Rolex Oyster Perpetual Day-Date 40 අත් ඔරලෝසුව දැන් ශ‍්‍රී ලංකාවේ Featured

Published in ඇඟළුම් හා විලාසිතා

Rolex හඳුන්වාදෙන නවතම Oyster Perpetual Day-Date 40 අත් ඔරලෝසුව 2016 සැප්තැම්බර් මස 21 දින සිට 28 දින දක්වා Chatham Luxury හිදී දැකබලාගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකිකයන්ට උදා වී තිබේ.

Oyster Perpetual Day-Date යනු රෝලෙක්ස් අත් ඔරලෝසු මාදිලි අතර ඉහළම මාදිලියේ අත් ඔරලෝසුවක් ලෙස සැලකෙන අතර, අතීතයේ පටන් රටරටවල නායකයන්, ප‍්‍රභූවරුන් සහ සම්භාවනීය අමුත්තන්ගේ ප‍්‍රමුඛ තේරීමක් බවට එය පත්වී ඇත. 1956 වසරේ මුලින්ම හඳුන්වා දෙනු ලැබූ මෙම අත් ඔරලෝසු එවකට අත් ඔරලෝසු තාක්ෂණයේ විශිෂ්ටතම ප‍්‍රතිඵලය ලෙස සැලකිණි. උදාහරණයක් ලෙස ඔරලෝසුවේ කැලැන්ඩරය කොටසේ දිනයට අමතරව සම්පූර්ණ කවුළුවක දවස කුමක්ද යන්නද අකුරින් දැක්වීම විශේෂත්වයක් විය. මෙම අත් ඔරලෝසුවල නව නිෂ්පාදන එකතුවක් 2015 දී එළිදක්වන ලදි.

Rolex අත් ඔරලෝසු ගැන උනන්දු වන අයට මෙම ප‍්‍රදර්ශනයට පැමිණ Day-Date ඔරලෝසු මාදිලිවල ඉතිහාසය සහ තාක්ෂණය දැකබලාගැනීමට අවස්ථාව ලැබෙන අතර, ප‍්‍රදර්ශනයට තබා ඇති තවත් මාදිලි කිහිපයක් සම්බන්ධයෙන් ත‍්‍රිමාණ දසුන් සහ අන්තර් ක‍්‍රියාකාරී වීඩියෝ දර්ශන වැනි මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබාගත හැකි වනු ඇත.

නවතම Day-Date අත් ඔරලෝසු Calibre 3255 යාන්ත‍්‍රික චලන මූලිකාංගය පසුබිම් කරගෙන නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. මෙම මූලිකාංගය ලොව අත් ඔරලෝසු තාක්ෂණයේ දියුණුතම අංගයක් ලෙස සැලකේ. Rolex සමාගමට පේටන්ට් බලපත‍්‍ර හිමි තවත් තාක්ෂණයන් සමග මුසුවීමෙන් එය ඉතාමත් සුවිශේෂී වූ, විශිෂ්ටත්වයෙන් අනූන, උපරිම ක‍්‍රියාකාරීත්වය සහ විශ්වාසනීයත්වය සහිත අත් ඔරලෝසු නිර්මාණය කිරීමට දායක වී ඇත.

නව Day-Date අත් ඔරලෝසු 950 ප්ලැටිනම් හෝ කැරට් 18 කහ, සුදු හෝ එව්රෝස් රත‍්‍රන් ලෙස යොදා නිපදවූ අත් ඔරලෝසු ලෙස ලබාගත හැකි වේ. ඊට අමතරව නවතම මුහුණත් සහ තවත් විශේෂාංග රැුසක්ද ඊට ඇතුළත්වී තිබේ.

Chatham Luxury පිළිබඳව
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බහු-සන්නාම සුඛෝපභෝගී අත් ඔරලෝසු අලෙවිසල වන Chatham Luxury ලොව සුප‍්‍රකට අත් ඔරලෝසු සන්නාම කිහිපයක් සඳහා මෙරට නිල නියෝජිතභාවය හිමිකරගෙන ඇත. එහි ප‍්‍රදර්ශනාගාරයේදී දැකගත හැකි වන්නේ ප‍්‍රවේශමෙන් තෝරාගත්, දීර්ඝ ඉතිහාසයක් සහිත, ලොව ඉහළම තලයේ ලා සැලකෙන ස්විස් ඔරලෝසු පමණි. සුඛෝපභෝගී භාණ්ඩ මිලදීගැනීමේ අත්දැකීමක් සමග පෞරාණික පරිසරයක අත්දැකීම එකට මුසුවන එහි ප‍්‍රදර්ශනාගාරය කොළඹ ‘ගෝල්ෆේස් කෝට්’ හි පිහිටා තිබේ.

Rolex පිළිබඳව
ලොව උසස්ම තත්ත්වයේ අත් ඔරලෝසු ලෙස නමක් දිනා ඇති Rolex ස්විට්සර්ලන්ත අත් ඔරලෝසු කර්මාන්තයේ ප‍්‍රධානතම සන්නාමය වන අතර එහි ප‍්‍රධාන කාර්යාලය ජිනීවා නගරයේ පිහිටා තිබේ. එහි සියලූම Oyster වර්ගයේ අත් ඔරලෝසුවලට Superlative Chronometers සහතිකකරණය හිමි වී ඇත්තේ ඒවායේ විශිෂ්ටත්වය නිසාවෙනි. 1905 වසරේදී Hans Wilsdorf විසින් ආරම්භ කරන ලද Rolex සන්නාමය ලොව අත් ඔරලෝසු කර්මාන්තයේ නව සොයාගැනීම් රැුසක් සිදුකළ සන්නාමයකි. මෙම සොයාගැනීම් අතරට 1926 වසරේදී හඳුන්වා දුන්, ලොව ජලය ඇතුළු ලොවන ප‍්‍රථම අත් ඔරලෝසු වර්ගය වන Oyster සහ 1931 වසරේදී හඳුන්වා දුන් Perpetual rotor self-winding යාන්ත‍්‍රණය ආදිය විශේෂයෙන් සඳහන් කළ හැක. සැබවින්ම පරිපූර්ණ සහ ස්වාධීන සමාගමක් වන Rolex සිය අත් ඔරලෝසු සැලසුම් කිරීම, අත්‍යවශ්‍ය අංගෝපාංග නිපදවීම සහ එකලස් කිරීම යන සියල්ල සමාගම තුළම සිදුකරයි. ඊට අමතරව අනුග‍්‍රාහකත්ව හා සමාජ සත්කාර වැඩසටහන් රාශියක් ඔස්සේ කලා, ක‍්‍රීඩා, ගවේෂණ, ආයතනික සහ පාරිසරික යනාදී අංශ රැුසකට දායකත්වය ලබාදීමටද Rolex කටයුතු කරයි.