ලෝකයේ ප‍්‍රමුඛතම ඩෙනිම් සන්නාම පෙළට අමතරව ‘Denim & Co’ එකතුව දියත් කරයි

ලොව පුරා විලාසිතා රුචි ජනතාව ඩෙනිම් ඇඟලූම් සඳහා ඉහළ කැමැත්තක් දක්වන අතර එය කිසිදා අඩුවන්නේ නැත. මෙරට විලාසිතා ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන ODEL විසින් සිය පාරිභෝගිකයින්ගේ ඩෙනිම් විලාසිතා රුචිකත්වයන් තවත් ඉහළ තලයකට රැගෙන යමින් නව ඩෙනිම් විලාසිතා පෙළක් හඳුන්වා දී තිබේ. මෙම ඩෙනිම් පෙළ තුළින් ආකර්ශනීය ඇඟලූම් ඉදිරිපත් කිරීමේ ODEL සතු ශක්තිය තව තවත් ඉස්මතු වන අතර ලෝකයේ ප‍්‍රමුඛතම සන්නාම වලින් යුතු ඩෙනිම් ODEL වෙතින් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවේ.

මෙම නව ඩෙනිම් පෙළට අමතරව ODEL ලෝකයේ ජනප‍්‍රිය සන්නාම වන ඛැඩස Levi’s, Pepe Jeans London, Wrangler සහ Lee මෙන්ම අනිකුත් ඩෙනිම් සන්නාම සඳහා මෙරට ප‍්‍රමුඛතම විලාසිතාගාරය වේග විවිධල වර්ණ සහ නිමාවන්ගෙන් යුක්ත නව ඩෙනිම් එකතුව නිසා සිතැඟි පරිදි ඩෙනිම් තෝරා ගැනීමට වඩාත් සුදුසු ස්ථානය ලෙස සඳහන් කළ හැකිය.

මෙම නව ඩෙනිම් එකතුව සඳහා 'Denim & Co.' යන නාමය භාවිතා කර තිබෙන අතර ඒ සඳහා linen, chambray, viscose, single jersey, lite-stretch cotton, French terry, crape, සහ chiffon යන රෙදි වර්ගයන්ද යොදාගෙන තිබේ.

ODEL සමාගම අයත්වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂිකා, ඩෙසිරේ කරුණාරත්න මෙනෙවිය මෙම විලාසිතා එකතුව පිළිබඳව මෙසේ අදහස් දැක්වූවාය. ‘ඩෙනිම් විලාසිතාවේ සදාකාලික ජනප‍්‍රියත්වය ලෝකය පුරා පැතිරි තිබෙනවා. ඕනෑම අවස්ථාවකට ගැලපීම සඳහා ඩෙනිම් විලාසිතාවන්ට කදිම හැකියාවක් තිබෙන අතර ලෝකයේ ප‍්‍රමුඛතම ඩෙනිම් සන්නාම රැසක් ODEL වෙත හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම පුළුල් ඩෙනිම් විලාසිතා පෙළ තුළින් පාරිභෝගිකයින්ට තමන්ට කැමති විලාසිතාවක් තෝරාගත හැකියි.’

‘බොහෝ ජාත්‍යන්තර විලාසිතා සන්නාම වලින් පිරුණු සෑමවිටම ගෝලීය විලාසිතා ප‍්‍රවණතාවයන් ඉදිරිපත් කරන විලාසිතා ගමනාන්තයක් ලෙස ODEL සඳහන් කළ හැකියිල’ යනුවෙන් ද ඇය වැඩිදුරටත් පැවසුවාය. ‘මෙම නවතම විලාසිතා පෙළ මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකියි. ඩෙනිම් තවමත් ලෝකයේ ඉතාමත් ප‍්‍රායෝගික ඇඟලූමක් මෙන්ම ගෝලීය විලාසිතා රැුල්ලක් වනවා’

මෙම ඩෙනිම් ජීන්ස් පෙළ පුළුල් විලාසිතා සහ නිමාවන් පෙළකින් ඉදිරිපත් කර ඇත.

මෙම එකතුව සඳහා ගැලපෙන ලෙස ධෘෑඛ වෙතින් මාල, කරාබු ඇතුළු ආභරණ මාලාවක්ද හඳුන්වා දී ඇත.

ODEL විලාසිතාගාරයේ දර්ශනය අනුව සාප්පු සවාරියේ යෙදීම අත්දැකීමක් වන අතර ඒ අනුව ඔඩෙල් ශාඛා වසන්ත 2017 තේමාවෙන් යුක්තව සරසා තිබෙන්නේ ඩෙනිම් පිළිබඳව ප‍්‍රිය උපදවන පරිද්දෙනි.

ශ‍්‍රී ලංකාව විදහා දැක්වෙන සුවිශේෂී විලාසිතා සහ ආයිත්තම් මෙන්ම සමරු අලෙවි කරන ‘Luv SL’ ශාඛා 08ක් ඇතුළුව ශාඛා 22 ක් ODEL ශාඛා ජාලයට අයත් වේ.

Cool Planet සිය 'ස්කයි හයි' ලෝයල්ටි කාඞ්පත හඳුන්වා දෙමින් සිය වෙළෙඳ ජාලය ඔස්සේ පාරිභෝගික භවතුන් වෙත සුවිශිෂ්ට ප‍්‍රතිලාභයන් සහ ප‍්‍රසාද දීමනාවන් ලබා ගැනීමට අවස්ථාව උදා කර දී ඇත.

අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙන වෙළෙඳ දැවැන්තයෙකු වන Cool Planet විවිධ විලාසිතාවන් ඉදිරිපත් කිරීමේ දී සහ පාරිභෝගික භවතුන් වෙත මුදලට වටිනාකමක් ගෙන දීමේ දී විශිෂ්ටත්වයක් පෙන්නුම් කර තිබේ. එසේම, පාරිභෝගික භවතුන් සහ Cool Planet අතර සැබැඳියාව අනුව ලෝයල්ටි කාඞ්පත් ඔස්සේ වරප‍්‍රසාද හිමි කර දීමට ද සාඩම්බරනීය කාර්යභාරයක් සිදු කෙරෙමින් පවතී.

වසර ගණනාවක සිය අත්දැකීම් ද සමගින් ශ‍්‍රී ලංකාවේ හොඳම කමිස නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉහළ කීර්තිනාමයක් දිනා ගනිමින් කමිස නිෂ්පාදනයේ ප‍්‍රධානතම සමාගමක් වන Emerald International (Pvt) Ltd සමාගම Cool Planet සමග ලෝයල්ටි කාඞ්පත් එළිදැක්වීම සඳහා පැවති අතිශය උත්කර්ෂවත් උත්සවයේ හවුල්කාරී සමාගම වූ අතර සිය සමාගමේ සන්නාම තානාපතිවරුන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන උළෙලේ ප‍්‍රධාන ආරධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

එමරල්ඞ්ස් මෙම සුපිරි ක‍්‍රිකට් තරු යුවළ සඳහා පළමු ලෝයල්ටි කාඞ්පත් යුවළ පිරිනැමුණ අතර මෙම උත්සවය සඳහා ජනප‍්‍රිය තරු රැසක් හා කීර්තිමත් ව්‍යාපාරිකයින් රැසක් සහභාගී විය.

සියලූ හිතෛෂී ගනුදෙනුකරුවන් වෙත මෙම ලෝයල්ටි කාඞ්පත පළමුවෙන් පොදු වේ හඳුන්වා දෙනු ලැබේ. වසරක් අවසාන වීමෙන් පසු ගනුදෙනුකරුවන්හට අදියර කිහිපයක් යටතේ වර්ධනය විය හැකිය.තමන් වැය කරනු ලබන සෑම රුපියල් 100.00ක මුදලක් සඳහා ම ලකුණු එක බැගින් ලබා ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවෙන් වෙත ලැබේ. එක් ලකුණක් එක් රුපියලකට සමාන වේ.

කොළඹ 05, නුවර, මාළඹේ, පැලවත්ත, නුගේගොඩ සහ වත්තල ආදී දිවයින පුරා පිහිටි Cool Planet ශාඛා ජාලය තුළින් ලෝයල්ටි කාඞ්පත සඳහා ලකුණු ඉපැයීම හෝ වියදම් කිරීම සිදු කළ හැකිය.

මෙම වරප‍්‍රසාද ක‍්‍රමය තුළින් අප සමග සමීප ව ගනුදෙනු කරමින් සිටින ගනුදෙනුකාර භවතුන් වෙත තමන් කැමති පරිදි සිත පිරී යන තුරු සාප්පු සවාරියේ යෙදීමට අවස්ථාවන් උදා කර දෙමින් අප සමග දීර්ඝ කාලයක් අඛණ්ඩ ව පවත්වා ගෙන සම්බන්ධතාව සඳහා වරප‍්‍රසාද ලබා දීමත් සිදු කෙරෙනවා.” යැයි Cool Planet හි ප‍්‍රධාන විධායක නිලධාරී රිස්වි තහා මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේය.

අපගේ දිවයින පුර පිහිටි වෙළෙඳ ජාලයට නිරන්තරයෙන් පැමිණෙන දස දහස් සංඛ්‍යාත පාරිභෝගික භවතුන්ට ලකුණු උපයා ගැනීමට අවස්ථාවක් උදා කර දීම සහ නුදුරු අනාගතයේ දී ම ඔවුනට ආකර්ෂණීය වරප‍්‍රසාද ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම මෙම ලෝයල්ටි කාඞ්පත් වැඩසටහනේ අරමුණ වෙනවා.” යැයි ඔහු පවසා සිටියේය.

“Emerald International (Pvt) Ltd යටතේ ඉදිරිපත් කෙරෙන කමිස තුළින් පිරිමි පාරිභෝගික භවතුන් වෙත විශාල විවිධත්වයකින් යුතුව කමිස වර්ග තෝරා ගැනීමේ ඉඩකඩ සපයා දී ඇති අතර විවිධ වූ ප‍්‍රවර්ධන වැඩසටහන් ඔස්සේ ගෝලීය වශයෙන් උසස් ස්ථානයකට පැමිණීමට ද හැකි වී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම එමරල්ඞ් නියෝජිතයා වශයෙන් මෙම වැඩසටහනේ කොටසක්කරුවා බවට Emerald International (Pvt) Ltd සමාගම පත් කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටට පත් වෙනවා.” වැඩි දුරටත් අදහස් දක්වමින් රිස්වි තහා මහතා ප‍්‍රකාශ කර සිටියේය.

දශකයකට වැඩි කාලයක් පුරා සිය වෙළෙඳ කටයුතුවල නිරත වන අතර එහි දිනෙන් දිනම වර්ධනය වන පරිභෝගික ජාලයට වරප‍්‍රසාද නොමද හිමි වන, විශිෂ්ටතම මට්ටමේ අත්දැකීමක් ලබා ගැනීම සම්බන්ධයෙන් මහත් බලාපොරොත්තුවක් තබා ගත හැකිය. ඉඩ පහසුකම් නොමද ව ඇති Cool Planet වෙළෙඳසල් වෙත පැමිණෙන ජනතාවට ඉතා විශිෂ්ටතම සන්නාමයන් වෙතින් ඉදිරිපත් වන ගුණාත්මක බවින් අනූන නවතම මෝස්තරවල නිෂ්පාදන මිළ දී ගැනීමේ හැකියාව ලැබේ.

විලාසිතා සම්බන්ධයෙන් නිරන්්තරයෙන් අවධානයෙන් සිටින කාන්තා, පිරිමි සහ කුඩා දරුවන්හට ඉතා සුන්දර ඇඳුම් මෙන්ම සෙල්ලම් බඩු, විවිධ උපාංග, නිවසේ උපාංග, කාර්යාල ද්‍රව්‍ය, බෑග්, සහ වෙනත් විවිධ වූ භාණ්ඩ වර්ග අගය එකතු කිරීමක් ලෙස ලබා ගැනීමට හැකිය. Cool Planet යනු එකම වහලක් යටින් සියල්ල මිළ දී ගත හැකි ස්ථානයක් බවට පත් වීම පුදුමයක් නොවන අතර පාරිභෝගික භවතුන් වෙත සෑම විට ම පහසුවක් ගෙන දීමට උත්සුක වෙයි.

Rolex හඳුන්වාදෙන නවතම Oyster Perpetual Day-Date 40 අත් ඔරලෝසුව 2016 සැප්තැම්බර් මස 21 දින සිට 28 දින දක්වා Chatham Luxury හිදී දැකබලාගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකිකයන්ට උදා වී තිබේ.

Oyster Perpetual Day-Date යනු රෝලෙක්ස් අත් ඔරලෝසු මාදිලි අතර ඉහළම මාදිලියේ අත් ඔරලෝසුවක් ලෙස සැලකෙන අතර, අතීතයේ පටන් රටරටවල නායකයන්, ප‍්‍රභූවරුන් සහ සම්භාවනීය අමුත්තන්ගේ ප‍්‍රමුඛ තේරීමක් බවට එය පත්වී ඇත. 1956 වසරේ මුලින්ම හඳුන්වා දෙනු ලැබූ මෙම අත් ඔරලෝසු එවකට අත් ඔරලෝසු තාක්ෂණයේ විශිෂ්ටතම ප‍්‍රතිඵලය ලෙස සැලකිණි. උදාහරණයක් ලෙස ඔරලෝසුවේ කැලැන්ඩරය කොටසේ දිනයට අමතරව සම්පූර්ණ කවුළුවක දවස කුමක්ද යන්නද අකුරින් දැක්වීම විශේෂත්වයක් විය. මෙම අත් ඔරලෝසුවල නව නිෂ්පාදන එකතුවක් 2015 දී එළිදක්වන ලදි.

Rolex අත් ඔරලෝසු ගැන උනන්දු වන අයට මෙම ප‍්‍රදර්ශනයට පැමිණ Day-Date ඔරලෝසු මාදිලිවල ඉතිහාසය සහ තාක්ෂණය දැකබලාගැනීමට අවස්ථාව ලැබෙන අතර, ප‍්‍රදර්ශනයට තබා ඇති තවත් මාදිලි කිහිපයක් සම්බන්ධයෙන් ත‍්‍රිමාණ දසුන් සහ අන්තර් ක‍්‍රියාකාරී වීඩියෝ දර්ශන වැනි මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබාගත හැකි වනු ඇත.

නවතම Day-Date අත් ඔරලෝසු Calibre 3255 යාන්ත‍්‍රික චලන මූලිකාංගය පසුබිම් කරගෙන නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. මෙම මූලිකාංගය ලොව අත් ඔරලෝසු තාක්ෂණයේ දියුණුතම අංගයක් ලෙස සැලකේ. Rolex සමාගමට පේටන්ට් බලපත‍්‍ර හිමි තවත් තාක්ෂණයන් සමග මුසුවීමෙන් එය ඉතාමත් සුවිශේෂී වූ, විශිෂ්ටත්වයෙන් අනූන, උපරිම ක‍්‍රියාකාරීත්වය සහ විශ්වාසනීයත්වය සහිත අත් ඔරලෝසු නිර්මාණය කිරීමට දායක වී ඇත.

නව Day-Date අත් ඔරලෝසු 950 ප්ලැටිනම් හෝ කැරට් 18 කහ, සුදු හෝ එව්රෝස් රත‍්‍රන් ලෙස යොදා නිපදවූ අත් ඔරලෝසු ලෙස ලබාගත හැකි වේ. ඊට අමතරව නවතම මුහුණත් සහ තවත් විශේෂාංග රැුසක්ද ඊට ඇතුළත්වී තිබේ.

Chatham Luxury පිළිබඳව
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බහු-සන්නාම සුඛෝපභෝගී අත් ඔරලෝසු අලෙවිසල වන Chatham Luxury ලොව සුප‍්‍රකට අත් ඔරලෝසු සන්නාම කිහිපයක් සඳහා මෙරට නිල නියෝජිතභාවය හිමිකරගෙන ඇත. එහි ප‍්‍රදර්ශනාගාරයේදී දැකගත හැකි වන්නේ ප‍්‍රවේශමෙන් තෝරාගත්, දීර්ඝ ඉතිහාසයක් සහිත, ලොව ඉහළම තලයේ ලා සැලකෙන ස්විස් ඔරලෝසු පමණි. සුඛෝපභෝගී භාණ්ඩ මිලදීගැනීමේ අත්දැකීමක් සමග පෞරාණික පරිසරයක අත්දැකීම එකට මුසුවන එහි ප‍්‍රදර්ශනාගාරය කොළඹ ‘ගෝල්ෆේස් කෝට්’ හි පිහිටා තිබේ.

Rolex පිළිබඳව
ලොව උසස්ම තත්ත්වයේ අත් ඔරලෝසු ලෙස නමක් දිනා ඇති Rolex ස්විට්සර්ලන්ත අත් ඔරලෝසු කර්මාන්තයේ ප‍්‍රධානතම සන්නාමය වන අතර එහි ප‍්‍රධාන කාර්යාලය ජිනීවා නගරයේ පිහිටා තිබේ. එහි සියලූම Oyster වර්ගයේ අත් ඔරලෝසුවලට Superlative Chronometers සහතිකකරණය හිමි වී ඇත්තේ ඒවායේ විශිෂ්ටත්වය නිසාවෙනි. 1905 වසරේදී Hans Wilsdorf විසින් ආරම්භ කරන ලද Rolex සන්නාමය ලොව අත් ඔරලෝසු කර්මාන්තයේ නව සොයාගැනීම් රැුසක් සිදුකළ සන්නාමයකි. මෙම සොයාගැනීම් අතරට 1926 වසරේදී හඳුන්වා දුන්, ලොව ජලය ඇතුළු ලොවන ප‍්‍රථම අත් ඔරලෝසු වර්ගය වන Oyster සහ 1931 වසරේදී හඳුන්වා දුන් Perpetual rotor self-winding යාන්ත‍්‍රණය ආදිය විශේෂයෙන් සඳහන් කළ හැක. සැබවින්ම පරිපූර්ණ සහ ස්වාධීන සමාගමක් වන Rolex සිය අත් ඔරලෝසු සැලසුම් කිරීම, අත්‍යවශ්‍ය අංගෝපාංග නිපදවීම සහ එකලස් කිරීම යන සියල්ල සමාගම තුළම සිදුකරයි. ඊට අමතරව අනුග‍්‍රාහකත්ව හා සමාජ සත්කාර වැඩසටහන් රාශියක් ඔස්සේ කලා, ක‍්‍රීඩා, ගවේෂණ, ආයතනික සහ පාරිසරික යනාදී අංශ රැුසකට දායකත්වය ලබාදීමටද Rolex කටයුතු කරයි.

සිය නව්‍ය "Luv SL" අලෙවිසැල් ජාලය තුළින් පාරිභෝගිකයින්ට පිරිනමන භාණ්ඩ මාලාව පින්නවල ප‍්‍රදේශයට පැමිණෙන අමුත්තන්ටද ඉදිරිපත් කරමින් ODEL විසින් අටවන "Luv SL" අලෙවිසැල අලි අනාථාගාර භූමියේ විවෘත කර තිබේ. ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ආකාරයේ විලාසිතා ආයිත්තම් සහ සමරු නිෂ්පාදන මෙම අලෙවි සැලෙන් දෙස් විදෙස් සංචාරකයින්ට මිලදීගත හැකිය. පින්නවලට බොහෝ විදේශීය සංචාරකයින් ප‍්‍රමාණයක් පැමිණෙන හෙයින් මෙම අලෙවිසැලේදී වඩාත් සංචාරක ආකර්ශනය දිනාගත හැකි නිෂ්පාදන අලෙවි කරනු ලබයි.

වර්ග අඩි 2400 කින් යුතු මෙම අලෙවි සැල අලි ස්නානය කරන ස්ථානයට පිවිසෙන මාර්ගයේ ඉදිකර තිබෙන අතර එහි කාන්තා, පිරිමි, Backstage, Souvenir, Delight, Blend House යන අංශ මෙන්ම Spa Ceylon ශාඛාවක්ද පිහිටුවා තිබේ.

වන සතුන්ගේ යහපත වෙනුවෙන් සහයෝගය දක්වන සන්නාමයක් වන "Luv SL" බොහෝ නිෂ්පාදන සඳහා සතුන්ගේ නිරූපන භාවිතා කරයි. මෙහි ශාඛා ජාලයේ නවතම ශාඛාව පින්නවල ආරම්භ කිරීම සමාගමේ අරමුණු සමග හොඳින් ගැලපෙන අතර එය පින්නවල තිබෙන වැදගත්කම සමගද මනාව පෑහෙනු ඇත. පින්නවල අලි අනාථාගාරයට දිනකට බොහෝ දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන නිසා ශ‍්‍රී ලංකාවට ආවේණික අලියන් සංරක්ෂණය කිරීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ පණිවුඩය මේ තුළින් තවදුරටත් ප‍්‍රචාරය වේ. "Luv SL" හි පුළුල් නිෂ්පාදන පෙළට අමතරව මෙම ශාඛාවේ අලෙවි කරන නිෂ්පාදන අතර පින්නවල තේමාකර ගත් විශේෂ නිෂ්පාදන මාලාවක් තිබෙන අතර පින්තූර රාමු, සටහන් පොත්, භාණ්ඩ එතීමේ කඩදාසි සහ ශීතකරන සඳහා වූ විසිතුරු කාන්දම් ඇතුළු නිෂ්පාදන මාලාවක් මෙයට ඇතුළත් වේ.

සන්නාමයක් ලෙස "Luv SL" පාරිභෝගිකයින් අතර ජනප‍්‍රිය වෙමින් තිබෙන අතර එහි ශාඛා ජාලය වේගයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් ඇත. පින්නවල ශාඛාවට අමතරව ODEL ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ අලෙවි සැලේ, කොළඹ ඩච් හොස්පිට්ල්හි, ගාලූ කොටුවේ පෙඞ්ලර් වීදියේ, මීගමුවේ ජෙට්විං බ්ලූ හෝටලයේ, මහනුවර ක්වීන්ස් හෝටලයේ, බෙන්තොට සෙන්ටාරා සීසෑන්ඞ්ස් රිසෝර්ට් ඇන්ඞ් ස්පා හි, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සහ කොළඹ ක්‍රෙස්කැට් බුලවාර්ඞ් හි මෙම අලෙවිසැල් පිහිටා ඇත.

"Luv SL" ශාඛා නිර්මාණය කර තිබෙන්නේ කොන්ක‍්‍රීට් සහ දැව සංකලනය කරගනිමින් ඒවායේ අනන්‍යතාවය හොඳින් හඳුනා ගැනීමේ හැකියාව තිබෙන ලෙස සුවිශේෂී වූ නව්‍ය ආකාරයටයි. මේවා සඳහා දුඹුරු, කළු සහ රිදී යන වර්ණයන් යොදාගෙන තිබේ. ඇඳුම් සහ ආයිත්තම්වල සිට ලිපි ද්‍රව්‍ය දක්වාත් කෝප්ප, පින්තූර රාමු, සෙල්ලම් භාණ්ඩ, රූපලාවන්‍ය උපකරණ, සනීපාරක්ෂක නිෂ්පාදන, සමරු නිෂ්පාදන ඇතුළු සිත් ගන්නා සුළු නිෂ්පාදන මාලාවක් මෙම අලෙවිසැල් විසින් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරයි. මේ තුළින් බොහෝ විට ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කර තිබීම කැපී පෙනේ.

මෙරට ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් මධ්‍යතන යුගයේ විලාසිතා වල ආභාශය 21 වන සියවසට ගැලපෙන පරිදි සකසා නව එකතුවක් හඳුන්වා දී තිබෙන අතරල ඒ සමඟම මධ්‍යතන යුගයේ රාජකීය තේජස විදහා දැක්වෙන පරිදි ඔඩෙල් අලෙවිසැල් අලංකරණය කර ඇත.

විවිධ රෙදිපිළි භාවිතා කරන ‘Modern Medieval’ යන තේමාවෙන් යුතු මෙම නවතම විලාසිතා එකතුව මධ්‍යතන යුගයේ පැවති මනරම් විලාසිතා නැවතත් සිහිපත් කිරීමට සමත්ය.

මධ්‍යතන යුගයේ පැවති පොහොසත් උත්සවාකාරය පන ගන්වමින් තද සහ අඳුරු මල් සහ ගෙත්තම් වලින් හැඩවූ විලාසිතා එකතුව කළු, තද නිල් පැහැයන්, තද රතු පැහැයන්, ලා නිල් පැහැයන්, පීච්, රෝස, ඇත්දළ වර්ණයෙන්, රත‍්‍රන් සහ දම් පැහැයෙන් වර්ණවත් වී ඇත. මෙම නව විලාසිතා එකතුවේ පෙනුම තවදුරටත් වර්ධනය කිරීමට එම කාලවකවානුවෙහි ජනප‍්‍රිය වූ විවිධ මාදිලියේ බොත්තම්ල ඇදුම් අත්ල කර වළලූ සහ විසිතුරු මැහුම් භාවිතා කර තිබෙන අතර ලෝකයේ සුප‍්‍රසිද්ධ ඇඟලූම් නිර්මාණකරුවන් වන Zuhair Murad, Dolce & Gabbana, Michael Kors, Roland Mouret, Gucci, Prada, Cavalli ඇතුළු බොහෝ නිර්මාණකරුවන්ගේ ආභාශයන් මෙහි දක්නට ඇත.

මෙම විලාසිතා එකතුව තවදුරටත් හැඩගන්වන පරිදි ඔඩෙල් විලාසිතාගාරයේ ‘Backstage’ සන්නාමය විසින් එයටම ගැලපෙන ‘Costume Drama’ නැමති තේමාවෙන් ආභරණ එකතුවක්ද මෙයට සමගාමීව එළිදක්වා තිබේ. මධ්‍යතන යුගයේ පැවති සශ‍්‍රීකත්වය පිළිඹිබු වන පරිදි මෙම ආභරණ එකතුව රත‍්‍රන් සහ රිදී පැහැති ලෝහ වලින් නිර්මාණය කර තිබෙන අතර එය ගල් සහ මුතු ඇල්ලූ විවිධ නිර්මාණ වලින් හැඩවැඩ කර ඇත.

ඔඩෙල් සමාගම අයත්වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂිකා, ඩෙසිරේ කරුණාරත්න මෙනෙවිය මෙම විලාසිතා එකතුව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ එය ඉතාමත් ගාම්භීර මෙන්ම රාජකීය ස්වභාවයක් ගන්නා බවත් පුළුල් පරාසයක පැතිරී තිබෙන බවයි. ‘‘මෙම විලාසිතා එකතුව මගින් මධ්‍යතන යුගයේ පැවති විලාසිතා සිහිපත් කරනවා. මෙම යුගය සංගීතය, සාහිත්‍යය සහ විශේෂයෙන්ම විලාසිතා වලින් පොහොසත් වූ යුගයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම වර්ණවත් අතීතය තුළින් සුන්දර විලාසිතා එකතුවක් ඉදිරිපත් කිරීමට ඔඩෙල් සමත්වී තිබෙනවා. සෑම නව විලාසිතා සමයකදීම ඔඩෙල් විසින් ජාත්‍යන්තර විලාසිතා සන්නාම ඉදිරිපත් කරන අතරම තමන්ගේම විලාසිතා සන්නාමත් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරනවා.’’

සෑම විලාසිතා එකතුවක්ම හඳුන්වාදෙන විට සිදුකරන ආකාරයෙන්ම මෙවරත් ඔඩෙල් අලෙවිසැල් මෙම විලාසිතා එකතුවේ තේමාවට ගැලපෙන පරිදි වර්ණවත් ලෙස අලංකරණය කර තිබෙන්නේ පාරිභෝගිකයින්ට මධ්‍යතන යුගයේ පැවති වර්ණවත් බව නැවතත් සිහිගන්වන පරිද්දෙනි.

මෙම නව විලාසිතා එකතුව ඉදිරිපත් කිරීමත් සමගම ඔඩෙල්හි, කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන අලෙවිසැල අළුත් සිරියක් ගෙන තිබෙන අතර පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් වෙනස්කම් කිහිපයක්ද සිදුකර ඇත. ඔඩෙල් අලෙවිසැල් වෙත පැමිණෙන ගැනුම්කරුවන්ට නවීන මධ්‍යතන යුගයේ තේමාවන් දරන ‘ODEL’ සඟරාවේ නවතම සංස්කරණය නොමිලේ ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

සේයාරුවෙන් දැක්වෙන්නේ ඔඩෙල්හි නවතම එකතුවෙහි විලාසිතා කීපයක් සහ මධ්‍යතන යුගයේ රාජකීය තේමාව පිළිඹිඹු කරන ඔඩෙල් ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසෙහි විලාසිතාගාරය

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියලි සිටින ශ්‍රි ලාංකික ව්‍යවසායක ව්‍යවසායිකාවන් සදහා අන්තර්ජාතික මට්ටමේ තරගාවලියක් මගින් ඔවුන්ඇගයීම හා ඉන්පසුව ඹවුන් අන්තර් ජාතික තරගාවලියක් වෙත යොමු කිරීම සදහාවන ගෝල්ඩන් හෙර්ඩ් 2016 උළෙල මෙවරත් සංවිධානය කර ඇත.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ආසියා පැසිපික් හෙයා ඇන්ඩ් කොස්මැටික්ස් සංගමය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම තරගාවලිය මනාලියන් මෙකප් කිරීම, කොන්ඩා සැකසීම හා වර්ණ ගැන්වීම, මනාලියන් හැඩ ගැන්වීම, සැදෑ ගමන් සදහා ඇදුම් හා නිය අලංකරණය යන අංශ 05 යටතේ පැවැත්වෙන අතර මෙම තරගාවලියේ අවසන් තරගය 2016 නොවැම්බර් මස 22 වන දින මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වේ.

මෙම තරගය පිළිබද විස්තර හා අයදුම්පත් ප්‍රාදේශිය ‍ලේකම් කාර්යාලවල ව්‍යවසායක සංවර්ධන නිළධාරින් මගින් ලබාගත හැක.

නේක වර්ණයන්ගෙන් පැහැබර වූ, දසත පලබරිත වූ තුරු ලතාවන්ගෙන් පිරි සුවහසක් මනාල මනාලියන්ගේ සිහින සැබෑ කරන උදාවූ විවාහ මංගලමි සෘතුවේ ඔබගේ විවාහ මංගලමි සඳහා නවතම විලාසිතා වලින් වර්ණවත් වූ හමීඩියා 2016 විවාහ මංගල එකතුව ඔබේ සිතැඟියාවන්ට අනුව ඔබගේ මංගල දිනයේ ඔබව හැඩකාරයෙකු කරන්නට දැන් සුදානමින් සිටියි.

ඔබගේ මංගල දිනයේ ඔබගේ තේජවන්ත භාවය තවත් ඔප් නැංවීම සඳහා හමීඩියා 2016 විවාහ මංගල එකතුව මඟින් අලුතෙන්ම හඳුන්වා දෙන වර්ණවත් ඇත් දළ පැහැයෙන් ල කඬීඹ්ම් පැහැයෙන් හා රන්වන් පැහැයන්ගෙන් යුක්ත මනස්කාන්ත නිමාවකින් යුත් මුල් ඇඳුම් කට්ටල වර්ග 06 ක් දැන් ඔබට ලබා ගත හැකියි.

පරම්පරා තුනක මංගල ඇඳුම් නිර්මාණයෙහි විශිෂ්ඨත්වය හමීඩියා හි 2016 නවතම විවාහ මංගල විලාසිතා එකතුව තුළින් අභිමානවත් අයුරින් සමරයි. හමීඩියා හී කළමනාකාර අධමික්ෂ ෆවුසුල් හමීඩ් මහතා පවසා සිටියේ " මංගල ඇඳුමක් ගත් කල එය සෑම විටම කලට ඔබින ලෙස සමබර නිමාවකින් යුක්ත විය යුතුයි. සම්පඹ්දායට හානියක් නොකර නව විලාසිතාවන්ට අනුගතව නිර්මාණය කර ඇති අපගේ මේ නවතම විලාසිතා වලින් යුත් මංගල ඇඳුම් ඇඳීමෙන් මනමාල මහතුන්ට එක්වන කඩවසම් බව හා යශෝපභාවය නිසා තම මංගල දිනය ඉතා ශෝභමාන ලෙස වර්ණවත් කරගත හැකියි".

හමීඩියා 2016 විවාහ මංගල විලාසිතා එකතුව පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ෆවුසුල් හමීඩ් මහතා පවසා සිටියේ, "සම්ප්‍රධායට මුල් තැන දෙමින් වර්තමානයේ තාරුණ්‍ය මතුකරන විලාසිතාවන් වලට ගැලපෙන නවතම මුද්‍රණයන්ගෙන් යුත් සුවපහසු රෙදිවර්ග භාවිතා කරමින් මෙම ඇඳුම් කට්ටල නිමවා තිබෙනවා " යන්නයි.

" හමීඩියා 2016 විවාහ මංගල එකතුවේ ඇති තවත් නවතම විලාසිතාවක් වන්නේ ස්වේත , අළු හා කාල වර්ණයන්ගෙන් යුත් tuxedo කට්ටලයි. මංගල දිනයට හැඩ විය හැකි විලාසිතාවන් අතරින් ඉතා ඉහළ මට්ටමේ ඇඳුමක් වන tuxedo කට්ටල ඔබට බොහෝ වරක් පාවිච්චියට ගත හැකි අපූර්ව විලාසිතාවක්. අප ඔබ හමුවට ගෙන එන විවාහ මංගල එකතුවේ ඇති tuxedo කට්ටලහි වර්ණයන් වල හා යොදාගෙන ඇති රෙදි වර්ගයන් හි සුළු වෙනසකම් කිහිපයක් සිදු කර තිබෙනවා" යැයි පවසන හමීඩ් මහතා ලා පැහැති සැහැල්ලු වර්ණයන් දිවා කාලයටත් තද වර්ණයන් සවස් කාලයටත් උචිත බව සඳහන් කරයි.

මෙම නව විලාසිතා එකතුව තුළින් විවිධ උත්සවය සඳහා ඇඳිය හැකි ලොම්, ලිනන් හා සේද රෙදි වලින් නිමවූ නවතම මාදිලියේ විලාසිතා රැසක්ද ඔබට දැන් ලබා ගත හැකියි. මේ පරාසයේ ඇඳුම් නිල් (Navy blue)ල, මෙරූන්, අළු හා දම් පැහැයන්ගෙන් යුත් විවිධ වර්ණ රැසකින් සමන්විත වෙයි. මෙහි විවිධ වූ විලාසිතා වර්ග 12 කින් සමන්විත වූ කමිස ඇති අතර කරපටියේ සිට බොත්තම්, කෆ්ලින්ක් ඇතුළු අනෙකුත් සියළුම අංගයන්ගෙන් ද සමන්විත වේ. නව ආයිත්තම් වන ඉන කබා , ටයි පටි, බඳ පටි, කබා පටි, බෝ පටි යන සියල්ලෙන් ද මෙය අංග සම්පුර්ණ වේ.

"මෙම නව මංගල විලාසිතා එකතුවේ අරමුණ වන්නේ විවාහ වීමට සිටින මනමාලයන් හට තම මංගල දිනයේ ඇඳුම් ආයිත්තම් යන සියළුම දෑ එකම ස්ථානයකින් ලබා දීමට කටයුතු කිරීමයි. මම විශ්වාස කරනවා සෑම මනමාලයෙකුම තම ජිවිතයේ අමතක නොවන එම සුවිශේෂි දිනයේ තම ගතට සරිලන තම පෞරුෂත්වය විදහා දැක්විය හැකි ඇඳුම් වලින් සැරසි සිටිය යුතු බව. මේ සඳහා ඔබගේ පැහැයටල ශරීරයට ගැලපෙන පරිදි නවතම විලාසිතා වලින් යුත් ඔබ කැමති ආකාරයේ ඇඳුම් නිර්මාණය කර දීමට ඔබ වෙනුවෙන් අප නිර්මාණකරුවන් නිරන්තරයෙන් සැදී පැහැදී සිටිනවා." යැයි හමීඩ් මහතා තවදුරටත් පැහැදිලි කර සිටියි.

ඔබ මනාලියක් වන දිනයේදී නිසැකවම සුවිශේෂී ආකර්ශණය හිමිවන තැනැත්තිය බවට පත්වෙන්නේ ඔබයි. සුමිහිරි මතක මවන ඒ දිනයේදී ආකර්ශණීයව සැරසෙන්න ඔබ සූදානම්ද.

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී හා ප‍්‍රමුඛ සමාගමක් වන My Chemist සමූහයට අයත් ප‍්‍රමුඛතම සන්නාම ද්විත්වයක් වන 'Dermacolor' හා 'Basicare' ඔබේ මංගල දිනයේදී ඔබව අසමසම සුන්දරත්වයෙන් සරසන්නට සූදානම්. ඒ 'Dermacolor' හා 'Basicare' වෙතින් සුන්දර මනාලියක් වීමට පෙරුම් පුරන ඔබ වෙනුවෙන්ම හඳුන්වාදී තිබෙන නිෂ්පාදන පෙළ මගිනුයි.

ඔබේ මංගල දිනයේදී 'ආකර්ශණීය මනාලියක්' ලෙස සැරසෙන්නට ඔබ සූදානම්ද ? වෘත්තීය මට්ටමේ ගුණාත්මක බවින් යුතු මෙරට එකම මේක්අප් නිෂ්පාදන පෙළ ඔබ වෙත ගෙනඑන 'Dermacolor' ඔබේ මංගල දිනයේදී විශ්වාසයෙන් යුතුව සුන්දරව සිටින්නට අවශ්‍ය සුවිශේෂී ශක්තිය ඔබට ලබාදෙනු ඇත.

'Dermacolor'මේක්අප් නිෂ්පාදන මගින් උපන් ලප හා සමේ විසිරී තිබෙන අනෙකුත් ලප, අවපැහැ ගැන්වීම් සගවමින් මනාලියකගේ සැබෑ ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කිරීමට මනා පිටිවහලක් ලබාදෙනවා පමණක් නොව ඇගේ ආත්ම විශ්වාසය ද නංවාලයි. මෙම 'Dermacolor' මේක්අප් නිෂ්පාදන ආලෝකය සමග මනාව සබැඳෙන නිසා නූතන ඩිජිටල් ඡායාරූප කලාවට ද මනාව ගැළපෙනු ඇත.

'Dermacolor' මේක්අප් දිගු කාලයක් සිරුරේ රැඳී පවතින අතර අව්ව, වැස්ස වැනි විවිධ කාලගුණික තත්ත්වයන් වලට ද ඔරොත්තු දෙමින් සමට මෙන්ම සමස්ත සිරුරටම සුවිශේෂී සුන්දරත්වයක් හිමිකරදෙනු ඇත.

'Basicare' මගින් ඉදිරිපත් කරන සුවිශේෂී හා අද්විතීය මේක්අප් බ‍්‍රෂ් යොදාගනිමින් මුහුණේ හැගීම් මනාව ඉස්මතුකර පෙන්විය හැකි නිසා ඔබේ මුහුණේ ඉරියව් ඉස්මතු කර පෙන්වීම ද සිදුවෙයි. විවිධ හැඩයන්ගෙන් නිර්මාණය වී තිබෙන මෙම බ‍්‍රෂ් මේක්අප් ආලේපනයට මනාව යොදාගත හැකි නිසා මේක්අප් විශාල ප‍්‍රමාණයක් මුහුණට උරාගැනීමද සිදුනොවෙයි.

කන්සීලර් බ‍්‍රෂ්, ෆවුන්ඬේෂන් බ‍්‍රෂ්, බ්ලෂර් බ‍්‍රෂ්, පවුඩර් බ‍්‍රෂ්, අයි ලයිනර් බ‍්‍රෂ් හා අයි ෂැඩෝ බ‍්‍රෂ් ආදී මාදිලි පෙළක් 'Basicare' වෙතින් හඳුන්වාදී ඇත. 'Basicare' වෙතින් හඳුන්වාදී තිබෙන මෙම සුවිශේෂී බ‍්‍රෂ් ඉහළ ක‍්‍රියාකාරීත්වයෙන් හා නම්‍යශීලී බවින් ඉහළ නිසා මනාලියට සුවිශේෂී නිමාවක් අත්කරදෙයි. මෙම පෙනුම එයාර්බ‍්‍රෂ් මගින් හිමිකරදෙන පෙනුම හා සමාන වෙයි.

නිය අලංකරණ හා පා අලංකරණ වලින් තොරව මනාලියකගේ පෙනුම සම්පූර්ණ නොවෙයි. මනාලියන්ගේ වෙනුවෙන්ම වූ නිය හා පා අලංකරණ වෙනුවෙන් 'Basicare' වෙතින් කතුරු, නේල් ක්ලිපර්, නේල් ෆයිල්, නේල් බෆර්, එමරි බෝඞ් හා ෆින්ගර් සෙපරේටර්ස්, සෙරමික් පෙඩිකියූ ෆයිල්, ෆ්‍රෙන්ච් නේල් කිට්, ෆ්‍රෙන්ච් ටෝනේල් කිට් ආදී වර්ණවත් නිය හා පා අලංකරණ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කර ඇත. 'Basicare' වෙතින් හඳුන්වාදී තිබෙන මෙම සුවිශේෂී නිෂ්පාදන පෙළ මිලදීගෙන මනාලියක් වන දිනයේදී පමණක් නොව මනාලියක් වූ පසුවද තරුණියන්ට සිය නිය හා පාද අඛණ්ඩ සුන්දරවයකින් හා තරුණබවින් යුතුව පවත්වාගැනීමට හැකිවනු ඇත.

 

 

2016 මැයි 19, කොළඹ: Chokolaate Mother- Daughter Fashion Design තරගය යනු Chokolaate සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විලාසිතා නිර්මාණ තරගයකි. අඛණ්ඩව 7 වෙනි වරටත් පැවැත්වෙන මෙම තරගයේ මෙවර අදියරේ අවසන් වටය සඳහා දැනටමත් තරගකරුවන් හා තරගකාරියන් 16 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති. මවුවරුන්ට හා දියණියන්ට ගැළපෙන විලාසිතා නිර්මාණය කිරීම අරමුණු කරගත් මෙහි අවසන් තරගය 2016 මැයි මස 28 වන දින ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී PONDS BB+ සාදර අනුග‍්‍රහයෙන් පැවැත්වේ. මෙහිදී සෑම තරගකරුවෙකු හා තරගකාරියකම සැන්දෑ ඇඟලූම්, සාමාන්‍ය ඇඟලූම් සහ ක‍්‍රීඩා ඇඟලූම් යන කාණ්ඩ යටතේ විලාසිතා නිර්මාණ ප‍්‍රදර්ශනය කිරීමට නියමිත අතර ඒවා සැබෑම මවුවරුන් හා දියණියන් විසින් නිරූපණය කරනු ලබනු ඇත. එමෙන්ම සෑම වසරකදීම මෙහි තරගකරුවන්ට දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන්ගෙන් වැදගත් කරුණු රැසක් ඉගෙනගැනීමේ අවස්ථාවද හිමි වේ.

මෙවරත් සුපුරුදු ලෙස ප‍්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් මූලික වට කිහිපයකින් අනතුරුව අවසන් වටය සඳහා කුසලතා පූර්ණ තරගකරුවන් හා තරගකාරියන් 16 දෙනෙකු තෝරාගන්නා ලදි. මේ සියලූම දෙනා සැබෑම දක්ෂතා සහිත, විලාසිතා නිර්මාණ ක්ෂේත‍්‍රයට පිවිසීම සඳහා අපේක්ෂා දල්වා සිටින, කැපවීමෙන් වැඩකරන නවක නිර්මාණ ශිල්පීහු සහ ශිල්පිනියෝ වෙති. මෙම පිරිස අතර පාසල් සිසු සිසුවියන් මෙන්ම විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ද සිටින අතර ඔවුහු සියලූම දෙනා රටේ පිළිගත් අධ්‍යාපන ආයතන නියෝජනය කරති.

අවසන් වටයට තේරුණු 16 දෙනාගෙන් එක් අයෙකු වන අමාෂා කුලසූරිය මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. මේ වනවිට ඇය විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටී. ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මෙරට සිසු සිසුවියන්ට දුරස්ථ හා විවෘත පදනමක් යටතේ විවිධ පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා දෙයි.

අවසන් වටයේ තරගකරුවන් හා තරගකාරියන් තිදෙනෙක් Academy of Commercial Studies (AACS) ආයතනයේ ඉගෙනුම ලබති. රටේ බෙහෙවින් පිළිගැනීමට ලක්වූ අධ්‍යාපන ආයතනයක් වන AACS ආයතනය ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා මට්ටමින් විවිධ වාණිජ පාඨමාලා හදාරා සුදුසුකම් හිමිකරගැනීමේ අවස්ථාව උදාකර දෙයි. ඉහළ පිළිගැනීමක් සහිත මෙම පාඨමාලා සහනදායී ගාස්තු යටතේ හැදෑරීමට හැකිවීම විශේෂත්වයකි.

තවත් තරගකාරියන් දෙදෙනෙකු වන කල්සානා සහ අනුෂ්කා Multimedia Design and Technology (AMDT) හි ඉගෙනුම ලබති. දැන්වීම්කරණය, අලෙවිකරණය, විලාසිතා නිර්මාණය, ඡායාරූපකරණය සහ චිත‍්‍රපට නිර්මාණය වැනි විෂයන් සම්බන්ධ පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා දෙන ඉහළ පෙළේ අධ්‍යාපන ආයතනයක් ලෙස AMDT විශාල ජනප‍්‍රියත්වයක් හිමිකරගෙන ඇත.

අවසන් වටයේ ළාබාලතම තරගකාරියක වන විරන්දා ගේට්වේ පාසලේ ඉගෙනුම ලබන අතර ඇය මේ වසරේදී සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටී. ගේට්වේ පාසල යනු Higher Achievers Awards iy Edexcel වැනි සම්මාන උළෙලවල්වලදී බෙහෙවින් ඇගයීමට ලක්වන සිසු සිසුවියන් බිහිකරන පාසලකි. එමෙන්ම මේ සිසු සිසුවියෝ ක‍්‍රීඩා හා නාට්‍යකරණය ඇතුළු බොහෝ විෂය බාහිර ක‍්‍රියාකාරකම්වලද විශිෂ්ටයෝ වෙති.

තවත් කුසලතා පූර්ණ තරගකාරියක වන අද්ලා අසාද් මේ වනවිට ESoft ආයතනයේ ඉගෙනුම ලබමින් සිටී. ESoft යනු London Metropolitan University සමග ක‍්‍රමෝපායික හවුල්කාරීත්වයක් පවත්වාගෙන යනු ලබන ආයතනයකි. ඉතාමත් පුළුල් පරාසයක පැතිරුණු පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සිසු සිසුවියන්ට උදාකර දෙන මෙම ආයතනය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම අධ්‍යාපන ජාලය ලෙස සැලකේ.

මොරටුව විශ්ව විද්‍යාලය නියෝජනය කරන සිසුවියෝ දෙදෙනෙක් මෙවර අවසන් වටයට තේරී සිටිති. ඒ අතරින් නිසංසලා එහි ගෘහ නිර්මාණ පීඨයේ ඉගෙනුම ලබන අතර දේවින්දි එහි විලාසිතා නිර්මාණය හදාරයි. මොරටුව විශ්ව විද්‍යාලය යනු මෙරට ඉංජිනේරු, තාක්ෂණ, ගෘහ නිර්මාණ හා තොරතුරු තාක්ෂණ වැනි විෂයන් රාශියක් සඳහා විශිෂ්ටතම සුදුසුකම් පිරිනමන විශ්ව විද්‍යාලයකි.

තවමත් පාසල් අධ්‍යාපනය ලබන මිලනි දැනට කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටී. එම විද්‍යාලය තම සිසුවියන්ට සාම්ප‍්‍රදායික අධ්‍යාපනයට සීමා නොවී සිය දක්ෂතා හා කුසලතා හඹා යාමට කවදත් දිරි දෙන පාසලකි. මිලනිටද මෙසේ දිවයිනේ ප‍්‍රධාන පෙළේ විලාසිතා නිර්මාණ තරගාවලියක අවසන් වටයට සුදුසුකම් ලැබීම සඳහා තම පාසලෙන් ලැබෙන දිරිය බෙහෙවින් උපකාරී වී තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය හදාරන සිත්සරා මෙවර අවසන් වටයට සුදුසුකම් ලබා සිටින්නී ය. National Institute of Fashion Technology ඉගෙනුම ලබන සජිනිද ඇගේ සුවිශේෂී විලාසිතා එකතුව ප‍්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටී. එමෙන්ම Raffles Design Institute නියෝජනය කරන අයිෂාත් නජ්වාද තරගයේ අවසන් වටයට පිවිසී සිටී.

එරංගා වික‍්‍රමසූරිය වැනි, විලාසිතා නිර්මාණ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සපිරූ නිර්මාණ ශිල්පිනියන්ද මෙවර තරගයට එක්වී සිටීම විශේෂත්වයකි. එරංගා එසේ තරගාවලියට පිවිසී සිටින්නේ දෙවැනි වරට ය. එමෙන්ම අවසන් වටයේ තරගකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු වන ඉශාම් නසාර් සිනමන් ලේක්සයිඞ් හෝටලයේ Nail Spa පුහුණු Nail Technician කෙනෙකු ලෙස සේවය කරමින් සිටී.

Chokolaate Mother-Daughter Fashion Design තරගයේ අවසන් වටය, එහි තරගකරුවන්, තරගකාරියන් සහ අවසන් මහා තරගය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර Chokolaate හි ෆේස්බුක් රසික පිටුවට පිවිසෙන්න.

සුපුරුදු ලෙසම මෙවර Mother Daughter Fashion Designer තරගයටද විශාල අනුග‍්‍රාහක දායකත්වයක් ලැබී තිබේ. මෙවරත් එහි ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරන්නේ, වසර ගණනාවක් තිස්සේ මෙම තරගයට විශාල සහයෝගයක් ලබාදෙමින් සිටින Ponds සන්නාමයයි. සම අනුග‍්‍රාහකයන් ලෙස Coats Thread Lanka, Triumph සහ AMDT එක්වී ඇත.

ඊට අමතරව එක්වන අනුග‍්‍රාහකයන් මෙසේ ය.

කාණ්ඩ අනුග‍්‍රාහකයන්: LICC Jeans, Elephant House Ice Cream, George Stuart Pharmaceuticals සහ Heart Rislet. නිල හෝටලය සහ ආහාරපාන සැපයුම: ගල්කිස්ස හෝටලය. නිල පානය: කොකා කෝලා. නිල ගුවන්විදුලි නාලිකාව: Kiss FM. රූපවාහිනී සහකරු: Art TV. නිල ගුවන් සේවය: ශ‍්‍රී ලංකන් එයාලයින්ස්. නිල ඡායාරූපකරණය: ප‍්‍රවීන් මිරැන්ඩෝ. නිල වීඩියෝ සහකරු: Radicalz. කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය සේවා: Salon Chrissy’s. නිල නර්තන ශිල්පී: බ‍්‍රයන් කෙර්කෝවන්. මල් සැපයුම: Second Chance Flowers. නිල අන්තර්ජාල මාධ්‍ය: Revolution Portfolio සහ Gayani Batz Media Crew. ඩිජිටල් ප‍්‍රජා සහකරු: Happy SL. නිල මාධ්‍ය උපදේශක: කුමාර් ද සිල්වා. නිල මහජන සම්බන්ධතා සහකරු: Nehemiah Consultants' Mini Titles සඳහා අනුග‍්‍රහය: VLCC. ජයග‍්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම සඳහා අනුග‍්‍රහය: Jet Airways සහ You Travels.

අවන්හල සමඟ නව සැලසුමකින් එළිදැක්වූ ඔඩෙල් අලෙවිසැලෙන් නව සාප්පු සවාරි අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව

මෙරට පාරිභෝගිකයින් සඳහා සොෆ්ට්ලොජික් සමූහය විසින් ඉදිරිපත් කරන කීර්තිමත් ගෝලීය සන්නාම සඳහා වත්තල ප‍්‍රදේශවාසීන්ට වඩාත් හොඳ ප‍්‍රවේශයක් ලබාදෙමින් ඉතාමත් ජනාකීර්ණ වත්තල නගරයේ වඩාත් වැඩි ඉඩපහසුකම් සහිත ඔඩෙල් අලෙවි සැලක් සහ බර්ගර් කින්ග් අවන්හලක් එකම ස්ථානයක ආරම්භ කර තිබේ.

තට්ටු දෙකකින් යුතු ගොඩනැගිල්ලක වර්ග අඩි 9,000 ක ඉඩ පහසුකම් සහිතව කොළඹ මීගමුව පාරේ නව ස්ථානයක විවෘත කළ ඔඩෙල් අලෙවිසැල වත්තල නගරයේ විවෘත වූයේ 2011 වසරේදීයි. සම්පූර්ණයෙන්ම අළුතෙන් සකස් කළ නව අලෙවිසැල තුළ පුළුල් පරාසයක විහිදුණු භාණ්ඩ මාලාවක් අලෙවිකරන අතර මෙම ස්ථානයේම බර්ගර් කින්ග් අවන්හලක්ද විවෘත කර ඇත.

අංක 385, මීගමුව පාර, වත්තල ලිපිනයේ පිහිටා තිබෙන නව ඔඩෙල් විලාසිතාගාරය සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා විසින් විවෘත කරන ලදී.

ඔඩෙල් පාරිභෝගිකයින්ට වාහන නැවැත්වීම සඳහා වැඩි ඉඩපහසුකම් සහිත මෙම විලාසිතාගාරයේදී කාන්තා, පිරිමි, ළමා ඇඳුම් සහ විලාසිතා ආයිත්තම්, Luv SL, Backstage, සපත්තු සහ බෑග්, ක‍්‍රීඩා උපකරණ සහ ගමන්මළු, සුවඳ විලවුන් සහ රසකැවිලි ඉතාමත් සැලකිල්ලෙන් සැලසුම් කර තිබෙන පරිසරයක මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. මෙම අලෙවි සැලෙන් පුළුල් පරාසයක විහිදුණු ජාත්‍යන්තර සන්නාම වලින් යුතු භාණ්ඩ මිලදීගැනීම සඳහාද පාරිභෝගිකයින්ට අවස්ථාව උදාකර දී ඇත.

නව ඔඩෙල් අලෙවි සැල මගින් ඇඟලූම් සහ ක‍්‍රීඩා ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර සන්නාම වන Nike" Levi’s" Giordano" Puma" US Polo" Pepe Jeans සහ Disney සහ අත් ඔරලෝසු සන්නාම වන Michael Kors" DKNY" Adidas සහ Fossil මෙන්ම Prada" Vogue" Rayban" Giorgio Armani සහ Emporio Armani යන සන්නාම වලින් යුත් අව් කන්නාඩි මිලදීගැනීමට පුළුවන. මීට අමතරව, Mothercare සන්නාමයෙන් යුතු පුළුල් නිෂ්පාදන මාලාවක්ද වත්තල ඔඩෙල් විලාසිතාගාරය විසින් අලෙවි කරනු ලබයි.

ක්ෂණික ආහාර පාන පිළිගැන්වීමේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන කීර්තිමත් බර්ගර් කින්ග් අවන්හල් ජාලය රසයෙන් සහ පිරිසිදුකම අතින් පොහොසත් ආහාර පාන සඳහා ජාත්‍යන්තර නමක් දිනාගෙන තිබේ. දේශීය බර්ගර් කින්ග් අවන්හල් තුලින් ජාත්‍යන්තර කීර්තියට පත් Whopper සහ the Long Chicken වැනි නිෂ්පාදන වලට අමතරව දේශීය ප‍්‍රණීත ආහාර වට්ටෝරු අනුව මෙරට රසට සකස් කළ King Rice වැනි නිෂ්පාදනද මිලදීගත හැකිය. මීට අමතරව, BK Big Meal සහ Royal Lunch deal යන වැඩි වටිනාකමකින් යුතු, ප‍්‍රමාණයෙන් වැඩි නිෂ්පාදනද මෙහිදී මිලදීගැනීමේ අවස්ථාව තිබේ. කීර්තිමත් නිෂ්පාදන සහ විශේෂ වට්ටම් වලට අමතරව බර්ගර් කින්ග් විසින් ළමුන් සඳහාම වෙනමම ආහාර පෙළක් හඳුන්වා දී තිබෙන අතර මෙම ආහාර පෙළ සමග දරුවන්ට නොමිලේ සෙල්ලම් භාණ්ඩයක් ලබාදෙයි.

‘‘සොෆ්ට්ලොජික් විසින් ඔඩෙල් අත්පත් කර ගැනීමෙන් පසුව සිදුකරන නව පුළුල් කිරීම සඳහා හොඳම උදාහරණයක් ලෙස බර්ගර් කින්ග් අවන්හලක් සහිතව වත්තල නව ස්ථානයක අළුත් සැලසුමකින් යුතුව විවෘත කළ ඔඩෙල් විලාසිතාගාරය සැලකිය හැකියි,’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් PLC‍ සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේය. ‘‘සමූහයක් ලෙස ගත් විට වැඩිම ජාත්‍යන්තර විලාසිතා සන්නාම මෙරට නියෝජනය කරන්නේ සොෆ්ට්ලොජික් සමූහයයි. අපගේ සුවිශේෂී වූ ඉදිරිපත් කිරීම ඔඩෙල් අලෙවිසැල් මගින් අනිවාර්යෙන්ම නියෝජනය විය යුතුයැයි අපි විශ්වාස කරනවා. මේ අනුව, අපගේ ඉලක්කය වන්නේ බර්ගර් කින්ග් වැනි පහසුකම් සහිත මනාව සැලසුම් කළ විශාල ඔඩෙල් විලාසිතාගාර ප‍්‍රධාන ස්ථානවල පිහිටුවීමටයි.’’

ජාත්‍යන්තරව කීර්තියට පත් දේශීයව බිහිවූ සුවිශේෂී විලාසිතා සන්නාමයක් වන ඔඩෙල් ජාත්‍යන්තර තලයේ විලාසිතාවන් සොයන විලාසිතා ලැදි පිරිස වඩාත් ඇලූම්කරන මෙරට විහිදුණු වඩාත් පහසුකම් සපිරි හොඳම විලාසිතා අලෙවිසැල් ජාලයයි. මෙරටට පැමිණෙන සංචාරකයින් අනිවාර්යෙන්ම පැමිණෙන තැනක් බවට ඔඩෙල් මේ වනවිට පත්ව ඇත.

මෙරට ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් 'ගිම්හාන විලාසිතා' සමය ඉතාමත් උත්කර්ශවත් අයුරින් ආරම්භ කරමින් විචිත‍්‍රවත් වර්ණ සහ නිවර්තන මෝස්තර පෙළකින් යුතු විලාසිතා එකතුවක් එළිදක්වා තිබේ. මෙම තේමාවට අදාළව ඔඩෙල් අලෙවිසැල් අලංකරණය කර තිබෙන අතර වෙළඳ ප‍්‍රචාරණ කටයුතුද සිදුකරයි.

ඔඩෙල් හි 'Jungle Luxe’  නැමති මෙම විලාසිතා එකතුවෙහි තේමාව වන්නේ Rainforest හෙවත් 'වැසි වනාන්තරය' යන්නයි. කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ප‍්‍රධාන අලෙවි සැලේ පැවැත්වුණු වර්ණවත් විලාසිතා සංදර්ශනයකදී මෙම විලාසිතා එකතුව පසුගිදා එළිදැක්විණි.

විවිධ ශාක පත‍්‍ර වලින් සහ වැසි වනාන්තරවල දකින්නට තිබෙන සුන්දර මල් වලින් යුතු මුද්‍රණ වලින් මෙම විලාසිතා එකතුව හැඩවී තිබෙන අතර එමගින් මෙම විලාසිතා එකතුවට සජීවී බවක් එක්කර ඇත.

මෙම විලාසිතා එකතුවට දුටුවන්ගේ මන බඳිනා අතිශය සුන්දර ඇඟලූම් ඇතුළත් වන අතර මේවා කොළ, රතු, කහ, කළු, නිල් සහ සුදු වර්ණ වලින් සහ එම වර්ණ සංකලනයන්ගෙන් යුක්තවේ.

මෙම විලාසිතා එකතුවට විස්කෝස්, කොට්න්, කේ‍්‍රප් සහ චිෆොන් වැනි පිරිපුන් රෙදිපිළි යොදාගෙන තිබෙන බවත් රේන්ද යොදාගනිමින් ස්ත‍්‍රී ලාලිත්‍යය ඉස්මතු කරන අතරම සුවපහසුවද ගෙන දෙන බව ඔඩෙල් සඳහන් කරයි.

"විලාසිතා ලොවේ නවතම නැඹුරුතා පිළිබඳ උනන්දුවක් ඇති පුද්ගලයින් සෑම විටම ඔවුන්ගේ ඇදුම් අවශ්‍යතා සඳහා ඔඩෙල් ගෙනන විලාසිතා වලට ඇලූම් කරනවා.'' යනුවෙන් මෙම විලාසිතා එකතුව පිළිබඳව අදහස් දක්වමින් ඔඩෙල් විලාසිතා ජාලය අයත්වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි, සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂ ඩෙසිරේ කරුණාරත්න මෙනෙවිය සඳහන් කළායගි'අපට අවශ්‍ය වන්නේ ගෝලීය වශයෙන් ජනප‍්‍රිය වන නවතම විලාසිතා රැළිවල සුන්දරත්වය කලට වේලාවට අපගේ පාරිභෝගිකයින්ට ලබාදීමටයි. මේ අනුවලිවැසි වනාන්තරය' විලාසිතා එකතුව මගින් මේ වෙනුවෙන් ඔඩෙල් තුළ තිබෙන කැපවීම කදිමට පෙන්නුම් කරනවා''

සේයාරු වලින් දැක්වෙන්නේ ඔඩෙල් හි 'Jungle Luxe' වැසි වනාන්තරය' විලාසිතා එකතුව යටතේ පසුගියදා සිදුකළ විලාසිතා සංදර්ශනයට එක්කළ නිර්මාණ කිහිපයකි.

විශේෂ දිනයක් සඳහා විශේෂ ඇඳුම් ආයිත්තමින් සැරසිය යුතුය. ඔබ ආදරය කළ තැනැත්තිය විවාහ කරගන්නා සුවිශේෂී අවස්ථාව සඳහා ඔබ තෝරාගන්නා ඇඳුම් පැළඳුම්ද සුවිශේෂී ඒවා විය යුතු බව නිසැකය. මංගල උත්සවය සඳහා දින නියම කරගැනීමෙන් අනතුරුව ඇරඹෙන සූදානම් වීම උත්සවය දින දක්වාම අවසන් නොවීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඒ අතරතුර උත්සවය සංවිධානය කරගැනීම සම්බන්ධයෙන් පැන නගින විවිධ ගැටලු, දුෂ්කරතා හා මානසික තත්වයන් මධ්‍යයේ කාලය වේගයෙන් ගෙවී යන බව හා උත්සව දිනය කෙමෙන් ළංවන බවක් හැඟී යයි. මේ සියලු කලබල මැද මනාල මහතාගේ ඇඳුම් පැළඳුම් වෙත අඩු අවධානයක් යොමුවීම පහසුවෙන් සිදු විය හැකිය.

ඒ සියලු අසීරුතා මගහරවමින් මනාල මහතාට ඒ සුවිශේෂී අවස්ථාව සඳහා අවශ්‍ය වන සියලු ඇඳුම් පැළඳුම් එකම වහලක් යටින් ලබාගැනීමේ අවස්ථාව දැන් පිරිමි ඇඳුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සිග්නේචර් විසින් උදා කරදී තිබේ. සිග්නේචර් විසින් එහි නවතම ව්‍යාපාරික අංශය Groom Store නමින් අංක 388, ගාලු පාර, බම්බලපිටිය යන ස්ථානයේ පිහිටි එහි ප‍්‍රදර්ශනාගාරයේදී මෑතකදී විවෘත කරන ලදී. එහිදී ඔබගේ මංගල උත්සවය සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් තෝරාගැනීම පෙර නොවූ විරූ ආකාරයේ පහසු හා නවමු අත්දැකීමක් බවට පත්ව ඇත.

මේ අනගි අවස්ථාව උදාවන්නේ මනාලයාට පමණක් නොවේ. ඔබ මනාලියගේ පියා, මනාලයාගේ මිතුරා හෝ උත්සව ශාලාවට අමුතතන් කැඳවාගෙන යන තැනැත්තා විය හැකිය. ඒ සියලුදෙනාගේ අවශ්‍යතා සපුරාලීමට සිග්නේචර් සූදානම්ව සිටී. මනාලයා සහ මනාල යුවළගේ කණ්ඩායම ඔවුන්ගේ කැමැත්ත හා තේමාවට ගැළපෙන හොඳම ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටින බව තහවුරු කරගැනීමට උසස් තත්වය හා විශිෂ්ට නිමාව සම්බන්ධයෙන් සුපතල නාමයක් වන සිග්නේචර් නිරතුරුවම උත්සුක වෙයි.

සම්මත ප‍්‍රමාණ අනුව මසන ලද ඇඳුම් (readymade suits), එක් එක් පුද්ගලයාගේ ශරීර ප‍්‍රමාණයට මසන ලද ඇඳුම් (made-to-measure outfits or bespoke), එක් එක් පුද්ගලයා කැමති විලාසිතා අනුව මසන ලද ඇඳුම්ල (tailored suits) ආදී පුළුල් පරාසයක විහිදී ගිය සිග්නේචර් හි ඇඳුම් මැසීමේ කලාව ඕනෑම පුද්ගලයෙකුට සිය ආර්ථිකයට ගැළපෙන ආකාරයෙන් සිය ඇඳුම සකසාගැනීමේ හැකියාව ලබාදෙයි. වඩා විප්ලවීය අභිරුචියක් සහිත පුද්ගලයන් සඳහා සුදුසු තද වර්ණ සහ නූතන ඇඳුම් මෝස්තර නිර්මාණ හා විලාසිතා වල සිට සියලු කාල වලට ගැළපෙන විශිෂ්ට පන්නයේ මංගල ඇඳුම් කට්ටලයක් සකසාගැනීමට කැමති පිරිස් සඳහා සුදුසු විලාසිතා, විශිෂ්ට පන්නයේ මෝස්තර හා කලාත්මක වර්ණ පෙළක් දක්වා සිග්නේචර් සතු විවිධත්වය විහිද යයි. ඕනෑම පිරිසක් මධ්‍යයේ ඔබ කැපී පෙනෙන බව සහතික කිරීමට සිග්නේචර් හැමවිටම උත්සුක වෙයි. එසේම සිග්නේචර්හිදී ඔබ තෝරාගන්නා ඕනෑම ඇඳුම් කට්ටලයක් සඳහා ගැළපෙන සපත්තු සහ අනෙකුත් පැළඳුම් එහිදීම මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සිග්නේචර්හි සාමාන්‍යාධිකාරී, ඉන්දික පෙරේරා මහතා පැවසූයේ හමීඩියා සන්නම් කළඹ සඳහා වටිනාකම් එකතු කරන සන්නම සිග්නේචර් බවයි. මේ සන්නම මගින් වයස අවුරුදු 20 ත් 35 ත් අතර වන තරුණ පරපුර ඉලක්ක කෙරෙන අතර ඇගලුම් සම්බන්ධයෙන් සිග්නේචර් විසින් මේ වන විට 20% ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක් වාර්තා කරනු ලබන අතර සිග්නේචර් සඳහා තිබෙන මෙරට තාරුණ්‍යයේ ඉහළ පිළිගැනීම ඉන් පිළිඹිබු වෙයි. අපගේ උද්යෝගීමත් අලෙවි හා ප‍්‍රවර්ධන කණ්ඩායම අප විසින් වාර්තා කරනු ලබන වර්ධනය සඳහා දායක වන තවත් සාධකයක්. ඔවුන්ගේ කැපවීම, අවධානය හා සාමූහික හැඟීම අපගේ සන්නම සඳහා තරගකාරී වාසි අත්කරගැනීමෙහිලා බෙහෙවින් උපකාරී වෙනවා. මනාල මහතුන්ගේ මංගල ඇඳුම් වෙනුවෙන් මේ ආකාරයෙන් වෙනම ස්ථානයක් නිර්මාණය කරන ලද්දේ මෙරට තාරුණ්‍යය සඳහා දැරිය හැකි මිල ගණන් යටතේ උසස් තත්වයේ හා නවීන විලාසිතාවන්ගෙන් යුතු මංගල ඇඳුම් පෙළගැස්මක් ලබාදීම සඳහාය. සිග්නේචර් නාමය සහිත මංගල ඇඳුම් කට්ටල රුපියල් 8,995/- සිට ඉහළට ඇත.

"මහත්වරුන්ගේ සියලු ඇඳුම් අවශ්‍යතා එකම වහලක් යටදී සපුරාදීමට සිග්නේචර් සැදී පැහැදී සිටී. විලාසිතා සහ කෙනෙකුගේ ආර්ථීක තත්වය එකිනෙකට බැඳුනු සාධක දෙකක් බවත් සෑම මනාල මහතෙකුම තම ජීවිතයේ වඩාත්ම අමතක නොවන අවස්ථාවක් වන මංගල දිනය සඳහා ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන සිරුරට මනාව ගැළපෙන ඇඳුමකින් සැරසිය යුතු බවත් අප තරයේ විශ්වාස කරනවා. සිග්නේචර්හි සියලු නිෂ්පාදන හා සංකල්ප මේ විශ්වාසය පදනම් කරගෙන සැකසෙන අතර විලාසිතා සහ දැරිය හැකි මිල ගණන් අපගේ එකම අග‍්‍ර ගුණය ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. විලාසිතා පිළිබඳ ඔබගේ පෞද්ගලික රුචිය හා පෞරුෂත්වය සැලකිල්ලට ගනිමින් ඔබට මනාව ගැළපෙන ඇඳුම් කට්ටලයක් ඔබට ලබාදීමට අප නිරතුරුවම උත්සාහ කරනවා. අපගේ මෝසතර නිර්මාණ ශිල්පීන් හා මසන්නන් ඔබගේ ඒ විශේෂ දිනය වෙනුවෙන් ඔබට කදිම පෙනුමක් ලබාදීම සඳහා ඔබට සෑම පියවරකදීම උපකාර කරනු ඇති." යනුවෙන් එච් එස් මාර්කටින් (H.S. Marketing) හි කළමනාකාර අධ්‍යක්ෂ, හුසේන් සාදික් මහතා ප‍්‍රකාශ කළේය.

පිරිමි ඇඳුම් විලාසිතා සම්බන්ධ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම සන්නම් නාමය මෙන්ම ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු (Official Formal Clothing Partner) ලෙසද සිග්නේචර් නමක් දිනා සිටී. මිලාගිරියේ පිහිටි ද Groom Store ලිබර්ටි ප්ලාසා, කොටුව, ජා ඇළ, පිළියන්දල, අනුරාධපුරය, යාපනය සහ කල්මුණේ මෙන්ම මාතර යන ස්ථාන වල පිහිටි ප‍්‍රදර්ශනාගාර 8 ක් සමගින් සිග්නේචර් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ පිරිමි ඇඳුම් සන්නම් නාමයක් බවට පත්ව තිබෙන අතර එච් එස් මාර්කටින් ආයතනය විසින් එම නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබයි. දිවයින පුරා පිහිටි අලෙවිසැල් වලින් මිලදීගත හැකි සිග්නේචර් නිෂ්පාදන මෙරට ප‍්‍රමුඛ පෙළේ කී‍්‍රඩකයන් සහ ආයතන ප‍්‍රධානීන් කිහිපදෙනෙකු විසින්ම ඇගයීමට ලක් කර තිබේ.

මෙවන් මාදිලියෙන් සරම් කිසිම දිනක නෙතට හසුවී නැත. සාමාන්‍ය පිරිමින් අතර ප‍්‍රචලිත සරමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පිරිමි ඇඳුම් විලාසිතා නාමය වන හමීඩියා සතු නිපුණතාවන්ගෙන් හැඩගැන්වීමෙන් නව ජීවයක් ලැබෙයි. මේ ආකරයේ ප‍්‍රථම නිපැයුම මෙය වන අතර හමීඩියා නව රෙද්දෙන් නිම කළ කුර්තා, කමිස සහ සරම් මාලාවක් මනාලයන් මෙන් කඩවසම් පෙනුමින් යුත් ඇඳුම් තෝරා ගන්නා පිරිමින් වෙනුවෙන් මෙම වසරේදී ඉදිරිපත් කරන බව සාඩම්බරයෙන් දන්වයි.

මෙම නව කමිස සහ සරම් මාලාව විවිධ වර්ණ සහ නව මෝස්තරවලින් ඉදිරිපත් කෙරේ. මෙම සරම නවීන විලාසිතාවලින් මෙන්ම චාම් බව අතර සමබරතාවක් ඇතිවන ලෙස නිම කොට ඇත. මෙම රෙදිපිලි එකතුවෙහි ඇති සරම් කුර්තා සහ කමිස ඉතා තද පැහැයේ සිට මිශ‍්‍ර ලා පැහැයන් දක්වා වර්ණ 25 කින් මෙන්ම එකක් වර්ණ දෙකක් මිශ‍්‍ර රෙදි ලෙස ලබාගත හැකිය. සාප්පු හිමියන්ට තමන්ගේ මනාපය පරිදි විවිධ වර්ණ සහ විලාසිතාවන්ගෙන් මෙම ඇඳුම් ලබා ගත හැකිය.

මිළදී ගත් සැනෙන් ඇඳීමට හැකි මෝස්තරවලින් සහ මනා ලෙස ගැලපෙන අයුරින් මෙන්ම අදාල පුද්ගලයාට උච්ත නිමාවකින් මෙම ඇඳුම් සකසා ඇත. තමන්ගේ අභිලාෂයට රිසිලෙස පෙනුම ලැබෙන ආකාරයෙන් වර්ණ ගලපා ගැනීමට සහ විලාසිතාවන්ගෙන් තෝරා ගැනීමටත් පාරිභෝගිකයන්ට හැකියාව ඇත. අලුත් අවුරුදු උත්සව සමය ඵළඹෙන මොහොතේ මෙම නිෂ්පාදන හොඳින් ගැලපෙන තෑග්ගක් ලෙස පිළිගැන්වීමට හැකි අතර ඒවා තෑගි පෙට්ටි වශයෙන්ද ලබා ගත හැකිය.

මෙම නවීනත්වයට පත් කෙරුණු සරොම් වර්ගය විවිධ අවශ්‍යතාවන්ට සහ අවස්ථාවන්ට ගැලපෙන ආකාරයට සැලසුම්කර ඇති අතර එදිනෙදා ඇඳීමට එමෙන්ම කඩවසම් අයුරින් මෙන්ම උත්සව අවස්ථාවන්ට ඇඳීමට හැකිය. එම සරම කුර්තා කමිසය, ටියුනික් කර සහිත කමිසය, සාමාන්‍ය කර සහිත කමිසය සමග ඇඳීමට හැකි අතර තෝරාගත් කමිසය වර්ග කිහිපයක් දැන් පින් ටක්ස් වලින්ද ලැබී ඇත.

හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ශි‍්‍ර ලංකාවෙහි සුප‍්‍රකට පිරිමි ඇඳුම් විශේෂඥයෝ වන ෆවුෂිල් හමීඞ් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය ”ශි‍්‍ර ලංකාවෙහි පිරිමි ඇඳුමි සදහා පවතින ශක්‍යතාව ඉතාම සිත් ගන්නා තත්ත්වයට පත්ව නොතිබුණි. ලොවපුරා නව මාදිලිවලින් පිරිමි ඇඳුමි සකස් කිරිම වර්ධනය වී ඇති අතර එය දියුණු වෙමින් පවති.

ශි‍්‍ර ලංකාවෙහි පිරිමි ඇඳුමි සදහා නව මාදිලි සහ විලාසිතා අනුව ඉදිරියට යැමට කාලය එළඹ ඇත. සරම දිගුකාලයක් මුළුල්ලේ අපේ රටෙහි භාවිතයෙහි පවතින ඇඳුමක් වන අතර අප දැන් කර ඇත්තේ එයට වර්තමානයේ ශි‍්‍ර ලංකාවෙහි පිරිමින් උනන්දුවක් දක්වන මාදිලිවලින් සහ මෝස්තරවලින් ඉදිරිපත් කිරිමයි. හමීඩියා සමාගම දශක ගණනාවක් මුළුල්ලේ ලොව පුරා පිරිමි ඇඳුමි විලාසිතා ඉදිරියට ගෙන යැමේ ප‍්‍රවනතාව පවත්වාගෙන ඒමට උත්සාහ දරමින් සිටින අතර එය ශි‍්‍ර ලංකාවෙහි උනන්දුවක් දක්වන ආකාරයට පරිවර්තනය කොට වෙළඳපොලට ඉදිරිපත් කිරිමට උත්සාහ දරයි. මෙම නව එකතුවෙන් අපේ ඉදිරි දැක්ම පෙන්නුම් කෙරෙයි. අපගේ මෙම ඇඳුම්වලින් සුවපහසුව සහා විලාසිතා අතර සමතුලනයක් ඇති වන අතර ඒවා නිෂ්පාදනය කොට ඇත්තේ උසස්ම තත්ත්වයේ රෙදිපිලි වලිනි”.

ස්වභාවික, සැහැල්ලු, කෙඳිවලින් තොර එමෙන්ම දිගුකල් පවතින රෙදිපිලිවලින් නව විලාසිතා මෝස්තරවලින් ඉදිරිපත් කරන මෙම ඇඳුම් ඇඳගෙන සිටින්නන්ට අඩුම දුෂ්කරතාවලට මුහුණපාන වඩාත් කඩවසම් පෙනුමක් ඇවෑමකින් තොරව ලබාගත හැකිය. එන්වෝයි කොන්සෙට් 2016 විලාසිතා දැක්මේදි එළිදක්වන ලද මෙම එකතුව අත්‍යවශ්‍යයෙන්ම ශී‍්‍ර ලංකාවෙහි දේශගුණයට ගැලපෙන පරිදි සුවිශේෂිව සකස්කොට ඇත. හමීඩියා ආයතනය සුව පහසුව සමග විලාසිතා එක්කිරිමට නිරතුරුවම කටයුතු කර ඇති අතර මෙම ඇඳුම් සකසා ඇති රෙදිවර්ගය නිසා උෂ්ණදේශ ගුණයේදි පවා සිසිල් සුවයෙන් සිටිමටත් ඒවා ඇඳගෙන සිටින්නන් තුළ උෂ්ණය සහ දහදිය දැමීම අඩුකිරිමටත් හේතුවෙයි.

මෙම නව ඇඳුම් වර්ග හමීඩියා ප‍්‍රදර්ශනාගාරවලින් සහ එන්වෝයි මැන්ෂන් ප‍්‍රදර්ශනාගාරයෙන් මාර්තු මාසයේ අවසානයේ සිට මිලදි ගතහැකිය.

 

The sarong has never looked this stylish! The humble sarong gets a couture makeover and a new lease on life under the...

Posted by Lanka Business News on Sunday, March 27, 2016

රූපලාවන්යා ක්ෂේත්‍රයේ පුරෝගාමී හා ප්‍රමුඛ සමාගමක් වන My Chemist සමූහයට අයත් ප්‍රමුඛතම සන්නාම ද්විත්වයක් වන 'Dermacolor' හා 'Basicare' අනුග්‍රාහක දායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංසදය (SLAHAB) මගින් සංවිධානය කළ SLAHAB ජාතික සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 28 වැනිදා ගලධාරී හෝටලයේදී පැවැත්වුණි.

අඛණ්ඩව වාර්ෂිකව සංවිධානය කෙරෙන SLAHAB ජාතික සම්මාන උළෙල මෙරට කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සුවිශේෂී දක්ෂතා පිළිබිඹු කරන දැවැන්ත තරගාවලියකි.  SLAHAB ජාතික සම්මාන උළෙලට මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ ස්ථානයක් හිමිවන අතර ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් හා සමාන මට්ටමින් මෙය පැවැත්වෙයි.

මෙවර SLAHAB ජාතික සම්මාන උළෙලේදී දිවයින පුරා විසිරී සිටින කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන් 100 කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර විනිසුරුවන් ඉදිරියේදී සිය දක්ෂතාවන් ඉදිරිපත් කළහ.

ජාත්‍යන්තර විධිවිධාන වලට අනුකූලව නිර්මාණය වී තිබෙන මෙම තරගාවලිය අංශ 13 ක් යටතේ පැවැත්වුණි.  පිරිමි කොණ්ඩා සැකසුම, කාන්තා ටෙක්නිකලර්-කරි යේටිව්, කාන්තා කොණ්ඩා මෝස්තර- Hair Style, පිරිමි කොණ්ඩා කැපීමල කාන්තා ටෙක්නිකලර් Hair Style, ෆැන්ටසි නිය අලංකරණය, මනාලියන්ගේ කොණ්ඩා මෝස්තර, කාන්තා සැන්ඳෑ කාලයට කොණ්ඩ මෝස්තරල මනාලියන්ගේ මේකප් ආදිය එවැනි තරග අංශ අතරට ඇතුළත් විය.

"දේශීය කේශාලංකරණ හා රූපලාවන්යඅ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරතුරුව අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පවත්වන SLAHAB හවුල්කාරීත්වය ඔස්සේ මේ උළෙලේ සම අනුග්‍රාහාහක ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවීම My Chemist සමූහයට හිමිවුණු මහත් ගෞරවයකි.  මෙම තරගාවලියේදී මෙරට කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් පෙන්නුම් කිරීමට හිමිවන අවස්ථාව ජාත්‍යන්තර මට්ටමේ තරගයක් ලබාදීමට ඔවුන්ට හිමිවන අත්වැලක් ලෙස හැඳින්විය හැකියි. " SLAHAB ආරම්භක සභාපතිනි නයනා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

මෙහි දැක්වෙන්නේ මෙවර SLAHAB ජාතික සම්මාන උළෙලේ සුවිශේෂී ඡායාරූපමය අවස්ථාවන් කිහිපයකි.

 

රූපලාවන්යා ක්ෂේත්‍රයේ පුරෝගාමී හා ප්‍රමුඛ සමාගමක් වන My Chemist සමූහයට අයත් ප්‍රමුඛතම සන්නාම ද්විත්වයක් වන 'Dermacolor' ...

Posted by Lanka Business News on Tuesday, March 15, 2016

ඕනෑම කාන්තාවක් ඇයට සුදුසු බ‍්‍රා වර්ගයක් තෝරාගැනීමේදී දෙවරක් සිතා බලන කරුණක් වන්නේ ඉන් සිය සිරුරට හිමිවන සුවපහසු බව හා සිරුරට මනාව ගැළපේ ද යන්නයි. වයර් යොදාගනිමින් නිර්මාණය වූ බ‍්‍රා මගින් කාන්තා සිරුරට දැනෙන අපහසු බව බොහෝවිට ඔවුන්ට මහත් හිරිහැරයක් බවට පත්වෙයි. බ‍්‍රා තෝරාගැනීමේදී ඕනෑම කාන්තාවක් සිය සිරුරට මනාව ගැළපෙන හා සිරුරේ ලාලිත්‍යය තවත් ඔප්නංවන විලාසිතාවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙයි.

කාන්තාවන්ට සමීපතම ඇඟලූම් නිෂ්පාදනයේ නියැලෙන Triumph International වෙතින් හඳුන්වාදෙන මැජික් වයර් බ‍්‍රා මගින් වයර් සහිත බ‍්‍රා මගින් කාන්තා සිරුරට අත්කරදෙන සුවිශේෂී සුවපහසු බව කිසිදු බාධාවකින් තොරව එලෙසින්ම හිමිකරදෙයි. මැජික් වයර් බ‍්‍රා නිර්මාණය කිරීමේදී බ‍්‍රා කප් ඇතුළතට සිලිකන් යොදාගෙන නිර්මාණය කළ වයරයක් පවතින නිසා කාන්තා සිරුරට සුවිශේෂී සැහැල්ලූවක් අත්කරදෙයි.

මැජික් වයර් බ‍්‍රා නිර්මාණය කිරීමේදී පිටතට නොපෙනෙන සුවිශේෂී රැඳවුම් යොදාගනිමින් නිර්මාණය කර තිබෙන නිසා සිරුරට අතිශය තද ඇඳුමකින් පවා සිරුරේ අනවශ්‍ය මස්පිඬු දැකගැනීමට නොහැකිය. කාන්තාවන්ට ඔවුන්ගේ සිරුරට ගැළපෙන බ‍්‍රා තෝරාගැනීමේදී තවදුරටත් සිරුරට අපහසු බව අත්කරදෙන ඇඳුම් පිළිබඳ තවදුරටත් සැලකිලිමත් වීමට අවශ්‍ය නොවන්නේල Triumph වෙතින් වෙළඳපලට හඳුන්වාදෙන මැජික් වයර් බ‍්‍රා හේතුවෙනි.

‘‘Triumph Sri Lanka වෙතින් කාන්තාවන්ට පිළිගන්වන නවතම නිර්මාණය වන මැජික් වයර් බ‍්‍රා මෙරට කාන්තාවන් වෙත හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ මා අතිශයින්ම සතුටට පත්වෙනවා. මැජික් වයර් බ‍්‍රා වෙත පසුගියදා ‘Red Dot: Best of the Best 2015 design award’ සම්මානය ද හිමිවිය. ඉතාම කෙටි කාලයක් තුළ මෙවැනි නවතම නිර්මාණයන් මෙරට වෙළඳපලට හඳුන්වාදීමට හැකිවීම අප ලැබූ දැවැන්ත ජයග‍්‍රහණයකි.’’ Triumph International සමාගමේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව භාර සාමාන්‍යාධිකාරි ශලින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පැවසුවේය.

මැජික් වයර් බ‍්‍රා මගින් කාන්තා සිරුරට ආකර්ශණීය පෙනුමක් හිමිකරදීමට සමත් අද්විතීය නිෂ්පාදන පෙළක් මෙරට කාන්තාවන් වෙත හඳුන්වා දී ඇත. ලේස් යොදා.නිමින් විවිධ ආකර්ශණීය හැඩයෙන් යුතුව සියුම්ව නිර්මාණය කර තිබෙන මැජික් වයර් බ‍්‍රා නවතම වර්ණ ගණනාවකින් තෝරගැනීමේ අවස්ථාව ද කාන්තාවන්ට හිමිවී ඇත. මීට අමතරව කාන්තා සිරුරට අසමසම ආකර්ශණීයත්වය හා සුවපහසුව අත්කරදීමට සමත් සුවිශේෂී විවරයක් ද මැජික් වයර් බ‍්‍රා සතුය.

Triumph මගින් හඳුන්වාදී තිබෙන මැජික් වයර් බ‍්‍රා මගින් කාන්තාවන්ට සුවිශේෂී සුවපහසුවක් අත්කරදෙන අතර කාන්තා සිරුරට මනාව ගැළපෙන නිර්මාණයක් ලෙස ද මෙය නම්කළ හැකිය. සුමුදු ෆැබ්රික් යොදාගනිමින් මැජික් වයර් බ‍්‍රා නිර්මාණය වී තිබෙන අතර නිසැකවම මෙමගින් කාන්තා සිරුරට සැහැල්ලූ බව මෙන්ම ආරක්ෂාව ද හිමිකරදෙයි. සැබැවින්මල මැජික් වයර් බ‍්‍රා යනු කාන්තා ලාලිත්‍යය ඔප්නංවමින් කාන්තා උඩුකයට ආකර්ශණීය පෙනුමක් හිමිකරදීමට සමත් සුවිශේෂී නිර්මාණයකි. මැජික් වයර් බ‍්‍රා විලාසිතා බී‍්‍රෆ් සමග ද එකිනෙක වර්ණ හා ගළපාගැනීමට හැකිවීමද විශේෂත්වයකි.

මැජස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, ක්‍රෙස්කැට්, ඇල්ෆ‍්‍රඞ් හවුස් ගාර්ඩන්ස්, කැන්ඩි සිටි සෙන්ටර්, මොරටුව - කේ සෝන්, කපුවත්ත - කේ සෝන් හා දිවයින පුරා පිහිටි සියලූම විලාසිතා අලෙවි නියෝජිත ස්ථානයන්ගෙන් නවතම Triumph මැජික් වයර් බ‍්‍රා මාදිලි පෙළ මිලදීගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් තවත් වසරක් සඳහා සිය නවතම වසන්ත විලාසිතා එකතුව එළිදක්වා තිබෙන අතර සිත් ඇඳ බැඳ ගන්නා මනස්කාන්ත වර්ණ රටා වලින් හා විලාසිතා වලින් මෙම ඇඳුම් එකතුව පොහොසත් වේ.

පෙබරවාරි 01 වනදා නිළ වශයෙන් එළිදැක්වූ මෙම විලාසිතා එකතුව සඳහා තේමාව වන්නේ ‘Wanderlust’ යන්නයි. ජාත්‍යන්තර තත්ත්වයේ විවිධත්වයකින් යුතු මෙම විලාසිතා එකතුව විවිධ හැඩයන්ගෙන් පොහොසත් වන අතර පාරිභෝගිකයින්ගේ විවිධ වූ සිතැඟි පිනවන ලෙස නිර්මාණය කර තිබීම කැපී පෙනේ.

වික‍්‍රමාන්විත බවේ ජීව ගුණයත්, සංචාරය කිරීමේ ආශාවත්, සංස්කෘතිකමය ගවේෂණයත් අලූත් ඉසව්කරා ඇදීයාමේ උනන්දුවත් ඉස්මතුකරන මෙම විලාසිතා එකතුව මගින් පාරිභෝගිකයින් ගෝලීය තත්ත්වයේ විලාසිතා වලින් ප‍්‍රීතිමත් කරමින් ඔවුන්ට ආත්ම විශ්වාසයක් ලබාදීමට නිසැකවම සමත් වනු ඇත.

මෙම නව විලාසිතා එකතුව සඳහා යොදාගෙන තිබෙන රෙදි සහ විලාසිතා මුද්‍රණයන් සඳහා විවිධ පබළු වර්ග, ක්‍රොචේ බෙල්ට්ස්, කපු රේන්ද, ඉන්දුනීසියානු සැරසිලි තාක්ෂණයක් වන ඉකට්, සම් වර්ග, රතු ඉන්දියානු බ්ලැන්කට් රටා, වාටි, කේ‍්‍රප්, ෂිෆොන්, සහ ගොතන ලද නිර්මාණ යොදාගෙන තිබේ.

අතින් කරන ලද මල් එම්බ්‍රොයිඩර් විලාසිතා, සංකීර්ණ ලෙස සායම් කරන ලද රෙදිපිළි සහ තද වර්ණ රටා මුද්‍රණ මෙම නව විලාසිතා එකතුවට ඇතුළත් වේ. මීට අමතරව, ඇතැම් විට ඒක වර්ණ රටාවන් සමඟ මනාව වර්ණ මිශ‍්‍රවී තිබෙන අතර ඉතාමත් සිත්ගන්නා සුළු එම්බ්‍රොයිඩර් විලාසිතා මාලාවක්ද මේ අතර තිබේ.

මෙම විලාසිතා පෙළ පොහොසත් වන පුළුල් වර්ණාවලියට රතු, තැඹිලි, දුඹුරු, කොළ, නිල් සහ සුදු මූලික වර්ණ ලෙස ඇතුළත් වන අතර මෙරූන්, නිල්මිණි, තැඹිලි සහ කහ යන වර්ණ රටාවන් විලාසිතා පෙළට මුසුවී ඇත. මේ තුළින් විලාසිතා ලෝලී ඕනෑම අයෙකුව ඇඳ බැඳ ගන්නා පරිදි ඔඩෙල් ‘Spring 2016’ විලාසිතා එකතුව ජීව ගුණයෙන් පොහොසත්ව නිර්මාණය වී තිබේ.

‘අපගේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන්නේ ඉතාමත් නව රැල්ලේ විලාසිතා අපි වෙතින් මිලදී ගැනීමටයි. ඔඩෙල් Wanderlust විලාසිතා එකතුව මගින් පාරිභෝගිකයින්ගේ එම බලාපොරොත්තු ඉටුකර තිබෙනවා,’ යනුවෙන් මෙම විලාසිතා එකතුව පිළිබඳව අදහස් දක්වමින් ඔඩෙල් විලාසිතා ජාලයේ හිමිකාරීත්වය දරණ සොෆ්ට්ලොජික් සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ, ඩෙසිරේ කරුණාරත්න මහත්මිය සඳහන් කළාය. ‘මෙය ඔඩෙල් පාරිභෝගිකයින්ට විලාසිතා පිරුණු 2016 වසරට ඉතාමත් උණුසුම්, සජීවී මෙන්ම පරිපූර්ණ වූ ආරම්භයක්.’

සේයාරුවෙන් දැක්වෙන්නේ ඔඩෙල් ‘Spring 2016’ එකතුව යටතේ එළිදක්වා තිබෙන විලාසිතා කිහිපයක් සහ කොළඹ 07, ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ ඔඩෙල් ප‍්‍රධාන අලෙවි සැලේ එම එකතුව ප‍්‍රදර්ශනය කර තිබෙන ආකාරයයි.

 

A riot of rich textures and colours evocative of eastern nomadic couture sets the tone for an inspired Spring 2016...

Posted by Lanka Business News on Tuesday, February 2, 2016

මැජික් වයර් බ්‍රා, කාන්තාවන්ට සමීපතම ඇඟලූම් නිෂ්පාදනයේ නියැලෙන Triumph International මේ නත්තල් සමය වෙනුවෙන් හඳුන්වාදී තිබෙන අද්විතීය නිර්මාණයයි. මැජික් වයර් බ්‍රා විලාසිතා මාදිලි පෙළ Triumph නිෂ්පාදන අතරට එක්වන සුවිශේෂී නිර්මාණයක් වන බව නොඅනුමානය. මෙමගින් ‘වයර් රහිත බ්‍රා’ ඇඳීමෙන් හිමිවන සුවිශේෂී සැහැල්ලු බව එලෙසින්ම කාන්තාවන්ට අත්කරදෙයි. සිරුරට මනා සුවපහසුව හිමිවන අන්දමට නිර්මාණය කර තිබෙන මෙම මැජික් වයර් බ්‍රා මගින් ආකර්ශණීය පෙනුම මෙන්ම විලාසිතාව ද කාන්තාවන්ට හිමිකරදෙයි.


නත්තල් සමයේ අඳින සෑම ඇඳුමකටම ගළපාගත හැකි ලෙස නිර්මාණය වී තිබෙන මැජික් වයර් බ්‍රා කාන්තා සිරුරේ අනවශ්‍ය මස්පිඬු නොපෙන්වමින් පිටතින් අඳින ඇඳුමට ද මනා නිමාවක් ගෙනදෙයි. ආකර්ශණීය ආකාරයට සැකසී තිබෙන මෙම මැජික් වයර් බ්‍රා ඇතුළතට සිලිකන් වයර් යොදා තිබෙන බැවින් එය සිනිඳු හා නම්‍යශීලී ආකාරයට සකස් වී ඇත. සාම්ප්‍රදායික ආකාරයට ලෝහමය වයර් යොදාගනිමින් නිර්මාණය කළ බ්‍රා මගින් හිමිවන පහසුව එලෙසම මෙමගින් ද සිරුරට හිමිවන අතර බ්‍රෙසියරය ඇතුළතින් සිලිකන් වයරය යොදාගනිමින් උසස් ප්‍රමිතියෙන් යුතුව මෙම මැජික් වයර් බ්‍රා නිෂ්පාදනය වී ඇත.


මැජික් වයර් බ්‍රා මගින් කාන්තාවන්ගේ සිරුරට සුවිශේෂී සුන්දරත්වයක් මෙන්ම ආකර්ශණීය පෙනුමක් ද ලබාදෙන බව නිසැකය. සුසිනිඳු ෆැබ්රික් වලින් හා සිලිකන් වයර් යොදාගනිමින් නිර්මාණය වී තිබෙන මැජික් වයර් බ්‍රා ඇඟලාගෙන ඔබේ සිරුර පහසුවෙන් එහෙ මෙහෙ හැසිරවීමට ද හැකිය. මැජික් වයර් බ්‍රා කාන්තා ඔබට ගැළපෙන සුවිශේෂී ඇඟලුමක් වන අතර කාන්තා සිරුරට මනාව සරිලන ලෙස සකස් වී ඇති මෙමගින් සුවිශේෂී පෙනුමක් කාන්තා සිරුරට එක්කර දෙයි.


''මැජික් වයර් බ්‍රා උත්සව සමයට මනාව ගැළපෙන සුවිශේෂී මෙන්ම සුවපහසු නිර්මාණයක් ලෙස ද හැඳින්වීමට හැකියි. සිරුරේ ස්වභාවික හැඩය තවදුරටත් ඔපමට්ටම් කරමින් වයර් රහිත බ්‍රා මගින් සිරුරට හිමිකරදෙන සුවපහසුව එලෙසම මෙම මැජික් වයර් බ්‍රා මගින් හිමිකරදෙනු ඇත'' Triumph International සමාගමේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව භාර සාමාන්යා‍ධිකාරි ශාලින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.


මෙම ආකර්ශණීය මැජික් වයර් බ්‍රා මාදිලි පෙළ උත්සව සමයට ගැළපෙන රතු, කොළ, දම් වැනි වර්ණ වලින් යුතුව නිර්මාණය වී ඇත. එමෙන්ම, මැජික් වයර් බ්‍රා මාදිලි පෙළ දිදුලන සුළු සුමුදු ෆැබ්රික් වලින් යුතුව ආකර්ශණීය වූ ත්‍රිමාන ලෙස පෙනෙන ලේස් යොදාගනිමින් සියුම් ලෙස සකස් කර ඇත. ඉතා සියුම් ලෙස නිර්මාණය වී තිබෙන මෙමගින් උත්සව සමයේ සාද වලට අඳින ඇඳුම් වලට ද මනා නිමාවක් එක්කරදෙයි. ඉදිරිපස නැමී ආකාරයට නිර්මාණය වූ මැජික් වයර් බ්‍රා මාදිලි පෙළට ත්‍රිමාන ලේස් ද එක්කර ඇත.


මේ නත්තල් සමයේ ඔබේ ඇඳුම් පෙළ අතරට Triumph වෙතින් එන මැජික් බ්‍රා එක්කර ගන්න. සියලූම මැජික් වයර් බ්‍රා විලාසිතා බ්‍රීෆ් සමග ද එකිනෙක වර්ණ හා ගළපාගත හැකි අතර චිත්තාකර්ශණීය පෙනුමක් ද කාන්තා ඔබට හිමිකරදෙනු ඇත. මැජස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, ක්‍රෙස්කැට්, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩන්ස්, කැන්ඩි සිටි සෙන්ටර්, මොරටුව - කේ සෝන්, කපුවත්ත - කේ සෝන් හා දිවයින පුරා පිහිටි සියලූම විලාසිතා අලෙවි නියෝජිත ස්ථානයන්ගෙන් නවතම මැජික් වයර් බ්‍රා මාදිලි පෙළ මිලදීගත හැකිය.

Triumph පිළිබඳව


Triumph වසර 125 කට අධික කාලයක් පුරා කාන්තාවන්ට සමීපතම ඇඟලූම් නිෂ්පාදනයේ නියැලෙන සමාගමකි. Triumph, 1886 වසරේ සිට කාන්තා යට ඇඳුම් නිෂ්පාදනයේ නියැලෙන ලොව ප්‍රමුඛතම සමාගමක් ලෙස ගෝලීය කීර්තිය හිමිකරගෙන ඇත. නවීන විලාසිතාවන් අත්හදා බලමින් කාන්තා යට ඇඳුම් නිර්මාණයේ නියැලෙන Triumph අද වනවිට ගුණාත්මක බවින් ඉහළ සමීපතම ඇඟලූම් නිෂ්පාදකයා ලෙස පාරිභෝගික විශ්වාසය හිමිකරගෙන ඇත. උපරිම සුවපහසු බවක් අත්කරදෙමින් කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය නැංවීමට සමත් නිෂ්පාදනයන් Triumph නිරතුරුව හඳුන්වා දෙයි. ආසියානු කාන්තාවන්ට සරිලන සමීපතම ඇඟලූම් නිෂ්පාදනයේ නියැලෙන එකම යුරෝපීය සන්නාමය වන්නේ ද Triumph ය.

සීමාසහිත හමීඩියා පුද්ගලික ආයතනයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරමින් එම සමූහයේ මෙහෙයුම් සම්බන්ධයෙන් ප‍්‍රධානත්වය ඉසිලූ හුසේන් සාදික් මහතා ප‍්‍රධාන ව්‍යාපාර ක්ෂේත‍්‍රයෙන් පරිබාහිර උපාය මාර්ගික ව්‍යාපාරයකට දායකත්වය සැපයීම සඳහා සමූහයේ කළමනාකරණ කමිටුවෙන් ඉවත්වීමට නියමිතය.  

හමීඩියා ව්‍යාපාරයේ නිරත සහෝදරයන් තිදෙනාගෙන් බාල සොහොයුරා වන සාදික්, පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමත් සමගය. පසුකාලීනව එහි නියෝජ්‍ය කළමනාකරණ ධූරය තෙක් දිගු ගමනක් පැමිණි හෙතෙම මේ වර්ෂයේදී සිය වෘත්තීය ජීවිතයේ 30 වන වසර සම්පූර්ණ කළේය.   

ක්ෂේත‍්‍රයේදී තමා ලද අත්දැකීම් හා පළපුරුද්දද උපායමාර්ගික පරමාර්ථ සපුරාගැනීම පිණිස උපයෝගී කරගන්නා අතරම සමූහයේ ප‍්‍රධාන ව්‍යාපාර ක්ෂේත‍්‍රයෙන් බැහැරව එහි වෙනත් නව ව්‍යාපෘති සහ ව්‍යාපාර ප‍්‍රවේශයන් මෙහෙයවීම හා ඒ සඳහා නායකත්වය සැපයීම අරමුණු කරගෙන හමීඩියා සමූහයේ කළමනාකරණ කමිටුවෙන් ඉවත් වීමට සාදික් මහතා සූදානමින් සිටී.    

”සමාගම සඳහා උසස් මට්ටමේ ව්‍යාපාර ප‍්‍රමිතීන් ඇති කරගැනීමට හා යම් කර්මාන්තයකට ප‍්‍රථමයෙන් ප‍්‍රවේශවීම මගින් සමාගමට ප‍්‍රතිලාභ අත්කර ගැනීම සඳහා පුරෝගාමී වන අතරතුර ක්ෂේත‍්‍රයේ ඇති වන නිරන්තර වෙනස්කම් මධ්‍යයේ ඒවාට අනුගතවෙමින් ඉදිරියට යාමටත් එහි ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කරගැනීමටත් හමීඩියා ආයතනයට හැකිවී තිබෙනවාx ඒ වගේම පරම්පරා තුනක සේවකයන් සමග වැඩ කරමින් හා පරම්පරා තුනක සැපයුම්කරුවන් සමග සම්බන්ධ වෙමින් සමාගම මේ වන විට පරම්පරා තුනක ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර තිබෙනවා. සමාගම සාර්ථකත්වයේ මීළඟ අදියර වෙත ගෙන යමින් ජාත්‍යන්තර ප‍්‍රවේශයක් හා ඉලක්ක සහිත දේශීය සන්නම් නාමයක් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව එහි තුන්වන පරම්පරාවේ නායකත්වය පිළිගන්න දැන් සමාගම සූදානම්.” සාදික් මහතා ප‍්‍රකාශ කළේය.             

හුසේන් සාදික් මහතා ඞී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් මෙන්ම එහි ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වෙයි. ඉතා තරුණ අවධියේදීම පවුලේ ව්‍යාපාරයට සම්බන්ධවූ ඒ මහතා ක්ෂේත‍්‍රය පිළිබඳ පළමු පෙළේ අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන අතර හමීඩියා ආයතනය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ස්ථානයකට රැුගෙන යාම සඳහා සිය දැනුම හා පුහුණුව උපයෝගී කොට ගත්තේය. 

තත්වයෙන් හා නිමාවෙන් උසස් පිරිමි ඇඳුම් මැසීම සඳහා දිවයිනේ සුපතල නාමයක් වන හමීඩියා පිටුපස සිටින සහෝදරයන් තිදෙනා ගතවූ කාලය මුලුල්ලේ ශී‍්‍ර ලංකාවේ පිරිමි ඇඳුම් මැසීම හා සම්බන්ධ ප‍්‍රමිතීන් හා මානයන් ඉහළට ඔසවා තැබීමටත් ඒ සඳහා ස්ථාවර වෙළඳපළ අවකාශයක් සහතික කිරීමටත් දායක වූහ. එහි ව්‍යාපාර උරුමය සහ කර්මාන්තය පිළිබඳ විශේෂඳතාව උපයෝගී කරගනිමින් නිරන්තරයෙන් හා වේගයෙන් වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ වෙනස්කම් හා අභියෝග වලට සාර්ථකව මුහුණදීමට හා එහි ගණුදෙනුකරුවන්ට වඩා හොඳ සේවයක් ලබාදීම සඳහා සමාගම ඊළඟ අදියර වෙත ගෙනයාමට  හමීඩියා ආයතනය සූදානම්ව සිටී. ඒ අනුව එහි ඉහළ පරිපාලන ව්‍යුවහයේ වෙනස්කම් රැුසක් සමගින් නව සැලසුමක් ප‍්‍රකාශයට පත් කිරීමට සමූහය කටයුතු කරයි.

සමාගම සාර්ථකත්වය හා දියුණුව කරා ළඟා වූයේ එහි සන්නම් නාමය, නිමැවුම් උපාය මාර්ග, ඇණවුම්  සඳහා ඇදුම් මැසීම, ව්‍යාපාර හවුල්කාරීත්්වය සහ නොවෙනස්ව කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම ඔස්සේය. 1994 වර්ෂයේදී ස්ථාපනය කරන ලද හමීඩියා ආයතනය ශී‍්‍ර ලංකාවේ සෑම ගෙදරකම පාහේ කියවෙන නමක් බවට පත්ව තිබෙන අතර පිිරිමි ඇඳුම් මැසීමෙහිලා ප‍්‍රමුඛයෙකි. එය සතු නායකත්වය  සම්බන්ධ වත්කම් සමාගමේ ව්‍යාපාරික වටිනාකම් සමග මනාව ගැලපීමෙන් හමීඩියා ආයතනය මේ වන විට ඉහළ ප‍්‍රගතියක් ලබා ඇති අතර මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායකත්වය දක්වා තිබේ. කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය, සමූහයේ කළමනාකරණ කණ්ඩායම,  සමූහයේ කි‍්‍රයාකාරී කළමනාකරණ කමිටුව සහ සමූහයේ විධායක කළමනාකරණ කණ්ඩායම යන කොටස් වලින් සුසැදි හමිඞීයා හි පරිපාලන ව්‍යුවහය සාමාජිකයන් 1100 ක් සහිත එහි සමස්ත කණ්ඩායමේ ප‍්‍රධාන කොටසක් නියෝජනය කරයි

අද්විතීය සත්ත්ව ශුභ සාධන වැඩසටහනක් සමග ඒකාබද්ධ වූ විලාසිතා සන්නාමය වන එම්බාර්ක් විසින් සිය තෙවන ස්වාධීන අලෙවිසැල ඓතිහාසික මෙන්ම මනස්කාන්ත මහනුවර නගරයේ විවෘත කර ඇත.

කැන්ඩි සිටි සෙන්ටර් හි, තුන්වන මහලේ අංක 30 දරණ ස්ථානයේ පිහිටා තිබෙන එම්බාර්ක් ස්වාධීන අලෙවිසැල ගාලූ කොටුවේ පිිහිටුවා තිබෙන එම්බාර්ක් ස්වාධීන අලෙවිසැලේ ස්වභාවය ගනී. මෙහි, කාන්තාවන්ට සහ පිරිමින්ට සහ ළමුන්ට විලාසිතා වලින් සපිරි අති නවීන ඇඟලූම්, පාවහන්, ආයිත්තම් පෙළක් අලෙවි කරනු ලබයි. ඔටාරා ගුණවර්ධන මහත්මියගේ මග පෙන්වීම යටතේ එම්බාර්ක් සන්නාමය මගින් උපයා ගන්නා මුදල් වලින් කොටසක් මෙරට වීදි සුනඛයින් සහ ප‍්‍රජාවගේ ශුභ සාධනය වෙනුවෙන් වෙන් කරනු ලබන්නේ විලාසිතා වලින් සැරසෙන අතරම සමාජ සත්කාරක කටයුත්තක් වෙනුවෙන්ද පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනිමිනි.

මෙම අලෙවිසැලද එම්බාර්ක් සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මියගේ වීදි සුනඛ සුරතලූන් තිදෙනා වන නිකෝ, බැන්ඩිට් සහ රෝසිගෙන් සහ එම්බාර්ක් සන්නාමයෙන් සුවිශේෂී ලෙස වර්ණවත් ලෙස අලංකරණය කර තිබේ. එම්බාර්ක් සන්නාමය යටතේ අලෙවි කරන සුප‍්‍රසිද්ධ ඇඟලූම් සහ ආයිත්තම් මෙම වීදි සුනඛ සුරතලූන් තිදෙනා තේමා කරගෙන ඇත.

මේ වසරේ අගෝස්තු මාසයේදී ගාලූ කොටුවේ ස්වාධීන අලෙවිසැලක් විවෘත කරමින් එම්බාර්ක් සිය ස්වාධීන අලෙවිසැල් පිහිටුවීම ආරම්භ කළ අතර එම්බාර්ක් දෙවන ස්වාධීන අලෙවි සැල පසුගියදා බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ විවෘත කරන ලදී. එම්බාර්ක් සන්නාමය යටතේ වන ඇඟලූම් සහ ආයිත්තම් ඇලෙක්ස‍්‍රැන්ඩා පෙදෙසේ ඔඩෙල් අලෙවි සැලින් සහ ජා-ඇල K Zone හි පිහිටි ඔඩෙල් අලෙවි සැලෙන්ද ලබාගත හැකිය.

මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින්  වීදි සුනඛයින්ගේ සහ ප‍්‍රජාවගේ ශුභ සාධන කටයුතු වෙනුවෙන් ඉදිරියට වැඩිදුරටත් කැපවීමට බලාපොරොත්තු වන බවත් මේ තුළින් බොහෝ දෙනෙකු අවධානය යොමුකර නොමැති මෙරට සුනඛයින්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන බවත්ල එම්බාර්ක් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන අමුත්තන්ට සහ මෙරටින් පිටවී යන ශ‍්‍රී ලාංකිකයින්ට එම්බාර්ක් සන්නාමයට අයත් ඇඟලූම් සහ විලාසිතා සපිරි ආයිත්තම් මිලදී ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ස්වාධීන එම්බාර්ක් අලෙවිසැලක් ආරම්භ කර තිබේ.

ගාලූ කොටුවේ පළමු එම්බාර්ක් ස්වාධීන අලෙවිසැල විවෘත කිරීමෙන් පසුව ආරම්භ කළ ඉතාමත් විචිත‍්‍රවත් මෙම අලෙවිසැල තුළ විලාසිතා වලින් සපිරි නව එම්බාර්ක් ඇඟලූම් පෙළක්, විලාසිතා ආයිත්තම් සහ මිනිසුන් මෙන්ම සතුන් වෙනුවෙන් ත්‍යාග භාණ්ඩ අලෙවි කරනු ලබයි. මෙම අලෙවිසැල පිහිටා තිබෙන්නේ ගුවන් තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ තීරුබදු රහිත භාණ්ඩ අලෙවි කරනු ලබන පළමු මහලේයි.

මෙම භාණ්ඩ අලෙවිය මගින් උපයා ගන්නා මුදල් වලින් කොටසක් මෙරට වීදි සුනඛයින් සහ ප‍්‍රජාවගේ ශුභ සාධනය වෙනුවෙන් වෙන් කරනු ලබයි. මේ තුළින් මෙරට වීදි සුනඛයින්ගේ ශුභ සාධන කටයුතු වෙනුවෙන් එම්බාර්ක් සන්නාමය කැපවී සිටීම කැපී පෙනේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි එම්බාර්ක් ස්වාධීන අලෙවි සැලට අමතරව ගුවන් තොටුපොළේ පිහිටි ‘Luv SL’ අලෙවි සැලෙන්ද එම්බාර්ක් සන්නාමයට අයත් භාණ්ඩ මිලදීගත හැකි අතර එහි එම්බාර්ක් අලෙවි සැලේ අලෙවි කරන භාණ්ඩ වලට වෙනස් වූ භාණ්ඩ අලෙවි කරයි. මේ තුළින් ජාත්‍යන්තර ගනුදෙනු කරුවන්ට පුළුල් පාරාසක විහිදුණු එම්බාර්ක් භාණ්ඩ මාලාවක් මිලදීගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙරට සේවා ස්ථාන තුළ වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රයන්තය නියෝජනය කරන 2015 ජාතික වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය (OSH) සතිය වෙනුවෙන් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දැක්වීම සඳහා දේශීය ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්ස් ඉදිරිපත් වී ඇත.

කම්කරු අමාත්‍යංශයේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH) විසින් සංවිධානය කරන මෙවර ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සතිය 2015 ඔක්තෝම්බර් 12 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන අතර මෙහිදී ඔක්තෝම්බර් 14 වන බදාදා ජාතික සමුළුව පැවැත්වෙනු ඇත.

මෙම වැඩසටහන සඳහා පිට පිටම ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බ‍්‍රැන්ඩික්ස් සහය දක්වන හයවන අවස්ථාව මෙය වන අතර ජාතික සුරක්ෂිතතා සතියට සම්බන්ධ වැඩසටහන් සඳහා වසර අටක් සමූහය විසින් සහයෝගය ලබාදී තිබේ.

‘ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සංස්කෘතියක් සේවා ස්ථාන තුළ ප‍්‍රවර්ධනය කිරීම’ මෙම සතියේ තේමාව වන අතර එහිදී වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍යයේ වැදගත්කම, වෘත්තීය අනතුරු වලින් වැලකීම, රැකියාවට නොපැමිණීම අවම කර ගැනීම සහ මෙරට ආර්ථික වර්ධනයට ඉවහල් වන ඵලදායීතාවය නැංවීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය පදනම් කරගත් නවෝත්පාදනයන් සිදුකිරීම විදහා දැක්වීම සිදුකෙරේ.

‘‘වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය බ‍්‍රැන්ඩික්ස් සමූහයේ මෙහෙයුම් ක‍්‍රියාවලියේ ඉහළ ප‍්‍රමුඛත්වය ලැබෙන අංශයක් ලෙස සඳහන් කළ හැකියි. සාමාජිකයින්ගේ ශුභසාධනයට සහ ඵලදායීතාවයට එය දක්වන නොමඳ දායකත්වය එයට හේතුවයි’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ් හි, අධ්‍යක්ෂ එයාර් චීෆ් මාර්ෂල් (විශ‍්‍රාමික) හර්ෂ අබේවික‍්‍රම මහතා පැවසීය. ‘වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය දර්ශකයන්හි නායකයෙකු ලෙස බ‍්‍රැන්ඩික්ස් ඇගයීමට ලක්වී තිබෙන අතර මෙරට සේවා ස්ථාන තුළ මෙම සංස්කෘතිය දිරිමත් කිරීමට සහයෝගය දැක්වීම සඳහා අපට වගකීමක් ඇතැයි අපි සිතනවා.’

2015 ජාතික සුරක්ෂිතතා සතිය සඳහා අනුග‍්‍රහය ලබාදීමේ චෙක්පත බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා වෙත පිළිගැන්වූ අතර එම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම්, ගෝඨාභය ජයරත්න මහතා සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා අමරසිංහ මෙනෙවිය සහභාගී විය.

බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට පූර්ණ විසඳුම් සංකල්පය හඳුන්වාදීමේදී පුරෝගාමී සමාගම ලෙස ගෞරවයට පාත‍්‍රවී තිබෙන අතර ලොව ප‍්‍රමුඛතම ඇඟලූම් සන්නාම සඳහා සැපයුම්කරුවෙකි. පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු හා පාරිසරික යහපුරුදු සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභියෙකුද වේ.

මෙරට ප‍්‍රමුඛතම විලාසිතා අලෙවි සන්නාමයක් වන ඔඩෙල් විසින් විලාසිතා සඳහා ඇලූම් කරන දේශීය ප‍්‍රජාව යළිත් ස්වභාව ධර්මය වෙත රැගෙන යමින් ලොව ප‍්‍රකට ‘forest couture’ විලාසිතා පෙළට අයත් අඳුරුවන් නිර්මාණ වලින් පොහොසත් නව විලාසිතා මාලාවන් යුගලයක් එළිදක්වා ඇත. 

මෙම නව විලාසිතා මාලාව ඔඩෙල් විලාසිතාගාරයේ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන අලෙවිසැලේ ඒටි‍්‍රයම් ලොබියේ පැවති විචිත‍්‍රවත් විලාසිතා සංදර්ශනයේදී සැප්තැම්බර් 04 වනදා එළිදක්වන ලදී. ‘Into the Woods’ යන තේමාවෙන් යුත් මෙම විලාසිතා සංදර්ශනයට ගැලපෙන පරිදි ඔඩෙල් විලාසිතාගාරය අළුතින් සරසා තිබෙන්නේ දුටුවන්ගේ නෙත් සිත් පිනවමිනි. 

අංශ හතරකින් නිරූපනය කරන ලැබූ විලාසිතා සංදර්ශනයෙහිිවොයිස් ප‍්‍රින්ට්’ ගායක කණ්ඩායම විසින් ප‍්‍රධාන විලාසිතා පෙළෙහි තේමාව වූ ‘Fairy Forest’ විදහා දක්වන මියුරු ගායනයකින් විලාසිතා දැක්ම අවසන්  වීම කැපී පෙනුණි. 

පක්ෂීන්, ගස් වැල්, මල් ඇතුළු ස්වභාව ධර්මයට අයත් විලාසිතාවන්ගෙන් පොහොසත් වූ ප‍්‍රධාන විලාසිතා පෙළට කොළ, දුඹුරු, කළු, සුදු සහ තැඹිලි යන පරිසරය සමග කදිමට යා වන වර්ණ යොදාගෙන තිබේ.

මෙම විලාසිතා පෙළ සුප‍්‍රකට ජාත්‍යන්තර නිර්මාණ කරුවන් වන එලි සාබ්, ක්ලොයිල ඇන්ටෝනියෝ මරාස් සහ ඇල්බර්ටා ෆෙරෙට්ටි  යන අයගේ නිර්මාණ නියෝජනය කරයි.

මීට අමතරව, ‘Winter Nomad’ යන තේමාවෙන් යුක්ත කුඩා විලාසිතා පෙළට විවිධත්වයෙන් යුතු විලාසිතාවන් අයත් වන අතර කළු මෙන්ම අළු, තද නිල්, රතු මිශ‍්‍ර තැඹිලි, සහ දුඹුරු යන වර්ණ වලින් මේවා සමන්විත වේ.

2015 සරත් සෘතුව වෙනුවෙන් මෙම විලාසිතා පෙළ හඳුන්වාදීමේදී ඔඩෙල් විසින් ‘Into the Woods’ යන තේමාවෙන් යුක්ත ඉතාමත් නිර්මාණශීලි මෙන්ම විචිත‍්‍රවත් ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇති අතර ඒ තුළින් නවතම ජාත්‍යන්තර විලාසිතා වෙළඳපොළ තුළ ඔඩෙල් සතු සුවිශේෂී තත්ත්වය මනාව පිළිඹිබු වේ.  

‘ලෝකය සමග යා වෙමින් ඔඩෙල් පාරිභෝගිකයින් වෙත නවතම ජාත්‍යන්තර විලාසිතා අත්දැකීම් ලබාදීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඔඩෙල් වෙළඳ මෙහෙයුම් කටයුතු අයත් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂිකා, ඩෙසිරී කරුණාරත්න මෙනෙවිය සඳහන් කළාය.ිවිලාසිතා යනු ගෝලීය භාෂාවක්. ඔඩෙල් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම විචිත‍්‍රවත් විලාසිතා සංදර්ශනයේදී නව විලාසිතා මාලාව පිළිබඳ මනා අවබෝධයක් ලැබුණා.’

සේයාරූ - ජයසිරි වික්‍රමසිංහ

ව්‍යවසායිකාවක මෙන්ම සමාජ සේවිකාවක් වන ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් ගොඩනැගූ සුවිශේෂී සන්නාමයක් වන එම්බාර්ක් විසින් තමන්ටම අයත් ස්ථානයක පිහිටවූ පළමු ස්වාධීන අලෙවිසැල ඓතිහාසික අතින් වැදගත් සුන්දර ගාලූ කොටුවේ විවෘත කර ඇත.

සම්පූර්ණයෙන්ම නැවුම් පෙනුමක් ගත් වර්ග අඩි 5,500 ක ඉඩපහසුකම් සහිත එම්බාර්ක් අලෙවිසැල ගාල්ල කොටුවේ ප‍්‍රදීපාගාර වීදියේ අංක 33 දරණ ස්ථානයේ පිහිටා තිබෙන අතර අලෙවිසැල සහ එහි අලෙවිකරන භාණ්ඩ සුනඛ සුරතලූන්ගේ මනරම් තේමාවන්ගෙන් විචිත‍්‍රවත් වේ. මෙම අලෙවිසැලෙන් පිරිමින්ල කාන්තාවන් සහ දරුවන් සඳහා විලාසිතා වලින් පිරිපුන් ඇඟලූම්, පාවහන්, තෑගි භාණ්ඩ සහ ආයිත්තම් ඇතුළු භාණ්ඩ මිලදීගත හැකිය. 

එම්බාර්ක් සන්නාමයේ නිර්මාතෘ, ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් හදාවඩා ගත් සුරතල් වීදි සුනඛයෙකු වන ‘නිකෝ’ ගේ අලංකාර රූපය එම්බාර්ක් සන්නාමයේ ප‍්‍රබල සංකේතය වන අතර ගාලූ කොටුවේ එම්බාර්ක් අලෙවිසැලේ ‘Coffee with Niko’ නමින් පාරිභෝගිකයින් වෙනුවෙන් විචිත‍්‍රවත් අවන්හලක්ද විවෘත කර තිබේ.

මෙම අලෙවිසැල අලංකරණය කිරීම සඳහා ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් හදාවඩා ගත් සුරතල් වීදි සුනඛ සුරතලා වන නිකෝ සහ එම්බාර්ක් පවුලට පසුව එකතුවූ නිකෝ ගේ හොඳම මිතුරන් වන බැන්ඩිට් සහ රෝසිගේ රූපයන් යොදාගෙන තිබීම කැපී පෙනේ. 

‘අපගේ පළමු ස්වාධින අලෙවිසැල විවෘත කිරීම පිළිබඳව එම්බාර්ක් හි අපි සියල්ලන්ම අතිශය සතුටට පත්වෙනවා. අවශ්‍යතාවයන් සහිත බොහෝ සුනඛයින්ට සහ ඔවුන් ජීවත්වන ප‍්‍රජාවට හොඳ ජීවිතයක් ලබාදීමට අපි සෑම දිනකම වෙහෙසෙනවා. සන්නාමය මගින් ලැබෙන ලාභ මගින්  සිදුකරන සුනඛයින්ගේ ශුභසාධන කටයුතු මෙම අලෙවිසැල විවෘත කිරීමත් සමග වැඩිකළ හැකියැයි අපි බලාපොරොත්තු වෙනවා. එම්බාර්ක් සන්නාමයෙන් යුතු භාණ්ඩයක් මිලදීගන්නා සෑම පාරිභෝගිකයෙකුම සෘජුවම වීදි සුනඛයින්ගේ ශුභ සාධන කටයුතු සඳහා දායකත්වය දක්වනවා.’ යනුවෙන් ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

‘වෙළඳාමට වගේම ලොව පුරා ජනතාව අතර සන්නාමය ප‍්‍රචලිත කිරීමට ගාල්ල කදිම ස්ථානයක්. මේ නිසා, ගාලූ කොටුවේ අපේ පළමු අලෙවිසැල ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා.’

ගාලූ කොටුවේ පිහිටි එම්බාර්ක් අලෙවිසැල සතියේ දින හතේම උදෑසන 9.00 සිට රාත‍්‍රී 9.00 දක්වා විවෘතව පවතී.

විලාසිතා සන්නාමයක් වන එම්බාර්ක් 2007 වසරේදී ඇරඹෙන්නේ සියළු සත්ත්වයින් වෙනුවෙන් ආදරය සහ කරුණාව දැක්වීම ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රධාන අරමුණ ඇතිවයි. වීදි සුනඛයින් ශල්‍යකර්ම වන්ද්‍යකරණයට ලක්කරමින් සහ ජලභීතිකා එන්නත් ලබාදෙමින් මෙම සතුන්ගේ ජීවිතවල යහපත් වෙනසක් කිරීමට මෙම සන්නාමය කැපවී තිබෙන අතර  මෙරට විවිධ පළාත්වල සිටින වීදි සුනඛ පැටවුන් බේරා ගැනීමල ඔවුන් හදාවඩා ගැනීම සඳහා නිවෙස් වෙත යොමු කිරීම සහ ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදීමද මෙම වැඩසටහන යටතේ සිදුකරයි.   

සන්නාමය ආරම්භ කළදා පටන් ගෙවුණු වසර අටක කාලය තුළ දෙස් විදෙස් පාරිභෝගයින්ගේ ඉහළ ප‍්‍රතිචාර දිනාගනිමින් එම්බාර්ක් විලාසිතා සන්නාමයක් බවට පත්වූ අතර සන්නාමකරණය කළ ඇඟලූම්, ආයිත්තම්, පාසැල් උපකරණ, සුනඛයින්ට අවශ්‍ය නිෂ්පාදන අලෙවි කිරීමෙන් ඔබ්බට ගොස් සුනඛ සුරතලෙකු මිලදීගන්නවා වෙනුවට වීදි සුනඛයින් හදාවඩා ගැනීමට යොමුකිරීමේ සත්කාරය සඳහාද එම්බාර්ක් යොමුවී සිටී. 

එම්බාර්ක් ශුභ සාධන වැඩසටහන් බොහෝමයක් සඳහා අරමුදල් හිමිවන්නේ සන්නාමය යටතේ වන නිෂ්පාදන අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් මගිනි. සන්නාමය විසින් සිදුකරන සත්ත්ව ශුභ සාධන වැඩසටහන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද කීර්තියට පත්ව තිබෙන අතර බොහෝ දෙනෙකු අවධානය යොමු නොකරන දේශීය සුනඛ ප‍්‍රජාවගේ යහපත වෙනුවෙන් මෙම වැඩසටහන් වෙන්ව තිබේ.

 

ඇමරිකාවේ ප්‍රමුඛතම නූල් නිෂ්පාදන සමාගමක්වන American & Efird LLC සමාගමේ පූර්ණ හිමිකාරීත්වය දරන අනු සමාගමක්වන American & Efird (A&E) Lanka සමාගම, පසුගියදා පැවති Colombo Fashion Week (CFW) හිදී අපූර්ව දර්ශන තලයක් ප්‍රදර්ශනය කර තිබිණ. "ThreadMe" ලෙස නම් කර තිබූ මෙම දර්ශන තලය නූල්වලින් නිමවා තිබීම විශේෂත්වයකි. 

මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු "Thread in Life" කලා නිර්මාණය නිමවීම සඳහා A&E සමාගමේ නූල් මීටර 100,000 කට අධික ප්‍රමාණයක් ද වීදුරු තල 15ක් ද එහි නිර්මාණකරුවාවන නලින් ජයසේන මහතා විසින් යොදා ගෙන ඇත.

තමන්ගේ මෙන්ම සිය ආදරණියයන්ගේ ද ඡායාරූප ගෙන "ThreadMe" ලෙස හෑෂ් ටැග් කර ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හෝ ට්විටර් තුළ අප්ලෝඩ් කිරීමට පැමිණ සිටි පිරිස කටයුතු කළ අතර, එම ඡායාරූප එවලේම එම දැවැන්ත තිරයේ දර්ශනය කිරීමට ද කටයුතු යොදා තිබිණ. මෙලෙස හෑෂ් ටැග් කරන ලද සෑම ඡායාරූපයක් ම ප්‍රදර්ශනය කිරීම සඳහා A&E Lanka සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයෝ ඉතා යුහුසුළුව කටයුතු කළෝය.

"ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙවර CFW Swim ප්‍රදර්ශනයේ ප්‍රධාන සහකරුවෙකු ලෙස සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. "#ThreadMe" වැඩසටහනට සහ "Thread in Life" කලා නිර්මාණයට ලද අතිවිශාල ප්‍රතිචාරය පිළිබඳ ද අප සතුටු වනවා. මෙවර CFW ස්විම්වෙයාර් ප්‍රදර්ශනය, දෙස්-විදෙස් ස්විම්වෙයාර් මෝස්‌තර නිර්මාණකරුවන්ගේ සහ නිෂ්පාදකයන්ගේ සහභාගීත්වය තුළින් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකේය හැකියාවන් සහ කුසලතාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ මග විවර කරන බව අපගේ විශ්වාසයයි. " A&E Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත අලුත්වත්ත මහතා සඳහන් කළේය.

ස්විම්වෙයාර් විලාසිතා පෙළ කාගේත් අවධානය දිනා ගැනීමට සමත් වූ අතර, නවීන දෘශ්‍ය ප්‍රයෝග භාවිතා කරමින් ස්විම්වෙයාර් ක්ෂේත්‍රයේ ඉතිහාසය තවත් දැවැන්ත තිරයක ප්‍රදර්ශනය කිරීමට ද A&E Lanka සමාගම කටයුතු යොදා තිබිණ.

නූල් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ලොව විශාලතම සමාගමක අනු සමාගමක් ලෙස A&E Lanka සමාගම, උසස්ම තත්ත්වයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා නවීනතම නිෂ්පාදන ක්‍රියාවලියක් භාවිත කරමින් උපරිම කැපවීමෙන් යුතුව කටයුතු කරයි. නූල් සඳහා වන ශ්‍රී ලාංකේය වෙළඳපලේ විශාල කොටසකට හිමිකම් කීමට A&E Lanka සමාගම සමත්ව සිටී.

A&E සමාගම වසර 120 කට අධික කාලයක් තිස්සේ මෙම රෙදිපිළි ක්ෂේත්‍රයේ නිරතවන අතර සමාගම එහි භාවිත වන අති නවීන තාක්ෂණය, පුළුල් බෙදාහැරීම් මෙහෙයුම්, අඛණ්ඩ හා තිරසාර නව හඳුන්වාදීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාවය, කැප වූ නම්‍යශීලි සේවාව සහ පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන පෙළ සම්බන්ධයෙන් නිරන්තර ඇගයුමට පාත්‍ර විය.

එහි ජාත්‍යන්තර ජාලය ඔස්සේ A&E සමාගමෙහි නිෂ්පාදන කටයුතු රටවල් 23 ක සිදු කෙරෙන අතර රටවල් 50 ක පිහිටි බෙදාහැරීම් මධ්‍යස්ථානයන් ඔස්සේ එහි නිෂ්පාදන රටවල් 100 කට අධික සංඛ්‍යාවක අලෙවි කෙරේ.