Elegant 16 සමගින් සුඛෝපභෝගී ජීවිතයකට ඇරයුම් Featured

Published in ජීවන ශෛලීන්

2017 පෙබරවාරි 20, කොළඹ: Ekroma Realtors සමාගම සහ Invoke (පුද්.) සමාගම අත්වැල් බැඳගෙන Elegant 16 නමින් නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් කොළඹදී දියත් කිරීමට කටයුතු කළේ ය. වාණිජ අගනගරයේ සියලූ පහසුකම්වලට නුදුරින්, එහෙත් නාගරික පරිසරයේ කලබලකාරී බව නොදැනෙන ස්ථානයක ඉදිවන මෙම නිවාස ව්‍යාපෘතිය කොළඹ, ඇල්විටිගල මාවතේ ඉදිකෙරේ. මෙම ව්‍යාපෘතිය නිදන කාමර 2 සහ 3 බැගින් වන සුඛෝපභෝගී නිවාස 16 කින් සමන්විත වනු ඇත.

2018 මාර්තු මාසය වනවිට ඉදිකිරීම් අවසන් වීමට නියමිත Elegant 16 ව්‍යාපෘතියේ අලෙවිකරණ කටයුතු Invoke (පුද්.) සමාගම මගින් පමණක් සිදුකෙරේ. Invoke (පුද්.) සමාගම යනු දේපළ සංවර්ධන, සැලසුම් නිර්මාණ සහ අලෙවිකරණ යනාදී ක්ෂේත‍්‍රවල විශේෂඥයන් පිරිසකගෙන් සැදුම්ලත් සමාගමක් වන අතර එය දේපළ ක්ෂේත‍්‍රයේ ශක්‍යතා අධ්‍යයනය, සංකල්ප නිර්මාණය, අලෙවිකරණය සහ විකුණුම් කටයුතු යනාදී වශයෙන් ව්‍යාපෘතියක සියලූම අංශ සඳහා අවශ්‍ය විසඳුම් පිරිනමයි. ව්‍යපෘතියක ආරම්භයේ සිටම අදාළ දේපළ සංවර්ධන සමාගම සමග සමීපව වැඩ කරන Invoke කණ්ඩායම අදාළ ව්‍යාපෘතියේ ප‍්‍රමිතිය මෙන්ම එහි මිල නියම කිරීම, අලෙවිකරණ ක‍්‍රමෝපායන් සහ ස්ථානය තෝරාගැනීම යනාදී සියල්ල අදාළ ඉලක්කගත පාරිභෝගික කාණ්ඩයේ අවශ්‍යතා හා අපේක්ෂාවන්ට අනුකූලව පවතින බව තහවුරු කරගැනීම සඳහා කටයුතු කිරීම විශේෂත්වයකි. Elegant 16 ව්‍යාපෘතියට අමතරව එම සමාගම Signature 12, Signature 7 සහAvenue 9 වැනි ව්‍යාපෘතිවලට දායක වී අතර මෙරටට පුරෝගාමී හඳුන්වාදීම් රැුසක් සිදුකර ඇත.

Elegant 16 සමග .'Boutique Apartments' සංකල්පය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයට හඳුන්වා දීම Invokeසමාගමේ ඉලක්කයයි. Boutique යන්නෙන් සාමාන්‍යයෙන් 'සංකීර්ණ හෝ සුවිශේෂී පාරිභෝගික කාණ්ඩයකට සේවා සැලසීම' අදහස් කෙරේ. එම නිසා බුටීක් නිවාස යන්නෙන් සාමාන්‍යයෙන් කුඩා, එහෙත් සුඛෝපභෝගී නිවාස අදහස් ලෙස හැඳින්විය හැක. වර්ග අඩි 900 සිට 1,900 දක්වා පමණ පරාසයක විහිදෙන මේවා පවුලේ සාමාජිකයන්ට වඩාත් සොඳුරු නිවසක අත්දැකීම තිළිණ කිරීම සඳහා විශාල ප‍්‍රමාණයේ කාමර සහිත සැලසුම් අනුව සකසා තිබේ. තරුණ විධායක නිලධාරීන්, පවුල් මෙන්ම නගරයේ සුවපහසුව සොයන ඕනෑම කෙනෙකුට Elegant 16 නිවාස ඉතාමත් හොඳ ආයෝජනයක් වනු ඇත.

කොළඹ නගරයේ පාසල්, රෝහල්, සුපිරි සාප්පු සංකීර්ණ ඇතුළු සියලූ පහසුකම්වලට සමීපව කොළඹ 5, ඇල්විටිගල මාවතේ Elegant 16 ව්‍යාපෘතිය ඉදි වේ. එම නිසා මෙය නාගරික ජීවන රටාවට සමීපව ජීවත් වීමට කැමති කාටත් ඉතාමත් හොඳින් ගැළපෙන නිවාස ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැක.

Elegant 16 නිවාස ව්‍යාපෘතියට ඇතුළත පහසුකම් අතරට පිහිනුම් තටාකයක්, සියලූ පහසුකම් සහිත කාය වර්ධන මධ්‍යස්ථානයක්, විනෝදාස්වාද කටයුතු සඳහා Rooftop කොටසක් සහ BBQ area එකක්, ඇවිදීමේ මංතීරුවක්, දරුවන්ට කෙළිසෙල්ලම්වල යෙදීම සඳහා වෙන්කළ කොටසක් ඇතුළු විශේෂාංග රැුසක් ඇතුළත් වී තිබේ. සියලූ පහසුකම් සහිතව, නගරයට ආසන්නයෙන්, උසස් ප‍්‍රමිතියෙන් යුක්තව, පරිසර හිතකාමී ලෙස සහ ආරක්ෂාවද සහිතව ඉදිවන Elegant 16 මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ සුවිශේෂී ඉල්ලූමක් සහිත ව්‍යාපෘතියක් බවට පත්වනු නොඅනුමාන ය.

වැඩි විස්තර සඳහා 0772455233 / 0772421121 අංකවලින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයෙන් Invoke සමාගම අමතන්න. නැතිනම් www.invoke.com වෙබ් අඩවියට පිවිසෙන්න.