කඩවත හරිත ශාඛාවට මුල්ගල තබමින් සෙලින්කෝ ලයිෆ් 29 වන සංවත්සරය සමරයි Featured

සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ, ආර්. රෙන්ගනාදන් මහතා, අධ්‍යක්ෂවරුන්, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සමග මුල් ගල තැබූ අවස්ථාව සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ, ආර්. රෙන්ගනාදන් මහතා, අධ්‍යක්ෂවරුන්, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සමග මුල් ගල තැබූ අවස්ථාව

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම ජනවාරි 14 වනදා සිය 29 වන වසර සැමරූ අතර එදින කඩවත නගරයේ සමාගමට අයත් භූමියක නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබන ලදී.

මෙම ශාඛා ගොඩනැගිල්ල ඉදිකරන්නේ අංක 15A, ජය මාවත, කඩවත දරණ ස්ථානයේ වන අතර තට්ටු දෙකකින් යුතු මෙම ගොඩනැගිල්ල වර්ග අඩි 5,870 ක් ලෙස සැලසුම් කර තිබේ. අවශ්‍යතාවය පරිදි තට්ටු හතරක් දක්වා ගොඩනැගිය හැකි ආකාරයට මෙම ගොඩනැගිල්ල ඉදිකරන බව සමාගම පවසයි.

මෙම ගොඩනැගිල්ලට ස්වභාවික ආලෝකය උපරිමයෙන් ලැබෙන පරිදි නිර්මාණය කර තිබෙන අතර සම්පූර්ණයෙන්ම බලශක්තිය සැපයෙන්නේ සූර්ය බලය මගිනි. මීට අමතරව, බලශක්ති පිරිමැසුම්දායක වායුසමීකරණ සහ විදුලි ආලෝක පද්ධති සවිකර තිබෙන අතර වැසි ජලය රැුස්කිරීමේ පහසුකම්ද මෙහි ඇත. මෙහි ඇති රථ වාහන අංගනයේ වරකට වාහන 10 ක් නතර කිරීමේ ඉඩපහසුකම් තිබේ.

මෙම ගොඩනැගිල්ලට සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා විසින් මුල්ගල තැබූ අතර මෙම අවස්ථාවට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී විය.

සමාගමේ ශාඛා හැකි පමණින් තිරසාර බලශක්තිය වෙතට පරිවර්තනය කිරීමේ වැඩසටහන යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් මේ ආකාරයේම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිලි මෑතකදී හොරණ සහ පානදුර විවෘත කළේය.

වෙන්නප්පුව සහ බණ්ඩාරවෙල සෙලින්කෝ ලයිෆ් ශාඛාද මේ ආකාරයෙන්ම නව පරිසර හිතකාමී ආකෘතියට අනුව ඉදිකර තිබේ. සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන සහ ගල්කිස්ස යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝමයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි.

මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් විසින් පරිසර හිතකාමී මෙහෙයුම් කටයුතුවල නව පිම්මක් සනිටුහන් කරමින් මේ වනවිට කොළඹ නගරයේ තිබෙන විශාලතම සූර්ය විදුලිබල පද්ධතිය කොළඹ 05 පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලදී. මෙම සූර්ය විදුලිබල පද්ධතිය සඳහා රුපියල් මිලියන 13.7 ක් අයෝජනය කර තිබෙන අතර එමගින් කිලෝවොට් 63.18 ක විදුලි බලයක් උත්පාදනය කරනු ලබයි.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.