එමරල්ඞ් සන්නාම තානාපතිවරුන් වන සංගා හා මහේල සමග එළිදක්වනCool Planet හි 'Sky High' ලොයල්ටි කාඞ් පත Featured

Published in ඇඟළුම් හා විලාසිතා

Cool Planet සිය 'ස්කයි හයි' ලෝයල්ටි කාඞ්පත හඳුන්වා දෙමින් සිය වෙළෙඳ ජාලය ඔස්සේ පාරිභෝගික භවතුන් වෙත සුවිශිෂ්ට ප‍්‍රතිලාභයන් සහ ප‍්‍රසාද දීමනාවන් ලබා ගැනීමට අවස්ථාව උදා කර දී ඇත.

අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙන වෙළෙඳ දැවැන්තයෙකු වන Cool Planet විවිධ විලාසිතාවන් ඉදිරිපත් කිරීමේ දී සහ පාරිභෝගික භවතුන් වෙත මුදලට වටිනාකමක් ගෙන දීමේ දී විශිෂ්ටත්වයක් පෙන්නුම් කර තිබේ. එසේම, පාරිභෝගික භවතුන් සහ Cool Planet අතර සැබැඳියාව අනුව ලෝයල්ටි කාඞ්පත් ඔස්සේ වරප‍්‍රසාද හිමි කර දීමට ද සාඩම්බරනීය කාර්යභාරයක් සිදු කෙරෙමින් පවතී.

වසර ගණනාවක සිය අත්දැකීම් ද සමගින් ශ‍්‍රී ලංකාවේ හොඳම කමිස නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉහළ කීර්තිනාමයක් දිනා ගනිමින් කමිස නිෂ්පාදනයේ ප‍්‍රධානතම සමාගමක් වන Emerald International (Pvt) Ltd සමාගම Cool Planet සමග ලෝයල්ටි කාඞ්පත් එළිදැක්වීම සඳහා පැවති අතිශය උත්කර්ෂවත් උත්සවයේ හවුල්කාරී සමාගම වූ අතර සිය සමාගමේ සන්නාම තානාපතිවරුන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන උළෙලේ ප‍්‍රධාන ආරධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

එමරල්ඞ්ස් මෙම සුපිරි ක‍්‍රිකට් තරු යුවළ සඳහා පළමු ලෝයල්ටි කාඞ්පත් යුවළ පිරිනැමුණ අතර මෙම උත්සවය සඳහා ජනප‍්‍රිය තරු රැසක් හා කීර්තිමත් ව්‍යාපාරිකයින් රැසක් සහභාගී විය.

සියලූ හිතෛෂී ගනුදෙනුකරුවන් වෙත මෙම ලෝයල්ටි කාඞ්පත පළමුවෙන් පොදු වේ හඳුන්වා දෙනු ලැබේ. වසරක් අවසාන වීමෙන් පසු ගනුදෙනුකරුවන්හට අදියර කිහිපයක් යටතේ වර්ධනය විය හැකිය.තමන් වැය කරනු ලබන සෑම රුපියල් 100.00ක මුදලක් සඳහා ම ලකුණු එක බැගින් ලබා ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවෙන් වෙත ලැබේ. එක් ලකුණක් එක් රුපියලකට සමාන වේ.

කොළඹ 05, නුවර, මාළඹේ, පැලවත්ත, නුගේගොඩ සහ වත්තල ආදී දිවයින පුරා පිහිටි Cool Planet ශාඛා ජාලය තුළින් ලෝයල්ටි කාඞ්පත සඳහා ලකුණු ඉපැයීම හෝ වියදම් කිරීම සිදු කළ හැකිය.

මෙම වරප‍්‍රසාද ක‍්‍රමය තුළින් අප සමග සමීප ව ගනුදෙනු කරමින් සිටින ගනුදෙනුකාර භවතුන් වෙත තමන් කැමති පරිදි සිත පිරී යන තුරු සාප්පු සවාරියේ යෙදීමට අවස්ථාවන් උදා කර දෙමින් අප සමග දීර්ඝ කාලයක් අඛණ්ඩ ව පවත්වා ගෙන සම්බන්ධතාව සඳහා වරප‍්‍රසාද ලබා දීමත් සිදු කෙරෙනවා.” යැයි Cool Planet හි ප‍්‍රධාන විධායක නිලධාරී රිස්වි තහා මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේය.

අපගේ දිවයින පුර පිහිටි වෙළෙඳ ජාලයට නිරන්තරයෙන් පැමිණෙන දස දහස් සංඛ්‍යාත පාරිභෝගික භවතුන්ට ලකුණු උපයා ගැනීමට අවස්ථාවක් උදා කර දීම සහ නුදුරු අනාගතයේ දී ම ඔවුනට ආකර්ෂණීය වරප‍්‍රසාද ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම මෙම ලෝයල්ටි කාඞ්පත් වැඩසටහනේ අරමුණ වෙනවා.” යැයි ඔහු පවසා සිටියේය.

“Emerald International (Pvt) Ltd යටතේ ඉදිරිපත් කෙරෙන කමිස තුළින් පිරිමි පාරිභෝගික භවතුන් වෙත විශාල විවිධත්වයකින් යුතුව කමිස වර්ග තෝරා ගැනීමේ ඉඩකඩ සපයා දී ඇති අතර විවිධ වූ ප‍්‍රවර්ධන වැඩසටහන් ඔස්සේ ගෝලීය වශයෙන් උසස් ස්ථානයකට පැමිණීමට ද හැකි වී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම එමරල්ඞ් නියෝජිතයා වශයෙන් මෙම වැඩසටහනේ කොටසක්කරුවා බවට Emerald International (Pvt) Ltd සමාගම පත් කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටට පත් වෙනවා.” වැඩි දුරටත් අදහස් දක්වමින් රිස්වි තහා මහතා ප‍්‍රකාශ කර සිටියේය.

දශකයකට වැඩි කාලයක් පුරා සිය වෙළෙඳ කටයුතුවල නිරත වන අතර එහි දිනෙන් දිනම වර්ධනය වන පරිභෝගික ජාලයට වරප‍්‍රසාද නොමද හිමි වන, විශිෂ්ටතම මට්ටමේ අත්දැකීමක් ලබා ගැනීම සම්බන්ධයෙන් මහත් බලාපොරොත්තුවක් තබා ගත හැකිය. ඉඩ පහසුකම් නොමද ව ඇති Cool Planet වෙළෙඳසල් වෙත පැමිණෙන ජනතාවට ඉතා විශිෂ්ටතම සන්නාමයන් වෙතින් ඉදිරිපත් වන ගුණාත්මක බවින් අනූන නවතම මෝස්තරවල නිෂ්පාදන මිළ දී ගැනීමේ හැකියාව ලැබේ.

විලාසිතා සම්බන්ධයෙන් නිරන්්තරයෙන් අවධානයෙන් සිටින කාන්තා, පිරිමි සහ කුඩා දරුවන්හට ඉතා සුන්දර ඇඳුම් මෙන්ම සෙල්ලම් බඩු, විවිධ උපාංග, නිවසේ උපාංග, කාර්යාල ද්‍රව්‍ය, බෑග්, සහ වෙනත් විවිධ වූ භාණ්ඩ වර්ග අගය එකතු කිරීමක් ලෙස ලබා ගැනීමට හැකිය. Cool Planet යනු එකම වහලක් යටින් සියල්ල මිළ දී ගත හැකි ස්ථානයක් බවට පත් වීම පුදුමයක් නොවන අතර පාරිභෝගික භවතුන් වෙත සෑම විට ම පහසුවක් ගෙන දීමට උත්සුක වෙයි.