ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යොවුන් සඟරාවක් වන චොකොලාටේ සඟරාව පොන්ඩ්ස් හා එක්ව සංවිධානය කරන චොකොලාටේ  MDFD තරඟය 8 වෙනි වරටත් 2017 මැයි මස 27 දින රාත්‍රියේ දක්ෂතම මෝස්‌තර නිර්මාණ ශිල්පීන් 14 ක් සමගින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අපක්ෂපාතී විනිසුරු මඩුල්ලක් මධ්‍යයේ පැවැත්විණි.

තම නිර්මාණ වලින් මුළු විනිසුරු මඩුල්ලම නතු කරගත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් කටයුතු කරන 26 හැවිරිදි නිසංසලා දිගල එදින රැයේ සියලුම තරඟ අංශ වල ජයග්‍රාහිකාව විය.

Swinburne තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මහෝෂදී ද සිල්වා එදින අනුශූරතාවය දිනා ගත් අතර ශ්‍රී ලාංකික සම්ප්‍රදායී නැටුම් අංග ඇගේ නිර්මාණ එකතුව සඳහා තේමාව කරගත්හ.

මෙදින තූන්වන ස්ථානය විසි එක් හැවිරිදි රන්චන අබේරත්න විසින් දිනා ගත් අතර ඔහු දැනට ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟලුම් ආයතනයෙහි සිය උසස් අධ්‍යාපන කටයුතු කරමින් සිටියි. ඔහුගේ ප්‍රධාන වර්ණ ලෙස කළු සහ රන් පැහැය භාවිතා කර අතර පැරණි ඊජිප්තු වටාපිටාව තේමා කරගෙන තිබුණි.

එසේම මෙදින රැයේ හොඳම නිරූපණ ශිල්පී මව හා දියණිය ලෙස නිලූ සහ සසින්දී සේනානායක දෙපල තේරී පත් විය.

එදින රාත්‍රියේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ විනිසුරු මඩුල්ල වෙනුවෙන් යෝලන්ඩ් අලුවිහාරේ, ඔනෙලා ගුණසේකර, මයිකල් විජේසූරිය, සම්මානි පතිරණගම, යසිසුරි කිරිබණ්ඩාර සහ ධනූ ඉන්නසිතම්බි යන දිවයිනේ ප්‍රමුඛතම මෝස්‌තර නිරූපණ ශිල්පීන් සහ මෝස්‌තර නිර්මාණ ශිල්පීන් පෙනී සිටි අතර ඔවුන් ඒ සඳහා ඔවුන්ගේ උපරිම සහය දැක්වීය.

2017 පෙබරවාරි 20, කොළඹ: Ekroma Realtors සමාගම සහ Invoke (පුද්.) සමාගම අත්වැල් බැඳගෙන Elegant 16 නමින් නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් කොළඹදී දියත් කිරීමට කටයුතු කළේ ය. වාණිජ අගනගරයේ සියලූ පහසුකම්වලට නුදුරින්, එහෙත් නාගරික පරිසරයේ කලබලකාරී බව නොදැනෙන ස්ථානයක ඉදිවන මෙම නිවාස ව්‍යාපෘතිය කොළඹ, ඇල්විටිගල මාවතේ ඉදිකෙරේ. මෙම ව්‍යාපෘතිය නිදන කාමර 2 සහ 3 බැගින් වන සුඛෝපභෝගී නිවාස 16 කින් සමන්විත වනු ඇත.

2018 මාර්තු මාසය වනවිට ඉදිකිරීම් අවසන් වීමට නියමිත Elegant 16 ව්‍යාපෘතියේ අලෙවිකරණ කටයුතු Invoke (පුද්.) සමාගම මගින් පමණක් සිදුකෙරේ. Invoke (පුද්.) සමාගම යනු දේපළ සංවර්ධන, සැලසුම් නිර්මාණ සහ අලෙවිකරණ යනාදී ක්ෂේත‍්‍රවල විශේෂඥයන් පිරිසකගෙන් සැදුම්ලත් සමාගමක් වන අතර එය දේපළ ක්ෂේත‍්‍රයේ ශක්‍යතා අධ්‍යයනය, සංකල්ප නිර්මාණය, අලෙවිකරණය සහ විකුණුම් කටයුතු යනාදී වශයෙන් ව්‍යාපෘතියක සියලූම අංශ සඳහා අවශ්‍ය විසඳුම් පිරිනමයි. ව්‍යපෘතියක ආරම්භයේ සිටම අදාළ දේපළ සංවර්ධන සමාගම සමග සමීපව වැඩ කරන Invoke කණ්ඩායම අදාළ ව්‍යාපෘතියේ ප‍්‍රමිතිය මෙන්ම එහි මිල නියම කිරීම, අලෙවිකරණ ක‍්‍රමෝපායන් සහ ස්ථානය තෝරාගැනීම යනාදී සියල්ල අදාළ ඉලක්කගත පාරිභෝගික කාණ්ඩයේ අවශ්‍යතා හා අපේක්ෂාවන්ට අනුකූලව පවතින බව තහවුරු කරගැනීම සඳහා කටයුතු කිරීම විශේෂත්වයකි. Elegant 16 ව්‍යාපෘතියට අමතරව එම සමාගම Signature 12, Signature 7 සහAvenue 9 වැනි ව්‍යාපෘතිවලට දායක වී අතර මෙරටට පුරෝගාමී හඳුන්වාදීම් රැුසක් සිදුකර ඇත.

Elegant 16 සමග .'Boutique Apartments' සංකල්පය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයට හඳුන්වා දීම Invokeසමාගමේ ඉලක්කයයි. Boutique යන්නෙන් සාමාන්‍යයෙන් 'සංකීර්ණ හෝ සුවිශේෂී පාරිභෝගික කාණ්ඩයකට සේවා සැලසීම' අදහස් කෙරේ. එම නිසා බුටීක් නිවාස යන්නෙන් සාමාන්‍යයෙන් කුඩා, එහෙත් සුඛෝපභෝගී නිවාස අදහස් ලෙස හැඳින්විය හැක. වර්ග අඩි 900 සිට 1,900 දක්වා පමණ පරාසයක විහිදෙන මේවා පවුලේ සාමාජිකයන්ට වඩාත් සොඳුරු නිවසක අත්දැකීම තිළිණ කිරීම සඳහා විශාල ප‍්‍රමාණයේ කාමර සහිත සැලසුම් අනුව සකසා තිබේ. තරුණ විධායක නිලධාරීන්, පවුල් මෙන්ම නගරයේ සුවපහසුව සොයන ඕනෑම කෙනෙකුට Elegant 16 නිවාස ඉතාමත් හොඳ ආයෝජනයක් වනු ඇත.

කොළඹ නගරයේ පාසල්, රෝහල්, සුපිරි සාප්පු සංකීර්ණ ඇතුළු සියලූ පහසුකම්වලට සමීපව කොළඹ 5, ඇල්විටිගල මාවතේ Elegant 16 ව්‍යාපෘතිය ඉදි වේ. එම නිසා මෙය නාගරික ජීවන රටාවට සමීපව ජීවත් වීමට කැමති කාටත් ඉතාමත් හොඳින් ගැළපෙන නිවාස ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැක.

Elegant 16 නිවාස ව්‍යාපෘතියට ඇතුළත පහසුකම් අතරට පිහිනුම් තටාකයක්, සියලූ පහසුකම් සහිත කාය වර්ධන මධ්‍යස්ථානයක්, විනෝදාස්වාද කටයුතු සඳහා Rooftop කොටසක් සහ BBQ area එකක්, ඇවිදීමේ මංතීරුවක්, දරුවන්ට කෙළිසෙල්ලම්වල යෙදීම සඳහා වෙන්කළ කොටසක් ඇතුළු විශේෂාංග රැුසක් ඇතුළත් වී තිබේ. සියලූ පහසුකම් සහිතව, නගරයට ආසන්නයෙන්, උසස් ප‍්‍රමිතියෙන් යුක්තව, පරිසර හිතකාමී ලෙස සහ ආරක්ෂාවද සහිතව ඉදිවන Elegant 16 මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ සුවිශේෂී ඉල්ලූමක් සහිත ව්‍යාපෘතියක් බවට පත්වනු නොඅනුමාන ය.

වැඩි විස්තර සඳහා 0772455233 / 0772421121 අංකවලින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයෙන් Invoke සමාගම අමතන්න. නැතිනම් www.invoke.com වෙබ් අඩවියට පිවිසෙන්න.

තාක්ෂනය කියන්නේ නිතරම වෙනස් වන දෙයක්. සම සුරැකීමේ තාක්ෂණයත් ඊට වඩා වෙනස් නැහැ. අලුත් දෙයක් එද්දී පරණ දේ ඉවත් වෙලා යනවා. කාලයක් තිස්සේ අපි පුරුදු වෙලා හිටියේ ක්රීම් , ෆේස් වොෂ් වගේ දේ වලට. දැන් ලෝකය පුරා අලුතින් පැතිරෙන තාක්ෂනය තමයි සීරම් තාක්ෂනය.

සීරම් (serum ) එකක් යනු කුමක්ද?
සීරම් එකක් කියන්නේ සම සුරකින ක්රිලයාකාරී ද්රැව්යන සාන්ද්ර්ගත කර සකස් කල සැහැල්ලු ආලේපනයක්. බරින් අඩුයි. සම තුලටම කා වැදී ඇතුලතට ගමන් කිරීමට හැකියි. ඉතා කුඩා ප්රරමාණයක් ආලේප කිරීමෙන් විශාල ප්‍රතිපලයක්  ලබා ගත හැකියි. සීරම් වල තෙල් ගතියක් නැහැ. එම නිසා තෙල් සහිත සමකට වුවද ඉතා සුදුසුයි. සීරම් එකක් පාවිච්චි කිරීමට වඩා සුදුසු කාලය උදැසන සහ රාත්‍රී කාලයයි. සාන්ද්‍රගත ද්‍රව්ය අඩංගු සීරම් වල කියාකාරිත්වය සහ ප්‍රතිඵල ඉහලයි.සැහැල්ලු බව නිසා භාවිතය පහසුයි.

විටාවයිට් වල විශේෂත්වය
සම සුසුදු කරවන බිසබොලොල් නැමති කැමමයිල් මලෙන් ලබා ගන්නා ස්වභාවික සංඝටකය සහ විටමින් C සහිත විටාවයිට් සම පැහැපත් කරනවා. බ්ලීචින් වලින් තොරයි. විටමින් C මගින් අපේ සමේ මෙලනින් නිෂ්පාදනය අඩු කරනවා. ඒ වගේම කොලැජන් නිෂ්පාදනය වැඩි කිරීමට උදවු කරනවා. ඒ නිසා සුමුදු පැහැපත් සමක් ලැබෙනවා. විටාවයිට් වල විටමින් E අඩංගුයි. විටමින් E ප්‍රතිඔක්සිකාරකයක්. එමගින් සම ආරක්ෂා කරනවා.

විටාවයිට් සීරම් එක වෙළඳපොළට එන්නේ applicap ස්වරුපයෙන්. ඒ නිසා නැවුම් බව ආරක්ෂා වෙනවා. applicap තිහක් අඩංගු පැක් එකක් රුපියල් 1760ක් පමණයි.

විටාවයිට් කියන්නේ  ඔස්ට්‍රලියාවේ  මෙගා ලයිෆ් සයන්සස් ආයතනයේ නිෂ්පාදනයක්. ආනයනය සහ ශ්‍රී ලංකාව තුල ආනයනය සහ බෙදා හැරිම සිදු කරන්නේ A බවර් සහ සමාගමයි.

විටාවයිට් දැන් ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන ෆාමසි සහ රුපලාවන්ය ද්‍රව්ය අලෙවි අලෙවිසැල් වලින් දැන් ලබා ගත හැකියි.

වැඩි සිස්තර සඳහා අමතන්න - මෙගා ලයිෆ්සයනසස් පුද්ගලික සමාගම , දුරකථන අංක -114-375364 හෝ 075-931 3086

ජාතික ආර්ථිකයට කාන්තාවන්ගේ වැදගත්කම හඳුනා ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක්ම හඳුන්වාදී තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවේ පළමු වැන්න පසුගියදා පැවැත්වීය.

ජාතික ව්‍යවසායත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සමග එක්ව මෙම වැඩසටහන මාතර ප‍්‍රදේශයේ පැවැත්වූ අතර මේ සඳහා දකුණු පළාතේ සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායිකාවන් 100 කට වැඩි දෙනෙකු සහභාගී විය.

මෙම වැඩසටහනේ ප‍්‍රධාන සම්පත් දායකයා බවට පත්වූයේ ප‍්‍රමුඛ දේශකයෙකු මෙන්ම ව්‍යාපාර සංවර්ධන දිරිගන්වන්නෙකු වන චන්දන ගුණවර්ධන මහතායි. ව්‍යාපාර සංවර්ධනය තුළින් සවිබල ගැන්වීම සහ තිරසාරත්වය පිළිබඳව මෙම වැඩසටහනේදී දැනුවත් කෙරුණි.

කොමර්ෂල් බැංකුව විසින් මේ ආකාරයේම වැඩසටහන් පිරිමි සහ කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ බොහෝ පළාත්වල පවත්වන අතර මේ දක්වා බැංකුව විසින් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන සහ ධාරිතාවන් ගොඩනැංවීමේ වැඩසටහන් 35 ක් දිවයින පුරා පවත්වා ඇත. උතුරු, නැගෙනහිර, උතුරු මැද, දකුණු, ඌව, ඊසාන, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල පැවැත්වූ මෙම වැඩසටහන් මගින් ව්‍යවසායකයින් 3,500 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිලාභ ලැබූ බව බැංකුව සඳහන් කරයි.

මෙම වැඩසටහන් සඳහා කොමර්ෂල් බැංකුවට අයත් කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක (AMFU) 14 ක් මගින් සහයෝගය ලැබුණු අතර ජනතාවගේ කෘෂි කාර්මික ක‍්‍රියාකාරකම් හෝ ක්ෂුද්‍ර ව්‍යාපාර දියුණු කිරීමේදී ඒවායේ ප‍්‍රමුඛතාවයන් හඳුනා ගැනීම සඳහා මෙම ඒකක මගින් කොමර්ෂල් බැංකුවට සහයෝගය ලබාදෙයි. මීට අමතරව, කෘෂි කාර්මික ණය සහ ක්ෂුද්‍ර මූල්‍යනයන් ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම ව්‍යවසායකයින්ට විශේෂ සහයෝගයන් ලබාදීමටත් මෙම ඒකක කටයුතු කරයි.

මෙම වැඩසටහන සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත‍්‍රික්කයේ ව්‍යවසායකත්ව ප‍්‍රවර්ධන නිළධාරී ප‍්‍රදීප් දිසානායක මහතා සහභාගී වූ අතර කොමර්ෂල් බැංකුවේ දකුණු පළාතේ කළාපීය කළමනාකරු එස්.බී. වාසල මහතා විසින් වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ ශාඛා කළමනාකරුවන් පිරිසක්ද සහභාගී විය.

කොමර්ෂල් බැංකුවේ කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක (AMFU) රත්නපුරය, නාරම්මල, මහනුවර, අනුරාධපුරය, කිලිනොච්චිය, බණ්ඩාරවෙල, වැල්ලවාය, හිඟුරක්ගොඩ, ගලේවෙල, අච්චුවේලි, වව්නියාව, කාත්තන්කුඩි, තිස්සමහාරාමය සහ නෙළුව යන ප‍්‍රදේශවල පිහිටා ඇත.

සේයාරුවෙන් දැක්වෙන්නේ මාතර පැවති කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැඩසටහනයි. මෙම වැඩසටහනට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ නිළධාරීන්ද සේයාරුවේ සිටී.

 

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියලි සිටින ශ්රි ලාංකික ව්යවසායක ව්ය වසායිකාවන් සදහා අන්තර්ජාතික මට්ටමේ තරගාවලියක් මගින් ඔවුන් ඇගයීම හා ඉන්පසුව ඹවුන් අන්තර් ජාතික තරගාවලියක් වෙත යොමු කිරීම සදහාවන ගෝල්ඩන් පර්ම් 2016(ඨදකාැබ ත්‍ක්පැ ්අ්රා 2016) උළෙල 04 වතාවටත් මෙවරත් සංවිධානය කර ඇතග

ජාතික ව්ය්වසාය සංවර්ධන අධිකාරිය හා ආසියා පැසිපික් හෙයා ඇන්ඩ් කොස්මැටික්ස් සංගමය සමග ඒකාබද්ධව ක්රිංයාත්මක කරන මෙම තරගාවලිය මනාලියන් මෙකප් කිරීම ල කොන්ඩා සැකසීම හා වර්ණ ගැන්වීම ල මනාලියන් හැඩ ගැන්වීමලසැදෑ ගමන් සදහා ඇදුම් හා නිය අලංකරණය යන අංශ 05 යටතේ පැවැත්වෙන අතර මෙම තරගාවලියේ අවසන් තරගය 2016 නොවැම්බර් මස 22 වන දින මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වේ.

 

 

 

ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ විදුලි සංදේශ සහකරු බවට Airtel පත්වෙයි

2016 මාර්තු 11 - ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට්ෆෝන් ඇප් එක වන Matchstix මෙරට දහස් ගණනක් වු සමාජ ජාලකරණ මිතුරු සබඳතා අතරට එක්වෙයි. Matchstix නිල වශයෙන් ශ්රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා පාක් ස්ට්‍රීට් මිව්ස් හිදී පැවැත්විණ. එම " ගිණි පුපුරු දැල්වීමේ " සාදයට විශේෂ ආරාධිත අමුත්තන්, ජනප්‍රිය චරිත සහ Matchstix භාවිත කරන්නන් මෙන්ම ඒ පිළිබඳව උනන්දු වන්නන් ද එක්ව සිටියහ.

Matchstix ඇප් එක මඟින් රුචිකත්වය අතින් ඒ ඒ ප්‍රදේශවල සමාන පුද්ගලයින් යා කරයි. Matchstix හි ලියාපදිංචි වීමෙන් පසු GPS මඟින් ක්‍රියාත්මක වන මෘදුකාංගයක් ඔස්සේ මෙම යා කිරීම සිදුකරයි. මෙම ඇප් එක ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා වලින් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සහ iOS යන මෙහෙයුම් පද්ධති දෙකටම මෙම ඇප් එක ක්‍රියාත්මක කළ හැකිය.

Matchstix ඇප් එකට පිවිසීම සඳහා සක්‍රීය සිම්පතක්, ස්මාර්ට්ෆෝන් එකක් සහ ෆේස්බුක් ගිණුමක් අවශ්‍ය වෙයි. මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් පසු සබඳතා වර්ධනය කිරීම සිදුකරගත හැකිය. පෞද්ගලික තොරතුරු කිහිපයක් පමණක් ඇතුළත් කිරීමෙන් පසු Matchstix ඇප් එක ක්‍රියාත්මක කරවාගත හැකි අතර ඒ ඔස්සේ ඉතා ඉක්මනින් අවට ප්‍රදේශයේ සිටින රුචිකත්වය අතින් සමාන තවත් අය සොයාගැනීමට අවස්ථාව උදාවෙයි. මෙමඟින් නව සමාජ සබඳතා රැසක් ගොඩනැගෙයි.

මෙම හඳුන්වාදීමේ අවස්ථාවට එක්වු Mobimedia හි වෙළඳ කළමාණාකාර ක්ලාරා ග්‍රින්ටාල් සඳහන් කළේ " ශ්‍රී ලංකාව සමාජ සබඳතා වර්ධනය කර ගැනීම අතින් ඉතා ඉහළ තැනක සිටින රටක් බවයි. මේ නිසා දිනෙන් දින එම සබඳතා වර්ධනය කරගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම සකස් කළ යුතු බවත්, එම කාර්ය භාරය ඉටු කිරීමට Matchstix සමත් වනු ඇති බවටත් ඇය විශ්වාසය පළ කළාය. මෙරට ජනතාවගේ කැමැත්ත, අදහස් සහ ජීවන තොරතුරු බෙදා හදා ගැනීමේ නව මාධ්‍යයක් ලෙස Matchstix කටයුතු කරනු ඇති බව ද ඇය පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් වඩා ආරක්ෂාකාරී මෙන්ම විශ්වසනීය ලෙස නව සමාජ සබඳතා ගොඩනැගීමේ කාර්යය ඉටු කිරීමට Matchstix බැඳී සිටිනු ඇති බව ඇය සඳහන් කළාය.

මෙම අවස්ථාව ඇමතූ භාරති එයාර්ටෙල් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ ප්‍රධානි චන්ද්‍රෙස්කර් සිං චවුහාන් මහතා සඳහන් කළේ "පාරිභෝගිකයාගේ ජීවිතය පහසු කරන නව නිපැයුම් සහ අදහස් පිළිබඳව එයාර්ටෙල් නිරන්තර අවබෝධයකින් කටයුතු කරන බවයි. මේ නිසා Matchstix මෙරට ජනතාවගේ සබඳතා තවදුරටත් පුළුල් කරනු ඇති බව පෙන්වා දෙන ඒ මහතා සඳහන් කළේ Matchstix ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා 100ඵඊ දත්ත ප්රහමාණයක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවයි. මෙම වාසිය නිසා පහසුවෙන් තමන්ට අවශ්‍ය මිත්‍රයින් සහ හිතවතුන් සොයාගැනීමේ පහසුකම් හිමිවනු ඇති බව ද ඒ මහතා පැවසීය.

ඉදිරි කාලයේදී පුළුල් ප්‍රචාරණ වැඩසටහනක් මඟින් Matchstix මෙරට ජනයා අතර ප්‍රලිත කිරීමේ ක්‍රියාවලියක් ද සැලසුම් කර තිබේ.

Matchstix මේ වනවිට ආසියානු රටවල් රැසක සාර්ථකව ක්‍රියාත්මක වෙයි. දළ ගණන් බැලීම් අනුව මේ වනවිට 253,000 අධික පිරිසක් Matchstix ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන සිටිති. මෙම ප්‍රමාණය දෛනිකව ඉහළ යමින් පවතී.

 

Airtel to be the exclusive launch telecommunication partner in Sri Lanka Matchstix, Sri Lanka’s new smartphone app is...

Posted by Lanka Business News on Sunday, March 13, 2016

මෙරට දී පළමු වරට නින්ද ආශ්‍රිත ගැටළු රැසකට විසඳුම්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වන Technomedics ශ්‍රි ලංකාවේ මුල් වරට නින්ද සම්බන්ධ තොරතුරු රැස්කිරීමට සහ නින්ද ආශ්‍රිත රෝගී තත්වයන් රැසකට විසඳුම් ලබාදීම සඳහා නව මධ්‍යස්ථානයක් විවෘත කරයි. DREAMS Sleep Centre ලෙස නම් කර ඇති මෙම මධ්‍යස්ථානය බත්තරමුල්ල පන්නිපිටිය පාර අංක 1083 දරණ ස්ථානයේ පිහිටා ඇත. ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ සෞඛ්‍ය සේවා සැපයුම් ආයතනයක් වන ResMed (www.resmed.com) හි තාක්ෂණික සහයෝගය සමඟ මෙම නව මධ්‍යස්ථානය පිහිටුවා තිබේ. ResMed වසර 25 කට අධික කාලයක් නින්ද සම්බන්ධ ගැටළුවලට විසඳුම් සපයන ජාත්‍යන්තර විශ්වාසය දිනූ ආයතනයකි.

මෙම DREAMS Sleep Centre සමාරම්භක අවස්ථාව පසුගියදා උත්සවාකරයෙන් පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ මුදල් අමාත්‍යස රවී කරුණානායක මහතාය. මෙම අවස්ථාවට ප්‍රවීන වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ නින්ද සම්බන්ධ තාක්ෂණ ශිල්පීන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.

නින්දේදී ඇතිවන ආබාධ රැසකට DREAMS Sleep Centre වෙතින් ප්‍රතිකාර ලබාගත හැකිය. විශේෂයෙන් නින්දෙන් ගෙරවීම, ඇප්නියාව සහ තවත් ආබාධ රැසකට මෙහිදී පළපුරුදු උපදේශකයින්ගෙන් උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැකි වේ. එමෙන්ම මෙම ආයතනය නින්ද සම්බන්ධ පර්යේෂණ මෙන්ම නින්ද පිළිබඳ දත්ත නිරීක්ෂණ කටයුතු ද සිදුකරයි. මේ සඳහා ලොව නවීන තාක්ෂණික උපකරණ සහ ක්‍රමවේද භාවිත කිරීමට DREAMS Sleep Centre කටයුතු කරයි.

Technomedics හි කළමණාකාර අධ්‍යක්ෂ සුජිත් සමරදිවාකර මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ "ගතවු වසර 20ක පමණ කාලයක සිට ශ්‍රි ලාංකිකයින් නින්ද සම්බන්ධයෙන් මුහුණ දී සිටින සෞඛ්‍යමය ගැටළු පිළිබඳව පුළුල් අවබෝධයක් තම සමාගම සතුවන බව සඳහන් කළේය.එමෙන්ම එම කාලය පුරා නවීන තාක්ෂණය යොදාගනිමින් එම ගැටළුවලට විසඳුම් ලබාදෙමින් ජීවිත රැසක් රැකගැනීමට හැකිවු බවද හෙතෙම පැවසීය.එම අත්දැකීම උපයෝගී කර ගනිමින් වඩා පුළුල් ලෙස එම සේවාව සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ලෙස DREAMS Sleep Centre හැඳින්විය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.විශේෂයෙන් මෙහිදී ලොව පිළිගත් උසස් තත්වයෙන් යුතු නවීනතම උපකරණ සහ තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ශ්‍රි ලාංකිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සැපයීමට තමන් අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සංඛ්‍යාව දත්ත වාර්තා අනුව මෙරට ජනගහනයෙන් 15‍% ක් නින්දේදී හුස්ම ගැනීමේ ආබාධයට ලක්ව සිටිති. මෙය ඇප්නියා තත්වයේ ප්‍රධානතම අවස්ථාව වන අතර ඒ හේතුවෙන් නින්දෙන් ගෙරවීම වැනි තත්වයන් මතුවෙයි. සෑම වැඩිහිටියන් 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් මෙම රෝගී තත්වයට ගොදුරුව සිටින අතරල ඉන් සෑම 15 දෙනෙකුටම එක් අයෙක් එම රෝගී තත්වය උත්සන්න වීමෙන් අපහසුතාවට පත්ව සිටිති. මේ අතර 95‍% ක් දෙනා මෙම රෝගී තත්වයන් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කල් ගෙවති.

DREAMS Sleep Centre වෙතින් මෙම තත්වයන්ට විසඳුම් සහ ප්‍රතිකාර උපදේශන සේවා ලබාගත හැකි අතර, එම සේවා සැපයුමේ දී නිරතුරුවම වඩා උසස් සේවාවක් සැපයීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට Technomedics කටයුතු කර තිබේ.

නින්ද පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක් මෙරට ආරම්භ වු මුල්ම අවස්ථාව මෙය වන අතර DREAMS Sleep information center ලෙස නම් කර ඇති එම මධ්‍යස්ථානයේදී නව නිපැයුම් දෙකක් හඳුන්වා දී තිබේ. Resmed CPAP සහ BIPAP නමින් මෙන්ම Devilbiss Oxygen Concentrator නමින් එම උපකරණ හඳුන්වා දී තිබේ.

Technomedics හි 20 වන සංවත්සරය ද මීට සමගාමීව යෙදී තිබේ. මෙරට ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා රැසකට විසඳුම් ඉදිරිපත් කරන Technomedics විසින් LUSH skin clinics ඇතුළු සෞඛ්‍ය සේවා මෙන්ම නිපැයුම් රැසක්ද වෙළඳ පලට හඳුන්වා දී තිබේ. කොළඹ, යාපනය, මඩකලපුව, මහනුවර සහ ගාල්ල ආදී වශයෙන් දිවයින පුරා සේවා පහක දී පැය 24 පුරා මෙන්ම සතියේ දින 7 පුරා Technomedics සේවා සපයයි.

 

Technomedics, a leading turnkey solutions provider in the healthcare industry has invested in a first-of-its-kind sleep...

Posted by Lanka Business News on Thursday, March 10, 2016

ශී‍්‍ර ලංකාවේ මංගල උත්සව සඳහා විශේෂයෙන් වගා කෙරෙන ලිලී මල් වර්ග රැසක් හඳුන්වාදෙමින් නව වසරේදී මෙරට මල් කර්මාන්තය නව දිශාවකට යොමු කිරීමට ලස්සන ෆ්ලෝරා ආයතනය සමත් විය.

ලස්සන ෆ්ලෝරා ආයතනය නුවරඑළිය, බෙලිහුල්ඔය සහ කැප්පෙටිපොළ පිහිටි සිය තවාන් වල ඕලන්ද තාක්ෂණය සංකලනයෙන් විවිධ ලිලී මල් වර්ග වගා කරයි.

”අපගේ මේ සංකල්පය සැබවින්ම සුවිශේෂී වන්නේ මේ ලිලී මල්, යුවළකගේ ජීවිතයේ සොඳුරුම දිනය වන මංගල දිනය සමග බැඳුණු අපූරු අත්දැකීමක් බවට පත් කිරීම සඳහා අප අනුගමනය කරන ක‍්‍රමවේදය නිසා. එහිදී අප එක් එක් ගණුදෙනුකරුගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා. සීතල කඳුකරයේ පිහිටි අපගේ අලංකාර මල් තවාන් වල ඇවිද යමින් සිය මංගල උත්සවය වෙනුවෙන්ම සිදු කෙරෙන මල් වගාවට සම්බන්ධවීමට විවාහ වීමට සිටින යුවලට දැන් හැකියාව තිබෙනවා. මල් පැල රෝපණය කිරීමේ සිට හොඳින් පිපුණු මල් නෙළාගැනීම දක්වා වන සියලු අවස්ථා වලට සකි‍්‍රයව දායකවීමට ඔවුන්ට හැකියි. මේ නිසා මංගල උත්සවය හැඩකරන මල් සැරසිලි හා මල් පොකුරු වල රැඳෙන මල් ඔවුන්ට සැරසිල්ලක් පමණක්ම නොවනු ඇති. ඒවා ඔවුන්ගේ විවාහය සංකේතවත් කරන ආදරයේ ඵලයක් ලෙස ඔවුන්ට හැඟෙනු ඇති. මේ ලිලී මල් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ චමත්කාරය හා මුසුවෙමින් ඔවුන්ගේ මතකයේ සදා රැඳෙනු ඇති.” යනුවෙන් ලස්සන ෆ්ලෝරාහි කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා ප‍්‍රකාශ කළේය.

ඉහළම තත්වයේ මල් අවශ්‍ය ප‍්‍රමාණයට ලබාගැනීම සඳහා එක් එක් යුවලගේ විවාහ මංගල්‍යය යෙදෙන දිනයට අනුව සැකසෙන කාල සටහනකට අනුව මේ මල් වගා කෙරේ. සිය විවාහ මංගල්‍යයේ තේමාව හා එය පැවැත්වෙන ස්ථානයට ගැළපෙන ආකාරයේ මල් සැරසිල්ලක් තෝරාගැනීමට විවාහ වන යුවළට හැකිය. ලිලී මල් සෑම විවාහ මංගල්‍යයකටම පිරිපුන් බවක් හා තේජසක් එක් කරන අතර පුරාවෘත්ත සහ ඉතිහාසය තුළ ඒවාට විශේෂ ස්ථානයක් හිමිව තිබේ. එක් එක් ලිලී මල් වර්ගයට විවිධ සංකේත හා අර්ථකථන ආරෝපණය කර ඇත. පිරිසිදු බව, මිත‍්‍රත්වය, අවංකභාවය, ධෛර්ය හා උදාර බව ඒ අතර වෙයි.

”විවාහ මංගල උත්සව වලට අමතරව ශී‍්‍ර ලංකාවේ නිවෙස් හා කාර්යාල සැරසිලි සඳහාද ලිලී මල් යොදා ගන්නවා. කුඩා මල් පොහොට්ටු විකසිත වීම දින කිහිපයක් පුරා සිදු වන නිසා සෑම දිනකම නිවසට හෝ කාර්යාලයට නැවුම් බවක් ලබාදෙනවා. සමහර ලිලී මල් ප‍්‍රබල හා ස්වාභාවික සුවඳ කාරකයක් වන අතර සතියක් පුරා අවට පරිසරය නැවුම්ව තබන බවට සහතිකයක් මෙවැනි ප‍්‍රභේද සඳහා දෙන්න පුලුවන්.” වෛද්‍ය මලවිගේ මහතා තව දුරටත් පැවසීය.

මල් කර්මාන්තයේ යෙදෙන ප‍්‍රධාන පෙළේ සමාගමක් වන ලස්සන ෆ්ලෝරා සිය අලංකාර මල් පොකුරු සහ මල් සැරසිලි සමගින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ගණුදෙනුකරුවන් වෙතද සතුට රැගෙන එයි. සමාගම ස්ථාවර හා විශ්වාසවන්ත ක‍්‍රමවේද හා උසස් තත්වයේ නිමැවුම් සමගින් අසමසම ගණුදෙනුකාර සේවාවක් සපයමින් හා එක් එක් ගණුදෙනුකරුගේ අවශ්‍යතා කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කරමින් රට වටා ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම උදෙසා අඛණ්ඩව කැපවී සිටී.

විවාහ මංගල උත්සව කර්මාන්තයේ විශ්වාසනීය නාමයක් වන ලස්සන ෆ්ලෝරා, 2015 ජාතික විශිෂ්ටතා ව්‍යාපාර සම්මාන උළෙලෙහි (Business Excellence Awards 2015) ‘වෙනත් සේවා’ කාණ්ඩයේ (Other Services category) අනුශූරතාවය දිනාගැනීමට සමත්විය. එය දකුණු ආසියාවේ අයි එස් ඕ (ISO) තත්ව සහතිකය හිමි කරගත් ක්ෂේත‍්‍රයේ නියුතු පළමු සමාගම ද වෙයි.

සමාගමේ හතළිස් වසරක ඉතිහාසයේ නව පියවරක්

2016 පෙබරවාරි 29, කොළඹ( ලොව සුප‍්‍රසිද්ධ රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයක් වන ‘ද බොඩි ෂොප්’ (The Body Shop) සිය නවතම අලෙවිසැල ශ‍්‍රී ලංකාවේ විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.

1976 වසරේදී ඇනිටා රොඩික් විසින් එංගලන්තයේ ලිට්ල් හැම්ටන් ප‍්‍රදේශයේ දී ‘ද බොඩි ෂොප්’ ආරම්භ කරන ලදි. ව්‍යාපාරයක් යනු සමාජයට යහපතක් සිදුකිරීම සඳහා භාවිතා කළ හැකි බලවේගයක් ය යන සංකල්පය පදනම් කරගෙන එය ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි. ස්වභාවිකත්වයට මුල්තැන දෙන, උසස් තත්ත්වයෙන් යුත්, ආචාරධර්ම සහ තිරසාරත්වය සුරකිමින් නිෂ්පාදනය කළ හිසකෙස් සත්කාර නිෂ්පාදන, සම සඳහා වන සත්කාර නිෂ්පාදන සහ රූපාලංකරණ නිෂ්පාදන තිළිණ කරමින් සමාජයේ යහපත් වෙනසක් ඇතිකිරීම සඳහා ද බොඩි ෂොප් උත්සාහ කරයි.

මෙම උත්සාහයේ තවත් පියවරක් ඉදිරියට යමින්, සමාගමේ මෙහෙයුම් කටයුතුවල සියලූම මූලිකාංග මානව කැටිකොටගත් නව ආයතනික ප‍්‍රජා සත්කාර වැඩසටහනක් ගෝලීය මට්ටමින් දියත් කිරීමට සමාගම මේ මස මුලදී පියවර ගත්තේ ය. ආචාරධර්ම සුරකින ව්‍යාපාර අතර පුරෝගාමියෙකු ලෙස ‘ද බොඩි ෂොප්’ දිනා ඇති කීර්තිය යළියළිත් තහවුරු කිරීමට මෙය හේතුවක් වනු ඇත. මේ යටතේ 2020 වසර වනවිට සාක්ෂාත් කරගැනීම සඳහා සුවිශේෂී ආයතනික ප‍්‍රජා සත්කාර ඉලක්ක 14 කින් යුතු තිරසාරත්ව වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට සමාගම පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන නම්කර ඇත්තේ ‘Enrich Not Exploit’ යන නමිනි.

මෙම ඉලක්ක අතරට ‘ද බොඩි ෂොප්’ නිෂ්පාදන සඳහා භාවිතා කරන ස්වාභාවික අමුද්‍රව්‍ය සියයට සියයක්ම තිරසාර ලෙස සහ මූලාශ‍්‍රයන් හඳුනාගත හැකි ලෙස සපයා ගැනීම, සිය අලෙවිසල්වල බලශක්ති භාවිතය වසරකට 10% බැගින් අඩු කිරීම සහ සමාගමේ 70% ක නිෂ්පාදන ඇසුරුම්වල පොසිල් ඉන්ධන අඩංගු නොවන බව තහවුරු කිරීම ආදිය ඇතුළත් වේ.

ලොව රටවල් රැසකින් සපයාගැනෙන හොඳම අමුද්‍රව්‍යවලින් ‘ද බොඩි ෂොප්’ නිෂ්පාදන නිපදවනු ලැබේ. මෙම නිෂ්පාදන සතුන් භාවිතයෙන් පරීක්ෂාවට ලක්කෙරෙන්නේ නැත. මේ වනවිට සමාගම සතුව රටවල් 60 කට අධික සංඛ්‍යාවක අලෙවිසැල් 3,000 කට අධික සංඛ්‍යාවක් පවතී.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ‘ද බොඩි ෂොප්’ ශාඛාව කොළඹ 03 ගාලූ පාරේ ෆෙයාලයින් ගොඩනැගිල්ලේ පිහිටා ඇත. එය විවෘත කිරීම වෙනුවෙන් සුවිශේෂී මාධ්‍ය හමුවක්ද පැවැත්වුණු අතර ඒ සඳහා ද බොඩි ෂොප් හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන ජැක්ලීන් ෆනෑන්ඩස් ද සහභාගී වූවා ය. ඊට අමතරව සමාගමේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ ටෙ‍්‍රවර් රාජරත්නම් මහතා සහ මෙරට ‘ද බොඩිෂොප්’ අලෙවිසලේ හවුල්කාරීත්වය දරන සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක් පතිරගේ මහතාද මීට සහභාගී විය.

සියයට සියයක් ශාඛමය අමුද්‍රව්‍යවලින් සැකසූ ස්කින් කෙයා, බාත්, ෂවර්, බොඩි කෙයා, මේක්-අප්, හෙයා, සුවඳ විලවුන්, පිරිමින් සඳහා වන නිෂ්පාදන සහ තෑගි භාණ්ඩ ද බොඩි ෂොප් වෙතින් ලබාගත හැක. මෙසේ ලොව අතිශයින් ජනප‍්‍රිය නිෂ්පාදනවලට අමතරව සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සමේ සත්කාර උපදේශන සේවා, මේක්-අප් යෙදීම සහ විශේෂ රූපලාවණ්‍ය සේවා ආදිය පිරිනැමීමටද ද බොඩි ෂොප් කටයුතු කරයි.

"‘ද බොඩි ෂොප්’ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කිරීමට ලැබීම අපට විශාල සතුටක්. අපේ නිර්මාතෘ ඇනිටා රොඩික් මහත්මියගේ දැක්මට අනුව කටයුතු කරමින් ලෝකයේ වඩාත්ම ආචාරධාර්මික හා තිරසාර රූපලාවණ්‍ය සන්නාමය බවට පත්වීම අපේ ඉලක්කයයි. ශ‍්‍රී ලාංකිකයන් යනු උසස් තත්ත්වයේ ස්වභාවික නිෂ්පාදන අගය කරන පිරිසක්. ඒ නිසා ඔවුන් වෙත මෙසේ ලෝක මට්ටමේ ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පෙළක් සමීප කරවීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා." සමාගමේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ ටෙ‍්‍රවර් රාජරත්නම් මහතා පැවසී ය.

"පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් ජනතාවට හොඳම දේ ලබාදීම සඳහා අප කැපවී සිටිනවා. ඒ වගේම වගකීම්සහගත ව්‍යාපාරික ආචාර ධර්ම කෙරෙහි අපි කවදත් විශ්වාසය තබනවා. මෑතකදී අප දියත් කළ ‘Enrich Not Exploit’ වැඩපිළිවෙළ නිසා අපට පෙරටත් වඩා හොඳින් අපේ මෙහෙයුම් කටයුතුවල අනිවාර්ය අංග වන අමුද්‍රව්‍ය, නිෂ්පාදනය, ඇසුරුම්කරණය, ගබඩා කිරීම, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන් සහ ප‍්‍රචාරණ වැඩසටහන් යන සියල්ලේදීම පරිසරය සුරැකීමට වැඩි වශයෙන් දායක වීමට හැකියාව ලැබේවි." ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

එමෙන්ම අලෙවිසැල විවෘත කරන අවස්ථාවේදී අදහස් දැක්වූ ‘ද බොඩි ෂොප්’ සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන ජැක්ලීන් ෆනෑන්ඩස් මෙසේ පැවසුවා ය. "මම දිගු කාලයක් තිස්සේ ‘ද බොඩි ෂොප්’ එක්ක සමීපව කටයුතු කරනවා. මේ වගේ ස්වාභාවික සහ යහපත් නිෂ්පාදන ගෙනෙන සමාගමක් අපේ රටේ ශාඛාවක් විවෘත කිරීම මට ලොකු සතුටක්. ශ‍්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මෙවැනි අවස්ථාවක් ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි බව මම දන්නවා. ඔවුන්ටත් දැන් ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන වඩාත් පහසුවෙන් මිලදීගන්න පුළුවන්. ද බොඩි ෂොප් අලෙවිසැලට ගිහින් භාණ්ඩ මිලදී ගන්නා විට මට දැනෙන සතුටම ඔවුන්ටත් දැනේවි."

"මම ද බොඩි ෂොප් නිෂ්පාදනවලට ඇබ්බැහි වුණු කෙනෙක්. මම ඒවාට ගොඩක්ම කැමති ලෝකයේ රටවල් රැසකින් ලබාගන්නා හොඳම අමුද්‍රව්‍ය මේ නිෂ්පාදනවලට භාවිතා කර තිබෙන නිසයි. මේ අතරින් මගේ ප‍්‍රියතම නිෂ්පාදන පෙළ විදිහට ‘ෆූජි ග‍්‍රීන් ටී බොඩි කෙයා’ නිෂ්පාදන පෙළ හඳුන්වන්නට පුළුවන්. ග‍්‍රීන් ටී වල ප‍්‍රති-ඔක්සිකාරක ගුණාංග ඇතුළත් මේ නිෂ්පාදන පෙළ ‘Sensorial care’ නිෂ්පාදන එකතුවක්. මේ නිෂ්පාදන ඇතුළුව නිසි ස්වභාවික නිෂ්පාදන භාවිතා කිරීමෙන් ශරීරය පිරිසිදු කරගන්නටත්, නිරෝගී කරගන්නටත් හැකිවෙනවා." ඇය වැඩිදුරටත් පැවසුවා ය.

සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක් පතිරගේ මහතා අවධාරණය කළේ ‘ද බොඩි ෂොප්’ යනු තමන් බෙහෙවින් ගෞරව කරන, සහ සොෆ්ට්ලොජික් සමූහයේ වටිනාකම්, දැක්ම සහ සංස්කෘතියට පදනම් වී ඇති මූලධර්මම පිළිපදින සමාගමක් බවයි. ඒ නිසා එම සමාගමේ අලෙවිසැලක් කොළඹ නගරයේ විවෘත වීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බව ඔහු පැවසී ය.

 

Begins a new chapter in Sri Lanka with the launch of its new store & continues celebrating 40 years of rich heritage in...

Posted by Lanka Business News on Tuesday, March 1, 2016

2016 ජනවාරි 19 කොළඹදීයථ ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන පෞද්ගලික වාහනයක් වෙන් කරවා ගැනීමට සැකසුනු ජංගම දුරකතන මෘදුකාංගය Uber ඔවුන්ගේ නවතම හඳුන්වාදීම uberGo මෑතකදී කරන ලදී. uberGo මගින් ශී‍්‍ර ලාංකිකයින්ට අතිශය පහසු මිළගණන් යටතේ විශ්වාසදායීව, ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගමන් කිරීමට උසස් තත්වයේ කුඩා ප‍්‍රමාණයේ හැච්බැක් මෝටර් රථ හඳුන්වාදෙනු ලබයි. Uber ශ‍්‍රී ලංකාවේ වෙළඳ පොළට පිවිසීමෙන් මාස 3 කටත් වඩා අඩු කාලයකදී uberGo හඳුන්වාදීමට හැකිවීම මගින් වඩාත් නැණවත් කාර්යක්ෂම නාගරික ගමන් පහසුකම් මාධ්‍ය සඳහා ශ‍්‍රී ලාංකික ජනතාවගේ පවත්නා අතිමහත් සහයෝගය තවදුරටත් තහවුරු කරනු ලබයි.

UberX වලට පසුව හඳුන්වා දුන් දෙවන නිෂ්පාදනය වන uberGo කාණ්ඩයට සුසුකි අල්ටෝ සහ ටාටා නැනෝ වාහන ඇතුළත්ය. මීට සමාන අනෙකුත් සේවාවන් සමග සැසඳීමේදී uberGo හි මිළ ගණන් 15‍% කට වඩා අඩු අතර මෙමගින් වඩාත් පහසු මිළ ගණන් යටතේ Uber වෙතින් ඔබට ලැබෙන සුපුරුදු උසස් තත්වයේ සේවාව, පැහැදිලි මිළගණන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගත හැකිබව හා ඔබගේ ගමනාරම්භයේ සිට අවසානය දක්වා ඔබගේ ආරක්ෂාව නොවෙනස්ව පවතිනු ඇත.

මෙම සේවාව හඳුන්වාදුන් Uber හි ජේෂ්ඨ නිලධාරියකු වන වරුන් මුන්ඞ්කුර් මෙහිදී අදහස් දක්වමින් "කොළඹ නගරයට uberGo හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ අපි මහත් සතුටට පත්වනවා. Uber හි අරමුණ වන්නේ සෑමදෙනාටම සෑම තැනකදීම ආරක්ෂාකාරී, විශ්වාසවන්න පහසු මිළගණන් යටතේ ලබාගත හැකි ප‍්‍රවාහන සේවයක් සැපයීමයි. ජනතාවට විවිධ මිළ ගණන් යටතේ ගමන් පහසුකම් තෝරා ගැනීමේ අවස්ථාවන් රැසක් ලබාදීමට හැකිවීමත් රියදුරන්ට තවදුරටත් මුදල් උපයාගැනීමට අවස්ථාවන් උදාකරලීමටත් හැකිවීමත් පිළිබඳව අපි සතුටට පත්වනවා. uberGo මගින් කොළඹ නගරයේ නේවාසිකයින්ට සහ අමුත්තන්ට බොත්තමක් එබූ සැනින් සරලව පහසුවෙන් හා පහසු මිළ ගණන් යටතේ කොළඹ නගරයේ සැරිසැරීමට හැකිවෙනවා” යැයි පැවසීය.


uberGo භාවිතා කරන්නන් ඔවුන්ගේ ගමන මිතුරන් හෝ පවුලේ අය සමග හවුලේ බෙදාගන්නේ නම් සහ ඒ සඳහා මෘදුකාංගයේ ඇති Fare Split යොදාගන්නේ නම් මෙම සේවාව තවදුරටත් ලාභදායී වේ. මෙය ඇත්ත වශයෙන්ම ඕනෑම ආකාරයේ ගමනකට යෝග්‍ය වූවත් විශේෂයෙන්ම බැංකුවට යාමට, රැස්වීම් අතර සිදුකරන කෙටි ගමන්, වෙළඳ පොළට සහ සිනමා ශාලාවට වැනි කෙටි දුරක් ගමන් කිරීම සඳහා ඉතාමත් යෝග්‍යවේ. එදිනෙදා සිදුකරන සාමාන්‍ය වැඩ සඳහා ගමන් පහසුකම් සලසා ගැනීමට වුවද uberGo කදිම ප‍්‍රවාහන මාධ්‍යයකි. මේ සඳහා වැය වන්නේ ත‍්‍රී රෝද රථයකින් ගමන් කිරීමටත් වඩා අඩු මුදලකි.

uberGo පළමුවෙන් ඉන්දියානු උපමහාද්වීපය සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද අතර 2014 වසරේ අවසාන භාගයේදී එය ඉන්දියාවේ නගරවල ක‍්‍රියාත්මක කරන ලදී. 2015 වසරේදී මෙය තුර්කිය සහ වියට්නාමය ද ඇතූළට අන්තර්ජාතික වෙළඳ පොළට හඳුන්වාදීමට හැකිවීම තුළින් එහි සාර්ථකත්වය පැහැදිලි වන අතර uberGo හඳුන්වාදුන් සියලූ නගර වලදී ඉහළ මට්ටමේ පාරිභෝගික ප‍්‍රතිචාරයක් ලැබිණි.

අපගේ අරමුණ වන්නේ කොළඹ නරයේ නේවාසිකයින් සහ අමුත්තන් වැඩිම දෙනෙකුට මෙම පහසුකම ලබාදීමයි. මේ වන විට අපගෙන් ගමන් පහසුකම් ලබාගන්නා පාරිභෝගිකයින්ට ඒ සඳහා ගෙවීම් කළ හැකි මාධ්‍ය ගණනාවක් (ඩෙබිට් කාඞ් සහ ක්‍රෙඩිට් කාඞ්) හඳුන්වා දී ඇත. uberGo මේ සඳහා වූ තවත් වැදගත් පියවරකි. එසේ වන්නේ එක් බොත්තමක් එබීමෙන් අන් කවරදාටත් වඩා ආරක්ෂාකාරී සහ විශ්වාසදායී ලෙස සහ ඉක්මනින් සහ පහසුවෙන් පෞද්ගලික ගමන් බිමන් අවශ්‍යතා ඉටු කරගැනීමට හැකිවී ඇති බැවිනි.

uberGo මෙහි පාර්ශවකාරී රියදුරන්ට වැඩිපුර ආදායම් උපයා ගැනීමට අමතර අවස්ථාවන් සැලසීමත් තමන්ගේම ව්‍යාපාරයක හිමිකරුවන් බවට පත්කිරීමත් සිදුකරනු ලබයි. ඉතා කුඩා පරිමානයේ ව්‍යවසායකත්වයන්/ප‍්‍රජාමට්ටමේ ව්‍යවසායකත්වයන් නංවාලීමට අපි අපේක්ෂා කරන ලබන අතර uberGo මෙම අරමුණ සමග හොඳින් සම්බන්ධවනු ඇත. කුසලතාවලින් හෙබි පුද්ගලයින්ට සහ ඔටෝ රියදුරන්ට ව්‍යවසායකයින් බවට පත්වීමටත් Uber මෘදුකාංග ඔස්සේ උදාකරනු ලබන නම්‍යශීලී අවස්ථාවන් තුලින් ඔවුන්ට කැමැති ආකාරයට රැකියාවේ නියැලෙමින් වඩාත් යහපත් ජීවිතයක් ගතකිරීමට වටිනා අවස්ථාවක් uberGo මගින් උදාකරනු ලබයි.

uberGo සඳහා මිළ ගණන්ථ සෑම ගමනක් සඳහාම වේලාව සහ දුරප‍්‍රමාණය මත ගණනය කරන ලද පැහැදිලි මිළගණන් අය කරනු ඇත. පහත දැක්වෙන ප‍්‍රවර්ධන* මිළ ගණන් යටතේ uberGo සේවාවන් සපයනු ඇත. :

මූලික ගාස්තුව : රු. 50
කිලෝමීටරයට : රු. 30
මිනිත්තුවකට : රු. 2
අවම ගාස්තුව : රු. 50

නිදර්ශක ගාස්තු :
● රොස්මිඞ් පෙදෙස සිට නවම් මාවත- රු. 111
● හෝටල් පාරේ සිට ගාලූ මුවදොර - රු. 458
● වේල්ල වීදියේ සිට ජාතික සත්ව උද්‍යානය - රු. 516
● සොයිසාපුර සිට දියත උයන - රු. 555

* ප‍්‍රවර්ධන කාලසීමාව තුළ පමණි
 

මෙම වසරේ ජුනි මාසයේ දේශීය වෙළෙද පොළට එක් වූ පික්මී තාක්ෂනයට නව අංග දෙකක් එකතු වී ඇති අතර එමගින් එම යෙදුමෙහි භාෂා මාධ්‍යය තවත් පුළුල් වී ඇත. මෙම නව අංග තුළින් පික්මී යෙදුමට සිංහල හා දෙමළ භාෂා අතුරු මුහුණත් (Interfaces) එකතු වන අතර එමගින් ලබන වසර වනවිට ශ්‍රී ලංකාව පුරා මෙම සේවාව ව්‍යාප්ත කිරීම ආයතනයේ අරමුණ වේ. ජාත්‍යන්තර තරග කරුවන් සමග සසදා බලන විට ඔවුන්ගේ පාරිභෝගිකයින් හට ත්‍රී රෝදරථල කුඩා කැබ් රථ මෙන්ම සෙඩාන් වර්ගයේද රථ සපයමින් වෙළදපොළෙහි පහළ සිට මධ්‍යතම සහ ඉහළ තලයේ සිටින පාරිභෝගිකයින් හට සේවා සැපයීම පික්මී ආයතනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වේ.


පික්මී තාක්ෂණය අද්විතීය සහ නව ආකාරයකින් ආර්ථිකයට දායක වේ. එහි ව්‍යාපාරික විසඳුම් තුළින් සේවා සැපයුම්කරු හා පාරිභෝගිකයා අතර නිර්මාණය කරන දැඩි සබඳතාව ව්‍යවසායකයින්ට තනි තනිව මහජන වෙළදපොළට පහසුවෙන් එක්වීමට අවස්ථාව උදා කර දේ. පික්මී කැබ් රථ පාරිභෝගිකයින් සොයා ගමන් කිරීමට අවශ්‍ය නොවන අතර GPS තාක්ෂණය හරහා පාරිභෝගිකයින් හට තමන්ට ආසන්නතම කැබ් රථය ජංගම දුරකථනය හරහා සොයා ගැනීමට අවස්ථාව සලසා ඇත. එම ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂනයෙන් පික්මී තාක්ෂණය භාවිතා කරන රියදුරන්ගේ ඉන්ධන පරිභෝජනය 50% කින් අඩු කර ඇති බව පෙන්වා දී ඇතග මෙයින් පරිසරයට විශාල සේවාවක් සිදුවන අතර මෙම ඉන්ධන ඉතුරුවෙන් රියදුරන්ට වඩාත් ප්‍රතිඵලදායක ව්‍යාපාරයක් ඇති කිරීමද සිදු කරයි.


පළමුව කැබ් සේවාවක රැකියාවෙහි නිරතව සිට පසුව පික්මී සමාගම සමග මාස හතරක කාලයක සිට සේවයේ යෙදෙන රියදුරු මහතෙකු පවසා සිටියේ කැබ් රථ සේවාවේ රැදී සිටි කාලයේ ඔහු තම නැනෝ කැබ් රථය භාවිත කල බවත් එයින් ලැබූ ආදායම තම රථයේ බදු ගෙවීමට පවා ප්‍රමාණවත් නොවූ බවයි. එහෙත් පසුව ඔහු එම සමාගමෙන් ඉවත් වී තනිවම රථය ධාවනය කිරීමට පටන්ගත් අතර එමගින්ද ඔහුගේ ආර්ථිකයට යහපතක් සිදුවී නොමැත. පසුව ඔහු තවත් අවස්ථා සදහා සොයමින් සිටින අතරතුර පික්මී සේවාව හමු වූ බවත් මෙම කෙටි කාලය අතරතුර පික්මී සේවාව ඔහුගේ ආර්ථිකයට විශාල පිටුවහලක් වූ බවත් ඔහු පැවසීය. මෙම අවස්ථාව වනවිට ඔහු තවත් අළුත් රථයක් මිළදී ගෙන ඇති අතර පරණ රථය සදහා රියදුරෙකුද කුලියට ගෙන ඇත. එම නිසා පික්මී ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බව ඔහුගේ විශ්වාසයයි.


ව්‍යවසායකයෙකු හා පික්මී සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී වන ජිෆ්රි සුල්ෆර් මහතා සදහන් කරන්නේ, තාක්ෂණය මත පදනම් වන මෙම ක්‍රමවේදය ඔහුගේ වඩාත්ම සාර්ථක ව්‍යාපාරයන්ගෙන් එකක් වන බවයි. ඔහු පවසන ආකරයට බොහෝ ආරම්භක සමාගම් සමග නූතන තාක්ෂණයෙහි බලය භාවිතා කරමින් එම සමාගම් වල සිටින සියලු පාර්ශ්වකරුවන් සදහා ඉතාමත් ඵලදායී පිරිවැය විසදුම් ලබා දුන් බව ඔහු ප්‍රකාශ කරයි. එමෙන්ම පික්මී සමාගම එම සමාගම් අතරින් වඩාත් සාර්ථකම දේශීය ව්‍යාපාරය බවත් දැනටමත් ඔවුන් මෙම නව විසදුම තුළින් සාර්ථක අවස්ථා දකින ශක්තිමත් ආයෝජකයින් සමහ හවුල් වී ඇති බවත් සුල්ෆර් මහතා සදහන් කළේය. පික්මී සමාගම සේවා සපයන්නෙක් පමණක් නොව එයින් ඔබ්බට යමින් ව්‍යවසායකයින්ට සහ සේවා සපයන්නන් හට, ව්‍යාප්ත වෙමින් පවතින මෙම තාක්ෂනය හරහා බොහෝ ප්‍රතිලාභ අත්කර දීමට හැකියාව පවතින බව ඔහු තවදුරටත් පැවසීය. මෙහි ඇති විශාලතම වාසිය නම් මෙම සමාගම සියයට සියයක් ශ්‍රී ලාංකික ආයතනයක් වන අතර එමගින් ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා මැනවින් අවබෝධකර ගනිමින් වඩාත් සාර්ථක වූ විසදුම් ලබා දීමට හැකියාව පවතින බව ඔහුගේ විශ්වාසයයි.


මෙම යෙදුමට එකතු වූ නව අංගක් වන Pickme Business විශේෂාංගය මගින් ආයතනයේ වැඩ කරන නිළධාරීන්ට හා සේවකයින්ට වඩා ආරක්ෂිත වූ ගමනාන්තයක් ලබා දීම ආයතනයේ අපේක්ෂාවයි. එමෙන්ම ETA Sharing තුළින් තමගේ ගමනාන්තය සදහා ගතවන කාලය පාරිභෝගිකයන් හට ඇස්තමේන්තුගත කර ලබා දෙන අතර තම ගමනේ තොරතුරු සිය පවුලේ අය සමග හුවමාරු කරගැනීමටද හැකියාව ඇත. මෙම සිංහල හා දෙමළ භාෂාව පදනම් කරගත් නව අතුරු මුහුණත් නිර්මාණය කිරීම, ආයතන ගමන් මගෙහි එක් පියවරක් පමණක් වන අතර මෙය පික්මී සමාගමට ඉතා විශාල වාසියක් අත්කර දෙන බව සුල්ෆර් මහතා පවසා සිටියේය.

 

PickMe has now made new extensions to the Application which will expand their language base to Sinhala & Tamil

Posted by Lanka Business News on Tuesday, December 15, 2015

සුපිරි ස්පාඤ්ඤ පොප් ගායක Enrique Iglesias විසින් 2015 දෙසැම්බර් 20 වන ඉරිදා කොළඹ CR&FC  ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත සජීවී සංගීත ප්‍රසංගයේ ටිකට් පත් විශාල ප්‍රමාණයක් මේ වනවිට මෙරටට පැමිණෙන සංචාරකයින් විසින් මිලදීගෙන තිඛෙන්නේ මෙය ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ පළමු වැඩසටහන බවට පත්වෙමිනි. මෙම සුපිරි පොප් ගායන ශිල්පියාගේ ගෝලීය සංචාරයේදී ආසියාවේ රටක ප්‍රසංගයක් පවත්වන එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි.

මෙම ප්‍රසංගයේ සුවිශේෂී අත්දැකීමක් වන්නේ liveevents.lk, wow.lk  සහ mydeal.lk යන වෙබ් අඩවි මගින් ටිකට් පත් අලෙවි කිරීම ආරම්භ කිරීමෙන් පැය 24 ක් ඇතුළත ප්‍රසංගයේ ටිකට් පත් වලින් 20% ක් පමණ අලෙවිකර අවසන් කිරීමයි. මෙම ඉහළ රසික ප්‍රතිචාරයට හේතුවී තිඛෙන්නේ මෙම ප්‍රසංගය ඉහළ රසික ප්‍රතිචාරයක් දිනාගනු ඇතැයි Enrique විසින් සිදුකළ  YouTube නිවේදනය මෙන්ම අන්තර්ජාලය සහ කටකතා තුළින් ලැබී තිඛෙන ඉහළ ප්‍රසිද්ධියයි.

මෙම සංගීත ප්‍රසංගයේ ගුණාත්මක තත්ත්වය පවත්වාගැනීම වෙනුවෙන් ප්‍රසංගය 8,500 ක පමණ රසික පිරිසක් සඳහා සීමාකර තිඛෙන අතර Enrique Iglesias LIVE in Sri Lanka ප්‍රසංගය සංවිධානය කරන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ලයිව් ඉවෙන්ට්ස් විසින් ප්‍රයිම් රෙසිඩන්සීස්, E FM සහ Revd අනුග්‍රාහකත්වය සහිතවයි. පවතින තත්ත්වය අනුව මෙම ප්‍රසංගයේ සියළුම ටිකට් පත් තවත් නොබෝ දිනකින්ම අලෙවි වී අවසන් වන ආකාරයක් පෙනෙන්නට තිඛෙන අතර ගෝලීය තත්ත්වයේ ඒ ශ්‍රේණියේ සුපිරි පොප් තරුවක් විසින් ලංකාවේ පවත්වන පළමු ප්‍රසංගය ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති. ගෝලීය රසිකයින් අතර ඉමහත් ප්‍රසාදයක් දිනා තිඛෙන Enrique මිලියන සිය ගණනක රසික පිරිසක් ආකර්ශනය කර ගැනීමේ හැකියාවෙන් යුක්ත අතර ඔහුගේ ෆේස්බුක් පිටුවේ සිටින රසික පිරිස මිලියන 70 ඉක්මවයි.

මෙම ප්‍රසංගය පිළිබඳව මෙරට ගුවන් විදුලි පෞර්ෂයක් ලෙසින් සුවිශේෂී සලකුණක් තබා තිඛෙන ලයිව් ඉවෙන්ට්ස් ප්‍රධාන විධායක නිළධාරී, ෂැක් මෙසේ අදහස් දැක්වීය. "Enrique විසින් ලංකාවේ සජීවී ප්‍රසංගයක් පැවැත්වීම මෙරට රසිකයින්ගේ සිහිනයක් සැබෑ වීමක් වගේම මෙම ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන මගින් ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමේ ඉහළ වැඩසටහන් ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යායාමයට ඉමහත් රුකුලක් ලැඛෙනවා. මෙම ඉහළ අදහස ලයිව් ඉවෙන්ට්ස් ලෙස අපි යථාර්තයක් බවට පත්කළා".

"ශ්‍රී ලංකාවේ දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සුප්‍රසිද්ධ ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහය සිය අනුබද්ධ සමාගම වන ප්‍රයිම් රෙසිඩන්සීස් සමග ලතින් පොප් රජු ලෙසින් සැලකෙන Enrique Iglesias සුපිරි පොප් ගායන තරුවගේ ප්‍රාසාංගික අත්දැකීම තුළින් ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරය සහ මෙරට සංගීත ලෝලී ජනතාව ලෝකය සමග යා කිරීමට කටයුතු කර තිඛෙනවා. ප්‍රයිම් රෙසිඩන්සීස් විසින් මෙරට ප්‍රමුඛ ස්ථානවල සිදුකරන සුපිරි නිවාස ව්‍යාපෘති තුළින් සුපිරි ජීවිතයක් ගත කිරීමට නව මානයක් එක්කර තිඛෙන අතර මේවා ජනතාවට දැරිය හැකි මිලකට ඉදිරිපත් කිරීම කැපී පෙනෙනවා. ලෝකයේ ජනතාව එක්තැන් කිරීමේ බලගතුම ක්‍රමයක් ලෙසින් සංගීතය අපි විශ්වාස කරන අතර ඉහළ සංගීත අත්දැකීමක් ලැබීමේ දුර්ලභ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමට අපට අවශ්‍යයයි. මේ තත්ත්වයේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට අපි පෙරට පැමිණියේ මේ නිසයි. අපගේ අවශ්‍යතාවය වන්නේ අපගේ ගනුදෙනු කරුවන්ට සහ ජනතාවට ලෝකයේ ප්‍රමුඛතම සංගීතවේදීන්ගේ ප්‍රාසාංගික අත්දැකීම් සමීප කිරීමයි. ශ්‍රී ලංකාව ලෝකය වෙත රැගෙන යාමට ප්‍රයිම් රෙසිඩන්සීස් කැපවී සිටිනවා." යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති, බී. ප්‍රේමලාල් මහතා සඳහන් කළේය.

Enrique Iglesias LIVE in Sri Lanka ප්‍රසංගය සඳහා එටිසලාට් සහ කොන්ටිනෙන්ටල් රක්ෂණ සමාගමද සුවිශේෂී අනුග්‍රාහකත්වයක් ලබාදෙයි.

මේ පිළිබඳව එටිසලාට් ලංකා සමාගමේ ප්‍රධාන වාණිජ නිළධාරී, යස්සර් අබොවුලමයෙම් මහතා මෙසේ අදහස් දැක්වීය. "මේ ආකාරයේ ඉහළ වැඩසටහනක් වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකයා සහ නිළ ජංගම දුරකතන සහකරු ලෙසින් ඉදිරිපත් වීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. Enrique Iglesias Live in Sri Lanka ප්‍රසංගය අපගේ ප්‍රධාන සහ බලාපොරොත්තුවන ගනුදෙනුකාර කණ්ඩායම වෙත ප්‍රවේශ වීමට කදිම තෝතැන්නක් ලෙසින් සැලකිය හැකියි. මෙවැනි වැඩසටහනක් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් පිළිඹිබු කරන්නේ අපගේ සේවා පමණක් සම්පාදනය කිරීමෙන් ඔබ්බට ගොස් අපගේ ගනුදෙනු කරුවන්ට ජීවිතයේ සොඳුරු අත්දැකීම් ලබාදීමට අපගේ තිඛෙන කැපවීම සහ උත්සාහය"

රසවත් චේන්ජ් එකට චේන්ජ් වෙමින්, නෝර් උම්බලකඩ පවුඩර් මිශ‍්‍රණයෙන් ආහාර රස ගැන්වීම සඳහා නෝර් කළ අරයුම පිළිගැනීමට ශ‍්‍රී ලාංකීය කතුන් බොහොමයක් ඉදිරිපත් වූහ. මිහිරි කෑම වට්ටෝරු සමඟ නොමිලේ ලැබුණු සාම්පල් භාවිත කරමින් විවිධ අහාර වලට අපූරු රසයක් එක් කිරීමට ලැබුණු මෙම අවස්ථාව ඔවුන්ට අපූර්වත්වයක් විය.

”ශ‍්‍රී ලාංකිකයන් විදියට අපි උම්බලකඩ රසයට හුඟාක් ආසයි. දිනපතාම කෑම රස ගන්වන්න උම්බලකඩ පාවිච්චි කරන්න උත්සහ කරන්නෙත් ඒ නිසා. ඒත් පිරිසිදු උම්බලකඩ සොයා ගැනීම අභියෝගයක්. නෝර් උම්බලකඩ පවුඩර් මිශ‍්‍රණය ඉතාම පිරිසිදුයි. පවුඩර් එකක් ලෙස එන නිසා සම්බෝලය තුළ හොඳින් පැතිරී, කටින් කටට උම්බලකඩ රස දැනෙනවා. රු.20 ක් වැනි සුළු මුදලකට මේ සැචේ පැකට් එක මිලට ගන්න පුළුවන්. ඒ නිසා  ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුට තම අතැති මුදලින් මෙහි රස බලන්නට කිසිම අපහසුවක් නැහැ.” යැයි නෝර් ෂෙෆ් චතුරිකා පැවසුවාය.

මේ පිළිබඳ යුනිලිවර් ශ‍්‍රී ලංකා වෙළඳනාම කළමනාකාරිණී අභීතා පත්මනාදන් මෙනවිය සිය අදහස් පළ කර සිටියේ මෙලෙසිනි. “නෝර් උම්බලකඩ පවුඩර් මිශ‍්‍රණය අත් හදා බලපු කාන්තාවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම ඒ රසට කැමති බව LMRB ආයතනය මගින් කළ සමීක්‍ෂණයකින් තහවුරු වුණා . ඒ බව තව දුරටත් තහවුරු කරමින්, මෙම රසවත් චේන්ජ් එකට කාන්තාවන් බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් සම්බන්ධ වෙමින් සිටිනවා. මේ කෙරෙහි ඔවුන් දක්වන්නේ පුදුමාකාර  උනන්දුවක්. ඔබටත් මේ රසවත් චේන්ජ් එක අත්වි`දින්න අවශ්‍ය නම්, 0722 000 666 අංකයට අමතා නෝර් උම්බලකඩ පවුඩර් පැකට්ටුවක් ලබාගන්න.”

රසවත් චේන්ජ් එක ගැන වැඩි විස්තර දැනගැනීම සඳදහා https://www.facebook.com/KnorrSriLanka පිටුවට පිවිසෙන්න.  එහිදී ඔබට නෝර් ෂෙෆ් චතුරිකාගේ තවත් ඉස්තරම්ම කෑම වට්ටෝරු බොහොමයක් සොයා ගැනීමටත් හැකි වේවි.

තෝරාගත් සංගීත භාණ්ඩ පෙලක් සහ හෝම් තියටර් පද්ධති මෙරට වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා ලොව ප‍්‍රමුඛතම සන්නම් නාම යුගලක් වන ‘යමහා’ සහ ‘සිංගර්’ ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ.

පසුගියදා කොළඹ පැවති සංගීතයෙන් සපිරි විචිත‍්‍රවත් උත්සව අවස්ථාවකදී මෙම ව්‍යාපාරික ඒකාබද්ධතාවයට අදාළ සංධිස්ථානාත්මක ගිවිසුමට දෙපාර්ශවය පිවිසි අතර මෙම ඒකාබද්ධතාවය සමග යමහා මියුසික් සෙන්ටර් හි, සංගීත භාණ්ඩ සහ හෝම් තියටර් පද්ධති අලෙවියේ මෙරට ප‍්‍රධාන අලෙවිකරුවා බවට පත් වන්නේ සිංගර් මෙගා අලෙවිසැල් ජාලයයි. යමහා මියුසික් සෙන්ටර් විසින් වසර 93 ක කාලයක් පුරා මෙරට වෙළඳ පොළේ ‘යමහා’ සන්නම් නාමය නියෝජනය කර ඇත. 

මෙම ව්‍යාපාරික ඒකාබද්ධතාවය සමග යමහා සන්නම් නාමයට අයත් කීබෝඞ්ස්, ගිටාර්ල රෙකෝඩර් සහ හෝම් තියටර් පද්ධති ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු සංගීත උපකරණ පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන් සහ සංගීත ලෝලීන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ තිබෙන සිංගර් මෙගා අලෙවිසැල් 16 තුළ අලෙවි කරනු ඇත.

මෙම නව ව්‍යාපාරික ඒකාබද්ධතාවය 2015 ඔක්තෝම්බර් 01 වන බ‍්‍රහස්පතින්දා සිට බලපැවැත්වෙන අතර මේ වෙනුවෙන් ජපානයේ යමහා සමාගමේ විශේෂඥයින් දෙදෙනෙකු පැමිණ සිංගර් මෙගා ශාඛාවල කාර්ය මණ්ඩලය පුහුණු කළ අතර මෙම ශාඛාවල නව යමහා ප‍්‍රදර්ශන ඒකක එළිදැක්වීමද සිදුකරන ලදී.  

මෙම උත්සව අවස්ථාවේදී අදහස් දක්වමින් සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවි සහ වාණිජ අධ්‍යක්ෂ, මහේෂ් විජේවර්ධන මහතා පැවසුවේ සංගීත භාණ්ඩ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සන්නම් නාමයක් වන යමහා සමග ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවයි. යමහා මියුසික් සෙන්ටර් හි, කැපවීම සහ යමහා සංගීත භාණ්ඩවල තිබෙන ඉහළ ගුණාත්මක භාවය හේතුවෙන් බහුතර ශ‍්‍රී ලාංකිකයින් ප‍්‍රමාණයකගේ ප‍්‍රියතම සංගීත භාණ්ඩ සන්නාමය බවට යමහා පත්වී තිබේ.

මූලික අදියරේදී සිංගර් මෙගා ශාඛාවල අලෙවි කරන යමහා සංගීත භාණ්ඩ අතරට සිසුන්ගෙන් වැඩි ඉල්ලූමක් සහිත අධ්‍යාපනික මට්ටමේ කීබෝර්ඞ්ස්, ඇකෝස්ටික් ගිටාර්, සොප්රානෝ රේකෝඩර් සහ හෝම් තියටර් පද්ධති ඇතුළත් වේ. 

‘‘සිංගර් ශ‍්‍රී ලංකා සමඟ ඇතිකර ගත් ව්‍යාපාරික ඒකාබද්ධතාවය තුළින් ගුණාත්මක භාවයෙන් සහ තාක්ෂණයෙන් ඉහළ යමහා සංගීත භාණ්ඩ සහ හෝම්  ඕඩියෝ පද්ධති බොහෝ සංගීත ලෝලීන්ට අත්දැකීමේ අවස්ථාව උදා වෙනවාx මේ තුලින් අපගේ වෙළඳපල කැපී පෙනෙන ලෙස පුළුල් හා ශක්තිමත් වන අතරල මෙම ඒකාබද්ධතාවය පිළිබඳ අපි ඉතාමත් සතුටට පත් වෙනවා’’ යනුවෙන් මෙම උත්සවයේදී පිළිබඳව අදහස් දක්වමින් යමහා මියුසික් සෙන්ටර් හි, අධ්‍යක්ෂ රජීව් කදිරමන්පුල්ලේ මහතා පැවසීය. 

යමහා මියුසික් සෙන්ටර් යනු ජාත්‍යන්තර මට්ටමේ සංගීත භාණ්ඩ, හෝම්  ඕඩියෝ, ප්‍රෝ  ඕඩියෝ සහ ස්ටුඩියෝ රෙකෝර්ඩින් උපකරණ එකම වහලක් යට අලෙවි කරන මෙරට එකම අලෙවි සැලයි. ශ්‍රී ලංකාව තුල යමහා සන්නම් නාමය යටතේ සංගීත භාණ්ඩ අලෙවි කිරීම ආරම්භ වූයේ 1922 වසරේදී මයිකල් කදිරමන්පුල්ලේ මහතා ‘යමහා මියුසික් සෙන්ටර්’ නමින් යමහා පියානෝ අලෙවි කිරීමත් සමඟයි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ශාකසාර රූපාලංකරණ නිෂ්පාදන සමාගමක වන රීබොන් කොස්මෙටික්ස් සමාගම ReeBonn Premium Hair Growing and Scalp Nourishing Oil නමින් කේෂ වර්ධක හා හිස්කබල පෝෂණය කරන හිස ගල්වන තෙලක් මෙරට වෙළෙඳපොලට පසුගියදා හඳුන්වා දුණි. අමු පොල්වලින් සිඳින ලද පොල්තෙල් (Virgin Coconut Oil) මග හිසකෙස් වර්ධනයට උපකාරීවන ශාකසාර 9ක් හා විටමින් E අන්තර්ගත මෙම සුවිශේෂී හිස ගල්වන තෙල මගින් අකළට හිස්කෙස් ගැලවී යෑම නවතා හිසකෙස් මුල ශක්තිමත් කිරීම සිදුවන අතර එමගින් හිසකෙස් වර්ධනයද සිදු කෙරේ. 

සාමාන්‍යයෙන් හිස ගල්වන තෙල්වල අඩංගු පොල්තෙල් වෙනුවට මෙම ‘රීබොන් හෙයාර් ග්‍රෝවින්‘ ශාකසාර ඹෟෂධීය තෙලෙහි අමුපොල්වලින් සිඳගත් පොල්තෙල් අඩංගුවන බැවින් හිසකෙස් මුල මේදය තැන්පත්වීම සිදු නො වීමෙන් හිස්කබල තුළට කදිම වාතාශ‍්‍රය ලැබීමෙන් හිසකෙස්වලට නැවුම් පෝෂණය ලැබේ. එමෙන්ම එහි කේෂ වර්ධනය සහතික කෙරෙන විටමින් E සමග නිල් අවරිය (පිරිපුන්, කීකරු හා නිරෝගී කෙස් සඳහා), ගොටුකොළ (හිසකෙස් මුල තෙතමනය සුරකින), හෙනා (ස්වභාවික කන්ඩිෂනීය සත්කාරය ලබාදෙන), කරපිංචා (හිස්කෙස් මුල ශක්තිමත් කිරීම), නෙල්ලි (මේද අම්ලයෙන් හිසකෙස් මුල ශක්තිමත් කිරීම), මඳුරුතලා (රුධිර සංසරණය වේගවත් කර හිස් කබලට සිසිළස සදන), උළුහාල් (අකළට හිසකෙල් වැටීම වලකන ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරකය), වදමල් (හිසකෙස් වර්ධකය) හා කීකිරිදිය (අකළට හිසකෙල් වැටීම වලකන ශාඛසාරය) අඩංගු වෙති. හිසකෙස් වර්ධනයට අමතරව මෙම ‘රීබොන් හෙයාර් ග්‍රෝවින්‘ ශාකසාර ඹෟෂධීය තෙල මගින් හිසරදය, මානසික ආතතිය, පරිගණක ඇසුරේ සේවය කරන්නන්ට ඇතිවන ඇස් කැක්කුමට ක්ෂණික සහනය ලබාදෙන්නකි. 

‘රීබොන් හෙයාර් ග්‍රෝවින්‘ ශාකසාර ඹෟෂධීය තෙල මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමේ අවස්ථාවට සහභාගී වූ රීබොන් කොස්මෙටික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ" එස්. සිවරාජා මහතා පැවසුවේ ‘කේෂ වර්ධනය සහතික කෙරෙන ශාඛසාර අඩංගු තෙලක අවශ්‍යතාව මෙරට පාරිභෝගිකයන්ට තිබෙන බව වටහාගත් අප සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය එවැන්නක් සම්බන්ධයෙන් වසර කිහිපයක සිට සිදු කළ අත්හදාබැලීම් හි සාර්ථක ප‍්‍රතිපලයක් ලෙසින් මෙම නිෂ්පාදනය හැඳින්විය හැකියි. විශේෂයෙන්ම අකළට කෙස් වැටීම හා පැසීමේ හේතු නිවැරදිව අධ්‍යයනය කළ අප ඒ සඳහා අපේ පාරම්පරික ආයුර්වේදය අනුමත කළ ශාඛසාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. බොහෝ කේෂ වර්ධක තෙල් සඳහා භාවිතා කෙරෙන පොල්තෙල් (කොප්පරාවලින් සිඳගත්) වෙනුවට අප පදනම ලෙසින් අමුපොල්වලින් සිඳගත් පොල්තෙල් උපයෝගී කරගත්තේ එහි මේදය රහිත වූවක් නිසායි. මන්ද කොප්පරාවලින් සිඳගත් තෙල්වල අඩංගු මේදය කෙස්ගස් මුල තැන්පත්වීමෙන් හිස්කබල තුළට වාතාශ‍්‍රය ගමන්කිරීම අවහිරවීමෙන් වැලකීමෙන් එහි නිරෝගීබවට දැඩිව බලපානවා. අමු පොල්වලින් සිඳගත් තෙල්වල වූ මේද අම්ලය හේතුවෙන් මෙම නිෂ්පාදනයේ අඩංගු ශාකසාර හිස් කබල තුළට ගමන් කර එය නිරෝගී කරනවා. එමෙන්ම මෙහි අඩංගු සියලූ අමුද්‍රව්‍ය හිස්කෙස් වර්ධනය කර නිරෝගී කරන බවට ආයුර්වේදය විසින් නිර්දේශිත ශාකසාරයන්. එහෙයින් සහතික ලෙසින් රීබොන් නව නිෂ්පාදනය අකළට කෙස් පැසීම" ගැලවීම වලකා එහි දිඳුළනබව වර්ධනය කරන්නක් යැයි හඳුන්වා දිය හැකියි‘ යන්නය.

වසර 2005 දී ඇරඹූ රීබොන් කොස්මෙටික්ස් සමාගම පූර්ණ ශාකසාර අඩංගු රූපාලංකරණ නිෂ්පාදන පෙළක් නිපදවන සමාගමකි. එහි නිෂ්පාදන අතර ශාකසාර ෂැම්පු, සිලිකන් කන්ඩිෂනර්, සෝදාහරින කන්ඩිෂනර්, බ්ලැක් හෙනා, ෆේස්වොෂ්, ෆෙයාර්නස් කී‍්‍රම්, ඇග ගල්වන සබන් හා අත් සෝදන දියර වෙති. රීබොන් රූපාලංකරණ නිෂ්පාදන ජපානය, ඉන්දියාව, මැදපෙරදිග හා මාලදිවයින යන රටවලට අපනයනය කෙරේ.

Tizen තාක්‍ෂණයෙන් බල ගැන්වුණු ස්මාර්ට් රූපවාහිනී ක‍්‍රියාකාරිත්වය, සැම්සන්ග් ඩිස්ප්ලේ තාක්‍ෂණය සහ නැනෝ ක‍්‍රිස්ටල් තාක්‍ෂණය සමගින් SUHDරූපවාහිනිය නව රූපවාහිනී නැරඹුම් යුගයක් නිර්මාණය කරයි

ගෘහස්ථ විනෝදාශ්වාදය සැපයීමේ ප‍්‍රමුඛයා වන සැම්සන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ශ‍්‍රී ලාංකික වෙළදපොළට හදුන්වාදෙන නවතම SUHD රූපවාහිනී පෙළ පිළිබඳව පසුගිය දා ප‍්‍රකාශයට පත් කරන ලදී. අසමසම වෙනස, කැපී පෙනෙන දීප්තිමත් බව සහ ආකර්ෂණීය වර්ණ සමගින් ක්ෂේත‍්‍රය තුළ නව මානයක් නිර්මාණය කරන අතිනවීන SUHD රූපවාහිනිය UHD යුගයේ ප‍්‍රධානතම සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර රූපවාහිනී නැරඹීමේ අත්දැකීම තවදුරටත් ඉහළ නංවමින් ඉදිරියට ගෙන යනු ලබයි. SUHD රූපවාහිනී ඇතුළු සියලූම සැම්සන්ග් රූපවාහිනී යන්ත‍්‍ර Tizen මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වී තිබේ. 

ඊට අමතරව, සැම්සන්ග් SUHD රූපවාහිනී යන්ත‍්‍ර වල නවතම ආකර්ෂණීය වූ විශේෂාංග රැසක් අන්තර්ගත වන අතර එහි ඇති නැනෝ ක‍්‍රිස්ටල් තාක්ෂණය සහ SUHD Re-Mastering Engine මගින් අසමසම වූ නැරඹුම් අත්දැකීමක් ලබා දෙයි. එසේම නවතම විලාසිතාවට අනුව නිර්මාණය වුණු වක‍්‍ර නිමාව මගින් නරඹන්නන්ට මෙතෙක් නොලද විශිෂ්ටතම අත්දැකීමක් ලැබීමට හැකියාව ලබා දෙයි. Tizen මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වුණු එහි Smart TV විශේෂාංගය තුළින් නරඹන්නන්ට ඉතා පහසුවෙන් තම ප‍්‍රියතම වැඩසටහන් වෙත පිවිසීමට හැකියාව ලැබේ. 

ශ‍්‍රී ලංකාවේ සැම්සන්ග් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ යන්ග්මින් ෂින් මහතා නව රූපවාහිනිය පිළිබදව අදහස් පළ කරමින් මෙසේ පැවසීය. “අද වන විට වෙළදපොළේ ඇති විශිෂ්ටතම රූපමය අත්දැකීම කැටි කරමින් සැම්සන්ග් ක්ෂේත‍්‍රය තුළ නව මානයක් නිර්මාණය කර තිබෙනවා. ප‍්‍රථම "S" වෙළදනාමය සහිත සැම්සන්ග් SUHD රූපවාහිනිය සංවේදී රූප තත්ත්වය, අසීමිත වූ අන්තර් ක‍්‍රියාකාරිත්වය සහ අතිනවීන නිමාව සමගින් අසමසම වූ අත්දැකීමක් නරඹන්නන්ට ලබා දෙනවා. අපි ඉදිරියටත් නව්‍යකරණය අපගේ පාරිභෝගිකයා වෙත ගෙන ඒමට නිරන්තරයෙන්ම කටයුතු කරන අතර නිවසේ වින්දනීය අත්දැකීම නව හැකියාවන්ගෙන් පිරි මානයන් කරා රැුගෙන යාමට උපරිමයෙන් කටයුතු කරනවා.” 

හදුන්වාදෙන අසමසම වූ රූප තත්ත්වය 

හිමිකාරිත්වය සහ පරිසර හිතකාමී නැනෝ-ක‍්‍රිස්ටල් තාක්ෂණය භාවිත කරමින් සැම්සන්ග් SUHD රූපවාහිනී පෙළ වර්ණ ප‍්‍රතිනිර්මාණය (Colour reproduction), දීප්තිය (Brightness), වෙනස් බව (Contrast) සහ සවිස්තරාත්මක බව (Details) පිළිබඳ නවතම සංවර්ධනයන් පෙන්නුම් කරයි. ඉහළම වර්ණ පැහැදිලිතාවය නිපදවීම සහ ආලෝකයේ උපරිම කාර්යක්‍ෂමතාවය ලබාගැනීම සඳහා නවතම විප්ලවීය නැනෝ ක‍්‍රිස්ටල් අර්ධ සන්නායක මගින් එහි ප‍්‍රමාණය අනුව විවිධ වර්ණ සම්පේ‍්‍රෂණය කරනු ලබයි. එහි ඇති Nano Colour මගින් සම්ප‍්‍රදායික රූපවාහිනියකට වඩා 64 ගුණයකින් වැඩි වර්ණ ප‍්‍රකාශනයන් අත්විඳීමේ හැකියාව නරඹන්නන් හට ලැබේ. එසේම Nano Brightness මගින් 2.5 ගුණයකින් වැඩි දීප්තිමත් රූප රාමු ලබාදෙන අතර Nano Contrast එ මගින් සාමාන්‍ය රූපවාහිනියකට වඩා 10 ගුණයකින් උසස් තත්ත්වයේ වෙනසක් නිර්මාණය කරනු ලබයි. Nano Colour, Nano Brightness සහ Nano Contrast තාක්‍ෂණය මගින් සමස්තයක් ලෙස නරඹන්නන්ට සුපිරිතම රූපමය අත්දැකීමක් පිරිනමයි. 

 

සංකීර්ණ හා වැඩිදියුණු කරන ලද වක‍්‍ර (Curved) නිමාව

සැම්සන්ග් 2013 වසරේදී වක‍්‍ර (Curved) සංකල්පය හඳුන්වාදීමෙන් පසු එය පාරිභෝගිකයින්ගේ ගෘහස්ථ විනෝදාත්මක අත්දැකීම තවදුරටත් ඉහළ නංවන්නක් විය. නූතන කලාවේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සාරය ලබා ගනිමින් සැම්සන්ග් SUHD රූපවාහිනිය නිර්මාණය කර ඇති අතර නවීනතම සහ සරළ විශේෂාංග එක් කරගනිමින් එය වැඩිදියුණු කර තිබේ. සැම්සන්ග් ීඹ්‍යෘ රූපවාහිනිය සුවිශේෂී Chamfer bezel නිමාවෙන් යුක්ත වන බැවින් එමගින් රූපවාහිනියේ තිරයට නව ගාම්භීරත්වයක් එක් කරන අතර ආකර්ෂණීය රාමුව මගින් එය බිත්තියේ එල්ලා තැබීමේදී කලා සිතුවමක ආකාරයක් ගනී. SUHD රූපවාහිනියේ පිටුපස මෘදු ආකර්ෂණීය නිමාව සමගින් ඕනෑම කෝණයකින් බැලීමේදී එහි අලංකාර කෙළවර දැකගත හැකි වේ. 

 

නව ස්මාර්ට් රූපවාහිනය අනාගත වින්දනීය අත්දැකීම යළි අර්ථකථනය කරයි 

නව SUHD රූපවාහිනිය ඇතුළු Tizen තාක්ෂණයෙන් බල ගැන්වෙන සැම්සන්ග් ස්මාර්ට් රූපවාහිනී යන්ත‍්‍ර, රූපවාහිනී මෘදුකාංග ඉහළ නැංවීම සඳහා වෙබ් සම්මතයන්ට සහයෝගය ලබාදෙන විවෘත මූලාශ‍්‍ර පදනමක් වේ. සැම්සන්ග්හි නවතම ස්මාර්ට් රූපවාහිනී පදනම වන Tizen මගින් නව විශේෂාංග පිරිනැමීම පමණක් නොව එය පාරිභෝගිකයින්ට වැඩි විනෝදාත්මක අත්දැකීමක් මෙන්ම මෙතෙක් නොලද ආකාරයේ තෝරාගැනීම් වලට ද අවස්ථාව ලබා දෙයි. 

 

මිල සහ ලබාගැනීමේ හැකියාව

සැම්සන්ග් SUHD රූපවාහිනිය සෙන්ටිමීටර් 165.1 (අඟල් 65) සහ සෙන්ටිමීටර් 139.7 (අඟල් 55) ප‍්‍රමාණයන්ගෙන් රු. 699,990/- සිට ඉහළට සියලූම සැම්සන්ග් වෙළඳ ප‍්‍රදර්ශනාගාර සහ සිංගර්, සොෆ්ට්ලොජික් සහ සිංහගිරි යන බලයලත් අළෙවි නියෝජිතයින් වෙතින් ලබාගත හැක.