කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ වෙතින් දීප ව්‍යාප්ත පාසැල් චිත‍්‍ර තරඟයක් Featured

Wednesday, 25 January 2017 00:00 Written by  Published in මූල්‍ය Read 84 times

දරුවන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ ශක්තියට තව තවත් දිරි දෙමින් චිත‍්‍ර හැකියාවෙන් යුක්ත සිසුන්ගේ එම හැකියාව වර්ධනය කිරීමේ අරමුණෙන් කොමර්ෂල් බැංකුව විසින් දීප ව්‍යාප්ත පාසැල් චිත‍්‍ර තරඟයක් ආරම්භ කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුව සඳහන් කරන්නේ බැංකුවේ ප‍්‍රධාන ළමා ඉතිරිකිරීමේ ගිණුම වන ‘අරුණළු’ සන්නාමය යටතේ පවත්වන මෙම චිත‍්‍ර තරඟයේදී මුදල් ත්‍යාග 45 ක් ලබාදෙන බවත් ඒ සඳහා රුපියල් 555,000 ක මුදලක් වෙන්කර තිබෙන බවයි.

මෙම චිත‍්‍ර තරඟය ‘අරුණළු සිත්තම්’ ලෙසින් නම්කර තිබෙන අතර 01 වන ශ්‍රේණියේ සිට 03 වන ශ්‍රේණිය දක්වා, 04 වන ශ්‍රේණියේ සිට 06 වන ශ්‍රේණිය දක්වා, 07 වන ශ්‍රේණියේ සිට 09 වන ශ්‍රේණිය දක්වා යන කාණ්ඩ තුනට අයත් පාසැල් දරුවන්ට මෙම තරඟය විවෘත වන බව බැංකුව සඳහන් කරයි. තරඟකරුවන්ට තමන් කැමති මාතෘකාවක් සහ වර්ණ මාධ්‍යයක් තෝරාගත හැකි අතර අඟල් 18x16 ප‍්‍රමාණයේ තමන්ගේ චිත‍්‍රය 2017 මාර්තු 14 වනදාට පෙර තරඟය සඳහා එවිය යුතුවේ.

මෙම සෑම චිත‍්‍රයකම පිටුපස මාතෘකාව, භාවිතා කළ වර්ණ මාධ්‍යය, ළමයාගේ සම්පූර්ණ නම, පංතිය, පාසැල, ළමයාගේ ලිපිනය, දුරකතන අංකය සහ දිනය අනිවාර්යෙන්ම සටහන් කළ යුතු අතර එය විදුහලේ විදුහල්පතිවරයා, පන්තිභාර ගුරුවරයා, ග‍්‍රාම නිළධාරීවරයා, සාමදාන විනිශ්චයකාරවරයෙකු යන අයගෙන් එක් අයෙකු විසින් සහතික කළ යුතුවේ.

මෙම චිත‍්‍ර එවිය යුතු ලිපිනය වන්නේ කොමර්ෂල් බැංකුව, තැපැල් පෙට්ටිය, 856, කොළඹ 01 යන ලිපිනයයි.

බැංකුව සඳහන් කරන්නේ ඉහත දක්වා තිබෙන වයස් කාණ්ඩ වලදී ප‍්‍රථම ස්ථානය දිනාගන්නා සෑම චිත‍්‍රයක් වෙනුවෙන්ම රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්, දෙවන ස්ථානය දිනාගන්නා චිත‍්‍රයක් වෙනුවෙන් රුපියල් 35,000 ක මුදල් ත්‍යාගයක් සහ තෙවන ස්ථානය දිනාගන්නා චිත‍්‍රයක් වෙනුවෙන් රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවයි. මෙම සෑම වයස් කාණ්ඩයක් යටතේම සිව්වන ස්ථානය දිනාගන්නා චිත‍්‍රයක් වෙනුවෙන් රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක්ද, පස්වන ස්ථානය දිනාගන්නා චිත‍්‍රයක් වෙනුවෙන් රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක්ද ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, සෑම වයස් කාණ්ඩයකම ඉතාමත් ඉහළ කුසලතාවයක් දැක්වූ චිත‍්‍ර 10ක් වෙනුවෙන් එක් චිත‍්‍රයක් සඳහා රුපියල් 5000 ක මුදල් ත්‍යාගයක් බැගින් පිරිනමනු ලබයි. මේ අනුව, මෙම එක් වයස් කාණ්ඩයක් වෙනුවෙන් සමස්තයක් ලෙස මුදල් ත්‍යාග 15 ක් හිමිවේ.

ළමා චිත‍්‍ර විනිශ්චය කිරීමේ ඉහළ පළපුරුද්දක් සහිත වෘත්තීය චිත‍්‍ර ශිල්පීන්ගේ මඩුල්ලක් විසින් මෙම චිත‍්‍ර විනිශ්චය කරනු ලබයි.

1991 වසරේදී ආරම්භ කළ ‘අරුණළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම පාසැල් යන වයසේ ළමුන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ප‍්‍රධානතම ඉතිරි කිරීමේ ගිණුමයි. කොමර්ෂල් බැංකුවේ දිවයින පුරා විහිදී තිබෙන ශාඛා 256 ක් අතුරින් ඕනෑම ශාඛාවකින් රුපියල් 100 ක් තැන්පත් කිරීම මගින් අරුණළු ළමා ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කළ හැකිය. දරුවාට අවුරුදු 18 සම්පූර්ණ වනවිට මෙම ගිණුම බැංකුවේ අනිකුත් ඕනෑම ඉතිරි කිරිමේ ගිණුමක් බවට පරිවර්තනය කළ හැකි අතර එවිට බැංකුවේ හරපතක් හෝ ණය පතක් ලබාගැනීමට ඔවුන් සුදුස්සන් වනු ඇත. මීට අමතරව, එම අවස්ථාව වනවිට මෙම දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ණය මුදලක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

මෙම ගිණුම යටතේ මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහන 1998 දී ආරම්භ කළ අතර මේ වනවිට පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී දස්කම් දක්වන සිසුන් වෙනුවෙන් මෙරට විශාලතම මුදල් ත්‍යාග වැඩසටහන වන්නේද මෙයයි. පසුගිය වසර හතර තුළදී මෙරට දක්ෂ දරුවන් වෙනුවෙන් ‘අරුණළු’ ත්‍යාග වැඩසටහන මගින් රුපියල් මිලියන 20 කට වැඩි මුදල් ප‍්‍රදානය කර තිබේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

Last modified on Wednesday, 25 January 2017 22:03