EFL සමාගම ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පියැසි සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය EFL Campus හි ස්ථාපිත කරයි Featured

Published in විදුලිබල හා බලශක්ති
මොහොමඞ් බිලාල් (කළමනාකාර අධ්‍යක්ෂ- HiEnergy Services, හනීෆ් යුසුෆ් (සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී- එක්ස්පෝලංකා හෝල්ඩින්ස්) සහ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් පී. පෙරේරා යන මහත්වරුන් වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී EFL සූර්ය බලශක්ති ඒකකය විවෘත කළ අවස්ථාව මොහොමඞ් බිලාල් (කළමනාකාර අධ්‍යක්ෂ- HiEnergy Services, හනීෆ් යුසුෆ් (සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී- එක්ස්පෝලංකා හෝල්ඩින්ස්) සහ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් පී. පෙරේරා යන මහත්වරුන් වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී EFL සූර්ය බලශක්ති ඒකකය විවෘත කළ අවස්ථාව
ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පියැසි සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය EFL Campus හි ස්ථාපිත කිරීමට EFL සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහභාගී වූ අතර එතුමන්ට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී හනිෆ් යුසුෆ් මහතා සහ EFL සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති මෙම සූර්ය බලශක්ති පද්ධතිය විවෘත කළ නියෝජ්‍ය අමාත්‍යතුමන් ශ‍්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳීම සඳහා පෞද්ගලික අංශය මෙසේ දායක වීම බෙහෙවින් අගය කළේ ය.

සූර්ය පැනල 2,326 කින් සමන්විත මෙම බලශක්ති ජනන ඒකකය මසකට කිලෝවොට් පැය 78,100 කට අධික බලශක්තියක් නිපදවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 651Kwp නිෂ්පාදන ධාරිතාවක් සහිත එය ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පියැසි සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය ලෙස සැලකේ. බලශක්තිය නිපදවීම සඳහා වෙනත් රටවලින් ද්‍රව ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය කිරීමට සිදුවීම අවම කිරීම සඳහා දායක වීමක් වශයෙන් මෙම ඒකකය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත. මෙරට පෞද්ගලික අංශය මගින් ක‍්‍රියාත්මක කරන ලද මෙවැනි ව්‍යපෘති කිහිපය අතරින් එකක් වන මෙම සූර්ය බලශක්ති නිෂ්පාදන ඒකකය එක්ස්පෝලංකා හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය පාරිසරික වශයෙන් මෙන්ම ව්‍යාපාරික වශයෙන් තිරසාරත්වය ළඟාකරගැනීම සඳහා දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරන්නක් ලෙසද හැඳින්විය හැක.



සමාගමේ ඇඟලූම් හා සාමාන්‍ය භාණ්ඩ ගබඩා සංකීර්ණය මෙරට LEED Gold සහතිකරණය ලැබූ ප‍්‍රථම සංකීර්ණයද වේ. එමෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වැඩසටහන් රාමුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සමාගමට ෂීධ 14062 සහතිකකරණය හිමිවී ඇත. ඊට අමතරව ප‍්‍රජා සත්කාර වැඩසටහනක් වශයෙන්, නිවාසවල ඇති සාමාන්‍ය විදුලි බල්බ වෙනුවට ISO විදුලි බුබුළු ලබාදීම සඳහා Bulb for a Bulb’ නම් වැඩසටහනක් වාර්ෂිකව ක‍්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. ”අනාගතය වෙත පා තැබීමේදී අප සූර්ය බලශක්තිය භාවිතා කිරීම අත්‍යවශ්‍යයි කියා අප සිතනවා. මේ ව්‍යාපෘතිය අප ආරම්භ කළේ ඒ නිසයි. ඒ වගේම මෙය තිරසාරත්වය වෙත තැබූ සාර්ථක ඉදිරි පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. ශ‍්‍රී ලංකාව යනු ස්වාභාවික සම්පත් බහුල රටක්. ඒ නිසා අපට වඩාත් පහසුවෙන් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමේ හැකියාව ඇති බව අපගේ විශ්වාසයයි.” සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හනිෆ් යුසුෆ් මහතා පැවසී ය.

එක්ස්පෝලංකා සමාගම සහ HiEnergy Services සමාගම එක්වී නිර්මාණය කළ මෙම සූර්ය බලශක්ති පද්ධතියට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ සහයෝගයද හිමි විය. ශ‍්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාගැනීම සඳහා පොසිල ඉන්ධන භාවිතා කිරීම අවම කරමින් විකල්ප බලශක්ති ප‍්‍රභව වෙත රට යොමුකරවීමට ්‍HiEnergy Services සමාගම කටයුතු කරමින් සිටී. මෙම සහයෝගීත්වය මගින් රටේ බලශක්ති අවශ්‍යතාවේ ස්වභාවය සහ ඒ සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට EFL සමාගමට හැකියාව ලැබිණි. එමෙන්ම මෙය රටේ සූර්ය බලශක්ති ජනනය සඳහා දායක වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් රටේ පෞද්ගලික අංශයෙන් කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වීමක්ද විය. ‘සූර්ය බල සංග‍්‍රාමය’ ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ අනාගතය සූර්ය බලශක්තියෙන් ආලෝකවත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කර තිබේ.