40 වසරක සාර්ථක සේවය සමරණ වික්‍රමාරච්චි දෘෂ්ඨි විශේෂඥයෝ සහ ශ්‍රවණාධාර සපයන්නෝ Featured

ශ්‍රවණාබාධ ආධාරක උපකරණ බද්ධ කිරීමේ පුරෝගාමීන් වන වික්‍රමාරච්චි සහ සමාගම ඔවුන්ගේ 40  වසරක ජාතික සේවය සාඩම්බරයෙන් සමරණ ලදී.  එසේම මේ වනවිට වෙළඳපොළ ප්‍රමුඛයන් වී සිටින වික්‍රමාරච්චි සහ සමාගම දෘෂ්ඨි හා ශ්‍රවණාධාර සේවාවන් සඳහා නවීන විද්‍යා ක්ෂේත්‍රයේ දියුණු තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමේ වැඩසටහනක් ද උත්සවාකාරයෙන් පැවැත්වීය.

වික‍්‍රමාරච්චි කථන සහ ශ‍්‍රවණ ආයතනයෙහි (WISH) පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ අතර, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, හා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන්ද සහභාගී විය. එසේම ජේ එම් වික්‍රමාරච්චි සමාගමේ නිර්මාතෘ ජාතිය වෙත සලසනු ලබන සේවාවන් සිහිපත් කිරීම සඳහා විශේෂ උපහාරයක් ලෙස පැවැත්වූ මෙම අවස්ථාව සඳහා වික‍්‍රමාරච්චි දෘෂ්ඨි විශේෂඥයින් සහ ශ‍්‍රවණාධාර සමාගමේ සභාපති මිහිර වික‍්‍රමාරච්චි මහතා ද සහභාගී විය.

මෙහිදී නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහයෝගයද ඇතුව ශ්‍රවණ විද්‍යාව පිලිබඳ පුහුණු වැඩසටහනක් ඇරඹීම සඳහා මිහිර වික්‍රමාරච්චි හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි යන මහත්වරුන් අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කරන ලදී.

තවද ශ්‍රවණ හා කථන ආබාධ ඇති ජනතාව හා සෞඛ්‍ය සේවා වෘත්තිකයින් ගේ පහසුව සඳහා තවත් පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ සඳහා ශ්‍රවණ හා කථන චිකිත්සාව සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත. සමාගම විසින් දිගින් දිගටම කරනා පර්යේෂණ සා සංවර්ධන කටයුතු හරහා දිගු දුර දැක්ම සඳහා ජර්මානු අක්ෂි කාච  වැනි දියුණු උපකරණ ජර්මනියේ සිට ගෙන්වා භාවිතා මේ පුරෝගාමීන් වන්නේ ද වික්‍රමාරච්චි සහ සමාගමයි.

2006 දී ශ්‍රවණ හා කථන ආබාධ පුද්ගලයින් හට අරමුදල් ලබා දීම සඳහා පිහිටුවන ලද  කරන ලද වික‍්‍රමාරච්චි කථන සහ ශ‍්‍රවණ ආයතනය (WISH) ඇස් කන්නාඩි විකිණීමෙන් ලැබෙන ලාබයෙන් 2% ක මුදලක් සෑම අවුරුද්දකම වනජීවී ආරක්ෂක පදනම වෙනුවෙන් වෙන් කරයි.

1976 වසරේ ආරම්භ කල සමාගම දී ශ්‍රවණ හා කථන ආබාධ පුද්ගලයින් හට ඔවුන්ගේ අපහසුතා වලින් මිදී සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ සැලැස්වීමේ කටයුතු සලසමින් බොහෝ අභියෝග වලට මුහුණ දී සාර්ථක මගක ගමන් කර ඇත.