කාන්තා නායකත්වය හා නැගී එන ග‍්‍රාමීය කාන්තා ව්‍යවසායකයින්ගේ සම්මාන පිළිබඳ විද්වත් සාකච්ඡුාවට Women in Management සහ IFC සත්කාරය Featured

7වන වරට පැවැත්වෙන විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ගේ සම්මාන උළෙල 2017ට සමගාමීව Women in Management සහ ලෝක බැංකු සමූහයේ සාමාජික ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ එකමුතුවෙන් "ලොව වෙනස් කිරීම සඳහා කාන්තා නායකත්වය" යන මැයෙන් පසුගියදා මහනුවරදී කමිටු සාකච්ඡුාවක් සංවිධානය කෙරුණි. මෙහිදී සංස්ථාපිත අංශයේ නායකයන් ලෙස ජයග‍්‍රහණ රැුසක් අත්පත් කරගෙන ඇති මෙන්ම WIM සම්මානලාභී කාන්තාවන් පස් දෙනෙකු විසින් තම සාර්ථකත්වයේ මග විවර කරගත් අයුරු විස්තර කරන ලදී. මෙය කාන්තා වෘත්තිය සම්මාන උළෙල 2017ට සමගාමීව පැවති කුඩා සම්මාන ප‍්‍රදානයක් ලෙස පැවති අතර ඒ හරහා ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක හතක කාන්තා ව්‍යවසායිකාවන් හඳුනාගෙන ඔවුන්ට තම වෘත්තීයමය දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේත් අවස්ථා හඳුනාගමින් පැන නගින ගැටලූ ග‍්‍රහණය කරගන්නා අයුරුත් පැහැදිලි කරන ලදී.

මෙම සාකච්ඡුා වටය කීර්තිමත් කමිටුවකින් සමන්විත වූ අතර ඒ සඳහා හේමාස් ෆාමසූටික්ල්ස්/හේමාස් ලොජිස්ටික්ස් සහ මැරීන්ටයිම් හි කළමනාකාර අධ්‍යක්ෂ කස්තුරි චෙල්ලරාජා විල්සන්, කෝකා-කෝලා හි කළමනාකාර අධ්‍යක්ෂ සෝනු ග්‍රෝවර්, වර්චුසාපොලරීස් හි මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා චන්දි ධර්මරත්න, ජනශක්ති ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන පරිපාලක නිලධාරි දයාලින් අබේගුණවර්ධන සහ ඉන්ෆෝ ටෙක් හි උප සභාපති රම්‍යා වීරකෝන් සහභාගී වූහ. මේ සියලූ දෙනාම මෙරට සංස්ථාපිත අංශයේ කාන්තා නායිකාවන් ලෙස සදා නොමැකෙන ජයග‍්‍රහණ අත්පත් කරගෙන ඇත.

මෙම සුවිශේෂී සාකච්ඡුාවට ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක හතක වෙසෙන නැගී එන කාන්තා ව්‍යවසායිකාවන් 13 දෙනෙකුගේ ජයග‍්‍රහණයන් ඇගයීම සඳහා වන සම්මාන උළෙලින් සංවිධානය විය. ඒ මහනුවර, අනුරාධපුරය, මන්නාරම, වව්නියාව, හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක සඳහායි. මෙය සංවිධානය කිරීමේ අභිප‍්‍රාය වූයේ ශී‍්‍ර ලංකාවේ වෙසෙන දක්ෂ සහ හැකියාවන්ගෙන් පරිපූර්ණ එහෙත් මෙතෙක් කිසිදු ලෙස කිසිවෙකුගේ අවධානය යොමු නොවූ දේශීය සහ ජාත්‍යන්තර ලෙස සාර්ථකත්වය ලබාගත හැකි කාන්තාවන් වෙත අවධානය යොමු කිරීමයි.

Women in Management හි නිර්මාතෘ සහ සභාපතිනි සුලෝචනා සිගේරා මහත්මිය අදහස් ප‍්‍රකාශ කරමින් "ඉදිරියේදී පැවැත්වෙන විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ගේ සම්මාන උළෙල 2017 යනු Women in Management සහ IFCඑකමුතුවෙන් ශී‍්‍ර ලාංකේය කාන්තා ප‍්‍රජාව අතරින් සාර්ථකත්වයට පත් අයගේ සාර්ථකත්වයේ කතාව උත්කර්ෂයට නගන මොහොතයි. අපගේ කමිටු සාමාජිකාවන් අතරින් දෙදෙනෙක් ඔවුන්ගේ දක්ෂතාවය නිසා කීර්තිය දිනාගත් අය වන අතර ඊට අමතරව පෙර පැවති වෘත්තිය සහ කාන්තා උළෙලයන්හි දී සම්මාන හිමිකරගත් අයයිx ඒ හරහා සම්බන්ධ වන අයට ඔවුන්ගේ අදහස් සෘජුවම ලබා දෙන්නට හැකිවන අතර හොඳ පෞරුෂයන් සහිත කාන්තාවන් වීමට ඔවුන්ගේ ඇත්දැකීම් ඉවහල් වනු ඇතැයි" ප‍්‍රකාශකර සිටියාය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප‍්‍රාදේශීය සභා සාමාජිකයන්, කාන්තා ව්‍යවසායකයන්, අදාල දිස්ත‍්‍රික්කයන්හි දිස්ත‍්‍රික් ලේකම්වරු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ද සහභාගී වූහ.