‘කැලණි විසුර’ විදුලි කාර්මික දැනුවත්කිරීමේ වැඩසටහනේ 2016 අවසන් වැඩමුළුව හම්බන්තොටදී පැවැත්විණ.

කැළණි කේබල්ස් සමාගමේ වෙළඳනාම ප‍්‍රවර්ධන කළමනාකරු, චන්න ජයසිංහ මහතා හම්බන්තොට ජේඞ් ගී‍්‍රන් හෝටලයේ පැවැති ‘කැලණි විසුර’ වැඩමුළුව අමතමින් කැළණි කේබල්ස් සමාගමේ වෙළඳනාම ප‍්‍රවර්ධන කළමනාකරු, චන්න ජයසිංහ මහතා හම්බන්තොට ජේඞ් ගී‍්‍රන් හෝටලයේ පැවැති ‘කැලණි විසුර’ වැඩමුළුව අමතමින්

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි වයර් නිපදවන කැළණි කේබල්ස් PLC සමාගමේ ‘කැලණි විසුර’ වැඩසටහනෙහි 2016 වසරේ අවසන් වැඩමුළුව හම්බන්තොට ජේඞ් ගී‍්‍රන් හෝටලයේදී පසුගියදා පැවැත්වුණි. එය කැළණි කේබල්ස් සමාගම විසින් දශකයකට ඉහතදී විදුලි කාර්මිකයන් දැනුවත්කිරීම හා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් දියත් කළ ‘කැලණි විසුර’ (‘විදුලි කාර්මික සුබසාධන රන් මෙහෙවර’) නම් ආයතනික සමාජ සත්කාරක වැඩසටහන යටතේ පැවැත්වෙන්නකි.

කැළණි කේබල්ස් PLC සමාගමේ වෙළෙඳ ඉංජිනේරු සංජීව ගුණතිලක මහතා විසින් මෙහෙය වූ හම්බන්තොට ජේඞ් ගී‍්‍රන් හෝටලයේදී පැවැති ‘කැලණි විසුර’ විදුලි කාර්මිකයන් දැනුවත්කිරීමේ වැඩසටහනට විදුලි කාර්මිකයන් 150කට වැඩි පිරිසක් සහභාගී වූ අතර එහි දී විදුලි කාර්මිකයන්ට නිවාස හා ගොඩනැගිළිවල ආරක්ෂාව සැළසෙන ආරක්ෂාකාරීබව සනාථ කළ වයර් තෝරාගැනීම, දුර හා නිවසේ ස්වභාවය අනුව, ප්්ලග් පොයින්ට්, ස්විචයන් සවිකිරීම හා විදුලි පහන් ප‍්‍රමාණය අනුව වයර් තෝරාගැනීම, වයර් එළීම සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටළු නිරාකරණය ආදී එම විෂයයට අදාල විශේෂ දැනුවත්වීමක් ලබාදුණි. ආහාරපාන ඇතුළු සියලූ පහසුකම් සහිතව පැවැත්වූණු මෙම එක්දින වැඩමුළු අවසානයේදී සහභාගී වූවන්ට වටිනා සහතිකපතක් හා ත්‍යාගයක්ද පිරි නැමුණි. කැළණි කේබල්ස් සමාගම මගින් පවත්වන මෙම වැඩමුළු මාලාවෙහි විශේෂත්වය වන්නේ එයට සහභාගීවන සෑම විදුලි කාර්මිකයෙකුුටම ගොඩනැගිල්ලක් හෝ නිවසක වයරින් සැලසුමක් ඇදීමේ හැකියාව ඇත්තෙකු බව ට පත්ව තරගකාරී දැනුමක් හිමි කාර්මික ශිල්පියෙකු බවට පත්වීමය.

ශී‍්‍ර ලංකාව පුරා විසිරුණු විදුලි කාර්මිකයන් අතරේ වඩාත්ම ජනපි‍්‍රය විදුලි කාර්මික සමාජයවන ‘කැලණි විසුර’ (විදුලි කාර්මික සුබසාධන රන් මෙහෙවර) යටතේ දැනට විදුලි කාර්මිකයන් 20,000කට ආසන්න පිිරිසක් දැනුවත් කර තිබේ. එමෙන්ම එම වැඩසටහනෙන් දිවයිනේ ප‍්‍රධාන හා ජනාකීර්ණ නගර ආශි‍්‍රතව මෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් කිලිනෝච්චි, යාපනය, වවුනියාව, ති‍්‍රකුණාමලය, මඩකලපුව, කල්මුණේ, අම්පාර හා මොණරාගල වැනි දිස්ති‍්‍රක්කයන් හි විදුලි කාර්මිකයන්ගේ වෘත්තීය දිවිය හා පවුල් නගාසිටුවීමට කැළණි කේබල්ස් සමාගම විශාල කාර්යභාරයක් ඉටුකිරීම විශේෂත්වයකි.

කැළණි කේබල්ස් සමාගමේ විදුලි කාර්මිකයන් දැනුවත්කිරීමේ ආයතනික සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සමාගමේ, වෙළඳනාම ප‍්‍රවර්ධන කළමනාකරු, චන්න ජයසිංහ මහතා පැවසුවේ, ”‘වයර් නං කැළණි’ නම් තේමාවෙන් විශිෂ්ට නිෂ්පාදන රැසක් වෙළෙඳපොලට සපයන අප සමාගම මෙරට වෙළඳපොලේ අංක එකේ වයර් වෙළඳනාමය ලෙසින් වයර්වල ආරක්ෂිතබව වසර ගණනාවක් පුරා සනාථ කර තිබෙනවා. වසර 2016දී පැවැත්වුණු අවසන් ‘කැලණි විසුර’ වැඩමුළුව සඳහා අප හම්බන්තොට ප‍්‍රදේශය තෝරාගත්තේ නව ආයෝජන කලාපය බිහිවීමත් සම`ග ඉදිරියේදී එම ප‍්‍රදේශයේ ඉදිකිරීම් බහුලවන හෙයිනුයි. එසේ ඉදිකිරීම් බහුලවීමත් සම`ගම එම ඉදිකිරීම්වලට සම්බන්ධවන විදුලි කාර්මික ශිල්පීන්ට තරගකාරී හා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය දැනුමක් අත්‍යාවශ්‍යයි. පසුගිය වසරේදී ‘කැලණි විසුර’ වැඩසටහනේ විශාල ප‍්‍රගතියක් පෙන්නුම් කෙරුණේ එහි සාමාජික සංඛ්‍යාව වර්ධනයවීම හා වැඩි වරප‍්‍රසාද හිමිකරදීමෙන්. එමෙන්ම කොමර්ෂල් බැංකුව සම`ග එක්ව සෑම විදුලි කාර්මික ශිල්පියෙකුටම නොමිලේ බැංකු ගිණුමක් අරඹා ඉතිරිකිරීමේ උපක‍්‍රම වටහාදීමත් කැලණි කේබල්ස් සමාගම විසින් පසුගිය වසරේදී සිදු කෙරුණා. තවද මෙම 2017 වසර ‘කැලණි විසුර’ වැඩසටහනට විශේෂිත වසරක්. විශේෂයෙන්ම මෙම වසරේදී අප සමාගමේ විදුලි කාර්මික සාමාජිකත්වය මෙරට පවතින සියලූ විදුලි කාර්මික සමාජවල සාමාජිකත්වය අභිබවා යනු ඇත. ‘කැලණි විසුර’ වැඩමුළුව යටතේ මාසික දිවයිනේ කොතැනක හෝ දැනුම බෙදාදීමේ වැඩමුළුවක් පවත්වන්නේ කැලණි කේබල්ස් සමාගමේ තවත් අගනා සමාජ සත්කාරයක් ලෙසින්.” යන්නය.

කැළණි කේබල්ස් වසර 47ක් පුරා ශී‍්‍ර ලාංකේය විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදනයේ අත්දැකීමෙන් පිරි 100% දේශීය සමාගමකි. SLIM Brand Excellence -2012 සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාරික වෙළදනාමයට හිමිවන ලෝකඩ සම්මානය හිමිකරගත් කැළණි කේබල්ස් සමාගම, SLIM Brand Excellence --2013 සම්මාන උළෙලේ දී එම අංශයේ රන් සම්මානය හිමි කරගැනීමට සමත් විය. එමෙන්ම නිෂ්පාදන කි‍්‍රයාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන ISO 9001: 2008 තත්ත්ව සහතිකය, කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානයෙන්, ජාතික තත්ත්ව සම්මානයෙන් හා ටයිකි අකිමොටෝ 5S රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. තවද ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික සමාගම් තම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනමන SLITAD People Development – 2013 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිඳුම් ලැබීය. විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැක් වූ වෘත්තීයමය විශිෂ්ටත්වය වෙනුවෙන් කැළණි කේබල්ස් 2008 දී ‘සුපර් බ‍්‍රෑන්ඞ්’ තත්ත්වය හිමි කරගැනීමට ද සමත් විය. එමෙන්ම පසුගිය 2015 වසරේ ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය, තිරසාර සංවර්ධනය වෙනුවෙන් පිරි නැමෙන National Green Award සම්මානය SLIM Brand Excellence සම්මාන උළෙලේදී B2B Brand අංශයේ විශිෂ්ටත්වය හා විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මාන දිනාගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත් විය.