නවීන තාක්ෂණය වැළඳගත් SLIIT පුස්තකාල හරහා දැන් වඩාත් පුළුල් සේවාවක්! Featured

Published in මානව සම්පත් හා අධ්‍යාපන
සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ඉගෙනුම් හා පර්යේෂණ සඳහා යහපත් වාතාවරණයක් ගොඩනැඟීමට හොඳම සම්පත් යොදාගැනීමේ SLIIT අභිප‍්‍රාය අනුව යමින් බිහිකර ඇති SLIIT ආයතනයේ පුස්තකාල සේවාව ස්වයං අධ්‍යාපනයටත් දිගුකාලීන කියැවීමේ පුරුද්ද ඇති කරගැනීමටත් පදනමක් සපයා තිබේ. මාලබේ, කොල්ලූපිටිය හා මාතර යන SLIIT මධ්යනස්ථානයන්ගේ පිහිටි පුස්තකාලයන්හි සියලූ විෂයන්ට අදාළ පොත් මෙන්ම ගුරුවරුන් විසින් නිර්දේශිත පොත්පත්,විදග්ධ රචනා, පරිශීලන පොත්, සඟරා, සරල කියැවීම් පොත්, ව්‍යාපාරික සඟරා, ශබ්ද කෝෂ, විශ්ව කෝෂ, පරිශීලක හා පුළුල් DVD හා CD එකතුවක් දක්නට ලැබේ.

මෙම පුස්තකාලවල දැකිය හැකි තවත් සුවිශේෂීතාවක් වන්නේ සිසුන්ට පොත් ලබාගැනීම, නැවත අලූත් කරගැනීම, ඉල්ලූම් කිරීම හා පොත් වෙන්කරවා ගැනීම ආදිය සඳහා ස්වයංකී‍්‍රය පද්ධතියක් ද මෙම පුස්තකාලවලට එක් කර තිබීමයි. මෙම පහසුකම් පිළිබඳ අදහස් දක්වමින් SLIIT හි පුස්තකාලාධිපතිනිය වන පුෂ්පමාලා පෙරේරා මහත්මිය සඳහන් කළේ, SLIIT ආයතනය භාවිත කරන පුස්තකාල ස්වයංකී‍්‍රයකරණ පද්ධතිය SLIIT ආයතනය තුළම නිෂ්පාදනය කරනු ලැබූවක් වන බවයි.

”අප ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු සේවා අංශය විසින් නිර්මාණය කරනු ලැබූ මේ පුස්තකාල ස්වයංකී‍්‍රයකරණ මෘදුකාංගය අපි 2005 වසරේ සිට භාවිතා කරනවා. කාර්මික තාක්ෂණ ආයතනය, ලංකා තේ මණ්ඩලය, ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය, ජාතික අධ්‍යාපන ආයතනය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, ශාන්ත පීතර විදුහල හා රාජකීය විදුහල යන ආයතනවලත් භාවිත කරන්නේ අප විසින් වැඩිදියුණු කරනු ලැබූ මේ මෘදුකාංගයයි”යනුවෙන් ඇය පැවසුවාය.

SLIIT ආයතනය විසින් පිරිනමන උපාධි පාඨමාලා සංඛ්‍යාව ඉහළයාමත් ඊට අනුරූපව සිසුන් සංඛ්‍යාවේ ඉහළ යාමත් නිසා පුස්තකාල සේවාවන් භාවිතයේදී පවතින අධික පොත් වර්ගීකරණය හමුවේ මෙම ස්වයංකී‍්‍රය පුස්තකාල මෘදුකාංගය මහත් පිටිවහලක් වී තිබේ.

එමෙන්ම සිසුන්ට අන්තර්ජාලීය පොදු පිවිසුම් සූචියක් ද ඉදිරිපත් කර තිබේ. ඒ පුස්තකාලයේ වෙබ් පද්ධතිය ඇසුරිනි. එහි ඊ-පොත් Ebooks මෙන්ම සඟරා, පැරණි විභාග ප‍්‍රශ්න පත‍්‍ර, නිර්දේශීත ග‍්‍රන්ථ හා විවිධ ශබ්ද මාලා ඇතුළත්වේ.

මේ අතර ‘Emerald Insight’ ඇතුළු විවිධ දත්ත පද්ධති රාශියක් ද SLIIT වෙබ් පුස්තකාල සේවාව හරහා ලබාගත හැක. සියලූ සිසුන්ට එකවිට අනුගත විය හැකි දත්ත පද්ධති අතරින් ව්‍යාපාර, සිවිල් ඉංජිනේරු, ගණකාධිකරණ, කළමනාකරණ හා මානව සම්පත් යන අංශ වඩා වැඩි වැදගත්කමක් උසුළයි. තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර හා ඉංජිනේරු උපාධි පාඨමාලාවලට අදාළ සිසුන් වෙනුවෙන් ‘IEEE Xplore’ නම් ජනපි‍්‍රය දත්ත පද්ධතිය සඳහා දායකත්වය දරණ අතර සිසුන්ට අදාළ ලිපි අතර සැරිසැරීමට මෙන්ම ඒවා බාගත කිරීමේ අවස්ථාව ද පවතී. මෙම සුවිශේෂී විෂය කරුණු අඩංගු දත්ත පද්ධතියේ දායකත්වය ලබා ඇත්තේ මෙරට අධ්‍යාපන ආයතන හතරක් පමණි.