UTE සමාගමෙන් මෙරට ජනතාවට සූර්ය බල උත්පාදන යන්ත‍්‍ර Featured

Published in විදුලිබල හා බලශක්ති

ඉංජිනේරු සහ විදුලි උත්පාදන ක්ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛතම නමක් වන කැටපිලර් සමාගම සිය දේශීය නියෝජිත ඹඔෑ සමාගම සමගින් අත්වැල් බැඳ ගනිමින් නවීන තාක්ෂණයෙන් යුතු සූර්ය බල උත්පාදන උපාංග මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන්නේය. බලශක්ති සුරක්ෂිතතාව සඳහා ශ‍්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති සූර්ය බල සංග‍්‍රාමයට ශක්තියක් වෙමින් ඹඔෑ සමාගම, වැඩි කාර්යක්ෂමතාවකින් යුතු මෙම Cat® Solar Thin Film තාක්ෂණය පසුගියදා කොළඹදී මෙරටට හඳුන්වා දුන්නේය.

UTE සමාගම Cat සූර්ය පැනල අලෙවිය සඳහා පත් කළ ආසියානු කලාපයේ මුල්ම කැටපිලර් අලෙවි නියෝජිතයෙකු වීම ද විශේෂත්වයකි. මෙම සූර්ය පැනල මෙරටට හඳුන්වා දීමේ උත්සවය සඳහා කීර්තිමත් ඹඔෑ සේවා ලාභීහු සහ මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ වෘත්තිකයෝ රැසක් සහභාගී වූහ.

විදුලි බලය ඕනෑම රටක ආර්ථිකය තුළ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, එහි ප‍්‍රමිතිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා නවෝත්පාදන විසඳුම් වලට යොමු වීමේ අවශ්‍යතාව ද මතු වී ඇත. මෙරට ජනගහනයෙන් 98% ක් ජාතික විදුලි බල පද්ධතිය සමග සම්බන්ධ වී ඇති අතර දකුණු ආසියානු කලාපය සමග සැසඳීමේදී එම අගය ඉතා යහපත් තත්ත්වයකි. කෙසේ වෙතත්, වේගයෙන් වර්ධනයවන පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට මෙන්ම පුනර්ජනනීය බලශක්ති මූලාශ‍්‍ර වලින් උපරිම ඵල නෙලා ගැනීමට දිගුකාලීන දැක්මකින් යුතුව කටයුතු කළ යුතුය.

මෙරට සියලූ ම පුරවැසියන් හට දැරිය හැකි මිලකට, උසස් ප‍්‍රමිතියෙන් යුතුව විශ්වසනීය ලෙස බලශක්තිය ලබා දීමේ අරමුණ පෙරදැරිව වත්මන් රජය විසින් ”සූර්ය බල සංග‍්‍රාමය” ප‍්‍රජා මූලික බලශක්ති උත්පාදන වැඩසටහන ආරම්භ කළේ ඉහත අවශ්‍යතාවන්ට දිගුකාලීන විසඳුම් ලබා දීම සඳහාය.

”1947 වසරේදී ආරම්භ කරන ලද ඹඔෑ සමාගම මෙරටට බලශක්ති උත්පාදන සහ ඞීසල් බලශක්ති උත්පාදන විසඳුම් හඳුන්වා දුන් පළමු සමාගම මෙන්ම එම ක්ෂේත‍්‍රයේ වෙළඳපල ප‍්‍රමුඛයා ද වනවා. තවද, වගකීම් සහගත සමාගමක් ලෙස, සම්ප‍්‍රදායික බලශක්ති මූලාශ‍්‍ර වෙනුවට වෙනත් විකල්ප වෙත අවධානය යොමු කිරීම ද අප සතු වගකීමක් ලෙස අප සලකනවා. ශ‍්‍රී ලංකාව සමකයට ඉතා ආසන්නයෙන් පිහිටා ඇති නිසා සූර්ය බලශක්තිය වඩාත් ඵලදායී ලෙස මෙරට තුළ භාවිතයට ගත හැකියි. නව්‍ය තාක්ෂණය සමගින් පුනර්ජනනීය බලශක්ති විසඳුම් වඩාත් ප‍්‍රවර්ධනය කිරීමට අප අඛණ්ඩව කැප වනවා.” UTE සමාගමේ ප‍්‍රධානී ප‍්‍රසාන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කැටපිලර් Solar PV පැනල සඳහා Thin Film තාක්ෂණය යොදා ගෙන ඇති අතර සම්ප‍්‍රදායික සිලිකන් වෙනුවට කැඞ්මියම් ටෙලියුරයිඞ් මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත. එම නිසා, සාමාන්‍ය සූර්ය පැනල වලට වඩා 10% ක අමතර බලශක්තියක් මෙමගින් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරේ.

පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති මෙම සූර්ය පැනල ඉන්ධන පිරිවැය, විදුලි බිල්පත් සහ කාබන් විමෝචනය අවම කරන අතර බලශක්ති කාර්යක්ෂමතාව ද අභියෝගාත්මක පාරිසරික තත්ත්වයන් යටතේ වුව ද වර්ධනය කිරීමට සමත්ය.

ආසියා පැසිෆික් කලාපයේ කැටපිලර් විදුලි බලශක්ති අංශයේ ක්ෂුද්‍ර පද්ධති කළමනාකාර ඒඩ‍්‍රියන් කොන්ස්ටබල් මහතා කැටපිලර් Solar PV පැනලවල විශේෂත්වය පිළිබඳ මෙහිදී අවධාරණය කළේය. Cat පැනල සහ එම ක්ෂේත‍්‍රයේ වෙනත් නිෂ්පාදනයක් සංසන්දනය කරමින් නිශ්චිත කාලයක් තුළ තමන් සිදු කළ පර්යේෂණයක දත්තයන් ද UTE සමාගම මෙහිදී ඉදිරිපත් කළේය. එම දත්තයන්ට අනුව, අනෙක් පැනලයට වඩා Cat පැනල දෛනිකව 10-15% අතර ප‍්‍රමාණයක් උත්පාදනය කරන බව හඳුනා ගත හැකි විය.

”මහා පරිමාණ සමාගම්වලට සිය පිරිවැය අවම කර ගැනීමටත්, කාබන් විමෝචනයෙන් තොර වීමටත් මෙමගින් හැකි වනවා. ව්‍යාපාරික ස්ථානයේ තමන් උත්පාදනය කරන බලශක්තිය රජයට අලෙවි කිරීම හරහා අමතර ආදායමක් ලබා ගැනීමට ද මෙමගින් ඔවුන්ට හැකි වනවා.” පුනර්ජනනීය බලශක්ති අංශයේ කළමනාකාර මුරාඞ් ජායා මහතා සඳහන් කළේය.

වසර 70 කට ආසන්න කාලයක් පුරා ඉංජිනේරු විසඳුම් ලබා දීම සහ වසර 90 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන Cat යන්ත‍්‍ර මෙරටට ගෙන්වා බෙදා හැරීම තුළින් ද කීර්තියට පත් UTE සමාගම මෙම සූර්ය පැනල සඳහා වසර 25 ක අසමසම වගකීමක් හිමිකර දෙයි.