොරතුරු තාක්ෂණික, රූපලාවන්‍ය සහ ආහාරපාන සැකසීම, ගායනය යන දක්වාත් පුළුල් පරාසයක විහිදේ. මෙම වෙබ් අඩවිය හරහා අද 235ල000 කට අධික පිරිසක් අධ්‍යාපන පාඨමාලා හදාරයිග මෙම වෙබ් අඩවිය අයත්වන හෙඞ්ස්ටාර්ට් ප‍්‍රයිවට් ලිමිටඞ් (මීට පෙර Felidae) විසින් විදුලි සංදේශ සමාගම්, පුද්ගලික අංශය සහ පාසැල්වල තොරතුරු තාක්ෂණික විද්‍යාගාර සඳහා නොමිලේ දැනුම ලබාදෙන 'සිප්ණැන-ගුරු' පාසැල් වැඩසටහන ඇතුළු රජයේ වැඩසටහන් හා බොහෝ අන්තර්ජාල E-learning වැඩසටහන් සඳහා සවිබලය ලබාදෙයි.

මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් හා නව්‍ය උසස් අධ්‍යාපන ධාරාවන් පිරිනමන ආයතනයක් ලෙස ප‍්‍රකට SLIIT ආයතනය විසින් පළමු වරට ප‍්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාවක් පසුගියදා හඳුන්වා දුනි.

උසස් අධ්‍යාපනයේ නව පරිච්ෙඡ්දයක් කරා එළඹෙමින් මෙසේ ප‍්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව හඳුන්වා දී ඇත්තේ, එක්සත් රාජධානියේ Liverpool John Moores විශ්ව විද්යාවලය (LJMU) හා සහයෝගයෙනි. මේ සමඟ ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රමාණ සමීක්ෂණ වෘත්තීයේ නියැළී සිටින්නන් හට මෙන්ම ක්ෂේත‍්‍රයට එක්වීමේ කැමැත්තෙන් පසුවන නවකයින්ට ඉහළ ගුණාත්මක බවින් යුත් උපාධියක් ශී‍්‍ර ලංකාවේදී ම ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

ප‍්‍රමාණ සමීක්ෂණ වෘත්තීකයින් විසින් ඉදිකිරීම් කි‍්‍රයාවලියේ මූල්‍ය අංශයන් කළමනාකරණය කිරීම සිදුකෙරේ. එනිසා මෙම උපාධි පාඨමාලාව ඔස්සේ ආර්ථික, නීතිමය, ගිවිසුම්, තාක්ෂණික හා කළමනාකරණ ආදී ප‍්‍රමාණ සමීක්ෂණයේ සෑම අංශයක්ම ආවරණය කෙරෙන පුළුල් දැනුමක් ලබාදේ.

Liverpool John Moores විශ්ව විද්යාතලයෙන් සැපයෙන වෘත්තීමය උපාධි පාඨමාලාවක් වන මෙය, සහනදායී මිලක් යටතේ පිරිනැමෙන්නේ, නවීන ඉගෙනුම් පරිසරයක් හා විෂය බාහිර කි‍්‍රයාකාරකම් රැුසකින් සමන්විත පරිපූර්ණ සරසවි අත්දැකීමක් ද සිසුන්ට සමීප කරවමිනි.

ප‍්‍රමාණ සමීක්ෂණ නව උපාධි පාඨමාලාව පිළිබඳ අදහස් දක්වමින් SLIIT හි සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. "මෙම නව උපාධි පාඨමාලාවත් සමඟ සිසුන්ට තම තෝරාගැනීම් සඳහා වැඩි ඉඩක්, ජාත්‍යන්තර ඉගැන්වීම් අත්දැකීමක් වගේම රැුකියා සඳහා පුළුල් අවස්ථාවක් නිර්මාණය වෙනවා. රටේ ආර්ථික වර්ධන අංශ සඳහා ශක්තිමක් දායකත්වයක් ලබාදිය හැකි ආකාරයට සිසුන් බිහිකිරීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම ප‍්‍රමාණ සමීක්ෂණ ක්ෂේත‍්‍රයට පවතින අධික ඉල්ලූම නිසා SLIIT/LJMU උපාධිධාරීන්ට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයෙනුත් රැකියා අවස්ථා ලබාගැනීම බොහොම පහසු කටයුත්තක් වේවි".

මෙම ප‍්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලාව සඳහා ඇතුළු වීමට ආකාර දෙකක් පවතී. පළමුවැන්න වන්නේ, අපොස උසස් පෙළ හෝ ලන්ඩන් උසස් පෙළ විභාගයේදී සාමාර්ථ තුනක් සමඟ 4 වැනි මට්ටමේ ලියාපදිංචිය ලබාගැනීමයි. දෙවැනි ක‍්‍රමය වන්නේ SLIIT හා Liverpool John Moores විශ්ව විද්‍යාලයට පිළිගත හැකි ප‍්‍රමාණ සමීක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ඇති සුදුසුකම් අනුව 6 වැනි මට්ටමට ලියාපදිංචි වීමයි. 4 වැනි මට්ටමේන් ලියාපදිංචි වන සිසුන් 5 වැනි මට්ටම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ක්ෂේත‍්‍රමය පුහුණුවක් ලැබීම අත්‍යවශ්‍ය වේ.
2017 පෙබරවාරි මැද සතියේදී 6 වැනි මට්ටම සඳහා ද එම මස අවසානයේදී 4 වැනි මට්ටම සඳහා ද අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට SLIIT ආයතනය සූදානමින් සිටී.

අපොස උසස් පෙළ විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට අවකාශ නොලද සිසුන්ට ප‍්‍රමාණ සමීක්ෂණ අංශයෙන් විද්‍යාවේදී උපාධියක් හිමිකරගැනීමේ අවස්ථාව මෙමගින් උදාවේ.

6 වැනි මට්ටමට පිවිසෙන සිසුන් පාඨමාලාවේ තෙවැනි වසරේ සිසුන් ලෙස සැලකෙන අතර වැඩිදුර අධ්‍යයනය SLIIT හිදී හෝ Liverpool John Moores විශ්ව විද්‍යාලයේදී හැදැරීමේ අවස්ථාව තිබේ. 5 වැනි මට්ටම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව SLIIT මගින් පිරිනැමෙන ප‍්‍රමාණ සමීක්ෂණය පිළිබඳ HND සහතිකය ලබාගැනීමට හෝ 6 වැනි මට්ටම දක්වා අධ්‍යයන කටයුතු ඉදිරියට ගෙන යාමට සිසුන්ට ඉඩ ලැබේ.

SLIIT හි ප‍්‍රමාණ සමීක්ෂණ අධ්‍යයනාංශය එහි ඉංජිනේරු පීඨයේ අලූත්ම අධ්‍යයනාංශය වේ. මෙම අධ්‍යයනාංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ, වසර 25කට වැඩි කාලයක් තිස්සේ අධ්‍යයන හා ක්ෂේත‍්‍රමය වශයෙන් ශී‍්‍ර ලංකාවේත් එක්සත් ජනපදයේත් අත්දැකීම් ලත් වරලත් ප‍්‍රමාණ සමීක්ෂණ ආචාර්යවරයෙකු විසිනි. වෘත්තීමය සුදුසුකම් මෙන්ම ඉගැන්වීමේ පළපුරුද්ද සහිත අභ්‍යන්තර හා බාහිර සම්පත් දායකයින් රැුසක් අධ්‍යයනාංශය සතුවේ.

වර්ථමාන රැුකියා වෙළෙදපලේ විශාල වශයෙන් වෘත්තීය අවස්ථා ඇති ක්‍ෂේත‍්‍ර කිහිපයක වෘත්තීය පාඨමලා ආරම්භ කිරීමට පන්නිපිටියේ PACE Institute අයතනය පියවර ගෙන තිබේ. මෙම පාඨමාලාවල විශේෂත්වය වන්නේ අධ්‍යාන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නිමාකල දරුවන් සදහාම මෙම පාඨමාලා විශේෂයෙන් සකස් කර තිබීමයි.

ඉතා සාර්ථක වෘත්තීය ගමනකට මූලාරම්භයක් වන මෙම පාඨමාලා මගින් තෙරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ (IT) වැඩිම ඉල්ලූමක් ඇති අංශ කිහිපයක් යටතේ පාඨමාලා කි‍්‍රයාත්මක කෙරෙයි. එම පාඨමාලා වන්නේ;

Certificate in Linux
Certificate in Digital Marketing
IT and Soft Skills Course
MS Office Course
Certificate Professional in Web Development (CPWD)
Computerized Accounting Course

Certificate in Linux වර්ථමානයේ ලොව වැඩියෙන්ම ව්‍යාප්ත වන පරිඝණක මෙහෙයුම් පද්ධතියක් (Open Source Operating System වන Linux හි ආරම්භක පාඨමාලාව වේ. Linux භාවිතය සිඝ‍්‍රයෙන් වර්ධනය වන අතර ලොව ප‍්‍රධාන පෙලේ සමාගම් 500න් සියයට 90ක් සිය පරිඝණක මෙහෙයුම් පද්ධති සදහා Linux භාවිතා කරයි. ඒ නිසා දේශීයව මෙන්ම විදේශීයවද ඉතා විශාල වශයෙන් රැකියා අවස්ථා ඇති අතර Linux වෘත්තිකයන් සදහා ඇති ඉල්ලූම දැවැන්ත ලෙස වර්ධනය වේ. මෙවැනි සුවිශේෂි වු ක්‍ෂෙත‍්‍රයකට ඇතුල්වන පාඨමාලා ලෙස Certificate in Linux සදහන් කළ හැකි අතර ඉතා කෙටි කාලයකින් වෘත්තීය ප‍්‍රවීනයෙකු වීමට අවස්ථාව ඇත.

Certificate in Digital Marketing පාඨමාලාව, සාර්ථක වෘත්තීය ගමනක ආරම්භයක් වේ. ජීවිතයට ජලය කොතරම් අතවශ්‍ය වනවාද සේම, අද ඩිජිටල් මාකටින් නොමැතිව කිසිදු ව්‍යාපාරයකට පැවැත්මක් නොමැත. ඒ තරමට ඩිජිටල් මාකටින් වෙළෙද ලෝකයට අතවශ්‍යය වේ. ලෝකය සිඝ‍්‍රයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින නිසා ඩිජිටල් මාකටින් වෘත්තිකයෙකුට රැකියා වෙළෙද පොළේ හොද ඉල්ලූමක් ඇත. අයර්ලන්තයේ Institute of Digital Marketing විසින් පිරිනමනු ලබන Professional Diploma in Digital Marketing සහ MSc in Digital Marketing වැනි වෘත්තීය සුදුසුකම් ලබාගැනිමේ ආරම්භය වන්නේද Certificate in Digital Marketing පාඨමාලාවයි.

IT and Soft Skills පාඨමාලාව මගින් සියලූම රැුකියාවලට අවශ්‍ය තොරතුරු තාක්‍ෂණ හා මෘදු කුසලතා දැනුම වර්ධනය කරමින් අනිකුත් අයට වඩා ඔබ කැපීපෙනෙන අයෙකු කරයි. අධ්‍යාපන සුදුසුකම් සමග වෘත්තීය කුසලතා හා සාර්ථක පුද්ගලයෙකු වීමේ මානසිකත්වය (Qualifications + Career competence + Growth mindset) සහිත පුද්ගලයෙකුට තම රැකියාවේ ඉතා ඉක්මනික් ඉහලට ගමන් කරීමේ අවස්ථා ලැබේ. සමාගම් හිමිකරුවන් සැමවිට අපේක්‍ෂා කරන්නේ තම ව්‍යාපාරයේ දියුණුවට සෘජූව දායකවිය හැකි ආකල්ප වලින් හා නිර්මාණශීලීව සිතන පුද්ගලයන්ව බදවා ගැනීමටයි. ඒ නිසා සාර්ථක වෘත්තීය ගමනක් අපේක්‍ෂා කරන සියලූ දෙනාට IT and Soft Skills පාඨමාලාව ඉතා වැදගත් වේ.

MS Office පාඨමාලාව මගින් Office Package වල ඇතුලත් MS Word, MS Excel සහ MS Power Point පිළිබදව පුඵල් දැනුමක් ලබාදෙයි. ඔබේ රැකියා ක්‍ෂෙත‍්‍රය කුමක් වුවත් ඒ සදහා අතවශ්‍ය වන Office Package පිළිබදව පූර්ණ දැනුමක් ලබාදෙන අතර පාඨමාලාව සම්පුර්ණ කිරීමෙන් ICDL (International Computer Driving License) සහ Cetiport වැනි අන්තර්ජාතික පරිඝණක විභාගවලට මුහුණදීමට අවස්ථාව හිමි වේ.

Certificate Professional in Web Development (CPWD) තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ තවත් සුවිශේෂි වෘත්තීය මාර්ගයක් ලෙස හැදින්විය හැකිය. වෙබි අඩවි නිර්මාණකරුවන්ට රැකියා වෙළෙදපලේ ඉහල ඉල්ලූමක් ඇති අතර වෙබි අඩවි නිර්මාණකරණය ක්‍ෂෙත‍්‍රයේ ඉතා සිඝ‍්‍රයෙන් ව්‍යාප්ත වේ. අන්තර්ජාතික වෙබි අඩවි නිර්මාණය කරන වෘත්තිකයන් විසින් මෙම පාඨමාලාවේ අධ්‍යයන කටයුතු කරන අතර පන්ති කාමරයේදී වෙබි අඩවි නිර්මාණය කිරීමට සිසුන්ට අවස්ථාව සැලසෙයි.

Computerized Accounting පාඨමාලාව ගණකාධිකාරණ සහ විගණක ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ට මෙන්ම උසස් පෙළ වාණිජ අංශයේ අධ්‍යාපනය කටයුතු සිදු කරන දරුවන්ට ඉතා වැදගත් වේ. ගණකාධිකාරණ සහ විගණක ක්‍ෂෙත‍්‍රවල සියලූ කටයුතු පරිඝණක මෘදුකාංග Accountant Software මගින් දැන් සිදුකරන අතර මෙම මෘදුකාංග පිළිබදව දැනුමක් නොමැතිව රැකියාවේ කටයුතු කිරීමට නොහැක. ඒ නිසා මෙම මෘදුකාංග ඔක්සිජන් මෙන් ගණකාධිකාරණ සහ විගණක ක්‍ෂෙත‍්‍රවලට අතශවශය වේ.

ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය ශ‍්‍රී ලංකා - බි‍්‍රතාන්‍ය සහයෝගීතා සංවාදය සමරමින් '21 වැනි සියවසට ගැලපෙන වගකීම් සහගත අධ්‍යාපනයක්' යන තේමාව යටතේ සුවිශේෂ වැඩසටහනක් පවත්වන ලදී. පසුගිය පෙබරවාරි 16 වැනි දින මහනුවර මහවැලි රීච් හෝටලයේදී එම වඩසටහන පැවැත්විණි.

මෙම සුවිශේෂී මුලපිරීම බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පාසල් වැඩසටහන සමග සම්බන්ධවී පවත්වනු ලැබූවකි. බි‍්‍රතාන්‍ය සහ ශ‍්‍රී ලංකාවේ පාසල් සම්බන්ධ කරමින් අධ්‍යාපනය පෝෂණය කිරීම, ගෝලීය පුරවැසිභාවය ප‍්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර විශ්වාසය සහ අවබෝධතාවය ගොඩනැගීම එහි ඉලක්කය වී තිබේ. බි‍්‍රතාන්‍යයේ සහ ශ‍්‍රී ලංකාවේ මෙන්ම වෙනත් විදෙස් රටවල පාසල් පද්ධතියේ පංති කාමර අතර සබඳතාවය ඇති කරමින් ගෝලීය වශයෙන් යෞවන යෞවනියන්ට තිබෙන ගැටළුකාරීත්වයන් පිළිබඳව ගුරුවරුන්ට දැනුම සහ අවබෝධය ලබා දීමට මෙම වැඩසටහන විශාල වශයෙන් උපකාරී වේ. 2012 වර්ෂයේ සිට පැවැත්වෙන මෙම වැඩසටහන හරහා 400කට අධික පාසැල් සම්බන්ධ වී ඇත. එමෙන්ම පාඨමාලා සහ අන්තර්ජාල පුහුණුවීම් හරහා 1000කට අධික ශ‍්‍රී ලාංකික ගුරුවරුන් පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීම මෙන්ම 650කට අධික විදුහල්පතිවරුන් පිරිසකට නායක්ව හැකියාවන් වර්ධනය කරගැනීම සඳහාද මෙම වැඩසටහන මහෝපකාරී වී ඇත.

2015 වර්ෂයේදී ඇරඹී 21 වැනි සියවසට අදාල වූ හැකියා ගුරු පුහුණුවෙහි අරමුණ වන්නේ 21 වැනි සියවසෙහි අධ්‍යාපන හැකියාවන් දේශීය පංති කාමර වෙත රැුගෙන ඒමයි. මෙම පුහුණුව මගින් පංති කාමර තුළ කාර්ය මූලික පර්යේෂණ තුළින් ශ‍්‍රී ලාංකික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත 21 වැනි සියවසට ඔබින හැකියාවන් 6ක් ලබා දෙන පුහුණු සංවර්ධන අවස්ථා හිමි වේ. ශිෂ්‍ය නායකත්වය සහ පුද්ගල සංවර්ධනය, පුරවැසිභාවය, සන්නිවේදනය සහ සහයෝගීතාවය, විචාරශීලී චින්තනය සහ ගැටළු නිරාකරණය, නිර්මාණශීලීත්වය සහ පරිකල්පනය සහ ඩිජිටල් සාක්ෂරතාවය යනු එම හැකියාවන් හයයි.

පංති කාමර ක‍්‍රියාකාරකම් සමීක්ෂණය සම්පූර්ණ කිරීමෙන් පසුව එම ගුරුවරුන්ට බි‍්‍රතාන්‍යයේ සහයෝගීතා පාසලක් සමග වෘත්තීය සහයෝගීතාවයක් සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබිණි. මාස 18කට අධික කාලසීමාවකදී බි‍්‍රතාන්‍ය කවුන්සිලය මෙම පාඨමාලාව හරහා ගුරුවරුන් 800ක් සහ විදුහල්පතිවරුන් 250ක් වෙත පුහුණුව ලබා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ කීත් ඬේවිස් මෙසේ පවසා සිටියේය. "කැපවීමෙන් සේවය ලබා දෙන දැනුමින් පරිපූර්ණ ගුරුවරයෙකු හැර පංති කාමර සඳහා වෙනත් ආදේශකයක් නොමැති බව අපි දැඩිව විශ්වාස කරනවා. අද වන විට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබා ගෙන සිසුන් වෙත 21 වැනි සියවසට ඔබින නිවැරදි අධ්‍යාපන සන්නිවේදනයක් සිදුකිරීමේ හැකියාව ලැබී තිබෙනවා. අපගේ ගුරු පුහුණුවීම් හරහා නව ඉගැන්වීමේ හැකියාවන්ගෙන් සහ දැක්මකින් යුක්ත ගුරු ප‍්‍රජාවක් නිර්මාණය කිරීමේ අවස්ථාව සලසනු ලබනවා."

බි‍්‍රතාන්‍ය පාසල් 11ක් සහ නියෝජිතයින් 22ක්, දේශීය පාසල් 11ක් සමග මේ අවස්ථාවට සහභාගී වූ අතර, තෝරාගත් විදුහල්පතිවරුන්, පුහුණුකරුවන් සහ මධ්‍යම පළාත නියෝජනය කරමින් පුහුණු පාඨමාලාවන් සාර්ථකව හැදෑරූ ගුරුවරුන් මේ අවස්ථාවට සහභාගී වූහ.

රටත් ලෝකයත් සංවර්ධනය කරා වේගයෙන් යන ගමනේදී ඉදිකිරීම් කර්මාන්තයෙන් ලැබෙන පිටුබලය සුවිසල් ය. මෙනිසාම ඉදිකිරීම් කර්මාන්තය සඳහා වන ආකර්ෂණය ද ඉහළ යමින් තිබේ. ඉදිකිරීම් යන්ත්රෝ පකරණ කාර්මික පුහුණුව ගැන තරුණ පරපුරේ උනන්දුව අවධානය වැඩි වී ඇත්තේ ද ඊට සමගාමීව ය.

ඉදිකිරීම් යන්ත්රෝඩපකරණ කාර්මික ශිල්පීන්ට අද වනවිට ශී‍්‍ර ලංකාව තුළ මෙන්ම ඉන් පිටතත් රැකියා අවස්ථා රාශියක් ජනනය වී තිබේ. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල වේගයෙන් සිදුවන සංවර්ධන වැඩ කටයුතු හේතුවෙන් වාර්ෂිකව මැද පෙරදිග කලාපයට අවැසි ඉදිකිරීම් යන්ත්රෝථපකරණ කාර්මික ශිල්පීන්ගේ හිඟයක් ද මතුව ඇත. රැකියා අවස්ථා සුලබ මෙවන් ක්ෂේත්රනයකට ශ්රීක ලාංකික තාරුණ්යඟය පෙළගැස්වීමේ කාර්යයට යුනයිටඩ් ට්රැෙක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) ආයතනය මුල පුරා ඇත්තේ මේ පසුබිම තුළය.

උසස් පෙළට මුහුණ දුන් යොවුන් දරුවන්ට UTE ආයතනයේ ඉදිකිරීම් යන්ත්රෝරපකරණ කාර්මික පාඨමාලාවට එක්වෙමින් තෘතීය හා වෘත්තීය අධ්යාEපන කොමිෂන් සභාව (TVEC) විසින් පිරිනමන NVQ සිව්වැනි මට්ටමේ සහතිකයක් ලබාගනිමින් සුදුසුකම් ලත් දක්ෂ වෘත්තීකයෙකු ලෙස රැකියා ලෝකයට ප්රNවිශ්ට වීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.

ඉදිකිරීම් යන්ත්රෝීපකරණ ක්ෂේත්රයයේ සුපතල නාමයක් වන අමෙරිකා එක්සත් ජනපදයේ CAT සන්නාමය සමඟ පුරා දශක හයකටත් වැඩි කාලයක් තිස්සේ සහයෝගයෙන් කටයුතු කරන UTE සමාගම විසින් මෙම පාඨමාලාව සඳහා ද CATEPILLAR හි දායකත්වය හිමිව ඇත.

එක් සම්පූර්ණ පාඨමාලාවක් ලෙස ක්රි යාත්මක වුවද මෙම පාඨමාලාවෙන් ජාත්යLන්තරව පිළිගත් සහතික දෙකක් එකවර ලබාගැනීමට හැකිවීම මෙහි තවත් විශේෂත්වයකි. එනම් අවුරුදු එකහමාරක අධ්යවයන කාලයකින් පසු CATEPILLAR මගින් පිරිනැමෙන විශේෂ පාඨමාලාවට සිසුන් යොමුවන අතර එහිදී Electrical, Engine Repare, Engine Performance, Hydraulic, Powertrain, Brakes හා Air conditioning යන විෂය ක්ෂේත්රo හත ඔස්සේ පුළුල් දැනුමක් සිසුන්ට හිමි කර දේ.

CATEPILLAR ආයතනය සතු සුවිශේෂ අන්තර්ජාල විශ්ව විද්යාුල පහසුකම් යටතේ ලැබෙන මේ අධ්යාිපනයත් සමග NVQ සිව්වැනි කාණ්ඩයේ සහතිකයට අමතරව CATEPILLAR 07 Fundamental systems නම් ජාත්යකන්තර සහතිකය ද හිමිකරගැනීමේ අවස්ථාව උදාවේ.

ඉගැන්වීමේ කටයුතු සඳහා එක් වන්නේ UTE ආයතනයේ පමණක් සේවය කරන විශේෂ පුහුණුවක් ලැබූ CATEPILLAR ප්රනවීණත්වය ලත් ආචාර්ය මණ්ඩලයකි. වසර ගණනාවක් මුළුල්ලේ CATEPILLAR යන්ත්රෝ පකරණ හසුරුවමින් ලත් පළපුරුද්ද පන්ති කාමරය තුළදී මෙන්ම වැඩබිම තුළදීද සිසුන් වෙත සමීප කෙරේ.

වයස අවුරුදු 18ත් 23ත් අතරේ පසුවන තරුණයින් ඉලක්ක කරගත් මෙම පාඨමාලාවෙහි විශේෂත්වය වන්නේ විශිෂ්ට ඉගෙනුම් කාල පරිච්ඡේදයකින් පසු රැකියා හිමිවීම අනිවාර්ය වීම ය. සාර්ථක ලෙස පාඨමාලා නිම කරන සියලු සිසුන් ඇගැයීමකින් අනතුරුව UTE සමාගම විසින් බඳවා ගනු ලබන අතර දේශීය හා විදේශීය වශයෙන් පවත්නා රැකියා අවස්ථාවන් වෙත ඔවුන් යොමුකිරීම ද UTE සමාගම මගින්ම සිදුවේ.

සම්පූර්ණ පාඨමාලා කාලසීමාව වසර දෙකහමාරක් වන අතර එය ප්රනධාන කොටස් හෙවත් වාර තුනකින් යුක්ත ය. ඒ අනුව පළමු හා දෙවන වාරවලදී මාස තුනක පන්ති කාමර අධ්යතයනයක් හා මාස හයක වැඩබිම තුළ පුහුණුවක් බැගින් හිමිවේ. අවසන් වාරය මාස 12කින් සමන්විත අතර එහි මාස තුනක් පන්ති කාමර අධ්යරයනයටත් ඉතිරි මාස නමය වැඩබිමේ පුහුණුවටත් වෙන්වේ.

තවද ඉගෙනීම් කටයුතු සඳහා අවශ්යත සම්පත් හා සෙසු පහසුකම් ද මෙම පුහුණු මධ්යඉස්ථානය සතුව නොඅඩුව පවතී. රුපියල් මිලියන 200ක වියදමින් ඉදිකෙරුණු මෙම පුහුණු මධ්ය ස්ථානය, එන්ජින් වර්ග 10ක්, ඩෝසර්, පරිගණක පන්ති කාමරයක්, හයිඩ්රොමලික් විද්යානගාරයක් ආදී සම්පත් රැසකින් සමන්විත වේ.

ඉහළ ඉල්ලුමක් ඇති දීප්තිමත් වෘත්තියක් සඳහා මග විවර කරදෙන මෙම පාඨමාලාව සඳහා දැරීමට සිදුවන ආයෝජනය හෙවත් පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ තුනකි. එය පහසු වාරික මත හෝ බැංකු ණය පහසුකම් ඔස්සේ ගෙවීමේ පහසුකම් ද පවතින අතර එකවර මුළු මුදල ගෙවන්නේ නම් සියයට දහයක වට්ටමක් ද ලැබේ. තවද වැඩබිමේ පුහුණු කාලසීමාව තුළදී පමණක් සිසුන්ට යම් මාසික දීමනාවක් ද හිමිවේ.

මේ වනවිට පාඨමාලාව සාර්ථකව හැදෑරූ සිසුන් විස්සකට අධික ප්ර්මාණයක් දේශීය හා ජාත්යවන්තර තලයේ රැකියාවන්හි නියුක්තව සිටින අතර තවත් සිසුන් කණ්ඩායම් කිහිපයක් පාඨමාලා අධ්යායනයේ නිරතව සිටී. 2017 ජනවාරි මසදී නව කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීමට නියමිතය.

සාමාන්යහ ඉගෙනුම් පරිසරයෙන් බැහැරගත ශිෂ්යෂ පුහුණු සංචාර වැඩසටහන් (Outbound Student Mobility Programme) යනු සිසුන් ට විදෙස් සංචාරයක් සමග තම විෂය පථයට අදාළ ඉගෙනීම මෙන්ම සංස්කෘතික අත්දැකීමක් ද ගෙනෙන්නකි. මෑතකදී SLIIT උසස් අධ්යා පන ආයතනය විසින් ඕස්ටේ‍්‍රලියාවේ Deakin විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය කණ්ඩායමක ට එවැනි වැඩසටහනක් සඳහා සත්කාරකත්වය ලබාදුනි. මෙම උපාධි ලකුණු ද රැුගත් වැඩසටහනේ තේමාව වී තිබුණේ ශී‍්‍ර ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය යන්න ය. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ SLIIT හි ජාත්‍යන්තර අංශය හා පරිගණක විද්‍යා පීඨය විසින්වන අතර එය මෙහෙයවනු ලැබූයේ එහි තොරතුරු පද්ධති ඉංජිනේරු අධ්‍යයනාංශය විසිනි.

”කෙටිකාලීන ජාත්‍යන්තර ශිෂ්‍ය වැඩසටහන් සිසුන්ගේ අධ්‍යයන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් විශාල දායකත්වයක් සපයන වටිනා අධ්‍යාපන ව්‍යායාමයක්. Deakin විශ්ව විද්‍යාලයත් සමග අපට ඇති ශක්තිමත් සම්බන්ධය නිසා එම විශ්ව විද්‍යාලයේ සිසුන්ට තම උපාධි පාඨමාලාවේ ලකුණු ලබාදෙන සුවිශේෂී අධ්‍යයන අත්දැකීමක ට අවස්ථාව උදා වී තිබෙනවා. මෑතකදී පැවැත්වුණු වැඩසටහන අතරතුරදී හික්කඩුව, නුවරඑළිය හා අනුරාධපුර කරා ගමන් ගන්නටත් කොළඹ නගරය තුළ සංචාරයක යෙදෙන්නටත් එම සිසුන් ට ඉඩකඩ ලැබුණා. මෙවැනි අවස්ථාවලදී විදේශීය සිසුන් හා එක්ව කටයුතු කිරීමටත් දැනුම වගේම අන්තර් සංස්කෘතික සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමටත් කදිම අවස්ථාවක් SLIIT සිසුන්ටත් හිමිවෙනවා” යැයි SLIIT ප‍්‍රධානී හා ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසීය.

මෙසේ ශී‍්‍ර ලංකාවේ සංචාරයේ යෙදුණු Deakin විශ්ව විද්‍යාල සිසු පිරිස ට මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ සැලසුම් පිළිබඳව මෙන්ම මුහුණ දී ඇති අභියෝග හා දේශීය වශයෙන් භාවිතා කෙරෙන අදාළ තාක්ෂණ ක‍්‍රම ද මෙහිදී හඳුන්වාදිණි. ඔවුන්ගේ අධ්‍යයන පැවරුම පදනම්ව පැවැතියේ ග‍්‍රාමීය වශයෙන් කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ධීවර කර්මාන්තය, ආණ්ඩුකරණය හා සෞඛ්‍ය ආදී ක්ෂේත‍්‍රයන් ට අදාළව තොරතුරු සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීම පිළිබඳව ය.

මෙම අංශයන්හි වර්තමාන ප‍්‍රගතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ක්ෂේත‍්‍ර චාරිකා සිසුන්ට ප‍්‍රයෝජනවත් විය. තමන් විසින් සොයාගැනු ලැබූ කරුණු හා එහි විශ්ලේෂණය ට අනුව ප‍්‍රශ්නය හඳුනාගැනීම, බලපෑම්/ව්‍යාපාර විශ්ලේෂණ සංරචකය, නව අදහස් හා සංකල්ප, ඉදිරිපත් කිරීම්වලට සහාය වන ක‍්‍රමානුරූපණ ආදිය මත පිහිටා තම ව්‍යාපෘති ඉදිරිපත් කිරීම ට ඔවුන්ට සිදුවිය. මේ සියල්ල අතරේ ශී‍්‍ර ලංකාවේ දියුණු සංස්කෘතික හා ස්වභාවික සෞන්දර්යය අත්විඳීමේ අවස්ථාව ද ඔවුනට හිමිවිය.

”විදෙස් අධ්‍යාපන අත්දැකීම්, සිසුන් ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් ජීවිත අවබෝධය සඳහාත් විශාල පිටුවහලක් සපයනවා. එමනිසා මෙම ශිෂ්‍ය, සංචරණ වැඩසටහනත් විදේශීය මෙන්ම දේශීය සිසුන්ටත් අසමසම අත්දැකීමක් සමීප කරන බව අපට විශ්වාසයි. ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් අප කල්පනා කරන්නේ මෙවැනි කි‍්‍රයාකාරකම් තුළින් තරුණ ශිෂ්‍ය ප‍්‍රජාව ට ගෝලීය දක්ෂතා දියුණු කරගන්නත් ගෝලීය මනසක් නිර්මාණය කරගන්නත් අත්වැලක් සැපයෙන බවයි” යනුවෙන් SLIIT ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.
ලිනක්ස් පරිඝණක පද්ධති කළමණාකරණය පිළිබද ජාත්‍යන්තර වෘත්තීය පුහුණුවට අයත් Red Hat වසරේ විශිෂ්ඨතම විදේශීය පුහුණු සහකරු වන ‘Open Enrollment Revenue’ සම්මානය මෙවරද පන්නිපිටියේ PACE Institute ආයතනයට හිිමිවිය. මෙම විශිෂ්ඨතා සම්මානය PACE Institute ආයතනයට හිමි වුයේ පසුගියදා බෙන්තොට Vivanta by Taj හෝටලයේදී පැවැති 2016 Red Hat පුහුණු නියෝජිත සම්මේලනයේදීයි. මෙම සම්මේලනය ස`දහා දකුණු ආසියාවේ Red Hat පුහුණු ආයතනවල නියෝජිතයන් 150කට අධික පිරිසක් සහභාගි වුහ. ඉන්දියාවේ හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක මොහින්ද්‍රා අමරනාත් හා බොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්‍ෂ, නිෂ්පාදක, සංගීත සංයෝජක හා ෆල්ම්ෆෙයාර් සම්මානලාභි විශාල් බර්වාජ් යන මහත්වරුන් ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුහ.

වසරේ විශිෂ්ඨතම Red Hat නියෝජිත ආයතන සදහා ‘Open Enrollment Revenue’ සම්මානය ලබා ගත්තේ පන්නිිපිටිය PACE Institute ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී හා අධ්‍යක්‍ෂ සජිත් ද සිල්වා සහ අධ්‍යක්‍ෂ කපිළ විතානගේ යන මහත්රුන් විසිනුයි. PACE ආයතනයේ ප‍්‍රධාන PACE Institute පුහුණුකරු වන රොහාන් ද සිල්වා සහ වෙළෙද සංවර්ධන කළමණාකරු රජිත කුමාරසිංහ යන මහත්වරුද මෙම අවස්ථාට සහභාගි වූහ.

පසුගිය වසරේ ඉන්දියාවේ රාජස්ථාන්හි ජෝද්පුර් හිදි පැවැති 2015 Red Hat පුහුණු නියෝජිත සම්මේලනයේදී ද පන්නිපිටියේ PACE Institute ආයතනයට වසරේ විශිෂ්ඨතම විදේශීය පුහුණු සහකරු සදහා වන සම්මානය හිිමි විය.

මෙම සම්මාන, PACE Institute ආයතනය විසින් Red Hat වෘත්තීය පුහුණු පාඨමාලා උසස් ප‍්‍රමිතියෙන් ක‍්‍රියාත්මක කිරීමට ලැබුණු මනා සහතිකයක් වන අතර මෙරට ලිනක්ස් පරිඝණක පද්ධති කළමණාකරණය ක්‍ෂෙත‍්‍රය නගාසිටුවීට PACE ආයතනයේ දායකත්වය දිරියටත් අඛණ්ඩව ලබාදීට කටයුතු කෙරෙයි.

PACE Institute ආයතනයේ මෙම වෘත්තීය අධ්‍යාපන මෙහෙවර නිසා Red Hat Certified Architects වෘත්තීවේදීන් 9 දෙනෙකු ශ‍්‍රී ලංකාවේන් බිහිකිරීමට මේවන විට හැකිවී තිබේ. තවද Red Hat Certified System Administrator (RHCSA), Red Hat Certified Engineer (RHCE) සහ Red Hat Certified Expertise වෘත්තීයවේදීන් සිය ගණනක් බිහිකිරීමට හැක වී තිබේ. Red Hat පාඨමාළා 2013 වසරේ මැද භාගයේ දී ආරම්භ කළ පන්නිපිටිය PACE Institute ආයතනය වසර 3 ක් වැනි කෙටි කාලයක් තුල මෙරට ප‍්‍රධානම හා විශිෂ්ඨතම Red Hat පුුහුණු ආයතන බවට පත්වී ඇත.

ලොව ප‍්‍රකට Fortune සමාගම් 500 යෙන් 90‍% ක් පමණ පරිඝණක පද්ධති සදහා ලිනක්ස් භාවිතා කරන නිසා ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන හා වැඩි රැුකියා අවස්ථා ඇති ක්‍ෂෙත‍්‍රයක් ලෙස ලිනක්ස් හැදින්විය හැක.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන PACE Institute හි ප‍්‍රධාන විධායක නිළධාරී සහ අධ්‍යක්‍ෂ සජිත් ද සිල්වා මහතා ප‍්‍රකාශ කරන්නේ අප අනිකුත් අධ්‍යාපන ආයතනවලින් වෙනස් වු වෘත්තීය අධ්‍යාපන ආයතනයක් බවය. ජාතික හා ජාත්‍යන්තර වෘත්තීය සුදුසුකම් සදහා පාඨමාලා ක‍්‍රියාත්මක කරන අතරතුර සාර්ථක වෘත්තීයවේ්දියෙකුට අවශ්‍ය කුසලතා වර්ධනය කරමින් සමාගමක දියුණුවට ඉහල දායකත්වයක් දැක්විය හැකි වෘත්තීවේදියෙකු බිහිකිරීමට අප කැපවී සිටිනවා. අපේ පරමාර්ථය වන්නේත් ව්‍යාපාර

විශිෂ්ඨතාවය වෙනුවෙන් මානව සම්පත සවිබල ගැන්වීම වන අතර එය ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවන අතර කිසිම් අයෙකු එම කටයුත්ත ආරම්භ කළ යුතු බවද සජිත් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Red Hat පුහුණු පාඨමාලා වලට අමතරව පන්නිපිියේ PACE Institute ආයතනය ක්‍ෂෙත‍්‍ර ගණනාවක වෘත්තීය පුුුහුණු පාඨමාලා ක‍්‍රියාත්මක කරන අතර අයර්ලන්තයේ ඩිජිටල් මාකටින් ආයතනය සමග අනුබද්ධවෙමින් ඩිජිටල් මාකටින් වෘත්තීය පුහුණුව, ICDL වැනි ජාතන්තර පරිඝණක සහතික හා වෙබ් අඩවි නිර්මාණ නිර්මාණය ඇතුඵ පාඨමාලා ඒ අතර වේ.

පන්නිපිටිය PACE Institute ආයතනය වෘත්තීය අධ්‍යාපනයට පිවිසෙන්නේ දරුවන් දක්‍ෂයින් කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සමග වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සදහායි. ඒ සදහා දරුවන්ගේ සහජ දක්‍ෂතා හදුනාගනිමින්, ඔවුන් දිරිමත් කරමින්, වෘත්තීය මෘදු කුසලතා Soft Skills වර්ධනය කරමින් රැුකියා වෙළෙදපල ඉල්ලන වෘතිතීයවේදියෙකු නිර්මාණය කිරීම PACE Institute ආයතනයේ අරමුණයි.
සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ඉගෙනුම් හා පර්යේෂණ සඳහා යහපත් වාතාවරණයක් ගොඩනැඟීමට හොඳම සම්පත් යොදාගැනීමේ SLIIT අභිප‍්‍රාය අනුව යමින් බිහිකර ඇති SLIIT ආයතනයේ පුස්තකාල සේවාව ස්වයං අධ්‍යාපනයටත් දිගුකාලීන කියැවීමේ පුරුද්ද ඇති කරගැනීමටත් පදනමක් සපයා තිබේ. මාලබේ, කොල්ලූපිටිය හා මාතර යන SLIIT මධ්යනස්ථානයන්ගේ පිහිටි පුස්තකාලයන්හි සියලූ විෂයන්ට අදාළ පොත් මෙන්ම ගුරුවරුන් විසින් නිර්දේශිත පොත්පත්,විදග්ධ රචනා, පරිශීලන පොත්, සඟරා, සරල කියැවීම් පොත්, ව්‍යාපාරික සඟරා, ශබ්ද කෝෂ, විශ්ව කෝෂ, පරිශීලක හා පුළුල් DVD හා CD එකතුවක් දක්නට ලැබේ.

මෙම පුස්තකාලවල දැකිය හැකි තවත් සුවිශේෂීතාවක් වන්නේ සිසුන්ට පොත් ලබාගැනීම, නැවත අලූත් කරගැනීම, ඉල්ලූම් කිරීම හා පොත් වෙන්කරවා ගැනීම ආදිය සඳහා ස්වයංකී‍්‍රය පද්ධතියක් ද මෙම පුස්තකාලවලට එක් කර තිබීමයි. මෙම පහසුකම් පිළිබඳ අදහස් දක්වමින් SLIIT හි පුස්තකාලාධිපතිනිය වන පුෂ්පමාලා පෙරේරා මහත්මිය සඳහන් කළේ, SLIIT ආයතනය භාවිත කරන පුස්තකාල ස්වයංකී‍්‍රයකරණ පද්ධතිය SLIIT ආයතනය තුළම නිෂ්පාදනය කරනු ලැබූවක් වන බවයි.

”අප ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු සේවා අංශය විසින් නිර්මාණය කරනු ලැබූ මේ පුස්තකාල ස්වයංකී‍්‍රයකරණ මෘදුකාංගය අපි 2005 වසරේ සිට භාවිතා කරනවා. කාර්මික තාක්ෂණ ආයතනය, ලංකා තේ මණ්ඩලය, ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය, ජාතික අධ්‍යාපන ආයතනය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, ශාන්ත පීතර විදුහල හා රාජකීය විදුහල යන ආයතනවලත් භාවිත කරන්නේ අප විසින් වැඩිදියුණු කරනු ලැබූ මේ මෘදුකාංගයයි”යනුවෙන් ඇය පැවසුවාය.

SLIIT ආයතනය විසින් පිරිනමන උපාධි පාඨමාලා සංඛ්‍යාව ඉහළයාමත් ඊට අනුරූපව සිසුන් සංඛ්‍යාවේ ඉහළ යාමත් නිසා පුස්තකාල සේවාවන් භාවිතයේදී පවතින අධික පොත් වර්ගීකරණය හමුවේ මෙම ස්වයංකී‍්‍රය පුස්තකාල මෘදුකාංගය මහත් පිටිවහලක් වී තිබේ.

එමෙන්ම සිසුන්ට අන්තර්ජාලීය පොදු පිවිසුම් සූචියක් ද ඉදිරිපත් කර තිබේ. ඒ පුස්තකාලයේ වෙබ් පද්ධතිය ඇසුරිනි. එහි ඊ-පොත් Ebooks මෙන්ම සඟරා, පැරණි විභාග ප‍්‍රශ්න පත‍්‍ර, නිර්දේශීත ග‍්‍රන්ථ හා විවිධ ශබ්ද මාලා ඇතුළත්වේ.

මේ අතර ‘Emerald Insight’ ඇතුළු විවිධ දත්ත පද්ධති රාශියක් ද SLIIT වෙබ් පුස්තකාල සේවාව හරහා ලබාගත හැක. සියලූ සිසුන්ට එකවිට අනුගත විය හැකි දත්ත පද්ධති අතරින් ව්‍යාපාර, සිවිල් ඉංජිනේරු, ගණකාධිකරණ, කළමනාකරණ හා මානව සම්පත් යන අංශ වඩා වැඩි වැදගත්කමක් උසුළයි. තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර හා ඉංජිනේරු උපාධි පාඨමාලාවලට අදාළ සිසුන් වෙනුවෙන් ‘IEEE Xplore’ නම් ජනපි‍්‍රය දත්ත පද්ධතිය සඳහා දායකත්වය දරණ අතර සිසුන්ට අදාළ ලිපි අතර සැරිසැරීමට මෙන්ම ඒවා බාගත කිරීමේ අවස්ථාව ද පවතී. මෙම සුවිශේෂී විෂය කරුණු අඩංගු දත්ත පද්ධතියේ දායකත්වය ලබා ඇත්තේ මෙරට අධ්‍යාපන ආයතන හතරක් පමණි.

2016 ඔක්තෝබර් 26, කොළඹ- 1990 වසරේ සිටම මෙරට තොරතුරු තාක්ෂණ අධ්‍යාපන අංශයේ ප‍්‍රමුඛයා වන Informatics Institute of Technology (IIT) ආයතනය සිය 22 වැනි උපාධි ප‍්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවත්වී ය.

මෙහිදී සිසු සිසුවියන් 200 කට ආසන්න පිරිසක් මෘදුකාංග ඉංජිනේරුකරණය සම්බන්ධ ගෞරව උපාධිය [BEng (Hons) in Software Engineering]" , තොරතුරු පද්ධති සහ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ ගෞරව උපාධිය [BSc (Hons) in Information Systems with Business Management] සහ උසස් මෘදුකාංග තාක්ෂණය පිළිබඳ උපාධිය (MSc in Advanced Software Engineering) යන උපාධි හිමිකර ගත්හ. මෙම ප‍්‍රථම හා පශ්චාත් උපාධි පිරිනමන ලද්දේ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය මගිනි.

මෙම උපාධි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජාත්‍යන්තර රොටරි සමාජයේ 105 වැනි සභාපති සහ එම තනතුරට පත්වූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා වන කේ. ආර්. රවීන්ද්‍රන් මහතා ය. එමෙන්ම වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඇලෙක්සැන්ඩ‍්‍රා හියුස්, ඉන්ෆොමැටික්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගාමිණී වික‍්‍රමසිංහ, IIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නන්ගර සහ එම ආයතනයේ පීඨාධිපති ආචාර්ය රුවන් වීරසිංහ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාව එක්වූහ.

මෙම වසරේ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සිසු සිසුවියන් අතරින් රයන් ජොයෙල් පෝලියර් වෙත තොරතුරු පද්ධති සහ ව්‍යාපාර කළමනාකරණය සඳහා වන ආචාර්ය ගාමිණී වික‍්‍රමසිංහ සම්මානය පිරිනමන ලදි. මෘදුකාංග ඉංජිනේරුකරණ විශිෂ්ටත්වය සඳහා වන ආචාර්ය ගාමිණී වික‍්‍රමසිංහ සම්මානය මිනෝලි වර්ජිනියා පෙරේරා විසින් දිනාගන්නා ලද අතර උසස් මෘදුකාංග ඉංජිනේරුකරණ පශ්චාත් උපාධිය සඳහා වන ආචාර්ය ගාමිණී වික‍්‍රමසිංහ සම්මානය දිනාගන්නා ලද්දේ ප‍්‍රසාංගි නිලූෂා දයාරත්න විසිනි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ IIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නන්ගර මහතා පෙන්වා දුන්නේ පසුගිය වසර 26 ක කාලය පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධ ලොව උසස්ම තත්ත්වයේ බි‍්‍රතාන්‍ය අධ්‍යාපනය මෙරට සිසු සිසුවියන් වෙත ලබාදීමට IIT ආයතනය කටයුතු කර ඇති බවයි. ‘‘මේ කාලය පුරා 3,000 කට අධික සිසු සිසුවියන් පිරිසකට ජාත්‍යන්තර තලයේ සුදුසුකම් පිරිනැමීමට අපට හැකියාව ලැබුණා. මේ අය මේ වනවිට ලොව රටවල් 25 කට අධික සංඛ්‍යාවක ප‍්‍රධාන පෙළේ සමාගම්වල ඉහළම මට්ටමේ තනතුරු හොබවනවා. ඒ වගේම ඔවුන් බොහෝ දෙනෙක් තමන්ගේ ක්ෂේත‍්‍රවල කැපීපෙනෙන නවෝත්පාදකයන්, නායකයන් හා ව්‍යවසායකයන් බවට පත්වී සිටිනු දැකීම අපට විශාල සතුටක්. අධ්‍යාපනය ඔස්සේ සෑම ශිෂ්‍යයෙකු හා ශිෂ්‍යාවකම අතිවිශිෂ්ට මට්ටමේ දක්ෂතා ඇති පුද්ගලයෙකු බවට පරිවර්තනය කිරීම IIT ආයතනයේ ඉලක්කයයි. එවැනි ඇති දක්ෂ පුද්ගලයන් සඳහා වර්තමාන ඩිජිටල් ලෝකයේ ඉතාමත් ඉහළ ඉල්ලූමක් පවතිනවා.’’ කන්නන්ගර මහතා පැවසී ය.

‘‘අප සිසුන් සූදානම් කරවන්නේ සැබෑ ලෝකයේ පවතින අභියෝග ජයගැනීමට හැකිවන පරිද්දෙනුයි. එමෙන්ම අපගේ පාඨමාලාවල ස්වභාවය නිසා උපාධිධාරීන්ට නිසැකව රැුකියා අවස්ථා හිමි වනවා. IIT ආයතනය මේ තරම් ජනප‍්‍රිය වීමට හේතුවක් වී ඇත්තේ එහි අනිවාර්ය අංගයක් වන අධ්‍යයන සංස්කෘතිය හා සම්ප‍්‍රදායයි. 1990 වසරේ සිටම නිසි කුසලතා වලින් පරිපූර්ණ සිසු සිසුවියන් බිහිකරන ආයතනයක් ලෙස අපගේ ආයතනය ලොව ක්ෂේත‍්‍ර රැුසක පිළිගැනීමට ලක්වී තිබෙනවා.’’ ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

IIT ආයතනය යනු දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැුසකින් පිදුම් ලැබූ උසස් අධ්‍යාපන ආයතනයකි. 2016 වසරේදී පැවති National Best Quality Software Awards (NBQSA) සම්මාන උළෙලේදීද තෘතීය තාක්ෂණ අධ්‍යාපන කාණ්ඩය යටතේ රිදී සම්මානයක් සහ කුසලතා සම්මානයක් මෙන්ම තෘතීය ව්‍යාපාර අධ්‍යාපන කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමිකරගැනීමට එම ආයතනය සමත් විය. පසුගිය වසර කිහිපය තිස්සේ IIT ආයතනයෙන් උපාධි ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර එය ආයතනයේ ජනප‍්‍රියත්වයට සහ එහි අධ්‍යාපන මට්ටමේ විශිෂ්ටත්වයට මනා සාක්ෂියකි. ජාත්‍යන්තර මට්ටමේ උපාධිධාරීන් බිහිකරමින් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ උන්නතියට IIT ආයතනය කේන්ද්‍රීය දායකත්වයක් ලබාදී ඇත.

වැඩිදුර විස්තර සඳහා කරුණාකර www.iit.ac.lk වෙත පිවිසෙන්න. නැතිනම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයෙන් හෝ 0722 727272 දුරකථන අංකයෙන් විමසන්න.

සිය කොළඹ සහ මහනුවර මධ්‍යස්ථාන අලූත්වැඩියා කිරීමෙන් පසුව පිළිවෙළින් සැප්තැම්බර් 27 සහ 29 යන දිනවල යළි විවෘත කිරීමට ශ‍්‍රී ලංකා බි‍්‍රතාන්‍ය කවුන්සිලය කටයුතු කළේ ය. මෙම අවස්ථාවට බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂ කීත් ඬේවීස්, එහි සභාපති ක‍්‍රිස්ටෝෆර් රොඩි‍්‍රග්වේස් සහ එහි භාරකරුවෙකු ලෙස කටයුතු කරන රොහාන් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

”බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ අරමුණ වන්නේ විසි එක්වන සියවසේ තුන්වන දශකය වනවිට බි‍්‍රතාන්‍යයට ඉතාමත් වැදගත් වන ආයතනයක් බවට පත්වීමයි. ලොව පුරා රටවල් සමග අත්වැල් බැඳගෙන මෙම අරමුණ ඉෂ්ට කරගැනීමට අප කටයුතු කරනවා. දැනටමත් අප රටවල් 110 කට අධික සංඛ්‍යාවක අධ්‍යාපන, කලා සහ සංස්කෘතික ක්ෂේත‍්‍ර සහ සිවිල් සමාජයන් හා සමග එක්වී අදාළ රටවලට මෙන්ම බි‍්‍රතාන්‍යයට වැදගත්වන කටයුතුවල නිරත වී සිටිනවා. ශ‍්‍රී ලංකාව තුළත් අප කටයුතු කරන්නේ මේ අරමුණ ළගා කරගැනීම ඉලක්ක කරගෙනයි.” බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ සභාපති ක‍්‍රිස්ටෝෆර් රොඩි‍්‍රග්වේස් මහතා පැවසී ය.

දේශීය සිසු සිසුවියන්ට ඉංග‍්‍රීසි භාෂාව මෙන්ම කලාව, අධ්‍යාපනය සහ සමාජයීය දැනුම ඉහළ නංවාගැනීම සඳහා ඇති අවස්ථාවන් පුළුල් කරන අතරම අදාළ වැඩසටහන් කෙරෙහි දීර්ඝකාලීන කැපවීමක් සමගින් පුළුල් මට්ටමේ ආයෝජනයන් සිදුකිරීම සඳහා බි‍්‍රතාන්‍ය කවුන්සිලය සූදානමින් සිටී. රටේ සිටින නිර්මාණශීලී වෘත්තිකයන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට එම ආයතනය විසින් මේ වනවිට නේවාසික පුහුණු පාඨමාලා සහ වැඩමුළු හඳුන්වා දී ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් කල, Connecting Classrooms වැනි වැඩසටහන් මගින් දැනටමත් ශ‍්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ පාසල් 300 කට අධික ප‍්‍රමාණයක් සම්බන්ධ කර ඇති අතර ගුරුවරුන් 250 කට අධික සංඛ්‍යාවකට පුහුණුව ලබාදීමට සහ විදුහල්පතිවරුන් 150 දෙනෙකුට අධික පිරිසකගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට දායක වී තිබේ. එමෙන්ම මෑතකදී World Branding Forum විසින් අධ්‍යාපනය කාණ්ඩය යටතේ වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස බි‍්‍රතාන්‍ය කවුන්සිලය ඇගයීමට ලක්කරන ලදි.

ආරම්භයේ සිටම බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලය මෙරට ජනතාව අතර විශාල ජනප‍්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී ඇත. කොළඹ, මහනුවර සහ යාපනය යන ප‍්‍රදේශවල පිහිටි පුස්තකාලවලට අමතරව ධරසදබ ක්‍සඑහ හි නව පුස්තකාලයක් ස්ථාපිත කිරීමට බි‍්‍රතාන්‍ය කවුන්සිලය කටයුතු කළේ ය. පුස්තකාලයක් යනු බාහිර ලෝකයෙන් වෙන්වන තරමටම බාහිර ලෝකය හා සම්බන්ධ විය යුතු ස්ථානයක් බව විශ්වාස කරන බි‍්‍රතාන්‍ය කවුන්සිලය සෑම විටම පරිශීලකයන්ට විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීම සඳහා නව තාක්ෂණයන් සහ නව ක‍්‍රමවේද භාවිතයට ගැනීම සඳහා උත්සාහ කරයි. මෙම පුස්තකාලවලදී භාෂා හැකියාවන් දියුණු කරගැනීමට මෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ, IELTS, Cambridge English සහ IGCSE වැනි විභාග සඳහා සූදානම් වීමට අවශ්‍ය පොත්පත් සහ අන්තර්ජාල මූලාශ‍්‍ර 70,000 අධික සංඛ්‍යාවක් පරිශීලනය කිරීමේ අවස්ථාව සලසා දී ඇත.

”අලූත්වැඩියා කටයුතු අවසන් වී මෙම මධ්‍යස්ථාන නැවත විවෘත වීම අපට වගේම අප හා අත්වැල් බැඳගෙන සිටින සියලූම දෙනාටත් විශාල් සතුටක් වේවි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව තුළ අපගේ මෙහෙවර මෙවැනි දේවල්වලට සීමා වන්නේ නැහැ. අපගේ මූලික අරමුණ වන්නේ හවුල් ව්‍යාපෘති සහ තිරසාර සම්බන්ධතා හරහා එක්සත් රාජධානියේ විශිෂ්ටතම දේවල් ශ‍්‍රී ලංකාව වෙත රැුගෙන ඒමයි.” බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂ කීත් ඬේවීස් මහතා පැවසී ය.

මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාව විවිධ සංස්කෘතික හා කලා විශේෂාංග වලින් රසවත් කිරීම සඳහා Baliphonics, Kingsouth, JDS Beats Trio වැනි කණ්ඩායම් සහ ශ‍්‍රී ලංකා ඇමරිකානු ගායිකාවක වන මෙලෝනිනා ද එක්විය. උත්සවයෙන් අනතුරුව ආරාධිතයන් වෙනුවෙන් කොක්ටේල් සාදයක්ද පවත්වන ලදි.

පළමු කණ්ඩායමට තෝරාගත් සිසුන් 10 දෙනෙකුට අති නවීන යන්ත‍්‍ර මගින් පුහුණුව. CICT සමාගම NAITA වෙත පරිගණක 20 ක් පරිත්‍යාග කරයි.

දොඹකර ක‍්‍රියාකරුවන් පුහුණු කිරීම සඳහා කොළඹ වරායේ දකුණු බහාලූම් පර්යන්තයේ පහසුකම් සලසමින් කලම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් CICT සමාගම විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට NAITA සහයෝගය දක්වන බව නිවේදනය කර තිබේ.

මෙම නව වැඩසටහන CICT සමාගමේ ආයතනික සමාජ වගකීම් න්‍යාය පත‍්‍රයේ කොටසක් වන අතර මේ යටතේ පළමු කණ්ඩායම ලෙස ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ තෝරාගත් සිසුන්් 10 දෙනෙකු සමාගමේ අති නවීන දොඹකර මගින් රැුකියා පුහුණුව ලබනු ඇත.

මීට අමතරව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට දක්වන සහයෝගයේ කොටසක් ලෙස CICT සමාගම පසුගියදා අධිකාරියේ ඉගෙනුම ලබන සිසුන්ගේ පරිහරණය සඳහා පරිගණක 20 ක්ද පරිත්‍යාග කරන ලදී.

‘‘ප‍්‍රජාවගේ අවශ්‍යතාවයන් සඳහා සෑම විටම සහයෝගය දැක්වීම CICT සමාගමේ ප‍්‍රමුඛ කාර්යයක්ල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, රේ රෙන් මහතා සඳහන් කළේය. ‘‘පර්යන්ත මෙහෙයවීමේ සහ කුසලතා ගොඩනැගීමේ වෙළඳ පොළ ප‍්‍රමුඛයා ලෙස අපි විශ්වාස කරන්නේ ශ‍්‍රී ලංකාවේ තරුණ ප‍්‍රජාවගේ කුසලතා සංවර්ධනය වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම ආයෝජනය කළ යුතු බවයි. මේ රට වෙනුවෙන් අපගේ තිබෙන කැපවීම හේතුවෙන් ඉතාමත් වටිනා යන්ත‍්‍ර NAITA සිසුන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා අපි ලබාදෙන්නේ අවධානමක්ද ලබාගනිමිනුයි. මෙම විධිමත් පුහුණු වැඩසටහන සඳහා අපගේ විශේෂඥයින්ගේ සහයෝගයද අපි ලබාදෙනවා.’’

අති නවීන පහසුකම් ඇති පරිසරයකදී අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබාදීම තුළින් මෙම සිසුන්ට නිශ්චිත තාක්ෂණයක් සහ දැනුමක් මෙම පුහුණු වැඩසටහන මගින් ලබාදෙන නිසා එහි වටිනාකම තවත් වැඩිවී ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ තරුණ ප‍්‍රජාව වෙනුවෙන් CICT සමාගමේ දොඹකර ක‍්‍රියාකරුවන්ගේ වෘත්තීය පුහුණු වැඩසටහන ආරම්භ කිරීම සහ පරිගණක ප‍්‍රදානය කිරීම පසුගියදා මානව සම්පත් කළමනාකරණ ආයතනයේදී IPM පවත්වන ලදී. මෙම අවස්ථාවට CICT සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, රේ රෙන් මහතා, සාමාන්‍යාධිකාරී - වාණිජ සහ අලෙවිකරණ, තිස්ස වික‍්‍රමසිංහ මහතා, මානව සම්පත් සාමාන්‍යාධිකාරී, මංජුල කරලියැද්ද මහතා, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පුහුණු අධ්‍යක්ෂිකා, නිරෝෂා සුබෝධනී මෙනෙවිය සහ එම අධිකාරියේ දිස්ත‍්‍රික් කළමනාකාරිනී, තුසිතා තිලකවර්ධන මෙනෙවිය සහභාගී විය.

සමාගම විසින් වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කර වසර තුනකටත් අඩු කාලයක් වුවත් මෙරට සමාජ සත්කාරක වැඩසටහන් රැුසක් සඳහා සහයෝගය දක්වා තිබේ. ගංවතුර ආධාර, කොස්ලන්ද නාය යෑමෙන් අසරණ වූ ජනතාවට මුදල් ආධාර සහ වියලි සලාක ලබාදීම, ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට SLTA රෝද පුටු ටෙනිස් වැඩසටහනක් සඳහා අනුග‍්‍රහය ලබාදීම, චයිනා මර්චන්ට් චැරිටබල් ෆවුන්ඬේෂන් මගින් මෑතකදී සිදුකළ ඩොලර් 60,000 ක වටිනාකමින් යුත් අක්ෂි පටල ශල්‍ය කර්ම වලට අවශ්‍ය උපකරණ ප‍්‍රදානය කිරීම මෙම ප‍්‍රදාන අතරට ඇතුළත් වේ.

2013 වසරේ ජූලි මාසයේදී මෙහෙයුම් ආරම්භ කළ CICT සමාගම විසින් කොළඹ වරායේ කොළඹ දකුණු පර්යන්තය කළමනාකරණය කරන අතර දැවැන්ත නෞකා මෙහෙයුම් කටයුතු කිරීමට පහසුකම් සහිත දකුණු ආසියාවේ තිබෙන පළමු සහ එකම ගැඹුරු දිය බහාලූම් පර්යන්තය මෙය වේ.

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු වන සිංගර් සිය සමාජ මෙහෙවරහි තවත් පියවරක් ඉදිරියට තබමින් අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළින් දස්කම් දැක්වූ සිසුන් 12 දෙනකු වෙත නවතම සිංගර් X Series ලැප්ටොප් 12ක් පිරිනමයි.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම ලැප්ටොප් ප්‍රදානය කිරීම පසුගිය අගෝස්තු 23 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, සහ එම සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා ද එක්වූහ.

නවතම Intel Core i5 සහ 6th Generation ප්‍රොසෙසරයකින් යුක්ත සිංගර් X Series ලැප්ටොප් , 4GB RAM, 1TB Hard Disk, 15.6" HD Display, DVD RW Drive, Integrated HD Web Camera, Multi Card Reader, Wi-Fi and Bluetooth පහසුකම් වලින් සහිත වෙයි. නියම Windows 10 මෙහෙයුම් පද්ධතියකින් ද මෙම ලැප්ටොප් සමන්විත වෙයි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වමින් සිංගර් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නැංවීම සඳහා සිංගර් නිරන්තරයෙන් සහය දක්වන බවයි. වර්තමාන තරඟකාරී ලෝකයට ගැලපෙන පුරවැසියෙකු බිහිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමින් සන්නද්ධ වී සාර්ථකව අභියෝග වලට මුහුණ දෙමින් සිය අනාගත සිහින සැබෑකරගැනීමට සිසුන්ට අවශ්‍ය උපකරණ සහ සම්පත් සැපයීමට හැකිවීම සිය සමාගම ලද භාග්‍යයක් බවද හෙතෙම සඳහන් කළේය. මෙලෙස ප්‍රදානය කෙරෙන ලැප්ටොප් මෙම සිසුන්ගේ උසස්පෙළ අධ්‍යාපන කටයුතු වලදී පමණක් නොව උපාධි මට්ටමේ අධ්‍යයන කටයුතු සඳහාද ප්‍රයෝජනවත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෑතකදී සිංගර් මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයක් බවට ද පත්වූ අතර ඒ සමඟින් මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාම බවට පත්වූ අනකුත් ලොව ප්‍රමුඛ සමාගම් වෙත හිමිවන පහසුකම් රැසකට හිමිකම් කීමට සිංගර් සමාගම සුදුසුකම් ලබා ඇත. මෙම උපක්‍රමීය පියවර තුළින් සිංගර් මයික්‍රොසොෆ්ට් හා ගිවිසුම්ගතව කටයුතු කරන ලොව ප්‍රමුඛ වෙළඳ නාම අතරට එක්විය. මේ අනුව මයික්‍රොසොෆ්ට් හි සහකරුවන් වශයෙන් ලොව පිළිගත් ජාත්‍යන්තර සම්මත ප්‍රමිතීන්ට අනුව සිංගර් ශ්‍රී ලංකා කටයුතු කරන බව තහවුරු කර තිබේ.

පාරිභෝගික පහසුව තකා සිංගර් දිවයින පුරා අලෙවි සැල් 400 ක් පමණ පවත්වාගෙන යන අතර ඒ හා සමගාමීව අලෙවියෙන් පසු සේවා ජාලයක් ද පවත්වාගෙන යනු ලබයි. මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ දිවි පෙවෙත නංවාලීම සඳහා සිංගර් දෛනිකව නන් අයුරින් දායක වෙයි. පෝෂණීය අධ්‍යාපනය, ක්‍රීඩා, සෞඛ්‍ය සහ පරිසර ආරක්ෂාව මෙන්ම තවත් සමාජ ක්‍රියාකාරකම් රැසක් සඳහා ද සිංගර් දායක වන්නේ මෙරට ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහාය. සිංගර් සමාගම අඛණ්ඩව වසර 10 ක් පුරා "මෙරට අංක එකේ ජනතාවගේ වෙළඳ නාමය "යන සම්මානය ආදී සම්මාන ගණනාවක් ද දිනා තිබේ.

අන්තර් ජාලය ඔස්සේ විවිධ විෂයයන් සඳහා පාඨමාලා ලබාදීම වෙනුවෙන් කැපවූ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම වෙබ් අඩවිය වන Guru.lk විසින් ශ‍්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය IBSL විසින් පවත්වන බැංකු විභාග වෙනුවෙන් සූදානම්වීම සඳහා හඳුන්වා දුන් අන්තර්ජාල අධ්‍යන පැකේජ අලෙවි කිරීමේ වාර්තාගත සංධිස්ථානයකට පැමිණ තිබෙන බව අනාවරණය වේ.

සමාගම පවසන්නේ Intermediate in Applied Banking & Finance (IABF) විභාගය සහ Diploma in Applied Banking and Finance (DABF) විභාගය සඳහා හඳුන්වා දුන් අන්තර්ජාල අධ්‍යන පැකේජ පසුගිය මාස 18 ක කාලය තුළදී 5000 කට වැඩි ප‍්‍රමාණයක් අලෙවි වී තිබෙන බවත් බැංකු සිසුන් වෙනුවෙන් මෙම අධ්‍යන පැකේජවල තිබෙන වටිනාකමල මෙයින් පිළිඹිබු වන බවයි. ශ‍්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ විභාග සඳහා ශ‍්‍රී ලංකාව තුළ අවසර ලත් අන්තර්ජාල අධ්‍යන මධ්‍යස්ථානය වන්නේ www.guru.lk වෙබ් අඩවියයි.

මෙම විභාග වෙනුවෙන් සූදානම් වන සිසුන් වෙනුවෙන් www.guru.lk විසින් හඳුන්වාදුන් අධ්‍යන පැකේජ අන්තර් ජාලය ඔස්සේ මෙන්ම DVD ලෙස සිංහල භාෂාවෙන් ලබාගත හැකි අතර එමගින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කෙරේ. මෙම අධ්‍යන පැකේජ සෑම අංශයකම ආකෘති ප‍්‍රශ්න වලින් සහ පිළිතුරු වලින් යුක්ත වන අතර විභාගයට ආසන්න දිනකදී බැංකු අංශයේ ප‍්‍රමුඛයින් විසින් සෑම විෂයක් වෙනුවෙන්ම මෙහෙයවන අන්තර්ජාල වැඩමුළුව සඳහා සහභාගීවීමේ අවස්ථාවද මෙම අධ්‍යන පැකේජ මිලදීගත් සිසුන්ට හිමිවේ.

සිසුවෙකුට පන්තියක් වෙත ගොස් ඉගෙන ගැනීමට යන පිරිවැයෙන් තුනෙන් එකකටත් අඩු මුදලක් මෙම අධ්‍යන පැකේජ සඳහා වැයවන අතර පන්තියක් වෙත යෑමට කාලය සොයා ගැනීමට අපහසු අර්ධ- වෘත්තීය සිසුන් සඳහාද මෙම අධ්‍යන පාඨමාලා ඉලක්ක කර තිබේ. මීට අමතරව, පන්ති සොයා ගැනීමට අපහසු ප‍්‍රදේශවල සිටින සිසුන්ටද මෙම පාඨමාලා ප‍්‍රයෝජනවත් බව සමාගම සඳහන් කරයි.

‘’බැංකු සිසුන් වෙනුවෙන් අපි ඉදිරිපත් කළ පාඨමාලා ඉතාමත් සාර්ථකවීම පිළිබඳව අපි සතුටු වෙනවාල’’ යනුවෙන් www.guru.lk වෙබ් අඩවියේ හිමිකරු හෙඞ්ස්ටාර්ට් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී හසිත දෑල මහතා පැවසීය. ‘‘මෙම අධ්‍යන පැකේජ භාවිතා කළ සිසුන් විභාගෙන් සමත්වූ ඉහළ ප‍්‍රතිශතය මෙහි ජනප‍්‍රියභාවය අඛණ්ඩවම වැඩි කිරීමට හේතුවී තිබෙනවා. එසේම, අන්තර්ජාල අධ්‍යනයේ තිබෙන පහසුවත් අපගේ අධ්‍යන පැකේජ දැරිය හැකි මිලකට ලබාගැනීමට හැකිවීමත් ජනප‍්‍රියත්වය වැඩිවීමට හේතුවක්ග හපුතලේ ප‍්‍රදේශයේ බැංකු නිළධාරියෙකු වන අංජන ජයසිංහ මහතා අ.පො.ස. උසස් පෙළ විභාගයට වාණිජ විෂයන් ඉගෙන නොගත් සිසුවෙකු ලෙසත් පන්ති සඳහා ප‍්‍රවේශවීමේ අවස්ථාවන් අඩු සිසුවෙකු ලෙසත් බැංකු විභාග වලින් සමත්වීමට මට මෙම බැංකු අධ්‍යන පැකේජය ඉතාමත් ඉහළ ලෙස උපකාරී වුණාල’’ යැයි පැවසුවේය.

මෙම අධ්‍යන පැකේජ භාවිතා කළ සිසුන්ගෙන් 82% ක සුවිශේෂී ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය IBSL විසින් 2015 සැප්තැම්බර් මාසයේදී පැවැත්වූ Intermediate in Applied Banking & Finance (IABF) විභාගයෙන් සමත්වූ අතර එය මෙම විභාගය සඳහා සහභාගී වූ සිසුන්ගේ සාමාන්‍ය අගයට වඩා ඉතාමත් ඉහළ ප‍්‍රතිශතයකි.

මෙම පාඨමාලාව මිලදීගත් දින සිට මාස හයක් භාවිතා කිරීමේ හැකියාව තිබෙන අතර මෙය අලෙවි කරන්නේ ඇප සුරැුකුමක් සහිතවයි. එනම්, මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ සිසුවෙකු බැංකු විභාගය අසමත් වුවහොත් මෙම පාඨමාලාව භාවිතා කිරීමේ කාල සීමාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමේ පොරොන්දුව පිට මෙම පාඨමාලා අලෙවි කරනු ලබයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අධ්‍යාපන වෙබ් අඩවිය වන www.guru.lk විසින් අන්තර්ජාල අධ්‍යාපන පාඨමාලාවන් 100 කට වැඩි ප‍්‍රමාණයක් ලබාදෙන අතර ඒවා පාසැල් විෂය මාලාවේ සිට වෘත්තීය අධ්‍යාපනය සහ විනෝදාස්වාදය දක්වාත්, තොරතුරු තාක්ෂණික, රූපලාවන්‍ය සහ ආහාරපාන සැකසීම, ගායනය යන දක්වාත් පුළුල් පරාසයක විහිදේ. මෙම වෙබ් අඩවිය අයත්වන හෙඞ්ස්ටාර්ට් ප‍්‍රයිවට් ලිමිටඞ් (මීට පෙර Felidae විසින් විදුලි සංදේශ සමාගම්, පුද්ගලික අංශය සහ පාසැල්වල තොරතුරු තාක්ෂණික විද්‍යාගාර සඳහා නොමිලේ දැනුම ලබාදෙන ‘සිප්ණැන-ගුරු’ පාසැල් වැඩසටහන ඇතුළු රජයේ වැඩසටහන් හා බොහෝ අන්තර්ජාල ඊ-අධ්‍යාපන වැඩසටහන් සඳහා සවිබලය ලබාදෙයි.

ඉහළ සමත්කම් දක්වන සිසු දරුවන්ට 2017 මුලදී රුපියල් මිලියන 10 කට වැඩි මුදලක් ලබාදීමට සූදානම්

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප‍්‍රධානතම වැඩසටහනක් වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම යටතේ අඛණ්ඩව 16 වන වසර සඳහාත් එම ශිෂ්‍යත්ව දිනා ගැනීමට සුදුසුකම් ලබන දක්ෂ තරුණ ශ‍්‍රී ලාංකිකයින් සොයාගැනීමේ කටයුතු සමාගම විසින් මේ වනවිට අරඹා තිබේ.

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය 2017 වසරේ මුල් කාලයේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර සමාගම පවසන්නේ අංශ හතරක් යටතේ රුපියල් මිලියන 10 කට වැඩි මුදලක් ප‍්‍රදානය කරන මෙම වැඩසටහනේදී සිසු දරුවන් සහ තරුණ ශ‍්‍රී ලාංකිකයින් 160 දෙනෙකු ප‍්‍රතිලාභ ලබනු ඇති බවයි.

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය සඳහා සුදුසුකම් සපිරූ සිසුන්ගෙන් මේ වනවිට අයදුම් පත් ලබාගන්නා අතර 2016 නොවැම්බර් 30 වනදායින් අයදුම්පත් භාර ගැනීම අවසන් වනබව සමාගම සඳහන් කරයි. මෙම අයදුම්පත් දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා 250 කට වැඩි ප‍්‍රමාණයකින් ලබාගත හැකිය.

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරු දැරියන් අධ්‍යාපනික අංශයේදී දැක්වූ දස්කම් මෙන්ම බාහිර ක‍්‍රියාකාරකම් වලදී දැක්වූ දස්කම්ද සැලකිල්ලට ගනී. මෙහිදී, පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ පුතුනට මෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක‍්‍රීඩාවල නාට්‍ය නව සොයා ගැනීම් සහ නිර්මාණශීලීතාව සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමි කරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව පිරිනැමේ.

සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියකුගේ දරුවකු අ.පො.ස . උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් දෙවැනිල තෙවැනි හෝ සිව්වන ස්ථාන හිමිකර ගෙන ඇත්නම් එම ජයග‍්‍රහණ සඳහාද විශේෂ මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.

‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන දරුවන්ට රුපියල් 120,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් වසර පහකදී මාසික වාරික වශයෙන් හිමිවන අතර මෙවැනි ශිෂ්‍යත්ව 25 ක් මෙවර ලබාදීමට නියමිතය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දස්කම් දක්වන දරුවන්ට රුපියල් 84,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් හිමිවන්නේ වසර දෙකකදී මාසික වාරික වශයෙනි. මේ අතර, අ.පො.ස. උසස් පෙළ විභාගයේදී තම දිස්ත‍්‍රික්කයෙන් පළමුවැනියා වන දරුවන්ට සමාගම විසින් රුපියල් 144,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් පිරිනමන අතර එම මුදල වසර තුනකදී මාසික වාරික වශයෙන් ගෙවයි.

එම විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගන්නා දරුවන්ට රුපියල් 15,000 බැගින් එක් වරක් ලබාදීමටද සමාගම කටයුතු කරයි. අවසාන කාණ්ඩය යටතේ එකක් රුපියල් 35,000 ක් වටිනා ජාතික කුසලතා සම්මාන පිරිනැමීමද සිදුවේ.

‘‘පසුගිය කාල වලදී ප‍්‍රණාම ශිෂ්‍යත්වය දිනාගෙන මේ වනවිට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් ඇතුළු බුද්ධිමතුන් බවට පත්වී තිබෙන ශිෂ්‍යත්වලාභීන් මෙම ශිෂ්‍යත්ව අතිශය දිරිගන්වන සුළු බවත් තමන්ගේ ජීවිත වෙනස් කිරීමට දායක වූ බව අපට පවසා තිබෙනවාල’’ යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. ‘‘මේ දක්වා මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 110 කට වැඩි මුදලක් වියදම් කර තිබෙනවා. අපගේ රටේ අනාගත නායකයින් වෙනුවෙන් මෙය ඉතාමත් වටිනා ආයෝජනයක් ලෙස අපි සලකනවා.’’

සෙලින්කෝ ලයිෆ් ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අයත් වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ලයිෆ් රිවෝර්ඞ්ස්’ වැඩසටහන තුළින් අධ්‍යාපනය සඳහා විශේෂ තැනක් ලබාදී ඇත.

‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ විසින් සිදුකළ ගැඹුරු තක්සේරුවකින් පසුව පිට පිටම තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් 2016 වසරේදීත් බුහුමනට පත්කර තිබේ. 1988 වසරේ ජනවාරි මාසයේ සිට මෙහෙයුම් ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක්වේ.

මෙරට සංචාරක සහ සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය වන ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM ) 37 වන උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පසුගියදා පැවැත්විණි. සිසුන් 89 දෙනෙකු මෙවර උපාධි හිමිකර ගත් අතර, අසංගි සෝන්ඩර්ස් "2015 වසරේ තුන් වාර්ෂික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ විශිෂ්ටතම සිසුවාට හිමි ශ්රීස ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගම් කුසලානය" ද, යසිත් කේෂාන් කොකුහෙන්නාදි "2015 වසරේ විශිෂ්ටතම උපාධිධරයාට හිමි ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගම් කුසලානය" ද හිමිකර ගත්හ.

"අපගේ ක්ෂේත්‍රයේ කොඳු නාරටිය ඔබයි. ඔබගේ සහයෝගය නොමැතිව අප අපේක්ෂා කරන ඉලක්ක ජය ගැනීමට අපට නොහැකි වනු ඇති. වත්මන් රජය සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන අතර, එය මෙරට දෙවන විශාලත ම විදේශ විනිමය උත්පාදන අංශය බවට පත් කිරීම අපගේ ඉලක්කයයි." සංචාරක සංවර්ධන, ඉඩම් හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.

2020 වසරවන විට මෙරට හෝටල් කාමර 45,000 ක් ක්‍රියාත්මක වනු ඇති බවත්, එම අවශ්‍යතාව සපුරාලීම සඳහා 300,000 ක ශ්‍රම බලකායක් අවශ්‍ය වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ජත්‍යන්තර හෝටල් දාම රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කර ඇති බැවින් සංචාරකයන් සඳහා කදිම නවාතැනක් ලෙස අප රට ලෝකය තුළ ප්රකවර්ධනය වෙමින් පවතින බව අමරතුංග මහතා වැඩිදුරටත් ප්රකකාශ කළේය.

37 වන උපාධි ප්‍රදානෝත්සවයේ පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරමින් SLITHM ආයතනයේ සභාපති සුනිල් දිසානායක මහතා සඳහන් කළේ මෙම උපාධි ප්‍රදානෝත්සවය SLITHM ආයතනයේ සුවිශේෂී සංධිස්ථානයක් බවය."සංචාරක සංවර්ධන අමත්‍යවරයා ලෙස ජෝන් අමරතුංග මහතා පත් වීමත් සමග ශ්‍රී ලාංකේය සංචාරක ක්ශේත්‍රයේ සවිමත්ව අභියෝගයන්ට මුහුණ දෙමින් වේගවත් ඉදිරි ගමනකට එළඹ සිටිනවා." ඔහු වැඩිදුරටත් සිය අදහස් පළ කළේය.

සිය ආයතනයේ ගමන්මග සහ 2020 වසරවන විට මිලියන හතරක සංචාරකයන් පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ සංචාරක අමත්‍යශ ඉලක්කය සපුරාලීම සඳහා සිය ආයතනයේ ඇති සූදානම පිළිබඳව ද දිසානායක මහතා මෙහිදී දැනුම්වත් කළේය. "පසුගිය වසරේ 3,100 ක් වූ අපගේ ශිෂ්යම කණ්ඩායම මෙවර 6,200 ක් දක්වා දෙගුණයකින් වැඩි කිරීමට අප සමත් වුණා. ඒ වර්තමානය සහ 2017 කාල පරාසය තුළ හෝටල් ක්ශේත්‍රයේ මානව සම්පත් අවශ්‍යතාව වන 23560 සහ 2020 වසරවන විට මානව සම්පත් අවශ්‍යතාව වන 110,000 සපුරාලීම සඳහාය."

නව ආයතන බිහි කරමින් SLITHM ආයතනය තරුණ-තරුණියන් මෙම ක්ශේත්‍රයට ආකර්ෂණය කර ගනිමින් ඔවුන් පුහුණු සේවකයන් ලෙස සංචාරක ක්ශේත්‍රයට දායාද කිරීමට කටයුතු කරයි. හම්බන්තොට, පාසිකුඩා සහ මීගමුව ප්‍රදේශවල මේවන විට ද පරිශ ඉදිකර ඇති අතර මේ වසරේ ජුලි මස තුළ පොළොන්නරුවේ ද, මෙම වසර අගදී යාපනයේ ද පරිශ දෙකක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. කොළඹ, අනුරාධපුරය, මහනුවර, බණ්ඩාරවෙල, රත්නපුරය, කොග්ගල සහ කුරුණෑගල ප්රේදේශවල මේවන විට ද SLITHM ආයතනය සතුව පරිශ පවතී.

වේගයෙන් වෙනස්වන සංචාරක ක්ශේත්‍රයේ අවශ්‍යතවන්ට අනුකූල වන ලෙස SLITHM ආයතනය සකස් කිරීම සඳහා 2015 නොවැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි නව සභාපතිවරයෙකු සහ නව අධික්ෂන මණ්ඩලයක් තෝරා පත් කෙරිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද මේ වසරේ ජුලි මස 1 වනදා සිට SLITHM ආයතනයේ අධික්ෂන ජනරාල්වරයෙකු ලෙස පත් කර ඇත.

උපාධි ප්‍රදානෝත්සවයේ ගරු ආරාධිත වශයෙන් ඩෙස්මන්ඩ් ප්‍රණනාන්දු මහතා සහභාගී වූයේය. 1967 වසරේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන් ම ජේෂ්ඨ පීඨ සාමාජිකයෙකු ද වන ඒ මහතා එහිදී සිය මතකයන් අවදි කළේය."ඔබ වටකර ඇත්තේ මහ මුහුදයි. එම සාගරය තරණය කිරීම සඳහා අවශ්යක පැහැදිලි දැක්මක් ඔබ සතුයි. තමන් කරන ඕනෑම කටයුත්තකදී තමන් තමන්ගේ ගුරුවරයා බවට පත් විය යුතුයි. ඒ වගේම ඔබ රැකියාව කරන ස්ථානයේදී පවා ඔබගේ සගයන් හට ඔබ මාර්ගෝපදේශකයෙකු විය යුතුයි. ඔබ සතු දැනුම අනාගත පරපුර සමග බෙදාහදා ගනිමින් ඔබගේ සාර්ථකත්වය ළඟා කර ගන්නා මෙන් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා."

සංචාරක අමාත්යංමශ ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් ශිරානි වීරකෝන් සහ දීප්ති ප්රතනාන්දු, අමාත්යු උපදේශක ෆීලික්ස් රොද්රිවගු, අමාත්යන පුද්ගලික ලේකම් ලාල් රත්නායක, අග්රාේමාත්යත උපදේශක දිනේෂ් වීරක්කොඩි මෙන්ම ශ්රී ලංකා සංචාරක, රාජතාන්ත්රි්ක, හෝටල් ක්ෂේත්ර ය ප්රිධානීන්, SLITHM අධ්ය‍ක්ෂ මණ්ඩල සාමාජිකයන්, SLITHM නියෝජ්යන අධ්යටක්ෂ ජනරාල් ප්රපබෝද් කුලතුංග, ආයතන ප්ර‍ධානීන්, අධ්යඓයන සහ අනධ්යMයන කාර්යමණ්ඩල සාමාජිකයන්, උපාධි අපේක්ෂකයන්, දෙමාපියන් සහ සුබපතන්නන් ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මෙම උළෙල සඳහා සහභාගී වූහ.

දැනුමින් සහ නව්‍යකරණ හැකියාවෙන් පරිපූර්ණ වෘත්තිකයන් ලොවට දායාද කිරීමේ මෙරට පුරෝගාමී අධ්‍යාපන ආයතනයක්වන SLIIT ආයතනය, 7000 කට අධික ලියාපදිංචි ශිෂ්‍ය කණ්ඩායමක් සමගින් මෙරට අනෙකුත් පුද්ගලික අධ්‍යාපන ආයතන අතර කැපී පෙනෙයි.

SLIIT ආයතනය ම තෝරා ගත යුත්තේ ඇයි?
අත්දැකීම් බහුල, සිසුන්ගේ අනාගතය සරුසාර කිරීම උදෙසා නිබඳ කැපවන ආචාර්ය මඬුල්ල SLIIT ආයතනයේ ශක්තියයි. SLIIT ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අතරින් බොහෝ දෙනෙක් පර්යේෂණ ව්‍යාපෘති මෙන්ම නෙළුම් කුළුණ, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඇතුළු මෙරට දැවැන්ත ව්‍යාපෘති සඳහා ද සිය දායකත්වය ලබා දෙති. පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, ගෘහ නිර්මාණ සහ සත්කාරක ආදී වූ පුළුල් පරාසයක විහිදුනු විෂය පථයන් ඔස්සේ සාමාන්‍ය උපාධි සහ පශ්චාද් උපාධි හිමිකර ගනිමින් සිය අනාගතය සාරවත් කර ගැනීමට SLIIT පරිශ්‍රයට පිවිසෙන සිසුන් හට අවස්ථාව උදා වේ. මෙරට කීර්තිමත් SLIIT උපාධියක් හිමිකර ගැනීමට හෝ අවසන් වසර කිහිපයේදී ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ කැනඩාව ආදී රාජ්‍යයන්හි ලෝ පතළ හවුල්කාර විශ්වවිද්‍යාල වෙත මාරු වී සිය උපාධි සම්පූර්ණ කර ගැනීමට හෝ සිසුන්ට හැකිය.

ශාස්ත්‍රීය අධ්‍යාපනික ජාලයට අමතරව SLIIT ආයතනය, 99X, Virtusa, Brandix, Microsoft සහ IBM වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් සමග ද සවිමත් සබඳතාවකට හිමිකම් කියයි.

SLIIT ජීවිතය
ශිෂ්‍ය අන්තර් ක්‍රියාකාරී සංගමය, රොටරැක්ට් සංගමය, SLIIT පරිගණක ක්‍රීඩා සමාජය, පීඨ උළෙල, ප්‍රජා සත්කාරක වැඩසටහන් සහ සංගීත සංදර්ශන, ටැලන්ට් ෂෝ ආදී විවිධ සංගම්, සමාජ සහ ක්‍රීඩා 20 කට අධික සංඛ්‍යාවක් සඳහා සහභාගී වීමට SLIIT සිසුන්ට අවස්ථාව හිමි වේ. SLIIT පරිශ්‍රය තුළ පවත්නා බහුසංස්කෘතික සහ බහුජාතික සමාජය එම සිසුන්ගේ ආකල්පමය වර්ධනය සඳහා වඩාත් ඉවහල් වේ.



SLIIT නාමය රැන්දූ ආදි සිසුන්
SLIIT ආයතනය මේ දක්වා උපාධිධාරීන් 9,000 කට අධික සංඛ්‍යාවක් ලොවට දායාද කර ඇති අතර, SLIIT ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපනික සහයෝගය ඇතුළු විවිධ අංශ මගින් වත්මන් සිසුන් සවිබල ගැන්වීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වේ.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි පශ්චාද් උපාධිධරයෙකුවන දිල්ශාන් සිල්වා එවැනි SLIIT ආදි සිසුවෙකි. සිය අධ්‍යාපනික ඉලක්ක ජය ගැනීම සඳහා මහඟු පිටිවහලක් වූ පුහුණු සහ කුසලතා සඳහා සවිමත් පදනමක් සැකසූ SLIIT ආයතනයට ඔහු සිය කෘතඥතාව පළ කර සිටී. "විශිෂ්ට ඉගෙනුම් ක්‍රමවේද සහ පහසුකම් පිළිබඳ සැලකීමේදී SLIIT ආයතනය ඉතා උසස් මට්ටමක පවතින බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකියි. ලොව කීර්තිමත් ජාත්‍යන්තර මෘදුකාංග සමාගමක රැකියාවක් හිමි වීම තුළින් ම SLIIT ආයතනයේ ප්‍රමිතිය සහ ඊට හිමි පිළිගැනීම මැනවින් පිළිබිඹු වනවා. මගේ සාර්ථකත්වය පිටුපස සිටි SLIIT ආචාර්ය මණ්ඩලයට මාගේ හදපිරි ස්තුතිය පුදකර සිටිනවා." දිල්ශාන් සඳහන් කළේය.

මෙරට ප්‍රමුඛත ම උපාධි පිරිනමන ආයතනය ලෙස මෙන්ම, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ වෘත්තීය ගමන්මග සාක්ෂාත් කර ගැනීම උදෙසාවන මනා තෝතැන්නක් ලෙස ද SLIIT ආයතනය දෙස්-විදෙස් කීර්තියට පත්ව සිටී.

 

උසස් පෙළ සිසුන්ගේ ඉගෙනුම් සහ අධ්‍යයන ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම සඳහා SLIIT ආයතනයල දිවයින පුරා වැඩමුළු 25 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළේය. විනෝද අංග රැසක් කැටිකොට ගත් මෙම වැඩමුළු මාලාව වසර තුනක කාලයක පටන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දරු-දැරියන් වෙනුවෙන් දියත් කෙරේ. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයල මාතර සුජාතා බාලිකා විද්‍යාලයල නුගේගොඩ අනුලා විද්‍යාලය SLIIT ආයතනය මෑතකදී වැඩමුළු සංවිධානය කළ පාසල් අතර වේ.

'විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහාවන අධික තරගය හේතුවෙන් උසස් පෙළ සිසුන් දැඩි පීඩනයට ලක් වනවා. දුර්වල අධ්‍යාපන කුසලතාල පීඩන කළමනාකරණය පිළිබඳ දැනුම අඩු වීම මෙන්ම සිය අනාගත වෘත්තීය දිවිය පිළිබඳ පවතින අවිනිශ්චිතතාව එම පීඩනය සඳහා බෙහෙවින් බලපායි. ඒ අනුව අපගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස ඉගෙනුම් සහ අධ්‍යපාන කුසලතාල ආත්ම විශ්වාසය ගොඩනැගීමල මානසික පීඩනයෙන් අත්මිදීම හා ඊට අදාළ ව්‍යායාම සහ උසස් පෙළින් පසු අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථාවන් ආදී අංශ රැසක් පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීම සඳහා අප මෙම වැඩමුළු මාලාව සංවිධානය කළා.' 'සුන්දර ගුරු ගෙදර' වැඩමුළු මාලාවේ ප්‍රාරම්භක ආචාර්ය තීක්ෂණ සුරවීර මහතා සඳහන් කළේය.

තොරතුරු අනුරූපණයල කාල කළමනාකරණයල අමතක වීමේ චක්‍රයල කණ්ඩායම් හැඟීම සහ නිර්මාණශීලිත්වය වර්ධනය කිරීමේ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළු සුවිශේෂී අංග රැසකින් මෙම වැඩමුළු මාලාව සමන්විත වේ. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් ම පැවැත්වෙන මෙම වැඩමුළු මාලාවල SLIIT ආයතනයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් වශයෙන් මුළුමනින් ම නොමිලයේ පැවැත්වෙන අතර වරකට උසස් පෙළ සිසුන් 250 දෙනෙකු සඳහා සහභාගී විය හැකි ලෙස සංවිධානය කෙරේ.

'මෙම වැඩමුළු මාලාව සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ගෙන්ල ගුරුවරුන්ගෙන් සහ සිසුන්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාර අප වෙත ලැබෙමින් පවතිනවා. සිය පංති කාමරය තුළදී මෙන්ම අනාගත වෘත්තීය ජීවිතය තුළ ද සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා සිසුන්ට අතහිත දෙමින් තවත් වැඩමුළු රැසක් ක්‍රියාත්මක කිරීම අපගේ අපේක්ෂාවයි.' SLIIT ආයතනයේ ප්‍රධානී/ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

අඛණ්ඩව වසර එකොළහක් මෙරට අංක එකේ සන්නාමය ලෙස කිරුළු පළන් සිංගර් සමාගම සිය ව්‍යාපාරික විශේෂඥතාව සහ තාක්ෂණික දැනුම අනාගත පරපුරට දායාද කරමින් විශේෂ වෘත්තීය පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

වෘත්තීය පුහුණුව සහ ව්‍යාපාරික අවශ්‍යතා අතර ඇති බැඳීම තවදුරටත් සවිබල ගන්වමින්, සිංගර් සමූහයට අනුබද්ධිත සිංගර් වෘත්තීය පුහුණු ඇකඩමිය මෙරට තරුණ-තරුණියන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන් මෙරට දියුණුවට දායක කර ගැනීමේ අපේක්ෂාව පෙරදැරිව ඔවුන් වෙනුවෙන් වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වසර 164 ක අභිමානය සහ අඛණ්ඩව වසර 10 ක් පුරා මෙරට අංක එකේ සන්නාමය ලෙස හිමිකර ගෙන ඇති කීර්ති නාමය සමගින් සිංගර් සමාගම මෙරට තරුණ ප්‍රජාව තුළ වෘත්තීය කුසලතා සහ අධ්‍යාපන ඉලක්ක වැඩිදියුණු කිරීම වෙනුවෙන් කැප වී සිටියි.

'අපගේ වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගීවන සිසුන් හට එහිදී ලබා ගන්නා කුසලතා සහ හැකියාවන් තුළින් ඔවුන්ගේ රැකියා අවස්ථාවන් පුළුල් කර ගත හැකිවනවා. මෙරට ශ්‍රම බලකාය දැනුමින් පෝෂණය කරමින් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය සහ ආර්ථිකය තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීම අපගේ අරමුණයි' සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සඳහන් කළේය.

පංති කාමර තුළ සිදු කෙරෙන න්‍යායාත්මක පුහුණුව සහ රැකියා පරිසරය තුළ සිදු කරන ප්‍රායෝගික පුහුණුව යන ක්‍රමවේදයන් දෙකම මෙහිදී භාවිතා කරන අතර ආරම්භයේදී පරිගණක දෘඩාංග ශිල්පී පුහුණු වැඩසටහන සහ අලෙවි කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

සිංගර් සමාගමේ වෘත්තීය පුහුණු ඇකඩමිය ඉහත පාඨමාලා දෙක සඳහා පිවිසෙනුයේ මෙරට ජනතාවගේ සිතුම්-පැතුම් මැනවින් හඳුනා ගත් සමාගමක් ලෙස මෙන්ම මෙරට විශාලතම අලෙවි ජාලය මෙන්ම සේවා ජාලය ද හිමි සන්නාමය ලෙසය.

මීට අමතරව, ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා වෘත්තීය නිපුණතාවයක් ලබා ගැනීමට ඇති පිළිගත් ක්‍රමවේදයක අවශ්‍යතාව මෙම ඇකඩමිය හඳුනාගෙන ඇත. මෙම හිඩැස පුරවාලන විකුණුම් කළමනාකරණ වැඩසටහන, සිසුන්ට අවශ්‍ය දැනුම සහ කුසලතාවන් හිමිකර දෙන නවතම පුහුණු ආකෘතියකි. වැඩසටහන සඳහා සහභාගී වන්නන් හට රැකියා පරිසරය තුළදී ම පුහුණු වීමේ අවස්ථාව ද හිමි වීම විශේෂත්වයකි.

මෙම ඇකඩමියේ පරිගණක දෘඩාංග තාක්ෂණ ශිල්පී වැඩසටහන සඳහා සහභාගී වන්නන් හට කුසලතාපූර්ණ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ක්ෂේත්රායේ විශේෂඥයන් බවට පත් වීමේ අවස්ථාව හිමි වේ. මෙම ව්‍යාපෘතිය තුළ තවත් ඉදිරි පියවරක් තබමින් සිසුන් හට සිංගර් පරිගණක අලුත්වැඩියා කටයුතු සිදු කරන නියෝජිත ආයතනවල රැකියා අවස්ථා ලබා දීම කෙරෙහි ද සිංගර් සමාගමේ අවධානය යොමු වී ඇත.

පාසල් අධ්‍යාපනය හමාර කර ඇති හෝ ව්‍යවසායකයෙකු ලෙස සාර්ථක වීමට අපේක්ෂාවෙන් පසුවන හෝ තරුණ-තරුණියන් හට මෙම වැඩසටහන සඳහා සහභාගී විය හැකිය. තමන්ගේම නියෝජිතායතනයක් බිහි කර ගැනීම පිළිබඳ දැනුම ලබා දෙන විශේෂ ආකෘතියක් ද මෙම වැඩසටහනට ඇතුළත්වනු ඇත.

ජාතික වෘත්තීය පුහුණු ක්රතමවේදයන්ට අනුව ක්රිළයාත්මක කෙරෙන මෙම වැඩසටහන් සඳහා නුදුරේදීම මෙරට අධ්‍යාකපන පරිපාලන අංශවල අනුමැතිය හිමි වීමට ද නියමිතය.
සිසුන් හට සාර්ථක වෘත්තීය ජීවිතයක් හිමිකර දීම සඳහා මෙම වැඩසටහන වෘත්තීය උපාධි මට්ටම දක්වා වර්ධනය කිරීම සිංගර් සමාගමේ අපේක්ෂාවයි.

සහභාගී වන්නන්ගේ පහසුව සඳහා මෙම වැඩසටහන් සති අන්තයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ‍්‍රී ලංකා රජය සමග අත්වැල් බැඳගෙන German Development Cooperation (GIZ) ආයතනය මගින් ක‍්‍රියාවට නංවන ලද සුවිශේෂී ව්‍යාපෘතියක් වන ශ‍්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කරන ලදි. මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතා සහ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මොහාඞ් යන මහත්වරුද සහභාගී වූහ. ශ‍්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය එළඹෙන ජූලි 18 වනදා කිලිනොච්චියේදී අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වනු ඇත.

ශ‍්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය යනු ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන ජර්මන් ෆෙඩරල් අමාත්‍යාංශය වෙනුවෙන් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සහ für Wiederaufbau (German Development Bank- KfW) ආයතන විසින් ක‍්‍රියාවට නංවන ලද, ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල වෘත්තීය පුහුණු පහසුකම් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියෙහි කොටසකි. ස්විට්සර්ලන්ත රජයේ සංක‍්‍රමණය සඳහා වන රාජ්‍ය ලේකම් කාර්යාල මගින් මෙය සම මූල්‍ය දායකත්වය ලබා දී තිබේ. 2012 දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවටට, ඉහළ ඉල්ලූමක් ඇති වෘත්තීන් සම්බන්ධ කුසලතා අත්පත් කරගැනීමේ අවස්ථාව ලබාදීමයි.

මෙම පුහුණු ආයතනය ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) යටතේ ක‍්‍රියාත්මක වනු ඇත. ජාතික මට්ටමේ පුහුණු ආයතනයක් වන මෙහි, ජාති ආගම් භේදවලින් තොරව ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුට පුහුණුව ලැබිය හැක. එමෙන්ම මෙය විවිධ සංස්කෘතික පසුබිම්වලට අයත් සිසු සිසුවියන්ට අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට මනා පදනමක් සකසා දෙනු නිසැක ය.

මෝටර් රථවාහන තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය, ආහාර සැකසුම් තාක්ෂණය, කාර්මික ඉංජිනේරු තාක්ෂණය සහ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු තාක්ෂණය යනාදී විෂයන් සම්බන්ධයෙන් මෙම පුහුණු ආයතනයේදී පාඨමාලා පැවැත්වේ. මෙම පාඨමාලා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

"මේ ක්ෂේත‍්‍ර තුළ හොඳින් පුහුණුව හා අත්දැකීම් ලත් ශ‍්‍රමිකයන්ට විශාල ඉල්ලූමක් පවතින බව හඳුනාගෙන තිබෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාවට වගේම රටේ අනෙකුත් පළාත්වල සිසු සිසුවියන්ටත් මේ ඔස්සේ උසස් තත්ත්වයේ වෘත්තීය පුහුණුවක් ලැබීමට හැකියාව ලැබේවි. ඒ වගේම මෙය ඔවුන්ට හොඳ රැකියා අවස්ථා ලබාගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇති බවට කිසිම සැකයක් නැහැ." අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතා පැවසී ය.

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුවට අනුකූලව, වාර්ෂිකව සිසු සිසුවියන් 200 කට පමණ කිලිනොච්චියේ ශ‍්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය මගින් NVQ 4 මට්ටමේ සිට 6 මට්ටම දක්වා වෘත්තීය සුදුසුකම් ලබාදෙනු ඇත. මේ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් වන NVQ 1 සිට 3 දක්වා මට්ටම්වල සුදුසුකම් ලබාදීම සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 14 ක් කටයුතු කිරීමට නියමිත ය. මෙම මූලික මධ්‍යස්ථාන ශ‍්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනයේ ප‍්‍රමිතීන්ට අනුකූල වන පරිදි වැඩිදියුණු කර තිබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ NVQ 3 සහ 4 මට්ටම්වල සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට ශ‍්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනයේ පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවනු ඇත. මෙම ආයතනයේ පුහුණු කිරීමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 22 දෙනෙකුට 2016 ජූනි මාසයේදී ජර්මානු උපදේශකවරුන් කණ්ඩායමක් විසින් ‘පුහුණු කරන්නන් පුහුණු කිරීම’ ක‍්‍රමවේදය යටතේ විශේෂ පුහුණුවක් ලබාදෙන ලදි. ආයතනයේ මෙහෙයුම් හා පරිපාලන කටයුතුවලදී ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතීන් භාවිතා වන බව තහවුරු කරගැනීම සඳහා ප‍්‍රථම වර්ෂය තුළ ජර්මානු විදුහල්පතිවරයෙකු එය භාරව කටයුතු කිරීමට නියමිත ය.

ශ‍්‍රී ලංකා රජය විසින් ලබාදුන් අක්කර 25 ක භූමියක මෙම නවීන තාක්ෂණයෙන් සපිරි ශ‍්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය පිහිටුවා තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු, යන්ත්‍රෝපකරණ සහ පුහුණු කිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආදියට ජර්මානු සංවර්ධන බැංකුව විසින් යූරෝ මිලියන 8.4 ක මුදලක් වෙන්කරන ලදි. එමෙන්ම GIZ ආයතනය හරහා තාක්ෂණික සහය සඳහා තවත් යූරෝ මිලියන 8 ක මුදලක් ලබාදීමට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන ජර්මන් ෆෙඩරල් අමාත්‍යාංශය කටයුතු කළේය. ඊට තාක්ෂණික සහය ලබාදීම සහ කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සහ පුහුණු කරන්නන්ගේ ශක්‍යතා වර්ධනය ආදී කටයුතු සඳහා GIZ ආයතනයේ දායකත්වය හිමි වේ.

ආයතනය දියත් කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මොහාඞ් මහතා ප‍්‍රකාශ කළේ මෙය මෙරට සංවර්ධන ක‍්‍රියාවලියට දායක වීම ඔස්සේ ශ‍්‍රී ලංකාව සහ ජර්මනිය අතර සබඳතා ශක්තිමත් කිරීමේ ඉදිරි පියවරක් බවයි.

"ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු කටයුතු දියුණු කිරීම සම්බන්ධයෙන් GIZ ආයතනය නිරන්තරයෙන් උනන්දුව දක්වා තිබෙනවා. රටේ තරුණ පරපුරට තාක්ෂණික හා වෘත්තීය පුහුණුව ලබාදෙමින් ශ‍්‍රී ලංකා රජය සමග හොඳ සම්බන්ධතාවක් ගොඩනගාගන්නට අපට හැකිවුණා. ශ‍්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය යනු මෙහි කැපීපෙනෙන ඉදිරි පියවරක්." GIZ ආයතනයේ මෙරට සඳහා අධ්‍යක්ෂ රන්ඩා කූරියේ-රනාරිවෙලෝ මහත්මිය පැවසුවා ය.

GIZ ආයතනය වසර 50 කට අධික කාලයක් තිස්සේ තිරසාර සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගීත්වය අංශයෙන් ලොව පුරා විවිධ රටවලට සිය සේවාවන් ලබාදී තිබේ. ආර්ථික සංවර්ධනය, රැකියා නියුක්තිය, බලශක්තිය, පරිසරය, සාමය සහ ආරක්ෂාව යනාදී ක්ෂේත‍්‍ර රැසක් සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් එම ආයතනය සතු ය. ජර්මානු රජය ඇතුළුව රටවල් කිහිපයක රජයන් මෙන්ම යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංගමය වැනි සංවිධාන රැසක්ද GIZ ආයතනයේ සේවාවන් භාවිතා කරයි. 2014 වසර වන විට GIZ ආයතනයේ නියෝජිතයන් රටවල් 130 ක් පුරා විසිරී සිටි අතර එහි මෙහෙයුම් කටයුතුවල වටිනාකම යූරෝ බිලියන 2 ඉක්මවී ය. 1956 සිටම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන GIZ ආයතනය මෙරට අධ්‍යාපනය, සමාජ සහයෝගීතාව, පෞද්ගලික අංශයේ සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව වැනි ක්ෂේත‍්‍ර සඳහා විශාල දායකත්වයක් ලබාදී ඇත.

ශ‍්‍රී ලංකාව හා ජර්මනිය අතර වෘත්තීය කුසලතා සංවර්ධන සහයෝගීතාවට ඇත්තේ දශක 5 ක් තරම් දිගු ඉතිහාසයකි. ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය, ආධුනිකත්ව පුහුණු ආයතනය, ශ‍්‍රී ලංකා ජර්මන් දුම්රිය පුහුණු ආයතනය සහ ගොවිපළ යාන්ත‍්‍රීකරණ පුහුණු මධ්‍යස්ථානය ආදිය ස්ථාපිත කිරීමේ සිට මෙය පන්ති කාමරයේදී දැනුම හා රැකියාවේදී පුහුණුව යන දෙකම ඇතුළත් ද්විත්ව පුහුණු ක‍්‍රමයක් හඳුන්වා දීම සහ පුහුණු වැඩසටහන් ප‍්‍රමිතිගත කිරීම ආදී පියවර රැසක් දක්වාම විහිදී පවතී. එමෙන්ම ජර්මනිය දිගින් දිගටම මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයට සිය දායකත්වය ලබා දෙමින් සිටින අතර එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මූල්‍ය හා සම්පත් දායකයෙකු සහ තාක්ෂණික සහකරුවෙකු ලෙසද කටයුතු කරමින් සිටී.

මෙරට සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මැනවින් අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලාංකේය ආර්ථික වර්ධයේ ක්‍රියාකාරී හවුලක්රුවෙකුවන ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) රාජ්‍ය සේවා අංශයේ සම්පත් සහ ශක්‍යතා වර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි.

ජපාන රජයේ අරමුදලින් ක්‍රියාත්මක, JICA ආයතනය විසින් දියත් කරනු ලබන “මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහාවන ජපාන ආධාර” (JDS) වැඩසටහන හරහා මෙරට කුසලතාපූර්ණ ශ්‍රී රාජ්‍ය නිලධාරීන් හට කීර්තිමත් ජපාන විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන අවස්ථාවන් හිමිකර ගත හැකිය.

JDS වැඩසටහන යටතේ දැනට පවත්නා සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් ක්‍රියාත්මක මිලියන 231 ක (රු.මිලියන 318ක) අනුක්‍රමික ප්‍රතිපාදන ගිවිසුම ජුනි මස 16 වනදා JICA ප්‍රධාන නියෝජිත කියෝෂි අමාඩා සහ මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත්වරුන් විසින් අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති විශේෂ උළෙලකදී තැබීමට නියමිතය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු කේ.සුගුනුමා මහතා සහ ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා අතර ගිවිසුම් ලියවිල්ල හුවමාරු කෙරේ.

ශ්‍රී ලංකා රජය සහ JICA ආයතනය අතර ඇතිකර ගන්නා මෙම ගිවිසුම මගින් මෙරට රාජ්‍ය අංශයේ මානව සම්පත් ශක්‍යතාවන් සහ ආයතනික වර්ධන ක්‍රියාකාරකම් සඳහා තවදුරටත් දායකත්වය ලබා දෙන අතර එය ශ්‍රී ලංකා-ජපාන ද්විපාර්ශ්වයිය සබඳතා සවිමත් වීම සඳහා ද ඉවහල් වේ.

JDS වැඩසටහන සහ JICA ආයතනය මෙන්ම ජපාන තානාපති කාර්යාලය එක්ව මේ වසරේදී ද පහළොස් දෙනෙකුගෙන් යුතු රාජ්‍ය නිලධාරී කණ්ඩායමක් පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරා ගනු ලැබිණි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ මුල්‍යයනය, සංවර්ධන ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, පරිසර කළමනාකරණය, ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස ආදී ක්ෂේත්‍ර ආවරණය කෙරේ.

“ඕනෑම රටක සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ශක්‍යතා සංවර්ධනය අතිශය වැදගත්වන බව අප විශ්වාස කරන අතර, ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය තුළ JICA ආයතනය ඉටු කරන මෙහෙවර මෙමගින් වඩාත් පිළිබිඹු වනවා. JDB ශිෂ්‍යත්ව වැඩසටහන හරහා රාජ්‍ය නිලධාරීන් හට විශේෂඥ දැනුම, වෘත්තීය ජාලය වැඩිදියුණු කර ගැනීමට මෙන්ම යළි ඔවුන් සිය රටට පැමිණීමේදී මෙරට සමාජ සහ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් ඔවුන්ට සක්‍රිය දායකත්වයක් ලබා දීමට ද හැකි වන බව අපගේ විශ්වාසයයි.” JICA ප්‍රධාන නියෝජිත කියෝෂි අමාඩා මහතා සඳහන් කළේය.

2009 වසරේදී ආරම්භ කෙරුණු JDB වැඩසටහන එතැන් පටන් අද දක්වා ශ්‍රී ලාංකේය රාජ්‍ය නිලධාරීන් 90 දෙනෙකු සඳහා මෙරට වර්ධනය උදෙසා නායකත්වයේ මැදිහත් වීමක් ඉටු කිරීමට හැකියාව ලබා දී තිබේ. මෙම විශේෂ වැඩසටහන යටතේ ජපාන සහයෝගීතාව අතරතුර රාජ්‍ය නිලධාරීන් 120 දෙනෙකු හට ශිෂ්‍යත්ව පිරිනැමීමට අපේක්ෂිතය.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) යනු ජපාන ද්වීපාර්ශ්වික නිල සංවර්ධන සහයෝගයේ (ODA) සම්පාදන නියෝජිතායතනයයි. ලොව විශාලතම ද්වීපාර්ශ්වික උපකාරක නියෝජිතායතනයවන JICA ආයතනය, 150 කට අධික රාජ්‍යයන් සහ කළාප සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. “සියලු දෙනා ඇතුළත් වූ ගතික සංවර්ධනය” යන සිය දැක්ම අනුව යමින් JICA ආයතනය සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙයි. 1954 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ ජපානය මුල්‍ය සහ තාක්ෂණික සහයෝගය ලබා දී ඇති අතර, එය මෙරට විශාලතම අරමුදල් සම්පාදකයා වෙයි. ජපාන ජනතාව වෙනුවෙන්, JICA ආයතනය ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දායකත්වය ලබා දෙයි.

2016 මැයි මාසයේදී එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ප‍්‍රතිශතය 15‍% දක්වා ඉහළ ගියේය. මේ අනුව සිදු විය හැකි ක්‍ෂුද්‍ර ආර්ථික ප‍්‍රතිඵල කවරේද යන්න විමසනු වටී.

මෑතකදී එවර්ජොබ්ස් everjobs ආයතනය විසින් වැට් බද්ද ඉහළ යාමෙන් ශ‍්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ කෙරෙහි බලපෑමක් ඇති වේද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමග සාකච්ඡා කරන ලදි.

එවර්ජොබ්ස්: මෑතක සිට වැට් බද්ද ඉහළ යාම පිළිබඳව ඔබ පොදුවේ දරන මතය කුමක්ද?

මහාචාර්ය සිරිමල්: වාර්ෂික බදු ආදායමට වඩා වැඩි ණය මුදල් ප‍්‍රමාණයක් වාර්ෂිකව ගෙවීමට සිදුව ඇති පසුබිමක් තුළ අයවැය පරතරය අඩු කිරීමේ උපාය මාර්ගයක් ලෙස රජය විසින් ඉහළ බදු අනුපාත හඳුන්වා දෙනු ලැබ තිබෙනවා.

අයවැය පරතරය අඩු කිරීම සඳහා වර්තමානයේදී දරනු ලැබෙන ප‍්‍රයත්නයන් නිසා අනාගතයේදී ක්‍ෂුද්‍ර ආර්ථික ලාභාංශ මතු කෙරෙනු ඇති බවට ඇතැම් අය තර්ක මතු කරනවා. මීට හේතුව වන්නේ ජාතික ණය සම්භාරය සීමා කිරීමටත්, අනාගතයේදී තව තවත් ඉහළ බදු අය කිරීමේ අවශ්‍යතාවය තුරන් කිරීමටත් එමගින් මෙහෙයක් ඉටු වීමට ඉඩකඩ තිබීමයි. කෙසේ වෙතත්, වර්තමානයේදී පනවා තිබෙන ඉහළ බදු ප‍්‍රතිශතයන්හි අරමුණ නම් හුදෙක්ම පවතින ණය සම්භාරයට මුහුණ දීම බවයි මගේ හැඟීම.

එවර්ජොබ්ස්: කෙසේ වෙතත්, වෘත්තීය සමිති හා ඇතැම් දේශපාලඥයන් මතු කරන අදහස වන්නේ වැට් බද්ද යනු ප‍්‍රතිගාමී බද්දක් බවයි. මේ අතරම, කෙනෙකු ආර්ථිකමය වශයෙන් ඉහළ තල වෙත ගමන් කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ අදායමෙන් වැට් ලෙස ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය පහත බසින බවයි. මේ ගැන ඔබේ මතය?

මහාචාර්ය සිරිමල්: එසේ කිව නොහැකියි. ආදායම් මට්ටම කුමක් වුවත් සෑම අයෙකුම බදු ගෙවන්නේ එකම බදු අනුපාතවලට අනුවයි. එහෙත්, වැඩිපුර මුදල් වියදම් කරන අයට වැට් බද්ද වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදු වන බව නම් පැහැදිලියි. වටිනාකම අතින් අඩුවෙන් වියදම් කරන අයට වැට් ලෙස ගෙවන්නට සිදු වන්නේ අඩු මුදලක්.

මේ අතරම, නීති විරෝධී ව්‍යාපාරික කටයුතු වාර්තා වීමකින් තොරව සිදු වන නිසා අධික බදු පැනවීමෙන් ඒවාට අනුබලයක් ලැබෙන බවටද කෙනෙකුට තර්ක කරන්න පුළුවන්?

එවර්ජොබ්ස්: වැට් බද්ද ඉහළ යාමෙන් රැකියා වෙළඳපොළ වෙත බලපෑමක් එල්ල වනවාද?

මහාචාර්ය සිරිමල්: එය ඇත්තටම වැට් බදු ඉහළ යාම මගින් ගනුදෙනු වෙත ඇති වන බලපෑම මත රඳා පවතින්නක්. එසේම පාරිභෝගිකයා වියදම් කරන මුදල් ප‍්‍රමාණයද ඊට බලපානවා. කෙසේ වෙතත්, රැකියා උත්පාදනය සඳහා එකතු වන බදු ප‍්‍රමාණය අසීමිතව වැඩි වනු ඇති බවක් උපකල්පනය කළ නොහැකියි. ඉදිරි වසර කිහිපය තුළ පාරිභෝගිකයින් වැය කරන මුදල් ප‍්‍රමාණය පහත බසින්නේ නම් යින් කිසියම් බලපෑමක් රැකියා වෙළඳපොළ වෙත එල්ල විය හැකියි.

ඉදිරි වසරවලදී සමස්ථ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා ක්‍ෂුද්‍ර ආර්ථික කාර්යසාධනය සතුටුදායක මට්ටමට වඩා පහත බැසිය හැකි අතර රැකියා උත්පාදනයද ඊට සමගාමී විය යුතුයි.

එවර්ජොබ්ස්: මෙම බදු ඉහළ යාම වෙත ප‍්‍රතිචාර දැක්විය හැකි වෙනත් විකල්ප කිසිවක් තිබේද?

මහාචාර්ය සිරිමල්: මෙහෙම හිතන්න. ඔබට දරාගත හැකි ප‍්‍රමාණයට වඩා මුදලක් ඔබ විසින් ණයට ගෙන වියදම් කර තිබෙනවා. ඔබ විසින් ගෙවිය යුතු ණය වාරික ප‍්‍රමාණය ඔබේ වැටුපට වඩා වැඩියි. එවැනි අවස්ථාවක ඔබ කරන්නේ මොකක්ද? වර්තමානයේදී අපේ රට තිබෙන්නේත් එවැනි තත්ත්වක. මේ නිසා තවදුරටත් ණය ගැනීම හා බදු අය කිරීම වැනි ක‍්‍රමවලින් ක්‍ෂණික මුදල් උත්පාදනයක් කරන්නට සිදු වෙනවා. මා හිතන්නේ මෙය අපට වැළැක්විය හැකි තත්ත්වයක් නෙමෙයි.

කෙසේ වෙතත් ආර්ථික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් වඩා සාර්ථක බදු එකතු කිරීමේ පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීම වෙත අප අවධානය යොමු කළ යුතුයි කියා මා සිතනවා. අනාගතයේදී වඩා හොඳ මූල්‍ය කළමනාකරණයක් කරා යොමු වීමට නම් අඩු බදු අනුපාත, බදු පදනම පුළුල් කිරීම සහ බදු ගෙවීම් හා එකතු කිරීම් පද්ධතිය සරල කිරීම වැනි උපක‍්‍රම භාවිත කරන්නට සිදු වෙනවා.

ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබෙන භාණ්ඩ හා සේවා සවිමත් කිරීම හා ව්‍යාපාරික ප‍්‍රාග්ධන වියදම් ක‍්‍රමවත් කිරීම තුළින් පාරිභෝගිකයින්ගේ වියදම් ශීඝ‍්‍රතාව අඩු කිරීමටත්, බදු ගෙවීම සඳහාද කිසියම් මුදලක් ඉතිරි කර ගැනීමටත් ඔවුනට හැකියාවත් ඇති කිරීමටත් හේතු වනු ඇති බවට මා කල්පනා කරනවා. කෙසේ වෙතත් ලෝක ආර්ථික තත්ත්වයද මේ කෙරෙහි බලපානවා. එසේම, ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත බැසීමේ බලපෑමද අපට මෙතැනදී අමතක කරන්න බෑ.

ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප‍්‍රමුඛයා වන සිංගර් ශ‍්‍රී ලංකා පීඑල්සී, අධ්‍යාපන අමාත්‍යංශය සමග පොලී රහිත ණය ක‍්‍රමයට සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක සැපයීමේ වැඩසටහනට එක් වෙයි.

2016 වසරේ රජයේ අයවැය යෝජනාවලිය මගින් යෝජනා කළ ආකාරයට සරසවි සිසුන් වෙත ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය , විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ඇති සියලූ විශ්ව විද්‍යාල ඒකාබද්ධව දියත් කරයි.

මෙම වැඩසටහනට අනුව සිංගර් ශ‍්‍රී ලංකා DELL සහ Singer X- Series යනාදී සන්නාම වල ලැප්ටොප් පරිගණක විශේෂ පොලී රහිත ණය ක‍්‍රමයක් යටතේ ලබාදීමට නියමිතව තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන මෙම ණය ක‍්‍රමය මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් ක‍්‍රියාත්මක කරයි. මේ යටතේ නවතම Intel 6th Generation i3 සහ i5 ප්‍රොසෙසර වලින් යුත් සහ නවතම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත ලැප්ටොප් පරිගණක සිසුන් වෙත ලබාගැනීමේ අවස්ථාව හිමිවී ඇත.

තම විශ්ව විද්‍යාලයට ආසන්නයේ ඇති සිංගර් ප‍්‍රදර්ශනාගාරයට පැමිණ ඕනෑම සරසවි සිසුවෙකුට සිය කැමැත්ත පරිදි DELL හෝ Singer X- Series ලැප්ටොප් පරිගණකයක් තෝරා ගත හැකිය. ඒ සඳහා වසර 3ක වගකීම් සහතිකයක් සහ දිවයින පුරා විහිදුනු සිංගර් සේවා ජාලය හරහා අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීමට ද සිංගර් ආයතනය කටයුතු යොදා තිබේ.

මෙම වැඩපිළිවෙල පිළිබදව අදහස් දක්වමින් සිංගර් ශ‍්‍රී ලංකා සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා සඳහන් කළේ වත්මන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ තාක්ෂණය සුවිශේෂී ස්ථානයක් ගන්නා බවයි.මෙම තත්වය ඉදිරි වසර කිහිපය තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. නිරතුරුවම ශ‍්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා පහසුකම් සපයන සමාගමක් වශයෙන් සිංගර් සමාගමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව මෙම කාර්යය සඳහා දායක වීමට අවස්ථාව හිමිවීම මහත් භාග්‍යයක් කොට සලකන බවද හෙතෙම සඳහන් කළේය. මෙම සුවිශේෂි අවස්ථාවේදී සරසවි සිසුන් බොහෝ පිරිසක් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට ප‍්‍රයෝජනවත් වන DELL සහ Singer X- Series ලැප්ටොප් පරිගණක තෝරා ගෙන තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනු ඇතැයි විශ්වාස කරන බවද අශෝක පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

සිංගර් ශ‍්‍රී ලංකා මෑතකදී ලෝ ප‍්‍රකට මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයක් බවටද පත්විය. සුප‍්‍රකට මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයක් බවට පත්වීමෙන් පසු මයික්‍රොසොෆ්ට් හා අත්වැල් බැඳගත් ලොව ප‍්‍රමුඛ වෙළඳ නාම අතරට එක්වන්නට හා එම වරප‍්‍රසාද සියල්ල හිමිකරගැනීමට ද සිංගර් ශ‍්‍රී ලංකා සමත්වී තිබේ.මෙම ක‍්‍රමෝපාය පියවර සිංගර් හි සුවිශේෂි මං සළකුණක් ලෙස සටහන් තැබෙන අතර සිංගර් සන්නාමය ජාත්‍යන්තරය වෙත ගෙනයාම ද ඉන් තවදුරටත් සනිටුහන් වෙයි.

දිවයින පුරා විහිදුනු 400 කට අධික ශාඛා ජාලයක් ඔස්සේ සිය පාරිභෝගිකයින්ට වඩා පහසු සේවාවක් සපයන සිංගර් අලෙවියෙන් පසු සේවා සැපයීමද ඊට සමගාමීව සිදුකරයි. ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා සිංගර් අංශ ගණනාවක් ඔස්සේ ඇප කැපවී සිටියි. අධ්‍යාපන, ක‍්‍රීඩා, සෞඛ්‍ය සහ ආරක්ෂාව හා පරිසරය යනාදී අංශ රැසක් හා බැඳුනු සමාජමය ක‍්‍රියාකාරකම් රැසක් ද ඒ අතර වෙයි. සිංගර් අවස්ථා ගණනාවකදී සම්මාන රැසක් දිනා ඇති අතර අඛණ්ඩව වසර 10ක් පුරා "ජනතාවගේ වෙළඳ නාමය" ලෙස අංක 1 ස්ථානයේ පසුවෙයි.