Matchstix ස්මාර්ට්ෆෝන් ඇප් එක Airtel හා එක්වී ශ්‍රී ලංකාවේ "ගිනි පුපුරු දැල්වීමට සූදානම්" Featured

Published in ජීවන ශෛලීන්

ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ විදුලි සංදේශ සහකරු බවට Airtel පත්වෙයි

2016 මාර්තු 11 - ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට්ෆෝන් ඇප් එක වන Matchstix මෙරට දහස් ගණනක් වු සමාජ ජාලකරණ මිතුරු සබඳතා අතරට එක්වෙයි. Matchstix නිල වශයෙන් ශ්රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා පාක් ස්ට්‍රීට් මිව්ස් හිදී පැවැත්විණ. එම " ගිණි පුපුරු දැල්වීමේ " සාදයට විශේෂ ආරාධිත අමුත්තන්, ජනප්‍රිය චරිත සහ Matchstix භාවිත කරන්නන් මෙන්ම ඒ පිළිබඳව උනන්දු වන්නන් ද එක්ව සිටියහ.

Matchstix ඇප් එක මඟින් රුචිකත්වය අතින් ඒ ඒ ප්‍රදේශවල සමාන පුද්ගලයින් යා කරයි. Matchstix හි ලියාපදිංචි වීමෙන් පසු GPS මඟින් ක්‍රියාත්මක වන මෘදුකාංගයක් ඔස්සේ මෙම යා කිරීම සිදුකරයි. මෙම ඇප් එක ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා වලින් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සහ iOS යන මෙහෙයුම් පද්ධති දෙකටම මෙම ඇප් එක ක්‍රියාත්මක කළ හැකිය.

Matchstix ඇප් එකට පිවිසීම සඳහා සක්‍රීය සිම්පතක්, ස්මාර්ට්ෆෝන් එකක් සහ ෆේස්බුක් ගිණුමක් අවශ්‍ය වෙයි. මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් පසු සබඳතා වර්ධනය කිරීම සිදුකරගත හැකිය. පෞද්ගලික තොරතුරු කිහිපයක් පමණක් ඇතුළත් කිරීමෙන් පසු Matchstix ඇප් එක ක්‍රියාත්මක කරවාගත හැකි අතර ඒ ඔස්සේ ඉතා ඉක්මනින් අවට ප්‍රදේශයේ සිටින රුචිකත්වය අතින් සමාන තවත් අය සොයාගැනීමට අවස්ථාව උදාවෙයි. මෙමඟින් නව සමාජ සබඳතා රැසක් ගොඩනැගෙයි.

මෙම හඳුන්වාදීමේ අවස්ථාවට එක්වු Mobimedia හි වෙළඳ කළමාණාකාර ක්ලාරා ග්‍රින්ටාල් සඳහන් කළේ " ශ්‍රී ලංකාව සමාජ සබඳතා වර්ධනය කර ගැනීම අතින් ඉතා ඉහළ තැනක සිටින රටක් බවයි. මේ නිසා දිනෙන් දින එම සබඳතා වර්ධනය කරගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම සකස් කළ යුතු බවත්, එම කාර්ය භාරය ඉටු කිරීමට Matchstix සමත් වනු ඇති බවටත් ඇය විශ්වාසය පළ කළාය. මෙරට ජනතාවගේ කැමැත්ත, අදහස් සහ ජීවන තොරතුරු බෙදා හදා ගැනීමේ නව මාධ්‍යයක් ලෙස Matchstix කටයුතු කරනු ඇති බව ද ඇය පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් වඩා ආරක්ෂාකාරී මෙන්ම විශ්වසනීය ලෙස නව සමාජ සබඳතා ගොඩනැගීමේ කාර්යය ඉටු කිරීමට Matchstix බැඳී සිටිනු ඇති බව ඇය සඳහන් කළාය.

මෙම අවස්ථාව ඇමතූ භාරති එයාර්ටෙල් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ ප්‍රධානි චන්ද්‍රෙස්කර් සිං චවුහාන් මහතා සඳහන් කළේ "පාරිභෝගිකයාගේ ජීවිතය පහසු කරන නව නිපැයුම් සහ අදහස් පිළිබඳව එයාර්ටෙල් නිරන්තර අවබෝධයකින් කටයුතු කරන බවයි. මේ නිසා Matchstix මෙරට ජනතාවගේ සබඳතා තවදුරටත් පුළුල් කරනු ඇති බව පෙන්වා දෙන ඒ මහතා සඳහන් කළේ Matchstix ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා 100ඵඊ දත්ත ප්රහමාණයක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවයි. මෙම වාසිය නිසා පහසුවෙන් තමන්ට අවශ්‍ය මිත්‍රයින් සහ හිතවතුන් සොයාගැනීමේ පහසුකම් හිමිවනු ඇති බව ද ඒ මහතා පැවසීය.

ඉදිරි කාලයේදී පුළුල් ප්‍රචාරණ වැඩසටහනක් මඟින් Matchstix මෙරට ජනයා අතර ප්‍රලිත කිරීමේ ක්‍රියාවලියක් ද සැලසුම් කර තිබේ.

Matchstix මේ වනවිට ආසියානු රටවල් රැසක සාර්ථකව ක්‍රියාත්මක වෙයි. දළ ගණන් බැලීම් අනුව මේ වනවිට 253,000 අධික පිරිසක් Matchstix ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන සිටිති. මෙම ප්‍රමාණය දෛනිකව ඉහළ යමින් පවතී.

 

Airtel to be the exclusive launch telecommunication partner in Sri Lanka Matchstix, Sri Lanka’s new smartphone app is...

Posted by Lanka Business News on Sunday, March 13, 2016