SLIIT වෙතින් Deakin විශ්ව විද්‍යාල සිසුන්ට ශිෂ්ය් පුහුණු සංචාර වැඩසටහනක්!

Published in මානව සම්පත් හා අධ්‍යාපන
සාමාන්යහ ඉගෙනුම් පරිසරයෙන් බැහැරගත ශිෂ්යෂ පුහුණු සංචාර වැඩසටහන් (Outbound Student Mobility Programme) යනු සිසුන් ට විදෙස් සංචාරයක් සමග තම විෂය පථයට අදාළ ඉගෙනීම මෙන්ම සංස්කෘතික අත්දැකීමක් ද ගෙනෙන්නකි. මෑතකදී SLIIT උසස් අධ්යා පන ආයතනය විසින් ඕස්ටේ‍්‍රලියාවේ Deakin විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය කණ්ඩායමක ට එවැනි වැඩසටහනක් සඳහා සත්කාරකත්වය ලබාදුනි. මෙම උපාධි ලකුණු ද රැුගත් වැඩසටහනේ තේමාව වී තිබුණේ ශී‍්‍ර ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය යන්න ය. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ SLIIT හි ජාත්‍යන්තර අංශය හා පරිගණක විද්‍යා පීඨය විසින්වන අතර එය මෙහෙයවනු ලැබූයේ එහි තොරතුරු පද්ධති ඉංජිනේරු අධ්‍යයනාංශය විසිනි.

”කෙටිකාලීන ජාත්‍යන්තර ශිෂ්‍ය වැඩසටහන් සිසුන්ගේ අධ්‍යයන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් විශාල දායකත්වයක් සපයන වටිනා අධ්‍යාපන ව්‍යායාමයක්. Deakin විශ්ව විද්‍යාලයත් සමග අපට ඇති ශක්තිමත් සම්බන්ධය නිසා එම විශ්ව විද්‍යාලයේ සිසුන්ට තම උපාධි පාඨමාලාවේ ලකුණු ලබාදෙන සුවිශේෂී අධ්‍යයන අත්දැකීමක ට අවස්ථාව උදා වී තිබෙනවා. මෑතකදී පැවැත්වුණු වැඩසටහන අතරතුරදී හික්කඩුව, නුවරඑළිය හා අනුරාධපුර කරා ගමන් ගන්නටත් කොළඹ නගරය තුළ සංචාරයක යෙදෙන්නටත් එම සිසුන් ට ඉඩකඩ ලැබුණා. මෙවැනි අවස්ථාවලදී විදේශීය සිසුන් හා එක්ව කටයුතු කිරීමටත් දැනුම වගේම අන්තර් සංස්කෘතික සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමටත් කදිම අවස්ථාවක් SLIIT සිසුන්ටත් හිමිවෙනවා” යැයි SLIIT ප‍්‍රධානී හා ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසීය.

මෙසේ ශී‍්‍ර ලංකාවේ සංචාරයේ යෙදුණු Deakin විශ්ව විද්‍යාල සිසු පිරිස ට මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ සැලසුම් පිළිබඳව මෙන්ම මුහුණ දී ඇති අභියෝග හා දේශීය වශයෙන් භාවිතා කෙරෙන අදාළ තාක්ෂණ ක‍්‍රම ද මෙහිදී හඳුන්වාදිණි. ඔවුන්ගේ අධ්‍යයන පැවරුම පදනම්ව පැවැතියේ ග‍්‍රාමීය වශයෙන් කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ධීවර කර්මාන්තය, ආණ්ඩුකරණය හා සෞඛ්‍ය ආදී ක්ෂේත‍්‍රයන් ට අදාළව තොරතුරු සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීම පිළිබඳව ය.

මෙම අංශයන්හි වර්තමාන ප‍්‍රගතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ක්ෂේත‍්‍ර චාරිකා සිසුන්ට ප‍්‍රයෝජනවත් විය. තමන් විසින් සොයාගැනු ලැබූ කරුණු හා එහි විශ්ලේෂණය ට අනුව ප‍්‍රශ්නය හඳුනාගැනීම, බලපෑම්/ව්‍යාපාර විශ්ලේෂණ සංරචකය, නව අදහස් හා සංකල්ප, ඉදිරිපත් කිරීම්වලට සහාය වන ක‍්‍රමානුරූපණ ආදිය මත පිහිටා තම ව්‍යාපෘති ඉදිරිපත් කිරීම ට ඔවුන්ට සිදුවිය. මේ සියල්ල අතරේ ශී‍්‍ර ලංකාවේ දියුණු සංස්කෘතික හා ස්වභාවික සෞන්දර්යය අත්විඳීමේ අවස්ථාව ද ඔවුනට හිමිවිය.

”විදෙස් අධ්‍යාපන අත්දැකීම්, සිසුන් ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් ජීවිත අවබෝධය සඳහාත් විශාල පිටුවහලක් සපයනවා. එමනිසා මෙම ශිෂ්‍ය, සංචරණ වැඩසටහනත් විදේශීය මෙන්ම දේශීය සිසුන්ටත් අසමසම අත්දැකීමක් සමීප කරන බව අපට විශ්වාසයි. ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් අප කල්පනා කරන්නේ මෙවැනි කි‍්‍රයාකාරකම් තුළින් තරුණ ශිෂ්‍ය ප‍්‍රජාව ට ගෝලීය දක්ෂතා දියුණු කරගන්නත් ගෝලීය මනසක් නිර්මාණය කරගන්නත් අත්වැලක් සැපයෙන බවයි” යනුවෙන් SLIIT ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.