ODEL නවතම "Luv SL" ශාඛාව පින්නවල විවෘත කරයි Featured

Published in ඇඟළුම් හා විලාසිතා
පින්නවල විවෘත කල නව ODEL "Luv SL" ශාඛාව පින්නවල විවෘත කල නව ODEL "Luv SL" ශාඛාව

සිය නව්‍ය "Luv SL" අලෙවිසැල් ජාලය තුළින් පාරිභෝගිකයින්ට පිරිනමන භාණ්ඩ මාලාව පින්නවල ප‍්‍රදේශයට පැමිණෙන අමුත්තන්ටද ඉදිරිපත් කරමින් ODEL විසින් අටවන "Luv SL" අලෙවිසැල අලි අනාථාගාර භූමියේ විවෘත කර තිබේ. ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ආකාරයේ විලාසිතා ආයිත්තම් සහ සමරු නිෂ්පාදන මෙම අලෙවි සැලෙන් දෙස් විදෙස් සංචාරකයින්ට මිලදීගත හැකිය. පින්නවලට බොහෝ විදේශීය සංචාරකයින් ප‍්‍රමාණයක් පැමිණෙන හෙයින් මෙම අලෙවිසැලේදී වඩාත් සංචාරක ආකර්ශනය දිනාගත හැකි නිෂ්පාදන අලෙවි කරනු ලබයි.

වර්ග අඩි 2400 කින් යුතු මෙම අලෙවි සැල අලි ස්නානය කරන ස්ථානයට පිවිසෙන මාර්ගයේ ඉදිකර තිබෙන අතර එහි කාන්තා, පිරිමි, Backstage, Souvenir, Delight, Blend House යන අංශ මෙන්ම Spa Ceylon ශාඛාවක්ද පිහිටුවා තිබේ.

වන සතුන්ගේ යහපත වෙනුවෙන් සහයෝගය දක්වන සන්නාමයක් වන "Luv SL" බොහෝ නිෂ්පාදන සඳහා සතුන්ගේ නිරූපන භාවිතා කරයි. මෙහි ශාඛා ජාලයේ නවතම ශාඛාව පින්නවල ආරම්භ කිරීම සමාගමේ අරමුණු සමග හොඳින් ගැලපෙන අතර එය පින්නවල තිබෙන වැදගත්කම සමගද මනාව පෑහෙනු ඇත. පින්නවල අලි අනාථාගාරයට දිනකට බොහෝ දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන නිසා ශ‍්‍රී ලංකාවට ආවේණික අලියන් සංරක්ෂණය කිරීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ පණිවුඩය මේ තුළින් තවදුරටත් ප‍්‍රචාරය වේ. "Luv SL" හි පුළුල් නිෂ්පාදන පෙළට අමතරව මෙම ශාඛාවේ අලෙවි කරන නිෂ්පාදන අතර පින්නවල තේමාකර ගත් විශේෂ නිෂ්පාදන මාලාවක් තිබෙන අතර පින්තූර රාමු, සටහන් පොත්, භාණ්ඩ එතීමේ කඩදාසි සහ ශීතකරන සඳහා වූ විසිතුරු කාන්දම් ඇතුළු නිෂ්පාදන මාලාවක් මෙයට ඇතුළත් වේ.

සන්නාමයක් ලෙස "Luv SL" පාරිභෝගිකයින් අතර ජනප‍්‍රිය වෙමින් තිබෙන අතර එහි ශාඛා ජාලය වේගයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් ඇත. පින්නවල ශාඛාවට අමතරව ODEL ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ අලෙවි සැලේ, කොළඹ ඩච් හොස්පිට්ල්හි, ගාලූ කොටුවේ පෙඞ්ලර් වීදියේ, මීගමුවේ ජෙට්විං බ්ලූ හෝටලයේ, මහනුවර ක්වීන්ස් හෝටලයේ, බෙන්තොට සෙන්ටාරා සීසෑන්ඞ්ස් රිසෝර්ට් ඇන්ඞ් ස්පා හි, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සහ කොළඹ ක්‍රෙස්කැට් බුලවාර්ඞ් හි මෙම අලෙවිසැල් පිහිටා ඇත.

"Luv SL" ශාඛා නිර්මාණය කර තිබෙන්නේ කොන්ක‍්‍රීට් සහ දැව සංකලනය කරගනිමින් ඒවායේ අනන්‍යතාවය හොඳින් හඳුනා ගැනීමේ හැකියාව තිබෙන ලෙස සුවිශේෂී වූ නව්‍ය ආකාරයටයි. මේවා සඳහා දුඹුරු, කළු සහ රිදී යන වර්ණයන් යොදාගෙන තිබේ. ඇඳුම් සහ ආයිත්තම්වල සිට ලිපි ද්‍රව්‍ය දක්වාත් කෝප්ප, පින්තූර රාමු, සෙල්ලම් භාණ්ඩ, රූපලාවන්‍ය උපකරණ, සනීපාරක්ෂක නිෂ්පාදන, සමරු නිෂ්පාදන ඇතුළු සිත් ගන්නා සුළු නිෂ්පාදන මාලාවක් මෙම අලෙවිසැල් විසින් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරයි. මේ තුළින් බොහෝ විට ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කර තිබීම කැපී පෙනේ.