මැක්ස්තර්ම් ලංකා සමාගම ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි Featured

Published in විදුලිබල හා බලශක්ති
මැක්ස්තර්ම් ලංකා තාක්ෂණික ඉංජිනේරු අධ්යබක්ෂ ගයා සිරිවර්ධන (වමේ සිට දෙවැන්නා) සහ එම සමාගමේ මෙහෙයුම් අධ්ය්ක්ෂ අජන්ත කුමාර (වම් පස) ජනාධිපති මෛත්රිැපාල සිරිසේන මහතා අතින් සිය සම්මානය ලබා ගත් මොහොත. විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්යා ගරු රංජිත් සියඹලාපිටිය සහ එම අමාත්යං ශයේ නියෝජ්ය  අමාත්යබ ගරු අජිත් පෙරේරා යන මහත්වරු ද ඡායාරූපයේ වෙති. මැක්ස්තර්ම් ලංකා තාක්ෂණික ඉංජිනේරු අධ්යබක්ෂ ගයා සිරිවර්ධන (වමේ සිට දෙවැන්නා) සහ එම සමාගමේ මෙහෙයුම් අධ්ය්ක්ෂ අජන්ත කුමාර (වම් පස) ජනාධිපති මෛත්රිැපාල සිරිසේන මහතා අතින් සිය සම්මානය ලබා ගත් මොහොත. විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්යා ගරු රංජිත් සියඹලාපිටිය සහ එම අමාත්යං ශයේ නියෝජ්ය අමාත්යබ ගරු අජිත් පෙරේරා යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.
තාප බලශක්ති කාර්යසාධනය වේගවත් කිරීමේ පුරෝගාමියෙකුවන මැක්ස්තර්ම් ලංකා සමාගම පසුගියදා පැවති ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. බලශක්ති කළමනාකරණය හරහා බලශක්ති භාවිතය අවම කිරීම සඳහා එම සමාගම දක්වන දායකත්වය ඇගයුමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමිණි.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යශයේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්යයන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙරට ඉංජිනේරු ක්ෂේත්රීයේ කීර්තිමත් ඉංජිනේරුවරයෙකුවන මැක්ස්තර්ම් ලංකා සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ ගයා සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව සඳහා සිය සමාගම දැක්වූ අඛණ්ඩ දායකත්වය මෙවැනි ජාතික මට්ටමේ සම්මානයකින් ඇගයුමට ලක් වීම පිළිබඳ තමන් ඉතා සතුටු වන බවය. නුදුරු අනාගතයේදී මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ද සිය විශේෂඥ දැනුම ලබා දීමට තමන් බලාපොරොත්තුවන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2014 සහ 2015 වසරවලදී ද මෙම සම්මාන උළෙලේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට සමත් වූ මැක්ස්තර්ම් ලංකා සමාගම සිය ව්‍යාපාර ඉතිහාසයේ නැවුම් සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙවර රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඉංජිනේරු සිරිවර්ධන මහතා දේශීය මෙන් ම විදේශීය වෙළඳපල තුළ ද විශේෂඥ සේවා ලබා දෙන එම සමාගමේ සාර්ථකවය පිටුපස ඇති දැවැන්ත සවියයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) සහ ශ්‍රී ලංකා ජෛව බලශක්ති සංගමයේ සාමාජිකයෙකුවන ඒ මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බලයලත් උපදේශකයෙකු ලෙස ද කටයුතු කරයි.

ඉන්ධන තෙල් ලීටර මිලියන 5.4ක් සහ ඩීසල් ලීටර මිලියන 0.23ක් වෙනුවට ජෛව ස්කන්ධ හඳුන්වා දෙමින් පසුගිය වසර තුළ විදෙස් මුදල් රු. මිලියන 464ක් මෙරට තුළ ඉතිරි කිරීමට සමාගම සමත් විය. එමගින් විද්යුත් බලශක්ති ඒකක 217,000 ක් ඉතිරිකර ගැනීමට මෙන් ම ටොන් 14,700 කින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමට ද හැකි විය.

තව ද සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් උත්පාදනය කිරීමට ද කටයුතු කළ මැක්ස්තර්ම් ලංකා සමාගම බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම, කාර්යමණ්ඩල සහ සමාගම් සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, බලශක්ති මිනුම් උපකරණ මිලදී ගැනීම සහ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේදී පැවති වැඩමුළු සහ නිෂ්පාදන කම්හල් තුළදී විවිධ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීම හරහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයට සුවිසල් දායකත්වයක් ලබා දුන්නේය.

MAS Holdings, CIC Holdings, DSI, Ocean Lanka, Richard Pieris, Hidaramani Group, Asia Pacific Brewery Lanka ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මැක්ස්තර්ම් ලංකා සමාගමේ සේවා ලාභීන් බවට පත්ව ඇත.

මෙරට තාප බලශක්ති ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සඳහා ජෛව ස්කන්ධ දහන හුමාල බොයිලේරු සැපයීමේ සහ ස්ථාපනය කිරීමේ නිරත මැක්ස්තර්ම් ලංකා සමාගම බලශක්ති සහ පාරිසරික ඉංජිනේරු සේවාවන් රැසක් ද පිරිනමයි. එම සමාගම ජෛව ස්කන්ධ බොයිලේරු, තාප ද්‍රව තාපක, උණු ජල ජෙනරේටර්, වායු දූෂණය පාලනය කරන මෙවලම් සහ තාප ප්‍රතිසාධන ඒකක අලෙවියේ, සැපයීමේ සහ ස්ථාපනය කිරීමේ ප්‍රමුඛයෙකුවන මැක්ස්තර්ම් ඉන්දියා සමාගමේ නිල නියෝජිත සමාගම වෙයි. සිය මවු සමාගමේ නවීන තාක්ෂණික ක්‍රමවේදවලට අනුව පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාමාර්ග රැසක නිරතවන මැක්ස්තර්ම් ලංකා සමාගම ඒ හරහා වේගයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්යනතාවන්ට ඔබින බලශක්ති විසඳුම් ලබා දීමට කටයුතු කරයි. හුමාලය උත්පාදනය සහ සම උත්පාදන කර්මාන්ත ශාලා ක්ෂේත්රමය තුළ ද එම සමාගම විශේෂඥ සේවාවන් පිරිනමයි.