කොළඹ 04 ලෙයාර්ඞ්ස් පාරේ නවතම ඉදිකිරිම සුබ මොහොතින් ඇරඹේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකටතම සහාධිපත්‍ය ඉදිකිරිම් සමාගමක් වන - බ්ලූ ඕෂන් සමුහ ව්‍යාපාරය තම විසිඵක්වන ව්‍යාපෘතියට මුල්ගල තැබීම, කොළඹ 04 (බම්බලපිටිය), ලෙයාර්ඞ්ස් පාරේ, අංක 15 දරණ ස්ථානයෙදි, පෙබරවාරි 2 වනදා (බ‍්‍රහස්පතින්දා) මහත් උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජයේ ආශිර්වාදයෙන් පැවැත්වූ මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා, සහ හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා ඇතුලූ ආරාධිත මහත්ම මහත්මින් බොහොමයක් සහභාගිවිය.

”2017 වසර ශ‍්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ආසියා ශාන්තිකර කලාපයේම ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් වැදගත් වසරක් වෙනවා නොඅනුමානයි. මෙම වසරෙදි ශ‍්‍රී ලංකාවට විදේශ ආයෝජන බොහොමයක් මෙන්ම විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ගලා ඵන බවට ව්‍යාපාරිකයන් හැටියට අප තරයේ විශ්වාස කරනවා,” යැයි බ්ලූ ඕෂන් සමුහ ව්‍යාපාරයේ සභාපතිතුමන් වන එස්. තුමිලන් මහතා මෙහිදි පැවසීය.

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරිම් කර්මාන්තය තව වසර පහකින් රුපියල් බිලියන 6,500ක සුවිසල් කර්මාන්තයක් වනු ඇතැයි මෙම රජය අපේක්ෂා කරන බවට, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා තම 2017 අයවැය කථාවේදි කළ සඳහන, සභාපතිතුමා ව්‍යාපාරික ප‍්‍රජාවට මෙහිදි මතක්කර සිටියේය.

”ඇමරිකානු ඩොලර් 300,000කට වැඞ් ආයෝජනයක් සිදුකරන විදේශ ආයෝජකයින් හට තාවකාලික වීසා ලබාදිමට මෙම රජය ගත් තීරණය ඉදිකිරිම් කර්මාන්තයට මහත් පිටිවහලක් වන බවට නොඅනුමානයි,”යැයි ඔහු තව¥රටත් පැවසීය.

සාංගමික උපදේශන, වෙළෙඳ, අධ්‍යාපන, ඉංජිනේරු උපදේශන හා ඉදීකිරිම් සඳහා මහඟු නමක් දිනාගෙන ඇති බ්ලූ ඕෂන් සමූහ ව්‍යාපාරය තම ව්‍යාපාරික කටයුතු එක්සත් රාජධානිය, මැදපෙරදිග, ඕස්ටෙ‍්‍රලියාව වැනි රටවලත් ව්‍යාප්ත කර ඇත.

ජාත්‍යන්තර අවධානය දිනූ ලංකාෙවි ඉදිකිරිම් අංශයේ පුරෝගාමී බ්ලූ ඕෂන් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන ලින්ක් ඉංජිනියරින් (පෞද්) සමාගම පසුගිය වසරෙදී රුහුණු විශ්ව විද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ‍්‍රවණාගාරය ගොඩනැගීම සඳහා කොන්ත‍්‍රාත් ලබා ගැනීමෙන් ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ තවත් විශාල ජයග‍්‍රහණයක් සනිටුහන් කරන ලදි.

බ්ලූ ඕෂන් සමූහ ව්‍යාපාරය පුරා වසර ගණනක් මුළුල්ලේ පැවතුණු පුරෝගාමී සමාගමක් වන අතර නව්‍යකරණය සහ නිර්මාණකරණය තුලින් ලංකාවේ පමණක් නොව ආසියා ශාන්තිකර කලාපයේම නමක් දිනා ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂමණ නියෝජිතායතනය (ICTA)රෙජිස්ට්රා ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් අමාත්යංශය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ.

මේ වන විට කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල බල ප්ර‍දේශයේ ඉඩම් පිලිබදව රජය සිදු කරනු ලබන කටයුතු වඩාත් කාර්යක්ෂ මව සහ විධිමත්ව සිදු කිරීමට හැකියාව ලැබී තිබේ.

ඉඩමක අයිතිය තහවුරු කර ගැනීම ඉඩමක ගොඩනැගිලි ඉදිකිරීමේ බලපත්රඉ නිකුත් කිරීම ඉඩමක පාරිසරික තත්ත්ව පරීක්ෂලණ වාර්තා නිකුත් කිරීම ආදී කටයුතු වලදී අදාළ පළාත් පාලන ආයතනයන්ට මෙන්ම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල වලට එම කටයුතු සිදු කිරීම මෙමගින් පහසුවේ.

විශේෂයෙන්ම ව්යාාපාර ආරම්භ කිරීම සදහා වු පහසුකම් සැලසීමේ දර්ශකය (Ease of Doing Business Ranking) මෙමගින් බල ගැන්වෙන අතර දෙස් විදෙස් ආයෝජකයින්ට ව්සායකයින්ට මෙන්ම විවිධ පිරිස් සදහා ඇවැසි ඉඩම් පිලිබද තීන්දු තීරණ ගැනීමේදී එම කටයුතු වඩාත් පහසුවේ.

මෙම ඉඩම් ලියාපදිංචි කිරීමේ ව්යාීපෘතිය නිසා ඉඩම් හිමිකරුවන්ට වාසි රැසක් අත්වේ.ඒ අනුව පුද්ගලික ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කටයුතු මෙන්ම බිම් සවිය ඉඩම් හිමිකම් සහතික පත් කිරීම කාර්යක්ෂනම කිරීමටද හැකිවේ.

තවද ඉඩම් පත්ඉරු ස්කෑන් කර පරිගණක ගත කිරීමද එම තොරතුරු දත්ත පද්ධතියකට ඇතුලත් කිරීමද සිදු කෙරේ.මෙමගින් ඉඩම් පිලිබද පැරණි තොරතුරුමෙන්ම ඉඩම් පිලිබද පැටිකිරිය පහසුවෙන් දැන ගැනීමට හැකිවේ.

තවද ස්භාවික ආපදා වලදී මෙන්ම කුට සහගත ලෙස ඉඩම් පිලිබද තොරතුරු විනාශ කිරීමේ අවස්ථාවන්ද මෙමගින් වැළැක්වේ.

ඉඩම් අලෙවි කිරීමේදී මෙන්ම මිලදී ගැනීමේදී දැනට සිදුවන විවිධ අක්රනමිකතා හා දුෂණ අවම කර ගැනීමටද මෙමගින් හැකිවන අතර මේ නිසා ඉඩම් පිලිබද කටයුතු වලදී අධිකරණයට යෑමේ අවස්ථාවන්ද අවම වේ.

එසේම බැංකු ඇතුලු මුල්යයය ආයතන වලට ඉඩම් තක්සේරු කිරීමේදී මෙන්ම ඉඩම් පිලිබද නීතිමය කටයුතු වලදී නීති ක්ෂේත්රයේ අයටද සිය කටයුතු වලට පහසුවක් වේ.

ඉඩම් හිමිකම් සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්රිවලිය මේ තුලින් වෙනසකට භාජනය වන බවත් මේ හා සම්බන්ධ රජයේ අනෙකුත් ආයතනද මෙම ක්‍රියාචලියට අනුගත වීම තුලින් එම ආයතන වලින් සපයන්නා වු ඉඩම් හිමිකම් හා බදු එකතු කිරීම යන සේවාවන් වඩාත් කාර්යක්ෂයමව හා පුරවැසි කේන්ද්රියව සිදු කිරීමට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂකණ නියෝජිතායතනය පවසයි.

2016 නොවැම්බර් 12, කොළඹ: මෙරට තුළ මහල් නිවාස සඳහා ඇති ඉල්ලූම මේ වනවිට වේගයෙන් ඉහළ යමින් පවතින අතර නිවාස මිලදීගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කවුරුත් පාහේ උසස් තත්ත්වය සහ ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමිවීම අපේක්ෂා කරති. මේ නිසා වර්තමානයේ දේපළ වෙළඳාම් සමාගම් වඩාත් උසස් ප‍්‍රමිතියෙන් යුතුව නිවාස ඉදිකිරීමට මෙන්ම පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතා සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්වීමට පටන්ගෙන තිබේ. එමෙන්ම මේ වනවිට දේපළ වෙළඳාම් සමාගම් රාශියක් බිහිවී ඇති අතර මෙම වෙළඳපොළේ පවතින තරගකාරීත්වය මැද ඉදිරියෙන් සිටීමට නම් සුවිශේෂී කුසලතාවක් තිබිය යුතුම ය. ඉන්වෝක් (පුද්) සමාගම යනු එසේ සුවිශේෂී කුසලතාවක්, උනන්දුවක්, කැපවීමක් සහ නිර්මාණශීලීත්වයක් පෙන්නුම් කරමින් වෙළඳපොළ තුළ ඉදිරියටම පැමිණීමට සමත් වූ සමාගමකි. ආරම්භයේ සිටම වර්තමාන වෙළඳපොළට හොඳින්ම ගැළපෙන නවීන නිවාස ඉදිකිරීම සමාගමේ ඉලක්කය විය. මේ වනවිට එම සමාගම ශක්‍යතා අධ්‍යයන සහ සංකල්ප නිර්මාණ මට්ටමේ සිට නිවාස විකුණුම් හා අලෙවි සේවා ලබාදීම දක්වා පරිපූර්ණ සේවාවක් ලබාදෙන අතර සමාගම දායක වූ ව්‍යාපෘතීන් මේ වනවිට අතිශයින් ජනප‍්‍රිය වී තිබේ.

ව්‍යාපෘතියක ආරම්භයේ සිටම ඉදිකිරීම් සමාගම් සමග සමීපව වැඩකරමින්, අවදානම අවම කරන අතර උපරිම සාර්ථකත්වයක් ළඟාකරගැනීම සඳහා උපකාරී වීම ඉන්වෝක් සමාගමේ විශේෂත්වයකි. අදාළ ව්‍යාපෘතියේ ස්ථානය, මිල සහ අලෙවිකරණ ක‍්‍රමෝපායන් එම ව්‍යාපෘතිය මගින් ඉලක්ක කෙරෙන පාරිභෝගිකයන්ට ගැළපෙන බව තහවුරු කිරීම මෙහි මූලික ඉලක්කයයි. වර්තමානය වන විට සමාගම මගින් ලබාදෙන සේවාවන් අතරට ව්‍යාපෘති සඳහා ස්ථාන සපයා ගැනීම, ශක්‍යතා අධ්‍යයන සිදුකිරීම, අදාළ පාරිභෝගික කාණ්ඩවලට ගැළපෙන පරිදි නිවාස සැලසුම් කිරීම, සන්නාම ප‍්‍රවර්ධන ක‍්‍රමවේද, ත‍්‍රිමාණ ඡුායාරූප සහ ආදර්ශ, පරිපූර්ණ විකුණුම් හා අලෙවි විසඳුම්, නෛතික අවශ්‍යතා සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු හා පහසුකම් සම්පාදනය, පසු විපරම් හා අරමුදල් එකතු කිරීම මෙන්ම පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය වැනි සේවාවන් රාශියක් ඇතුළත් වී තිබේ.

ඉන්වෝක් සමාගම දායක වූ ව්‍යාපෘති අතරට Signature Twelve, Signature Seven සහ Avenue 9 යනාදී ව්‍යාපෘති ඇතුළත් වී ඇත. මෙහි පුරෝගාමී ව්‍යාපෘතිය වූ Signature Twelve එහි උසස් ප‍්‍රමිතිය නිසාම ඉතා ඉක්මනින් විකිණී අවසන් විය. මෙම ව්‍යාපෘතියේ නිවාස ඉහළම තලයේ සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය අංගෝපාංග රැසකින් සමන්විත වී තිබීම විශේෂත්වයකි. එමෙන්ම ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට හඳුන්වා දුන් අංග ලෙස සැලකිය හැකි, නිවාස සහ පොදු ස්ථාන සඳහා සූර්ය බලශක්තිය සැපයීම, සෑම වාහන නැවතුම් ස්ථානයක් සඳහාම විදුලි රථ ආරෝපණ ස්ථානයක් තිබීම, සහ අංග සම්පූර්ණ ‘German-made Hacker’ පැන්ටි‍්‍ර සවිකර තිබීම වැනි සුවිශේෂී අංග ඊට ඇතුළත් විය.

ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති අතරට, රු. බිලියන 2 කට අධික ආයෝජනයක් සමගින් කොළඹ 07 ප‍්‍රදේශයේ ඉදිවන දැවැන්ත නිවාස ව්‍යාපෘතියක්ද ඇතුළත් වේ. එමෙන්ම සුප‍්‍රකට ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගමක් සමග එක්වී රාජගිරිය ප‍්‍රදේශයේ නිවාස 500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා දැනට සාකච්ඡුා සිදුවෙමින් පවතී.

රටේ දේපළ සහ හෝටල් සන්නාම රැසක් දියත් කිරීම සඳහා දායක වූ අත්දැකීම් බහුල සන්නාම ප‍්‍රවර්ධන සහ ක‍්‍රමෝපායවේදී හුසයික් ඉස්මෙත්, ශ‍්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ වසර 10 කට අධික පළපුරුද්දක් සහිත ප‍්‍රවීණයෙකු සහ ප‍්‍රධාන පෙළේ දේපළ සංවර්ධන සමාගමක හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයෙකු වූ ජීවන් අමරසිංහම්, සහ දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ විකුණුම් හා අලෙවි අංශයේ වසර 5 ක අත්දැකීම් ලබා ඇති සහ ප‍්‍රමුඛ පෙළේ දේපළ සවර්ධන සමාගමක ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ රිකාස් ඉම්ටියාස් යන මහත්වරු ඉන්වොක් පුද්. සමාගමට පිටුබලය සපයති. එමෙන්ම ප‍්‍රධාන වශයෙන් මැද පෙරදිග කලාපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කර ඇති, වසර 30 කට අධික අත්දැකීම් සහිත ප‍්‍රවීණයෙකු සැලසුම් හා ඉජිනේරු ප‍්‍රධානී ලෙස බඳවාගැනීම සඳහා සමාගම මේ වනවිට සාකච්ඡුා පවත්වමින් සිටී.

ඉන්වෝක් සමාගමේ වර්තමාන ව්‍යාපෘති පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා කරුණාකර 0112 076776 අමතන්න. නැතිනම් www.invoke.lk වෙත පිවිසෙන්න.
තමන්ගේම නිවසක් යනු බොහෝ දෙනෙකුගේ සිහිනයකි. සයවැනි දීවා ඉඩමේ වාසනාව දිනුම් ඇදීමේ තරගය හරහා එම සිහිනය සැබෑවක් කරගැනීම සඳහා වන පළමු පියවර තැබීමට වාසනාවන්ත දීවා පාරිභෝගිකයන් තිදෙනෙකුට අවස්ථාව උදාවී තිබේ.

දීවා ඉඩමේ වාසනාව යනු වාසනාවන්ත ජයග‍්‍රාහකයින්ට වටිනා ඉඩමක් තිලිණ කෙරෙන දැවැන්ත පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහනකි. දැනට වසර හයක් තිස්සේ අඛණ්ඩව හා සාර්ථකව කි‍්‍රයාත්මක වන මෙම දිනුම් ඇදීමේ තරගය මේවන විට මෙරට ජනතාවගේ සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත් ව තිබේ.

මෙරට සාමාන්‍ය ජන ජීවිතය පෙරළියකට ලක් කළ සුවිශේෂී නිෂ්පාදන සන්නාමයක් වන දීවා වෙතින් මෙතෙක් ගෙවුණු වසර පහ තුළ පැවැති ප‍්‍රවර්ධන වැඩසටහන් හරහා වටිනා ඉඩම් 19ක් ජයග‍්‍රාහකයින් අතර බෙදා දී ඇත. ඉඩම් මෙන්ම රන් කාසි, දිනපතා රු. 10,000 බැගින් මුදල් හා වෙනත් ත්‍යාග ද 500 කට වැඩි ප‍්‍රමාණයක් මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ වාර්ෂිකව පිරි නමා තිබේ.

2011 වසරේදී පළමු වරට ”දීවා රවුමට ඉඩමක්” යන තේමාව යටතේ කි‍්‍රයාත්මක වූ ප‍්‍රවර්ධන වැඩසටහන 2012 වසරේදී ”දීවා නුවණක්කාරියන්ට ඉඩමක්” තේමාව යටතේ දෙවන වරටත් කි‍්‍රයාත්මක විය. 2013 වසරේදී ප‍්‍රවර්ධන වැඩසටහන නිමා වූයේ ”දීවා නිධන් එක්ක ඉඩම්” තේමාවට අනුවය. 2014 වසරේදී දීවා ඉඩමේ වාසනාව තුළින් වාසනාවන්තයන් පස් දෙනෙකු ඉඩම් හිමි කර ගැනීමට සමත් විය.

මේ වසරේදී ද කොළඹට ආසන්නයෙන් වටිනා ඉඩම් තුනක් ජයග‍්‍රාහකයින්ට බෙදා දීමට දීවා පියවර ගත්තේ ය. අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ එක් මසකදී එක් ඉඩම් ජයග‍්‍රාහකයකු බැගින් බිහිකරමින් දියත් කෙරුණු දිනුම් ඇදීමේදී සති පතා රන් කාසි මෙන්ම දිනපතා රු. 10,000 බැගින් මාස තුනක් පුරා මුදල් තෑගි දිනාගැනීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවිය.

ඒ අනුව 2016 අගෝස්තු මාසයේ බිහි වූ පළමු ඉඩම් ජයග‍්‍රාහිකාව පාදුක්ක ප‍්‍රදේශයේ රෝහිණී සෝමසිරි හේවාරත්න මහත්මිය ය. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව තම සතුට පළ කරමින් ඇය මෙසේ අදහස් දැක්වූවාය. ”දීවා ඉඩමේ වාසනාව තරගයට අපි දෙවැනි අවුරුද්දේ ඉඳන් දිගටම එකතු වුණා. මොකද, අපටත් ජයග‍්‍රහණයක් හිමි වෙයි කියන විශ්වාසය අප තුළ තිබුණා. අපි දැනට ජීවත් වෙන්නේ මගේ ස්වාමි පුරුෂයාගේ සහෝදරයාගේ නිවසේ යි. මේ නිසා අපේම කියා නිවසක් තනා ගැනීම අපේ හිතේ තියෙන ලොකුම හීනයක්. මේ ඉඩම හිමිවීමත් එක්ක අපේ හීනය හැබෑ කරගන්න අවස්ථාවක් උදාවෙලා. මේ ඉඩම ලබාදෙමින් දීවා සමාගම අපේ ජීවිත නගා සිටුවන්න කරපු මෙහෙය වෙනුවෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා” ඇය පැවසුවා ය.

සැප්තැම්බර් මස ඉඩම් ජයග‍්‍රාහිකාව වූයේ ගල්කිස්ස නැදිමාලේ ආර්.ඒ. නිලන්ති මහත්මිය ය. ”මම දිනපතා දීවා පාවිච්චි කරනවා. මේ විදිහට දීවා වෙතින් ඉඩමක් ලැබීම ගැන කියා ගන්න බැරි තරම් සතුටක් තියෙනවා” යැයි ඇය කියා සිටියාය.

වසරේ තෙවැනි ඉඩම් ජයග‍්‍රාහිකාව වූයේ එස්. ධම්මිකා ප‍්‍රනාන්දු මහත්මිය යි. ”මගේ මහත්තයා ජීවතුන් අතර නැහැ. මමත් මහත්තයාත් එකතු වෙලා ගොඩනඟපු නිවසක් මට තිබුණත් අපි ජීවත් වුණේ අභියෝග රාශියක් මැදයි. පසුගිය වතාවලදීත් මම තරගයට එකතු වුණත් දිනුමක් හිමිවුණේ නැහැ. මෙවර මම දීවා කිලෝ එකේ හිස් දවටනයක් එව්වා. මගේ හීනය දැන් හැබෑවක් වෙලා. මියගිය මගේ මහත්තයා තවමත් අපි දිහා බලන් ඉන්නවා කියන විශ්වාසය මට දැන් තියෙනවා” ධම්මිකා මහත්මිය ඉතා හැඟුම්බරව පැවසුවාය.

”පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවිත උසස් තත්ත්වයට පමුණුවාලන සහ පහසු කරවන නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. ඒ අතරේ ළබැඳී පාරිභෝගිකයන්ට ඔවුන්ට ජීවිත වෙනස් කරවන සිහින සැබෑ කරවන තිලිණ ලබාදීමට හැකිවීමත් විශාල සතුටක්” දීවා සන්නාම කළමනාකාර ශානක ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

දීවා වෙතින් රෙදි සේදුම් නිෂ්පාදන රැුසක් හඳුන්වා දී ඇති අතර දීවා රෙගියුලර් රෙදි සේදුම් කුඩු නැවුම් දෙහි සුවඳක් ඇඳුම්වලට මුසුකරන අතර දීවා ෆ්ලවර්ස් යනුවෙන් රෝස හා සමන්පිච්ච, සමන්පිච්ච හා දෙහි මෙන්ම සේපාලිකා හා දෙහි සුවඳ රැුගත් දීවා නිෂ්පාදන ද වේ. එමෙන්ම දීවා වයිට් රෙදි සේදුම් කුඩු සියලූ සුපිරි වෙළෙඳසැල්වලදී මිලදී ගත හැකි අතර ඒවා රෙදි සෝදන යන්ත‍්‍ර භාවිතයට මනාව ගැලපේ. රෙදි සේදුම් කුඩු වලට අමතරව දීවා ඩිටර්ජන් සබන් ද ලෙමන්, දෙහි හා සමන්පිච්ච සුවඳ සමගින් වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබේ.

හේමාස් සමාගම පිළිබඳ ව...
හේමාස් සමාගම යනු සෞඛ්‍ය, ඉහළ ඉල්ලූමක් ඇති පාරිභෝගික භාණ්ඩ, ප‍්‍රවාහන හා සංචාරක යන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර හතර පුරා විහිදුණු සමාගම් සමූහයක එකතුවකි.
ගෘහ භාණ්ඩ හා නිමැවුම් කර්මාන්තයේ පඹ්මුඛයා වන ජැට් හෝල්ඩින්ග්ස් විසින් නාවල ඉදිකරන ලදි ‘77 on Fourth Residencies’ නිවාස සංකීර්ණයේ සාර්ථකත්වයත් සමග ජැට් ලිවින්ග් අනුබද්ධිත සමාගම තම සුවිශේෂීතාවය සමග ‘96 Residencies’ යනුවෙන් නවතම නිවාස පෙළක් පාගොඩ දී ඉදිකිරීම ආරම්භ කර ඇත.

ජැට් ලිවින්ග් යනු තම පඹ්ධාන මූලධර්ම සමග විශ්වාසනීය හා විශ්වාසදායක ලෙස ඉදිකිරීම් හා සංවර්ධන විසඳුම් සපයමින් නිවාස හා නිවාස සංකීර්ණ වමිාපෘති රැසක් ඉදිකිරීමට කැපව සිටින ආයතනයකි.

ජැට් ඉන්ජිනියරින්ග් අධ්‍යක්ෂක රිචර්ඞ් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ” අපගේ දැක්ම වන්නේ අපගේ වටිනා පාරිභෝගිකයන් හට පරිපුර්ණත්වයෙන් යුත් වටිනා නිමැවුමක් ලබා දීමයි. අප ආයතනික වටිනාකම් මූලික කර ගනිමින් හා සැප පහසුව හා ශාන්තභාවය යන සංකල්පය එකම අවස්ථාවක ලබා ගැනීම මුල් කරගනිමින් විචිතඹ්වත් නවීන නිවාස ඉදි කිරීමයි” යැයි පැවසීය.

නො 96 පාගොඩ පාර කෝට්ටේ පිහිටි මහල් නිවාස 60 කින් යුත් මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ වර්ග අඩි 905 සිට වර්ග අඩි 1475 ක් දක්වා වූ ප‍්‍රමාණයන්ගෙන් යුත් නිවාස පිහිටි අතර කාමර 2 හා 3 කින් සමන්විත නිවාස ඇතුලත්ව ඉදිවනු ඇත. මෙම නිවාස සංකීර්ණයේ සියළුම නිවාස වායු සමීකරණය කර ඇති අතර අධිවේගී අන්තර්ජාල සහ HDTV පහසුකම් සඳහා fibre-optic සම්බන්ධතා, Wellman ජර්මන් මුළුතැන්ගෙවල්, ප‍්‍රසිද්ධ ඉතාලි සන්නාමයක් වන Marazzi ටයිල්, පිටරටින් ආනයනය කරන ලද ඉහල තත්වයේ විදුලි පහන් හා නාන කාමර උපාංග වලින් සමන්විත වේ. මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 15 කින් සමන්විත වන අතර එයින් මහල් 10 ක අති සුඛෝපභෝගී නිවාස ද, මහල් 4 ක රථගාලකින්ද නිවාස සංකීර්ණය මුදුනේ විශාල ප‍්‍රමාණයේ නාන තටාක දෙකක් හා ( වැඩිහිටි/ළමා ) විනෝදාස්වාදය සඳහා වූ විවේකාගාරයකින්ද සියළු උපාංග වලින් යුත් ශරීර සුවතා මධ්‍යස්ථානයකින්ද සමන්විත වන නිසා 96 Residencies සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ආයෝජනය කිරීමට සුදුසුම ස්ථානයක් බවට අවිවාදාත්මකව පත්වනු නියතය. මෙම ව්‍යාපෘතියේ නිවාස රුපියල් මිලියන 18.1 සිට ඉහළට පාරිභෝගිකයාට ලබා ගත හැක.

නුගේගොඩ හන්දියේ සිට කිලෝ මීටරයකට අඩු දුරකින් සුන්දර හා සුවදායක පරිසරයක පිහිටා ඇති මෙම නිවාස සංකීර්ණයේ පිහිටි නිවාසයන්හී සඳළුතලයේ සිට බැලූ විට නගරයේ අසිරිය දැක බලාගත හැකිවේ. එමෙන්ම මෙම නිවාස සංකීර්ණය ආසන්නයේ ජනප‍්‍රිය දේශීය හා ජාත්‍යන්තර පාසැල්, ප‍්‍රසිද්ධ ආපනශාලා, රෝහල්, සාප්පු සංකීර්ණ හා විනෝදාස්වාද පහසුකම් රැසක් පිහිටා ඇත.

ගෘහභාණ්ඩ හා නිමැවුම් කර්මාන්තයේ විශ්වාසනීය පඹ්මුඛයා බවට පිළිගත් ජැට් හෝල්ඩින්ග්ස්, මෙම නවතම හඳුන්වා දීමත් සමග තම කීර්ති නාමය තව තවත් ඉහල නැංවීමට සමත් වෙනු ඇත. නාගරික හා උප නාගරික ජනාවාස සඳහා ඇති අඛණ්ඩ ඉල්ලූමත් සමග ජැට් ලිවින්ග් තම පාරිභෝගිකයන් ගේ අවශ්‍යතාවයන් සපුරාලමින් සුඛෝපභෝගී හා සුවදායී නිවාස ඉදිකර දෙයි. ”96 Residencies ” යනු පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන ලෙස ඉදිකරන ඒකීය පවුල් ඒකකයකට යෝග්‍ය නවීන හා සුඛෝපභෝගී බවේ එකතුවකින් සැදුම් ලත් නිවාසයන් වේ.
2016 නොවැම්බර් 12, සෙනසුරාදා, කොළඹදී සන්කෙන් සමූහයට අයත් සීමාසහිත කැපිටෝල් ඩිවෙලොපර්ස් සමාගම 2016 නොවැම්බර් 12 වෙනිදා කොළඹ 02, ස්ටේපල් වීදියේ අංක 24 දරන තැන ක‍්‍රමෝපායිකව වැදගත් ස්ථානයෙහි සිය ඒකක 470 ක අනුනිවාස සංකීර්ණයකින් යුතු Capitol Twin Peaks නම් වූ ද්විත්ව කුළුණු ව්‍යාපෘතිය සුවිශේෂී උත්සවාකාරයෙන් ආරම්භ කළේය. මහ නගර සහ බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රධාන අරාධිතයා ලෙස සහභාගීවූ එම උත්සවයට ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ රජයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් එක්වූහ. උදෑසන 7.15ට යෙදුණු සුබ නැකතේදී බහු ආගමික ආශිර්වාද මැද ව්‍යාපෘතිය ඇරඹිණ.

වසර 2020 අගදී නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය නගරය තුළ වඩා වැදගත් කේන්ද‍්‍රස්ථානයක පිහිටි අධි සුඛෝපභෝගී දේපළ ව්‍යාපෘතියක් මෙන් ම අලංකාර මහ නගරයක් පිළිබඳ රජයේ දැක්ම තුළ ගොඩනැගුණු ප‍්‍රධාන ව්‍යාපෘතියක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උසස් පන්තියේ නේවාසික ප‍්‍රදේශයක් තුළ නගර මධ්‍යයේ පිහිටි මෙම ස්ථානයට ඉතා සමීපව නම් දැරූ සාප්පු සංකීර්ණ මෙන් ම අනෙකුත් පහසුකම් ද ඇති අතර බේරේ වැවට මුහුණ ලා පිහිටි අලංකාර ප‍්‍රවේශ ස්ථානයක් ද වේ. සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර නිර්මාණ ආයතනයක් වන P&T Group ගෘහනිර්මාණයෙන් එළිදකින Capitol Twin Peaks නම් වූ දැවැන්ත මහල් ගොඩනැගිල්ල ඉදිකරනු ලබන්නේ ප‍්‍රකට සන්කෙන් සමූහයට අයත් කැපිටෝල් ඩිවෙලොපර්ස් හා සන්කෙන් කන්ස්ට‍්‍රක්ෂන් එක්බද්ධව ය. Capitol Twin Peaks නිවාස මිලදීගනු ලබන ආයෝජකයින්ට අත්වන වාසි රැුසකි. කැපිටෝල් ඩිවෙලොපර්ස්හි සියලූ ඉදිකිරීම් පවරනුයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වඩා විශ්වසනීය නාමය රඳවමින් සන්කෙන් විශිෂ්ට ඉදිකිරීම් තත්ත්වය සහිතව නියමිත වේලාවට ගැනුම්කරුවන් වෙත සැපයීම සහතික කරන සීමාසහිත සන්කෙන් කන්ස්ට‍්‍රක්ෂන් (පුද්ගලික) සමාගම වෙතය. එහි මුල් ජපානයේ මිට්සුයි කන්ස්ට‍්‍රක්ෂන් සමාගම කරා දිවෙන අතර පරිපූර්ණත්වය හා නිශ්චිත කාලයට අනුගතවීම සඳහා ජපානයේ ඇති ළැදියාව පිළිබඳ සාක්ෂි එහි සෑම ව්‍යාපෘතියකින් ම දැකිය හැකි වේ. මීට අමතරව, කැපිටෝල් ඩිවෙලොපර්ස් සමාගම හා ප‍්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අතර ඇති සබඳතාව හේතුවෙන් ආකර්ෂණීය ණය පහසුකම් ලබාගත හැකි අතරම සාර්ථක ගැනුම්කරුවන් සඳහා දිගු කාලීන ආපසු ගෙවීමේ සැලසුම් ද ලබාගත හැකිය.

මෙම උසස් පන්තියේ සංවර්ධන ව්‍යාපෘතිය විසින් අලංකාර මෙන් ම ව්‍යාප්තවන කොළඹ නගරයේ ඇති ඉල්ලූම සපුරාලනු ලබන අතර බස්නාහිර පළාතේ වැඩි ප‍්‍රමාණය එක්කරමින් මහා නගරයක් ගොඩනැගීමේ රජයේ සැලසුම්වලට ද සහය වේ. මහා නගරයක් පිළිබඳ රජයේ දැක්ම සමග මෙම ව්‍යාපෘතිය සමපාතවන්නේ කෙසේදැයි ප‍්‍රධාන ආරාධිතයා වූ මහ නගර සහ බස්නාහිර සංවර්ධනය පිළිබඳ ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් පැහැදිලි කරන ලදී. සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාසවල දිවි ගෙවීම සඳහා තරුණ යුවල මෙන් ම විදේශිකයන් අතර ද ඇති අලූත් ආකාරයේ ජීවන රටා ප‍්‍රවණතාවට ද මෙම ව්‍යාපෘතිය ගැලපේ.

පර්චස් 214ක භූමියක ගොඩනැගෙන මෙම ව්‍යාපෘතියට මහල් 50ක පිහිටි අනුනිවාස ඒකක 470 අයත්වන අතර පතුල් මහල් 2ක්, මහල් 6 ක රථගාලක් මෙන්ම පියස මත ටෙරසයකින් ද සමන්විතය. සියලූ නේවාසිකයින්ට හාත්පස සිසාර පැතිර යන අලංකාර දර්ශනයක පහස හිමිකරදෙන අතර ම Sunset Bar, Sky Lounge සහ Sky Garden යන විවේකි පහසුකම්වලින් ද යුක්ත වේ. Capitol Twin Peaks" ඉහළ බලතල හොබවන විධායකයින්ට මෙන් ම කාර්ය බහුල වෘත්තිකයින්ගේ ජීවිතයට ශාන්තබව ගෙන දෙන ක්ෂේමභූමියක් වනු ඇත.

මෙහි බිම් මහල ලොබියකින්, Coffee Shop" , සැලෝන් සහ ස්පා මෙන් ම ඖෂධහලක් සහ ලොන්ඩි‍්‍ර එක්රැුස් කිරීමේ ස්ථානයක් සහිත කුඩා සාප්පු සංකීර්ණයකින් ද සමන්විතය. දිගු පිහිනුම් තටාකයක්, ළමා පිහිනුම් තටාකයක්, ජකුසි, ළමා ක‍්‍රීඩා කුටියක්, උත්සව කුටියක්, සාද ශාලාවක්, එළිමහන් විවේකි ස්ථානයක්, ව්‍යාපාරික මධ්‍යස්ථානයක්, යෝග සහ ඇරොබික් ව්‍යායාම්හලක්, වාෂ්ප කුටියක්, කියවීම් ස්ථානයක්, උද්‍යානයක් මෙන් ම පරිපූර්ණ ශාරීරික ව්‍යායාම් ස්ථානයක් යන අනෙකුත් සුවිශේෂි පහසුකම් ද මෙහි වේ.

නිර්මාණ හා ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවකු වන සන්කෙන් කන්ස්ට‍්‍රක්ෂන් විසින් සාර්ථකව නිමකරන ලද ව්‍යාපෘති අතර Trillium Residencies, Empire City, Emperor, OnThree20, 7th sense on Gregory’s Road මෙන් ම කොළඹ නගරයේ තවත් දැවැන්ත මහල් ව්‍යාපෘති රැසකි.

කැපිටෝල් ඩිවෙලොපර්ස් විසින් ක‍්‍රියාත්මක කරන ලද සාර්ථක ව්‍යාපෘති අතරට ධර්මපාල මාවතේ පිහිටි Capitol Residencies" , හැව්ලොක් මාර්ගයේ පිහිටි HR Residencies", යාපනයේ Tulasi Mahal Apartments" , රොස්මීඞ් පෙදෙසේ Capitol 7" , හෝර්ටන් පෙදෙසේ Capitol Elite මෙන් ම ව්‍යාපාරික නගර හෝටලයක් වන Cinnamon Red ද අයත් ය. එහි නවතම සුඛෝපභෝගී අනුනිවාස ව්‍යාපෘතිය වන Capitol Twin Peaks ගුවන් විවේකී ස්ථානයක් මෙන් ම කොළඹ නගරය, බේරේ වැව මෙන් ම වෙරළ තීරය හා වරාය දිස්වන මනරම් දර්ශනයක් ද සපයයි.

ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය කෝට්ටේ නාවල, නාවල පාරේ, 9 වන පටුමගේ, අංක 192/10 දරණ ස්ථානයේ පිහිටි එස් පී ගොඩනැගිල්ලේ පිහිටුවයි. මෙය සීඝ්‍රයෙන් වෙළඳ නගරයක් බවට පත්වෙමින් ඇති කෝට්ටේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටවූ Regus හි දෙවන ව්‍යාපාරික මධ්‍යස්ථානයයි.

Regus හි ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා සහ Regus ශ්‍රී ලංකා ප්‍රධානි ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් මෙම වෙළඳ මධ්‍යස්ථානය විවෘත කෙරිණ. වඩාත් කාර්යක්ෂම ලෙස සේවා ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා වන සියලු පහසුකම් සහිත මෙම නව ව්‍යාපාරික මධ්‍යස්ථානය පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක පිහිටා තිබේ. සේවා ස්ථාන සැපයීමේ ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන Regus ශ්‍රී ලාංකේය වෙලඳ පලේ අරමුණු සහ අභිප්‍රායන් මැනවින් වටහා ගනිමින් කටයුතු කරයි.

මෙම නව ව්‍යාපාරික මධ්‍යස්ථානය නවීන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවකින් ද සමන්විත වන අතර ප්‍රජා රැස්වීම් සඳහා වන පහසුකම් වලින් ද යුක්ත වෙයි.මීට අමතරව පුද්ගලික කාර්යාල, වෙන් කළ සේවක අවකාශ, ආදියෙන්ද මෙම මධ්‍යස්ථානය සමන්විත වන අතර ව්‍යවසායකයින්ට සහ වෘත්තීයවේදීන්ට සිය කාර්යාල පරිශ්‍රයන් විධිමත්ව අවම වියදමක් යටතේ පවත්වාගෙන යාමේ සියලු පහසුකම් මෙම Regus ව්‍යාපාරික මධ්‍යස්ථානය සතු වෙයි.

ඕනෑම තරාතිරමක ඕනෑම සමාගමකට සිය සේවා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් වලින් මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය සමන්විත වෙයි. මෙම මධ්‍යස්ථානය අභ්‍යන්තර කාර්යාල 11කින් සැදුම් ලත් බාහිර පුද්ගලික කාර්යාල 28 ක් සහිත වෙයි. මෙම මධ්‍යස්ථානයේ එක් මහලක් සම්පූර්ණයෙන්ම පුද්ගලයින් 150ක ප්‍රමාණයක් සඳහා වන පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා පහසුකම් මෙන්ම , අති නවීන රැස්වීම් පහසුකම්,ශ්‍රවණාගාර ආදියෙන් සමන්විත වෙයි. විවෘත ඉහළ මාලය උත්සව සහ සාද ආදිය පැවැත්වීම සඳහා භාවිත කළ හැකි අතර පුද්ගලයින් 200 දෙනෙකු සඳහා පමණ එහි රැඳවිය හැකිය.

Regus හි ව්‍යාප්ති සැලසුම් පිළිබඳව අදහස් දැක්වූ එහි ආසියානු කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර සමාගමක් වශයෙන් වෘත්තියවේදීන් ට සහ ව්‍යවසායකයින්ට පමණක් නොව බහු ජාතික සමාගම් වලට වුව වඩාත් නම්‍යශීලී කොන්දේසි යටතේ සුපිරි කාර්යාල සහ සේවා ස්ථාන සඳහා පහසුකම් සැපයීමට Regus කටයුතු කරන බවයි. සිය සේවා පහසුකම් ශ්‍රී ලංකාවේ දියත් කීරීමෙන් පසු මේ වනවිට තම ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර ජාලය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක සිටින බව ද හෙතෙම කීය.

Regus හි නව ව්‍යාපාරික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා සඳහන් කළේ සේවා ස්ථානයේ පරිසරය සහ ස්වභාවය පිළිබඳව ශ්‍රී ලංකාවේදී Regus නිරන්තර අවධානය යොමු කරන බවයි. ප්‍රමුඛතම සේවා ස්ථාන සැපයුම්කරු වශයෙන් නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය කෝට්ටේ පිහිටුවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන්ම ඵලදායිතාව සහ නම්‍යශීලී සේවා ස්ථාන පහසුකම් අපේක්ෂා කරන වෘත්තියවේදීන් සහ ආයතන Regus වෙතින් කාර්යාල විසඳුම් සපුරාගන්නා බවත්, ඔවුන්ගේ අපේක්ෂාවන් යථාර්තයක් බවට පත්කරමින් වඩා ඵලදායිතාවයෙන් යුතු නම්‍යශීලී පහසුකම් සැපයීමට Regus කටයුතු කර ඇති බවත් ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා සදහන් කළේය. තම පාරිභෝගිකයින් සහ පාරිභෝගික ආයතන වඩා සාර්ථකත්වයට පත්කීරීම Regus හි දර්ශනය බවද හෙතෙම වැඩිදුරටත් කීය. මේ නිසා ශ්‍රී ලංකාව තුළ Regus හි සේවා ව්‍යාප්තිය තුළින් පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් සැපයීමට හැකියාව ලැබී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානය සතු වන නිසා මෝටර් රථ හිමියන්ට වාහන නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවේ.එමෙන්ම ප්‍රමුඛ අවන්හල් සහ කෝපි හල් කිහිපයක්ම මෙම ස්ථානය ආසන්නයේ පිහිටා තිබීම තවත් පහසුවකි.

Regus ශ්‍රී ලංකා මේ වනවිට කොළඹ කොටුව - ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 07 - ධර්මපාල මාවත - GPD ගොඩනැගිල්ල, කොළඹ 4- බෞද්ධාලෝක මාවත - මැක්ලර්න්ස් ගොඩනැගිල්ල, නාවල- නාවල පාරේ ලෝටස් ගොඩනැගිල්ල, දෙහිවල දුටුගැමුණු වීදියේ බර්නාඩ්ස් බිස්නස් පාර්ක් සහ කොළඹ 2 පාක්ලන්ඩ් ගොඩනැගිල්ල යන ස්ථානවල ව්‍යාපාරික මධ්‍යස්ථාන පවත්වාගෙන යයි.

මෙරට දේපළ වෙළෙදාම් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ ව්‍යාපෘතියක් වන ‘‘නිවාසි ඩිවෙලොපර්ස්’’ මාලඹේ ප‍්‍රදේශයේ කේන්ද්‍රකර ගනිමින් ස්ථාපිත කළ ඕකිඞ් නිවාස සංකීර්ණයේ අතිසාර්ථකත්වය හමුවේ එහි දෙවැනි අදියරට පියවර තබයි. මාලඹේ ප‍්‍රදේශයේ නිවාස සදහා වැඩි වටිනාකමක් එක්කරමින් ආරම්භ වූ ඕකිඞ් නිවාස ව්‍යාපෘතිය පවතින තරගකාරී වෙළෙදපොළ තුළ වඩාත් සුරක්ෂිත හා මුදලට වැඩි වටිනාකමින් යුත් ආයෝජනයක් ලෙස ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇති බව එහි දෙවැනි අදියර ආරම්භයට පෙර සිටම ගැනුම්කරුවන් විසින් සිදුකළ වෙන්කරවා ගැනීම් තුළින් පිළිඹිබු වී තිබේ.

සීග‍්‍රයෙන් දියුණු වෙමින් පවතින නගරයක් වන මාලඹේ ප‍්‍රදේශය තුළ මේ වන විට සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ වී තිබේ. මාර්ග පද්ධති හා තවත් දැවැන්ත ව්‍යාපෘති රැසක් ඒ අනුව ආරම්භ වී ඇති අතර අධිවේගි මාර්ග පද්ධති දැනටමත් මාලඹේ නගරය හරහා වැටී ඇති අතර සැහැල්ලූ දුම්රිය සේවාවක් ද ඒ හරහා ඉදිකිරීමට යෝජිතව ඇත. සංවර්ධන සැලසුම් අතර තොරතුරු තාක්ෂණ නගරයක් බවට පරිවර්ථනය කරමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතන සදහා වැඩි ඉඩක් මාලඹේ නගරය තුළ වෙන් කිරීමටද සැලසුම් කර තිබේ. උසස් අධ්‍යාපනය සදහා පෞද්ගලික විශ්ව විද්‍යාල රැසක් ද මේ වන විටත් මාලඹේ නගරය තුළ ස්ථාපිතව පවතින අතර සුප‍්‍රකට පෞද්ගලික පාසල් ද ඒ අතර පවතී. ජීවත් වීමට වඩාත් මිත‍්‍රශීලි පරිසර වටපිටාවක් මෙන්ම සංවර්ධිත නගරයක් ලෙසින් මාලඹේ නගර සීමාවේ දේපල සදහා වැඩි වටිනාකමක් මේ වන විට ගොඩනැගෙමින් පවතී.

ෂක්‍ක්‍ සමාගමට අනුබද්ධිත ආයතනයක් ලෙස කි‍්‍රයාත්මක නිවාසි වසර 15කට වැඩි කාලයක් පුරා දේපළ වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ විශ්වාසනීය ව්‍යාපෘතියක් ලෙස නිවාස ඒකක 2000කට වැඩි ප‍්‍රමාණයක් රටපුරා ස්ථාපිත කර තිබේ. වසර 30කට වැඩි කාලයක අත්දැකීම් සහිත ෂක්‍ක්‍ සමාගමට මෙරට ඉදිකිරීම් කෂේත‍්‍රයේ නොමැකෙන සලකුණක් තැබීමට සමත්ව ඇති අතර දෙස් විදෙස් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා සැපයුම් ආයතන අතර පුරෝගාමී ආයතනයක් ද වේ.

වර්ථමානයේ ගැනුම්කරුවන්ට ඔබින නවතම අංගඋපාංග වලින් සමන්විත ඕකිඞ් නිවාස ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ අධිසුඛෝපභෝගි නිවාස ඒකක 6ක් ද ඇතුලූව නිවාස ඒකක 156ක් ඉදිකරනු ලබයි. පරිසර හිතකාමීබව සුරකමින් ඉදිකරනු ලබන මෙම ව්‍යාපෘතිය හරහා ස්වභාවික පරිසරයේ සෞන්දර්ය අත්විදිමින් නවීන පහසුකම් සහිත නිවසක හිමිකරුවකු වීමට මේ තුළින් අවස්ථාව උදාවනු ඇත. ඊට අමතරව සියලූ උපාංග සපිරි ව්‍යායාම මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක, ආරක්ෂක පද්ධති, විදුලිජනන පද්ධති, වායුසමීකරණ, ගිනි ගැනීම් අනතුරු ඇගවීමේ පද්ධති හා විදුලිසෝපාන ඇතුලූ පහසුකම් රැසකින් ද ව්‍යාපෘතිය සමන්විතව පවතී. ව්‍යාපෘතිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිතයි.

ඕකිඞ් දෙවැනි අදියරෙහි සීමිත නිවාස සංඛ්‍යාවක් රුපියල් මිලියන 10 සිට මිලදී ගැනීමේ හැකියාව පවතින අතර රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවා එය වෙන් කර ගැනීමේ හැකියාව පවතී. ඉදිකිරීම් කාලය තුළ පොළී රහිත ගෙවීම් පහසුකම් පවතින අතර බැංකු ණය පහසුකම් සලසා දී ඇත.

ලෝක බැංකු දත්ත වාර්ථාවන් පෙන්වා දෙන්නේ අනුව ඉදිරි වසර 15 තුළ මිලියන 250කට වැඩි ජනකායක් දකුණු ආසියානු රටවල ජීවත් වීමට වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරමින් සිටින බවයි. ඒ අනුව මෙරට දේපළ වෙළෙදාම් ක්ෂේත‍්‍රය ඔස්සේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙමින් හො`ද ආයෝජන අවස්ථාවක් උදාකර දීම නිවාසි ඩිවොලොපර්ස්හි තවත් ප‍්‍රධානතම අරමුණකි.

මෑතකාලීනව ශ‍්‍රී ලංකාවේ ආරම්භ වූ සුවිශේෂීම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ‘Cinnamon Life’ ව්‍යාපෘතියේ දෙවැනි නේවාසික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වෝටර්ෆ්රන්ට් ප්‍රොපටීස් (පුද්) සමාගම [Waterfront Properties (Private) Limited] නිවේදනය කළේය. ‘The Suites at Cinnamon Life’ ලෙස නම්කර ඇති මෙය වර්ග අඩි මිලියන 4.5 ක ප‍්‍රමාණයකින් යුක්ත වනු ඇත. වෝටර්ෆ‍්‍රන්ට් ප්‍රොපටීස් සමාගම යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි.

මෙය දියත් කරන අවස්ථාව වන විටි ‘The Suites at Cinnamon Life’ හි පෙර-වෙන්කරවාගැනීම් 15% ඉක්මවා තිබූ තර, පළමු නේවාසික ගොඩනැගිල්ලෙහි 50% කට වැඩි ප‍්‍රමාණයක් දැනටමත් අලෙවි වී අවසන් වී ඇත.

හ්යුන්ඩායි ඉංජිනියරින් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන් (Hyundai Engineering and Construction) සමාගම මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන අතර ඇමරිකානු ඩොලර් මිලියන 850 කට අධික ආයෝජනයකින් යුතුව ඉදිකෙරෙන ‘Cinnamon Life’ ව්‍යාපෘතිය මේ දක්වා මෙරට පෞද්ගලික අංශයේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන විශාලතම කේවල ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකේ.

මීටර 136 ක් උසකට නැගෙන මෙම දෙවැනි නේවාසික ගොඩනැගිල්ල මහල් 39 කින් සහ සුඛෝපභෝගී නිවාස 196 කින් සමන්විත වනු ඇත. ඊට අමතරව පිහිනුම් තටාකයක්, නවීන කාය වර්ධන මධ්‍යස්ථානයක්, ස්ටීම් සහ සෝනා කාමර ඇතුළුව නවීනතම පහසුකම් සහ අලංකාර පරිසරයක් සහිතව මෙය නිර්මාණය කෙරේ.

”නිදන කාමර දෙකේ නිවාස 192 ක් සහ Penthouse වර්ගයේ නිවාස 4 ක් ඇතුළත් ‘The Suites at Cinnamon Life’ ව්‍යාපෘතිය මෙසේ ආරම්භ කිරීමට ලැබීම අපට විශාල සතුටක්.‘The Residence at Cinnamon Life’ නමින් ආරම්භ කළ පළමු ගොඩනැගිල්ල පෙන්නුම් කළ විශාල සාර්ථකත්වය නිසා මෙසේ දෙවෙනි ගොඩනැගිල්ලේත් ඉදිකිරීම් ආරම්භ කරන්නට අප තීරණය කළා. දැනටමත් මෙයින් නිවාස වෙන්කරවා ගැනීම සඳහා ජනතාව අතර ඇත්තේ විශාල උනන්දුවක්. මේ ව්‍යාපෘතිය පාරිභෝගිකයන්ට මෙන්ම ආයෝජකයන්ටත් පැහැදිලි ප‍්‍රතිලාභ ගෙනදෙන ව්‍යාපෘති වීම ඊට එක් හේතුවක් කියා අප සිතනවා.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දේපළ අංශයේ ප‍්‍රධාන අලෙවි නිලධාරී සහ විධායක උප සභාපති රොෂානි ජයසුන්දර මොරායස් මහත්මිය පැවසුවා ය.

කොළඹ නගරය මධ්‍යයේ ජලාශයකට මුහුණලා ඉදිවන ‘Cinnamon Life’ ව්‍යාපෘතිය මෙරට වාණිජ අගනගරයේ වඩාත්ම කැපීපෙනෙන ඉදිකිරීම් අතරින් එකක් බවට ඉක්මනින්ම පත්වනු ඇත. ‘Life Capital’ සංකල්පයක් මත පදනම් වී ඇති මෙය කාමර 800 ක සුඛෝපභෝගී Cinnamon හෝටලය, විනෝදාස්වාදය සඳහා වෙන්වූ අංග, සුඛෝපභෝගී නිවාස, අතිනවීන කාර්යාල ගොඩනැගිලි, සුපිරි සාප්පු සංකීර්ණ, ආපනශාලා, උත්සව ශාලා සහ රංගශාලා වැනි විශේෂාංග රැුසකින් සමන්විත වනු ඇති අතර සංචාරකයන් 5,000 ක් සඳහා එහි එකවර ඉඩ පහසුකම් සැලසෙනු ඇත.

නව ගොඩනැගිල්ල දියත් කිරීමට සමගාමීව, නව නිවාසවලට ඇතුළත් වන අංග දැකබලාගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමේ අරමුණින් ‘Cinnamon Life Show Apartment’ නමින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දීමටද සමාගම කටයුතු කළේ ය. මේ සියල්ල සමගින් පාරිභෝගිකයන් සහ ආයෝජකයන් වෙතින් ව්‍යාපෘතිය සඳහා පළවන උනන්දුව දිනෙන් දින ඉහළ යමින් පවතී.

‘Cinnamon Life’ ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලෝ ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කලා ශිල්පියෙකු සහ ඉංජිනේරුවෙකු වන Cecil Balmond මහතා ය. ලන්ඩනයේ ArcelorMittal Orbit සහ චීනයේ ක්‍ක්‍ඔඪ ගොඩනැගිල්ල වැනි නිර්මාණ ඒ මහතාගේ ලෝ ප‍්‍රකට නිර්මාණ අතර ප‍්‍රධාන තැනක් ගනී.

ජෝන් කීල්ස් සමූහයේ දේපළ වෙළඳාම් අංශය මේ වනවිට Crescat City හි Monarch and Emperor, Onthree20 සහ ග්‍රෙගරි පාරේ 7th Sense වැනි ව්‍යපෘති රැසක් අති සාර්ථක ලෙස ක‍්‍රියාවට නංවා ඇත.

මහජනතාවගේ විශ්වාසය සහ ගෞරවය දිනාගත් ශී‍්‍ර ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනයන්ගෙන් එකක් වන මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී සිය 41වැනි සංවත්සරය සැමරුමට සමඝාමීව තම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් එහි මාතර ශාඛාව නව නිවහනකට රැුගෙන යන්නේ සිය ජයග‍්‍රාහී මාවතේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

ලීසිං සහ කල්බදු පහසුකම්, ව්‍යාපාර ණය, උකස්, ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු තවත් මූල්‍ය සේවා රැුසක් සලසමින් වඩාත් ආකර්ෂණිය හා තර`ගකාරී දීමනා සහ සුරක්ෂිත බව තහවුරු කිරීම තුළින් ව්‍යවසායකයින් සහ පුද්ගල ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් ස`දහා ගනුදෙනුකරුවන් දිරිගැන්වීම වැනි සේවාවන් රැුසක් එම ශාඛාව ඔස්සේ කි‍්‍රයාත්මක කරනු ලබයි.

ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරන මල්ටි ෆයිනෑන්ස් ආයතනය ජාතික ආර්ථිකයට දක්වන සකි‍්‍රය දායකත්වය තුළින් විවිධ ක්‍ෂේත‍්‍රවල විවිධ වෙළෙඳපොළවල ජයග‍්‍රාහී මාවතට පැමිණ ඇති බව ප‍්‍රධාන විධායක නිලධාරී පුෂ්පික ජයසුන්දර මහතා පවසයි. මාතර අනගාරික ධර්මපාල මාවතේ අංක 134 දරණ නව පරිශ‍්‍රයට පැමිණීමෙන් පසුව ස්වකීය සේවා වඩාත් පුළුල් ලෙස ලබාදීම හරහා ජාතික ආර්ථිකය පෝෂණය කිරීමේ කොටස්කරුවෙකු වීමේ සතුට නිරතුරුව සිය ආයතනයට ලැබෙන බවද ඔහු කියා සිටියේය.

’‘සමාගමේ උපායමාර්ගික ගමන් මාර්ගය වනුයේ ජනතාවට උපකාර කිරීමයි. ජනතාවගේ ජීවනෝපායන් දිරිගැන්වීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දායක වීම අපගේ අරමුණ වී තිබෙනවා. අපගේ දැක්ම ඔස්සේ විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම තුළින් මෙරට ජනතාව සම`ග අත්වැල් බැ`ද ගැනීම අපගේ ව්‍යාපාරය මෙතරම් දුරට වර්ධනය වීම කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධයකයක්. සෑම පුද්ගලයකුගේම පළමු මූල්‍ය විසදුම බවට පත්වීම අපගේ දැක්මයි.’’ යනුවෙන් මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී හි ප‍්‍රධාන විධායක නිලධාරී පුෂ්පික ජයසුන්දර මහතා ස`දහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒම මහතා පෙන්වා දුන්නේ ‘‘මාතර ශාඛාව ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළ`ගාවිය හැකි නව ස්ථානයක් වෙත රැුගෙන යාම තුළින් වැඩි පිරිසක් වෙත වෙත සිය සේවාවන් අත්විදීමේ පහසුව සලසා දීම අපගේ අපේක්ෂාවයි.’’ යනුවෙනි. මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී හී ශක්තිමත් කළමණාකරණය මනාකොට ඔප්පු කරමින් වර්ථමානයේ ස්වාධීන ආයතනයක් වශයෙන් ජයග‍්‍රාහී හා ස්ථාවර මාර්ගයකට අවතීර්ණ වී ඇත්තේ මීට වසර තුනකට ඉහතදී හදුන්වා දුන් ශක්තිමත් මූල්‍ය කළමණාකරණ යාන්ත‍්‍රණය නිසාවෙනි. ක්ෂේත‍්‍රයේ නිවැරදි කි‍්‍රයාපිළිවෙත් සහ කළමණාකාරිත්වයේ ¥රදර්ශී තීන්දු තීරණ අසීරු අවස්ථාවන් ස`දහා සාර්ථකව මුහුණ දීමටත් අභියෝග ජය ගනිමින් වසර ගණනාවක් පුරාවට සමාගමේ ඉලක්ක සපුරා ගැනීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.

ඉතා ශක්තිමත් ජාලයකට හිමිකම් කියන මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී හි ප‍්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර මහනුවර, ගම්පහ, රත්නපුර, අනුරාධපුර, කුරුණෑගල, මරදාන සහ මාතර යන ප‍්‍රදේශවල තවත් මෙහෙයුම් කාර්යාල ස්ථාපිතව පවතී. වෘත්තිමය නිපුණත්වය විදහා දක්වමින් සියලූම කාර්යාලය බැංකු හා සමාන අන්දමින් ජාලගත කර තිබේ.

1974 වසරේ දී සෙංකඩගල පුරවරය සිය කේන්ද්‍රස්ථානය කරගනිමින් ස්ථාපිත කරන ලද මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක මූල්‍ය සමාගමකි. වසර පහකට ආසන්න කාලයකට සිට එම සමාගම කොළඹ කොටස් හුවමාරුවේ දිරිසවි මණ්ඩලයේ ලැයිස්තුගත සමාගමක්ද වේ. මෙරට මූල්‍ය සමාගම් අතර කීර්තිමත් නාමයක් දිනා සිටින මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී සමාගම ගෙවුණු කාලය පුරා ක්ෂේත‍්‍රයේ නව මූල්‍ය සේවා සැලසුම් සම`ග සිය ව්‍යාපාරය පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සමත්ව සිටියි.

මල්ටි ෆයිනෑන්ස් පීඑල්සී නිරතුරුවම අවශ්‍යතා හදුනා ගනිමින් නව්‍ය හා එකිනෙකට වෙනස් සේවා හා මූල්‍ය විසදුම් රැුසක් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් හදුන්වා දී තිබේ. සමාගම විසින් හදුන්වා දී ඇති සේවාවන් තුළින් බිම් මට්ටමේ සිට කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම ඉහළ පෙළ සංස්ථාපිත සේවාදායකයින් වෙතද ළ`ගා වීමට හැකියාව ලැබී තිබේ. මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂි කර්තව්‍යයක් ඉටුකරමින් විවිධ ක්ෂේත‍්‍ර ඉලක්ක කරගත් විශ්වාසනීය, සාධාරණ, මූල්‍ය විසදුම් හදුන්වාදීමට මල්ටි ෆයිනෑන්ස් පී.එල්.සී සමාගමට හැකි වී තිබේ. මාතර ශාඛාව නව ස්ථානයක් වෙත රැුගෙන යාම තුළින් ගනුදෙනුකරුවන් වෙත තවත් සමීප වෙමින් වඩාත් අර්ථවත් ලෙස සිය සේවාවන් පවත්වාගෙන යාම සමාගමේ අපේක්ෂාවයි.

BMICH උත්සව සහ වෙන්කිරීම් කළමනාකාර මහේෂ් අමරසිංහ මහතා

මෙරට ප්‍රෞඩ ඉදිකිරීමක් වන BMICH උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා කදිම තෝතැන්නකි. උත්සව සංවිධායකවරුන්ගේ විවිධ අවශ්‍යතාවන්ට අනුව තෝරාගත හැකි නවීන පහසුකම් වලින් සමන්විත එකිනෙකට වෙනස් පරිශ්‍ර 20 කට අධික සංඛ්‍යාවක් BMICH සතුය. උත්සව හා ප්‍රිය සම්භාෂණ අවස්ථාවන්ට සුදුසු BMICH පරිශ්‍රයන් හා මෙහි ඉදිරි සැලසුම් පිළිබඳ BMICH උත්සව සහ වෙන්කිරීම් කළමනාකාර මහේෂ් අමරසිංහ මහතා අදහස් දක්වන්නට එක්වූයේ මෙලෙසිනි.

BMICH උත්සව හා ප්‍රිය සම්භාෂණ වැනි අවස්ථාවන් වලට පමණක් නොව ආයතනික රැස්වීම් වැනි අවස්ථාවන් වලට ලබාදෙන වෙනත් පහසුකම් පිළිබඳ පැහැදිලි කළොත් ?

BMICH පරිශ්‍රය තුළ කමිටු පරිශ්‍ර රාශියක් පිහිටා තිබෙනවා. මෙම කමිටු පරිශ්‍ර‍ තුළ පුද්ගලයින් 10 දෙනෙකුගේ සිට 500 දක්වා වූ පිරිසකට එකවර අසුන්ගත හැකි ඉඩකඩ පවතිනවා. හෝටල් වල තිබෙන උත්සව ශාලාවන් හා සංසන්දනය කර බැලූ විට BMICH පරිශ්‍රයන් දේශන, රැස්වීම්, සමුළු, වැඩමුළු, ප්‍රසංග ආදිය වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර තිබෙනවා.

උත්සව සංවිධායකවරුන්ගේ විවිධ අවශ්‍යතාවන්ට සරිලන ලෙස මේ පරිශ්‍රයන් වල ආසන සකස් කිරීමේ හැකියාව ද පවතිනවා. එපමණක්ම නොවෙයි මේ පරිශ්‍ර තුළ නවීන තාක්ෂණයෙන් මෙහෙයවන ආලෝකකරණ පද්ධති හා වේදිකාවන් පවතින අතර මෙහි එන අමුත්තන්ට වෙනස්ම අත්දැකීමක් හිමිකරදීමට ද හැකියි.

මෙහිදී BMICH පරිශ්‍රය තුළ පිහිටා තිබෙන විවිධ උත්සව අවස්ථාවන්ට සුදුසු අනෙකුත් පරිශ්‍රයන් පිළිබඳ මතක් කළ යුතුයි. මීට පෙර A හා B ලෙස නම්කර තිබුණු කමිටු කාමර පිළිවෙලින් ජස්මින් (A) හා ලෝටස් (B) ලෙස නම්කර තිබෙනවා. එමෙන්ම, C හා F ලෙස නම්කර තිබුණු කමිටු කාමර ලැවන්ඩර් (C‍) හා සැෆ්රන් (F‍) ලෙස නම්කර තිබෙනවා. ජස්මින් හා ලෝටස් පරිශරර දෙකේම බැල්කනි පහසුකම් පවතින අතර මේ කමිටු කාමර දෙකේම සමස්ත උස අඩි 20 කටත් වඩා වැඩියි. එමෙන්ම, ලැවන්ඩර් හා සැෆ්රන් පරිශරපරි ද පරිේ ය සම්භාෂණ හා සාද සංවිධානය කිරීමට මනාව සුදුසුයි. ප්‍රභූන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් වැනි සම්භාවනීය පිරිස් සහභාගී වන සාකච්ඡා හා හමුවීම් වලට පවා වෙන්වුණු කාමර BMICH පරිශ්‍රය තුළින්ම ලබාදීමේ හැකියාව පවතින නිසා මෙය සංවිධායකවරුන්ට ද මනා පිටුබලයක් වනවා.

බොහෝ හෝටල් තුළ උත්සව අවස්ථා සංවිධානය කිරීමේදී ශ්‍රව්‍ය/දෘෂ්‍ය පහසුකම් ලබාගන්නට සිදුවන්නේ පිටතින්. නමුත්, BMICH පරිශ්‍රයේ තිබෙන නවීන ශ්‍රව්‍ය/දෘෂ්‍ය තාක්ෂණයෙන් යුතු බහුමාධ්‍ය ඒකකය මෙහෙයවන්නේ ද අපේම කාර්යමණ්ඩලයයි. එපමණක් නොවෙයි වෙනත් කිසිදු සම්මේලන හා ප්‍රදර්ශන පරිශ්‍රයක් තුළ නොපවතින එකවර භාෂා 32 කට පරිවර්තන ලබාගත හැකි අතිනවීන පහසුකම් ද අප සතුයි.

BMICH තුළ උත්සව, ප්‍රිය සම්භාෂණ හා සම්මේලන පැවැත්වීමේදී අදාළ සංවිධායකවරුන්ට අප සතු සුවිශේෂී පහසුකම් නොමිලේ ලබාදෙනවා. හදිසි අවස්ථාවකදී හා නිවේදන දැනුම් දිය හැකි මහජන ඇමතුම් පද්ධතිය, සංදර්ශන හා උත්සව අවස්ථාවන් වලදී වෙස් ගැන්වීම් හා විවේක ගැනීමට වෙන්කර තිබෙන කාමර හා LED ආලෝකකරණ පද්ධතිය ආදිය මීට ඇතුළත් වනවා.

මෙරට පවතින අනෙකුත් උත්සව හා ප්‍රිය සම්භාෂණ පරිශ්‍රයන් හා සසඳා බැලීමේදී BMICH මගින් ලබාදෙන අනෙකුත් සුවිශේෂී සේවාවන් මොනවාද ?

අප සේවාදායකයින්ට හිමිකරදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ මා මීට පෙරත් පැහැදිලි කළා. අප සේවාදායකයින්ට ලබාදෙන සුවිශේෂී පහසුකම් හා පරිශ්‍රයන් අතිශය සුවිශේෂී වනවා වගේම අදාළ උත්සව අවස්ථාවේදී අපටම අනන්‍ය වූ වෙනසක් සංවිධායකවරුන්ට හිමිකරදීමට අප කටයුතු කරනවා. BMICH කොළඹ නගර මධ්‍යයේ පිහිටා තිබුණත් අන් කිසිදු පරිශ්‍රයක දක්නට නොමැති ලෙස රථ වාහන 2500 කට අධික ප්‍රමාණයක් BMICH පරිශ්‍රය තුළ නවතා තැබීමට හැකියි.

දේශීය හා විදේශීය මට්ටමින් ඔබ ඇතිකරගෙන තිබෙන මූලෝපායික හවුල්කාරීත්වයන් පිළිබඳ සඳහන් කළොත් ?

BMICH මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් ලෙස දෙස්, විදෙස් හවුල්කාරීත්වයන් රැසක් ඇතිකරගෙන තිබෙනවා. ඒ අතරට ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන සංගමය (ICCA) සමග අප ඇතිකරගෙන තිබෙන හවුල්කාරීත්වය අතිශයින් වැදගත්වනවා. මේ වනවිට ඔවුන් සමග තිබෙන සාමාජිකත්වය අලූත් කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම, BMICH ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) හා ශ්‍රී ලංකා වෘත්තීය සම්මේලන සංසදය, ප්‍රදර්ශන හා රැස්වීම් සංවිධායකවරුන්ගේ සංසදයේ (SLAPCEO) ද සාමාජිකත්වය දරනවා. නව දේශීය විදේශීය සම්බන්ධතා ඇතිකරගැනීමට හා පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ද අප අපේක්ෂාව වී තිබෙනවා.

ව්‍යාපාර ඉලක්ක කරගත් සංචාරක ක්ෂේත්‍රයට අයත් වන රැස්වීම්, සම්මේලන, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන (MICE) වැනි අංශ වල අවධානය BMICH වෙත හිමිකරගැනීමට තිබෙන අනාගත සැලසුම් මොනවාද ?

ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන වලට සම්බන්ධ වීමේ සැලසුමක් අපට තිබෙනවා. BMICH පරිශ්‍රයන් වල විවිධ උත්සව හා ප්‍රිය සම්භාෂණ වැනි අවස්ථාවන් සංවිධානය කිරීමේදී අප ලබාදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ද කටයුතු කරනවා.

මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය ඊ-මේල් හා සමාජ මාධ්‍ය ජාල ආදිය මෙන්ම වෙනත් ඔන්ලයින් මාධ්‍යය තුළින් ශක්තිමත් කිරීමේදී ඩිජිටල් මාධ්‍ය පිළිබඳ අප සුවිශේෂී අවධානයක් යොමුකර තිබෙනවා. විවිධත්වයෙන් යුතු අලෙවි කණ්ඩායමක් හා අලෙවි දැක්මක් BMICH සතුයි. ගෝලීයව පහසුවෙන් පිවිසිය හැකි .com පිවිසුම තුළින් BMICH නව වෙබ් අඩවිය එළිදැක්වීමේ සැලසුමක් තිබෙනවා. රැස්වීම්, සම්මේලන, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන (MCE) වැනි ජාත්‍යන්තර තලයේ උත්සව අවස්ථාවන් වාර්ෂිකව අප පරිශ්‍රයන් තුළදී සංවිධානය කිරීමට සංවිධායකවරුන්ව දිරිගැන්වීමට ද අප අදහස් කරගෙන තිබෙනවා. එමෙන්ම, ආයතනික ක්ෂේතරුන්ය තුළ BMICH පිළිබඳ පරප පවර්ධන වැඩසටහන් තවදුරටත් දියත් කිරීමට ද අප සැලසුම් කරගෙන තිබෙනවා.

 

ඉන්ටනැෂනල් කන්ස්ට‍්‍රක්ෂන් කන්සෝටියම් (International Construction Consortium) සමාගමට අයත් මෙරට ප‍්‍රමුඛ පෙළේ දේපළ සංවර්ධන සමාගමක් වන නිවාසී ඩිවෙලොපර්ස් සමාගම පසුගියදා සිය නවතම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළේ ය. සමාගම ක‍්‍රියාත්මක කරන 6 වැනි නිවාස ව්‍යාපෘතිය වන මෙය නම්කර ඇත්තේ ‘Orchid Apartment’ යනුවෙනි. මෙයට පෙරද මාලඹේ ප‍්‍රදේශයේ මහල් 12 කින් යුත් නිවාස සංකීර්ණයක වැඩ අවසන් කරන ලද අතර එය 2016 මැයි මාසයේදී හිමිකරුවන් වෙත පැවරෙනු ඇත.

සුන්දර හරිත පරිසරයක් මැද ඉදිවන ‘Orchid Apartment’  නිවාස සංකීර්ණය දෙමහල් (Duplex) නිවාස 6 ක් ඇතුළුව නිවස ඒකක 148 කින් සමන්විත වේ. පරිසරයේ සොඳුරු දසුන් සමීප කරවන ඉඩකඩ සපිරි සඳලූ තල සහිතව ඉදිවන මෙම නිවාස හැකි උපරිමයෙන් ස්වභාවික ආලෝකයෙන් ආලෝකමවත් වන ලෙස සැලසුම් කර ඇත. එමෙන්ම ප‍්‍රධාන පෙළේ පාසල් හා රෝහල් ඇතුළුව සියලූ පහසුකම්වලට සමීපයෙන් හා පිටත වටරවුම් මාර්ගයට නුදුරින් මෙය පිහිටා ඇත. SLIIT, SAITM, CINEC Maritime Campus, Horizon ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වැනි කැපීපෙනෙන අධ්‍යාපන ආයතන රැසක් මාලඹේ පිහිටා තිබීම සුවිශේෂී ලක්ෂණයකි. මේ සියල්ල නිසා මාලඹේ මේ වනවිට බෙහෙවින් දියුණු නගරයක් බවට පත්වී ඇති අතර එහි දේපළවල වටිනාකමද කාලයත් සමග වේගයෙන් වර්ධනය වේ.

මාලඹේ ප‍්‍රදේශයේ බෙහෙවින් ජනප‍්‍රිය ඕකිඞ් නිවාස ව්‍යාපෘතිය අලංකාර භූමියක පිහිටි නවීන නිවාස 170 කින් මෙන්ම නිවාස ඒකක 94 කින් යුත් මහල් 12 ක නිවාස සංකීර්ණයකින්ද සමන්විත වේ. අක්කර 22 ක් පුරා පැතිරී ඇති මේ රමණීය භූමියේ ඉදිකළ නිවාසවල හිමිකරුවන් වන්නේ සමාජයේ කැපීපෙනෙන වෛද්‍යවරුන්, නීතීඥයන්, ඉංජිනේරුවරුන්, ව්‍යාපාරිකයන් සහ විශ‍්‍රාමිකයන් වැනි අයයි.

‘Orchid Apartment’  හි නාන තටාකයක්, නවීන කාය වර්ධන මධ්‍යස්ථානයක්, සෝපාන 3 ක්, ජෙනරේටර් සහ පැය 24 පුරා ආරක්ෂාව වැනි පහසුකම් රැසක් අඩංගු වේ. එමෙන්ම මෙම සෑම නිවාසයක්ම උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය හා උපාංග භාවිතයෙන්, අති නවීන පහසුකම් සහිතව ඉදි කෙරේ. එමෙන්ම දියුණු තාක්ෂණයෙන් යුත් අපද්‍රව්‍ය පිරියම් කිරීමේ යන්ත‍්‍රාගාරයක්ද ස්ථාපිත කිරීමට නියමිත අතර මෙසේ සුපිරි පහසුකම් සහ විශිෂ්ට නඩත්තුව ආදී සාධකද එක්වූ විට මෙය කාලයත් සමග වටිනාකම වේගයෙන් ඉහළ යන අගනා ආයෝජනයක් වනු නිසැක ය.

වසර 15 කට අධික කාලයක් පුරා විහිදෙන අත්දැකීම් සම්භාරයක් සහිත නිවාසී ඩිවෙලොපර්ස් සමාගමේ සේවාදායකයන් සංඛ්‍යාව මේ වනවිට 2,000 ඉක්මවා ඇත. 2017 දෙසැම්බර් මාසය වනවිට ‘Orchid Apartment’ හි ගැනුම්කරුවන්ට නිවාස භාර දීමට සැලසුම් කරන අතර නිවාසවල හිමිකම් පැවරීමද නිසි පරිදි සිදුවේ. ඉන්ටනැෂනල් කන්ස්ට‍්‍රක්ෂන් කන්සෝටියම් සමූහය මේ වනවිට ISO 9001, ISO 14001 සහ OSHAS 18001 සහතික හිමිකරගෙන තිබීම මෙම නිවාසල ප‍්‍රමිතිය තවදුරටත් සහතික කරන සාධකයක් වනු ඇත.
අද දවසේ ආර්ථික රටාව තුළ නිවසක් මිලදීගැනීම සැලකෙන්නේ නැණවත් ආයෝජයක් ලෙසිනි. නිවාසී ව්‍යාපෘති සියල්ලම අධික ඉල්ලූමක් ඇති, ශීඝ‍්‍රයෙන් දියුණු වන ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක කර ඇති නිසා ඒවායේ හිමිකරුවන්ට එම නිවාස නැවත අලෙවි කිරීමේදී ඉහළ වටිනාකමක් ලබාගැනීමට හැකිවී ඇත.

‘Orchid Apartment’  හි නිවාස රු. මිලියන 9.8 සිට ඉහළට මිලදීගත හැකි අතර රු. 500,000 ක තැන්පතුවක් මගින් නිවාස වෙන්කරවාගත හැකි වේ. ඉදිකිරීම් කාලය තුළ ගැනුම්කරුවන් වෙනුවෙන් විශේෂ පහසු ගෙවීමේ ක‍්‍රම හඳුන්වා දී ඇත. එමෙන්ම ඔවුන්ට බැංකු ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාවද සලසා දී තිබීම විශේෂත්වයකි.

 

Nivasie Developers, the pioneering property developer and a fully owned subsidiary of International Construction...

Posted by Lanka Business News on Wednesday, April 6, 2016

මනරම් උත්සව ශාලා දෙකකින් සමන්විත Raffles Residence මන්දිරය, පසුගිය 27 වනදා නුගේගොඩදී ජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි. ආසන 300 සහ 100 යන ධාරිතාවයෙන් මෙම උත්සව ශාලා දෙක සමන්විතවන අතර, ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් රැසක් සමග අත්වැල් බැඳ ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සේවයක් ලබා දීම වෙනුවෙන් Raffles Residence කැප වෙයි.

"Raffles Residence මෙරට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. අප සතු අසමසම පහසුකම් සහ විශේෂඥ දැනුම තුළින් උත්සව සැලසුම් කිරීමේ පටන් එය අවසන්වන තුරු විශිෂ්ට සේවාවක් ලබා දීමට අපට හැකියි. මෙය සැබවින්ම අපගේ ගමන්මග තුළ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි." Raffles Consolidated සමාගම් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ටෝනි බොහොරාන් මහතා සඳහන් කළේය.

Lassana Flora, Out Burst Entertainment සහ Five Star වැනි උත්සව ක්ෂේත්‍රයේ දැවැන්තයන් රැසක් සමග අත්වැල් බැඳ ගනිමින් ඔවුන්ගේ විශිෂ්ට සේවය ද සුවිශේෂී වට්ටම් සහිතව සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලබා දීමට Raffles Residence කටයුතු කරයි. මීට අමතරව, මුල්‍යමය ගැටළු පිළිබඳ ලත වීමෙන් තොරව උත්සව අවස්ථාව මනාව කළමනාකරණය කර ගැනීමේ පහසුව Raffles Residence සලසා දී ඇත.

 

A brand new two-banquet venue was launched in the heart of Nugegoda on 27th March and is truly a destination for glamorous weddings and events.............................--Read More : http://goo.gl/2asCQo

Posted by Lanka Business News on Monday, March 28, 2016

ශී‍්‍ර ලාංකේය ආයෝජකයින්ට තම ආයෝජන තවදුරටත් විවිධාංගීකරණය කිරීමට අවස්ථාව සලසමින් Dwellings සමූහය නව ව්‍යාපෘතියක් පසුගියදා හඳුන්වා දුනි. එ ඕස්ටේ‍්‍රලියාවේ Oliver Hume Property Funds ආයතනය ද සම්බන්ධ කරගනිමිනි. මෙම නව ව්‍යාපෘතිය වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ෂෙල්ටෙන්හැම්හි ඉදිකෙරෙන ILIXIR නම් අධිසුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ය. මුහුදු වෙරළට සමීපයේ එමෙන්ම අංග සම්පූර්ණ සුඛෝපභෝගීත්වයක් ගෙනෙන පරිදි නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය දැනටමත් විශාල ආකර්ෂණයකට ලක්ව තිබේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ දේශීය මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්විණ. එ අනුව මාර්තු මස 19 හා 20 යන දෙදින තුළ කින්ග්ස්බරි හෝටලයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳවත් ශී‍්‍ර ලාංකික ආයෝජකයින්ට ඊට ආයෝජනය කිරීමට ඇති අවස්ථාවත් ගැනත් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ. විශේෂ ආරාධිතයින් මෙන්ම මෙරට ආයෝජකයින්ද මීට එක්වීමට නියමිත ය. 19 දා ILIXIR ව්‍යාපෘතිය පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වෙන අතර 20 දා මුහුණට මුහුණලා ආයෝජන ගනුදෙනු සාකච්ඡා කීරීමේ අවස්ථාව සලසා තිබේ.

මෙම ආයෝජන සඳහා රුපියල් මිලියන 16ක සිට ඉහළට ඕස්ටේ‍්‍රලියානු බැංකු වෙතින් මූල්‍යාධාර ලබාගැනීමේ ක‍්‍රමයක්ද සූදානම් කර තිබේ. Dwellings තම සේවාව තවදුරටත් පුළුල් කර ඇත්තේ නීති කටයුතු සඳහා එරටින් නීතීඥයෙකු ලබාදීම, ඉදිකිරීම් කළමනාකරණය, දේපළ කුලියට දීම, කළමනාකරණය හා අලෙවිය යන සේවාවන් ද ලබාදෙමිනි.

සංවර්ධන ව්‍යාපෘති සෑම අතින්ම දියත් වෙමින් තිබුණද ෂෙල්ටෙන්හැම් යනු තවමත් ස්වභාවික පරිසරය රැකගැනීම ගැන අවධානය යොමුකරන ප‍්‍රායෝගිකත්වයට මුල්තැන දෙන ජනතාවකගෙන් සැදුම්ලත් ප‍්‍රදේශයකි. ඊට හොඳින්ම ගැලපෙන ලෙස ඉදිවෙන මේ නිවාස ව්‍යාපෘතියට දායක වීමට ශී‍්‍ර ලාංකිකයින්ට අවස්ථාව ලැබෙන්නේ විදේශ රටවල දේපළ කළමනාකරණය පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් සම්භාරයක් සහිත Dwellings සමූහයේ සම්බන්ධීකරණයෙන් වීම විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් Dwellings සමූහයේ අධ්‍යක්ෂ තීක්ෂණ සෝමරත්න මහතා පවසන්නේ මෙවැන්නකි. ‘අපි ශී‍්‍ර ලංකාව තුළ දිගටම සාර්ථක ව්‍යාපෘති මෙහෙයවන්න අපේක්ෂා කරනවා. ඇත්තෙන්ම විදේශ ආයෝජනය සඳහා ශී‍්‍ර ලංකාව තුළ හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් තිබෙනවා. විදෙස් රටවල ආයෝජන කරලා වැඩි ලාභයක් ලංකාවට ගෙන එන්න ලාංකිකයන්ටත් මේ අනුව අවස්ථාව විවර වෙනවා’.

Dwellings යනු ඕස්ටේ‍්‍රලියානු දේපළ සංවර්ධනය, අලෙවිය සහ අගය එකතුකිරීම සම්බන්ධයෙන් කටයුතු කරන අංග සම්පූර්ණ (One stop shop) දේපළ ආයෝජන සමාගමකි. Dwellings, උපදේශන විශිෂ්ටත්වයෙන් හා මෙහෙයුම් විශිෂ්ටත්වයෙන් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන නිසාම ආයෝජකයන්ට වටිනා ආයෝජන අවස්ථා විවර වී තිබේ.

 

ශී‍්‍ර ලාංකේය ආයෝජකයින්ට තම ආයෝජන තවදුරටත් විවිධාංගීකරණය කිරීමට අවස්ථාව සලසමින් Dwellings සමූහය නව ව්‍යාපෘතියක් පසුගියදා...

Posted by Lanka Business News on Tuesday, March 15, 2016

2015 දෙසැම්බර් 03, කොළඹ: පෞද්ගලික අංශයේ උපදේශන හා සංවර්ධන සමාගමක් වන Steradian Capital  සමාගම මේ වනවිට සහනදායී මිලකට ලබාගත හැකි නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සැලසුම් කර තිබේ. "මල්ඛෙරි රෙසිඩන්ස්" ලෙස නම්කර ඇති මෙහි සමාරම්භක උත්සවය දෙසැම්බර් 03 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වි‚. 

උසස් තත්ත්වය හා තිරසාරත්වයට මූලිකත්වය ලබාදෙමින් ඉදිකරනු ලබන මෙම නිවාස සංකීර්ණය කොළඹ 09 ප්‍රදේශයේ ඉදිකරනු ලැබීමට නියමිත වේ. මහල් 15 බැගින් වූ කුලූනු 3 කින් යුක්ත මෙම නිවාස සංකීර්ණයේ කුලූනු බිම් මට්ටමේ සිට දෙවැනි මහල දක්වා විශේෂ වේදිකාවකින් සම්බන්ධ වී පවතින අතර මෙම වේදිකාව රථවාහන නවතා තැබීම සඳහා භාවිතා වනු ඇත. 3 වන මහලේ සිට 13 වන මහල දක්වා නිවාසවලින් සමන්විත වන මෙම ව්‍යාපෘතිය 2018 ජනවාරි මාසය අවසාන වනවිට ඉදිකර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. පවතින ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ගත හැකි පරිදි සැලසුම් කර ඇති මෙය නිදන කාමර 2 ක් හෝ 3 ක් සහිත, වර්ග අඩි 1,000 සිට 1,600 දක්වා වන නිවාසවලින් සමන්විත වනු ඇත. 

ලොව හොඳම ඉදිකිරීම් සමාගම් 250 අතරට අයත් Yanjian  සමූහ ව්‍යාපාර සමග අත්වැල් බැඳගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට Steradian Capital  සමාගම අපේක්ෂා කරයි. ටැම් සඳහා බිම හෑරීම (Piling)  ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා මාස 24 ක කාලයක් ගතවෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර කෙටි කාලසීමාවක් ඇතුළත සාධාරණ ගාස්තු යටතේ නව නිවාසයක හිමිකරුවන් වීමට එය පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙනු ඇත. 

"Yanjian  සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන ඉදිකිරීම් රැසකට දායක වී තිඛෙනවා. ඔවුන් සමග එක්වී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබීම අපට මහත් සතුටක් වගේම ගෞරවයක්. සංවර්ධනය යනු හුදෙක් නිවාස තැනීම පමණක් නොවන බව අපි හොඳින් දන්නවා. ඒ නිසා රටේ ජනතාව හා ප්‍රජාවන් සමග සමීපව වැඩකිරීමට  Steradian Capital  සමාගම සූදානම්. අපගේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාව තුළ සහනදායී ගාස්තු යටතේ ඉහළ මට්ටමේ නිවාස ලබාගැනීමේ හැකියාව උදාකරදීම යන්නයි. ඒ නිසා අපි හැමවිටම විශාල ජනගහනයක් වෙසෙන ප්‍රදේශවල ඉඩම් තෝරාගෙන, එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට හැකි ව්‍යාපෘති ක්‍රියාවට නංවනවා."  Steradian Capital  සමාගමේ අධ්‍යක්ෂ හාඩි ජමාල්ඩීන් මහතා පැවසී ය. 

මල්ඛෙරි රෙසිඩන්ස් යනු අවශ්‍ය සියලූ පහසුකම් සපිරි තැනකි. පාසල්, සුපිරි වෙළඳසල්, අවන්හල් සහ විනෝදාස්වාදය සපයන ස්ථාන ඇතුළුව, ජන ජීවිතයට ඛෙහෙවින් වැදගත් වන ස්ථානවලට සමීපව එය පිහිටා තිබේ. යළි නිවැරදි කිරීම් සිදුකිරීමේ ඉඩ නොතබා සියයට සියයක් නිවැරදි ආකාරයෙන් නිවාස ඉදිකිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකරන මෙම ව්‍යාපෘතියේ පහසුකම් සහ පොදු ස්ථානද සුවිශේෂී ලක්ෂණ සහිතව ඉදිවනු ඇත. මෙහි සියලූ දොරටුවල සහ රථගාල තුළ පැය 24 පුරා ආරක්ෂක කැමරා ක්‍රියාත්මක වේ. එමෙන්ම ගොඩනැගිලි මුදුනත විනෝදාස්වාදය සඳහා වෙන්වූ ස්ථානයක් සහ මනරම් ලෙස නඩත්තු කෙරෙන උද්‍යානයක්, දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා වෙන්වූ ස්ථානයක්, මුදුනත වෙනම පිහිනුම් තටාක දෙකක්, කාය වර්ධන ශාලාවක් ආදී පහසුකම් රැසක්ද මීට ඇතුළත් වේ. මේ සියලූ පහසුකම් නිර්මාණය කර ඇත්තේ සියලූම දෙනාගේ පෞද්ගලිකත්වය සුරැකෙන පරිද්දෙනි. 

"ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ගැන අපට බොහොම පුළුල් අවබෝධයක් සහ පළපුරුද්දක් තිඛෙනවා. රටේ තරුණ වෘත්තිකයන් සහ පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීමට තවමත් වෙළඳපොළ තුළ ප්‍රමාණවත් කාර්යභාරයක් ඉටුවී නොමැති බව අපේ අදහසයි. ඒ වෙනුවෙන් නව ආදර්ශයක් සැපයීමට අපගේ ව්‍යාපෘතියට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා." Steradian Capital  සමාගමේ අධ්‍යක්ෂ ආචී වර්මන් මහතා පැවසීය. 

"උසස් ප්‍රමිතිය යනු ඕනෑම කෙනෙකුට පරීක්ෂා කර බැලිය හැකි දෙයක්. ඒ නිසා අපගේ ව්‍යාපාරයේ සෑම අංගයකම ප්‍රමිතිය උසස් මට්ටමක පවත්වාගැනීමට අප සෑමවිටම උත්සාහ කරනවා. ඉඩකඩ කළමනාකරණය අතින් අපේ නිවාස පවතින්නේ විශිෂ්ට මට්ටමකයි. ඉදිරියේදී තවත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට අප බලාපොරොත්තු වනවා. මල්ඛෙරි රෙසිඩන්ස් ව්‍යාපෘතියට අමතරව දැනට පවතින ගොඩනැගිලි වඩාත් අලංකාර සහ ප්‍රායෝගික බවට පත්කිරීම අපේ ඉලක්කයයි. මේ මගින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරමින් සූර්ය පැනල, LG7  ආලෝක පද්ධති සහ නවීනතම වායු සමීකරණ පද්ධති සවිකිරීමට අපට හැකියාව ලැඛෙනවා.˜ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

පෑන් ඒෂියා බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව ඇතුළු බැංකු රාශියක් මේ වනවිට මෙම නිවාස මිලදීගැනීම සඳහා ආකර්ෂණිය පොලී අනුපාත යටතේ පාරිභෝගිකයන්ට ණය පහසුකම් සැපයීමට එකඟ වී ඇත. ඉදිරියේදී තවත් බැංකු රැසක් මේ සඳහා එක්වීමට නියමිත වේ. නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ මහ නගර සභාවේ අනුමැතිය සහිත මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී Steradian Capital  සමාගමේ දැඩි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. ව්‍යාපෘතිය අවසන් වූ පසුව එහි කළමනාකරණය සඳහා වෙනම කළමනාකාරිත්වයක් පත්කෙරෙනු ඇත. මෙම කළමනාකාරිත්ව මණ්ඩලය නිවාස මිලදීගත් පවුල්වල ප්‍රධානීන්ගෙන් සමන්විත වන නිසා තම නිවාස සංකීර්ණය කළමනාකරණය කිරීමේදී තම අදහස් නියෝජනය කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවේ. 

 

03rd December 2015, Colombo: With a vision to develop vibrant communities, with a true sense of place, that fit into...

Posted by Lanka Business News on Thursday, December 3, 2015