BMICH හේලීස් හා එක්ව පැවැත්වූ නත්තල් කැරොල් ගී සැඳෑව

හේලීස් නත්තල් කැරොල් කණ්ඩායම BMICH  හිදීි  ‘Melodies of Christmas’  ප‍්‍රසංගයට එක්ව සිටි අයුරු. හේලීස් නත්තල් කැරොල් කණ්ඩායම BMICH හිදීි ‘Melodies of Christmas’ ප‍්‍රසංගයට එක්ව සිටි අයුරු.

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය විසින් පසුගියදා සංවිධානය කළ ජාතික නත්තල් උත්සව කි‍්‍රයාකාරකම් හා Tourism Fest සඳහා දායක වෙමින් හේලීස් සමූහයේ කැරොල් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නත්තල් බැති ගී (කැරොල්) ගායනයට BMICH ආයතනය තම සහයෝගය ලබාදුන්නේය. නිවාඩු සමයට ආවේණික ආදරණීය අතීත මිහිර නැවතත් මතකය තුළට ගෙන එන්නට මෙම වැඩසටහන සමත්විය.

‘Melodies of Christmas’ නමින් පැවැති මේ නත්තල් බැති ගී සැඳෑවේදී නත්තලට මෙන්ම උත්සව සමයට ගැයෙන සුන්දර ගීත රැුසක් ඉදිරිපත් කෙරිණ. පැයක කාලයක් පුරා මේ ප‍්‍රසංගය පැවැත්වූයේ එළිමහන් ප‍්‍රසංගයක් ලෙසිනි. තරු එළියෙන් ආලෝකමත් වූ හාත්පස පරිසරය ද දැකුම්කළු උත්සව ශාලා පරිශ‍්‍රය ද නිසාවෙන් ප‍්‍රසංගය තවත් අලංකාර විය. එම අවස්ථාව නැරඹීමට පැමිණි අය පවා නත්තල් බැති ගී ගායනයට එක්වීම තවත් විශේෂත්වයක් විය.

BMICH ආයතනය, 2016 වසරේදී ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැති Century International Quality ERA Award හිදී රන් සම්මානයක් දිනාගැනීමටත් දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මානයක් හිමිකර ගැනීමටත් සමත්විය.