ශ‍්‍රී ලංකාවේ පළමු නිළ ඊ-පෙළපොත සකස් කිරීම සඳහා Guru.lk තෝරාගනී Featured

Published in මානව සම්පත් හා අධ්‍යාපන
ඡුායාරූපයේ දැක්වෙන්නේ හෙඞ්ස්ටාර්ට් පෞද්ගලික සමාගම හා අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව අතර ගිවිසුම අත්සන් කළ අවස්ථාවයි. වමේ සිට හෙඞ්ස්ටාර්ට් සමාගමේ ආයතනික විකුණුම් කළමණාකරු ජයලත් මුණසිංහ සහ අධ්‍යක්ෂරැුප‍්‍රධාන විධායක නිලධාරී හසිත දෑලල අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ සහ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරුන් වන කේ. ඞී. බන්දුල කුමාරල ඞී. එල්. කස්තුරිආරච්චි මහත්මිය. ඡුායාරූපයේ දැක්වෙන්නේ හෙඞ්ස්ටාර්ට් පෞද්ගලික සමාගම හා අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව අතර ගිවිසුම අත්සන් කළ අවස්ථාවයි. වමේ සිට හෙඞ්ස්ටාර්ට් සමාගමේ ආයතනික විකුණුම් කළමණාකරු ජයලත් මුණසිංහ සහ අධ්‍යක්ෂරැුප‍්‍රධාන විධායක නිලධාරී හසිත දෑලල අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ සහ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරුන් වන කේ. ඞී. බන්දුල කුමාරල ඞී. එල්. කස්තුරිආරච්චි මහත්මිය.

මෙරට පාසැල් දරුවන්ට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම ප‍්‍රවර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයට සහයෝගය ලබාදීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පළමු නිළ ඊ- පෙළපොත සකස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් E-learning තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවූ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම ආයතනය වන Guru.lk තෝරාගෙන තිබේ.

මෙම වගකීම තරඟකාරී ටෙන්ඩර්පත් කැඳවීමෙන් පසුව Guru.lk වෙත ලබාදී තිබෙන අතර මෙහිදී අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යා විෂය නිර්දේශය අදාළ රූප, වීඩියෝ සහ Interactive ක‍්‍රියාකාරකම් ඇතුළත්ව පරිගණක, ටැබ්ලට් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකතනය භාවිතා කරමින් ආකර්ශනීය ලෙස ඉගෙනගත හැකි අයුරින් මෙම ඊ- පෙළපොත සකස් කරනු ඇත.

මෙමගින් බලාපොරොත්තු වන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළදී සිසුන්ට සිය ගුරුවරුන්ගේ සහයෝගය මෙන්ම ස්වයං අධ්‍යනය මගින් වැඩි විෂය කරුණු ප‍්‍රමාණයක් ඉගෙනීමට අවස්ථාව සලසා දීමයි. මීට අමතරව, පාසැල්වල තිබෙන පරිගණක විද්‍යාගාර ප‍්‍රශස්ත මට්ටමින් භාවිතා කිරීමට මග පෑදීමද මෙහි අරමුණකි. තවද, සිසුන්ට ස්ව අධ්‍යනය කිරීමට දිරිමත් කිරීමද මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වේ. සංවර්ධනය වේගවත් කිරීම සඳහා සිය පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබලගැන්වීමේ රජයේ දැක්ම අනුව පාසල් පද්ධතිය තුලින් මෙම ක‍්‍රියාවලියට අනුබල දීමටද මින් බලාපොරොත්තු වේ.

ඊ-පෙළපොත් හඳුන්වාදීම මගින් සිසුන්ගේ අධ්‍යාපනික අත්දැකීම්වල ගුණාත්මකභාවය වර්ධනය වන අතරම ගුරුවරුන්ගේ දැනුමද යාවත්කාලීන වේ. ඊ-පෙළපොතට පහසුවෙන් සිසුන්ට පිවිසිය හැකි වන අතර අළුත් දැනුම නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් ලෝකය සමග සමගාමීවීමේ අවස්ථාව මෙමගින් හිමිවේ.

www.guru.lk වෙබ් අඩවියේ හිමිකරු හෙඞ්ස්ටාර්ට් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී හසිත දෑල මහතා මෙම පළමු ඊ-පෙළපොත සකස් කිරීමට ලැබීම පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයල 'ජාතික වැදගත්කමක් තිබෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අපව තෝරාගැනීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. හෙඞ්ස්ටාර්ට් සහ Guru.lk සෑමවිටම උත්සාහ ගන්නේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට සහ සිසුන් ඇතුළු සියළු ජනතාවට වැඩි අධ්‍යාපනික ප‍්‍රවේශයක් ලබාදීමටයි. 2009 වසරේ අප සමාගම ආරම්භ කළදා පටන් අප සතුවූ ප‍්‍රධාන අරමුණ වූයේ දැනුම පහසුවෙන් සැමදෙනාටම ලබාදීමට තාක්ෂණය උපයෝගී කරගැනීමයි. එය ඉටුකර ගැනීම සඳහා නිළ ඊ-පෙළපොත සපයන්නා ලෙස අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් අවස්ථාව ප‍්‍රයෝජනවත් වෙනවා.'

ජාත්‍යන්තර ලෝකයට ගැලපෙන ලෙස අපගේ අධ්‍යාපනය සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය වැඩිවශයෙන් හඳුන්වාදීමේ රජයේ උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා ඊ-පෙළපොත ඉතාමත් වැදගත්වේ. මෙය මෙරට අධ්‍යාපන ප‍්‍රකාශන ක්ෂේත‍්‍රයේ සුවිසේශි සංධිස්ථානයක් වන අතර ඒ තුළින් සිසුන්ට අධ්‍යාපනය ලබාදීමේ ක‍්‍රමවේදයට තවත් රුකුලක් වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අධ්‍යාපන වෙබ් අඩවිය වන Guru.lk විසින් අන්තර්ජාල අධ්‍යාපන පාඩම් මාලා 1000 කට වැඩි ප‍්‍රමාණයක් ලබාදෙන අතර ඒවා පාසැල් විෂය මාලාවේ සිට වෘත්තීය අධ්‍යාපනය සහ විනෝදාස්වාදය දක්වාත්, තොරතුරු තාක්ෂණික, රූපලාවන්‍ය සහ ආහාරපාන සැකසීම, ගායනය යන දක්වාත් පුළුල් පරාසයක විහිදේ. මෙම වෙබ් අඩවිය හරහා අද 235ල000 කට අධික පිරිසක් අධ්‍යාපන පාඨමාලා හදාරයිග මෙම වෙබ් අඩවිය අයත්වන හෙඞ්ස්ටාර්ට් ප‍්‍රයිවට් ලිමිටඞ් (මීට පෙර Felidae) විසින් විදුලි සංදේශ සමාගම්, පුද්ගලික අංශය සහ පාසැල්වල තොරතුරු තාක්ෂණික විද්‍යාගාර සඳහා නොමිලේ දැනුම ලබාදෙන 'සිප්ණැන-ගුරු' පාසැල් වැඩසටහන ඇතුළු රජයේ වැඩසටහන් හා බොහෝ අන්තර්ජාල E-learning වැඩසටහන් සඳහා සවිබලය ලබාදෙයි.