තාප බලශක්ති කාර්යසාධනය වේගවත් කිරීමේ පුරෝගාමියෙකුවන මැක්ස්තර්ම් ලංකා සමාගම පසුගියදා පැවති ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. බලශක්ති කළමනාකරණය හරහා බලශක්ති භාවිතය අවම කිරීම සඳහා එම සමාගම දක්වන දායකත්වය ඇගයුමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමිණි.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යශයේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්යයන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙරට ඉංජිනේරු ක්ෂේත්රීයේ කීර්තිමත් ඉංජිනේරුවරයෙකුවන මැක්ස්තර්ම් ලංකා සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ ගයා සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව සඳහා සිය සමාගම දැක්වූ අඛණ්ඩ දායකත්වය මෙවැනි ජාතික මට්ටමේ සම්මානයකින් ඇගයුමට ලක් වීම පිළිබඳ තමන් ඉතා සතුටු වන බවය. නුදුරු අනාගතයේදී මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ද සිය විශේෂඥ දැනුම ලබා දීමට තමන් බලාපොරොත්තුවන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2014 සහ 2015 වසරවලදී ද මෙම සම්මාන උළෙලේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට සමත් වූ මැක්ස්තර්ම් ලංකා සමාගම සිය ව්‍යාපාර ඉතිහාසයේ නැවුම් සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙවර රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඉංජිනේරු සිරිවර්ධන මහතා දේශීය මෙන් ම විදේශීය වෙළඳපල තුළ ද විශේෂඥ සේවා ලබා දෙන එම සමාගමේ සාර්ථකවය පිටුපස ඇති දැවැන්ත සවියයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) සහ ශ්‍රී ලංකා ජෛව බලශක්ති සංගමයේ සාමාජිකයෙකුවන ඒ මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බලයලත් උපදේශකයෙකු ලෙස ද කටයුතු කරයි.

ඉන්ධන තෙල් ලීටර මිලියන 5.4ක් සහ ඩීසල් ලීටර මිලියන 0.23ක් වෙනුවට ජෛව ස්කන්ධ හඳුන්වා දෙමින් පසුගිය වසර තුළ විදෙස් මුදල් රු. මිලියන 464ක් මෙරට තුළ ඉතිරි කිරීමට සමාගම සමත් විය. එමගින් විද්යුත් බලශක්ති ඒකක 217,000 ක් ඉතිරිකර ගැනීමට මෙන් ම ටොන් 14,700 කින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමට ද හැකි විය.

තව ද සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් උත්පාදනය කිරීමට ද කටයුතු කළ මැක්ස්තර්ම් ලංකා සමාගම බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම, කාර්යමණ්ඩල සහ සමාගම් සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, බලශක්ති මිනුම් උපකරණ මිලදී ගැනීම සහ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේදී පැවති වැඩමුළු සහ නිෂ්පාදන කම්හල් තුළදී විවිධ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීම හරහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයට සුවිසල් දායකත්වයක් ලබා දුන්නේය.

MAS Holdings, CIC Holdings, DSI, Ocean Lanka, Richard Pieris, Hidaramani Group, Asia Pacific Brewery Lanka ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මැක්ස්තර්ම් ලංකා සමාගමේ සේවා ලාභීන් බවට පත්ව ඇත.

මෙරට තාප බලශක්ති ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සඳහා ජෛව ස්කන්ධ දහන හුමාල බොයිලේරු සැපයීමේ සහ ස්ථාපනය කිරීමේ නිරත මැක්ස්තර්ම් ලංකා සමාගම බලශක්ති සහ පාරිසරික ඉංජිනේරු සේවාවන් රැසක් ද පිරිනමයි. එම සමාගම ජෛව ස්කන්ධ බොයිලේරු, තාප ද්‍රව තාපක, උණු ජල ජෙනරේටර්, වායු දූෂණය පාලනය කරන මෙවලම් සහ තාප ප්‍රතිසාධන ඒකක අලෙවියේ, සැපයීමේ සහ ස්ථාපනය කිරීමේ ප්‍රමුඛයෙකුවන මැක්ස්තර්ම් ඉන්දියා සමාගමේ නිල නියෝජිත සමාගම වෙයි. සිය මවු සමාගමේ නවීන තාක්ෂණික ක්‍රමවේදවලට අනුව පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාමාර්ග රැසක නිරතවන මැක්ස්තර්ම් ලංකා සමාගම ඒ හරහා වේගයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්යනතාවන්ට ඔබින බලශක්ති විසඳුම් ලබා දීමට කටයුතු කරයි. හුමාලය උත්පාදනය සහ සම උත්පාදන කර්මාන්ත ශාලා ක්ෂේත්රමය තුළ ද එම සමාගම විශේෂඥ සේවාවන් පිරිනමයි.
ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පියැසි සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය EFL Campus හි ස්ථාපිත කිරීමට EFL සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහභාගී වූ අතර එතුමන්ට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී හනිෆ් යුසුෆ් මහතා සහ EFL සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති මෙම සූර්ය බලශක්ති පද්ධතිය විවෘත කළ නියෝජ්‍ය අමාත්‍යතුමන් ශ‍්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳීම සඳහා පෞද්ගලික අංශය මෙසේ දායක වීම බෙහෙවින් අගය කළේ ය.

සූර්ය පැනල 2,326 කින් සමන්විත මෙම බලශක්ති ජනන ඒකකය මසකට කිලෝවොට් පැය 78,100 කට අධික බලශක්තියක් නිපදවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 651Kwp නිෂ්පාදන ධාරිතාවක් සහිත එය ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පියැසි සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය ලෙස සැලකේ. බලශක්තිය නිපදවීම සඳහා වෙනත් රටවලින් ද්‍රව ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය කිරීමට සිදුවීම අවම කිරීම සඳහා දායක වීමක් වශයෙන් මෙම ඒකකය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත. මෙරට පෞද්ගලික අංශය මගින් ක‍්‍රියාත්මක කරන ලද මෙවැනි ව්‍යපෘති කිහිපය අතරින් එකක් වන මෙම සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය එක්ස්පෝලංකා හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය පාරිසරික වශයෙන් මෙන්ම ව්‍යාපාරික වශයෙන් තිරසාරත්වය ළඟාකරගැනීම සඳහා දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරන්නක් ලෙසද හැඳින්විය හැක.



සමාගමේ ඇඟලූම් හා සාමාන්‍ය භාණ්ඩ ගබඩා සංකීර්ණය මෙරට LEED Gold සහතිකරණය ලැබූ ප‍්‍රථම සංකීර්ණයද වේ. එමෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වැඩසටහන් රාමුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සමාගමට ෂීධ 14062 සහතිකකරණය හිමිවී ඇත. ඊට අමතරව ප‍්‍රජා සත්කාර වැඩසටහනක් වශයෙන්, නිවාසවල ඇති සාමාන්‍ය විදුලි බල්බ වෙනුවට ISO විදුලි බුබුළු ලබාදීම සඳහා Bulb for a Bulb’ නම් වැඩසටහනක් වාර්ෂිකව ක‍්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. ”අනාගතය වෙත පා තැබීමේදී අප සූර්ය බලශක්තිය භාවිතා කිරීම අත්‍යවශ්‍යයි කියා අප සිතනවා. මේ ව්‍යාපෘතිය අප ආරම්භ කළේ ඒ නිසයි. ඒ වගේම මෙය තිරසාරත්වය වෙත තැබූ සාර්ථක ඉදිරි පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. ශ‍්‍රී ලංකාව යනු ස්වාභාවික සම්පත් බහුල රටක්. ඒ නිසා අපට වඩාත් පහසුවෙන් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමේ හැකියාව ඇති බව අපගේ විශ්වාසයයි.” සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හනිෆ් යුසුෆ් මහතා පැවසී ය.

එක්ස්පෝලංකා සමාගම සහ HiEnergy Services සමාගම එක්වී නිර්මාණය කළ මෙම සූර්ය බලශක්ති පද්ධතියට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ සහයෝගයද හිමි විය. ශ‍්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාගැනීම සඳහා පොසිල ඉන්ධන භාවිතා කිරීම අවම කරමින් විකල්ප බලශක්ති ප‍්‍රභව වෙත රට යොමුකරවීමට ්‍HiEnergy Services සමාගම කටයුතු කරමින් සිටී. මෙම සහයෝගීත්වය මගින් රටේ බලශක්ති අවශ්‍යතාවේ ස්වභාවය සහ ඒ සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට EFL සමාගමට හැකියාව ලැබිණි. එමෙන්ම මෙය රටේ සූර්ය බලශක්ති ජනනය සඳහා දායක වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් රටේ පෞද්ගලික අංශයෙන් කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වීමක්ද විය. ‘සූර්ය බල සංග‍්‍රාමය’ ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ අනාගතය සූර්ය බලශක්තියෙන් ආලෝකවත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කර තිබේ.

ඉංජිනේරු සහ විදුලි උත්පාදන ක්ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛතම නමක් වන කැටපිලර් සමාගම සිය දේශීය නියෝජිත ඹඔෑ සමාගම සමගින් අත්වැල් බැඳ ගනිමින් නවීන තාක්ෂණයෙන් යුතු සූර්ය බල උත්පාදන උපාංග මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන්නේය. බලශක්ති සුරක්ෂිතතාව සඳහා ශ‍්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති සූර්ය බල සංග‍්‍රාමයට ශක්තියක් වෙමින් ඹඔෑ සමාගම, වැඩි කාර්යක්ෂමතාවකින් යුතු මෙම Cat® Solar Thin Film තාක්ෂණය පසුගියදා කොළඹදී මෙරටට හඳුන්වා දුන්නේය.

UTE සමාගම Cat සූර්ය පැනල අලෙවිය සඳහා පත් කළ ආසියානු කලාපයේ මුල්ම කැටපිලර් අලෙවි නියෝජිතයෙකු වීම ද විශේෂත්වයකි. මෙම සූර්ය පැනල මෙරටට හඳුන්වා දීමේ උත්සවය සඳහා කීර්තිමත් ඹඔෑ සේවා ලාභීහු සහ මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ වෘත්තිකයෝ රැසක් සහභාගී වූහ.

විදුලි බලය ඕනෑම රටක ආර්ථිකය තුළ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, එහි ප‍්‍රමිතිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා නවෝත්පාදන විසඳුම් වලට යොමු වීමේ අවශ්‍යතාව ද මතු වී ඇත. මෙරට ජනගහනයෙන් 98% ක් ජාතික විදුලි බල පද්ධතිය සමග සම්බන්ධ වී ඇති අතර දකුණු ආසියානු කලාපය සමග සැසඳීමේදී එම අගය ඉතා යහපත් තත්ත්වයකි. කෙසේ වෙතත්, වේගයෙන් වර්ධනයවන පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට මෙන්ම පුනර්ජනනීය බලශක්ති මූලාශ‍්‍ර වලින් උපරිම ඵල නෙලා ගැනීමට දිගුකාලීන දැක්මකින් යුතුව කටයුතු කළ යුතුය.

මෙරට සියලූ ම පුරවැසියන් හට දැරිය හැකි මිලකට, උසස් ප‍්‍රමිතියෙන් යුතුව විශ්වසනීය ලෙස බලශක්තිය ලබා දීමේ අරමුණ පෙරදැරිව වත්මන් රජය විසින් ”සූර්ය බල සංග‍්‍රාමය” ප‍්‍රජා මූලික බලශක්ති උත්පාදන වැඩසටහන ආරම්භ කළේ ඉහත අවශ්‍යතාවන්ට දිගුකාලීන විසඳුම් ලබා දීම සඳහාය.

”1947 වසරේදී ආරම්භ කරන ලද ඹඔෑ සමාගම මෙරටට බලශක්ති උත්පාදන සහ ඞීසල් බලශක්ති උත්පාදන විසඳුම් හඳුන්වා දුන් පළමු සමාගම මෙන්ම එම ක්ෂේත‍්‍රයේ වෙළඳපල ප‍්‍රමුඛයා ද වනවා. තවද, වගකීම් සහගත සමාගමක් ලෙස, සම්ප‍්‍රදායික බලශක්ති මූලාශ‍්‍ර වෙනුවට වෙනත් විකල්ප වෙත අවධානය යොමු කිරීම ද අප සතු වගකීමක් ලෙස අප සලකනවා. ශ‍්‍රී ලංකාව සමකයට ඉතා ආසන්නයෙන් පිහිටා ඇති නිසා සූර්ය බලශක්තිය වඩාත් ඵලදායී ලෙස මෙරට තුළ භාවිතයට ගත හැකියි. නව්‍ය තාක්ෂණය සමගින් පුනර්ජනනීය බලශක්ති විසඳුම් වඩාත් ප‍්‍රවර්ධනය කිරීමට අප අඛණ්ඩව කැප වනවා.” UTE සමාගමේ ප‍්‍රධානී ප‍්‍රසාන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කැටපිලර් Solar PV පැනල සඳහා Thin Film තාක්ෂණය යොදා ගෙන ඇති අතර සම්ප‍්‍රදායික සිලිකන් වෙනුවට කැඞ්මියම් ටෙලියුරයිඞ් මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත. එම නිසා, සාමාන්‍ය සූර්ය පැනල වලට වඩා 10% ක අමතර බලශක්තියක් මෙමගින් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරේ.

පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති මෙම සූර්ය පැනල ඉන්ධන පිරිවැය, විදුලි බිල්පත් සහ කාබන් විමෝචනය අවම කරන අතර බලශක්ති කාර්යක්ෂමතාව ද අභියෝගාත්මක පාරිසරික තත්ත්වයන් යටතේ වුව ද වර්ධනය කිරීමට සමත්ය.

ආසියා පැසිෆික් කලාපයේ කැටපිලර් විදුලි බලශක්ති අංශයේ ක්ෂුද්‍ර පද්ධති කළමනාකාර ඒඩ‍්‍රියන් කොන්ස්ටබල් මහතා කැටපිලර් Solar PV පැනලවල විශේෂත්වය පිළිබඳ මෙහිදී අවධාරණය කළේය. Cat පැනල සහ එම ක්ෂේත‍්‍රයේ වෙනත් නිෂ්පාදනයක් සංසන්දනය කරමින් නිශ්චිත කාලයක් තුළ තමන් සිදු කළ පර්යේෂණයක දත්තයන් ද UTE සමාගම මෙහිදී ඉදිරිපත් කළේය. එම දත්තයන්ට අනුව, අනෙක් පැනලයට වඩා Cat පැනල දෛනිකව 10-15% අතර ප‍්‍රමාණයක් උත්පාදනය කරන බව හඳුනා ගත හැකි විය.

”මහා පරිමාණ සමාගම්වලට සිය පිරිවැය අවම කර ගැනීමටත්, කාබන් විමෝචනයෙන් තොර වීමටත් මෙමගින් හැකි වනවා. ව්‍යාපාරික ස්ථානයේ තමන් උත්පාදනය කරන බලශක්තිය රජයට අලෙවි කිරීම හරහා අමතර ආදායමක් ලබා ගැනීමට ද මෙමගින් ඔවුන්ට හැකි වනවා.” පුනර්ජනනීය බලශක්ති අංශයේ කළමනාකාර මුරාඞ් ජායා මහතා සඳහන් කළේය.

වසර 70 කට ආසන්න කාලයක් පුරා ඉංජිනේරු විසඳුම් ලබා දීම සහ වසර 90 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන Cat යන්ත‍්‍ර මෙරටට ගෙන්වා බෙදා හැරීම තුළින් ද කීර්තියට පත් UTE සමාගම මෙම සූර්ය පැනල සඳහා වසර 25 ක අසමසම වගකීමක් හිමිකර දෙයි.

උසස් තාක්ෂණයෙන් යුත් සුර්ය බලශක්ති විසඳුම් දිවයින පුරා මධ්‍යස්ථාන 19 කදී

ජල කළමණාකරණ පද්ධති සහ විසඳුම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ජිනසේන පුද්ගලික සමාගම "පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය " වෙත සිය ව්‍යාපාරික මෙහෙයුම් ව්‍යාප්ත කරයි. ගෘහස්ථ සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය බලශක්තිය උත්පාදනය කරගැනීම සඳහා සූර්ය බලශක්ති විසඳුම් සැපයීම ජිනසේන පුද්ගලික සමාගම විසින් ආරම්භ කර තිබේ.

සූර්ය බලශක්ති විසඳුම් සඳහා ජිනසේන සෝලාර් සොලූෂන්ස් යටතේ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 19ක් පවත්වාගෙන යයි. කොළඹ, බණ්ඩාරවෙල, බුත්තල, ගිරාඳුරුකෝට්ටේ, බේරුවල, ඒකල, අවිස්සාවේල්ල, දඹුල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල , කදුරුවෙල , තඹුත්තේගම, අනුරාධපුර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, අම්පාර, ඇඹිලිපිටිය සහ යාපනය යන ප්‍රදේශ වල මෙම මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

විදුලි බල පද්ධතිය හා බැඳුනු, විදුලි බල පද්ධතිය හා නොබැඳුනු සහ හයිබ්‍රිඩ් යන ක්‍රමවේද වලට අනුව සූර්ය බලශක්තිය සැපයීමට ජිනසේන සමාගම කටයුතු කරයි. විදුලි බල පද්ධතිය හා බැඳුනු (Grid-Tied) ක්‍රමවේදයට අනුව විදුලි බල පද්ධතිය හා සමාගාමීව සූර්ය විදුලි බල පද්ධතිය ක්‍රියා කරයි. මෙම ක්‍රමයට අනුව විදුලිය ලබාගැනීමේදී සූර්ය බලශක්තිය හා සමගාමීව සූර්ය බලශක්තිය ඔස්සේ ද විදුලිය ලබාගත හැකිය. සූර්ය විදුලි බලය අනවශ්‍ය සෑම අවස්ථාවකදීම නිපදවෙන සූර්ය බලශක්තිය ප්‍රධාන විදුලි ධාරාවට මුදාහැරීමට අවස්ථාව හිමිවෙයි. විදුලි බල පද්ධතිය හා නොබැඳුන (Off-Grid) ක්‍රමවේදයට අනුව ජාතික විදුලි බල පද්ධතියේ කිසිදු මැදිහත්වීමක් නොවන අතර 100% ක විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ සූර්ය විදුලි බල පද්ධතිය මගිනි. ඇතැම් ගොඩනැගිලි වල ඉහල විදුලි ඉල්ලුමක් සවස් කාලයේ සහ රාත්‍රියේ පවතින අතර විදුලි බල පද්ධතිය හා නොබැඳුනු (Off-Grid) ක්‍රමවේදයට අනුව බැටරියක් හෝ ජෙනරේටරයක් ආධාරයෙන් විදුලිය ගබඩා කර තබා ගැනීමක් සිදුකරයි. හයිබ්‍රිඩ් ක්‍රමවේදය විදුලි බල පද්ධතිය හා බැඳුනු (Grid-Tied) ක්‍රමවේදයේම තවත් ස්වරූපයක් වන අතර මෙහිදී වෙනස වන්නේ හයිබ්‍රිඩ් ක්‍රමවේදයේදී අතිරික්ත විදුලිය ගබඩා කර තබාගැනීම සඳහා බැටරි පද්ධතියක් ඇති අතර එම බැටරිය ප්‍රධාන විදුලි ධාරාවෙන් සහ සූර්ය බලශක්තියෙන් ආරෝපණය වීමයි. විදුලි විසන්ධි වූ ඕනෑම අවස්ථාවක බැටරියේ තැන්පත් කර ඇති විදුලිය ස්වයංක්‍රියවම හෝ මැනුවල් ක්‍රමයකට අනුව ක්‍රියාත්මක වෙයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජල කළමණාකරන පද්ධති හා විසඳුම් ක්‍රියාත්මක කරන සමාගමක් වන ජීනසේන සමාගම ජල කළමණාකරන ක්ෂේත්‍රයේ දශක ගණනාවක සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීන සේවාවක් ඉටුකිරීමට මෙන්ම පාරිභෝගික ජාලය ව්‍යාප්තකිරීම සඳහා යොදා ගනු ඇත. මෙම ප්‍රවිශ්ඨයත් සමඟ ජිනසේන වෙතින් ඕනෑම ජල ව්‍යාපෘතියක් ලබාගන්නා පාරිභෝගිකයෙකුට ඉතා පහසුවෙන් විදුලි බල පද්ධතිය හා නොබැඳුනු (Off-Grid) සූර්ය බල පද්ධතියක්ද ලබාගත හැකිවෙයි. ජල පහසුකම් සහ සූර්ය බලශක්ති පහසුකම් සඳහා වෙනම සමාගම් දෙකක සහය ලබාගන්නවා වෙනුවට එකම සමාගමකින් එම සේවාවන් සියල්ල ඉටුකරවාගැනීමට හැකිවීම පාරිභෝගිකයාට පහසුවක් වෙයි.

ජිනසේන සෝලාර් සොලූෂන්ස් විසින් සූර්ය බලශක්තිය සඳහා ලොව ප්‍රමුඛ වෙළඳ නාම වලින් යුත් නිෂ්පාදන යොදාගැනෙයි. ABB වෙළඳ නාමය යටතේ වන සියලුම ඉන්වේටර් ඉතාලියෙන් ආනයනය කෙරෙන අතර Orange (නෙදර්ලන්තය) සහ ReneSola (චීනය) යන වෙලඳ නාම වලින් යුතු සූර්ය පැනෙල ආනයනය කෙරෙයි. ඒ සඳහා නිෂ්පාදිත සමාගමෙන් වසර 5ක වගකීම් සහතිකයක් සහ ජිනසේන සමාගමෙන් වසර 10 ක වගකීමක් හිමිවෙයි. ABB ඉන්වේටර් සඳහා අදාල සමාගමෙන් වසර 5ක වගකීමේ සහතිකයක් හිමිවන අතර ජිනසේන විසින් වසර 10ක වගකීමක් හිමිවෙයි. Orange සූර්ය පැනෙල සඳහා වසර 10ක වගකීමක් එම සමාගමෙන් හිමිවන අතර වසර 20 නිෂ්පාදන වගකීමක් සහ වසර 30 ක ක්‍රියාකාරීත්ව වගකීමක් ජිනසේන විසින් පාරිභෝගිකයින් වෙත ලබාදෙයි. ReneSola සූර්ය පැනෙල සඳහා වසර 10ක නිෂ්පාදන වගකීමක් හිමිවන අතර වසර 25 ක ක්‍රියාකාරීත්ව වගකීමක් හිමිවෙයි. මීට අමතරව ජිනසේන සමාගම විසින් ස්ථාපනය කරන සහ නිර්මාණය කරන සෑම සූර්ය විදුලි පද්ධතියක් සඳහාම වසර 10ක වගකීමක් ද ලබාදෙයි.

ජිනසේන සෝලාර් සොලූෂන්ස් පිළිබඳව අදහස් දැක්වූ බලශක්ති අංශයේ ජ්‍යෙෂ්ට කළමණාකාර ජයාන් ශිරන්ත මෙන්ඩිස් මහතා සඳහන් කළේ ජාත්‍යන්තරය සඳහා නිෂ්පාදන සිදුකරන මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ බොහෝ කම්හල් වල කාබන් දහනය අවම කිරීම සඳහා විසඳුම් සපයමින් ජිනසේන සමාගම විසින් ගෘහස්ථ සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා සූර්ය බලශක්ති විසඳුම් ඉදිරිපත් කරන බවයි. ජාත්‍යන්තර අවශ්‍යතාවට සරිලන ආකාරයට කාබන් දහනය අවම කරමින් කර්මාන්ත පවත්වාගෙන යාමට මෙමඟින් අවස්ථාව හිමිවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. සූර්ය බලශක්ති වතුර පොම්ප සඳහාද බොහෝ විමර්ශන සිදුකර ඇති බව හෙතෙම සඳහන් කලේය. ශ්‍රී ලාංකේය ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛ තැනක් හිමිවන බවත්, කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන වතුර පොම්ප ක්‍රියාත්මක කරවීම සඳහා සූර්ය බලශක්තිය යොදාගැනීම පිළිබඳව ගොවීන් උනන්දු කරවීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම සූර්ය බලශක්ති පද්ධති බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ට කළමණාකාර ජයාන් ශිරන්ත මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් මගින් සූර්ය බලශක්ති පද්ධති බෙදාහැරීමට කටයුතු කරන බවයි. මේ සඳහා දිවයින පුරා විහිදුනු පුළුල්තම මධ්‍යස්ථාන ජාලයක් ජිනසේන සමාගම සතු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සූර්ය බලශක්ති පද්ධතියක් පිළිබදව පාරිභෝගික විමසීමකදී කඩිනමින් ක්‍රියාත්මක බව සිය කණ්ඩායම අදාල ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් සිදුකරන අතර එම ස්ථානයේ ඡායාරූප සහ අවශ්‍ය තොරතුරු ලබාගෙන ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරයි. තරඟකාරී වෙළඳ පලේ පවතින මිල ගණන් වලට සාපේක්ෂව සාධාරණ මිල ගණන් තම සමාගමට ඉදිරිපත් කළ හැකි බවට විශ්වාසයක් පවතින බව හෙතෙම සඳහන් කළේය.

වර්ෂ 1905 දී ආරම්භ කළ ජීනසේන සමාගම ශ්‍රී ලංකික හිමිකාරීත්වයකින් යුතු ප්‍රථම ඉංජිනේරු සමාගමයි.වර්ෂ 1932 දී ජිනසේන සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට එක්විය. වර්ෂ 1950 දී මෙම සමාගමේ සමාරම්භක හිමිකරු ටී. එස් ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ප්‍රථම ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පය නිපදවන ලදී. එතැන් පටන් මේ වන තෙක් ශ්‍රී ලංකාවේදී සම්පූර්ණයෙන් නිපදවන එකම වතුර පොම්පය වන්නේ ජිනසේන සෙට්‍රික් වතුර පොම්පයයි. ශක්තිමත් නිමාවකින් යුක්ත වීම, දීර්ඝ කාලයක් භාවිත කිරීමට හැකිවීම , අවශ්‍ය තරම් අමතර කොටස් මෙන්ම අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව යනාදී කරුණු හේතුවෙන් ශ්‍රී ලාංකේය වෙළඳ පල තුල ස්ථාවර වීමට ජිනසේන වතුර පොම්පයට හැකිව තිබේ. ජිනසේන සමාගම වතුර පොම්ප විසඳුම්, වාරිමාර්ග විසඳුම්, ජලය පිරිසිදු කිරීමේ විසඳුම්, ආදියද සපයයි. මේ අනුව ජිනසේන සමාගම සියලුම ජල කළමණාකරන විසඳුම් එකම වහලක් යටදී ලබාගත හැකි සමාගම් කිහිපයෙන් එකක් වන අතර මේ වනවිට පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ කෘෂි යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයටද පිවිස සිටින්නේ "හැකියාවන් රැසකින් සමන්විත එක් විශ්වසනීය නාමයක් " යන්න තේමා කරගනිමිනි.

පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඩුකිරීමට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා තවදුරටත් අයෝජනය කරයි

කොළඹ නගරයේ මේ වනවිට භාවිතා කරන විශාලතම සූර්ය පැනල පද්ධතිය සවිකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම පරිසර හිතකාමී මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් නව සංධිස්ථානයකට පිවිසීමට සමත් වේ.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සඳහන් කරන්නේ කොළඹ 05, පිහිටි සිය මූලස්ථාන ගොඩනැගිල්ල කිලෝවොට් 63.18 ක පද්ධතියක් සවිකරමින් සූර්ය ආලෝකය විදුලි බලයට පරිවර්තනය කරන බවයි.

මෙම ව්‍යාපෘතිය 2016 අගෝ්ස්තු මාසයේදී සම්පූර්ණ කිරීමට නියමිත අතර ඉන්පසුව වාර්ෂිකව පරිසරයට මුදා හරින කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 65 කින් අඩුවන බව සමාගම සඳහන් කරයි. ජාතික විදුලිය පද්ධතියෙන් සහ තාප විදුලි උත්පාදකයින්ගෙන් ලැබෙන විදුලිය පරිභෝජනය අඩු කිරීම නිසා මෙම පාරිසරික වාසිය සිදුවේ.

මෙම මූලස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන මෙම සූර්ය පැනල පද්ධතිය නිසා මාසයකට පරිභෝජනය කරන විදුලිය ඒකක 7,200 ක් ඉතිරිවන බව සෙලින්කෝ ලයිෆ් පෙන්වා දෙයි.

‘‘නිෂ්පාදනයේ යෙදන සමාගමක් තරම් අපි විශාල වශයෙන් විදුලිය පරිභෝජනය නොකළත් තිරසාරත්වය වෙනුවෙන් අපගේ තිබෙන කැපවීම පෙන්නුම් කරමින් පුනර්ජනනීය විදුලිය භාවිතය උපරිම කිරීමට අපි කටයුතු කර තිබෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘‘සමාගමට අයත් ඉඩම්වල ගොඩනගන සියළුම ශාඛා මේ වනවිට සැලසුම් කර තිබෙන්නේ හරිත ගොඩනැගිලි ලෙසයි. මේවා, පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩුවන පරිදි සූර්ය විදුලි බලයෙන් සමන්විත වෙනවා.’’

මේ වනවිටත්, කුරුණෑගල, මඩකළපුව, රත්නපුරය, ත‍්‍රිකුණාමලය, බණ්ඩාරවෙල සහ වෙන්නප්පුව යන සෙලින්කෝ ලයිෆ් ශාඛා සූර්ය විදුලි බලය යොදාගන්නා අතර සමස්තයක් ලෙස වසරකට පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ටොන් 52.5 කින් අඩුකිරීමට මෙම ශාඛා සමත්වී තිබීම කැපී පෙනේ. මෙම ගොඩනැගිලි ස්වභාවික ආලෝකය උපරිම අයුරින් ලැබෙන ලෙසත් වැසි වතුර රැුස්කර ගැනීමේ පහසුකම් සහිතවත් නිර්මාණය කර ඇත.

මෙම වැඩසටහන සමඟ දිවයින පුරා විසිරී තිබෙන සෙලින්කෝ ලයිෆ් ශාඛා 250 කට අධික සංඛ්‍යාව තුළ පරිසරයට හිතකාමී වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. ‘නැවත පරිහරණය කිරීම’, ‘අඩු කිරීම’ සහ ‘දිරිමත් කිරීම’ යන මූල ධර්ම තුන ඔස්සේ වසරක් පුරා මෙම තිරසාරාත්මක වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව සමාගම පවසයි. ශාඛාවල සහ කාර්ය මණ්ඩලයේ නිවාසවල පැලෑටි 4000 ක් රෝපණය කිරීම මෙම වැඩසටහන් අතර කැපී පෙණුනු වැඩසටහනක් විය.

මෙම වැඩසටහන යටතේ බොහෝ සම්පත් නැවත නැවතත් භාවිතා කිරීමට සෙලින්කෝ ලයිෆ් කාර්ය මණ්ඩලය කැපවන අතර මේ තුළින් කාර්යාලයේදී මෙන්ම නිවසේදීත් සම්පත් සුරක්ෂිත කරගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත. රුක් වගා කිරීමේ වැඩසටහනට සහභාගීවීම සහ එහි ප‍්‍රගතිය දැනගැනීමට හැකිවන පරිදි ඒ වෙනුවෙන්ම සමාගම විසින් වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙන අතර සම්පත් භාවිතය අඩුකිරීම සහ නැවත නැවතත් භාවිතා කිරීම පහසුවන පරිදි ඒවා සුපරීක්ෂණය කිරීමට අදාළ පුළුල් ලයිස්තුවක් සෑම ශාඛාවක් විසින්ම මේ වෙනුවෙන් සම්පාදනය කර තිබේ.

2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳ පොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැුහන් වෙළඳනාමයවන කැළණි වයර් නිපදවන කැළණි කේබල්ස් PLC සමාගම, දිවයින පුරා විසිරී සිටින විදුලි කාර්මිකයන් නව උපක‍්‍රම හා තාක්ෂණික විධි පිළිබඳව දැනුවත්කිරීමේ වැඩමුළු මාලවෙහි තවත් පියවරක් අනුරාධපුරයේ රජරට හෝටලයේදී පසුගියදා පැවැත්වුණි. එය කැළණි කේබල්ස් සමාගම විසින් දශකයකට ඉහතදී විදුලි කාර්මිකයන් දැනුවත්කිරීම හා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් දියත් කළ ‘කැලණි විසුර’ (‘විදුලි කාර්මික සුබසාධන රන් මෙහෙවර’* නම් ආයතනික සමාජ සත්කාරක වැඩසටහන යටතේ පැවැත්වෙන්නකි.

කැළණි කේබල්ස් PLC සමාගමේ වෙළෙඳ ඉංජිනේරු සංජීව ගුණතිලක මහතා විසින් මෙහෙය වූ අනුරාධපුරයේ රජරට හෝටලයේදී පැවැති ‘කැලණි විසුර’ විදුලි කාර්මිකයන් දැනුවත්කිරීමේ වැඩසටහනට විදුලි කාර්මිකයන් 150කට වැඩි පිරිසක් සහභාගී වූ අතර එහි දී විදුලි කාර්මිකයන්ට නිවාස හා ගොඩනැගිළිවල ආරක්ෂාව සැළසෙන ආරක්ෂාකාරීබව සනාථ කළ වයර් තෝරාගැනීම, දුර හා නිවසේ ස්වභාවය අනුව, ප්්ලග් පොයින්ට්, ස්විචයන් සවිකිරීම හා විදුලි පහන් ප‍්‍රමාණය අනුව වයර් තෝරාගැනීම, වයර් එළීම සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටළු නිරාකරණය ආදී එම විෂයයට අදාල විශේෂ දැනුවත්වීමක් ලබාදුණි. ආහාරපාන ඇතුළු සියලූ පහසුකම් සහිතව පැවැත්වූණු මෙම එක්දින වැඩමුළු අවසානයේදී සහභාගී වූවන්ට වටිනා සහතිකපතක් හා ත්‍යාගයක්ද පිරි නැමුණි. කැළණි කේබල්ස් සමාගම මගින් පවත්වන මෙම වැඩමුළු මාලාවෙහි විශේෂත්වය වන්නේ එයට සහභාගීවන සෑම විදුලි කාර්මිකයෙකුුටම ගොඩනැගිල්ලක් හෝ නිවසක වයරින් සැලසුමක් ඇදීමේ හැකියාව ඇත්තෙකු බව ට පත්ව තරගකාරී දැනුමක් හිමි කාර්මික ශිල්පියෙකු බවට පත්වීමය.

ශී‍්‍ර ලංකාව පුරා විසිරුණු විදුලි කාර්මිකයන් අතරේ වඩාත්ම ජනපි‍්‍රය විදුලි කාර්මික සමාජයවන ‘කැලණි විසුර’ (විදුලි කාර්මික සුබසාධන රන් මෙහෙවර* යටතේ දැනට විදුලි කාර්මිකයන් 20,000කට ආසන්න පිිරිසක් දැනුවත් කර තිබේ. එමෙන්ම එම වැඩසටහනෙන් දිවයිනේ ප‍්‍රධාන හා ජනාකීර්ණ නගර ආශි‍්‍රතව මෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් කිලිනෝච්චි, යාපනය, වවුනියාව, ති‍්‍රකුණාමලය, මඩකලපුව, කල්මුණේ, අම්පාර හා මොණරාගල වැනි දිස්ති‍්‍රක්කයන් හි විදුලි කාර්මිකයන්ගේ වෘත්තීය දිවිය හා පවුල් නගාසිටුවීමට කැළණි කේබල්ස් සමාගම විශාල කාර්යභාරයක් ඉටුකිරීම විශේෂත්වයකි.



කැළණි කේබල්ස් සමාගමේ විදුලි කාර්මිකයන් දැනුවත්කිරීමේ ආයතනික සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සමාගමේ, වෙළඳනාම ප‍්‍රවර්ධන කළමනාකරු, චන්න ජයසිංහ මහතා පැවසුවේ, ”‘වයර් නං කැළණි’ නම් තේමාවෙන් විශිෂ්ට නිෂ්පාදන රැුසක් වෙළෙඳපොලට සපයන අප සමාගම මෙරට වෙළඳපොලේ අංක එකේ වයර් වෙළඳනාමය ලෙසින් වයර්වල ආරක්ෂිතබව වසර ගණනාවක් පුරා සනාථ කර තිබෙනවා. මෙවර ‘කැලණි විසුර’ වැඩමුළුව සඳහා අප අනුරාධපුරය තෝරාගත්තේ එම ප‍්‍රදේශයේ තරුණයන් බහුතරයක් වර්තමානයේ විදුලි කාර්මික හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට යොමුව තිබීමෙන් ඔවුන්ගේ තරගකාරී වෘත්තීය දිවියට නම් කදිම හා නිවැරදි දැනුමක් අත්‍යාවශ්‍යයි. එමෙන්ම දිනෙන් දිනම වෙනස්වන ලොවෙහි තාක්ෂණික උපක‍්‍රම අපේ විදුලි කාර්මිකයන්ට හඳුන්වාදීම මෙරට අංක එකේ විදුලි රැුහන් නාමය ලෙසින් අපේ වගකීමක් ලෙසින් සැමවිටම සළකනවා. ‘කැලණි විසුර’ වැඩමුළුව යටතේ මාසික දිවයිනේ කොතැනක හෝ දැනුම බෙදාදීමේ වැඩමුළුවක් පවත්වන්නේ එම සමාජ සත්කාරය ඉටුකිරීමක් ලෙසින්” යන්නය.

කැළණි කේබල්ස් වසර 47ක් පුරා ශී‍්‍ර ලාංකේය විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදනයේ අත්දැකීමෙන් පිරි 100% දේශීය සමාගමකි. SLIM Brand Excellence -2012 සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාරික වෙළ`දනාමයට හිමිවන ලෝකඩ සම්මානය හිමිකරගත් කැළණි කේබල්ස් සමාගම, SLIM Brand Excellence -2013 සම්මාන උළෙලේ දී එම අංශයේ රන් සම්මානය හිමි කරගැනීමට සමත් විය. එමෙන්ම නිෂ්පාදන කි‍්‍රයාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන ISO 9001 : 2008 තත්ත්ව සහතිකය, කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානයෙන්, ජාතික තත්ත්ව සම්මානයෙන් හා ටයිකි අකිමොටෝ 5S රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. තවද ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික සමාගම් තම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනමන SLITAD People Development – 2013 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිඳුම් ලැබීය. විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැක් වූ වෘත්තීයමය විශිෂ්ටත්වය වෙනුවෙන් කැළණි කේබල්ස් 2008 දී ‘සුපර් බ‍්‍රෑන්ඞ්’ තත්ත්වය හිමි කරගැනීමට ද සමත් විය. එමෙන්ම පසුගිය 2015 වසරේ ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය, තිරසාර සංවර්ධනය වෙනුවෙන් පිරි නැමෙන National Green Award සම්මානය SLIM Brand Excellence සම්මාන උළෙලේදී B2B Brand අංශයේ විශිෂ්ටත්වය හා විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මාන දිනාගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත් විය.

ශ‍්‍රී ලංකාවට නවීනතම පුනර්ජනනීය හා සූර්ය බලශක්ති විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමීන් වන JLanka Technologies මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ විශාල පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මේ යටතේ දින 7 ක් දක්වා එම ව්‍යාපාර ස්ථානවල බලශක්ති පරිභෝජනය නොමිලේ නිරීක්ෂණය කෙරෙනු ඇති අතර, මෙය බලශක්තිය අපතේ යාම අඩු කරගෙන, අහිතකර වායු විමෝචනය අවම කරමින්, තිරසාරත්වය ළඟා කරගැනීම සඳහා එම සමාගම්වලට මග පෙන්වනු ඇත.

මේ නව ‘හරිත වැඩසටහන’ දියත් කරන ලද්දේ Inco 2016 ප‍්‍රදර්ශනයට සමගාමීව ය. ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙම ප‍්‍රදර්ශනය මෙරට ප‍්‍රමුඛතම කාර්මික හා වෙළඳ ප‍්‍රදර්ශනය ලෙස සැලකේ. මෙවර එම ප‍්‍රදර්ශනය 2016 ජූනි මස 24 දින සිට 26 දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලදි. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ කාර්මාන්තවලට, නිෂ්පාදකයන්ට, ඉංජිනේරු සමාගම්වලට, ආනයන හා අපනයන කරුවන්ට, සහ සේවා සම්පාදාකයන්ට තම නිෂ්පාදන හා සේවා එකම ස්ථානයකදී ප‍්‍රදර්ශනය කරමින් පුළුල් පාරිභෝගික ප‍්‍රජාවක් වෙත සමීප වීම සඳහා මෙම ප‍්‍රදර්ශනය අවස්ථාව සලසා දෙයි.

මෙහිදී අදහස් දැක්වූ JLanka සමාගමේ අලෙවි කළමනාකරු වන ශ‍්‍රීනාත් දොලගේ මහතා පැවසුවේ බලශක්ති වියදම් යනු වර්තමාන ලෝකයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මුහුණදෙන බරපතළ අභියෝගයක් බවයි. කෙසේ වුවත් අපතේ යාම් අවම කරමින්, බලශක්ති භාවිතය කාර්යක්ෂම කරමින් වියදම් අවම කිරීම සඳහා ඉංජිනේරු විසඳුම් මේ වනවිට නිර්මාණය වී ඇත. ඇත්ත වශයෙන්ම මෙසේ අපතේ යාම් අවම කරමින් කාර්යක්ෂමතාව ඉහළ නංවාගැනීමට නම්, බලශක්ති භාවිතය නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වෙයි. මෙම අවශ්‍යතාව හඳුනාගත් JLanka සමාගම, මෙරට ව්‍යාපාරවලට බලශක්ති කාර්යක්ෂමතා ඉලක්ක ළඟා කරගැනීම සඳහා මනා විසඳුමක් සැපයීමට ඉදිරිපත් වී සිටී.

ඒ අනුව මෙම නව වැඩසටහන යටතේ ව්‍යාපාර ස්ථානවල බලශක්තිය අපතේ යන ආකාරය සහ එය වළක්වාගනිමින් බලශක්තියෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගන්නා ආකාරය හඳුනාගැනීමේ මූලික පියවරක් ලෙස දින 7 ක් දක්වා නොමිලේ බලශක්ති භාවිතය නිරීක්ෂණය කිරීමට කටයුතු යොදනු ඇත. මෙම දීමනාව 2016 අගෝස්තු 31 දක්වා වලංගු වන අතර Inco 2016 ප‍්‍රදර්ශනයේදී JLanka සමාගම සමග ලියාපදිංචි වූ, පරිසර හිතකාමී නිෂ්පාදන නිපදවන හෝ පරිසර හිතකාමී ආකාරයට මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන මුල් සමාගම් 25 ටද මේ සඳහා අවස්ථාව හිමි වේ. මීට අමතරව මෙම සමාගම්වල කාර්ය මණ්ඩල සඳහා බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම මගින් නිෂ්පාදනය ඉහළ නංවාගන්නා ආකාරය සම්බන්ධයෙන් වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඕනෑම ස්ථානයක සූර්ය බලශක්ති පද්ධතියක් (සේවාව සහිතව* සවිකිරීමේ හැකියාව හඳුනාගැනීම සඳහා නොමිලේ ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවක්ද ලබාදෙනු ඇත.

වර්තමානය වනවිට ශ‍්‍රී ලංකාවේ වැඩිම සූර්ය බලශක්ති පද්ධති ප‍්‍රමාණයක් සවිකර ඇති සමාගම වන්නේ JLanka සමාගමයි. එම පද්ධතිවල සමස්ත ධාරිතාව මෙගාවොට් 7.5 ඉක්මවන අතර, ළඟදීම මෙය මෙගාවොට් 10 සීමාවට ළඟාවනු ඇත. එමෙන්ම ජාතික විදුලිබල පද්ධතියට වැඩිම සූර්ය බලශක්ති ප‍්‍රමාණයක් එක්කරන සමාගම වන JLanka Technologies සමාගම එසේ ජාතික විදුලිබල පද්ධතියට දිනකට එක් කරන බලශක්ති ප‍්‍රමාණය කිලෝවොට් පැය 25,000 කි. Trina සූර්ය මොඩියුල 26,000 ක්, SolarEdge සූර්ය මොඩියුල 24,000 ක් සහ SolarEdge ඉන්වර්ටර් 1,500 ක් සමගින් එය දිනකට හරිතාගාර වායු කිලෝග‍්‍රෑම් 11,000 ක් පමණ වායුගෝලයට එක්වීම වළක්වාලයි.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව හොඳම අදහසට යුරෝ මිලියන 30000 ක මුදලක් (ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 4.7ක්) පිරිනමන "ශ‍්‍රී ලංකා හරිත බලශක්ති ශූරයා " තරගාවලියෙහි මහජන සබඳතා කටයතු මෙහෙයවන PR Wire ආයතනය සිය වැඩසටහන් කාබන් අවම වැඩසටහන් (CarbonNeutral®) ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි. මේ අනුව කාබන් අවම ආකාරයේ වැඩසටහන් මෙහෙයවන මෙරට ප‍්‍රථම මහජන සබඳතා ආයතනය බවට PR Wire ආයතනය පත්වෙයි. ශ‍්‍රී ලංකා හරිත බලශක්ති ශූරයාතරගාවලිය සඳහා ජාත්‍යන්තර සංවර්ධන විශේෂඥයින් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) ආයතනය කටයුතු කරයි.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් උනන්දු වන්නන්ට ඒ පිළිබඳ සියලූ තොරතුරු www.greenenergychampion.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකි අතර පුනර්ජනනීය බලශක්ති ප‍්‍රවර්ධනය සඳහා වන අදහස් මෙම තරගාවලිය සඳහා යොමු කරන ආකාරය පිළිබඳව තොරතුරු ද දැනගත හැකිය. එමෙන්ම එම අදහස් සමස්ත ප‍්‍රජාවට යහපතක් වන අකාරයට යොදාගැනීම පිළිබඳව ද අදහස් මෙම වෙබ් අඩවියේ ඇතුළත් වෙයි. ප‍්‍රජා මූල සංවිධාන,පාසල්,ගෘහස්ථ කණ්ඩායම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කණ්ඩායම් සඳහා මෙම තරගාවලිය විවෘත අතර අදාල අයදුම්පත් 2016 මැයි 31 දිනය පෙර යොමු කළ යුතුවෙයි.

එහි තවත් පියවරක් ඉදිරියට තබමින් PR Wire ආයතනය සමස්ත තරගාවලිය තුළ පරිසර හිතකාමී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අවංක තීරණයක් ගෙන තිබේ.එම පියවර සඳහා උද්යෝගිමත් සහයෝගයක් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) වෙතින් හිමිව තිබේ. ඒ ආකාරයට මෙම වැඩසටහනේ සංවිධාන කාර්යයේ දී Carbon Consulting Company (CCC‍)ද සිය සහයෝගය ලබාදීමට එකඟ වී ඇති අතර එක්සත් රාජධානියේ Natural Capital Partners හි සහතිකය ලබමින් මෙම වැඩසටහන පරිසර හිතකාමී අන්දමින් පැවැත්වීමට තීරණය කර තිබේ. මේ අනුව "ශ‍්‍රී ලංකා හරිත බලශක්ති ශූරයා "තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය CarbonNeutral® සන්නාමය යටතේ පැවැත්වෙනු ඇත. මෙමගින් හරිතාගාර වායු (greenhouse gas) විමෝචනය අවම කරන ලෙස මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

 

Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) හි ශ‍්‍රී ලංකා සහ මාලදිවයිනේ කාර්ය භාර නිලධාරි ඩැනියෙල් ශ්රූබර් මහතා සඳහන් කළේ , "බලශක්තිය සහ බලශක්ති අරපිරිමැස්ම පිළිබඳව වන මෙම ව්‍යාපෘතිය ඊට ආවේණික ආකාරයට කාබන් මුදාහැරීමක් සිදුකළ යුතු බවයි. මෙම හරිත බලශක්ති ශූරයා තරගාවලිය ක‍්‍රියාත්මක කරන ආයතනය වන GIZ මුලික වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍යයි. තිරසාර ආකාරයට වැඩසටහන් සහ අවස්ථා කළමණාකරණය සහ පරිසරයට අහිතකර නොවන ආකාරයට ව්‍යාපෘතිය මෙහෙයවීම සහ තරගාවලිය පැවැත්වීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබේ. "

2016 අපේ‍්‍රල් 5, කොළඹ ශ‍්‍රී ලංකාව - ජර්මනියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ශ‍්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ ආයතනය හා ඒකාබද්ධව Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH විසින් මෙම ”හරිත බලශක්ති ශූරයා” තරගාවලිය සංවිධානය කරනු ලැබේ. පුනර්ජනනීය බලශක්ති සංකල්ප සහ බලශක්ති සුරැකුම් සංකල්ප පිළබඳ නව ව්‍යාපෘති අදහස් මෙම තරගයට ඉදිරිපත් කළ හැකි අතර ඒ අතරින් හොඳම අදහස තෝරා අදාළ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතයි.

”හරිත බලශක්ති ශූරයා”තරගාවලිය දියත් කිරීමේ අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඞ් මහතා ආරාධිත අමුත්තන් ලෙස එක්වුහ.

මෙම ව්‍යාපෘතිය මගින් බලශක්ති සංරක්ෂණය පිළිබඳ දිවයින පුරා මහජනතාව දැනුවත් කිරීමට සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳ නව අදහස් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම මගින් බලශක්ති සංරක්ෂණය පිළිබද නිසි විසඳුම් සොයාගැනීමට අපේක්ෂිත අතර ඒ සම්බන්ධයෙන් වන හොඳම අදහසට රුපියල් මිලියන 4.7 ක එනම් යුරෝ 30,000 ක මුදලක් පිරිනැමෙයි. එමෙන් ම ජයග‍්‍රාහී අදහස ක‍්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික සහයෝගය ද ලබා දීමට සංවිධායකයෝ අපේක්ෂා කරති.

මෙම අවස්ථාවට එක්වු ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඞ් මහතා සඳහන් කලේ ශ‍්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීමේ දිගු කාලීන වාසි මෙම නව ව්‍යාපෘතිය තුළින් හිමිවන බවයි. මේ වනවිට බලශක්තිය උත්පාදනය කරන ෆොසිල ඉන්ධන වැනි පරිසරයට අහිතකර ක‍්‍රමවේද වෙනුවට පරිසර හිතකාමී ලෙස බලශක්ති උත්පාදනය සිදුකළ හැකි ක‍්‍රමවේද පිළිබඳව වන හොඳම නව යෝජනාව තෝරා ක‍්‍රියාවට නැංවීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාව බව හෙතෙම පැවසීය. එමෙන්ම මෙවැනි තරගයක් සංවිධානය කිරීම තුළින් මෙරට ජනතාව බලශක්ති සංරක්ෂණය පිළිබඳ නව සංකල්ප කෙරෙහි උනන්දු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කලේය.

මෙම තරගය සදහා වන වෙබ් අඩවිය වන www.greenenergychampion.lk වෙබ් අඩවිය දියත් කිරීම ද මෙදින සිදුවු අතර එම වෙබ් අඩවියේ මෙම තරගය සඳහා වන අයදුම්පත් සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳ තොරතුරු රුසක් ඇතුළත් වෙයි.

ශ‍්‍රී ලංකාව සුර්ය බලශක්තිය සඳහා සුදුසු රටක් වන අතර ජීව වායුව මෙන්ම සුළං බලය ද මෙරට විකල්ප බලශක්ති අතර ප‍්‍රමුඛ තැනක් ගනියි.මේ වනවිට ජලවිදුලියෙන් බලශක්තිය උත්පාදනය කිරීම ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වන අතර විකල්ප බලශක්ති ප‍්‍රභවයන් පිලිබඳව රජයේ අවධානය යොමුව තිබේ.මෙරට දිනෙන් දින වැඩිවන බලශක්ති ඉල්ලූමට අවශ්‍ය වන බලශක්ති සැපයුම සඳහා නව විකල්ප බලශක්ති ප‍්‍රභවයන් හඳුනාගැනීම මේ අතර ප‍්‍රමුඛ වෙයි.

ජර්මනිය ලොව සිව්වන විශාලතම ආර්ථිකය හිමි රට වන අතර බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බලශක්තීන් පිළිබඳ කටයුතු කරන ප‍්‍රමුඛ රටක් වෙයි. ගල් අගුරු, ගෑස් වැනි ෆොසිල ඉන්ධන හා න්‍යෂ්ටික බලශක්තිය, පුනර්ජනනීය නොවන බලශක්තීන් ලෙස හඳුනාගෙන තිබේ. මේ නිසා භාවිතයෙන් ක්ෂය වී යන බලශක්ති ප‍්‍රභවයන් වෙනුවට යොදාගත හැකි විකල්ප ප‍්‍රභවයන් මගන් 2020 වසර වනවිට, 1990 වසරට වඩා 40% කින් බලශක්ති සංරක්ෂණය කිරීමට ජර්මනිය සූදානම් ව සිටියි. එමෙන්ම 2050 වසර වනවිට එම ප‍්‍රමාණය 50% ක් දක්වා වැඩි කිරීමට ජර්මනිය අපේක්ෂා කරයි.

 

The German Ministry of Foreign Affairs together with The Ministry of Power and Renewable Energy of Sri Lanka, and the...

Posted by Lanka Business News on Tuesday, April 5, 2016

ශ‍්‍රී ලංකාවේ බලශක්ති සංරක්ෂණ සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා දායක වීමට ශ‍්‍රී ලංකා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළ ගත යුතු ක‍්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදුකිරීමට ජේලංකා පවර් ඇන්ඞ් එනර්ජි (JLanka Power and Energy) සමාගම පසුගිය ජනවාරි මාසයේදී පියවර ගත්තේ ය. ජනවාරි 01 දින සිට ජනවාරි 21 දින දක්වා මෙම විශේෂ සමීක්ෂණය සිදුකෙරුණු අතර එහි වාර්තාව ශ‍්‍රී ලංකා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ශ‍්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා වෙත භාරදෙන ලදි.

ඉතාමත් විධිමත්ව සිදුකෙරුණු මෙම සමීක්ෂණය තුළදී අදාළ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ මෙහෙයුම් සිදුවන ආකාරය සහ එහි බලශක්තිය භාවිතා වන ආකාරය සමීපව අධ්‍යයනය කිරීමට සමීක්ෂණයේ යෙදුණු නිලධාරීහු කටයුතු කළහ. අදාළ ස්ථානයේදීම ගණනය කිරීම් සිදුකෙරුණු අතර නිසි ලිපිලේඛන ආදිය භාවිතයෙන් බලශක්ති භාවිතය හා වියදම් පිළිබඳව පර්යේෂණ සිදුකරන ලදි. මෙහිදී කෙරුණු මූලික සොයාගැනීම් හා නිගමනයන් එහි අවසන් සැසිය තුළදී දෙපාර්තමේන්තුවේ විදුලි කාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි. ඉන් අනතුරුව බලශක්තිය ඉතිරි කිරීම සම්බන්ධ ව්‍යාපෘති හා අදහස් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ආරම්භ විය.

නිසි ලෙස බලශක්ති අධීක්ෂණය සිදුකිරීම හා කාර්යක්ෂමතාව වර්ධනය කිරීම මගින් ශ‍්‍රී ලංකා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ සමස්ත බලශක්ති වියදම් අවම කරගත හැක්කේ කෙසේද යන්න හඳුනා ගැනීම මෙම සමීක්ෂණයේ මූලික අරමුණ විය. සිය හරිත නිෂ්පාදන වැඩසටහන යටතේ 2015 වසරේ අවසානය වනවිට බලශක්ති පරිභෝජනය 20% කින් අඩුකරගැනීමට ශ‍්‍රී ලංකා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමත් වී තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ බලශක්ති භාවිතයේ අනාගතය වෙනුවෙන් පුරෝගාමී සූර්ය බලශක්ති විසඳුම් ලබා දෙන JLanka ටෙක්නොලොජීස් පසුගියදා 2015 ලෝක ඉදිකිරීම් සමුළුව සමගාමීව කොළඹ ගලදාරි හෝටලයේ පවතී ග්‍රීන් මාර්ක් සම්මාන උළෙලේදී රන් සහතිකය දිනාගනු ලැබීය.

ලෝක ප්‍රසිද්ධ 'ග්‍රීන් මාර්ක්' නිෂ්පාදන ලේබල් ක්‍රමය දේශීය කාර්මික හා ඉදිකිරීම් ක්ෂේත්රයේ හරිත නිෂ්පාදන හඳුනා ගැනීමට ආරම්භකර ඇති අතර මෙවර මෙම සම්මාන උළෙල මෙරටෙහි පැවැත්වුයේ ප්‍රථම වරටයි. මෙම 'ග්‍රීන් මාර්ක්' නිෂ්පාදන ලේබල් ක්‍රමය සිංගප්පූරුවේ සිංගප්පූරුවේ ගොඩනැගිලි ඉදිකිරීම් අධිකාරිය, සිංගප්පූරුවේ හරිත ගොඩනැගිලි මණ්ඩලය, එක්සත් රාජධානියේ ඉදි කරන්නන්ගේ වරලත් ආයතනය,ලංකා ඉදි කරන්නන්ගේ වරලත් ආයතනය, පරිසර අමාත්‍යංශය, සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන වලින් අන්තර්ජාතික පිළිගැනීමට ලක් වී ඇත.

JLanka ටෙක්නොලොජීස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ජී. ජයසෝම මහත්මිය පවසා සිටියේ ආයතනය ලද මෙම සුවිශේෂී 'ග්‍රීන් මාර්ක්' පිලිගැනීමත් සමග 'හරිත සංකල්පය' රට පුරා JLanka පුරෝගාමී තාක්ෂණය ඔස්සේ හඳුන්වා දීමට හැකියාව ඇති අතර, 'ග්‍රීන් මාර්ක්' ක්‍රමය හරහා JLanka සමාගමේ සේවාවන්ට සහ නිෂ්පාදනයන්ට අන්තර්ජාතිකව පිළිගත් පාරිසරික කාර්ය සාධනයන් මත පිළිගත් මිනුම් ලකුණක් ලබා ගැනීමට පන්නරයක් ලැබෙන අතරම පරිසරය රැකෙන අයුරින් වෙළඳපොල ජයගැනීමට මග පාදා දෙන බවයි.

ඇය තව දුරටත් පවසා සිටියේ ලෝකය දැනටත් පරිසර හිතකාමී හරිත බලශක්තිය සහ තිරසාර අනාගතයකට විප්ලාවකාරි පරිවර්තනයකින් ගමන් කරමින් සිටින බවත්, JLanka සමාගමේ දැක්මද පරිසර හිතකාමී අනාගතයක් බවය. "එබැවින් අපි අරාධනා කරනවා හරිත හිතකාමී අනාගතයකට කැමති සෑම කෙනෙක්ටම අපේ තාක්ෂණය හා එක්වෙන ලෙස" ජී. ජයසෝම මහත්මිය කියා සිටියා.

JLanka නිලධාරීන් තවදුරටත් පවසා සිටියේ මෙම කීර්තිමත් 'හරිත සහතිකය' මගින් ලංකාවේ අංක එකේ සූර්ය විදුලි විසඳුම සපයන්නා ලෙස JLanka සමාගමේ සහ ලෝකයේ අංක එකේ සූර්ය PV මොඩියුල සපයන්නා වෙන TrinaSolar අතර ඇති බැඳීම තව තවත් ශක්තිමත් කරන බවයි.JLanka ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම පෙන්වා දෙන්නේ ඔවුන්ගේ දිගු කාලීන දැක්ම අනාගත පරපුර සඳහා තිරසාර ජාතියක් නිර්මාණය කිරීම බවයි. තිරසාර සූර්ය විදුලි පද්ධති සැපයීමෙන්, JLanka ඔවුන්ගේ ජාත්‍යන්තර හවුල්කරුවන් වෙන, TrinaSolar හා SolarEdge සමග එක්ව ලංකාවේ 750 වඩා වැඩි නිවාස සහ ව්‍යාපාර සූර්ය විදුලියෙන් බල ගන්වා ඇත

ආරම්භයේ සිට මෙතෙක්, JLanka රටපුරා ස්ථාපිත කර ඇති සූර්ය විදුලි ධාරිතාව මෙගාවොට් 3.75 MW ක් ඉක්මවා ඇති අතර, එය නොබෝ දිනකින් මෙගාවොට් 4 MW ලකුණ කරා ලඟා වනු ඇත. රට පුරා ඇති JLanka සූර්ය විද්‍යුත් ස්ථාපනය පද්ධති තුලින් පෘතුවිය තුල කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනය ටොන් 3,521 කින් අඩු කර ඇති ඇති අතර එය විදුලි නිෂ්පාදනයට හයිඩ්‍රොකාබන් ඉන්ධන මිලියන 1.352 කට අධික ප්‍රමාණයක් දැවීමෙන් හෝ ගල් අඟුරු ටොන් 2,380 දැවීමෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන වෙන අතර මහා පොලව මත ගස් 6,550 ඉතිරි කිරීම හා සමානය.

JLanka සමාගම අපගේ පාරිභෝගිකයන්ගේ සූර්ය විදුලි පද්ධති මගින් දිනකට කිලෝවොට් පැය 15,000 පමණ ජාතික විදුලි පද්ධතියට එක කරන අතර, TrinaSolar මොඩියුල 17,000 පමණ නිර්මිත මේ පද්ධති ලෝකයේ දිනකට සිදුවන කිලෝ ග්‍රෑම් 11,000 පමණ හරිතාගාර වායු විමෝචනය වළක්වාලයි.